Main Logo

Friday 30 June 2023

ප්‍රතිව්‍යුහගතකිරීම

ප්රතිව්යුහගතකිරීම


රාජ්යය ප්රතිව්යුහගත කෙරිලා. ජාමූල (IMF) පාර්ලිමේන්තුවට ඉහළින්. 
 පරගලයේ ක්‍රම වෙනසක්

චින්තනය

 

 

චින්තනය

 

 

චින්තනය පිළිබඳ බොහෝ දෙනාට ගැටළු ඇති බැවින් මගේ ලෝකයේ අදාළ උපග්‍රන්ථය මෙසේ පළ කරනවා. මෙහි ඇති සමහර අදහස් දැන් වන විට වර්ධනය වී තියෙනවා. පරිසර විිද්‍යාවත් ද්විතීයික විද්‍යාවක් වුණා. ක්වොන්ටම් භෞතිකය අද වර්ධනය වන්නේත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ තවත් සුසමාදර්ශයක. 

Thursday 29 June 2023

ජාතික ගීය බුද්ධියට යට කිරීම

 

ජාතික ගීය බුද්ධියට යට කිරීම

 

ඇතැමුන් හිතන්නේ තමන් මහා ප්‍රාඥයන් බව. මෙටාවෙ හා මොටාවෙ ඔවුන් දැක ගන්න පුළුවන්. සමහරු දෙකේ ඉන්නවා. මෙහි ප්‍රතිචාරයට එක් කර ඇති රුහඬපටය විනාඩි කිහිපයක් පමණක් දිග හැරෙනවා. එහි සත්ගුරු එක් ඉන්දීය තරුණ ප්‍රාඥයකුට වැදගත් පාඩමක් කියා දෙනවා. තරුණයා ඉන්දීය පඬි නැට්ටකු වෙන්න ඕන. ඔහු ජාතික ගීයට නැගිටීම ප්‍රතික්‍ෂෙප කළ විට සත්ගුරු ඔහුට කියා දුන් පාඩම එහි අහන්න පුළුවන්.

 

Wednesday 28 June 2023

එළාර කවුද?

 

පුරාවිද්‍යා හා උරුම අඵ්‍යයන ආයතනයේ මීළඟ දේශනය සඳහා සබැඳිය



https://www.facebook.com/nalinkalaya/posts/pfbid09nkVYpNJ3V5KncwTSSMimGaqMHseZGbQTx6aVmGDe31rZ3KLDTGtCz9DdVaqFotbl



අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ

 

අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ

 

අයින්ස්ටයින්ගේ අවසන් දිනය ගැන ලියූ සටහනක් පහත පළවෙනවා. එය ලියා ඇත්තේ රිචඩ් මැල්කම් ස්මිත් නමැත්තෙක්. මා සටහන පළ කරන්නේ අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ ගැන යමක් කීමටයි.

Tuesday 27 June 2023

බුදු හාමුදුරුවන් කසිකබල් දාර්ශනිකයකුවත් විද්‍යාඥයකුවත් නොවෙයි

 

බුදු හාමුදුරුවන් කසිකබල් දාර්ශනිකයකුවත් විද්‍යාඥයකුවත් නොවෙයි     

 

මා මේ දිනවල ජීවත් වෙන සිලිකන් මිටියාවතේ ගෙදර සිට ටික දුරක් ගිය විට ස්ටැන්ෆරඩ් විශ්වවිද්‍යාලය හමු වෙනවා. ඉන් ටිකක් එහා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බර්ක්ලි මණ්ඩපය තියෙනවා. විශ්වවිද්‍යාල දෙකේ ඉතා ඉහළ ගණයේ භෞතික විද්‍යාඥයන් විශ්වවේදීන් කිහිප දෙනකු ඉන්නවා. ඔවුන් සමග සන්සන්දනය කළා බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මා අඟුටුමිට්ටෙක්. පසුගිය දා මිත්‍රයෙක් මට සසෙක්ස් විශ්වවිද්‍යාලයේ  මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ වෙබ් පිටපත එවා තිබුණා. එහි බොහෝ දේ අඩංගුයි. එහෙත් සතපහක වටිනාකමක් නැහැ. කිසිම අලුත් අදහසක් නැහැ. අයින්ස්ටයින් කතිරය (Einstein Cross)  පිළිබඳ මූලික ගණනය කිරීම් එහි තියෙනවා. එමෙන් වස්තුවක භ්‍රමණය වන දිශාව මාරු වීම ගැනත් ගණනය කිරීමක් තියෙනවා. එහෙත් එකක්වත් මගේ අදහස්වලින් ලබා ගත් ප්‍රතිඵල නො වෙයි. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය පිළිබඳ හිතළු තහවුරු කරන දේ පමණයි.

Monday 26 June 2023

ආර්ථිකේ

 


ආර්ථිකේ



බටහිර ස්වාභාවික විද්යාවල තියෙන්නෙ යම් පමණකට වැඩ කරන හිතළු. බටහිර ආර්ථික විද්යාව ඒත් අතට මේත් අතට. හිතළු අවුල්. ඉඳුරුවෙ ආචාරියගෙ වැඩ වගේ.

දේශීය ණය හා ජාමුල

 

දේශීය ණය හා ජාමුල

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක ඉක්මණින් කරන්න කියල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුල) කියලා. සමහර විට සඳහා පාර්ලිමේන්තුව සති අන්තයක රැස්වෙන්නත් ඉඩ තියෙනවා. බැංකු දින කිහිපයක් වහන්න වෙනවා කියනවා. ඒත් දැන් රට ගිය අවුරුද්දෙ තිබුණට වඩා හොඳය කියල රනිල්ගෙ හිතවතුනුත් පොහොට්ටුවෙ හා සමගි ජන බලවේගයෙ සමහරුත් කියනවා. වි පෙ කියන්නෙ මොකක් කියල දැන ගන්නවත් අවශ්‍ය නැහැ. චම්පකගෙන් අහන්න තියෙන්නෙ ඊළඟ පක්‍ෂය හදන්නෙ කවද ඒකෙ නම මොකක් කියල පමණයි.

Sunday 25 June 2023

රනිල් ජනාධිපතිධුරය හා ජනමත විචාරණය

 

රනිල් ජනාධිපතිධුරය හා ජනමත විචාරණය

 

කවදා තිබ්බත් ජනාධිපතිවරණයක දී වලංගු ඡන්දවලින් සියයට පනහක ඡන්ද ලබා ගත නොහැකි බව දන්නා රනිල් වික්‍රමසිංහ ජනමත විචාරණයක් පවත්වා තම ඊනියා ධුර කාල දීර්ඝ කර ගැනීමට මාන බලන බව පැහැදිලියි. වජිර අබේවර්ධන රංගෙ බණ්ඩාර අකිල කාරියවසම් ආදීන් රනිල් දක්‍ෂයකු බව කීවත් ඔහු කර ඇති දෙයක් නැහැ. ඇමතිවරයකු අගමැතිවරයකු ලෙස කටයුතු කර ඇති රනිල්ට මේ මගේ වැඩ කියා පෙන්විය හැකි දෙයක් නැහැ. ගුරු අභ්‍යාස විද්‍යාල ඊනියා විද්‍යා පීඨ බවට පත් කිරීම නිසා අධ්‍යාපනයේ සිදු වූ වෙනසක් නැහැ. ඔහු අධ්‍යාපන ඇමති වශයෙන් සිටිය දී ගෙනා ධවල පත්‍රිකාව අකුළා ගැනීමට සිදු වුණා. ඔහු දෙමළ වෙල්ලාල බෙදුම්වාදී ජාතිවාදීන් වෙනුවෙන් ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චියට නම් ගියා.

Saturday 24 June 2023

කටු ලෙවකන්නන් බිහි කරන අධ්‍යාපනය

 

කටු ලෙවකන්නන් බිහි කරන අධ්‍යාපනය

 

මෙරට අධ්‍යාපනය ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනයෙන් වෙනස් වෙන්නෙ නැහැ. අපට ලැබෙන්නේ කටු ලෙවකන අධ්‍යාපනයක් කිවුවොත් වැරුද්දක් නැහැ. මේ අධ්‍යාපනය වෘත්තියාභිමුඛ අධ්‍යාපනයක් කියා හිතන් හිටියට එහෙම එකකුත් නො වෙයි. එය කිසිසේත් ප්‍රාඥයන් බිහි කරන අධ්‍යාපනයකුත් නො වෙයි. ඉන් බිහි වෙන්නෙ කටු ලෙවකන උගතුන් ටිකක් පමණයි. මේ කටු අන් කිසිවක් නොව බටහිර පඬියන් විසි කරන කටු. අවශ්‍ය නම් ඥානකටු කියන්න.

Friday 23 June 2023

මෝඩ කවුද?

 මෝඩාභිමානයේ නටාෂා

පිටපත ඇගේ. පුහුණුවීම් ඇගේ. රඟපෑම ඇගේ.
මෝඩ කවුද?

මෝදි මගින් වෙල්ලාලයන් වෙත

 

මෝදි මගින් වෙල්ලාලයන් වෙත

 

මෝදිගේ ඇමරිකානු සංචාරය අදින් අවසන් වෙනවා. ඔහූ ඇමරිකාවේ දි යෝග අභ්‍යාසවල යෙදුණා. ධන කුවේරයකු වූ මස්ක් මුණ ගැහුණා. බයිඩන් ගෙ එළවළු පමණක් තිබූ රාජ්‍ය භෝජන වැළඳුවා. කොංග්‍රසය ඇමතුවා. මදිවට ධවල මන්දිරයේ දි මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්තුවා. ඉන්දියාවෙ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නෙ නැති මෝදි ජර්මනියට ගිය වෙලාවෙ මාධ්‍ය සාකච්ඡා නොපැවැත් වූ මෝදි ධවල මන්දිරයෙ දි සාම්ප්‍රදායනුකූල මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒත් එය ප්‍රශ්න කිහිපයකට පමණක් සීමා වුනා කියලයි කියන්නෙ.

මෝදිට විරුද්ධත්වය

 මෝදිට විරුද්ධත්වය


මෝදි සංචාරයට විරුද්ධ ව ධවල මන්දිරය ඉදිරිපිට විරෝධය. මෙවැනි විරෝධවලින් අමෙරිකාවේ කිසි ඵලක් අත්වේ ද? මේ තම අදහස් ප්‍රකාශ කිරීමට දී ඇති ඊනියා නිදහසක් පමණක් ද? විරෝධතා පරගල ජනතා නැගිටීම් විප්ලව ආදිය අතර ඇති ගුණාත්මක වෙනස්කම් කවරේ ද?

මෝදි කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්දියාවට යාවි. ඇමරිකාව හා ඉන්දියාව චීනයට විරුද්ධ ව එක් වේවි. එය ලංකාවටත් බලපාවි.



https://l.facebook.com/l.php...]-R&c[0]=AT3GjNOea--hzVHvbN7duxF_24dN3Od0EYzsPiYHbEM0iWXcfcpTYtvHpy2Kdj-nGSFbNvtVDGEj9twoSOomlai2boemkg34i2qw9YA3b6RjZxCdglwua-7WhqGdF2yUnasbs_rngM24lxJueBWiznAYqi-C_k7jD8lpJHHB17oyj-RnFS6iH5Nf0gcZ7XIUgxAcZB8hZGU7

Thursday 22 June 2023

අධ්‍යාපනය

අධ්යාපනය
මෙරට අධ්යාපනයේ ප්රශ්නය උගතුන් බිහි කිරීමයි.

මෝදි ඇමරිකාවේ සංචාරයක

 මෝදි ඇමරිකාවේ සංචාරයක

 

ඉන්දීය අගමැති මෝදි දින හතරක් ඇමරිකාවේ සංචාරයක යෙදෙනවා. ඔහුට ඉතා ඉහළ පිළිගැනීමක් ධවල මන්දිරයෙන් ලැබෙනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකුට නොපැවෙත්වෙන පරිදි ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන සංග්‍රහයක් මෝදි වෙනුවෙන් පැවැත්වීමට නියමිතයි. ඔහු අතර ලෝකයේ ඉහළ ධන හිමියකු වන මස්ක් මුණ ගැසිලා.

Wednesday 21 June 2023

අයින්ස්ටයින්ගෙ වැරැද්ද අපේ පිහිටට

 

අයින්ස්ටයින්ගෙ වැරැද්ද අපේ පිහිටට

 

ඊයේ පටන් ගත් කතාව තව දුරටත් කියන්න ඕන. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය තමයි සම්භාව්‍ය එහෙමත් නැත්නම් පැරණි භෞතික විද්‍යාවෙ ගොතන ලද අග්‍ර ඵලය. එහෙමත් නැත්නම් හොඳ කතාව. මා හිතන හැටි වෙන්න පුළුවන්. කතාව වෙන කිසිවකුටවත් ගොතන්න පුළුවන් එකක් නොවන්න පුළුවන්. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් වරක් කිවුවේ අයින්ස්ටයින් කතාව ගොතපු හැටි තමාට හිතා ගන්නවත් බැහැ කියල. ෆයින්මාන් කතාව ගොතපු බවක් කිවුවෙ නැහැ. ඔහු කිවුවෙ අයින්ස්ටයින් ගැන හිතුවෙ කොහොමද කියන එක තමාට හිතා ගන්න බැරි බව. ෆයින්මාන්ගෙ පුරුද්දක් තිබිල තියෙනවා යම් පත්‍රිකාවක සාරාංශය කියවල එහි අඩංගු වෙන කරුණු තනියම හිතාගන්න පුළුවන් කියල බලන්න.

 

Tuesday 20 June 2023

සාපේක්‍ෂතාවාදය කතන්දර මා හා සුප්‍රබුද්ධයෝ

 

සාපේක්‍ෂතාවාදය කතන්දර මා හා සුප්‍රබුද්ධයෝ

 

මා බටහිර විිද්‍යාවේ ප්‍රාමාණික උගතකු නො වෙයි. මට වඩා බටහිර විද්‍යාව දන්නා දහස් ගණනක් ලංකාවේ ඇති. ප්‍රාමාණික උගතකු නූණත් මා බටහිර විද්‍යාවේ දැනුම අභිසංස්කරණය (නිර්මාණය) කෙරෙන්නේ කෙසේ දැයි දන්නවා. දැන් නම් මා දන්නවා බටහිර විද්‍යාවෙත් තියෙන්නෙ කතන්දර ටිකක් කියා. කතන්දර අපේ සංස්කෘතියේ කතන්දර නොවන බවත් දන්නවා. මට එකල අවශ්‍ය වූයේ බටහිර විද්‍යාවේ දැනුම අභිසංස්කරණය කරන විද්‍යාඥයකු වීමට. මා 1969 ජනවාරියේ දී එංගලන්තයට ගියේ අදහසින්. එහෙත් මට එලෙස දැනුම අභිසංස්කරණය කිරීමට නොහැකි බව වැටහුණා. මා 1970 දී අවුරුදු එකහමාරකින් පමණ ආපසු ආවා. මා අධ්‍යයනය කෙළේ සාධාරණ සාපේක්‍ෂතාවාදය (General Theory of Relativity) හා විශ්වවේදයත් (Cosmology) එයට අවශ්‍ය පරිදි ක්වොන්ටම් භෞතිකයත්.

Monday 19 June 2023

බුද්ධාගම හා විද්‍යාව

 බුද්ධාගම හා විද්යාව

සුප්රබුද්ධ බුද්ධාගම්කාරයන් බුද්ධාගම අත්හැර හෝ නොහැර හෝ බටහිර විද්යාව වැළඳ ගන්නේ ඇයි?

සුප්‍රබුද්ධයෝ ලිංමැඩියෝ හා රෙද්ද

 

සුප්‍රබුද්ධයෝ ලිංමැඩියෝ හා රෙද්ද

 

මා හිතන්නේ නැහැ මෙකල තරම් ප්‍රබුද්ධයන් මෙරට අවුරුදු දෙදහස් පන්සීයක කලයක හිටියා කියා. ඔවුන් සුප්‍රබුද්ධ රජුටත් වඩා ප්‍රබුද්ධයන්. සුප්‍රබුද්ධ රජු මෙකල හිටියා නම් තම නම වෙනස් කර ගන්නවා සිකුරුයි. මේ සුප්‍රබුද්ධයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ඔවුන් කියන විධියට නම් අර දෙදහස් පන්සීයෙ රෙද්ද. ඔවුන් හිතනවා ඇත්තෙ තමන් අත්‍යවශ්‍ය ඓතිහාසික කාර්යභාරයක යෙදිල ඉන්නවා කියා.

Sunday 18 June 2023

බෞද්ධයන්ට පාඩමක්

 බෞද්ධයන්ට පාඩමක්


මා පහත සඳහන් කොටස පළ කරන්නේ බටහිර අයකු බුදුදහම වර්ණනා කරනවා කියන්න නොවෙයි. බෞද්ධයන්ට පාඩමක් ඉගෙන ගැනීමටයි. අප අපේ මැදි පිළිවෙත කුමක් ද යන්න ගැන අවබෝධයක් හැකි ඉක්මණින් ලබා ගන්න ඕන. අප කිසිම අවබෝධයක් නැතුව අන්තවාදී ව අමෙරිකාවටත් වඩා ධනවාදී (ධනවත් නොවෙයි) රටක් බවට පත්වන්න දඟලනවා.

රනිල් නවත්වන්න පුළුවන් කාට ද?

 

රනිල් නවත්වන්න පුළුවන් කාට ?

 

රනිල් බලයට පත් කෙරුණේ මෙටාවේ හා මොටාවේ පඬි නැට්ටන් විසින් යැයි කියා ඔවුන්ට අනවශ්‍ය වැදගත්කමක් දීමට මට අවශ්‍ය නැහැ. ඔවුන්ට කළ හැක්කේ තම විවිධ හීනමාන වසා ගැනීමට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ආඩපලි කීම පමණයි. ඔවුන්ගේ ආතල්ගම මොටාව තවත් මොටාවක් පමණයි.

Saturday 17 June 2023

වජිර අබේවර්ධනගේ අභය වර්ධනය

 

වජිර අබේවර්ධනගේ අභය වර්ධනක් හෙවත් රනිල් වෙනුවෙන් ගැටයක්

 

මගේ මිතුරකු කියනවා වජිර අබේවර්ධන කලකට පෙර රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට පෙර ඔහු වෑඩි කල් නොගොස් ජනාධිපති වන බව කිවුවා කියා. ගැන මා හරියට යමක් කියන්න දන්නේ නැහැ. එහෙත් රනිල් බටහිර සැලසුමක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති වූ බව නම් මා දන්නවා. පරගලය ආතල්ගම සඳහා කෙරුණු දේ. එහි ප්‍රධාන කාර්ය භාරය කෙරුණේ එංගලන්තයෙන්. දෙමළ විසුරුණු ජනයා හා සමහර අරාබි රටවල් සඳහා මුදල් ලබා දුන් බව පැහැදිලියි.

Friday 16 June 2023

ජේ ආර්ගේ ලයිට් හවුස් කඩන රනිල් හා ටියුබ් ලයිට්

 

ජේ ආර්ගේ ලයිට් හවුස් කඩන රනිල් හා ටියුබ් ලයිට්

 

කොළඹ මොටාවෙන් මා අස්කරනු ලැබුයේ 1993 දී අවුරුදු තිහකට පෙර. මා කැලණිය මොටාවට ගියේ ඉන් අවුරුදු දහයකට පසු 2003 දී. අවුරුදු දහය තුළ මොටාවන් තවත් මොට වී ඇති බව මට දැක ගන්න ලැබුණා. මොටා අතර වෙනසක් නොවෙයි. 1993 පෙර මා මොරටුව මොටාවට ගිය විට දේශන ශාලාව පිරී ඉතිරී ගොස් වටා පිටාවේ සිසුන් හිටියා. එහෙත් ඉන් මෑත කාලයේ දේශන ශාලාව පිරෙන්නවත් සිසුන් හිටියේ නැහැ.

Thursday 15 June 2023

ටියුබ් ලයිට් පඬිනැට්ටන් හා ලයිට් හවුස් රනිල්

ටියුබ් ලයිට් පඬිනැට්ටන් හා ලයිට් හවුස් රනිල් 


ජනතා නැගිටීමකින්  ගෝඨාභය එළවූ බව කියන ටියුබ්    ලයිට් පඬිනැට්ටන් තමන් පත්කර ගත් බවක් නොකියන ලයිට් හවුස් රනිල් එළවීමට ජනතා නැගිටීමක් සඳහා    කරන දෙයක් නැද්ද?