Main Logo

Showing posts with label මාක්ස්වාදය. Show all posts
Showing posts with label මාක්ස්වාදය. Show all posts

Wednesday, 29 May 2013

බටහිර විද්‍යාව බුදුදුහම මෙන් ජනප්‍රිය නොවීම

මාක්ස්වාදය පමණක් නොව ඕනෑම දැනුමක් හෝ පළල් වශයෙන් ගත්කල සංස්කෘතියක් හෝ යම්කිසි සංස්කෘතියක මුල් බැස ගැනීමට නම් එක්කෝ එම සංස්කෘතියෙහි එයට සූදානමක් තිබිය යුතු ය. එසේත් නැත්නම් අදාළ දැනුම හෝ සංස්කෘතිය හෝ එම සංස්කෘතියට බලහත්කාරයෙන් ඇතුල් කළ යුතු ය. එහෙත් එසේ බලහත්කාරයෙන් ඇතුල් කළ ද දශක කිහිපයින් එය එම සංස්කෘතියෙන් ගිළිහී යා හැකි ය ලෙනින් රුසියාවට එනම් රුසියාවේ තිබූ ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතියට මාක්ස්වාදය හඳුන්වා දුන්නේ බාහිරව ය. ගුණදාස අමරසේකර මහතා උපුටා දක්වන බටහිර ලේඛකයා කියන ආකාරයට මෙන් නොව ලෙනින් මාක්ස්වාදය රුසියානු ජාතික චින්තනය හෙවත් රුසියාවේ තිබූ ග්‍රීක ඔතොඩොක්ස් චින්තනය තුළට නො ගත්තේ ය. ඔහු එසේ මාක්ස්වාදය රුසියානු ජාතික චින්තනය තුළට ගත්තේ නම් අවුරුදු හැත්තෑවකින් පමණ පසුව මාක්ස්වාදී සමාජවාදය රුසියාවෙන් තුරන් නොවනු ඇත.

ලෙනින් ගොවීන් හැඳින්වූයේ අල ගෝනි ලෙස ය. මාක්ස්වාදය අනුව ධනේශ්වරය පෙරළා දමන ඊනියා විප්ලවයට නායකත්වය දෙන්නේ කම්කරු පංතිය ය. එහෙත් කම්කරු පංතියට විවිධ ඓතිහාසික හේතු නිසා එම පංතියෙන් ම නායකත්වය සොයාගත නො හැකි ය. එබැවින් කම්කරු පංතියට නායකත්වය පිටින් ගෙන යා යුතු විය. ලෙනින් වැනි බුද්ධිමතුන් කළේ එසේ කම්කරු පංතියට පිටින් නායකත්වය ගෙන යෑම ය. ලෙනින් වැන්නෝ රුසියාවේ ඊනියා කම්කරු පංතිය ගැන මිස ගොවියන් ගැන  අවධානය යොමු නො කළහ. ලෙනින් වැන්නන්ට ගොවියෝ සුළු ධනේශ්වරයට අයත් වූහ. ඔවුන්ට ගොවියන් පහසුවෙන් සංවිධානය කරගැනීමට නොහැකි අල ගෝනි වීම පුදුමයක් නො වේ.

එහෙත් රුසියාවේ ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතියෙහි හා චින්තනයෙහි හරය තිබියේ රුසියන් ගොවීන් සතුව ය. ලෙනින් මාක්ස්ට වඩා ගොවියන් ගැන සැලකිලිමත් වූ නමුත් වඩා විශ්වාසය තැබුයේ පීටස්බර්ග් නගරයෙහි හා වෙනත් නගරවල කම්කරුවන් කෙරෙහි ය. ඊනියා පළමුවැනි ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව සාර් අධිරාජ්‍ය දුර්වල වීමත් රාජ්‍ය බලය ලබාගැනීමට වෙනත් කණ්ඩායමක් නොසිටීමත් යන කරුණු හේතුකොටගෙන ලෙනින්ගේ බෝල්ෂෙවික් පක්‍ෂයට රුසියාවේ බලයට පත්වීමට හැකි විය. එය කිසිසේත්ම පුළුල් ජන සහභාගීත්වයකින් අත්කරගත් බලයක් නො වී ය. රුසියාවේ ඈත ගම් දනව්වල ජනයා රාජ්‍ය බලය මාරුවීම ගැන නොදැන සිටියේ ය යන්න අතිශෝක්තියක් නො වේ.

ලෙනින්ගෙන් පසුව ස්ටැලින් බලයට පත්වූයේ වඩා හොඳ මාක්ස්වාදියා වූ ට්‍රොට්ස්කි පරාජය කරමිනි. මාක්ස්වාදය රුසියාවේ මුල් බැසගෙන තිබිණි නම් ස්ටැලින් වැන්නකුට කිසි දිනෙක රුසියාවේ හා සෝවියට් දේශයේ බලයට පත්වීමට ඉඩක් නො තිබිණි. ඔහු මාක්ස්වාදයේ විකෘතියක් වූ ලෙනින් ස්ටැලින්වාදය රුසියාවේ හා කෘත්‍රිම වූ සෝවියට් දේශයේ බලයෙන් පවත්ව්ගෙන ගියේ ය. ඔහුගේ යකඩයකු මෙන් වූ චරිතය ද එහි දී බලපෑවා නිසැක ය. ස්ටැලින් යන නම ඔහුට ලැබුණේ දෙමවුපියන්ගෙන්  නොව පක්‍ෂයෙනි. එහි අරුත යකඩයා යන්න විය. ඔහුට ඒ නම ලැබුණේ ම ඔහුගේ යකඩයකු වැනි චරිතය හේතුකොට ගෙන ය.

ස්ටැලින් මිය යෑමෙන් පසුව සෝවියට් දේශයේ අභාවය ද ඇරඹිණි. එරටට බලහත්කාරයෙන් පටවනු ලැබූ ලෙනින් ස්ටැලින්වාදය තවදුරටත් එහි ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නයක් විය. සෝවියට් දේශයේ කඩාවැටීමට අවශ්‍ය වූයේ එක් තල්ලුවක් පමණකි. ඒ තල්ලුව ලෙනින් ස්ටැලින්වාදය බලයෙන් පැටවූ තවත් රටක් වූ පෝලන්තයෙන් ලැබුණේ ය. එයට පෙර යුගොසලේවියාවේ හා චෙකොස්ලොවේකියාවේ දෙදරීම් ඇති වී තිබිණි. මේ දෙදරීම් ලෙනින් ස්ටැලින්වාදයට මෙන් ම මාක්ස් ට්‍රොට්ස්කිවාදයට ද එරෙහිව ගියමුත් ලෝ පුරා ට්‍රොට්ස්කිවාදීන් එකල සිතා සිටියේ ඒ දෙදරීම්වල ප්‍රතිඵලයක් ලෙස ඒ රටවල් මාක්ස් ට්‍රොට්ස්කිවාදය දෙසට ගමන් කරනු ඇති බව ය!

පෝලන්තය කතෝලික චින්තනයේ රටක් විය. වැවෙන්සා නම් කතෝලික බැතිමතකු පෝලන්ත වෘත්තීය සමිති බලවතකු වීමෙන් පසුව පාප් වහන්සේගේ ද ආශිර්වාදයෙන් හා අනුග්‍රහයෙන් පෝලන්තය මත ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව රතු හමුදාව යොදා ගනිමින් බලයෙන් පටවනු ලැබූ ලෙනින් ස්ටැලින්වාදය හා ඒ මත ගොඩනගනු ලැබූ ඊනියා සමාජවාදී රාජ්‍ය වැල්ලේ තැනූ සෙල්ලම් ගෙයක් මෙන් කඩා වැටුණේ ය. එය නෙගෙනහිර යුරෝපයේ සෙසු රටවලට හා නැගෙනහිර ජර්මනියට පැතිර යෑමේ ප්‍රතිඵලය වූයේ  ඒ සියළු රටවලට ආගන්තුක වූ චින්තනයත් සොවියට් දේශයත් කඩා වැටීම ය. අද නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය සග එක් වී ඒකාබද්ධ ජර්මනියක ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි රටක් ලෙස නැගී සිටීමට උත්සාහ කරන මුත් ලෝකයෙහි ම එම චින්තනය හා සංස්කෘතිය කඩාවැටීම හමුවේ සෙසු යුරෝපීය රටවල් සමග අර්බුදයකට මුහුුණ පා ඇත.

අද නැගෙනහිර යුරෝපීය රටවල් විසිරී යන තත්වයකට පත් වී ඇති අතර චින්තන පිලිබඳ අර්බුදයකට මුහුණ පා ඇත. ලෝකයේ හොඳම වියුක්ත චින්තකයන් ඇත්තේ මේ රටවල යුදෙවුවන් අතර වුව ද ඔවුන්ට අද ඇමරිකාවේ කුලීකාර ගණිතඥයන් හා වෙනත් බටහිර විද්‍යාඥයන් වීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වී නැත. නැගෙනහිර යුරෝපීය රටවලට තමන්ගේ චින්තනයක් මත පදනම් ව තම සංස්කෘතියක ජීවත්වීමට ඉඩ නොදීමේ පාප කර්මය ස්ටැලින්ගේ සෝවියට් දේශයට මෙන් ම ඇමරිකාවට ද අයත් වෙයි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දරයි. ඔවුහු බටහිර විද්‍යාව වෙනුවෙන් ඒ හා තරමට ම කැප වී සිටිති. මා දැනුම ආධ්‍යාත්මික ව ලබාගත හැකි යැයි කී විට ඔවුහු ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් මත පිහිටමින් මට අපහාස කළහ. මට විරුද්ධව ප්‍රකාශ නිකුත්කිරීමට තරම් ඉදිරිපත් වීමෙන් ඔවුහු තමන් බටහිර විද්‍යාව වෙනුවෙන් දාසයන් ලෙස කැප වී ඇති ප්‍රමාණය පෙන්නුම් කළහ. එහෙත් මොවුන් කිසි දිනෙක කල්පනා නොකරන ප්‍රශ්නය නම් ඔවුන්ට බටහිර විද්‍යාවේ කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කිරීමට නොහැක්කේ ඇයි ද යන්නත් ඔවුන්ට ලෝකයට නව දැනුමක් සැපයිය නොහැක්කේ ඇයි ද යන්නත් ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කෙතෙක් උත්සාහ දැරුව ද ඔවුන්ට බටහිර විද්‍යාව ලංකාවේ ජනප්‍රිය කළ නො හැකි ය. ඔවුන්ට කළ හැක්කේ බටහිර විද්‍යාව තව තවත් පාසල්වල ඉගැන්වීමට කටයුතු කිරීම පමණ ය. එහෙත් ඔවුන් ඇතත් නැතත් බටහිර විද්‍යාව පාසල්වල ඉගැන්වෙනු ඇත්තේ මෙරට බොහෝ දරුවනට මේ සමාජ ක්‍රමය යටතේ රැකියාවක් ලබාගැනීමට තවමත් බටහිර විද්‍යාව ඉගෙනීම ප්‍රයෝජනවත් වන බැවිනි.

මේ ශිෂ්‍යයන්ගෙන් බොහෝ දෙනකු පාසලේ දී බටහිර විද්‍යා විෂය හදාරන්නේ බටහිර වෛද්‍යවරුන් හෝ බටහිර ඉංජිනේරුවන් වීමේ අභිලාෂයෙනි. අප පාසල් වියේ පසුවන විට ඉතා සුළු පිරිසක් බටහිර විද්‍යාඥයන් වීමේ අරමුණෙන් බටහිර විද්‍යා විෂය හැදෑරූ නමුත් අද එවැන්නන් දැකගන්නට නැත. අද ලංකාවේ විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍ය හෝ බටහිර ඉංජිනේරු හෝ පීඨවල හැර බටහිර විද්‍යාව පදනම් කරගත් අනෙක් පිඨවල උගන්වන කථිකාචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්්ගෙන් අතිවිශාල බහුතරය බටහිර වෛද්‍ය පීඨයකට හෝ බටහිර ඉංජිනේරු පීඨයකට හෝ ඇතුල්වීමට නොහැකිව අදාළ පීඨවලට ඇතුල් වූ අය වෙති. ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකයන්ගෙන් අතිමහත් බහුතරයට ද එලෙස බටහිර වෛද්‍ය හෝ බටහිර ඉංජිනේරු හෝ පීඨයකට ඇතුල් වීමට නොහැකි වී ඇත.

එකල බටහිර වි්‍යාඥයන් වීමේ අරමුණෙන් පාසලේ දී බටහිර විද්‍යාව හැදෑරූ කිසිවකුට ද හරිහමන් බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි වී ඇත. එය එසේ වූයේ ඇයි? මේ ඇතැමකු බටහිර විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් බවට පත් වී සිටීමෙන් ඔවුන් හරිහමන් විද්‍යාඥයන් වී ඇතැයි නො කියැවෙයි. ආචාර්ය උපාධියක් ලබාගැනීම, මහාචාර්යවරයකු වීම ආදිය හා හරිහමන් බටහිර විද්‍යාඥයකු වීම අතර ඇත්තේ අහසට පොළොව වැනි පරතරයකි.

මෙරට බටහිර විද්‍යාව රැකියා සම්බන්ධයෙන් හැර ජනප්‍රිය නොවෙද්දී බුදුදහම ජනප්‍රිය වූයේ ඇයි? ඇතැම් පඬියන් කියන්නේ දේවානම් පියතිස්ස රජුගේ හා පසුව අනෙක් රජවරුන්ගෙන් රාජ්‍ය අනුග්‍රහ ලැබුණු බැවින් බුදුදහම මෙරට ජනප්‍රිය වූ බව ය. ඒ රජවරුන්ගේ අනුග්‍රහය මිහිඳු හිමියන් මගින් අපට ලැබුණු තුන්වැනි සංගයනාවේ බුදුදහමට ලැබෙන්නට ඇත. එහෙත් මෙරට බුදුදහම පැතිරී ගියේ  ඒ නිසා ද? එසේ නම් පෘතුගීසීන්ගේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ ද පසුව ඊනියා ලාංකික රාජ්‍ය පාලකයන්ගේ ද රාජ්‍ය අනග්‍රහ ලැබූ ක්‍රිස්තියානි/ කතෝලික ආගම් අවුරුදු පන්සියයක පමණ කාලයක දී එතරම් පැතිර නොගියේ ඇයි? එමෙන් ම දැන් රාජ්‍ය අනුග්‍රහ ලබමින් ද බටහිර විද්‍යාව මෙරට ජනප්‍රිය නොවන්නේ ඇයි?

බුදුදහම සම්බන්ධයෙන් වැරදි මත රාභියක් රටේ ප්‍රචලිත ව ඇත. ඒ අනුව මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර මෙරට බෞද්ධයෝ නො සිටියහ. බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීමේ එක් අරමුණක් වූයේ යක්‍ෂයන් මෙරටින් ගිරි දිවයිනට පළවා හැරීම ය. මේ ඇතැම් මත ජනප්‍රවාදයේ තිබී වංසකතාවලට ද රිංගාගෙන ඇති බව පෙනෙයි. එහෙත් පළමුවෙන් ම බුදුන්වහන්සේ කිසිම දවසක කිසිම පිරිසක් උන්හිටි තැන්වලින් පළවා හරීවි යැයි කිසිසේත් සිතිය නො හැකි ය. එය කිසිසේත් ම විය නොහැක්කකි.

මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රාශියක් පූජ්‍ය මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ ලියා පළකර ඇති යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තෙරතුරු නම් කෘතියෙහි අඩංගු වෙයි. උන්වහන්සේට අනුව මෙරටට බුදුන් වහන්සේ යක්‍ෂ ගෝත්‍රික පාලිකාවකගේ ආරාධනයෙන් ද වැඩම කර ඇත. ඒ අවස්ථාවේ දී මෙරට භික්‍ෂු හා භික්‍ෂුණි ශාසන ආරම්භ වී ඇති  අතර ඒ යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂූන් වහන්සේ හා භික්‍ෂුණීන් වහන්සේගෙන් සමන්විත වී ඇත. මේ කරුණු උන්වහන්සේට ලැබී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කෘතියක් වූ වර්ගපූර්ණිකාව නමැති ග්‍රන්ථයෙනි.

බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුව කිසිවකු පැවදි නොවී යැයි යම් අයකු පවසන්නේ නම් ඒ බුදුන් වහන්සේට කරන අගෞරවයකි. බුදුන් වහන්සේ මෙරට පැවිදි කළ අයගෙන් කිසියම් පිරිසක් රහත් ඵලයට පැමිණි බව ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු කෘතියෙහි දැක්වෙයි. ඒ රහතන් වහන්සේ හා අනෙක් භික්‍ෂූන් වහන්සේ දැනගෙන සිටින්නට ඇත්තේ සංගායනාවලට පෙර පැවති බුදුදහම ය. ඇතැම් විට පසුව දෙවැනි සංගායනාව දක්වා සිදු වූ දේ ද ඒ පරම්පරාවේ භික්‍ෂූන් වහන්සේ දැන සිටින්නට ඇත. අපි ඒ භික්‍ෂු පරම්පරාවට හෙළ විහාර පරම්පරාව යැයි කියමු. මිහිඳු මා හිමියෝ මෙරටට තුන්වැනි සංගායනාවෙන් පසු බුදුදහම හඳුන්වා දී මහාවිහාර පරම්පරාව පිහිටුවූහ. 

2013-05-29

නලින් ද සිල්වා

Saturday, 18 May 2013

මාක්ස්වාදය හා දැනුම් ගස්


ගුණදාස අමරසේකර මහතාට අනුව එක්තරා ලේඛකයකු කියා ඇත්තේ රුසියාවේ විප්ලවය සිදුවූයේ මාක්ස්වාදයට අනුව නොව එහි ජාතික චින්තනයට (national thought) එකඟව බව ය. රුසියන් විප්ලවය රුසියාවේ ජාතික චින්තනයට එකඟව සිදු වී නම් ඉන් අවුරුදු අසූවක් ගතවීමට පෙර සෝවියට් දේශය කඩාවැටී රුසියාව ඇතුළු විවිධ රාජ්‍ය බිහිවූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ද ජාතික චින්තනය ඇසුරෙන් පිළිතුරු සැපයිය යුතු ය. ජාතික චින්තනය නමැති විසිරුණු අදහසට අනුව එයට පිළිතුරු සැපයිය නො හැකි ය. එමෙන් ම මාක්ස්වාදයට ද එයට පිළිතුරු නැත. චාවේස් කස්ත්‍රෝ ආදී පුද්ගලයන් බිහිවන්නේත් ඒ රටවල ඊනියා සමාජවාදී හෝ මානව හිතවාදී හෝ රාජ්‍ය බිහිවන්නේ කෙසේ ද ආදී ප්‍රශ්නවලටත් ජාතික චින්තන අදහස්වලින් හෝ මාක්ස්වාදයෙන් හෝ පිළිතුරු නො ලැබෙයි.

අප මේ කරුණු සාකච්ඡා කරන්නේ දැනට අවුල් ව ප්‍රචාරය වී ඇති මතිමතාන්තර කිහිපයක් නිරවුල් කරගැනීම සඳහා ය. අනෙක් පැත්තෙන් අපේ ප්‍රවාද ගැන ද පැහැදිලි කිරීමට ඒ උපයෝගී කරගත හැකි ය. පළමුකොට ම මාක්ස්වාදය ගැන කෙටි සටහනක් අවශ්‍ය වෙයි. බටහිර විද්‍යාවේ බටහිර දාර්ශනිකයකු වූ කාල් පොපර් මාක්ස්වාදය හා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඇරඹූ මනෝ විශ්ලේෂණය විද්‍යාව, එනම් බටහිර විද්‍යාව, නොවේ යැයි ප්‍රකාශ කර ඇති නමුත් මෙරට පොපර්වාදීහු ද ඒ බව අමතක කරති. ඔවුහු පොපර් අනුව යමින් ජ්‍යොතිෂය පමණක් බටහිර විද්‍යාව නොවේ යැයි පවසති. මේ කන්න වුවමනා වූ විට කබරගොයා තලගොයා කර ගැනීමකි. මේ ඇතැමුනට අනුව මෑත කාලයේ බටහිර විද්‍යාවේ පහළ වූ දැවැන්තයෝ අයින්ස්ටයින්, ඩාවින්. මාක්ස් හා ෆ්‍රොයිඩ් වෙති. එහෙත් බටහිර විද්‍යාවේ මහා දාර්ශනිකයා ලෙස මෙරට ඇතැමුන්ගේ සැලකිල්ලට පාත්‍රවන පොපර් ඉන් දෙදෙනකු ම ප්‍රතික්‍ෂෙප කරයි.

පොපර් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගැනීම සඳහා නිර්ණායකයක් ඉදිරිපත් කළේ ය. ඒ අන් කිසිවක් නොව බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කර හැකි බවත් එහෙත් අනෙක් දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හෝ මතවාද හෝ වෙනත් දැනුමක් හෝ එසේ අසත්‍යකරණයට ලක්කිරීමට නොහැකි බවත් ය. පොපර්ගේ අසත්‍යකරණය පිළිබඳ විවේචන බටහිර ම කිහිප දෙනකු අතින් පළ වී ඇත. තමන් එකිනෙකා ප්‍රාඥයන් ලෙස හඳුන්වාගන්නා බොහෝ දෙනා පොපර්ගෙන් ඈතට නො යති. ඔවුන් පොපර්ගේ මත ගැන ද එතරම් හොඳින් අධ්‍යයනය කර නොමැති බව පැහැදිලි ය.

පොපර්ට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද සත්‍ය ද අසත්‍ය ද බව දැනගැනීම සඳහා පර්යේෂණ කළ හැකි ය. එහෙත් ඔහු පවසන්නේ මාක්ස්වාදයේ හෝ ජ්‍යොතිෂයේ හෝ දැනුම අසත්‍යකරණයට ලක්කළ නො හැකි බව ය. ඔහුට අනුව යමකුගේ කේන්ද්‍රය බලා ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයකු පළකළ අනාවැකියක් ඵල නොදැරුවහෙත් ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයා එය ඵල නොදැරුවේ ඇයි ද යන්නට වෙනත් හේතුවක් කියනු ඇත. එබැවින් ජ්‍යොතිෂයේ දැනුම කිසි දිනෙක අසත්‍ය වන්නේ නො වේ. එමෙන් ම මාක්ස්වාදයේ ද අනාවැකි ඵල නොදරන විට මාක්ස්වාදීහු විවිධ හේතු දැක්වීමට ඉදිරිපත් වෙති.

මාක්ස්ගේ මාක්ස්වාදයට අනුව ඊනියා කම්කරු පංති විප්ලවය මුලින් ම සිදුවීමට තිබුණේ බටහිර යුරෝපයේ ඊනියා දියුණු රටවල ය. විශේෂයෙන් ම එංගලන්තයේ ය. එහෙත් එය එසේ සිදුනොවී ය. පසුකාලීන මාක්ස්වාදීහු එසේ සිදුනොවූයේ ඇයි ද යන්න තේරුම් කිරීම සඳහා විවිධ හේතු ඉදිරිපත් කළහ. පොපර්ට අනුව ගොස් මාක්ස්වාදීහු මාක්ස්වාදය අසත්‍යකරණයට ලක් නො කළහ. මාක්ස්වාදීන් දැක්වූ එක් හේතුවක් වූයේ ඊනියා දියුණු රටවල කම්කරු පංතියේ නායකත්වය එක්කෝ බිහි වී නො තිබීම ය. එසේත් නැතහොත් කම්කරු පංතියේ නායකත්වයේ පාවාදීම් ය.

ඊනියා කම්කරු පංති විප්ලවය නොසිදු වූ ඕනෑම රටක මේ කතාව කියා ගැලවී යෑමට මාක්ස්වාදීහු පුරුදු වී සිටිති. ලංකාවේ ද ඊනියා කම්කරු පංති නායකත්වයේ පාවාදීම් ගැන නිතර කියැවෙයි. එහෙත් පාවා නොදුන්නේ යැයි කියන නායකත්වයට ද ඊනියා කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. එය එසේ වී ඇත්තේ ඇයි දැයි තමන් පාවා දී නැතැයි කියන නායකයෝ තේරුම් කර නො දෙති.

ඊනියා කම්කරු පංති නායකයන් බිහි නොවන්නේ නම් හෝ පාවා දෙන්නේ නම් හෝ මාක්ස්වාදීන් කළ යුත්තේ එසේ වීම තේරුම් ගැනීම සඳහා ප්‍රවාද ඉදිරිපත් කිරීම ය. එහෙත් ඔවුහු එසේ නොකරති. එක්කෝ වත්මන් මාක්ස්වාදීහු නිර්මාණශීලී නො වෙති. නව ප්‍රචාදයක් ඉදිරිපත් කිරීමට නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතු ය. ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම යනු කතන්දරයක් ගෙතීමකි. කතන්දරයක් ගෙතිය හැක්කේ නිර්මාණශීලී පුද්ගලයකුට ය. එපමණක් නො වේ. ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියකට සාපේක්‍ෂ ව ය.

බොහෝ දෙනාට බටහිරයන් විසින් කියා දෙනු ලබන දැනුම පිළිබඳ දැනුමට අනුව ඇත්තේ එක් දැනුමකි. එය මුළු ලෝකයට ම පොදු ය. ඒ ඒ කාලවල දී භාරතයේ, චීනයේ, ග්‍රීසියේ නැතහොත් වෙනත් රටක දැනුම වර්ධනය වන්නට ඇත. එය නිර්මාණයක් යැයි පොදුවේ ගත්කල බටහිරයෝ නො කියති. ඔවුන්ට අනුව දැනුම සොයා ගැනෙයි. එහෙත් මේ සොයාගැනීම පිළිබඳ විශ්වාසය පොපර්ගේ අසත්‍යකරණ ප්‍රවාදයට එකඟ නො වේ. දැනුම සොයා ගැනෙන්නක් නම් එය අසත්‍ය වන්නේ කෙසේ ද? මිනිස්සු අසත්‍ය දැනුම් ද සොයා ගනිත් ද?

චීනයේ හෝ ග්‍රීසියේ හෝ වර්ධනය වූ දැනුමක් දැන් බටහිර යුරෝපයට ගොස් තිබෙන්නට හැකි ය. බටහිරයන්ට අනුව චීනයෙන් බටහිරට ගිය වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍රය ආදිය පිළිබඳ දැනුම හා දැන් ඒ සම්බන්ධයෙන් බටහිරයන් සතු දැනුම එකකි. එසේත් නැත්නම් පැරණි දඹදිවෙන් අරාබිය ඔස්සේ බටහිරට ගිය ගණිතය අද බටහිර ඒ සම්බන්ධයෙන් ඇති ගණිතය වෙයි. එහෙත් දඹදිව තිබූ වීජය බටහිර අද ඇති වීජය මෙන් වියුක්ත නොවන බව බටහිරයෝ නො කියති. එසේත් නැතහොත් චීනයෙහි වෙඩි බෙහෙත් පිළිබඳ දැනුම තිබුණමුත් චීන ජාතිකයන් බටහිරයන් මෙන් නොව තුවක්කු නිෂ්පාදනය නොකළ බවත් බටහිරයෝ අපට නො කියති.

ලෝකයේ කිසිම දවසක එකම දැනුමක් පමණක් තිබී නැත. බටහිරයන් කියන ආකාරයට ලෝකයේ ඇත්තේ එක් දැනුම් ගහකි. මේ දැනුම් ගහ විවිධ පුද්ගලයන් අතින් වර්ධනය වෙයි. ඒ පුද්ගලයෝ විවිධ ජාතීන්ට, විවිධ ජනවර්ගවලට හා විවිධ සංස්කෘතීන්ට අයත් වෙති. බටහිරයන්ට අනුව මේ දැනුම් ගහ ලෝකයට ම පොදු ය. බටහිරයන් කියන දේ දොහොත් මුදුන් දී පිලිගැනීමට පුරුදු කෙරී ඇති මෙරට ඊනියා උගතුන්ට අනුව ද ලෝකයේ ඇත්තේ එකම දැනුමකි. ඒ දැනුම අද ලෝකයේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල බෙදා හැරෙයි.

එහෙත් මෙරට සිටින උගතුන්ට මේ දැනුමට කිසිවක් එකතුකිරීමට නොහැකි වී ඇත. එයට හේතුව ලෙස මේ උගතුන් පෙන්වා දෙන්නේ බටහිර රටවල මෙන් පහසුකම් මෙරට නැති බැවින් ඔවුන්ට නව දැනුමක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ය. එහෙත් අද මෙරටින් ඇමරිකාවට හා වෙනත් බටහිර රටවලට ගොස් විශ්වවිද්‍යාලවල හා වෙනත් පර්යේෂණ ආයතනවල ඊනියා පර්යේෂණ කරන්නෝ වෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු වෙති. අධ්‍යයන අංශවල ප්‍රධානීහු වෙති. එසේත් නැතහොත් පර්යේෂණ ආයතනවල ප්‍රධාන තනතුරු දරති.

එවැන්නන්ට පහසුකම් නැතැයි කිව නො හැකි ය. එහෙත් ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට හෝ වෙනත් බටහිර දැනුමකට වී ඇති සෙත කුමක් ද? ඔවුන් “සොයා ගත්” මූලික දැනුමක් වේ ද? ඔවුන්ගේ ඊනියා පර්යේ’ෂණ කූන් කී ආකාරයෙන් නම් ගැටළු විසඳීමට සීමා වී ඇත. එසේ නම් මේ උගතුන්ට සිදු වී ඇත්තේ කුමක් ද? ඔවුහු බටහිරයන් තරම් දක්‍ෂ නො වෙත් ද? මේ උගතුන්ට මෙවැනි ප්‍රශ්නයක් ඇති බවවත් නො වැටහෙයි. ඒ තරමට නම් ඔවුහු අදක්‍ෂයෝ වෙති. ප්‍රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ප්‍රශ්නයක් ඇති බව වටහාගත් අයකුට ය. මොවුන්ට ප්‍රශ්නයක් ඇති බවවත් නො වැටහෙයි.

මේ බටහිර ගැති, බටහිරයන් විසින් පුහුණු කෙරී ඇති ඊනියා උගතුන්ට නොතේරුණ ද ලෝකයේ බොහෝ දැනුම් ගස් ඇත. මේ දැනුම් ගස් විවිධ ය. ඇපල් ගස් හා පොල් ගස් යනු එකම වර්ගයේ ගස් නො වේ. ලංකාවේ ඇපල් ගස් නො වැවෙයි. ඇතැම් විටෙක කෘත්‍රීම පරිසරයක් මවා ඇපල් ගස් ලංකාවේ වැවීමට හැකියාවක් ඇත. එමෙන් ම කෘත්‍රීම පරිසරයක එංගලන්තයේ පොල් වැවිය හැකි ය. ලන්ඩන් නුවර කිව් උද්‍යානයෙහි කෘත්‍රීම පරිසරයක පොල් ගසක් වවා ඇත. (පේරාදෙණියේ උද්භිද උද්‍යානය නිර්මාණය කර ඇත්තේ කිව් උද්‍යානයේ අනුකරණයක් ලෙස ය.)

අද ලංකාවේ ද දැනුම් ගසට ඇත්තේ ඇපල් ගස පමණකි. මේ ඇපල් ගස් කෘත්‍රිම ව පාසල්වල හා විශ්වවිද්‍යාලවල වැවෙන්නට සලස්වා ඇත. ලෝකයේ ඇති එකම දැනුම් ගස ඇපල් ගස යැයි අපට ඉගැන්වෙයි. මෙරට කෘත්‍රීම ව අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ ඉංගිරිසින් මුල දී පාසල්වල හා පසුව විශ්වවිද්‍යාලවල ද ඇපල් දැනුම් ගස් වවා ඇති නමුත් ඒවා වඳ පීදෙයි. එහි ගෙඩි හට නො ගනියි. අපි අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල පොල් වැවීමට උනන්දුවක් නො ගනිමු.

විවිධ දැනුම් ගස් ඵල දරන්නේ විවිධ පරිසරවල ය. අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ දැනුම් ගසෙහි ය. අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ චින්තනය මත පදනම් ව අපේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. අපට වෙනත් චින්තන මත පදනම් ව වෙනත් සංස්කෘතීන්ට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කළ නො හැකි ය. අපේ උගතුන්ට බටහිර විද්‍යාවෙහි දැනුම, එනම් මූලික දැනුම නිර්මාණය කළ නොහැක්කේ අපේ උගතුන්ට බටහිර චින්තනය නොමැති බැවිනි. ඔවුන් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නොමැති වා පමණක් නො වේ. ඔවුහු බටහිර යුදෙවු ග්‍රීක සංස්කෘතියෙහි ද නො වෙති.

අපට බටහිර දැනුමට යමක් එකතු කිරීමට අප ඒ චින්තනයෙහි ජීවත්විය යුතු ය. අපේ නිර්මාණශීලීත්වය මතුවන්නේ අපේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. දැනුම් නිර්මාණය සඳහා නිර්මාණශීලීත්වය තිබීම පමණක් ප්‍රමාණවත් නො වේ. අප ඒ සඳහා අපේ චින්තනය පදනම් කරගත යුතු ය. මෙරට සිටින මාක්ස්වාදීන් ඉතා වැඩි දෙනකුට නිර්මාණශීලීත්වය යන්න ම නොතේරෙයි. ඔවුහු අංක එකේ අනුකාරකයෝ වෙති. ඔවුන්ට මාක්ස්ගේ ලෙනින්ගේ ට්‍රොට්ස්කිගේ වචන ඒ ඒ ගුරුකුලය අනුව දේව භාෂිත වෙයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් වඩාත් ම යොදාගන්නා වචනය ගැලැප්පීම ය. මාක්ස්වාදය මෙරටට ගලප්පන්නේ කෙසේ ද යන්න ඇතැමුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. ඇතැමුනට ඒ පිලිබඳවවත් හෝඩුවාවක් නැත. ඒ අයට ගැලැප්පීම යන්න ම මාක්ස්වාදය විකෘත කිරීමකි. ගැලැප්පීම යන්න එතරම් තේරුමක් ගෙන දෙන වචනයක් නො වේ. ගුණදාස අමරසේකර මහතාට අනුව මෙරට ජාතික චින්තනයෙහි දර්ශනය මාක්ස්වාදය ය. ඔහු අබුද්දස්ස යුගයක් කෘතිය පළකළ කාලයෙහි සිට අද දක්වා ම ඒ අදහස දරයි. ඔහුට ද අවශ්‍ය එක්තරා ආකාරයක ගැලැප්පීමකි. ඔහු එයට සහවාසය යන නම යොදාගනියි.
(13/05/08)

නලින් ද සිල්වා

Tuesday, 14 May 2013

ඊනියා කම්කරු පංති නායකයන්ගේ අබිං වූ මාක්ස්වාදය

වෙනිසියුලාවේ චාවේස් පමණක් නොව කියුබාවේ කස්ත්‍රෝ ද මාක්ස්වාදියෙක් නො වේ. ඔවුහු ජාතිකවාදීහු වූහ. එපමණක් නොව ඔවුහු ජනප්‍රිය ජාතිකවාදීහු වූහ. කස්ත්‍රෝ බලයට පත්වු විට ලෝකයේ ට්‍රොට්ස්කිවාදීන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූයේ කියුබාවේ ඇත්තේ කම්කරු පංති රාජ්‍යයක් ද යන්න ය. කස්ත්‍රෝගේ නායකත්වයෙන් සිදු වූයේ කම්කරු පංති විප්ලවයක් ද යන්න පිළිබඳ උණුසුම් විවාදයක් ට්‍රොට්ස්කිවාදීන් අතර විය. ලංකාවේ ද විවිධ ට්‍රොට්ස්කිවාදීන් අතර ඒ පිළිබඳ මතවාදී යුද්ධයක් විය. ඊනියා ජාත්‍යන්තර විප්ලවය ගැන සාකච්ඡා කිරීම හැරෙන්නට ප්‍රායෝගිකව වැදගත් යමක් නොකරන බොහෝ ට්‍රොට්ස්කිවාදී න්‍යායාචාර්යවරුන් යැයි කියාගන්නවුන්ට කියුබාවේ විප්ලවය ඇඟටවත් මනසටවත් නොදැනෙන හොඳ මාතෘකාවක් විය.

කියුබාව තම ජාතික නිදහස දිනාගත්තේ ජාතිකවාදී කස්ත්‍රෝගේ නායකත්වයෙනි. ඊනියා ජාත්‍යන්තරවාදදයකු වූ චේ ගෙවාරා කියුබානුවකු නොවූව ද කියුබන් නිදහස් සටනට සම්බන්ධ විය. එහෙත් ඔහුගේ ජාත්‍යන්තරවාදය එලොවටත් නැති මෙලොවටත් නැති අභූතයක් පමණක් විය. ජාත්‍යන්තර විප්ලවය සාක්‍ෂාත් කරගැනීමට ගිය ඔහු අකාලයේ මිය ගියේ ජාත්‍යන්තරවාදය හිස් වචනයක් පමණක් බව පසක් කරවමිනි. ඇතැම් තරුණයන්ට අභූතය ආකර්ෂණීය වෙයි. එහෙත් අභූතයකට සම්මුතික වූ පැවැත්මක් නැත. චේ ගෙවාරා පසුපස ගිය මෙරට ඊනියා විප්ලවවාදීන්ට ද අත්වූයේ චේ ගෙවාරාට අත් වූ ඉරණම ම ය.

ඊනියා වීරයකු වුව ද පුස්සකු වූ චේ ගෙවාරා ගැන කතාකිරීමෙන් වැඩක් නැත. ඊනියා ලෝක හෙවත් ජාත්‍යන්තර කම්කරු පංති දිනය සමරන අද වැනි දවසක වුව ද ලෝකයේ තබා ලංකාවේවත් කම්කරුවන්ට එකතු වීමට නො හැකි ය. එයට ප්‍රධාන හේතුව මාක්ස්වාදයේ කුමක් සඳහන් වුවත් කම්කරු පංතියක් යනුවෙන් පංතියක් නොමැති වීම ය. කම්කරු පංතියක් ඇත්තේ අද රතු කමිස හැඳගෙන වීදි පුරා පෙළපාලි යන නායකයන්ගේ මනස්වල මිස සම්මුතික ව භෞතිකව නො වේ.

මෙළොව දුක් විඳින අසාධාරණයට ලක් වූ පිරිසක් නැතිවා නො වේ. එහෙත් ඔවුන්ට වර්තමානයේ මාක්ස්වාදයෙන් පිහිටක් නැත. මාක්ස්වාදයට ලෝකය එදාවත් අදවත් ග්‍රහණය කරගත නො හැකි ය. මාක්සාවාදය ආගම ගැන කියනුයේ එය පීඩිත ජනතාවගේ අබිං ලෙස ය. එයින් මාක්ස්වාදයේ කියැවෙන්නේ පීඩිතයන්ට ආගම ආධාරයෙන් විමුක්තියක් ලබාගත නොහැකි බවත් ආගම පීඩිතයන්ට බලාපොරොත්තු ඇතිකරන එහෙත් සුසුමක් පමණක් බවත් ය.

එසේ වුවත් බුදුදහම මිනිසුන්ගේ පමණක් නොව සියළු සත්ත්වයන්ගේ දුක විග්‍රහ කරන්නේ ලෞකික වශයෙන් පමණක් නොව සාංසාරික වශයෙනි. බුදුදහම බුදුන්වහන්සේ තමන්වහන්සේට පමණක් සුවිශේෂ වූ ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත්තකි. බුදුන්වහන්සේ ගැන ශ්‍රද්ධාවක් හා විශ්වාසයක් ඇති බෞද්ධයෝ ඒ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිති. ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත් කරුණු අනුව සසරින් ගැලවෙන ආකාරය බුදුන් වහන්සේ උගන්වා ඇත. ඒ අනුව කටයුතු කිරීමෙන් සත්ත්වයන්ට ද සසරෙන් එතරවිය හැකි ය.

එසේ සසරෙන් එතර වූ රහතන් වහන්සේ ගේ උදාන වැකි ථෙරගාථාවල හා ථෙරිගාථාවල සඳහන් වෙයි. ඒ සුසුමක් හෝ බලාපොරොත්තුවක් හෝ නො වේ. එය තෙරුන් වහන්සේලා තෙරණින් වහන්සේලා අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගත්තකි. මාක්ස්වාදය නම් පීඩිතයන්ට බලාපොරොත්තු ඇතිකරයි. එහෙත් එය විසින් පීඩිතයන්ට අත්කර දී ඇති විමුක්තියක් නැත. මාක්ස්වාදය පීඩිතයන්ගේ කෙසේ වෙතත් ඊනියා කම්කරු පංති නායකයන්ගේ අබිං ය. බටහිර විද්‍යාවට ප්‍රත්‍යක්‍ෂයක් නැත. බටහිර විද්‍යාවේ ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ නොව කතන්දර ය, ඒවාට බටහිරයෝ ප්‍රවාද යැයි කියති. එහෙත් ප්‍රවාද යනු අප අත්දකින ඇතැම් දේ පැහැදිලි කිරීම සඳහා අප ගොතන කතන්දර පමණකි. මේ කතන්දර පට්ටපල් බොරු ය.

බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ වෑන් ෆ්‍රේසන්ගෙන් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ගණිතය හා විද්‍යාවේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයා වූ අර්ජුන සොයිසා මහතා බටහිර විද්‍යාවේ ඇත්තේ කතන්දර යැයි පැවසීම ගැන ඔහුගේ ප්‍රතිචාරය කුමක් දැයි ඇසූ විට ඔහු කියා ඇත්තේ බටහිර විද්‍යාවේ ඇත්තේ කතන්දර නම් ඒ කතන්දර මෙතෙක් ඉතිහාසයේ ගොතා ඇති හොඳම කතන්දර බව ය.

බටහිර විද්‍යාවේ පමණක් නොව වෙනත් දැනුම් පද්ධතිවල ද කතන්දර ඇත. එහෙත් ඒ කතන්දර බොහෝ විට සංයුක්ත කතන්දරව ය. ඇතැම් සංස්කෘතියක වියුක්ත කතන්දර තිබිණි ද ඒ බටහිර විද්‍යාවේ තරම් වියුක්ත නො වේ. සංයුක්ත දැනුම ප්‍රත්‍යක්‍ෂය වෙයි. බුදුන් වහන්සේගේ සුවිශේෂ ප්‍රත්‍යක්‍ෂය හැරෙන්නට අනෙක් අයගේ ප්‍රත්‍යක්‍ෂ ද බොරු වෙයි. දැනුම සංයුක්තයෙන් ඉවතට යත් ම ඒ තව තවත් බොරු වෙයි. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රත්‍යක්‍ෂ සංයුක්තයෙන් ඉතා ඈත් වෙයි. ඒවා බොරු නොව පට්ටපල් බොරු වන්නේ එබැවිනි.

බටහිර විද්‍යාවේ කතන්දර ලෝකයේ මෙතෙක් ගොතා ඇති හොඳ ම කතන්දර නො වේ. බටහිර විද්‍යාවේ තරම් පට්ටපල් බොරු වෙනත් දැනුම් පද්ධතියක නැත. වෑන් ෆ්‍රේසන් මහතා හොඳම කතන්දර යැයි කියන්නේ පට්ටම පට්ටපල් බොරුවලට ය. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා සංයුක්ත ය. අපට වියුක්ත ව සිතීමේ දී ප්‍රශ්න ද ඇත. අප සිතන්නේ සාධාරන ව ගතහොත් සංයුක්තව ය.

එය වර්තමානයේ දී ප්‍රශ්නයක් වෙයි. එයට හේතුව බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අද ලෝකය ම ග්‍රහණයට ගෙන ලෝකය ම මත තම ආධිපත්‍යය පතුරණ දැනුම් පද්ධතිය වීම ය. අපට බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට විකල්ප ව විරුද්ධ ව දැනුම් පද්ධතියක් ගොඩ නැගීමට සිදු වී ඇත. අපට එහි දී අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් වෙයි. එකක් ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම ය. අනෙක අප ද යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත දැනුමක් නිර්මාණය කිරීම ය.

අපට කලකට පසුව ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීම පිළිබඳ යම් අවබෝධයක් ලැබී ඇත. එහෙත් අපේ ජීවන පැවැත්ම අනුව අද අපේ ආධ්‍යාත්මය එතරම් පිරිසදු නැත. අද පන්සිල් රකින්නන් සොයාගැනීම වුව ද ප්‍රශ්නයක් වී ඇත. එවන් සමාජයක ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීම ටික කලකට වුව ද කල්දැමීමට සිදුවෙයි. එතෙක් අපට සුළුවෙන් වුවත් කළහැක්කේ අපේ ප්‍රවාද නිර්මාණය කිරීම ය. විදුසර පුවත්පත මගින් අපේ ප්‍රවාද නමින් ලිපි පෙළක් පළවන්නේ අපේ ප්‍රවාද ගැන සුළුවෙන් වුවත් සිසුන්ට කරුණු පැහැදිලි කිරීමට ය.

අප ඇතැම් විට පවසා ඇති ආකාරයට මිනිසුන් ප්‍රවාද නිර්මාණය කරන්නේ තම මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට සාපේක්‍ෂව යම් චින්තනයක් පදනම් කරගනිමිනි. චින්තනය මත පදනම් වන්නේ දැනුම පමණක් නො වේ. සංස්කෘතිය ද චින්තනය මත පදනම් වෙයි. සංස්කෘතිය ද දැනුමක් බව අමතක නොකළ යුතු ය. මෙයින් කියැවෙන්නේ චින්තනය වෙනස් නොවන ප්‍රපංචයක් බව නො වේ. වෙනස්වන සංස්කෘතිය විසින් චින්තනය ද වෙනස් කෙරෙයි. අපට එය ප්‍රශ්නයක් නො වේ. අපේ චින්තනය චක්‍රීය වෙයි. චක්‍රීය චින්තනයක සියල්ල එක් තැනකින් පටන්ගත යුතු නො වේ. එසේ වන්නේ රේඛීය චින්තනයක ය. බටහිර චින්තනය රේඛීය වෙයි.

රේඛීය වන්නේ බටහිර වත්මන් චින්තනය පමණක් නො වේ. අවුරුදු පන්සියයකට පමණ පෙර බටහිර චින්තනය වූ කතෝලික චින්තනය ද රේඛීය වෙයි. ඒ චින්තන දෙකෙහි ම දෙවියන් වහන්සේගේ නිර්මාණය වෙයි. ලෝක නිර්මාණයක් ඉගැන්වෙන සංස්කෘතීන් (ආගම් ද සංස්කෘතීන් හි නිර්මාණය වන අතර ආගම් විසින් සංස්කෘතීන් වෙනස් කෙරෙයි.) රේඛීය චින්තන මත පදනම් වෙයි.

කෙසේ වෙතත් අපි අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට උත්සාහ ගනිමු. මේ ලිපියෙහි අපි තවදුරටත් මාක්ස්වාදය ගැන අපේ ප්‍රවාද නිර්මාණය කරමු. අප මෙයට පෙර මාක්ස්වාදය ගැන නිර්මාණය කළ ප්‍රවාද යම් ප්‍රමාණයක් මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය නම් කෘතිවල සඳහන් වෙයි. කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාට අනුව මාක්ස්වාදය. ජ්‍යොතිෂය හා මනෝ විශ්ලේෂණය ඊනියා විද්‍යාව නො වේ.

මෙරට සිටින තමා පොපර්වාදියකු යැයි සිතන ඇතැම් බටහිර වෛද්‍යවරයකුට අනුව මනෝ විශ්ලේෂණය හා මාක්ස්වාදය විද්‍යාව ය. එහෙත් ජ්‍යොතිෂය විද්‍යාව නො වේ. මේ බටහිර වෛද්‍යවරයා මෙරට බොහෝ දෙනකුට අනුව අද ලංකාවේ සිටින ඉහළම බුද්ධිමතා නොවේ නම් ඉහළම බුද්ධිමතුන් දෙතුන් දෙනාගෙන් එක් කෙනෙකි. එහෙත් ඔහු කාල් පොපර් කියන්නේ කුමක් දැයි වටහාගෙන ඇති බවක් නො පෙනෙයි. ඔහුට යමක් කී පමණින් මතක තබාගත හැකි නමුත් සිය සැරයක් කීව ද තේරුම් ගැනීමට නොහැකි බව මගේ අත්දැකීම ය. ඔහු අවුරුදු විසිපහක් ගතවීත් කාලාම සූත්‍රය හරිහැටි නො දනියි.

පොපර් කියන්නේ මාක්ස්වාදය ඊනියා විද්‍යාවක් නොවන බව ය. පොපර්ට අනුව බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කළ හැකි බැවින් ය. මාක්ස්වාදී දැනුම අසත්‍යකරණයට ලක්කළ නොහැකි යැයි පොපර් පවසයි. එබැවින් ඔහුට අනුව මාක්ස්වාදය බටහිර විද්‍යාවක් නො වේ. එහෙත් පොපර් නොකියු දෙයක් ඇත. ඒ බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්කිරීම නොව එසේ නොකර බැරි වීම ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වූ විට එය කොහොමටත් අසත්‍යකරණයට ලක්කිරීමට හැකි වෙයි.

අපි මේ පිළිබඳ වැඩිදුර පසුව සාකච්ඡා කරමු. අපේ මූලික ප්‍රශ්නය වූයේ මාක්ස්වාදය කිසිම රටක මුල් බැස නොගත්තේ ඇයි ද යන්න ය. චාවේස් හෝ කස්ත්‍රෝ හෝ මාක්ස්වාදී නො වී ය. අප කලින් සඳහන් කළ පරිදි ඔවුහු ජාතිකවාදීහු වූහ. කියුබාව මෙන් ම වෙනිසියුලාව ද ස්පාඤ්ඤ යටත්විජිතවාදයට හසු වූ රටවල් ය. එහෙත් ඒ රටවල් ස්පාඤ්ඤයෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක් දිනාගත් රටවල් ය. එහෙත් එයින් කියැවෙන්නේ ඒ රටවල සිටි ස්වදේශිකයන්ට දේශපාලන නිදහසක් හෝ සංස්කෘතික නිදහසක් හෝ ලැබුණු බව නො වේ.

දේශපාලන බලය ලැබුණේ ස්පාඤ්ඤ සම්භවයක් ඇති පිරිසට ය. ඔවුන්ට ස්වදේශික මිශ්‍රණ තිබිණ ද වඩාත් බලපෑවේ ස්පාඤ්ඤ සම්භවය ය. සංස්කෘතික වශයෙන් ද තත්ත්වය එසේ ම ය. මේ රටවල් ඇමරිකාවෙන් එනම් ඇමරිකා එක්සත් ජනපදය නමින් හැඳින්වෙන රටෙන් එතරම් ඈත පිහිටියේ නො වේ. එමෙන් ම ඔවුන් හා බටහිර ඉන්දීය කොදෙවු නමින් හැඳින්වෙන රටවල් අතර ද වෙනස්කම් වෙයි. බටහිර ඉන්දිය කොදෙවු ඉංගිරිසින් විසින් ගෙනෙන ලද අප්‍රිකානුවන්ගෙන් ද එඩ් රටවලට සංක්‍රමණය වූ ඉන්දියානුවන්ගෙන් ද (එකල ඉන්දියාව හා පකිස්තානය ඉන්දියාව නමින් හැඳින් වූ එකම රටක් විය.) සමන්විත වෙයි. බටහිර ඉන්දීය කොදෙවුවල ඇත්තේ ඉංගිරිසි සංස්කෘතික ආධිපත්‍යයකි.
(13/05/01)

නලින් ද සිල්වා

Monday, 16 April 2012

ඕස්ට්‍රේලියාවේ නොයෙල් මුදලිගේ

ඊනියා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්‍ෂයෙහි ඇති වැදගත්කමකට නො වේ. මාක්ස්වාදීන්ගෙන් හා පශ්චාත්මාක්ස්වාදීන්ගෙන් යුත් එම පක්‍ෂයට දීර්ඝ කාලීන වශයෙන් කළහැකි කිසිවක් නො වේ. තමන් ඉංගිරිසියෙන් කියවන දේ තමන්වත් හරිහැටි තේරුම් නොගෙන සිංහලෙන් ලිවීම එහි සිටින පඬියන්ගේ සිරිත වෙයි. එහෙත් ඔවුන්ට තමන් ලියන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැත. මේ පක්‍ෂය වැඩිකල් නොගොස් එහි කසිකබල් මාක්ස්වාදී ස්වභාවය නිසා ම තවත් මාක්ස්වාදී ත්‍රිරෝද පක්‍ෂයක් බවට පත්වනු ඇත. යථා කාලයේ දී යමකුට මුළු පක්‍ෂ සාමාජිකත්වය ම පැහැර ගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිරෝද රථයක් ප්‍රමාණවත් වනු ඇත. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයෙහි අඩුම තරමෙන් කොටස් දෙකක් වෙයි. එක් කොටසක් ජ වි පෙරමුණෙන් කැඩී ආ දෙමළ ජාතිවාදී පිරිස් ය. (මාක්ස්වාදීහු සියළු දෙනා ම පාහේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු අද බටහිර ධනවාදී පාලකයන් සමග එකතු වී සිංහලයන්ට පහර දෙති.) අනෙක් කොටස පිටුපසින් සිට උපදෙස් දෙන්නේ යැයි සිතිය හැකි එක්ස් කණ්ඩායමෙන් කැඩුණු පශ්චත් මාක්ස්වාදීන් යැයි කිව හැකි දෙමළ ජාතිවාදීන් කිහිප දෙනෙකි. ඔවුන් අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ ම නායකත්වයේ අයකු ද වන බව දන්නෝ දනිති. සුද්දන්ගෙන් ඉගෙන ගත් ඉතිහාසය හැරෙන්නට වෙනත් ඉතිහාසයක් නොදන්නා මොහු සතිපතා ඒ පක්‍ෂයේ පුවත්පත වූ ජනරළ පඩංගුවට අනුරාධපුරයේ තිබී යැයි කියන රජවරුන්ගේ හා භික්‍ෂූන්වහන්සේලාගේ සුද්දන්ගේ ඉතිහාසයට හසුවන ඊනියා වැඩවසම් සමාජයක් ගැන ලියයි. පක්‍ෂයේ නමේ පෙරටුගාමී කොටස පශ්චාත්තාපවාදීන්ගේ් යෝජනාවක් අනුව එකතු වී ඇති බව පැහැදිලි ය. එක්ස් කණ්ඩායමේ තවත්් කොටසක් පෙරටුගාමී පක්‍ෂය නමින් දැන් හැඳින්වෙයි. ඔවුහු දැනට රනිල්ගේ එ ජා පක්‍ෂය වටා භ්‍රමණය වෙති. තුන්වැනි කොටස සජිත් ප්‍රේමදාස - රෝසි සේනානායක වටා කරකැවෙයි. පශ්චාත්නූතනවාදීන් ලෙස එකල පෙනී සිටි එක්ස් කණ්ඩායමට සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අවලම් තවලමේ සුදු නෙළුම් රැගෙන ගිය අද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම රනිල්ගේ පක්‍ෂයේ කටයුතු කරන මෙරට දේශපාලන අනාථයා මාතොටින් ආධාර කළ බව ද රහසක් නො වේ. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිටුපස ඕස්ට්‍රේලියානුවන් හා ඔවුන් ද පිටුපස එංගලන්තය හා ඇමරිකාව ඇති බැවින් මේ පක්‍ෂය හා කුමාර් මහත්තයා ගැන ලිවීමට සිදු වී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයෙන් බටහිරයන් අපේක්‍ෂා කරන්නේ ඉතා ඉක්මණින් කැරළි ඇති කිරීම ය. ඒ සඳහා පෙරහුරු කටුනායක දී හා හලාවත දී දැනටමත් සිදු කෙරී ඇත. තරුණයන් ප්‍රකෝප කර ආරක්‍ෂක හමුදා සමග ගැටෙන්නට සැලැස්වීමත් ඉන්පසු ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරමින් ජෙනීවා යෝජනාව ද ඔස්සේ ආර්ථික සම්බාධක පණවා යථා කාලයේ දී ඒ සියල්ලෙන් ම බැරි නම් අවසානයේ දී ආක්‍රමණයකින් ආණ්ඩුව පළවා හැර දේශපාලනය ගැන නොදන්නා සරත් ෆොන්සේකා යටතේ බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා තම අවශ්‍යතා ඉටුකර ගැනීම බටහිරයන්ගේ අරමුණ වෙයි. ඒ සියල්ලෙහි ප්‍රධානියා එංගලන්තය ය. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ලේ නැකමට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නෑකමට ඒ සඳහා එංගලන්තයට ආධාර කරයි. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අතකොළුවක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමැති නීති විරෝධී සංවිධානය මගින් ශිෂ්‍යයන් අතර කලබල ඇතිකිරීමට ගෝලයන් කටයුතු කරන අතර ගුරා ජ වි පෙ හා එ ජා ප ආචාර්යවරුන්ගේ සහාය ඇතිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන සංවිධානය කිරීමට උත්සාහ ගනියි. බොහෝ ආචාර්යවරුන් ද නොදනිතත් අද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද මෙහෙයවනු ලබන්නේ එකම මධ්‍යස්ථානයකිනි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයේ සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදයක් දරන්නෝ කොපමණ වෙත් ද? එහි තීරණ ගැනීමේ දී බලපාන අයගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ විරෝධීහු වෙති. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් සිංහල ගොවිකමට (කොම්පෝස් පොහොර යොදා කරන අකාර්යක්‍ෂම බටහිර කාබනික ගොවිකම නො වේ) වෙදකමට වැව් තාක්‍ෂණයට සංගීතයට දර්ශනයට ඉතිහාසයට හා වෙනත් විෂයයන්ට අදාළ පර්යේෂණ කරන්නවුන් කොපමණ වෙත් ද? සිංහල සංගීීතය හා රාගධාරී සංගීතය අතර ප්‍රධාන වෙනස දන්නෝ කී දෙනෙක් වෙත් ද? රාගයක් නැති සිංහල සංගීතයෙහි ස්වර එකසිය ගණනක් ඇති බව කීදෙනෙක් දනිත් ද? සමස්තයක් ලෙස ගත්කල සීමිත දැනුමක් ඇති විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් දැයි ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුර කුමක් ද? ඔවුන් මැකෝලේගේ දරුවන් බිහිකිරීම හැර වෙනත් යමක් කර නැත. මෙරටට අදාළ ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යලයේ කෙරී ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට අද සිංහල බෞද්ධ විරෝධී මැකෝලේගේ දරුවෝ ක්‍රියා කරති. එයට සම්බන්ධවූවන්ගෙන් ඔවුහු පලිගනිති. ඔවුන්ට විශ්වවිිද්‍යාලයේ පුස්තකාල වසා දැමීම ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධ විරෝධී නියම ඩයස්ලාට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතික මතවාදයකට පක්‍ෂ පුස්තකාල සේවකයන්ගෙන් වුව ද පලිගැනීම ය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දඩබ්බර හා පතෝල නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්නවලට පිලිතුරු බලාපොරොත්තුවන අය මුග්ධයෝ වෙති. මේ පලිගැනීම්වලින් සිංහල බෞද්ධ චින්තනයට තිත තැබීමට මැකෝලේගේ දරුවන් සිතන්නේ නම් එය අවසානයේ දී ඉච්ඡා භංගත්වයකට තුඩු දෙනු ඇත.

ආණ්ඩුව කාලයක් තිස්සේ ප්‍රේම්කුමාර් ගුණරත්නම් සෙවූ බව රහසක් නො වේ. ඒ කසිකබල් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවීමේ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර ය. ගුණරත්නම් 1987 –- 90 කාලයේ අපරාධ ගණනකට සම්බන්ධ යැයි පැවසෙයි. ඒ කෙසේ වෙතත් දැන් වාර්තාවන ආකාරයට ඔහු පසුගිය වසරවල කිහිප වතාවක් ම ලංකාවට පෑමිණ ගොස් ඇත. පසුගිය සතියේ ඔහු අතුරුදහන් විය. එය කවුරුන් විසින් කරන ලද්දක් දැයි පැහැදිලි නැත. එය කළේ ජ වි පෙරමුණ ද, ප්‍රචාරයක් ලබාගැනීම සඳහා කෙකරගාමී (පෙරටුගාමී) සමාජවාදී පක්‍ෂය ද, ලංකාණ්ඩුව අමාරුවේ දැමීම සඳහා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් ඊනියා සිවිල් සමාජය ආධාර කරගනිමින් ද වෙනත් කවුරුන්වත් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඕස්ට්‍රේලියාව ක්‍රියාකර ඇත්තේ සැක කටයුතු ආකාරයකට ය. ආණ්ඩුව මේ අවස්ථාවේ පැහැර ගැනීමක්් කරාවියැයි සිතිය නො හැකි ය. කුමාර් ගුණරත්නම් සිඩ්නි නුවර දී තමා පැහැර ගනු ලැබුයේ ආරක්‍ෂක අංශ විසින් යැයි පවසා ඇත. ඔහුට ලිංගික අතවර ද සිදුවිණි යැයි ඔහු කියා ඇත. ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට ඔහු ජීවතුන් අතර නොසිටින්නට තිබිණි යැයි ද ඔහුගේ ප්‍රකාශයෙහි වෙයි. මේ ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යතාව දැන ගැනීමට අදාළ සිද්ධි මාලාව විග්‍රහ කරමු.

පසුගිය සතියේ කුමාර් මහත්තයා අතුරුදහන් වීමෙන් පසු ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වහාම එයට මැදිහත් වූවා ය. ඇය කුමාර් මහත්තයා ගැන ආණ්ඩුවෙන් තොරතුරු ඉල්ලා සිටියා ය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් කෙනකු ඕස්ටේ්‍රලියාවෙන් ලංකාවට පැමිණ නැති බව ය. කලබලයට පත් වූ ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස්වරිය එවිට ඉතා කඩිනමින් කියා සිටියේ ඔහු පැමිණ ඇත්තේ මුදලිගේ නොයෙල් නමින් බවත් ඔහුගේ ගමන්බලපත්‍රය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නිකුත් කෙරී ඇති බවත් එහි අංකය එන් 1016123 බවත් ය. ඔහු සැප්තැම්බරයේ ලංකාවට පැමිණ ඇති බවත් තම විසා බලපත්‍ර කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවත් හෙළිදරවු විය. පැහැදිලිව ම ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය කුමාර් ගුණරත්නම් නම් තැනැත්තා මුදලිගේ නොයෙල් නමින් මෙරට සිටි බව සපේතැම්බරයේ සිට ම දැනගෙන සිටියේ ය. එහෙත් ලංකාණ්ඩුව ඔහු ගැන සොයන විට ඊනියා මිත්‍ර රටකට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලය ඉදිරිපත් නො විණි. අඩු තරමින් කුමාර් ගුණරත්නම් ආපසු ඕස්ට්‍රේලියාවට යැවීමටවත් කටයුතු කර ඇති බවක් නො පෙනෙයි. අද කුමාර් ගුණරත්නම්ගේ “බිරිය” සිඩ්නි නුවර සිට ප්‍රකාශ කරන්නේ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමේ දී නම මාරු කළ බව ය. එහෙත් ටික කලකට උඩ දී ඇය කියා සිටියේ කුමාර් මහත්තයා ඇගේ විවාහක පුරුෂයා නොවන බව ය. ඇයට තමා කියන්න සනාථ කිරීමට බටහිර් ක්‍රමයටවත් පිළිගත හැකි සාක්‍ෂි ඉදිරිපත්කිරීමට නොහැකි බව පැහැදිලි ය. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් සහ මුදලිගේ නොයෙල් එකම තැනැත්තකු බව ඕස්ටේ‍රිලියානු රජයත් මෙරට ඕස්ටේ‍රිලියානු මහා කොමසාර්ස් කාර්යාලයත් දැන සිටි බවත් කුමාර් මහත්තයා ලංකාවේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු රජයේ අනුදුනුම හා අනුග්‍රහය මත බවත් පැහැදිලි ය. කුමාර් මහත්තයා කොහේදෝ සිට අපරාධ පරීක්‍ෂණ අංශයේ කාර්යාලයකට පැමිණ ඇත්තේ ගමන් බල පත්‍රය නැතිව ය. එහෙත් පසුදින උදෑසන ම ඕස්ටේලියානු මහා කොමසාර්ස්වරිය අදාළ ගමන් බලපත්‍රය ලබා දී ඇත. අද එ ජා පක්‍ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු අයුරෙන් මේ සිද්ධියෙන් ලංකාණ්ඩුව අපකිර්තියට පත් වී ඇති බවක් කියති. එහෙත් මෙහි දී් ඕස්ට්‍රේලියාව ක්‍රියා කර ඇත්තේ සටකපට ආකාරයකිනි. කුමාර් ගුණරත්නම් මහතාට නම් කීයක් තිබේ ද ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ලබාගත් ගමන් බලපත්‍ර කීයක් තිබේ ද ආදිය ගැන පසු දිනෙක ඔහුගේ (විවාහක නොවන?) බිරිය හෝ මහා කොමසාර්ස්වරිය හෝ කියන තෙක් අද අපට කළ හැක්කේ උපකල්පන කිරීම පමණකි.

කෙකරගාමී පක්‍ෂවලට දීර්ඝකාලීනව මෙරට කළහැකි දෙයක් නැත. ඒ පක්‍ෂ ඇතුළට වැටෙන තුරු ඉතිහාසයේ කුණු කූඩය ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි. එ ජා පක්‍ෂයට ද ඒ ඉරණම අත් නොවීමට නම් ඔවුන් කුමාර් ගුණරත්නම් ගැන ක්‍රියා කළ අන්දම පිළිබඳ ව ඕස්ට්‍රේලියාව විවේචනය කළ යුතු ය. එහෙත් මැකෝලේගේ දරුවන් සුදු හම ඇත්තන් හා ඇත්තියන් විවේචනය කරන්නේ කෙසේ ද? ජෙනීවා සිද්ධියෙන්, සුදු කොඩියෙන්, සරත් ෆොන්සේකාගෙන්, මතුවට ඇතිවිය හැකි කැරළිවලින්, ආර්ථික සම්බාධකවලින් හා ආක්‍රමණවලින් කුමාර් මහත්තයා වෙන්කළ හැකි නො වේ. අප ඒ සියල්ලට මුහුණ දීමට හිස ගිණි ගත්තවුන් මෙන් සූදානම් විය යුතු ය. ඒ අතර නොයෙල් මුදලිගේලා වැනි ලංකාවෙන් ගොස් සිටින ඕස්ට්‍රේලියානු පුරවැසි මාක්ස්වාදී සමාජවාදීවාදීන්ට කළහැකි දෙයක් වෙයි. ඒ ඕස්ට්‍රේලියාවේ ඇංග්ලො සැක්සන් නොවන සංස්කෘතීන්ට හා ඉංගිරිසි නොවන භාෂාවන්ට හිමි විය යුතු තැන ලබාදීමටත්, එහි කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමටත් උර දී කටයුතු කිරීම ය.


Sunday, 9 October 2011

ජාතික ව්‍යාපාරය හා දිවයින

ඉරිදා දිවයින පුවත්පතට අවුරුදු තිහක් පිරුණු මේ මොහොතේ දිවයින විසින් ජාතික නිදහස සඳහා කරන ලද සේවයත් දිවයින හා ජාතික ව්‍යාපාරය අතර සම්බන්ධයත් ඇගයීම වැදගත් වෙයි. 1981 දී ඉරිදා දිවයින ආරම්භ කළ අවස්ථාවේ සිට අද දක්වා ගත වී ඇති කාලයෙහි දිවයින නොවන්නට මෙරට ඉතිහාසය මෙයට වඩා වෙනස්වන්නට තිබිණි. මෙරට සමස්ත පුවත්පත් ඉතිහාසයෙහි එවැන්නක් කිවහැකි වනුයේ පුවත්පත් අතළොස්සකට පමණකි. 1977 දී බිහි වූ ජේ ආර් ජයවර්ධන මහතාගේ ආණ්ඩුව මගින් මෙරට ඊනියා විවෘත ආර්ථිකයකට යොමු කරන ලදැයි කියැවෙයි. එමගින් රට බටහිර ධනවාදී ආර්ථිකයකට ද වඩා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට විවෘත කෙරිණි. 1506 සිට 1977 දක්වා අවුරුදු හාරසිය හැත්තෑවකට පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි යටත්විජිතවාදීනට කිරීමට නොහැකි වූ බටහිර සංස්කෘතිකකරණයක් ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව අවුරුදු දොළහක පමණ කාලයක දී සිදු කෙළේ ය. 1977 සිට රට බටහිර සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූවා නොව සංස්කෘතික ආක්‍රමණය රට තුළට වුවමනාවෙන් ම ගෙන්වා ගෙනු ලැබිණි. ගෙන්වා ගනු ලැබූ සංස්කෘතික ආක්‍රමණය එලෙස ම ගෙන්වාගනු ලැබූ ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවන්ට වඩා භයානක විය. එය ජේ ආර් ජයවර්ධන මහතා ලවා කරවා ගැනීමට හැකිවූයේ ඔහු ලබා තිබූ සංස්කෘතික පුහුණුව නිසා ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඡන්ද ඇති නිසා ම ජාතික ඇඳුමට ඇදී ගිය ජයවර්ධන මහතාට සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ඒ සංස්කෘතිය ඔස්සේ ම පියවර ගැනීමට තරම් දේශපාලන අවබෝධයක් ද විය. විවෘත ආර්ථිකය යනුවෙන් හඳුන්වනු ලැබුව ද ඔහුගේ ව්‍යාපෘතිය විවෘත සංස්කෘතිය විය. සංස්කෘතික වශයෙන් කෙරෙන වෙනසක් නොමැතිව ආර්ථික වෙනසක් කළ නො හැකි ය. කොළඹ හා නගරවල කිහිප දෙනකුට පමණක් සීමා වී තිබූ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ගම්වලට ගෙන යනු ලැබුවේ විවෘත සංස්කෘතික ව්‍යාපෘතිය මගිනි. අප කුඩා කළ කාගිල්ස් මිලර්ස් යන වෙළෙඳසල් හා මහා හෝටලය (ග්‍රෑන්ඩි ඔරියන්ටල් හෝටලය), ගල්කිස්ස හෝටලය ආදිය යුරෝපීයයනට හා මෙරට පවුල් කිහිපයකට පමණක් වෙන් වී තිබිණි. එහෙත් අද පහළ මධ්‍යම පංතියේ අය ද ගෙදර යන ගමන් කාගිල්ස් යති. හෝටල්වල මගුල් කති. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට, ඊනියා විශේසඥයන් හමුවීමට, දරුවන් බිහිකිරීමට, පෞද්ගලික රෝහල්වලට යති. අවසානයේ ජයරත්න (රේමන්ඩ් වෙනුවට) ශාලාවේ පැය කිහිපයක් නිදාගෙන කනත්තට යති. ඒ අතරතුර ගෙදර ගතකරන ජීවිතයේ වැඩි කාලයක් රූපවාහිනී නැරඹීමට වෙන් කරති. ගැමුණු රජුගෙන් පසු සිංහල සමාජයෙහි වෙනසක් ඇතිකළ ප්‍රධාන පුද්ගලයා ජේ ආර් ජයවර්ධන බව පවසන්නේ ඔහුට කරන ගෞරවයක් ලෙස නම් නො වේ.

ජේ ආර් ජයවර්ධන මහතා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එකල ප්‍රධාන ඒජන්තයා විය. එකල මුදල් ඇමති වූ රොනී ද මැල් මහතා කෙතෙක් වෑයම් කළ ද විවෘත ආර්ථිකය හඳුන්වා දීමට නොහැකි විය. වැඩිම වුවහොත් ඔහුට කළ හැකි වූයේ පට් පට් ගාල සම්තින් සොයන සූරසේනලාගේ පාදඩ ආර්ථිකයක් ඇති කිරීම ය. විවෘත ආර්ථිකයක් ඇතිකිරීමට, එනම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ආර්ථිකයට රට විවෘත කිරීම සඳහා පළමුව සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍ය විය. ජේ ආර් ජයවර්ධන මහතා එය සිදු කළේ ය. ඉංගිරිසින් මෙරට සිටි අවධියේ චාල්ස් ද සොයිසා මහතා වැනි ක්‍රිස්තියානි ධනවත්තු මහජනයා සඳහා රෝහල් ඉදිකර ආණ්ඩුවට භාරදුන්හ. එහෙත් අද සිංහල බෞද්ධ යැයි කියාගන්නා ධනවාදීහු පෞද්ගලික රෝහල් තනා නිදහස් අධ්‍යාපනයෙන් ම බිහි වූ බහුතරයක් සිංහල බෞද්ධ වූ බටහිර වෛද්‍යවරුන් සමග එකතු වී රෝගීන් ගසා කති. මේ ආර්ථික ක්‍රියාවලිය ඇතිකිරීමට සංස්කෘතික වෙනස් කීිරීමක් අවශ්‍ය විය. ජයවර්ධන මහතා ඒ ඉටු කළේ ය. අද වන විට බටහිර යටත්විජිතවාදී ඊනියා විවෘත ආර්ථිකය නව ක්‍රියාදාමයකට පීිවිස ඇත. ඒ ආර්ථික යටත්විජිතවාදය අද රට පුරා පැතිර යනු දැකිය හැකි ය. එය එසේ පැතිර යන්නේ අධික දුෂණවලින් ද ගහණව ය. එය අප රටට පමණක් විශේෂිත වූවක් නො වේ. ඊනියා දියුණු යැයි සම්මත රටවල ද ඒ ඊනියා දියුණුව හඹායන රටවල ද දූෂණය පවතියි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආර්ථිකයට හා ඒ හා සමග බැඳුණු පරිසරය විනාශ කරන ඊනියා සංවර්ධනයට දූෂණයෙන් තොර පැවැත්මක් නැත. අද ක්‍රියාත්මක වන්නේ ඊනියා හෙජමොනික ධනවාදයක් නොව බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආර්ථිකයේ අවසාන අදියර ය. ඒ මාක්ස්වාදී අර්ථයකින් නො වේ. බටහිරයන්ට කිසිදිනෙක පරිසරය සූරැකීමට නොහැකි බව අප කීවේ කාලයකට පෙර ය. පරිසරය ගසාකෑමෙන් තොරව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් කරගත් ආර්ථිකයකට වර්ධනයක් නැත. අද ඔබාමා කියන්නේ ඕසෝන් ස්ථරය තවත් විවෘත නොකර ඇමරිකානුවන්ට රැකියා සැපයිය නොහැකි බව ය. තව තවත් පරිසරය විනාශකරන බටහිර ආර්ථිකයට මෙතෙක් බටහිරයන් අතින් සූරාකෑමට ලක් වූ ස්වභාව ධර්මය දඬුවම් දෙන යුගය එළඹී ඇත.

බටහිර ආර්ථිකය කඩා වැටීම වැඩිවත් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි රෞද්‍ර මුහුණ තව තවත් දර්ශනය වනු ඇත. අද ඊනියා මැද පෙරදිග හෙවත් බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ මුස්ලිම් රටවල ඉතා නග්න ආකාරයකට පෙනෙන්නට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ මේ ජඩ මුහුණ ය. බටහිරයන් මේ රටවල් ආක්‍රමණය කරන්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙනි. එහි දී මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම යන කුණුහරුපය බටහිරයෝ තොර තෝංචියක් නොමැතිව මතුරති. කුණුහරුපයක් මතුරා තමන් අතින් ලෝක ආධිපත්‍යය ගිලිහී යෑම නැවැත්වීම බටහිරයන්ගේ දේශපාලනයෙහි විදේශ ප්‍රතිපත්තිය වෙයි. මේ දේශපාලනය යුක්තියුක්ත කරන මාක්ස්වාදීහු මෙරට වෙති. මේ කසිකබල් මාක්ස්වාදියෝ මෙරට දී දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිති. ඔවුහු බටහිරයන්ට මෙරට ආක්‍රමණය කරන ලෙස ව්‍යංගයෙන් කියා සිටිති. මේ මාක්ස්වාදීන් කෙතරම් බටහිර ගැත්තන් වී ඇත් ද කිවහොත් බටහිරයන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් කියුබාව හා වෙනිසියුලාව ආක්‍රමණය කළහොත් ඔවුන් එය ද ඉවසනු ඇත. එපමණක් නො වේ. ඔවුහු දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට නොව ඒ 2009 මැයි මාසයේ සතියක කාලයක් නොරුකිණිය යන අදහස පෙරදැරි කරගෙන ලංකාව ආක්‍රමණය කිරීමට මාන බලන බටහිරයන්ට උල්පන්දම් දෙති.

සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය යන ක්‍ෂෙත්‍රවල බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ සංරචකවල ජේ ආර් ජයවර්ධන ව්‍යාපෘතිය පටන්ගෙන නොබෝ කලකින් ම දිවයින පුවත්පත ඇරඹිණි. 1981 වන විට නව ජාතික ව්‍යාපාරයක් ඇරඹීමේ ලකුණු පහළ වී තිබිණි. එක් පැත්තකින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වූ ව්‍යාපාරය විය. තවත් පැත්තකින් ජඩ ආර්ථිකය විය. තුන්වැනුව දෙමළ ජාතිවාදී දේශපාලනය හා බටහිර දේශපාලන ව්‍යුහ විය. මේ සංරචක තුන ම බටහිරයන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්නවත් ඒ සංරචක අතර තිබූ සම්බන්ධයවත් එකල නොදැන සිටි නමුත් උපාලි විජයවර්ධන මහතා ඉවකින් මෙන් ජාතිකත්වය වෙනුවෙන් පුවත්පතක් ආරම්භ කළේ ය. එකල සමාජ විශ්ලේෂණය සඳහා තිබුණේ එක්කෝ බටහිර ලිබරල් මතවාද ලෙස හැඳින්විය හැකි ප්‍රවාද සමූහයකි. එසේත් නැත්නම් මාක්ස්වාදී මතිමතාන්තර ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය පරාජය කිරීම සඳහා ජාතික මතවාද, ජාතික සංකල්ප, ජාතික ප්‍රවාද අවශ්‍ය විය. එහෙත් ඒ නිර්මාණය කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයවත් එකල නොවූයේ ප්‍රවාද නිර්මාණය යන්න ද පසු කලෙක ඇති වූ සංකල්පයක් නිසා ය. 1948 දී දිනාගත් සීමිත දේශපාලන නිදහස කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව වැටහුණු බොහෝ දෙනා සිටි නමුත් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් නිදහස ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳ හෝඩුවාවක්වත් එකල නො වී ය. අනුරාධපුර යුගයේ ශ්‍රී විභූතිය ගැන කතාකිරීමත් සිංහල බෞද්ධ ජීවන රටාව ගැන කතාකිරීමත් හැරෙන්නට ජාතික ව්‍යාපාරයකට සංකල්ප, අදහස් ප්‍රවාද ආදිය නො වී ය. වැඩිම වුවහොත් මාක්ස්වාදය හා බුදුදහම එකතුකරන්නේ කෙසේ ද යන්න පමණක් එකල සාකච්ඡා විය. ඊනියා බෞද්ධ සමාජවාදය එකල ඇතැම් උගතුන් අතර ජනප්‍රිය මාතෘකාවක් විය. එහි දී මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇතැම් ඉතා ප්‍රාථමික අදහස් ද බලපෑවේ ය. බුදුදහම හා මාක්ස්වාදී සමාජවාදය චින්තන දෙකක උපත ලබා ඇති බව අදත් බොහෝ දෙනා තේරුම් නොගත් කරුණකි.

දිවයින පුවත්පත ආරම්භයේ සිට ම තම කාර්යභාරය කරගත්තේ ජාතික නිදහස දිනාගැනීම යැයි සිතමි. ඒ සඳහා කිසිවකුට විශේෂිත සැලැස්මක් තිබිණි යැයි මෙයින් අදහස් නො වේ. දිවයින පුවත්පතේ විවිධ පුද්ගලයන් සේවය කළ ද, එය පැදවූ නියමුවා වූයේ එඩ්මන් රණසිංහ මහතා ය. සමාජවාදීන්, ලිබරල්වාදීන් වූ ජනමාධ්‍යවේදීන් හවුල් කරගනිමින් රණසිංහ මහතා ජාතික නිදහස සඳහා වූ පුවත්පතක් ගොඩනැගීම ආරම්භ කළේ ය. දිවයින ඉරිදා සංග්‍රහය මෙන් ම දිවයින බදාදා අතිරේකය ද සංවාද මණ්ඩප බවට පත්විය. 1983 ජූලි කලබලවලින් පසු දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි හඳුනාගැනීමේ වගකීම ද විය. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය ඇරඹුණේ 1983 දී වත් 1981 දී වත් නො වේ. ත්‍රස්තවාදය හැත්තෑවේ දශකයේ අගභාගයේ ඇරඹී තිබුණේ ජ වි පෙරමුණේ ආභාසය ලබමිනි. අපකීර්තිමත් වඩුකොඩේ සම්මේලනය පැවත්වූයේ 1976 දී ය. අද බොහෝ දෙනා තිස් අවුරුදු යුද්ධයක් ගැන පුරුද්දට කතාකරන නමුත් 2009 වන විට දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදයට අවුරුදු තිහකට වඩා ගෙවී තිබිණි. කෙසේ වෙතත් ප්‍රභාකරන් හා ආණ්ඩුව අතර යුද්ධයක් නො වී ය. එසේ හැඳින්වීම ම සංකල්පීය වශයෙන් වැරදි ය.

Sunday, 8 May 2011

අන්තිම සටනට සැරසෙමු

අවුරුදු පන්සියයකට අධික අඳුරු යුගයක අවසාන වසර කිහිපයට අපි ළඟා වී සිටින්නෙමු. මුළු ලෝකයට ම සමස්තයක් ලෙස ගත්කල 1492 දී ද  ලංකාවට 1506 දී ද ඇරඹි මෙම අඳුරු යුගයෙහි අපේ ස්වාධීනත්වය යටගියේ ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මුළු ලෝකයෙහි ම ආධිපත්‍යයට පැමිණියේ ය. එහෙත් අද බටහිරයන්ගේ ආධිපත්‍යය ගිළිහී යන අයුරු බටහිරයන්ට ම දැනෙන තත්වයකට පත් වී ඇත. එබැවින් ඔවුහු අද වියරුවෙන් හැසිරෙති. ඇමරිකාව එංගලන්තයේ ද සහාය ඇතිව ලිබියාවට පහර දෙන්නේ ද බෑන් කි මූන් බටහිරයන්ගේ වුවමනාවට ඊනියා විද්වත් කමිටු වාර්තාවක් හරහා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් ද රණවිරුවන් ද ඊනියා යුද්ධාපරාධි චෝදනා ඔස්සේ දංගෙඩියට දැක්කීමට උත්සහ ගන්නේ ද හැකිනම් ගිලිහෙමින් පවතින බලය රැකගැනීමට ය. එහෙත් ඔවුන්ට කළහැකි දේ අල්ප ය. 1492 සිට බටහිර නායකත්වය දැරූ ස්පාඤ්ඤය, පෘතුගාලය, එංගලන්තය ආදී රටවල් සමග සංසන්දනය කරන විට අද එහි නායකත්වය දරණ ඇමරිකාව නාගරික ධනවත් මැරයකු පමණකි. ඇමරිකාවට රාජ්‍ය තන්ත්‍රික කුසලතා නොමැත. ඔවුන් දන්නේ නග්න ආක්‍රමණය පමණ ය. ඇමරිකාවට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වය ලැබුණේ ඒ සඳහා පුහුණු වීමෙන් හා පරිවාස කාල පරිච්ඡෙදයක් ගෙවීමෙන් නො වේ. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ආර්ථික හා ආයුධ ශක්තියෙන් ඉදිරියට පැමිණ සිටි ඇමරිකාව දේශපාලන වශයෙන් පරිණත බවකට පත් නොවී සිටිය ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වයට පත්විණි. ඒ සමග දේශපාලන වශයෙන් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්නට පටන් ගත්තේ ය. එහි දැනුමි පද්ධතියේ පදනමෙි බොල් බව හෙළි වී දැනට අවුරුදු අසූවකට වඩා කල් ගත වී ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග අන්තිම සටන සඳහා සැරසීමට කාලය පැමිණ ඇත. අපි ඒ සටනින් ජය ලබන්නෙමු.

අන්තිම සටනට සැරසියවි යනු සමසමාජ ගීතයෙහි පද කිහිපයකි. සමසමාජ පක්‍ෂයට අවශ්‍ය වූයේ ලෝක ධනේශ්වරයට එරෙහිව සියළු ජාතින් එක් වී අන්තිම සටනට සැරසීමට ය. ඔවුන්ට අන්තිම සටනින් පසුව ඊනියා කමිකරු පංති රාජ්‍ය පිහිටුවීමෙි සිහිනයක් විය. එහෙත් එය සදාකාලික සිහිනයක් පමණක් බවට පත්වූයේ මාක්ස්වාදයේ හා එහි කියැවෙන පංති සටනේ බංකොළොත් බව හෙළිදරවු කරමිනි. අදට යෙදෙන මැයි දිනයෙහි ද ඇතැමුන් සිහිනයෙන් අවදි නොවී අන්තිම සටනට සැරසීම සඳහා පෙළපාළි යනු ඇත. එහෙත් මෙවර මැයි දිනය ලංකාවේ පැවැත්වෙන්නේ ඊනියා පංති සටනක් පෙරදැරි කරගෙන නොව ජාතිකත්වය මුල් කරගෙන රොබට් බ්ලේක් හිලරි ක්ලින්ටන් ආදීන්ගේ යුද්ධාපරාධ චෝදනාවලට අභියෝග කරමිනි. මින් මතු අප මැයි දිනය පැවැත්විය යුත්තේ බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක් මුල්කරගෙන නොව ජාතිකත්වය පදනම් කරගනිමිනි. බෑන් කි මූන් ට ඊනියා විද්වතුන් ලියා දුන් වාර්තාව පිටුපස ඉන්නේ බ්ලේක් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔහුගේ සගයන් කිහිප දෙනකු බව අපි දනිමු. එය දරුස්මාන් වාර්තාවක් නොව බ්ලේක් වාර්තාවකි. එහූ බ්ලේක් හෙට අනිද්දා ලංකාවට එන්නේ ජනාධිපතිතුමාට ඇති ආදරයකින් නම් නො වේ. ඔහු නොතැකීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් මැනවි. සතුරන් සමග අතට අත දී ආචාර සමාචර පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර නො වෙි යැයි අපි කියමු. බ්ලේක් පමණක් නොව ඔහුගේ කසිකබල් වාර්තාව ද නොසළකා හැරීමටත් එයට ප්‍රතිචාර නොදැක්වීමටත් අප වග බලාගත යුතු ය. අපට තිබෙන එක ප්‍රශ්නයක් නමි වාර්තාව දැමීමට තරම් සුදුසු කුණු කූඩයක් නොමැති වීම ය. ඕනෑම කුණු කූඩයක් වාර්තාවට වඩා වටී. බටහිරයන් පෙන්වන තරම් ඔවුන් ශක්තිමත් නොමැති බැව් අපි දනිමු. බටහිරයන්ගේ අනුග්‍රහයෙන්, ආධාරයෙන් හා ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කොටි සංවිධානයට කෙතරමි ශක්තියක් ඇත් දැයි බටහිරයෝ සහ ඔවුන්ගේ ගැත්තෝ කීවෝ ද? බටහිරයෝ සිංහල බෞද්ධයන්ට එරෙහි ව කොටි පෝෂණය කර රැකීමට  ඕනෑම දෙයක් කිරීමට සිතා සිටියහ. එහෙත් අඩු තරමෙන් නන්දිකඩාල් කලපුවටවත් ආධාර එවීමට ඒ වෙනුවෙන් ම ඒ දිනවල ලංකාවට එවනු ලැබූ මූන්ගේ ගෝලයා වූ නම්බියාර් හරහාවත් බටහිරයන්ට නොහැකි විය. ඔවුන් අද වුවත් හැකි නම් ලිබියාවට මෙන් ලංකාවට පහර දෙනු ඇත. එහෙත් මේ වන විට තුන් ලෝකයෙහි කෙසේ වෙතත් අඩුම තරමෙන් අපේ ලෝකයෙහි ආධ්‍යාත්මික ශක්තියෙහි වෙනසක් සිදු වී ඇත. බටහිරයන්ගේ යුද්ධ ශක්තිය හමුවෙි අප භාවනාවෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කරගත යුතු ය. අපට බටහිරයන් පැරදවිය හැකි ය. මෙහි දී ඉන්දියාව ගැන ද වචනයක් කිව යුතු ය. ඔවුහු බොර දියේ මාළු බාති. වාර්තාව මුවාවෙන් ඔවුන් තැත් කරන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඉක්මවා යන බලතල බෙදීමකට ය. බටහිර අනුග්‍රහයෙන් දෙමළ සංධානය ද වාර්තාවෙි එල්ලී තවත් බලය ලබාගැනීමට වෙහෙසෙයි. ඒ කිසිවකට කිසිසේත් ම ඉඩ දිය යුතු නො වෙි.  

අප බටහිරයන් පරාජය කළ යුතු යැයි කීම මෙරට උගතුන් යැයිි සම්මත ඇතැමුන් අනුමත නොකරන බව අපි දනිමු. ඔවුන්ට අනුව ඒ කළ නො හැකි ය. බටහිරයන්ගෙන් උගත් ඔවුන්ට ගැති මොවුන් ආවේගයන්ට යට නො වී බුද්ධිමත්ව තීරණ ගැනීමට අපට කියනු ඇත. එහෙත් අප ඉහතින් සඳහන් කර ඇත්තේ ආවේගයෙන් පැමිණි නිගමන නො වේ. අප ද නිගමනවලට පැමිණෙන්නේ කල්පනා කිරීමෙන් පසුව ය. වෙනස ඇත්තේ අප කල්පනා කරන ක්‍රමයෙහි හා බටහිර අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත්් ඊනියා උගතුන් කල්පනා කරන ආකාරයෙහි ය. ඊනියා උගත්තු බටහිරයන්ගේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙති. අපි අපේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙන්නෙමු. ඇතැම් උගතුන් මෙන් බටහිරයන්ගේ ප්‍රවාදවලට සරිලන ආකාරයෙන් අපේ සංස්කෘතිය හා දහම විවරණය කිරීමෙි අවශ්‍යතාව ද අපට නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පසුගිය අවුරුදු පන්සියයක අඳුරු කාලයෙහි කරනු ලැබ ඇති අපරාධ විස්තර කිරීමට ජීවිත කාලය ද ප්‍රමාණවත් නො වේ. ඔවුන් කර ඇති ප්‍රධාන ම අපරාධයක් නම් ඊනියා උගතුන් බිහි කිරීම ය. එහෙත් ඒ අපේ පැත්තෙන් බැලූ කල ය. බටහිරයන් ද ඔවුන් අනුකරණය කරන ඊනියා උගතුන් ද කියනු ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මේ ඊනියා උගතුන්ගෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. දහනවවැනි සියවසේ දී මෙරට දෙමළ ජාතිවාදය බිහි කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නමි නැතිකර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කිරීමට බව මේ උගත්තු කිසි දිනෙක තේරුම් ගනිත් ද?

බටහිරයන්ගේ අපරාධවල එක් ප්‍රතිඵලයක් ලෙස රජරට ගොවීහු වකුගඩු රෝගයෙන් පෙළෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් මිය යති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නො මැත. එපමණක් නො වෙි. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් ද කියාවත් ඔවුහු නො දනිති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ තවත් ආයුධයක් පමණක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් එවැනි ලෝකයන්ගේ සංවිධානවලින් ලැබෙන ණය යොදා ගනිමින් මෙරට ජනයා රෝගීන් බවට පත්කිරීමට අමතර ව ණයකාරයන් ද බවට පත්කරවමින් ඇතැමි ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා අය කර ඇති පර්යේෂණවලින් පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ අප දැනගෙන ඇත්තේ කුමක් ද? අවුරුදු විස්සක් මේ උගතුන්ට දැනගැනීමට නොහැකි වූ දෙය අපි කැලණිය විශ්වවිද්‍යාලයේ දී අවුරුද්දකට අඩු කාලයක දී දැන ගත්තෙමු. එපමණක් නොව රෝගයට ප්‍රතිකාර ද අපි දනිමු. අප ඒ දැනගත්තේ අපේ විද්‍යාවෙනි. අපට එහි හැංගීමට කිසිවක් නැත. අපේ කණ්ඩායම අපේ විද්‍යාවෙන් දැනගත් දෙය අපට බටහිරයන්ගේ මහන්තත්ත ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවේ බසට ද පරිවර්තනය කළ හැකි ය. මේ උද්ධචිචයන්ට එය විඳ දරාගැනීමට නො හැකි ය. එබැවින් ඔවුහු අපට අවළාද නගති. ඔවුන්ට කළ හැක්කේ ද එපමණ ය. තකතීරුවන් වූ මොවුහු අහුමුළුවල අපේ විද්‍යාවට ගරහමින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සේවය කරති. මා කලකට පෙර බටහිර විද්‍යාව කටගාගත් මේ උද්ධචිචයන්ගෙන් පංචෙන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන ඉල්ලූ නමුත් ඔවුන් මේ වන තුරු ඒ සපයා නැත. 

රජරට වකුගඩු රෝගයට හේතුව පානීය ජලය යන බටහිර මහප්‍රාණයෙන් හැඳින්වෙන බොන වතුරෙහි (බටහිරයන්ගේ තකතීරුකම කෙසේ ද යත් අද බොන වතුර මෙන් ම වාතය ද වස වී ඇත) ආසනික් වස තිබීම ය. විශේෂයෙන් ම ලිංවල ආසනික් ප්‍රමාණය අධික ය. ලිංවලට මෙන් ම වැව්වලට ද ආසනික් එකතුවන්නේ බටහිරින් ආනයනය කරන කෘ’ෂිරසායනික ද්‍රව්‍ය හේතුවෙනි. ඉනුදු කෘමිනාශකවලින් ඉහළ ආසනික් ප්‍රමාණයක් ලැබේ. ආසනික් එකතුවීම නිසා මිය යන්නේ කෘමීන් පමණක් නො වෙි. මිනිස්සු ද මිය යති. රජරට මෙන් ම දිවයිනේ අනෙක් පළාත්වල ද ජලයට ආසනික් එකතු වී ඇත. රජරට ලිංවල කිවුල හේතුවෙන් ඒ වතුර බොන ජනතාවගේ වකුගඩුවල ආසනේටි තැන්පත් වෙයි. එමගින් පිළිකා විශේෂයක් නිසා වකුගඩු නරක් වෙයි. අනෙක් පළාත්වල ද ආසනික් විෂ ශරීරගත වීමක් වෙයි. ඒ පළාත්වල දියවැඩියාව ආදී රෝග ඒ හේතුවෙන් ද වැළඳෙයි. අද, විශේෂයෙන් ම 1977 -80න් පසුව ජනතාවට විවිධ රෝග වැළඳීමට ඉන්පසු වැඩි වැඩියෙන් භාවිතා වූ කෘෂි රසායනික ද්‍රව්‍ය ද හේතු වී ඇත. මේ වස විස නැතිව අපට හෙළ ගොවිකමෙන් ආහාර සපයා ගත හැකි ය. අපි කැලණියේ දී ඒ අත්හදා බැලුවෙමු. පෘථිවිය ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පත්කළෝ ඉන්ද්‍රිය පිනවීමෙි නොසංසිඳෙන ආශාවෙන් පෙළෙන බටහිරයෝ ය. ඔවුන්ට පරිසරය රැකිය නො හැකි ය. ඔවුන් අපට තව තවත් වස විස දෙනු ඇත. අපේ විනාශය අපේක්‍ෂා කරන්නෝ බ්ලේක් හා පිරිස පමණක් ම නො වෙති. බටහිර උගත්තු ද එහි දී එක්වෙති. අපි මෙි අඳුරු යුගය නිමා කරමු. අප එය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ආධ්‍යාත්මික ශක්තිය යොදා ගනිමිනි. අපේ අන්තිම සටන ලේ සොළවන විප්ලවයක් නො වේ.(2011/05/01)

Saturday, 12 March 2011

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය – 4

ලෝක ඉතිහාසය පංති සටනේ ඉතිහාසය ලෙස දැකීමට තැත්කළ මාක්ස්වාදීනට කිසිම ඉතිහාසයක් ගැන කිසිම අවබෝධයක් නො වී ය. විශේෂයෙන් ම මෙරට මාක්ස්වාදීනට මෙරට ඉතිහාසය පිළිබඳ හෝඩුවාවක්වත් නො වී ය. පනස්හය වන විට පිලිප් ගුණවර්ධන මහතා පුස් කෑ පොත් විසිකර දමා ජාතිකත්වය වැළඳ ගැනීමට පියවර ගෙන සිටි නමුත් ලංකා සමසමාජ පක්‍ෂය වල්මත් වී හසරක් නොදුටුව ම පැවතිණි. පනස්හයේ සිංහල භාෂාව නැවත මෙරට රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳ අදහස මතු වූ විට ලසසප අර්බුදයට ගියේ ය. අළුත්කඩෙි නඩු කතා නොකරන විට වෙිදිකාවෙි කමිකරු පංති විප්ලවය ගැන කතාකළ කොල්වින් ආර් ද සිල්වා තවත් කතා දෙකක් ගැන ප්‍රසිද්ධව සිටියේ ය. එකක් ස්වාධීන අපේක්‍ෂකයන් ඔළු තුනේ බූරුවන් ලෙස හැඳින්වූ කතාව ය. අනෙක භාෂා දෙකයි එක රටයි, භා’ෂා එකයි රටවල් දෙකයි යන එවැනි ම වූ බූරු කතාවට ය. මෙරට අනෙක් ඊනියා බුද්ධිමතුන් මෙන් ම කිසි දිනෙක කිසිම සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ හඳුන්වා දී නැති කොල්වින් ආර් ද සිල්වාගේ මෙි භාෂා කතාව ඔහු වැනි ම වූ බුද්ධිමතුන්ගේ සිත් ගත් අතර අද ද ඔවුහු එය වමාරති. එහෙත් භාෂා දෙකක් නොව තුනක් රාජ්‍ය භාෂා කිරීමෙන් පසුව ද ලසසපයේ දෙමළ ජාතිවාදී හිතවත්තු ෆෙඩරල් හෙවත් රාජ්‍ය දෙකේ යෝජනාව අස්කර නොගත් හ.

ෆෙඩරල් යනු එහි ඉංගිරිසි තේරුම කුමක් වුවත් අන්කිසිවක් නොව ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ඉංගිරිසියෙන් හා සිංහලෙන් හඳුන්වාදීමට යොදාගත් වචනය විය. දෙමළ ජාතිවාදීන් ෆෙඩරල් යන්නෙන් අදහස් කෙළේ වෙනම රාජ්‍යයක් බව ෆෙඩරල් හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නමෙන් ද චෙල්වනායගමි නමි සිංහල බෞද්ධ විරෝධී දෙමළ ක්‍රිස්තියානි ජාතිවාදියාගේ දැන් ටිකක් පසුව හුඟක් යන ප්‍රතිපත්තියෙන් ද ප්‍රභාකරන් නමි දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදියාගේ ඊළාමි ව්‍යාපාරයෙන් ද පැහැදිලි විය යුතු ය. ජාතිකත්වය හා කසිකබල් මාක්ස්වාදය අතර හැමදාමත් දෝලනය වූ ජ වි පෙ අද නැවතත් ෆෙඩරල් දිශාවට ගමන්කර ඇත්තේ තමන්ට ජාතිකත්ව ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් පසු ද සිංහල ඡන්ද දිනාගැනීමට නොහැකි වීම හේතුවෙන් බව පැහැදිලි ය. එහෙත් එපමණකින් ජ වි පෙරමුණට දෙමළ ඡන්ද ලැබෙිවි යැයි නො සිතිය යුතු ය. දෙමළ ජාතිවාදීහු ද ඊනියා බුද්ධිමත්තු ද ජ වි පෙරමුණේ ෆෙඩරල් පිලිගැනීම මහත් ඉහළින් වර්ණනා කරති. ජ වි පෙරමුණ ද සිිංහල ඡන්දදායකයාට අළුත් යමක් දෙන්නේ ය කියන අරුතින්දෝ තමන් කැමතිවන්නේ වෙන්වීමට වැර දරන ෆෙඩරල් ක්‍රමයකට නොව එක්වීමට නැඹුරු වූ ෆෙඩරල් ක්‍රමයකට යන බයිලාව කීමට පටන් ගෙන ඇත. මෙි අළුත් බයිලාවක් නො වෙි. දෙමළ ජාතිවාදී දේශපාලනඥයෝ ද සිංහල විරෝධී කසිකබල් මාක්ස්වාදියෝ ද මෙි බයිලාව මෙයට පෙර කීවෝ ය. එක්වීමට තැත්කරන කී විට එයින් අදහස් වන්නේ වෙන ම පැවති රාජ්‍ය එක්වීමක් මිස වෙනත් දෙයක් නො වෙි. ඇමරිකා එක්සත් ජනපදය හා ඔිස්ටේ‍රිලියාව ඒ සඳහා හොඳම උදාහරණ වෙයි. වෙන ම පැවති රාජ්‍ය හෝ පාලන ප්‍රදේශ හෝ එකතු කර ඒ රාජ්‍ය පිහිටුවා ඇත. ජ වි පෙ එම කසිකබල් මාක්ස්වාදය ඔස්සේ මෙරට වෙන ම රාජ්‍ය පැවතී යයි උපකල්පනය කරන බව පැහැදිලි ය. ඇතැමි විට ඔවුන් මෙරට එක්සේසත් රාජ්‍යය තේරුමි නොගත් ක්වෙිරෝස් වැනි පෘතුගීසි ඉතිහාසඥයන් අනුගමනය කරමින් දහසය වැනි සියවසේ ලංකාවෙි රාජ්‍ය කිහිපයක් තිබී යැයි සිතනවා විය හැකි ය. මෙි පෘතුගීසි ඉතිහාසඥයන් එක්සේසත් රාජ්‍යය යනු කුමක් දැයි නොදැන සිටි බවට හොඳම උදාහරණය ඔවුන් කෝටිටෙි රජු, එනමි ලංකාවෙි (හෙළදිවෙි) රජු අධිරාජයා ලෙස හැඳින්වීම ය. මෙරට කිසි කලෙක අධිරාජයන් නොසිටි නමුත් පෘතුගීසි ඉතිහාසඥයන් තමන් දැන සිටි රාජ්‍ය පාලන ව්‍ය්‍රහ අනුව, එනමි ඔවුන්ගේ දේශපාලන විද්‍යාව අනුව, ලංකාව අධ්‍යයනය කිරීමෙි ප්‍රතිඵලය වූයේ කෝටිටෙිට අධිරාජයකු ලැබීම ය. මෙරට වෙන ම රාජ්‍ය පැවති බව උපකල්පනය කරමින් එක්වීමට ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීමට මැත දොඩන ජවිපෙ යැවිය යුත්තේ ඉතිහාසයේ කුණු කූඩයටත් වඩා කුණු කූඩවල ඉතිහාසයට ය. අවස්ථා කිහිපයක දී ම ජාතිකත්වය වැළඳ ගැනීමට නොහැකි වූ ජවිපෙ යනු කසිකබල් මාක්ස්වාදය විසින් බිහි කෙරුණු තවත් කුණු කූඩයක් පමණකි.

පැරණි මාක්ස්වාදී නායකයන්ට හසු නොවුණු ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය වත්මන් මාක්ස්වාදීනට හසුවූයේ වර්තමානිකයන්ගේ දක්‍ෂකමක් නිසා නො වෙි. වර්තමානිකයෝ ද උපන්ගෙයි අනුකාරකයෝ වෙති. මෙි අනුකාරක කසිකබල් මාක්ස්වාදීනට පැරුන්නන්ට හසු නොවූ පොත්පත් කිහිපයක් ලැබී ඇත. දෙමළ ජාතිවාදය හා එයට අවශ්‍ය මතවාද සමිපුර්ණයෙන් ම බටහිර රටවල ධනේශ්වර උගතුන් විසින් සමිපාදනය කෙරිණි. විශේෂයෙන් ම ලන්ඩන් විශ්වවිද්‍යාලය, සසෙක්ස් විශ්වවිද්‍යාලය, උප්සලා විශ්වවිද්‍යාලය, කෝනල් විශ්වවිද්‍යාලය මෙහි ලා ප්‍රධාන කාර්යයක් ඉටු කළේ ය. කෝනල් විශ්වවිිද්‍යාලය ඊනියා සිංහල අධ්‍යයනය ගැන මහත් උනන්දුවක් දක්වන සිංහලයන්ට බුද්ධාගම අහිමි කිරීම සඳහා එනමි බෞද්ධකමක් නැති සිංහල ඉතිහාසයක් නිර්මාණය කිරීම සඳහා කැසකවන ආයතනයකි. මෙි ව්‍යාපෘතිය දැනට අවුරුදු විස්සකට අධික කාලයක් තිසසේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා දායක වන සිංහල අතළොස්සක් ද දැකිය හැකි ය. ඔවුන් විශ්වවිද්‍යාලවල නැති බව කිවයුත්තේ ඉහත සඳහන් ප්‍රකාශය කියවීමෙන් පසු විශ්වවිද්‍යාලවල උගන්වන හීනමානයෙන් පිරීගිය සතපහකට වැඩක් නැති අනුකාරකයන් අප මෙි කතාකරන්නේ ඔවුන් ගැන යැයි සිතා උද්දාමයකට පත්වී රෝගාතුර විය හැකි බැවිනි ඔවුන් ජීවත්කරවීම නරක දෙයක් නොවන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ බසින් කියන්නේ නමි අපට මෙි අනුකාරකයන් බයිටි එකට ගත හැකි බැවිනි. ඇමරිකාවෙන් පැමිණි ඔිල්කටිතුමා සිංහලකම නැති බෞද්ධයන් පිරිසක්, එනමි ඔිල්කටි බෞද්ධයන් ඇති කළේ ය. අද ඇමරිකාවෙි කෝනල් විශ්වවිද්‍යාලය උත්සාහ කරන්නේ බෞද්ධකම නැති සිංහලයන් ඇතිකිරීමට ය. අපි එවැනි සිංහලයන් කෝනල් සිංහලයන් ලෙස නමිකර ගනිමු.

කෝනල් ව්‍යාපෘතියේ කුඩා කොටසක් නමි විශ්වවිද්‍යාල ඔස්සේ ක්‍රියාත්මක වෙයි. එය සෘජුව ම කොානල් විශ්වවිද්‍යාලයෙන් කෙරෙන්නේ යැයි මෙයින් අදහස් නො කෙරෙයි. මෙි ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ සිංහල බෞද්ධයන් පමණක් නොව දෙමළ බෞද්ධයන් ද ඇති බව පෙන්වීම ය. එහි දී අනුකාරක ව්‍යාපෘති ඔස්සේ ව්‍යාපාර කරන්නෝ දෙමළ යන්නට සමාන අර්ථයකින් දකුණු ඉන්දියානු හා ද්‍රවිඩ ආදී නාම යොදා ගැනීමට වෑයමි කරති. ඈත ඉතිහාසයේ ආන්ද්‍ර ප්‍රදේශය ථෙරවාදී බළකොටුවක් විය. ආන්ද්‍ර ප්‍රදේශයේ ලියැවුණු අටිඨකථා අන්දටිඨකථා නමින් හැඳින් වෙයි. ඒ සිංහළයෙහි ලියැවුණු අටිඨකථා සීහලටිඨකථා නමින් හැඳින්වෙන ආකාරයට ය. බුද්ධඝෝෂ හිමියන් මෙන් ම ධමිමපාල හිමියන් ද මෙරටට වැඩම කළේ ආන්ද්‍ර දේශයෙනි. උන්වහන්සේලා ද්‍රවිඩ වූ පමණින් හා ඇතැමි විට වත්මන් තමිල්නාඩුව ඔස්සේ ලංකාවට වැඩම කළ පමණින් දෙමළ වන්නේ නැත. බෞද්ධ නටබුන් ඇති කංචිපුරමි ප්‍රදේශය අද තමිල්නාඩුවෙි තිබූ පමණින් එය දෙමළ ප්‍රදේශයක් වන්නේ ද නැත. ආන්ද්‍ර දේශයට අයත් ව තිබි කංචිපුරමි මදුරාසි පාලන ප්‍රදේශයට එකතු කරනු ලැබුයේ මුළු ලෝකය ම අවුල් කළ ඉංගිරිසින් විසිනි. ඒ හේතුවෙන් අද කංචිපුරමි තමිල්නාඩුවට අයත් වෙයි. එහෙත් එපමණින් කංචිපුරමි දෙමළ බෞද්ධ ඉතිහාසයක් ඇති ප්‍රදේශයක් බවට පත්විය හැක්කේ කෝනල් සිංහලයන් අතින් ය. මෙි දෙමළ බෞද්ධ ව්‍යාපෘතියට අනුව යාපනයේ ඇත්තේ දෙමළ බෞද්ධ පුරා වස්තු ය. එහෙත් කෝනල් සිංහලයන්ගේ අවාසනාවට ඊනියා දෙමළ බෞද්ධයන්ගේ දෙමළ සෙල්ලිපියක් සොයාගත නො හැකි ය. කෝනල් ව්‍යාපෘතියේ අරමුණ මෙරට බුද්ධාගම (බෞද්ධ සංස්කෘතිය –- සිංහල බෞද්ධ සංස්කෘතිය) ආරක්‍ෂා කෙරුණේ සිංහලයන් විසින් පමණක් ය යන කරුණ යටපත් කිරීම ය. මෙරට පමණක් නොව අවසානයේ දී ලෝකයේ ම ථෙරවාදය රැකුණේ සිංහලයන් නිසා ය. සිංහලයන් නොවන්නට අද ලෝකයේ ව්‍යවහාරික ථෙරවාදයක් නොමැතිවීමට තිබිණි.

මෙි සමිබන්ධයෙන් කිවයුතු තවත් වැදගත් කරුණක් වෙයි. 1798 දී පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මගින් ලංකාව පාලනය කිරීමට පටන්ගත් පසු මෙරට පාලනය වූයේ මදුරාසියෙනි. එහෙත් 1802 දී එංගලන්ත රජය පාලනය අත්පත් කරගත් පසු මෙරට මදුරාසියෙන් වෙන්කර පාලනය කෙරිණි. යමි හෙයකින් එංගලන්ත රජය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමෙි ප්‍රතිපත්තිය දිගට ම අනුගමනය කළේ නමි අප මදුරාසි පාලනයේ කොටසක් බවට පත්වීමට තිබිණි. එසේ නමි මෙරට ඉතිහාසය කිනමි ආකාරයකට අර්ථකථනය වීමට තිබිණි ද? කංචිපුරමි මදුරාසි පාලනයට එකතුකිරීම නිසා අද ඒ ප්‍රදේශය තෙළිඟු බෞද්ධ ප්‍රදේශයක් නොව දෙමළ බෞද්ධ ප්‍රදේශයක් ලෙස හඳුන්වන්නන් ලංකාව මදුරාසි පාලනය යටකිරීමෙි ප්‍රතිඵලයක් ලෙස මුළු මහත් දිවයින ම දෙමළ බෞද්ධ රටක් ලෙස හැඳින්වීමට ඉඩ තිබිණි. ඒ කෙසේ වෙතත් ඔවුන් අතින් යාපන අර්ධද්වීපය, එනමි නාගදීපය, නමි නිසැකව ම දෙමළ බෞද්ධ ප්‍රාන්තයක් ලෙස හැඳින්වීමට ඉඩ තිබිණි. ඉතිහාසය පුරා සිංහලයන් අතින් සිදුවී ඇති ප්‍රධානම කාර්යය නමි යමි ථෙරවාදී ආකාරයක් රැකගැනීම ය. මෙරට ඉතිහාසය හා සංස්කෘතිය අඩුම තරමින් ගැමුණු රජතුමාගෙන් පසුව සිංහල බෞද්ධ වෙයි. අවශ්‍ය නමි සිංහල ථෙරවාද බෞද්ධ වෙයි. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට හා එහි කොටසක් වූ ධනේශ්වරවාදයට ඇති ප්‍රබල ම අභියෝගයක් වනුයේ මෙි සිංහල බෞද්ධ සංස්කෘතිය ය. එය විශේෂයෙන් ම ආධ්‍යාත්මික අභියෝගයක් වෙයි. තම ආධිපත්‍යය වසාගැනීමට ක්‍රිස්තියානි නූතනත්වය සිංහල බෞද්ධයනට නැති ආධිපත්‍යයක් ආරෝපණය කරමින් තව පැත්තකින් සිංහලයන්ට බෞද්ධ උරුමය අහිමි කිරීමට කටයුතු කරයි.


Tuesday, 1 March 2011

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය – 3

බටහිර රටවලට ගොස් හෝ එලෙස ගිය අයගේ අනුගාමිකයන් බවට පත්වීමෙන් හෝ මාක්ස්වාදීන් බවට පත්වූවන්ගේ මුල් පිරිසට සිංහල බෞද්ධ ආධිපත්‍යය ගැන හැඟීමක් නො වී ය. එයට හේතුව ඔවුන්ට එවැනි සංකල්පයක් නො වීම ය. සංකල්පනය හා සංජානනය එකිනෙක සමග බැඳී ඇත. මාක්ස්වාදීන් ලෙස ඔවුන්ට ජාතිය යන සංකල්පය ද නො වී ය. ඔවුන්ට ද තිබුණේ ධනවාදී බුද්ධිමතුන්ගෙන් ලබාගත් ඊනියා ජාතික රාජ්‍යය පිළිබඳ සංකල්පය ඇසුරෙන් ලබාගත් අවුල් අදහස් කිහිපයක් පමණකි. ස්වයංනීර්ණ අයිතිය වැනි අදහස් බංකොලොත් මාක්ස්වාදය විසින් ධනවාදීන්ගෙන් ලබාගත් අදහස් පමණක් විය. එහෙත් ඒ අදහස් වුව ද ලංකාවෙි මුල් මාක්ස්වාදීන් විසින් යොදාගනු නො ලැබිණි. අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම හා සමාජවාදය ඇතිකිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය. එහෙත් ඒ පිළිබඳ ව ඔවුන් එකිනෙකා අතර තිබුණේ එකම අදහසක් නො වෙි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බටහිර පන්නයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු වූහ. තවත් කිහිප දෙනෙක් පොතේගුරු විප්ලවවාදීහු වූහ. කෙසේ වුවත් ඔවුහු ඊනියා කමිකරු පංති ආඥාදායකත්වයෙන් රජයක් පිහිටුවීමෙි අදහස වෙිදිකාවලින් ප්‍රකාශ කළහ.

මාක්ස්වාදීන් මැලේරියා මර්දන ව්‍යාපාරයට සහභාගි නොවන්නට හා මුල් නායකයන් ප්‍රභූන්ගෙන් පුතුන් නොවන්නට ඔවුන් මෙරට දේශපාලනයෙහි එතරමි කලක් රැඳී නොසිටින්නට ඉඩ තිබිණි. කැලණි ගඟ දෙපැත්තේ හතර කෝරළයේ හා හේවාගමි කෝරළයේ ඇන් ඇමි පෙරේරා හා පිලිප් ගුණවර්ධන යන මහතුන් දෙදෙනා ජනප්‍රිය වූයේ ඔවුන් කමිකරු පංතියේ නායකත්වයෙන් විප්ලවයක් කිරීමට තැත්කළ නිසා නො වෙි. ඇන් ඇමි පෙරේරා මහතා හතර කෝරළයේ පරිප්පු බෙදූ පරිප්පු මහත්තයා වූ අතර පිලිප් ගුණවර්ධන මහතා බොරලුගොඩ රාළහාමිගේ අධිරාජ්‍ය විරෝධී පුතා විය. ඇන් ඇමි පෙරේරා මහතා එංගලන්තයට නොයන්නට සමාජවාදියකු නොවීමට ඉඩ තිබිණි. එකල එංගලන්තයේ ඉගෙන ගත් බොහෝ තරුණයන්ට මෙන් ම ඒ මහතාට ද අධිරාජ්‍යවාදය ඇඟට දැනෙන්නට එංගලන්තයට යෑමට සිදුවිය. එසේ එංගලන්තයේ දී ඇඟට දැනුුණු එහෙත් ලංකාවෙි දී ඒ එතරමි නොදැනුණු මෙි තරුණයන්ට ඉන් ගොඩ ඒම සඳහා තිබූ “මාවත” වැටී තිබුණේ එංගලන්තයේ දී දැනගන්නට ලැබුණු මාක්ස්වාදය ඔස්සේ ය. පිලිප් ගුණවර්ධන මහතා එසේ නො වී ය. ඒ මහතා උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යෑමට පෙර ම අධිරාජ්‍ය විරෝධියෙක් විය. ඔහුට බොරලුගොඩ රාළහාමිගෙන් උරුම වූ ජාතිකත්වයක් විය. ඒ ජාතිකත්වය විසින් ජාතිකත්වයක් නැති මාක්ස්වාදයේ පතපොත පුස් කෑ පොත් ලෙස හඳුන්වනු ලැබීම මෙරට මාක්ස්වාදයේ වැටීම සනිටුහන් කෙළේ ය. පිලිප් ගුණවර්ධන මහතා මෙරටට මාක්ස්වාදය හඳුන්වා දුන්නා පමණක් නො වෙි. මාක්ස්වාදයේ මළගම ද සනිටුහන් කළේ ය. පිලිප් ගුණවර්ධන මහතාට මාක්ස්වාදයේ ඉරණම ගැන අවබෝධයක් ඇති වූයේ ඒ මහතා මෙරට බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකි ඊනියා කමිකරු පංතියෙන් බැහැරව ජාතිකත්වයට යොමුවීමත් සමග ය.

මැලේරියා මර්දන ව්‍යාපාරයට සභභාගි නොවන්නට බොහෝ මාක්ස්වාදීන් ගැන මෙරට ජනතාව දැනගැනීමට ඉඩක් නො තිබිණි. ඔවුහු තමන් කියවූ මාක්ස්වාදය අනුව වරායේ බස් සමාගමිවල හා විදේශිකයන් සතුව තිබූ සමාගමිවල ඊනියා කමිකරු පංතිය දුටුවෝ ය. ඔවුන් කමිකරු පංතිය ලෙස දුටුවෙි ගමෙන් කොළඹට පැමිණ කමිකරුවන් වූ ගැමියන් පිරිසකි. ඒ කමිකරුවන් වූ ගැමියන් අතර ඊනියා කමිකරු පංති හැඟීමක් නො වී ය. ඔවුන්ගේ පංති හැඟීම වෘත්තීය සමිතියට සීමා විය. වැඩ ඇරී ගමට ගිය වහා ම මෙි කමිකරුවෝ සිංහල ගැමියෝ වූහ. ඔවුන්ගේ සිංහලකම තේරුමි ගැනීමට මාක්ස්වාදයේ පොතක් නො වී ය. විශේෂයෙන් ම ට්‍රොටිස්කිවාදයේ කිසිම ලියවිල්ලක් නො වී ය. එහි තිබුණේ ජාතිකත්වය යනු ව්‍යාජ විඤ්ඤාණයක් බව කියන බහුබූත ප්‍රකාශ කිහිපයක් පමණකි. ලෙනින් ස්ටැලින්වාදයත් එහි ප්‍රභේදයක් වූ මාඔිවාදයත් යමි ජාතිකත්වයක් සොයා ගිය මුත් මාක්ස් ට්‍රොටිස්කිවාදයට ජාතිකත්වය නයාට අඳුකොළ මෙන් විය. ලංකාවෙි ඇතැමි ට්‍රොටිස්කිවාදීන් හා ඉන් ආභාසය ලැබුවන් මෙරට සංස්කෘතියෙන් කෙතරමි ඉවත්ව ගියේ ද කිවහොත් ඔවුහු වතුකරයේ ඉන්දීය සමිභවයක් ඇති කමිකරුවන් ලංකාවෙි කමිකරු පංති විප්ලවයේ අපි කේන්ද්‍රය ලෙස දුටුවෝ ය. අපි කේන්ද්‍රය යන්න සිංහලයේ භාවිතාවන වචන නො වෙි. ඒ ඉංගිරිසියෙන් සිතූ මාක්ස් ට්‍රොටිස්කිවාදියාගේ එපි සෙන්ටර් යන යෙදුමෙි සිංහල නොවන සිංහල පරිවර්තනය වෙයි. තොන්ඩමාන් ඊනියා අපි කේන්ද්‍රය සංවිධානය කළ පසු එහි කමිකරු පංති විප්ලවයට තබා ඊනියා වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාරයටවත් ඉඩක් නො ලැබිණි. දෙමළ කතාකරන ඊනියා අපි කේන්ද්‍රය ඔස්සේ මෙරට සිංහල බෞද්ධ බහුතරය විප්ලවයට කැඳවීමට සිහින බැලූ මාක්ස්වාදීන්ට අද අනෙක් පළාත්වල මෙන් ම අපි කේන්ද්‍රයේත් ඇපත් නැත.

මාක්ස්වාදය යනු බොහෝ කරුණු අතින් ෆැසිස්ටිවාදයේ නිවුන් සොහොයුරා බව කීම බොහෝ මාක්ස්වාදීන්ට රුස්සන්නක් විය නො හැකි ය. ෆැසිස්ටිවාදයේ මිලේචිඡභාවයත් මාක්ස්වාදයේ මානුෂිකත්වයත් ගැන ඔවුන් පුස් කෑ පොත්වලින් කරුණු ඉදිරිපත් කරමින් කියනු ඇත. එහෙත් මාක්ස්වාදයේ කියැවෙන විප්ලවයේ නාමයෙන් මරණ ලද සාර් රජ පවුලේ කුඩා දරුවාගේ සිට චීනයේ නැගෙනහිර යුරෝපයේ මිනිස් ඝාතන ගැන ඔවුන් නිහඬ වනු ඇත. එසේත් නැත්නමි ට්‍රොටිස්කිවාදීන් කියනු ඇත්තේ ඒ ස්ටැලින්වාදීන්ගේ හා මාඔිවාදීන්ගේ ක්‍රියා මිස ඔවුන්ගේ ක්‍රියා නොවන බව ය. එහෙත් මෙි ට්‍රොටිස්කිවාදීන් සිරභාරයේ සිටි සාර් රජපවුල මරාදැමීම යුක්තියුක්ත කරන ට්‍රොටිස්කිගේ ලියකියවිලි කියවා නොමැති විය හැකි ය. අද ඊනියා සිංහල හමුදාවට එරෙහිව යුද්ධාපරාධ චෝදනා ගෙන ඒමට සූදානමි ට්‍රොටිස්කිවාදීන්ට ඒ ලිපි කියවීමෙන් මානසික අසහනයක් වෙි යැයි සිතන්නේ නමි ඒවා තවදුරටත් නොකියවා සිටිය හැකි ය. එසේත් නැත්නමි ග්‍රැමිස්කිගේ හෙජමනිය ගැන නැවත කියවීමෙන් ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයට උඩින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද පිළිබඳ ඊනියා වෙනත් කියවීමක් ලබාගැනීමට උත්සාහයක් දැරිය හැකි ය. ෆැසිස්ටිවාදය මාක්ස්වාදයේ නිවුන් සොහොයුරා බව පෙනී යන්නේ මතුපිට ලක්‍ෂණවලට වඩා ගැඹුරින් ඒවා ගැන හැදෑරීමෙනි. මෙි වාද දෙකම ජර්මනියෙහි ඇති වීම පුදුමයට කරුණක් නො වෙි. බටහිර යුදෙවි ක්‍රිස්තියානි චින්තනය විසින් පරාජය කෙරුණ ද කතෝලික චින්තනය ජර්මනියේ විසිවැනි සියවසේ දීත් යමි පමණකින් තිබිණි. අයින්ස්ටයින් විද්වතා මිලිටරි සංස්කෘතියක් ලෙස දුටුවෙි මෙි කතෝලික චින්තනය හා බැඳුණු සංස්කෘතිය ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ කොටස්වලටවත් අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ බටහිර යුරෝපීය රට ජර්මනිය විය. කතෝලික චින්තනය මත පදනමි වූ ජර්මනියෙන් බිහි වූ මාක්ස්වාදයත් ෆැසිස්ටිවාදයත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යමි යමි අංගවලට පමණක් අභියෝග කළේ ය. ධනවාදය යනු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ එක් අංගයක් පමණකි. බටහිර ග්‍රී්‍රක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයෙහි පරිසමාප්ත නිර්මාණය වූ ඇල්බටි අයින්ස්ටයින් විද්වතා ජර්මනිය දුුටුවෙි දැඩි මිලිටරි සංස්කෘතියකට යට වූ රටක් ලෙස ය. ඔහු තරමි බටහිර යුදෙවි ක්‍රිස්තියානි සංස්කෘතිය නියෝජනය කළ වෙනත් අයකු ගැන සිතීමට නො හැකි ය. ඔහුට ජර්මනිය හා එහි සංස්කෘතිය ගැන පමණක් නොව බටහිර ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයට විරුද්ධව යන ක්වොන්ටමි භෞතික විද්‍යාව ගැනත් ප්‍රසාදයක් නො වී ය. ඔහු ද එම චින්තනයෙහි පොල්මඃකාර උරුමක්කාර වෙනත් බටහිර භෞතික විද්‍යාඥයෝ ද ක්වොන්ටමි භෞතික විද්‍යාව අසමිපුර්ණ දැනුමි පද්ධතියක් ලෙස සලකති. ඒ බව මෙරට විද්‍යාඥයන් නොදන්නේ නමි එයට හේතුව ඔවුන් විද්‍යාඥයන් නො වීම ය. නියැදි එකතු කිරීම, ඊනියා විධි ක්‍රමයක් අනුගමනය කිරීම හා තාක්‍ෂණික ශිල්පීන් කරන කටයුතු කිරීම හැරෙන්නට ඉඳහිට සංඛ්‍යානාත්මක විශ්ලේෂණයක යෙදෙන මොවුන් වි්‍යාඥයන් ලෙස පෙනී සිටින්නේ ඔවුන්ට වඩා හොඳ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නියෝජිතයන් මෙරට නොමැති බැවිනි. ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනය යනු කුමක් දැයි ඔවුහු නො දනිති. එයට හේතුව චින්තනය යනුවෙන් සංකල්පයක් තබා සුසමාදර්ශය යනුවෙන්වත් සංකල්පයක් තිබෙි දැයි ඔවුන් නො දැනීම ය. සුසමාදර්ශය ගැන බොහෝ දෑ කියැවෙන තොමස් කූන්ගේ ස්ට්‍රක්චර් ඔෆ් සයන්ටිෆික් රෙවල්‍යුෂන් නමි පොත කියවූ මෙරට විද්‍යාඥයන්ගේ ප්‍රතිශතය එකට අඩු විය යුතු ය.

ලංකාව යනු බටහිර යුදෙවි ක්‍රිස්තියානි නූතනත්වයට මුළුමනින් ම මෙල්ල කළ නොහැකි වූ තවත් රටක් බව මා සඳහන් කරන්නේ මහත් අභිමානයෙනි. එයට ප්‍රධාන වශයෙන් ම පාදක වී ඇත්තේ ගැමුණු කුමරු මෙරට ප්‍රතිස්ථාපනය කළ සංස්කෘතිය හා චින්තනය ය. අපි අද එය සිංහල බෞද්ධ සංස්කෘතිය හා සිංහල බෞද්ධ චින්තනය ලෙස හඳුන්වමු. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විවිධ පඬියන්ගේ ඇස්වල ඇනෙන කටුවක් බවට පත් වී ඇත්තේ මෙි සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතිය ය. ඔවුන් එය සිංහල බෞද්ධ ආධිපත්‍යය ලෙස හඳුන්වන්නේ ඔවුන්ගේ ආධිපත්‍යයට ඉන් ඇතිවෙන අභියෝගය මැඩීම සඳහා පසුබිම සකස්කර ගැනීමට ය. අපි අද ඒ සංස්කෘතිය හා චින්තනය නැවතත් වඩා ස්ථාවර ව තහවුරු කිරීමට කටයුතු කරන්නෙමු. ඒ සඳහා නැවතත් ගැමුණු කුමරුගේ ආධ්‍යාත්මික ශක්තිය අපි බලාපොරොත්තු වෙමු. අද බටහිර රටවල් මුස්ලිමි ලෝකයෙහි ඊනියා ජනතා විරෝධතා ඇතිකරමින් විවිධ බලපෑමි කරනු දැකිය හැකි ය. බටහිරයන් රාජ්‍ය නොවන සංවිධාන හා රනිල් මොන සිහින මැවිවත් ලංකාවෙි ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයකට එරෙහිව එවැනි ජනතා බලපෑමි ඇතිකළ නො හැකි ය.


Sunday, 23 January 2011

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය 2

"පසුව අයින්ස්ටයින් නිවිටෝනීය ගුරුත්වාකර්ෂණය මුළුමනින්ම ඉවත දමා වෙනත් ම කතන්දරයක් ගොතා බුධ වස්තුවෙහිද අනෙක් ග්‍රහ වස්තුවල ද චලිතය විස්තර කර දුන්නේ ය. එතෙක් බටහිර භෞතික විද්‍යඥයන් නිවිටෝනීය ප්‍රවාදය අතනින් මෙතනින් සංශෝධනය කළා මිස ගුරුත්වාකර්ෂණය හැරෙන්නට වෙනත් ප්‍රපංචයක් අධිනිර්ණය වී ඇතැයි කීමට ඉදිරිපත් නො වූහ. බටහිර විද්‍යාවෙි ඉහළින් ම සිටින භෞතික විද්‍යාඥයන් ක්‍රියා කරන්නේ එලෙසිනි.


එහෙත් තමන් බටහිර විද්‍යාඥයන් යැයි කියා ගන්නා මාක්ස්වාදීන් තම පංති ප්‍රවාදයෙන් ඉතිහාසයේ විකාශය තේරුමි කරදීමට අසමත්වූවිට ක්‍රියා කරන්නේ වෙනත් ම ආකාරයකට ය. ජාතිය යන සංකල්පය පිළිගැනීමට අකමැති වූ ද ජාතිය යන්න ඊනියා ව්‍යාජ මනසේ නිර්මාණයක් පමණක් යැයි ද කියමින් බටහිර මාක්ස්වාදියෝ ජාතිය අධිනිර්ණය වී ඇත යන විකාරය ගෙතූහ. ඔවුන්ට බංකොළොත් පංති සංකල්පය ඉවත දැමීමට තරමි ධෛර්යයක් නැත. ඒ අතරම ජාතියක් යනුවෙන් ප්‍රපංචයක් ඇතැයි කීමට තරමි අවංකකමක් ද නැත."

Sunday, 16 January 2011

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය

"පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු මුල් මාක්ස්වාදීන්ට අරමුණු දෙකක් විය. එකක් බිරිතානි අධිරාජ්‍යවාදයෙන් (අප කියන අයරු ින් බටහරි ක්‍රිස්තියානි නූතනත්වයෙන් නො වෙි) නිදහස ලබාගැනීම ය. අනෙක මෙරට අසරණ දුගී දුප්පත් ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීම ය. ඒ සඳහා ධනවාදය නැතිකර සමාජවාදය ස්ථාපිත කරි ීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ඔවුහු ඒ සඳහා ක්‍රියාකිරීමට මෙයින් අවුරුදු හැත්තෑපහකට පෙර ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් ඒ සඳහා බොහෝ දේ කැපකළහ. මෙහි දී විශේෂයෙන් ම පිලිප් ගුණවර්ධන මහතා කැපී පෙනෙයි. ඔහු සමසමාජ ව්‍යාපාරයේ න්‍යායික නායකත්වය ද ඉසුළු බව රෙජී සිරිවර්ධන පවසා ඇත. අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික අපේක්‍ෂා, ධනය, නිදහස, ශ්‍රමය ආදිය කැපකිරීම බෝධිසත්ව චර්යාවකි. පැරණි සමසමාජ නායකයන් අතර බෝධිසත්වයන් සිටියේ යැයි මම නො කියමි. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකුට බෝධිසත්ව ලක්‍ෂණ විය."