Main Logo

Showing posts with label ඉංගිරිසි. Show all posts
Showing posts with label ඉංගිරිසි. Show all posts

Thursday, 13 December 2012

හේමන්ත බවට පෙරළෙන වසන්ත

හුණුවටයේ කතාවේ කියැවෙන්නේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසි සොල්දාදුවන් සෝවියට් දේශයේ ගම්මානයකින්් ආපසු යෑමෙන් පසුව ගොවිපළේ කටයුතු පාලනය විය යුත්තේ පළතුරු වවවන්නන්ට අවශ්‍ය අන්දමට ද එසේත් නැත්නම් සතුන් ඇතිකරන්නන්ට අවශ්‍ය අන්දමට ද යන්න තීරණය කරන ආකාරය ය. එය බ්‍රෙෂ්ට් තම නාට්‍ය රීතිය අනුව දරුවකු අයිති කාහට ද යන්න පිළිබඳ නාට්‍ය ඇතුළත නාට්‍යයක් ලෙස ඉදිරිපත් කරයි. දරුවාගේ ප්‍රශ්නය අවසානයේ දී කලක් පල්හොරකු වූ අසඩැක් විසින් තීරණය කෙරෙයි. විනිසුරු අසුන්වල සිටින්නන් තමා වැනි අය යැයි කියන අසඩැක් දැන් තමා වැන්නන් විනිශ්චාසනයට පත් විය යුතු බව පවසා දරුවා පිළිබඳ ව ද තවත් කරුණු පිළිබඳ ව ද විනිශ්වය දෙයි. කලක් තිස්සේ මෙරට විසඳීමට ඇති ප්‍රශ්නය ද ඉංගිරිසින් ෙසෙද්ධාන්තිකව මෙරට අත්හැර යෑමෙන් පසුව මේ රටේ කටයුතු සිදුවිය යුත්තේ කාහට අවශ්‍ය අන්දමට ද යන්න ය. නාසීන් සෝවියට් දේශය අත්හැර ගිය ආකාරයට ඉංගිරිසින් ඇතුළු බටහිරයන් මෙරට අත්හැර ගොස් නැත. එබැවින් අපේ ප්‍රශ්නය බ්‍රෙෂ්ට් තම නාට්‍යයෙන් කියන ප්‍රශ්නයට ද වඩා සංකීර්ණය. මෙරට කටයුතු සිදුවිය යුත්තේ බටහිරයන්ගේ නියෝජිතයන් වූ පිරිසකට අවශ්‍ය ආකාරයට ද එසේත් නැත්නම් මෙරට සාමාන්‍ය සිංහල බෞද්ධයන්ට අවශ්‍ය වූ ආකාරයට ද? මෙය 1815 දී (තව අවුරුදු තුනකින් මේ සංසිද්ධියට අවුරුදු දෙසීයක් පිරෙයි) ලංකාව ම ඉංගිරිසින් උප්පරවැට්ටියෙන් අත්කර ගැනීමෙන් පසු ඉංගිරිසින්ට විරුද්ධව භික්‍ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් කැප්පෙටිපොළ නිළමේ, වීර පුරන් අප්පු, ගොංගාලෙගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා ආදීන් ගෙන ගිය සටන්වලදී ද පැන නැගුණු ප්‍රශ්නයේ වෙනත් ස්වරූපයක් වෙයි. එදා ප්‍රශ්නය වූයේ මේ රටේ කටයුතු සිදුවිය යුත්තේ ඉංගිරිසින්ට අවශ්‍ය ආකාරයට ද නැත්නම් සිංහල බෞද්ධයනට අවශ්‍ය ආකාරයට ද යන්න ය. එදා අවශ්‍ය වූයේ ඉංගිරිසින් එළවා දමා සිංහල බෞද්ධයනට අවශ්‍ය අන්දමට රට පාලනය කිරීම ය. අප මතක තබාගත යුත්තක් නම් ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළේ සාමාන්‍ය සිංහලයන් හා කැප්පෙටිපොළ නිළමේ වැනි ඔවුන්ගේ සාම්ප්‍රදායික නායකයන් හා වීර පුරන් අප්පූ ආදීන් හා පසුව ධර්මපාලතුමා වැන්නන් ය. ඕල්කට් බෞද්ධයන් ඇතුළු ඊනියා ලාංකිකයෝ ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබුවාහු ඉංගිරිසින් සමග සම්මුතියෙන් තමන් ඉංගිරිසින්ට ද වඩා හොඳ ඉංගිරිසින් බව පෙන්වමින් පෙත්සම් මගින් ඉතා සීමිත නිදහසක් ලබාගැනීමට උත්සාහ කළහ.

ඉංගිරිසින් නාමිකව රට අත්හැර යෑමෙන් පසුව බලයට පත්වූයේ මේ ලාංකිකයන් ය. ඔවුහු ඉංගිරිසින් විසින් ඇතිකරන ලද ප්‍රභූ පාසල්වල ඉගෙන නීතිඥ, වෛද්‍ය ආදීි වෘත්තීන්හි හෝ ඉංගිරිසින් විසින් ස්ථාපිත කරන ලද ආර්ථිකයේ වතු පතල් වැනි ව්‍යාපාරවල යෙදුණහ. ඔවුහු සිංහල, දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ඉංගිරිසින් අනුකරණය කළහ. ඔවුහු ඉංගිරිසි සිරිත් විරිත් අකුරට ම අනුගමනය කරන ලද අතර ඉතා හොඳින් ඉංගිරිසි කතාකිරීමට දැන සිටියහ. එහෙත් ඉංගිරිසින් රටේ නායකයන් බවට පත් කළේ දෙමළ වෙල්ලාලයන් ය. සර්වජන ඡන්දය ලැබීමෙන් පසුව පමණක් ඉංගිරිසින් විසින් පත්කරනු ලෑබූ සිංහල නායකයෝ රටේ නායකයෝ වූහ. නීතිඥ හා වෛද්‍ය වෘත්තිකයෝ ද පසුව ඉංජිනේරුවෝ ද සිවිල් සේවකයෝ ද විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ද රටේ වැදගත් පුද්ගලයන්, බමුණු කුලයක් බවට පත්කෙරුණ හ. ඒ සමග සිංහල වෙදමහතා සමාජ තත්වයෙන් පිරිහිණි. භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් පාංශුකූලයට පිරිතට දානයට ආදියට පමණක් සීමාවුහ. රටේ කටයුතු කෙරුණේ ප්‍රභූන්ට, අවශ්‍ය නම් කළු සුද්දන්ට, වුවමනා ආකාරයට මිස සාමාන්‍ය සිංහල බෞද්ධයන්ට අවශ්‍ය ආකාරයට අනුව නො වේ. කළු සුද්දන් රටේ කටයුතු මෙහෙයවූයේ සුදු සුද්දන්ට අවශ්‍ය ආකාරයට බව අමුතුවෙන් කිවයුතු නො වේ. දහනවවැනි සියවසේ අග ඇති කෙරුණු බෞද්ධ පාසල් නිසා හෝ හතළිහේ දශකයේ ඇති කෙරුණු මධ්‍ය මහා විදුහල් නිසා හෝ තත්වයේ වෙනසක් වූයේ නම් ඒ මතුපිටින් පමණකි. සියළු පාසල්වල ලැබුණේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයකි. අදාළ දැනුම බටහිර විද්‍යාවේ හෝ සිංහල සාහිත්‍යයෙහි හෝ වේවා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පදනම් කරමින් නිපදවිණි. බටහිර වෛද්‍යවරයා හෝ රෝම ලන්දේසි නීතිඥවරයා හෝ කිනම් පාසලක ඉගෙන ගත්ත ද හරයෙන් වෙනසක් නො වී ය. ඔවුහු එක්කෝ බමුණු කුලයට අයත්වූහෂ එසේත් නැතහොත් එයට පැන ගැනීමට උත්සාහ කළහ. බටහිර අධ්‍යාපනය ඔවුන්ට සමාජ හිණිමගක් විය. ප්‍රභූන් හා සමාජ හිණිමගේ නගින්නන් අතර වෙනසක් නොතිබුණා නො වේ. ඒ එකල කොළඹ හා පේරාදෙණියේ පිහිටි ලංකා විශ්වවිද්‍යාලයේ කුල්ටන් හා හරාලා (හරමානිස්ලා) අතර වූ වෙනසට වැඩි යමක් නො වී ය. කුල්ටෝ සිරිත් විිර්ත් හැසීරීම් ආදියෙහි දී ඉංගිරිසන් දක්‍ෂ ලෙස අනුකරණය කළහ. හරමානිස්ලා කුල්ටන් අනුකරණය කිරීමට උත්සාහ කළහ. ගුණදාස අමරසේකර මහතා තම කෘතිවලින් කුල්ටන්ගේ හා සමාජ හිණි පෙත්තේ ඉහළට නැගීමට උත්සාහ කළ හරමානිස්ලාගේ් ජීවිත නිරූපණය කළේ ය. එහෙත් ඔහු කුල්ටන් මෙන් ම හරමානිස්ලා ද ලැබූ බටහිර අධ්‍යාපනය විවේචනය නො කෙළේ ය.

අගවිනිසූරුවරියට එරෙහිව ගෙනැවිත් ඇති දෝෂාභියෝගය මුළුමනින් ම ව්‍යවස්ථාවට හා නීතියට එකඟ ය. ඒ හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර හෝ විධායකය හා අධිකරණය අතර හෝ ගැටුමක් ඇති නො වෙයි. එසේ ගැටුමක් ඇති බව පෙන්වන්නේ බමුණු කුලය හා බටහිර අධ්‍යාපනය පිහිටෙන් හිණිමගේ ඉහළ නගින්නන් විසිනි. එසේ ගැටුමක් තිබිණි නම් එය නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමාට විරුද්ධව ගෙන ආ අවස්ථාවෙහි දී මතුවිය යුතු ය. එදා පාර්ලිමේන්තුවෙහි 107 (3) ව්‍යවස්ථාව යටතේ දෝෂාභියෝගය නීත්‍යානුකූලවීමටත් අද නොවීමටත් හේතුව කුමක් ද? 107 වැනි වගන්තිය මහින්ද චින්තන යටතේ සම්මත කරගත්තක් නො වේ. එය 1978 සිට ම ව්‍යවස්ථාවෙහි අඩංගු වෙයි. මෙහි දී මතක් කළ යුතු වැදගත් කරුණක් වනුයේ සමරකෝන් මහතාට දෝෂාභියෝග යෝජනාවක් ගෙනෙනවිට පාර්ලිමේන්තුව අදාළ ස්ථාවර නියෝග සම්මත කරගෙන නොතිබූ බව ය. ඒ නියෝග සම්මත කරගත්තේ එකී දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ය. ඉහළ උසාවිවල විනිසුරුවකුට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවක් ගෙන එන්නේ 107 වැනි වගන්තිය යටතේ ය. ඒ යෝජනාව සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය 107 (3) හි සඳහන් වෙයි. එහි දී පැහැදිලිව ම දක්වා ඇත්තේ පාර්ලිමේන්තුව ක්‍රියාකරන ආකාරය ස්ථාවර නියෝග මගින් සම්පාදනය කළ යුතු බව ය. ස්ථාවර නියෝග සාමාන්‍ය තත්වයන් යටතේ නීතිය නොවේ යැයි කිසිවකුට තර්ක කළ හැකි නමුත් 107 වැනි වගන්තිය යටතේ සම්පාදනය කරන ස්ථාවර නියෝග නීතිය බවට පත්වෙයි. 107වැනි වගන්තියට එරෙහිව අද කිසිවකුටවත් අධිකරණය ඉදිරියට යා නො හැකි ය. මෙරට ව්‍යවස්ථාව යටතේ යම් පණතකට විරුද්ධව අධිකරණයට යා හැක්කේ පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති අවස්ථාවෙහි මිස එය සම්මත වූවාට පසු නො වේ. එසේත් නැතහොත් පණතක් සම්මතවීමෙහි දී ව්‍යවස්ථාවට අනනුකූලව පාර්ලිමේන්තුව නොමග යවා පණත සම්මතකර ගෙන ඇත්නම් ය. 107 වැනි වගන්තියට එරෙහිව අධිකරණයට යන්නකු අද 1978 සම්පුර්ණ ව්‍යවස්ථාවට ම විරුද්ධව ඒ සම්මත කරගත් ආකාරයට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කළ යුතු ය.

අද ඇතැමුන් පාර්ලිමේන්තුවේ බලය ගැන කතාකරනු දැකිය හැකි ය. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. මේ වියුක්ත බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කියමනකි. ජනතාවට සංයුක්තව දැනෙන පරමාධිපත්‍යයක් තිබිය යුතු ය. ඒ කෙසේ වෙතත් පරමාධිපත්‍යය වියුක්ත ව ජනතාව සතු බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහ බටහිරින් ඒ ඉගෙන ඇත. ප්‍රශ්නය වන්නේ ජනතාව තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් ඒ සඳහා ලක්‍ෂ ගණනින් අළුත්කඩේට රැස්විය යුතු ද? ව්‍යවස්ථාවෙහි 4 (අ) වගන්තියෙන් කියැවෙන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන බව ය. 4 (ඇ) වගන්තියෙන් කියැවෙන්නේ ජනතාවගේ අධිකරණමය පරමාධිපත්‍යය ද පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන බව ය. වෙනසකට ඇත්තේ අධිකරණමය පරමාධිපත්‍යය උසාවි, විනිශ්චය සභා (කම්කරු උසාවි වැනි) හා ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබීම ය. ඉතා පැහැදිලි කරුණ නම් අධිකරණ පරමාධිපත්‍යය උසාවි විසින් ක්‍රියාත්මක නො කෙරීම ය. අධිකරණමය පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට මිස උසාවිවලට හා විනිශ්චය සභාවලට නො වේ. අනෙක් අතට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව විසින් නිර්මාණය කෙරෙන හා පිහිටුවනු ලැබෙන හෝ පිළිගනු ලැබෙන හෝ නීතිය විසින් නිර්මාණය කෙරෙන හා පිහිටුවනු ලැබෙන හෝ ආයතන මගින් ද අධිකරණමය පරමාධිපත්‍යය ක්‍රියාත්මක කළ හැකි ය. පැහැදිලි ව ම 107 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබ ඇති පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව එවැනි ආයතනයකි. එයට අධිකරණ බලතල ද වෙයි. එබැවින් පාර්ලිමේන්තු තොාරාගත් කමිටුවට එරෙහිව අධිකරණයට යෑම බටහිර නීිතියට ද ප්‍රජාතන්ත්‍රවාදයට ද ඊනියා යහපාලනයට ද එරෙහි වීමකි. මෙහි තවත් පැත්තක් වෙයි. අධිකරණයට ඉදිරිපත් කෙරෙන පෙත්සම් සම්බන්ධයෙන් තීරණය කෙරෙනුයේ අගවිනිසුරුවරිය විසින් පත්කෙරෙන විනිසුරුවන් විසිනි. තමන්ට විරුද්ධව ඇති දෝෂාභියෝගය සම්බන්ධ නඩුවක විනිසුරුවරුන් පත්කිරීම තවත් දෝෂාභියොාගයක් ගෙන ඒමට තරම් කරුණක් විය හැකි ය. මේ පෙත්සම් ඉදිරිපත් කිරීම නිසා අද අගවිනිසුරුවරියට ඉල්ලා අස්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. මෙවැනි ප්‍රශ්න බටහිර රේඛීය චින්තනයෙහි ධුරාවලික කටයුතුවල දී ඇති වෙයි. ධුරාවලියක ඉහළින්ම සිටින තැනැත්තා සම්බන්ධයෙන් ක්‍රියා කිරීම බටහිර රේඛීය පද්ධතීන්හි ප්‍රශ්නයක් වෙයි. එහි දී අදාළ තැනැත්තා ඉල්ලා අස්විය යුතු ය.

අද ඇත්තේ අධිකරණය හා ව්‍යවස්ථාදායකය හෝ විධායකය හෝ අතර ගැටුමක් නො වේ. අද ඇත්තේ බමුණු කුලය හා සාමාන්‍ය ජනයා අතර ගැටුමකි. තමන්ගේ සූරතලා වූ ප්‍රභාකරන් පැරදවූ ජනාධිපතිතුමාත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් දංගෙඩියට යැවීම බටහිරයන්ගේ අරමුණ වෙයි. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරණතාක් කල් එසේ කළ නොහැකි බව ද ඔවුහු දනිති. මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දයකින් පරාජය කිරීමට කලක් ගතවන බව දන්නා බටහිරයෝ එතුමා විවිධ මාර්ගවලින්, විවිධ වසන්තවලින්, ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරති. කටුනායක වසන්තය, ධීවර වසන්තය, විශ්වවිද්‍යාල වසන්තය පසුකළ ඔවුහු දැන් පකිස්තාන් හෙවත් අධිකරණ වසන්තයට අවතීර්ණ වී සිටිති. පසුගිය විසිනවවැනි බ්‍රහස්පතින්දා කතානායකතුමා දුන් ඓතිහාසික තීන්දුවෙන් පසුව ඒ වසන්තය ද හේමන්තයක් බවට පෙරළී ඇත.

Wednesday, 22 February 2012

දෙමළ ජාතිවාදයේ වත්මන් අවශ්‍යතාව

දෙමළ ජාතිවාදයට අද අවශ්‍ය කුමක් ද? දහතුන ද? ඉන් ඔබ්බට ද? එසේත් නැත්නම් දෙමළ ඊළමක් ද? දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව තීරණය වන්නේ එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් අතිනි. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවුවත් දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය කිරීමට හැකි වුවත්, දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ එය බටහිර රටවල් අතින් පෝෂණය වන බැවිනි. අද සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සංධානයට තනිව ම දේශපාලනිකව කළ හැකි දෙයක් නැත. එහෙත් බටහිරයන් විසින් රැකෙන ඔවුහු බටහිරයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිති. දෙමළ ජාතිවාදය ආරම්භයේ සිට ම පෙනී සිටියේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ අවශ්‍යතාව වෙනුවෙන් බැවින් මෙහි අමුත්තක් ද නැත. ලන්දේසීහු දහහත්වැනි සියවසේ කෘෂිකාර්මික කම්කරුවන් වූ ද දෙමළ හින්දු කුල ධුරාවලියේ ශුද්‍රයන් වූ ද වෙල්ලාලයන් තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩල වෙරළින් මෙරටට ආනයනය කළ දිනයේ සිට ඔවුන් සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. එහි පළමු පියවරක් ලෙස වෙල්ලාලයන් හින්දු කුල ධුරාවලියේ වෛශ්‍ය තත්වයට ද වඩා උසස් කරනු ලැබූහ. මෙරට හින්දු සමාජය අවසාන විග්‍රහයේ දී ව්‍යුහාත්මක ව සකස් කෙරී ඇත්තේ සිංහල කුල ක්‍රමය දෙස බලා මිස ඉන්දියාවේ කුල කුමය බලාගෙන නො වේ. එහෙත් එයට ඉන්දියාවේ දරුණු කුල පීඩනය එකතු වී ඇත. එම කුල පීඩනය පසුව සිංහල සමාජයට ද ලන්දේසි හා ඉංගිරිසි යටත්විජිත සමයන්හි දී එකතු වී ඇත. ඒ කෙසේ වෙතත් ඉංගිරිසි යටත්විජිතවාදීන්ගේ පාලන සමයෙහි ඉහළට ඔසවනු ලැබූ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල ද කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් ම පැවත ආවෝ වෙති. ලන්දේසීන් හා පසුව විශේෂයෙන් ම ඉංගිරිසින් රටේ නායකත්වයට වෙල්ලායන් පත්කිරීමට උත්සාහ ගත්තේ සිංහලයන්ට පහර ගැසීමට ය. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන නැති කිරීමට ලන්දේසිහු ද ඉංගිරිසිහු ද වෙල්ලාලයන් යොදාගත්හ. දහනවවැනි සියවසේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ඇතිකළ දිනයේ සිට මෙරට දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූයේ කෙසේ ද යන්න ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි.

මේ ජාතිවාදය මුල දී රටේ ම නායකත්වයට වෙල්ලාලයන් පත්කිරීමට කටයුතු කළත් එයට ඉඩක් නොමැති බව 1947 ප්‍රථාම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව චෙල්වනායගම් දැනගත්තේ ය. දකුණු ඉන්දීය ක්‍රිස්තියානි සභාවට අයත් වූ ඔහුු ඉන්පසුව ක්‍රියා කළේ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණකම් වී ඇතැයි කියමින් දෙමළ ජනයාගේ ඊනියා වාසභුමි යැයි කියූ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ය. ඔහු ඒ සඳහා 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ද පිහිටුවා ගත්තේ ය. එය පිහිටුවා ගත්තේ සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කරගත් 1956ටත් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් 1972ටත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී මාධ්‍යය මත ප්‍රමිතිකරණයකට ලක්කෙරීම නිසා දෙමළ ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිදුවිණි යැයි කී 1972ටත් පෙර බව දෙමළ ජාතිවාදීන්ටත් පඬියන්ටත් අමතක වී ඇත. 1976 දී සියළු දෙමළ හා මුස්ලිම් පක්‍ෂ එකතු කරගත් චෙල්වනායගම් උග්‍ර සිංහල විරේාධී සංවිධානයක් පිහිටුවා ගෙන අපකීර්තිමත් වඩුකොඩේ යෝජනාව සම්මත කරගත්තේ ය. එහි දී දෙමළ ජාතිවාදීහු එතෙක් තමන් පදනම් වූ මතවාද කුමානුකූලව ගොනුකර ගැනීමට ද සමත්වූහ. ඔවුන්ට අනුව දෙමළ ජනයා වෙන ම ජාතියක් වූ අතර, අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ පදිංචි වී සිට ඇතෂ සිංහල ජනයා පසුව පැමිණ දෙමළ ජනයා බලයෙන් පහකර රාජ්‍යත්වය ලබාගෙන ඇතෂ පසුව උතුරු හා නැගෙනහිර පළාත්වලට සීමා වූ දෙමළ ජනයා එහි වෙන ම රාජ්‍යයක්, විභේෂයෙන් ම උතුරු පළාතේ පවත්වාගෙන ගොස් ඇතෂ පෘතුගීසීන් පෑමිණෙන විට මෙරට දෙමළ රාජ්‍යය ද ඇතුළු ස්වාධීන රාජ්‍යය කිහිපයක් තිබූ නමුත් අවසානයේ දී ඉංගිරිසින් ඒ සියල්ල එකතුකර ලංකාවේ ප්‍රථම වරට ඒකීය රාජ්‍යයක් බිහිකර ඇතෂ ඒ ඒකීය රාජ්‍ය ඉංගිරිසින් සිංහලයන්ට භාර දී ආපසු ගිය අතර සිංහලයන් (සිංහල ආණ්ඩු) දෙමළ ජනයාට අසාධාරණකම් රාශියක් කර ඇතෂ උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාගේ නිජභූම්ය වන අතර සිංහලයන්ගෙන් එය නිදහස් කර ගැනීමට කාලය පැමිණ ඇතෂ මේ අදහස් 1976 ට පෙර ද තිබී ක්‍රමයෙන් විකාශය වී වඩුකොඩේ යෝජනාවට ගොනුකර තිබිණි. මේ සියල්ල අසත්‍ය බව අමුතුවෙන් කිවයුතු නො වේ. පසුව පැමිණි යැයි කියන සිංහලයන්ට ඉන්දියාවේ වංගය - බෙංගාලය, කාලිංගය –- ඔරිස්සාව ආදී ප්‍රන්ත සමග වැඩි සම්බන්ධයක් තිබිය යුතු වූ නමුත් අදත් තමිල්නාඩුව සමග සම්බන්ධකම් පවත්වන්නේ දෙමළ ජනයා ය. මෙරට තිබූ එක්සේසත් රාජ්‍යය ගැන කිසිම සඳහනක් නොකිරීමට දෙමළ ජාතිවාදීහු වගබලා ගත්හ. අප මේ බොහොමයකට පිළිතුරු දී ඇති අතර තවත් අය ද තමන්ගේ එකතු කිරීම් කර ඇත.

බටහිරයන්ගේ අනුග්‍රහය ඇතිව ඉන්දියාව අප මත පළාත් සභා ඇටවූයේ ප්‍රශ්නය දෙමළ ජාතිවාදීන් සූත්‍රගත කළ ආකාරය මත පදනම් වෙමිනි. දෙමළ ජාතිවාදීන් කියා සිටි එක කරුණකටවත් සිංහලයෝ එකඟ නො වුහ. එයට එකඟ වූ අය සිංහලයන් අතර සිටියේ නම් ඔවුහු කසිකබල් මාක්ස්වාදීන්, සත පහක වටිනාකමක් හෝ සමාජ බලපෑමක් හෝ නැති පශ්චාත්නූතනවාදීන් හා පශ්චාත්මාක්ස්වාදීන්, ඊනියා ලිබරල්වාදීන්, බටහිර රාජ්‍ය මගින් තම මත ප්‍රචාරය කිරීම සඳහා හැටේ දශකයෙන් පසුව පිහිටවු ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, බටහිරයන්ගේ ම අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ ඊනියා සිවිල් සංවිධාන, (ග්‍රාම සංවර්ධන සමිති, කුලඟන සමිති ආදී අව්‍යාජ රාජ්‍ය නොවන සිවිල් සංවිධාන දුර්වලකර හරිනු ලැබිණි), ඊනියා භාෂණ නිදහස වෙනුවෙන් බටහිර මුදලින් පෙනී සිටියවුන්ගේ සංවිධානවල, ඇතැම් ජනමාධ්‍යවේදීන් යැයි කියාගත්තවුන් ආදීන් අතර වූහ. ඔවුන්ට සමාජයේ කිසිම බලපෑමක් කිරීමට නොහැකි වුවත් සිංහල විරෝධි සතිඅන්ත කසිකබල් පුවත්පතක්, ක්‍ෂණික නූඩ්ල්ස් වැනි ක්‍ෂණික පුවත්පත් සාකච්ඡා, ලිප්ටන් වටරවුමේ හා කොටුව දුම්රිය ස්ධානය ඉදිරිපිට ක්‍ෂණික උද්ඝොෂණ (පපඩම් සාකච්ඡා හා පපඩම් උද්ඝෝෂණ) ආදී උප්පරවැට්ටි ඔස්සේ ජනමාධ්‍යවල පෙනී සිටියහ. මුළු රටෙන් ම ඡන්ද පනස්දාහක් ගත නොහැකිව බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරන සංවිධානවලට ජනමාධ්‍යයෙහි ලැබෙන තැන කිසිසේත් ම සමානුපාතික නියෝජනත්වයක් යැයි කිවහැකි නො වේ. මේ පුස්සන්ගේ පක්‍ෂපාතකම් පැත්තක තබා ඉන්දු ලංකා ප්‍රෝඩා ගිවිසුමට හා පළාත් සභාවලට සිංහලයෝ විරුද්ධ වූහ. එහෙත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රියාත්මක විණි. 75% ක සිංහල බහුතරයක් අමතක කර පළාත් සභා සාර්ථක කරගැනීමට ඉන්දියාව, බටහිරයන්, දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ගෙන් වැටුප් හෝ වෙනත් ආධාර හෝ ලබන ඉහත සඳහන් පුස්සන් වෙර විරිය කළ නමුත් එසේ කරගැනීමට ඔවුන්ට නොහැකි විය. එංගලන්තය හා ඇමරිකාව ප්‍රධාන බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අවශ්‍යතාව මත නෝර්වේ හා ස්වීඩනය ඊනියා සාම සාකචිඡා ඔස්සේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා එක් පැත්තකින් ඉටුකළ අතර අනෙක් පැත්තෙන් බටහිර රටවල් දෙමළ ත්‍රස්තවාදීන්ට ආයුධ හා මුදල් ලබා දුනි. එහෙත් සිංහල බහුතරය ඒ එකකින්වත් පරාජය කිරීමට දෙමළ ජාතිවාදයට හා බටහිරයන්ට හා ඉන්දියාවට නොහැකි විය. අවසානයේ දී ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි අයකු ලෙස කියැවුණු මතය ද පරාජය කළ සිංහලයෝ දේභපාලනික ව පළාත් සභා ද කොටි සංවිධානය සමග නන්දිකඩාල් කලපුවේ ගිල්ලවූහ.

එහෙත් අද තවමත් බටහිරයන්ගේ අවශ්‍යතාව හා අනුග්‍රහය මත දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා හා සම්බන්ධන්ලා මෙහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙති. අද කළ යුත්තේ හැකිනම් පළාත් සභා මුළුමනින් ම අහෝසි කිරීමය. එසේ නොහැකි නම් ඉඩම් හා පොලිස් බලතල නොදී් සෞඛ්‍ය හා අධ්‍යාපන බලතල ආපසු ලබාගත යුතු ය. අද අධ්‍යාපන ඇමතිතුමා පාසලෙන් ඉතිහාසය අයින්කිරීමට යන බව සැළ ය. ඒ 1972 දී කළ වරදක් නැවත කිරීම ය. පරිසරය ජාතික උරුමය සමග පටලවා නොගත යුතු ය. කළ යුත්තේ ඉතිහාසය හා ජාතික උරුමය එකතු කිරීම ය. අධ්‍යාපන ඇමති තරමට ජාතිකත්වයක් නැති ඇමතිවරුන් කෙසේ ක්‍රියාකරන්නේ දැයි අපට සිතාගත හැකි ය. අද මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ඇමතිවරු කී දෙනෙක් වෙත් ද? නන්දිකඩාල් කලපුවේ දී දුන්නේ දේශපාලන විසඳුම බව අප පුන පුනා කියා ඇත. හමුදා මෙහෙයුමකින් ලබන ජයග්‍රහණ යනු දේශපාලන විසඳුම් වෙයි. සම්බන්ධලා මේ බව දනිති. ඔවුන් නැවතත් දහතුනෙන් එහා යෑමට කතාකරන්නේ වෙනත් අරමුණකිනි. අද සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නන්ට ද, දෙමළ ජාතිවාදීන්ට ද, පුස්සන්ට ද, ජනරළට හා ජ වි පෙට ද අවශ්‍ය එක් දෙයක් පමණකි. කලබල, උද්ඝෝෂණ, වර්ජන ආදිය ඇතිකර ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට කියමින් බටහිරයන්ට ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට පටහැණි ක්‍රියාමාර්ග ගන්නා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට උදව් කීිරීමට ය. සරත් ෆොන්සේකාගේ සුදු කොඩි සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැක්කේ එය අධිකරණය ඉදිරියේ ඇති බැවිනි. එහෙත් ඔහු ද 2009 ජුනි මාසයෙන් පමණ පසු මෙහෙයවනු ලබන්නේ බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදී සම්බන්ධන්ලාට ද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊනියා ජාත්‍යන්තර අධිකරණයට යැවීමට ය. ඔවුන්ට සරත් ෆොන්සේකා ඒ අධිකරණයට යැවීමට අවශ්‍ය නැත. දෙමළ ජාතික සංවිධානය අද දහතුනට ඔබ්බට යෑමට උත්සාහ දරන්නේ ඒ ඔස්සේ චෙල්වනායගම් ක්‍රමයේ සත්‍යග්‍රහ මගින් කලබල ඇතිකර ආණ්ඩුව පෙරළා දැමීමට ය. ඒ අතර් ඔවුහු කලබල ඇති කිරීමට ජනරළ හා වෙනත් කණ්ඩායම්වල ද ආධාරය පතති. මහින්ද රාජපක්‍ෂ මහතාට විකල්පයක් වී නම් මෙරට මේ වන විටත් මාලදිවයිනක් ලිබියාවක් බවට පත්කර අවසාන ය.