Main Logo

Showing posts with label භූතයෝ. Show all posts
Showing posts with label භූතයෝ. Show all posts

Sunday, 8 May 2011

අල්මාරියේ දැමිය නොහැකි මනස

අප දෙවියන් භූතයන් ආදීන් ආරූඪවීමි ආවෙිශවීමි ගැන කතා කළේ හුදෙක් ඒ ගැන කතාකිරීමට තිබූ අවශ්‍යතාවක් නිසා නො වෙි. අපට අවශ්‍ය වූයේ අපේ මනස සක්‍රීය නොවන අවස්ථා ද ඇති බව සඳහන් කිරීමටත් ඒ අවස්ථාවල දී අපේ මනස් ක්‍රියා කරන්නේ අපේ නොවන ආකාරයටත් භූතයන්ට හා වෙනත් ප්‍රාණීන්ට අවශ්‍ය ආකාරයටත් බව පෙන්වීමට ය. එහෙත් සම්‍යක්දෘෂ්ටික දෙවිවරු එසේ නො වෙති. එතුමෝ මිනිසකුට ආවෙිශ නො වෙති. එසේත් නැතහොත් ආරූඪ නො වෙති. එතුමෝ මනුෂ්‍ය ප්‍රාණියකු සමග  එවැනි අදවස්ථාවල දී සංවාදයෙහි නිරත වෙති. එය වක්‍රව මෙන් ම සෘජුව ද සිදුවිය  හැකි ය.

සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට ඕනෑම මිනිසකු සමග සෘජුව සම්බන්ධ විය නො හැකි ය. ඒ සඳහා අදාළ පුද්ගලයා පාරමී දම් පුරා සිටිය යුතු අතර සසර යම් සමිබන්ධකමක් ද තිබිය යුතු ය. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට අනෙක් මිනිසුන් සමග වක්‍රව සමිබන්ධවීමට, එනමි සෘජුව සම්බන්ධවන්නකු මගින් සම්බන්ධවීමට හැකියාවක් වෙයි. සම්‍යක්දෘෂ්ටික දෙවියන් සමග සෘජුව හෝ වක්‍රව සමිබන්ධවන්නෝ සවිඥානික ව එසේ කරති. භූතයකු යමි පුද්ගලයකුට ආරූඪ වූ විට ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය භූතයා විසින් පාලනය කෙරෙයි. අදාළ පුද්ගලයාට සවිඥානික ව තමා යන හැඟීම නැති වෙයි. එසේ භූතයකු ආවෙිශ වූ විට ක්‍රියා කරන්නේ භූතයා මිස තමා නො වෙි.

ඇතැමි මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට ද මිනිසුන් සමග සෘජුව සමිබන්ධවීමෙි හැකියාවක් ඇති බව පෙනෙයි. එහි දී කිනම් අවශ්‍යතා සම්පුර්ණ විය යුතුව ඇත්දැයි කීමට නො හැකි ය. යෙහෝවා දෙවියන් ඇතැමි යුදෙවිවන් සමග ද ග්‍රීක දෙවියන් ඇතැම් ග්‍රීකයන් සමග ද වෛදික දෙවියන් ඇතැමි වෛදිකයන් සමග ද සෘජුව සම්බන්ධ වී ඇති බව පෙනී යයි. අප්‍රිකානු සංස්කෘතීන්ගේ ද දෙවියන් සමග පැවැත් වූ සෘජු සමිබන්ධකම් ගැන කියැවෙන්නේ යැයි සිතිය හැකි ය. 

මෙයට අමතර ව ඇතැම් මනුෂ්‍යයන්ට භූතයන්ගෙන් හා යමි යමි දෙවිවරුන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ද වෙයි. එහි දී එක්තරා ආකාරයකින් අදාළ මනුෂ්‍යයාගේ අණට භූතයා හෝ දෙවියන් හෝ යට වෙයි. යකුන් බැඳ ගෙන වැඩගත් අය ගැන අපේ සංස්කෘතියෙහි සඳහන් වෙයි. ඒ සඳහා අදාළ පුද්ගලයන්ට යමිකිසි බලයක් තිබිය යුතු බව පැහැදිලි ය. එයට ආධ්‍යාත්මික බලය මෙන් ම යන්ත්‍ර මන්ත්‍ර ඔස්සේ ලබාගන්නා බලය ද ඇතුළත් වෙයි. එහෙත් මෙහි අනතුරක් ද වෙයි. මිනිසුන් තමන්ගෙන් වැඩ ගැනීම පිළිබඳ ව යක්‍ෂයන් හා භූතයන් පසුවන්නේ යහපත් සිතින් නො වෙි. අවස්ථාව ලද කල්හි, අදාළ පුද්ගලයා යමි හේතුවක් නිසා දුර්වල වූ කල්හි, ඒ පුද්ගලයාට විණ කිරීමට භූතයෝ ඉදිරිපත් වෙති. අපේ සංස්කෘතියේ කොටසක් වූ සිංහල භාෂාව මේ සියල්ල ඉස්මතු කර දක්වයි. ආවේෂය, ආරූඪය, අණ විණ ආදී යෙදුම් ගැන සිතා බලන්න.

එසේ භූතයන්, මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ආදීන් ආවෙිෂ නොවූ අවස්ථාවල අපට අපේ මනස යනුවෙන් යමක් ඇති බව දැනෙයි. කලින් කියා ඇති ආකාරයට මගේ මනස මගේ සරමෙන් වෙනස් වෙයි. මා නොමැතිව මගේ සරම ගැන සිතන්නට හැකි වුවත්, මගේ සිරුර ගැන සිතන්නට හැකි වුවත්, මා නොමැතිව මගේ මනස ගැන සිතීමට නො හැකි ය. මගේ සරම මෙන් මගේ මනස පැත්තකින් තබා මට ඉවත්ව ගිය නො හැකි ය. මා යනු මගේ මනස මිස වෙනත් කිසිවක් නො වේ. මගේ මනස පුටුව උඩ හෝ අල්මාරියෙහි හෝ ඇත යනුවෙන් අපට කිව නො හැකි ය.

මා මිය යෑමෙන් පසු, එනමි වත්මන් භවය හැර යෑමෙන් පසු, සිරුර දිගින් දිගට ම දිරාපත් වී අවසානයේ දී නැතිවන නමුත් මගේ මනස ගැන එසේ කිව නො හැකි ය. මා මිය යෑමෙන් පසු අනෙක් භවයෙහි ලැගුම් ගන්නේ මනස ය. මා ඇති බව මා දැන ගන්නේ සිරුර නිසා නොව මනස නිසා ය. එහෙත් මනසක් යනුවෙන් කිසිවක් පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොර ව පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොරව මොහොතකටවත්, ක්‍ෂණයකටවත් පවතින්නේ ද?

මා ඇති බව මා දැනගන්නේ, අහංකාරය ආදී සියල්ල ඇතිවන්නේ මනස නිසා ය. අප ආත්මය යැයි කියන්නේ ද අපේ මනසෙහි සාරයට ම මිස වෙනත් දෙයකට නො වෙි. භවයෙන් භවයට සැරිසරන ආත්මයක් ගැන බමුණෝ විශ්වාස කළහ. එහෙත් බෞද්ධයෝ අනාත්මයක් ගැන කියති. මනස වුව ද වෙනස් වන බව තරමක් කල්පනා කළ විට ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපේ සිතුවිලි නිරන්තරයෙන් වෙනස් වෙයි. ඒ ඒ සිත ගන්නා අරමුණ වෙනස් වන බව දැන ගැනීමට බෞද්ධයකු වීමට අවශ්‍ය නැත. අපට දැන් මලක් ගැන සිතා ඊළඟ මොහොතෙහි, තරුවක් ගැන සිතිය හැකි ය.

ඒ ඒ චිත්තයෙහි අරමුණ වෙනස් වුවත් මනස යනු මේ චිත්ත පරම්පරාව, පිළිවෙළ යැයි ගත්තත් ඒ සියල්ල ඇතුළෙහි එහි සාරය නොවෙනස් ව පවතින බවත් ආත්මය යනු ඒ සාරය බවත් බමුණෝ විශ්වාස කළ හ. භවයෙන් භවයට සැරිසරන්නේ මේ සාරය වූ ආත්මය බව බමුණන්ගේ විශ්වාසය විය. අවසානයේ දී ආත්මය බ්‍රහ්මන් සමග එකතුවීමෙන් විමුක්තිය ලබාගත හැකි යැයි බමුණෝ විශ්වාස කළහ.

අද්වෛත වේදාන්තය අනුව ආත්මය බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරදි බව මෙහි දී සඳහන් කළ යුතු ය. එයට හේතුව අද්වෛත වේදාන්තයෙහි බ්‍රහ්මන් හැරෙන්නට වෙනත් කිසිවක් නොමැති වීම ය. බ්‍රහ්මන්ගෙන් වෙන් වූ ආත්මය යනුවෙන් යමක් ඇතැයි පැවසීම එවිට නිවැරදි නො වෙි. අද්වෛත වේදාන්තවාදීන් කියන ආකාරයට අප බ්‍රහ්මන්ගෙන් වෙන් වූ ආත්මයක් ගැන සිතන්නේ මායාව හේතුකොටගෙන ය. මායාව නැති කළ විට ඒකත්වය, එනමි බ්‍රහ්මන් වෙයි.

වෛදිකයන්ගේ, අද්වෛත වේදාන්තවාදීන්ගේ ඇතැමි දැනුමි පංචෙන්ද්‍රිය  ගෝචර නො වේ  බෞද්ධයන්ගේ ද ඇතැමි දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඒ දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නොවූවත් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දේ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසෙන් පමණක් කෙරෙන්නෙකි. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමි ද ප්‍රත්‍යක්‍ෂයෙන් දැනෙයි. මේසයක් ඇති බව අපි ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමු. එහි දී පංචෙන්ද්‍රිය ද අනෙක් ඉන්ද්‍රිය වූ මනස ද එක්ව ක්‍රියා කරයි. අපි ප්‍රත්‍යක්‍ෂයෙන් මේසයක් ඇති බව දන්නේ මේ ඉන්ද්‍රිය හයේ ක්‍රියාකාරීත්වය නිසා ය.

එහෙත් එයින් කියැවෙන්නේ මේසයක් යනුවෙන් වස්තුවක් ඇති බව නො වේ. මේසය යන්න මනස ද ඇතුළු අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ වූ දැනුමක් පමණ ය. එය මනසේ නිර්මාණයකි. මේසයක් යනුවෙන් දෙයක් නොමැති විට අපි පංචෙන්ද්‍රිය හා මනස ආධාරයෙන් මනසට හා පංචෙන්ද්‍රියට සාපේක්‍ෂ ව මේසය යනුවෙන් ඊනියා වස්තුවක් නිර්මාණය කරමු.

අපේ ඊනියා ප්‍රත්‍යක්‍ෂ දැනුම එබඳු ය. මේ ප්‍රත්‍යක්‍ෂය හුදෙක් මනසෙන් පමණක් ද කළ හැකි ය. පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කිරීම බොහෝ සංස්කෘතීන්හි තිබේ. සෘජුව දෙවියන් සමග කෙරෙන සම්බන්ධකම්වල දී පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ලබාගන්නේ යැයි සිතිය හැකි ය. පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ වී ලබාගත්ත ද නැත ද මනසෙන් ලැබෙන ප්‍රත්‍යක්‍ෂ දැනුම වාස්තවික වූවක්, එසේත් නැත්නමි යථාර්ථයක් යැයි නොසිතිය යුතු ය. ඒ සියල්ල මනසෙහි නිර්මාණ වෙයි. මනසට සාපේක්‍ෂ වෙයි.

ඇතැම් බෞද්ධයෝ තමන් පිළිගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් යැයි කියති. ඒ අය නොදැන සිටිය ද හුදෙක් පංචෙන්ද්‍රිය මත පමණක් ව ලැබෙන දැනුමක් නැත. පංචෙන්ද්‍රිය නැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කළ හැකි දැනුමි තිබිණි ද, මනස නොමැතිව කිසිම දැනුමක් නො මැත. ඒ කෙසේ වෙතත් මේ බෞද්ධයන් පුනබිභවය පිළිගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අපට වෙයි. පුනබිභවය පංචෙන්ද්‍රිය ගෝචර නො වෙි. අප බොහෝ දෙනකුට පුනබිභවය පිළිබඳ දැනුම මනසෙන් ලබාගත හැක්කක් ද නො වේ.

අපේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නෝ කී දෙනෙක් වෙත් ද? ඒ දැනුම එක්කෝ සම්‍යක්දෘෂ්ටික දෙවි කෙනකුගෙන් ලබාගත යුතු ය. එසේත් නැතහොත් භාවනාවෙන් සිත එක් අරමුණක පිහිටුවා ඒ දැනුම ලබාගත යුතු ය. අදෘෂ්‍යමාන බලවෙිග නැතැයි කියන පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් විශ්වාස කරන බෞද්ධයන්ට පුනබිභවයක් නැත. ඔවුහු භාවනාවෙන් එවැනි දැනුම් ලබාගැනීමට උත්සාහ කරන්නෝ නො වෙති. එසේ භාවනාවෙන් යම් දැනුමක් ලැබුණ ද පංචෙන්ද්‍රිය නොමැතිව එසේ ලබන දැනුම් ඔවුහු විශ්වාස කරත් ද?

අදෘශ්‍යමාන දෙවියන් නැතැයි කියන පංචෙන්ද්‍රිය  මත පමණක් වූ දැනුමක් ගැන විශ්වාස කරන බෞද්ධයන්ට පුනබිභවය ගැන දැන ගැනීමට ක්‍රමයක් නැත. ඔවුන් ඒ පිළිගන්නේ විශ්වාසය මත පදනම් ව විය යුතු ය. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් පමණක් ම ඉල්ලන මේ බෞද්ධයන්ගේ විශ්වාසය පදනම් වන්නේ කිනම් පංචෙන්ද්‍රිය මත ද? කිසිම සංගත බවක් නොමැති මේ බෞද්ධයෝ බටහිර විද්‍යාවට බිය වී එයට දණ්ඩ නමස්කාර කරමින් පංචෙන්ද්‍රිය නොඉක්ම වූ දැනුමක් ඉල්ලති.

ඔවුන්ට පුනබිභවය නැත. එසේ නම් අපි ඔවුන්ට බෞද්ධයන් යැයි කියමු ද? බෞද්ධයන්ගේ වෑයම නිවන් අවබෝධය ය. එනම් සසරින් ගැලවීම යෂ එතෙර වීම ය. එහෙත් මේ පංචෙන්ද්‍රිය  මත පමණක් පදනම් වන ඊනියා බෞද්ධයන්ට සසරක් නොමැති බැවින් ඔවුන්ට එතෙර වීමට දෙයක් නැත. එබැවින් ඔවුන්ට නිවන් අවබෝධය අවශ්‍ය නැත. එහෙත් මොවුන් තමන් බෞද්ධයන් ලෙස හඳුන්වා ගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

මොවුන් පංචෙන්ද්‍රිය ගෝචර වීම ගැන පඬි කතා කියන්නේ බටහිර විද්‍යාව පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක් පදනම් වන්නේ ය යන බොරුව හේතුකොට ගෙන ය. එහෙත් ඔවුහු බොහෝ දේ නෙ දනිති. ඉලෙක්ට්‍රෝන පමණක් නොව ගුරුත්වාකර්ෂණය ද පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව ඔවුහු නො දනිති. බටහිර විද්‍යාවෙි ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප පිළිගන්නා ඔවුහු සම්‍යක්දෘෂිටික හා වෙනත් දෙවියන් පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කරති!

Sunday, 1 May 2011

දෙවියන් මිනිස් ලෝකයේ කරන මැදිහත්වීම්

දෙවියන් හා භූතයන් ගැන කීමට තවත් බොහෝ දේ ඇති නමුත් මෙහි දී ප්‍රධාන වශයෙන් ම ඔවුන් ගැන කියැවෙන්නේ අප දැනුම ලබාගන්නා එක් මාතයක් ලෙස ඔවුන් වැදගත්වන බැවිනි. මට දැනගන්නට ලැබුණු තවත් තොරතුරු අනුව එක්වර භූතයන් කිහිප දෙනකුට වුව ද මිනිසකුට ආරුඪ වීමට හැකි ය. එක් භූතයකු එක් අවයවයකට ද තවත් භූතයකු තවත් අවයවයකට ද ආදී වශයෙන් එහි දී ආරුඪ වීම සිදුවෙයි. භූතයන්ගෙන් ද අපට දැනුම ලබාගත හැකි ය. එහෙත් ඇතැමි විට මෙි දැනුමි වැරදි විය හැකි බව ද තේරුමි ගත යුතු ය.

ඇතැමි භූතයෝ හිතා මතා ම අප නොමග යවති. එමෙන් ම මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු ද අපට වැරදි තොරතුරු ලබා දෙති. එසේත් නැතහොත් ඔවුහු තමන්ගේ අධර්මයට සරිලන අන්දමට ඒ සමග එකඟ වන දැනුමි අපට ලබා දෙති. මෙි සියළු දැනුමි සමින්ධයෙන් අපට එක් පරීක්‍ෂණයක් යොදාගත හැකි ය. ඔවුන් අපට ලබා දෙන දැනුම අවසානයේ දී නිවන් දැකීම සමග, තණ්හාව තුනී කිරීම සමග, මමත්වය අහංකාරය තුනී කිරීම ආදිය සමග කෙතරමි දුරට එකඟ වන්නේ ද යන්න ඒ පරීක්‍ෂණයේ දී අප විසින් ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් වෙයි. අඩුම තරමින් ඒ සමග එකඟ වීම කෙසේ වෙතත් එයට විරුද්ධව නොයන බවට අපට සහතිකයක් තිබිය යුතු ය.

අපේ දැනුම අප පමණක් නොව වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ද එකතු කරගෙන ගොඩ නගන්නකි. මෙය සිංහල බෞද්ධ සංස්කෘතියට පමණක් නොව වෙනත් සංස්කෘතීන්ට ද පොදු වූවකි. පහළොස්වැනි සියවසේ අගභාගයේ පමණ සිට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ බලවත්වීමක් සිදු වී ඇත. ඔවුන්ගේ ද ආධාරයෙන් බටහිර රටවල ගොඩ නැගුණු දැනුම හේතුවෙන් අද ලෝකය (ස්වභාව ධර්මය) සූරාකෑමට ලක් වී ඇත. මේ සූරාකෑම සිදුවන්නේ ලෝක පාලුවන්ගේ ආධාරයෙනි. බටහිරයෝ ලෝක පාලුවෝ වෙති. ඔවුහු අද ලෝකය පාලනය කරති. ඔවුන්ට පසුගිය අවුරුදු පන්සියයකට අධික කාලයක් තිස්සේ මිථ්‍යාදෘෂ්ටික දෙවියන්ගේ හා භූතයන්ගේ ආධාරය ලැබී ඇත.

අද බටහිර ලෝකය විසින් නිර්මාණය කෙරෙන දැනුම කිසිසේත්ම නිවන් අවබෝධ කිරීමට තුඩු නොදෙන්නක් බව පඬියන්ට හැරෙන්නට අනෙක් අයට අවබෝධවන කරුණකි. එය නිවන් අවබෝධය සඳහා නොව නිවනෙන් ඈත්කිරීම සඳහා වූවකි. ඉන්ද්‍රිය පිනවීම මමත්වය වර්ධනය කිරීිම සාමූහිකත්වයෙන් ඈත්කිරීම, වියුක්තය හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍ය’ක්‍ෂය ඉතා ඉහළින් සැලකීම ආදිය බටහිර දැනුමේ පදනමේ ම වෙයි. ඒ අතර මිනිසා ස්වභාව ධර්මය ගසා කෑම ද වෙයි. ස්වභාව ධර්මය ගසා කෑම මත පදනම් වූ දැනුමක් පරිසරය රැකීම සඳහා උපයෝගී කරගත නොහැකි බව බටහිර උගතුන්ට තේරුමිගත නො හැකි ය. ඒ බව මෙරට සිටින පඬියන්ට නමි කිසිසේත් ම තේරුම්ගත නො හැකි ය.

පරිසරය රැකිම, පරිසර සංරක්‍ෂණය කළමනාකරණය ආදිය බටහිරයන් තනා ඇති ව්‍යාජ වචන පමණකි. මමත්වය ඉස්මතු කරන, හැකිතාක් ඉන්ද්‍රිය පිනවීමට මිනිසුන් පොළඹවන සංස්කෘතියක, පරිසරය රැකීම යන්න ද තවත් ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම වැළැක්විය නො හැකි ය. අද පරිසරය රැකීම හා අදාළ මාතෘකා ගැන ලියැවෙන ලිපි නොලියන්නේ නමි ඒ සඳහා කඩදාසි තැනීමට කපන ගස් කිහිපයක්වත් රැකෙනු ඇත. පරිසර සම්මේලන පැවැත්වීම ඊනියා විද්‍යාඥයන්ට පමණක් නොව තරු තුනේ හතරේ හෝටල්වලට ද ආදායම් මාර්ගයක් වී ඇත. මෙරට සිටින කසිකබල් බටහිර විද්‍යාඥයන් පරිසර වැඩමුළු ආදිය පැවැත්වීමෙන් වැඩක් සිදු වී ඇත්තේ පරිසරයට ද නැත්නමි ඔවුන්ගේ බැංකු ගිනුමිවලට ද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු කරුණක් නො වෙි.

මට දෙවියන් හෝ භූතයන් හෝ ගැන සෘජු අත්දැකීමක් නැත. මා දෙවියන්ගෙන් දැනුම ලබාගෙන ඇත. එහෙත් ඒ වක්‍රව වෙනත් අයගේ මාර්ගයෙනි. මට අදෘශ්‍යමාන දෙවියන් විශ්වාස කිරීමෙි කිසිම ගැටළුවක් නැත. එයට හේතුව කිහිප දෙනකු ම දෙවියන් දැක තිබීම පමණක් නොව දෙවියන්ගේ ආධාරයෙන් රෝග විනිශ්චය කර සාර්ථක ප්‍රතිකාර ද නියම කර තිබීම ය. කෙසේ වුවත් මෙරට පඬියන්ට හුදෙක් සම්මුතියක් පමණක් වූ ද ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්පයක් වූ ද ගුරුත්වාකර්ෂණ බලය පිළිගත හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නය නමි මට ඇත. ගුරුත්වාකර්ෂණය කිසිවකුගේවත් සංයුක්ත ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වෙි. එය දුටු කෙනකු නැත. අල්ලා බැලූ අයකු නැත. එයට සවන් දුන් අයකු, එහි රස දැනගත් අයකු, එහි ගඳ සුවඳ දන්නා අයකු නැත. එය නිවිටන් විද්වතා නිර්මාණය කළ හුදු වියුක්ත සංකල්පයක් පමණකි.

එහෙත් ඇතැමුනට දෙවියන් යනු ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. දෙවියන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ එවැන්නන්ගේ මනසට යැයි සිතමි. ඔවුන් දෙවියන් දකින්නේ මසැසින් නොවන බව පැහැදිලි ය. ඒ සඳහා පෙර භවවල දියුණු කරන ලද පාරමී ශක්තීන් හා කුසල් ශක්තීන් අවශ්‍ය වෙයි. එසේත් නැතහොත් මෙි භවයේ භාවනා කර ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත යුතු වෙයි. වත්මන් බටහිරයන්ට මේ ශක්තිය කෙතරමි දුරට ඇත්දැයි නො දනිමි. ඇතැමි විට ඔවුන්ට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගෙන් දැනුම ලැබෙනවා විය හැකි ය. එහෙත් ඔවුන් සමාජයේ ඇති පොදු මතයට බියෙන් ඒ බව ප්‍රසිද්ධියේ නොකියනවා විය හැකි ය.

ඒ කෙසේ වෙතත් ඇතැමි පැරණි යුදෙව්වන්ට ඒ ශක්තිය තිබුණු බව බයිබලයෙන් පැහැදිලි වෙයි. විවිධ අනාගත වක්තෘන් වහන්සේලා පමණක් නොව යුදෙවි වර්ගයාගේ ආදිතමයන් ලෙස සැලකෙන ඒබ්‍රහම් ආදීහු දෙවියන් සමග සංවාදයෙහි යෙදී ඇති බව පරණ තෙස්තමෙින්තුවෙන් හෙළි වෙයි. එම පැරණි යුදෙවිවන්ට කතා කළ ඔවුන් සමග සංවාදයෙහි යෙදුණු ප්‍රධාන දෙවියන් වී ඇත්තේ යෙහෝවා දෙවියන් බව පරණ තෙස්තමේන්තුවෙන් පැහැදිලි වෙයි. යුදෙවිවන් මෙි යෙහෝවා දෙවියන් තමන්ගේ ගෝත්‍රයෙහි දෙවියන් ලෙස පිලිගෙන ඇත. එපමණක් නොව ඔවුහු එම දෙවියන් ලෝකය නිර්මාණය කළ දෙවියන් ලෙස ද සලකා ඇත.

බැප්ටිස්ටි නමින් හැඳින්වෙන අනාගත වක්තෘවරයා දක්වා ම විවිධ යුදෙවිවන් මෙි යෙහෝවා දෙවියන් සමග සමිබන්ධකමි පවත්වා ඇති බව පරණ තෙස්තමේන්තුවට අනුව අපට නිගමනය කළ හැකි ය. නොවා ඉන් එක් වක්තෘන් කෙනෙකි. එසේ ම මේ අනාගත වක්තෘන් යෙහෝවා දෙවියන්ගෙන් ලත් දැනුම, විශේෂයෙන් ම අනාගතය පිළිබඳ දැනුම, අනෙක් යුදෙවිවන්ට ප්‍රකාශ කර ඇත. නොවා නුදුරේ සිදුවන මහා ජල ගැලීමක් ගැන සඳහන් කර එයින් ගැලවීමට සූදානම් වී ඇත. ඔහු ඇතුළු අනෙක් අය අනාගත වක්තෘන් එසේත් නැත්නමි දිවැසිවරුන් ලෙස පිළිගැනීමට හේතු වී ඇත්තේත් ඔවුන්ට දෙවියන්ගේ ආධාරයෙන් අනාගතය කීමට යමි හැකියාවක් තිබීම බව පැහැදිලි ය. මුස්ලිමි සමිප්‍රදාය අනුවත් ඔවුහු අනාගත වක්තෘන් ලෙස පිළිගැනෙති. එපමණක් නොව ක්‍රිස්තුස් වහන්සේ ද මුස්ලිමි සම්ප්‍රදායෙහි තවත් අනාගත වක්තෘන් කෙනකු පමණ ය.

මා දැන් තේරුමි ගන්නා ආකාරයට යුදෙවිවකු වූ ක්‍රිස්තුස් වහන්සේ  අනෙක් යුදෙවි අනාගත වක්තෘන්ගෙන් වෙනස් වන්නේ යුදෙවිවන්ට පමණක් සීමා වී තිබූ යෙහෝවා දෙවියන් වහන්සේ අනෙක් ජනවර්ගවල ද දෙවියන් වහන්සේ බවට පත්කිරීමට ගත් උත්සාහය හේතුකොට ගෙන ය. එයට කලින් ද යුදෙවිවන් අනෙක් දෙවිවරුන්ගේ පිළිම විනාශ කිරීමට කටයුතු කර ඇත. ක්‍රිස්තුස් වහන්සේගෙන් පසුව යෙහෝවා දෙවියන් ලෝකයේ  එකම දෙවියන් වහන්සේ බවට පත්කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබිණි. එසේ පත්කිරීම ක්‍රිස්තුස් වහන්සේට යෙහෝවා දෙවියන් නියම කර තිබූ කාර්ය්‍ය යැයි සිතිය හැකි ය. ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයේ (යමි දිව්‍ය ලෝකයක) සිට මිනිස් ලොවට යෙහෝවා දෙවියන් විසින් එවනු ලැබූ තවත් දෙවියකු විය හැකි ය. එසේත් නැත්නමි යෙහෝවා දෙවියන් ම මිනිස් ලෝකයට පැමිණියා විය හැකි ය. ක්‍රිස්තුස් වහන්සේ තමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත් තමන් දෙවියන් වහන්සේ බවත් යුදෙවිවන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් මිනිස් ලොව උපත ලැබූ යෙහෝවා දෙවියන් නිසා යැයි අපට සිතාගත හැකි ය.

අපට වඩාත් ඒත්තු යන කතාව (මේ සියල්ලම එක් අතකින් කතන්දර වේ) නමි යෙහෝවා නමි දෙවි කෙනකු යුදෙව් ජනවර්ගයේ දෙවියන් ලෙස සිට ඇති බවත් ඒ දෙවියන් ඇතැමි යුදෙවිවන් සමග දිගින් දිගට සමිබන්ධකමි පවත්වා ඇති බවත් ඒ දෙවියන්ගේ මාර්ගයෙන් යුදෙව්වන්ට ඇතැම් දැනුමක් ලැබී ඇති බවත් දැනට අවුරුදු දෙදහසකට පමණ පෙර යමි හේතුවක් නිසා යෙහෝවා දෙවියන් බලවත් වී ඇති බවත් එතුමා තම ආධිපත්‍යය අනෙක් ජනවර්ග සහිත මුළු ලෝකයට ම පැතිරවීම සඳහා මිනිස් වෙසක් ගෙන ක්‍රිස්තුස් වහන්සේ නමින් මරියතුමියගේ කුසින් ලොවට බිහිවී ඇති බවත් ය. මා මෙලෙස පවසන්නේ විවිධ හේතු නිසා දෙව් ලොව්න් චුත ව මිනිස් වෙස් ගෙන ලංකාවෙි උත්පත්තිය ලැබූ අය ගැන අප අසා ඇති නිසාත් බව අවධාරණය කළ යුතු ය.

මෙහි දී තවත් කරුණක් සඳහන් කළ යුතුව ඇත. බොහෝ විට දේව මණ්ඩල ඒ ඒ මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් නමින් නම් කෙරෙයි. එහෙත් ඒ ප්‍රධාන දෙවියන් කාලයෙන් කාලයට වෙනස් වෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත් නාථ දේව මණ්ඩලයේ ප්‍රධානියා නාථ දෙවියන් වන අතර ඒ පදවිය කාලයෙන් කාලයට විවිධ දෙවියන්ට අයත් වෙයි. කාහට අයත් වුව ද තමන් ප්‍රධානත්වය දරණ කාලයෙහි ඒ දෙවියෝ මණ්ඩලයේ නාමයෙන් හැඳින්වෙති. අප දන්නා ආකාරයට නාථ දෙවියන් ලෙස දැනට කටයුතු කරන දෙවියන් එම ධුරයෙහි, එනමි නාථ දේව මණ්ඩලයෙහි ප්‍රධාන ධුරයෙහි, කටයුතු කිරීමට පටන්ගෙන දැනට වසර කිහිපයකි.

බොහෝ විට යෙහෝවා දේව මණ්ඩලයෙහි ප්‍රධානියා බවට දැනට වසර දෙදහසකට පමණ පෙර බලවත් මිථ්‍යාදෘෂ්ටික දෙවි කෙනකු පත්වන්නට ඇත. එසේත් නැත්නම් එවකට ප්‍රධානත්වය දැරූ අය බලවත් වන්නට ඇත. ඒ කෙසේ වෙතත් එතුමා යුදෙවිවන් පමණක් තමන්ට අවනත ජනවර්ගය වීමෙන් සෑහීමට පත් නොවී සියළු ලෝ වැස්සන්් බැරිනම් ඉතා වැඩි පිරිසක් තම ග්‍රහණයට ගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් නමින් මිනිස් වෙසක් ගෙන මරියතුමියගේ කුසින් බිහිවන්නට ඇත. එසේ බිහිවීමෙන් අවුරුදු තිහකට පමණ පසු එතුමා තම ව්‍යාපාරය දියත්කර ඇති බව පෙනෙයි. ඉතාමත් සමිප්‍රදායනුකූල ජනවර්ගයක් වූ යුදෙව්වන් ක්‍රිස්තුස් වහන්සේට අකමැති වීම පුදුමයක් නො වේ. ඔවුහු රෝම පාලකයන් සමග එකතු වී ක්‍රිස්තුස් වහන්සේ මරා දැමූහ.

එහෙත් මියගිය ක්‍රිස්තුස් වහන්සේ නැවත යෙහෝවා දේව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඉපිද මිනිසුන් ලවා නව ඉගැන්වීම පැතිරවීමට ක්‍රියාකරන්නට ඇතැයි සිතිය හැකි ය. ක්‍රිස්තු භක්තිකයන් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ලෙස දකින්නේ මේ සිද්ධිය විය හැකි ය. පසු කලෙක කොන්ස්තන්තයින් රජු මගින් ද පසුව වෙනත් රජවරුන් හා පාප් වහන්සේලා මගින් ද යෙහෝවා දෙවියන් මිනිසුන්ගෙන් ඉතා වැඩි ප්‍රමාණයක් තමන්ගේ ග්‍රහණයට ගැනීමට සමත් වී ඇති බව පැහැදිලි ය. එහෙත් පසුව පාප් වහන්සේලා තම කාර්ය්‍ය නිසි ලෙස ඉටු නොකරන බව දුටු යෙහෝවා දෙවියන් ලූතර්, කැල්වින් ආදීන් මගින් වෙනත් ක්‍රිස්තියානි නිකායන් බිහිකර ලෝක ආධිපත්‍යය තමන් වෙතට ගෙන ඇති බව පෙනී යයි. මෙයින් අදහස් කරන්නේ සියල්ල දෙවියන් අතින් සිදුවන බව නො වෙි. එහෙත් අප සිතනවාට වඩා මිනිස් ලෝකයෙහි කටයුතුවලට දෙවියෝ මැදිහත් වෙති. පැරණි වෛදික හා ග්‍රීක සාහිත්‍යවල මෙවැනි මැදිහත්වීමි ගැන සඳහන් වෙයි.


දෙවියෝ හා භූතයෝ

අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකචිඡා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නොවන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස් කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සමිපුර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමාගේ සිරුර යනු තමා යැයි සිතීමට බොහෝ දෙනා පෙළඹී ඇති නමුත් මරණයෙන් පසු තමාගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නොගත්තේ නමි කුණු වී දිරාපත් වන බව පැහැදිලි ය.

එහෙත් තමා හා තමාගේ මනස අතර ඇති වෙනස කුමක් ද? මා යනු කවු ද? මා යනුවෙන් මා හඳුනාගෙන ඇත්තේ කුමක් ද? කවු ද? තමාගේ සිරුර යනු තමා නොවන්නා සේ තමාගේ මනස යනු තමා නො වෙි ද? තමා හා මනස යනුවෙන් වස්තු දෙකක් වෙි ද? තමාට සිරුරෙන් ඈත් වී යන්නාක් මෙන් මනසින් ද ඈත් වී යා හැකි ද? මනස, නාමය, ආදී වශයෙන් කිනමි ආකාරයකින් හැඳින්වුව ද තමා යනු තම මනස බව පැහැදිලි ය.

මගේ මනස, මගේ නාමය ආදී වශයෙන් මගේ යන්න ද සමග හැඳින්වුව ද මා හා මගේ නාමය අතර වෙනසක් නැති බව පෙනී යයි. එබැවින් මෙහි දී මගේ යනුවෙන් යෙදීමෙි දී යමිකිසි වරදක් සිදුවෙයි. එයට හේතුව මනස, නාමය ආදිය මට අයත් දේ නොව මා ම වීම ය. මගේ සිරුර හා මගේ සරම යනුවෙන් සඳහන් කිරීමෙි දී මට බාහිරව මට අයත් සිරුරක් හා සරමක් ඇති බැවින් ගැටළුවක් පැන නො නගී. එහෙත් මගේ මනස යනුවෙන් කී විට මට අයත් මනසක් මගෙන් බාහිරව ඇතැයි යන හැඟීමක් යමි කිසිවකුට ඇතිවිය හැකි ය. එහෙත් මගෙන් බාහිරව ඇති මනසක් නොමැත.

එහෙත් ඇතැම් අවස්ථාවල භූතයන් ආදීන් ඇතැමුන්ගේ මනසට වැහෙන බව පෙනී යයි. එවැනි අවස්ථාවල මනස වැසී තාවකාලික ව වෙනත් සත්වයකු විසින් යොදාගැනෙන බවක් පෙනී යයි. මෙහි වැහෙනවා යන වචනයේ අර්ථය කුමක් වුවත් එක්තරා ආකාරයකින් අදාළ පුද්ගලයාගේ මනස වැසී යෑමක් සිදුවෙයි. ඇතැමි අවස්ථාවල අපි මට යකා වැහෙනවා ආදී වශයෙන් යොදා ගනිමු. එහි දී සිදුවන්නේ යකා වැහුණු තැනැත්තා යකකු මෙන් හැසිරීම ය. යකා වැහෙනවා යන්නෙන් යකකු මනසට ආරුඪ වීමක් ගැන නො කියැවුණ ද ඉන් අදහස් වන්නේ යක්‍ෂ යනුවෙන් හැඳින්වෙන අමනුෂ්‍යයකු යම් පුද්ගලයකුගේ මනසට ආරූඪ වූවහොත් ඒ පුද්ගලයා ක්‍රියාකරන ආකාරයට එහි දී ක්‍රියාකාරිවීමක් සිදුවන බව ය.

භූතයකු වැහෙනවා යන්න හා දෙවියකුගෙන් යමි යමි දේ දැනගැනීම අතර වෙනසක් ඇති බව පෙනී යයි. භූතයන් වැහෙනවා හෙවත් භූතයන් ආරුඪ වෙනවා යන්නෙන් යමි භූතයකු පුද්ගලයකුගේ මනස මෙන් ම සිරුර ද යොදා ගැනීමක් අදහස් කෙරෙයි. එහි දී ඉහළ මටිටමෙි දෙවියකුගෙන් යමිකිසි ආකාරයක වරමි ගැනීමක් ද සිදුවෙයි. භූතයා යමි පුද්ගලයකුට ආරුඪ වීමත් සමග ඒ පුද්ගලයාගේ මනස මෙන් ම සිරුර ද එක්තරා අයුරකින් ගත්කල අක්‍රීය වෙයි. එනමි ඒ පුද්ගලයාට අවශ්‍ය ආකාරයකින් මනස තබා සිරුරවත් ක්‍රියා නොකරයි.

අදාළ පුද්ගලයා මියගොස් නැති නමුත් ඒ පුද්ගලයාගේ සිරුර ද දිරාපත් වී හෝ කුණු වී හෝ නැති නමුත් ඒ සිරුර ක්‍රියාත්මක වන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට නො වෙි. එපමණට ඒ පුද්ගලයාගේ සිරුර අක්‍රීය වෙයි. එහෙත් ඉන් අදහස්වන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වය මුළුමනින් ම නැති වී ගොස් ය යන්න නො වෙි. දැන් සිරුර ක්‍රියාත්මක වන්නේ ආරුඪ වූ භූතයාට අවශ්‍ය ආකාරයට ය. අදාළ පුද්ගලයාට සිරුර සමිබන්ධයෙන් තීරණ ගත හැකි නො වෙි.

එහෙත් අදාළ පුද්ගලයාගේ නාමය තවදුරටත් සිරුර තුළ කොටු වී ඇත. නාමය සිරුර හෙවත් රූපය හැර ගොස් නැත. පුද්ගලයාගේ සිරුර ද නාමය ද කලින් මෙන් ම පැවතිය ද රූපය අත්හැර නාමය වෙනත් භවයකට නොගිය ද නාමයට ක්‍රියාකාරීත්වයක් නැත. ඒ නාමය අක්‍රීය ව පවතින බැවින් දැන් සියළු කටයුතු කෙරෙන්නේ භූතයාට අවශ්‍ය පරිදි ය. එහෙත් අදාළ පුද්ගලයා නැත්නමි නාමය ද තවමත් සිරුර තුළ වෙයි.

පසුගිය ලිපියෙහි මෙවැනි අවස්ථාවල දී එක්වර සත්වයන් දෙදෙනකු සිරුරට අරක්ගෙන සිටින්නේ යැයි කියා ඇත්තේ මෙි තත්වය පැහැදිලි කිරීමට ය. එහෙත් එහි දී අවධාරණය කළ යුත්තේ එක්වර සත්වයන් දෙදෙනකු සිරුරට අරක් ගෙන සිටිය ද ක්‍රියාත්මක වන්නේ භූතයා බව ය. සිරුර අයත් පුද්ගලයා එහි දී අක්‍රීය තත්වයකට පත්වෙයි. භූතයා කරන කියන දෙයට සිරුර අයත් පුද්ගලයා වගකිව යුතු නැත.

එහෙත් දෙවියන් සමිබන්ධ කරුණුවල දී තත්වය වෙනස් වෙයි. මා අසා ඇති ආකාරයට ඉතා ප්‍රබල දෙවියන්ට මිනිසුන් සමග සංවාද කළ හැකි ය. එහෙත් ඒ ඕනෑම මිනිසකු සමග නො වෙි. ඒ පුද්ගලයා ඒ සඳහා පාරමි ධර්ම පුරා තිබිය යුතු අතර බොහෝ විට පෙර භවයක යමිකිසි ඥාතීත්වයක් ද අදාළ දෙවියන් සමග තිබිය යුතු ය. මෙවැනි අවස්ථාවල දී පුද්ගලයා අක්‍රීය නො වෙි. පුද්ගලයා ඉතාමත් සවිඥානික ව සිටින අතර දෙවියන් කියන දෙය සෙසු පුද්ගලයන්ට දැනුමි දෙන වාහකය බවට ද පත්වෙයි.

මෙහි දී දෙවියන් අදාළ පුද්ගලයා සමග යමි සංවාදයක යෙදෙයි. එහෙත් දෙවියන් සිටින්නේ අදාළ පුද්ගලයාගේ සිරුරට බාහිරව ය. දෙවියන් හා අදාළ පුද්ගලයා ප්‍රාණීන් දෙදෙනකු ලෙස කටයුතු කරති. දෙවියන් පුද්ගලයාගේ සිරුරට ආරූඪ වීමක් නැත. වෙනස් ප්‍රාණීන් දෙදෙනකු එකිනෙකා සමග කතාකරන ආකාරයට ම නොවුණත් ඔවුහු එකිනෙකා සමග සංවාදයක නිරත වෙති.

ඒ සංවාදය කටින් හා කණින් කෙරෙන්නක් නො වෙි. ඒ කෙරෙන්නේ කෙසේ දැයි මම නො දනිමි. ඇතැමි විට එය මනස (නාමය) ඔස්සේ පමණක් සිදු කෙරෙන්නක් යැයි විශ්වාස කළ හැකි ය. එහෙත් එවැනි අවස්ථා දෙකක් මගේ අත්දැකීමි අතර වෙයි. මෙහි වඩාත් ම අවධාරණය කළ යුත්තක් නමි වෙනත් පුද්ගලයන් නිරීක්‍ෂණය කරමින් සිටිය දී ද මෙි සංවාදය සිදුවන බව ය.

අදාළ දෙවියන් හා අදාළ පුද්ගලයා දෙදෙනකු ලෙස සිටිය දී ඇතැමි විට අවශේෂ පුද්ගලයන් ද එකතු කර ගනිමින් මෙි කතාබහ සිදුවෙයි. මෙහි දී දෙවියෝ ද සාකචිඡාවෙි නිරත වී සිටින තවත් පුද්ගලයෙක් වෙති. ඒ දෙවියන් අදාළ පුද්ගලයා සමග සංවාදයෙහි නිරතවනවා පමණක් නො වෙි. එහි සිටින අනෙක් පුද්ගලයන්ට ද දෙවියන් සමග අදහස් හුවමාරු කරගත හැකි ය. එහෙත් ඒ කළ හැකි වන්නේ දෙවියන් සමග සෘජුව සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයා ඔස්සේ ය.

අනෙක් පුද්ගලයන් ට ඒ අදාළ පුද්ගලයා මගින් දෙවියන්ගෙන් ප්‍රශ්න ඇසිය හැකි ය. ඇතැමි ප්‍රශ්නවලට දෙවියෝ පිළිතුරු දෙති. ඇතැමි ප්‍රශ්න සමිබන්ධයෙන් මුනිවත රකිති. සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන් දෙවියන්ගෙන් අසන ප්‍රශ්න දෙවියන්ගේ දිවකන්වලට ඇසෙනු නො අනුමාන ය. එහෙත් දෙවියන් දෙන පිළිතුරු හෝ දෙවියන් අසන ප්‍රශ්න හෝ සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන්ට නො ඇසෙයි. දෙවියන් කියන දේ ඇසෙන්නේ, නැතහොත් මනසට ගෝචර වන්නේ අර පාරමී ධර්ම පුරා දෙවියන් සමග සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයාට පමණ ය. ඒ තැනැත්තා අනෙක් අයට දෙවියන්ගේ ප්‍රශ්න හා පිළිතුරු සන්නිවෙිදනය  කරයි.

මෙලෙස දෙවියන් සමග සංවාදයෙහි යෙදෙන පුද්ගලයන් බොහෝ දෙනකු මෙරට ඇති බව මගේ විශ්වාසයයි. එවැන්නන් ගැන යමි තොරතුරු වෙතොත් අපට ඒ දන්වන්නේ නමි කෘතඥ වෙමි. තමන් විද්‍යාඥයන් යැයි සිතන්නන් හෝ බටහිර විද්‍යාඥයන්ගේ අනුගාමිකයන්, ඊනියා යථාර්ථවාදීන්, වාස්තවිකවාදීන් යැයි සිතන්නන් හෝ ඉහත සඳහන් කරුණු නො පිළිගනු ඇත. එහෙත් ඔවුහු තමන්ගේ බටහිර ස්වාමිවරුන්ට අදහස් එන්නේ කෙසේ දැයි නො දනිති. තර්කානුකූල ව, එනමි ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ ව තර්ක කිරීමෙන් නව අදහස් නොලැබෙන බව ඔවුහු නො දනිති. නව අදහස් ලැබෙන්නේ තර්කයෙන් නොව තර්කයට පිටින් යෑමෙනි.

මෙි සමිබන්ධයෙන් හොඳම උදාහරණය රසායන විද්‍යාවෙි ප්‍රධාන නමක් ලෙස කියැවෙන කෙක්‍යුලේ ය. ඔහු බෙන්සීන් වලය පිළිබඳ අදහස දැක ඇත්තේ සිහිනයෙනි. එතෙක් රසායන විද්‍යාවෙි අණු සංකේතාත්මක ව ලියැවුණේ රේඛීය ව ය. එහෙත් බෙන්සීන් අණුව එසේ රේඛීය ව ලිවිය නොහැකි විය. දැන් ඒ කරුණ පිළිබඳ ව කෙතෙක් තර්කානුකූල ව සිතුවත් බෙන්සීන් අණුව රේඛීය ව ලිවිය නො හැකි ය.  කෙක්‍යලේ මෙි සමිබන්ධයෙන් කෙතෙක් කල්පනා කළ ද ඉන් කිසිම ප්‍රතිඵලයක් අත් නො වී ය. දිනක් ඔහු තමා තමාව ම ගිලින සර්පයකු සිහිනෙන් දුටුවේ ය. තමා තමා ව ම ගිලින සර්පයකු පෙනෙන්නේ වලයක ආකාරයක ට ය. බෙන්සීන් වලය පිළිබඳ අදහස උපත ලද්දේ ඒ අයුරිනි.

කෙක්‍යුලේ දෙවියන් සමග සංවාදයක යෙදී බෙන්සීන් වලය පිළිබඳ අදහස ලබාගත්තේ යැයි මෙයින් නො කියැවෙයි. එහෙත් සිහින යනු ඇරිස්ටෝටලීය න්‍යායට සහ පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයට ගැලපෙන පරිදි පෙනෙන දෑ නො වේ. අපට පොල්ගස්වලට උඩින් පැන යා හැකි බළලුන් සිහිනවල දී දැක ගත හැකි ය. එවැනි සිහින ඔස්සේ ද අපට නව අදහස් ලැබෙයි.

අපට දෙවියන් සමග කරන සංවාදවලදී ද නව අදහස් සෘජුව හෝ වක්‍රව හෝ ලබාගත හැකි ය. දෙවියෝ ඇරිස්ටෝලීය න්‍යායට සීමා නො වෙති. එමෙන් ම ඔවුන්ගේ ලෝකයේ අත්දැකීමි පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය මත පදනමි වී නැත. මේ ලෝකය පංචෙන්ද්‍රිය ගෝචර විය යුතු යැයි සිතන්නෝ ක්වොන්ටමි භෞතිකය පිළිබඳ හාන්කවිසියක්වත් නො දනිති. බටහිර විද්‍යාඥයන් නමි තවමත් සිතන්නේ ලෝකය යනු පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් බව ය. ඔවුන්ට පංචෙන්ද්‍රිය ගෝචර නොවන ක්වොන්ටමි භෞතිකය නොතේරෙන්නේ එබැවිනි. ඉතා පැහැදිලිව ම බටහිර විද්‍යාවෙි ලෝකය කඩා වැටෙමින් පවතියි. එයට විකල්ප දැනුමි පද්ධතියක් ගොඩ නැගීමෙි කාර්යභාරය වෙයි. එහි දී පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පවලට සීමා නොවන දෙවියන්ගෙන් ඉගෙන ගැනීමට හැකි නමි ඒ කළ යුතු ය.