Main Logo

Saturday, 19 August 2017

නීල මහා යෝධයා




නීල මහා යෝධයා 


නීල මහා යෝධයා නමින් ද ලිපි ලියන  lankaweb හි සංස්කාරකවරයකු ලියා ඇති ලිපියක් මේ සමග පිළිවෙනවා. ඔහු එංගලන්තයේ ජීවත්වන වයස අවුරුදු හැත්තෑවට වැඩි බෞද්ධයෙක්. මා ඔහු විශ්වාස කරන  බුදුදහම හා  ඔහුගේ සංස්කෘතික බුද්ධාගම සමග එඟ නොවන බැවින් ඔහු මේ ලිපිය තම වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඉන් පසු ඔහු මගේ කිසිම ලිපියක් තම වෙබ් අඩවියේ පළ නොකිරීමට තරම් මෛත්‍රිය උපදවාගෙන. ඔහුට පිළිතුරු කාලයේ කොටස් වශයෙන් පළ වේවි.

Tuesday, 15 August 2017

ඕල්කට් බුද්ධාගම

ඕල්කට් බුද්ධාගම




දින කිහිපයකට මේ ලිිපිය පළවන්නේ නැහැ.  ලිපිය අගෝස්තු 19 වැනි දින සිට  නැවත පළ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඕල්කට් බෞද්ධයන් ගැන මා ලියූ ලිපියට පිළිතුරු ලිපියක් නීල මහා යෝධයා නමින් තම වෙබ් අඩවියේ ම ලිපි ලියන එහි පරිපාලකයකු ලියා තිබෙනවා. එය පසුව පළ කිරීමට බලාපෙරොත්තු වෙනවා.


එතෙක් ඕල්කට් බෞද්ධයන් ගැන ලියු ලිපිය නැවතත් මෙසේ පළ කරනවා.


නලින් ද සිල්වා

2017 අගෝස්තු 15



Monday, 14 August 2017

අපේ දේශප්‍රේමය  


අපේ දේශප්‍රේමය



ලෝකයේ නොයෙකුත් සංස්කෘතීන් තියෙනවා. සංස්කෘතිය කියන වචනය නැති සංස්කෘතීන් ද තියෙනවා. සිංහල භාෂාවේත් සංස්කෘතිය කියන වචනය තිබුණේ නැහැ. එය කල්චර් කියන ඉංගිරිසි වචනෙට හදාගත්ත සිංහල වචනයක්. ඒත් අපට අපේ සංස්කෘතිය ගැන වැටහීමක් තිබුණා. කල්චර් කියන වචනෙ වැඩීම යන අර්ථය තියෙනවා. බටහිර විද්‍යාව අනුකරණය කරන මෙරට උගතුන් ද නොයෙකුත් කල්චර් කිරීම් කරනවා. කොහොමත් සංස්කෘතිය කියන වචනයේ ඉංගිරිසි වචනයෙන් කියැවෙන්නේ අප හැදිලා තියෙන විධිය.

Sunday, 13 August 2017

ජාත්‍යන්තර ආණ්ඩුවක්  


ජාත්‍යන්තර ආණ්ඩුවක්



මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට යම් යම් දේට බදු දීමට තීරණයක් ගන්න යනවා. ආණ්ඩුව කිව්වෙ බටහිරයන් තම ප්‍රතිපත්ති අනුමත කරන නිසා තමන්ට ආධාර ලැබෙන බවයි. එහෙත් එක් පැත්තකින් බටහිරයන්ට අපට ආධාර කිරීමට තරම් ශක්තියක් නැහැ. ඔවුන්ගේ රටවලත් ආර්ථිකය කඩා වැටෙන්නෙ කොයි මොහොතෙ ද කියලා කියන්න බැහැ. අනෙක් පැත්තෙන් රණවිරු දඩයම ගැන ආණ්ඩුව දැනට කර ඇති දේ බටහිරයන්ට අනුව සොච්චමක්. ඒ දඩයම තවදුරටත් වැඩි වැඩියෙන් කිරීම බටහිරයන්ගෙ බලාපොරොත්තුවයි. බටහිරයන්ට මුදල් නැහැ. එමෙන් ම ආණ්ඩුවේ රණවිරු දඩයම ගැන බටහිරයන් සෑහීමකට පත් වී නැහැ.

Saturday, 12 August 2017

විසිවැනි සංශෝධනය  

විසිවැනි සංශෝධනය

හර්තාලයට අදට අවුරුදු 64ක් වෙනවා. මා මෙය සඳහන් කරන්නේ හර්තාලය ගැන ලිවීමට නො වෙයි. සමසමාජ කොමියුනිස්ට් පාක්‍ෂිකයන්ට අද හර්තාල් දවස බව මතක් වේවි ද යන්න දැන ගන්නත් එක්ක. ඒ කාලෙ අප දැන ගෙන හිටියෙ පනස්හයත් හර්තාලයේ ප්‍රතිඵලයක් හැටියට. හර්තාල් කියන්නෙ මා දන්නා විධියට හින්දි නමක්. ඒකට සිංහල නමක් නැහැ. එක කාලයක මේලා වැනි හින්දි නම් රටේ ප්‍රචලිත වුණා. දැන් නම් කෙලින් ම ඉංගිරිසි නම් තමයි කියැවෙන්නෙ. අපේ ගෙදර පොඩි උත්සවයක් තියෙනවයි කිව්වම තරුණයන් මගෙන් අහන්නෙ ෆන්ක්ෂන් එකක් ගැන.ඒ මොනව වුණත් හර්තාලයෙන් වුණු වැඩේ ඩඩ්ලි සේනානානයක අගමැති කමෙන් ඉවත් වෙලා ජෝන් කොතලාවල ඒ තනතුරට පත් වෙච්ච එක. හර්තාලෙ ගැන දැනට ඊට වැඩිය කතා කරන්න ඕනෙ නැහැ.

Friday, 11 August 2017

අලවංගු සංස්කෘතිය


අලවංගු සංස්කෘතිය



අලවංගුවට ඇතැම් පළාත්වල යකඩය කියාත් කියනවා. තවත් නම් ඇති. නම කුමක් වුවත් අකුණු වදින වෙලාවට හෙණ ගහන විට එය ගෙයින් ඉවතට විසි කරනවා. ඒ හෙණය ගෙට පාත් වීම වැළැක්වීමට. රවිත් අලවංගුව වගේ. දැන් ඊනියා යහපාලනයට හෙණ වදින්නෙ නැහැ කියලා හිතනවා ඇති. ඒක එහෙම වෙන්නත් පුළුවන්. මේ බැඳුම්කර කෝළමේ එක් ජවනිකාවක් විතරක් නොවෙයි. ඒකෙ අවසානයත්. දැන් පොතේගුරාට (කතානායකට) හොද අත්වැලක් අල්ලන්න පුළුවන්.

Thursday, 10 August 2017

සාමාන්‍ය ජනයාට කතාවක්


සාමාන්‍ය ජනයාට කතාවක්



දේශපාලනයේ ජනතාව කියන්නන් අතර ප්‍රශ්න සාකච්ඡා වන්නේ දේශපාලනඥයන්, ඊනියා උගතුන්, සිවල් සාමාජිකයන්, රාජ්‍ය නොවන බැළයන් ආදීන් සාකච්ඡා කරන ආකාරයට නො වෙයි. සයිටම් ප්‍රශ්නය වැදගත් වුණේ පසුව සඳහන් වූ අයට පමණයි. ඇතැම් ජනමාධ්‍ය කෙතරම් උත්සාහ කළත් ඒ ප්‍රශ්නය ජනතාව යැයි කියන්නන් අතරට ගියේ නැහැ. ඒ ජනමාධ්‍ය කරන්නේ ආණ්ඩු විරෝධී රැල්ල මත පිහිනා තමන්ගේ ජනප්‍රියතාව වැඩි කරගෙන වෙළෙඳ දැන්වීම් ලබා ගෙන ආදායම වැඩි කර ගැනීමයි. හැකි නම් ආණ්ඩුව පෙරළා දැමීමට ද ඔවුන් උත්සාහ කරනවා. එහෙත් එයට තරමක් බයයි. තම බලපත්‍රය තහනම් කරාවි ද කියලා බයක් තියෙනවා. ඒ අතර ඔවුන්ගේ ලොක්කන් අගමැතිට වතුර අල්ලනවා.

Wednesday, 9 August 2017

සිංහල බෞද්ධ දෙමළ හින්දු සබඳතා  


සිංහල බෞද්ධ දෙමළ හින්දු සබඳතා




අද ලිපිය ලෙස පළවන්නේ ඊයේ රිවිර පත්‍රයෙහි පළ වූ සාකච්ඡාවක්. එය පහත සඳහන් වෙබ් පිටුවෙන් ලබා ගන්න පුළුවන්. එහි ඇතැම් කරුණක්  පිළිබඳ පැහැදිලි කිරීමක් පහත පළවෙනවා.






මෙහි මා හඳුන්වා දී තිබෙන්නේ ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛතම චින්තකයා ලෙස. නීල මහා යෝධයා නමින් තම වෙබ් අඩවියට ම ලියන එංගලන්තයේ පළ වන ලංකා වෙබ් අඩවියේ සංස්කාරක විශ්‍රාමික ඉංජිනේරුවරයා ඇතුළු ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකුට එය වහකදුරු මෙන් වන බව මා දන්නවා. සංස්කාරකවරයා මට විරුද්ධව ඔහුගේ වෙබ් අඩවියට ලිපියක් ලියා තිබෙනවා. එයට පිළිතුරක් ළඟදී ම පළවේවි. ඇතැමුන් රිවිර ලිපිය මගේ සෙල්ෆියක් (ඔවුන්ගේ අර්ථදැක්වීම අනුව මා ඉහළින් තබා ගෙන අනෙක් අය පහත් කිරීමක්) ලෙස සලකන්න පුළුවන්. මා මේ සාකච්ඡාව ලියා ඇති ලේඛකයා  දැක ඇත්තේ එක දිනක් පමණයි. ඔහු සමග කතා කර ඇත්තේ දුරකතනයෙන් ද ඇතුළුව අවස්ථා තුනක දී පමණයි. ඔහුගේ හැඳින්වීම ගැන මට කරන්න දෙයක් නැහැ. 

Tuesday, 8 August 2017

බටහිර විද්‍යාවේ ඌනිතවාදය


බටහිර විද්‍යාවේ ඌනිතවාදය





බටහිර විද්‍යාව පිළිබඳ ඇතැම් බටහිර දාර්ශනිකයන් හා බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් අතර ඇති එක් විවේචනයක් නම් එහි ඇතැයි කියන ඌනිතවාදයයි. මෙයට ඉංගිරිසියෙන් රිඩක්ෂනිසම් කියා කියනවා. මෙරට බොහෝ දෙනා ඌනිතවාදය ගැන අසා නැතිවා විය හැකියි. එහෙත් අවුරුදු තිහකට පමණ පෙර අප බටහිර විද්‍යාවෙන් කැඩීමේ දී අපත් ඇතැම් බටහිරයන් මෙන් ඌනිතවාදයට විරුද්ධ වුණා. මෙරට සිටින බටහිර විද්‍යාව පිළිබඳ දාර්ශනිකයකුට අනුව මෙවැනි බොහෝ දේ ලෝකයට පළමුවෙන් කියා ඇත්තේ ඔහු සිතන විධියට මෙරට පහළ වූ ඉහළ ම බුද්ධිමතෙක්. ඒ බුද්ධිමතාගේ පොතකට දාර්ශනිකයා ලියූ පෙරවදනක ඒ බව සඳහන් වෙනවා. අද ලංකාවේ විශ්වවිද්‍යාලවල බටහිර විද්‍යාවේ දර්ශනය ගැන පශ්චාත් උපාධියක් ඇති එකම තැනැත්තා ඒ දාර්ශනිකයා වුවත් ඔහු කියන දේ ගැන මට විශ්වාසයක් නැහැ. ලංකාවේ බටහිර විද්‍යාවේ දර්ශනය ගැන පශ්චාත් උපාධියක් ලත් අනෙක් එකම තැනැත්තා එහෙම දෙයක් කියා නැහැ. ඔහු සමහරවිට අර අද්වීතීය බුද්ධිමතා ගැන නොදන්නවා විය හැකියි. ඒ බුද්ධිමතා දැන් වැඩිපුර ඉන්නේ චීනයේ.

Monday, 7 August 2017

බැඳුබැඳුම්කර කෝළම

බැඳුම්කර කෝළම

දැන් හැමෝම මහා බැංකු බැඳුම්කර ගැන කතා කරනවා. හොරකම් ගැන හැමෝම වගේ කතා කරන්නෙ තමන් කිසිදාක කිසිම හොරකමක් නොකළ අය වගේ. ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේ දී කරන හොරකම් ද හොරකම් තමයි. කාර්යාලයේ දුරකථනයෙන් මුදල් නොගෙවා ඇමතීමත් හොරකම්. මේ බොහොමයක් හොරකම්වලිනුත් සතේකින් හරි පාඩු වෙන්නෙ රටට. ඒත් මේ හොරකම් බැඳුම්කර හොරකමත් එක්ක ගත්තම ඉතාමත් සුළුයි. ඒවා නොගිණිය හැකි තරම්. උසස් පෙළටවත් ගණිතය හදාරපු අය දන්නවා නොගිණිය හැකි කියන යෙදුමේ තේරුම. ඉන් කියැවෙන්නේ ඒ හොරකම් යුක්තියුක්ත කෙරීම නො වෙයි. ඒවත් හොරකම්. ඒත් වෙනත් සමහර හොරකම් එක්ක ගත්ත ම ඒවා ඉතාමත් සුළුයි.

Sunday, 6 August 2017

පරිසරය රැකීම


පරිසරය රැකීම





පරිසරය ගැන අද බොහෝ දෙනා කතා කරනවා. පරිසරය, ස්වභාව ධර්මය, තිරසාර සංවර්ධනය, ස්වාභාවික සම්පත්, ශක්ති ප්‍රභව ආදිය එකිනෙක සමග බැඳී පවතිනවා. පරිසරවේදය හදාරන්නන් එමටයි. පරිසරවේදීන්ට අද සමාජයේ වැදගත් තැනක් හිමි වෙලා. පරිසර ජනමාධ්‍යවේදීන් ද ඉන්නවා. මා හිතන අන්දමට ස්වභාව ධර්මයේ රක්‍ෂණය වෙනුවෙන් කැප වුණු සංවිධාන ද තිබෙනවා. එහෙත් ඒ අතර ස්වාභාවික සම්පත් හීන වෙනවා.

Saturday, 5 August 2017

ආවා කල්ලිය




ආවා කල්ලිය



ආවා කල්ලිය දැන් නිතර එනවා. ඔවුන් යාපනයේ නිතර දකින්න පුළුවන්. ආවා කල්ලිය කවුද කියලා ආණ්ඩුව දන්නෙ නැති පාටයි. ආණ්ඩුව බුද්ධි අංශය දුර්වල කරපු නිසා, ඔවුන් අධෛර්යමත් කරපු නිසා බුද්ධි අංශය දැන් නැති ගාණයි. බුද්ධි අංශයේ අය සිරගත කරමින් ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ආණ්ඩුව දෙමළ ජාතිවාදය පිනවනවා. ආවා කල්ලිය කවුරුන් වුවත් බුද්ධි අංශය දුර්වල කිරීම මොන මොන කල්ලිවල වුවත් වර්ධනයට හේතු වෙනවා.

Friday, 4 August 2017

ඕල්කට් බුද්ධාගම


ඕල්කට් බුද්ධාගම



එංගලන්තයේ පළ කෙරෙන ලංකාවෙබ්  අඩවියට නීල මහා යෝධයා නමින් ලියන අයකු නැවතත් හදිසියේ නැගිටලා. ඔහු කුම්භකර්ණ මෙන් කාලයක් නිදා ගන්නවා ද කියා දන්නේ නැහැ. ඒත් ඒ කුම්භකර්ණ ගැන තියෙන එක් විවරණයකට අනුවයි. ඇතැමුන්ට අනුව කුම්භකර්ණ කියන්නේ කුඹුක්කන් ඔය ප්‍රදේශයට අධිපති වූ අයකු. ඔහු රාවණගේ සොහොයුරකු ලෙස ඒ ප්‍රදේශය රාවණ වෙනුවෙන් කරවූ අයකු ලෙස හැඳින්වෙනවා. බිම්තැන්න මහියංගණය වුණා සේ කුඹුක්කන් කුම්භකර්ණ බවට පත් වී තියෙනවා. ඉන්පසු එයට අර්ථකථන කෙරෙනවා . කුඹුක්කන් නිදා සිටි තැනැත්තකු ලෙස අර්ථදක්වන්න බැහැ. මේ ගැන දැනට තවදුරටත් කතා කරන්නේ නැහැ. මා මෙයින් තැත් කරන්නේ විවිධ අර්ථනිරූපණ, විවරණ ඇති බව පෙන්වීමට පමණයි. ඒ අර්ථනිරුපණ අනුව තව තවත් කතා ගෙතෙනවා. ලෝක විවිධයි. මගේ ලෝකය කියවූ අයකු ඒ ගැන දන්නවා.

Thursday, 3 August 2017

ජී එල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය  


ජී එල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



අප රටේ ජනමතය හසුරුවන්නේ ටික දෙනයි. ජනමතය හැසිරවිය හැක්කේත් කිහිප දෙනකුගේ පමණයි. එහෙත් ඒ කිහිප දෙනා මැතිවරණයක දී වැදගත් වන්න පුළුවන්.   ජනමාධ්‍ය මගින් ජනමතය හැසිරවීමේ  හැකියාව ලබා ඇති කිහිප දෙනකු ඉන්නවා. ජනමතය හසුරුවන්නන් බොහෝ විට සිතන්නේ දේශපාලන පක්‍ෂවල සාමාජිකයන්, හිතවතුන් ලෙස. තමා ආධාර කරන දේශපාලන පක්‍ෂයේ නායකයන්ගේ කිසිම වරදක් දකින්න මේ අය කැමති නැහැ. ඔවුන්ගේ බැඳීම් පක්‍ෂයට (සාමාජිකයකු වුවත් නැතත්) මිස රටට නො වෙයි. මහින්දගේ කිසිම වරදක් නොදකින්නන් මෙන් ම රනිල්ගේ කිසිදු  වරදක් නොදකින්නන් ද  රටේ ඉන්නවා. 

Wednesday, 2 August 2017

කළු කුහර ද බෝසෝන තාරකා ද  


කළු කුහර ද බෝසෝන තාරකා ද



පසුගිය ජූලි 15 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ වැදගත් ලිපියක් පළ වී තිබෙනවා. මා එය දැක්කේ දැනට දින දෙක තුනකට කලින්. මට පෙර එය කියවූ අය මෙරට ඉන්න පුළුවන්. ඒ අයත් සමහර විට ඒ ගැන ලියාවි. නිව් සයන්ටිස්ට් කියන්නෙ ජනප්‍රිය සඟරාවක් මිස ඊනියා පර්යේෂණ සඟරාවක් නො වෙයි. මා මේ කියන කතාව එවැනි පර්යේෂණ සඟරාවක කියවූ අයත් ඉන්න පුළුවන්. ඒත් මා දන්න කාරණයක් තමයි බොහෝ දෙනා බටහිර විද්‍යාව ගැන දැනගන්නෙ ජනප්‍රිය සඟරා කියවීමෙන් බව. ෂ්රොඩිංගර් සමීකරණය ලියා ගන්න බැරි අය, ක්වොන්ටම් යාන්ත්‍රිකයට අදාළ හිල්බට් අවකාශය ගැන හාන්කවිසියක් නොදන්න අය ක්වොන්ටම් දුරස්ථප්‍රවාහනය (ටෙලිපොටේෂන්) ගැන ලියනවා. පසුගියදා මා දැක්කා පිටරට සිටින මෙරට සුප්‍රසිද්ධ හෘද රෝග වෛද්‍යවරයෙක් ඒ ගැන ලියා තිබුණා. බුදුහාමුදුරුවන් සෘද්ධි වීම ක්වොන්ටම් කතා සමග සංසන්දනය කිරීමේ උත්සාහයක් මේ අය දරනවා. ඔවුන් සිතන්නේ ක්වොන්ටම් යාන්ත්‍රිකය සත්‍ය කියා ද? එයත් බටහිර විද්‍යාවේ අනෙක් ප්‍රවාද මෙන් ම පට්ටපල් බොරු පමණයි. බුදුදහම බටහිර විද්‍යාව ඇසුරෙන් තේරුම් කරන්න ගිහින් බූදුදහමත් බටහිර විද්‍යාවත් දෙක ම මේ ඇතැමුන් විකෘති කරනවා.



ජූලි 15 වැනි දා ලිපිය කළු කුහර ගැනයි. මේවා ඉංගිරිසියෙන් හඳුන්වන්නේ බ්ලැක් හෝල්ස් කියා. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් මේ ගැන කියැවෙනවා. බොහෝ දෙනා හිතන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගුරුත්වාකර්ෂණය තේරුම් කරනවා කියා. ඉහත කී ලිපියෙහිත් එවැනි අදහසක් කියැවෙනවා. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය කියන්නෙ දෙකක්. එකක් අනෙකේ පැහැදිලි කිරීමක් නො වෙයි. ඒත් බටහිරත් බොහෝ දෙනා සිතන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගුරුත්වය පැහැදිලි කෙරෙනවා කියා. ඒ දෙක ම පෙළොවට පොල් (ඇපල්) වැටෙන්නේ මොකද කියා කීමට ගෙතූ පට්ටපල් බොරු කතා පමණයි. අර හෘද රෝග විශේෂඥයා නම් නිව්ටන්ගෙ ඔළුවට ඇපල් ගෙඩියක් කඩා වැටුණු කතාවත් විශ්වාස කරන බවක් පේනවා. එවැන්නන් බටහිර විද්‍යාවේ කතන්දර විශ්වාස කරන එක පුදුමයක් නො වෙයි.



කළු කුහර ගැන සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කියැවුණත් ඒ මොනවා ද කියා කිසිවකු දන්නේ නැහැ. කළු කුහර ඇතුළෙ තියෙන්න මොනව ද කියලා ඇහුවෙත් කාටවත් පිළිතුරක් නැහැ. දන්න දේ තමයි කළු කුහරවලට ඇදගන්නා ද්‍රව්‍ය හා විකිරණවලට ආපහු ඒමක් නැති බව. අර ජාතක කතාවක, විජයගෙ කතාවෙ තියෙනවා වගේ. මෙරට පඬියකු ඒ ජලාශ තුළ කළු කුහරයක් තිබුණු බව හරි එකල මිනිසුන් කළු කුහර හැඳින්වීමට අධිපති යක්‍ෂයකු යොදා ගත් බව හරි කිව්වොත් මා පුදුම වෙන්නෙ නැහැ. කළු කුහරවලට ඇද වැටෙන වස්තුවලින් විකිරණ එන බව ස්ටීවන් හෝකින් අවුරුදු ගණනකට පෙර කියා තිබුණා. ඒ ක්වොන්ටම් යාන්ත්‍රිකය ඇසුරෙන් කෙරෙන්නක්. එය තරමක සංකීර්ණ කතාවක්. ඒ පිළිබඳවත් මතභේද තිබෙනවා. බටහිර විද්‍යාව ගැන බොරු දොඩවන්නන් ඊනියා නිරීක්‍ෂණ, ආනුභවිකත්වය ගැන මොනවා කිව්වත් මේ කළු කුහර නිරීක්‍ෂණය කරන්න බැහැ. මේ ගැන ඇත්තේ වක්‍ර නිරීක්‍ෂණ. 



හැටගණන්වලත් කළු කුහර පිළිබඳ ප්‍රශ්න තිබුණා. 1964 දී මේ වක්‍ර නිරීක්‍ෂණ අනුව සිග්නස් රාශියේ එක්ස් කිරණ නිකුත්වීමක් දැක්කා. එය කළු කුහරයකට ද්‍රව්‍ය වැටීමේ දී නිකුත් කෙරෙන කිරණ ලෙස හැඳින්වුවා. එහෙත් එය හැඳින්වීමක් පමණයි. එය කළු කුහර සොයමින් සිටි තාරකා විද්‍යාඥයන්ට යමක් ලැබීමක්. කෙසේ වෙතත් මේ කළු කුහරයක් ලෙස හඳුනාගත් විද්‍යාඥයන් එය Cyg X-1  ලෙස නම් කළා. 1970 පමණ වන විට විද්‍යාඥයන් එය කළු කුහරයක් බව විශ්වාසයෙන් යුක්ත ව ප්‍රකාශ කළා. ඉන් පසු තව තවත් කළු කුහර එලෙස වක්‍ර ව නිරීක්‍ෂණය කෙරුණු අතර විශ්වය ආරම්භයේ දී ඇති වී යැයි කියන කළු කුහර ගැනත් කියැවුණා.



මතක තබා ගත යුත්තක් නම් මේ නිරීක්‍ෂණ සෘජු නිරීක්‍ෂණ නොවන බවයි. කිසිවකු කළු කුහර සෘජු ව නිරීක්‍ෂණය කර නැහැ. ප්‍රවාදවලින් (කතන්දරවලින්) ද්‍රව්‍ය කළු කුහරයකට වැටීමේ දී ඝර්ෂණය වැනි ක්‍රියා හේතුවෙන් නිකුත් විය හැකි කිරණ ගැන අදහස් විද්‍යාඥයන්ට තිබුණා. කළු කුහර ලෙස හැඳින්වුණේ එවැනි කිරණ නිකුත් කෙරෙන වස්තු බව අමතක නොකළ යුතුයි. පසුගිය වසරේ නිරීක්‍ෂණය කෙරුණු ඊනියා ගුරුත්වජ තරංග සමග කළු කුහර සම්බන්ධයෙන් තවත් වක්‍ර නිරීක්‍ෂණ එකතු වුණා. 2015 දී  නිරීක්‍ෂණය කෙරුණු සංඥා කළු කුහර දෙකක් එකිනෙකට ආකර්ෂණය වීමේ දී නිකුත් කෙරෙන කිරණ ලෙස හඳුන්වනු ලැබුවා.



යමකුට හිතෙන්න පුළුවන් දැන් කළු කුහර තිබෙන බවට ඕනෑ තරම් සාක්‍ෂි තිබෙන බව. එහෙත් මෑතක ඉදිරිපත් වී ඇති මතයකට අනුව කළු කුහර දෙකක් එකිනෙක ආකර්ෂණය කිරීමේ දී නිකුත් කෙරෙන්නේ යැයි කියන කිරණ තවත් ආකාරයකට, තවත් කතන්දරයකට අනුව තේරුම් කර දෙන්න පුළුවන්. බෝසෝන තාරකා නමින් හැඳින්වෙන තාරකා දෙකක් එකිනෙක ආකර්ෂණය කිරීමේදීත් එවැනි කිරණ නිකුත් වන බව කියනවා. සමහරවිට තවත් කතන්දර තියෙන්න පුළුවන්.   



බෝසෝන තාරකා ගැන විද්‍යාඥයන් එතරම් උනන්දුවක් දක්වා නැහැ. එහෙත් වසර කිහිපයකට ඉහත දී හිග්ස් බෝසෝනය නමැති බෝසෝනය  නිරීක්‍ෂණය කිරීමෙන් පසු විද්‍යාඥයන් බෝසෝන තාරකා ගැන උනන්දුවෙන් අධ්‍යයනය කර තිබෙනවා. බෝසෝනයක් තවත් එවැනි ම බෝසෝනයක් සමග එකට පවතින්න පුළුවන්. ෆෝටෝන නමින් හැඳින්වෙන ආලෝක අංශු ද බෝසෝන වර්ගයක්. ෆෝටෝන, ග්ලූටෝන හා ග්‍රැවිටෝන කියන බෝසෝන වර්ග තුනට නිසල ස්කන්ධයක් නැහැ. එහෙත් ඒවාට ශක්තිය තිබෙනවා. අවශ්‍ය නම් ඒ බෝසෝනවලට ස්කන්ධයක් නියම කරන්න පුළුවන්.



1955 දී පමණ ජෝන් වීලර් නම් භෞතික විද්‍යාඥයා තාරකා සෑදී ඇත්තේ ෆෝටෝනවලින් යැයි මතයක් ඉදිරිපත් කළා. එහෙත් විවිධ හේතූන් නිසා ඒ මතය ප්‍රතික්‍ෂෙප වුණා. එසේ වුවත් විවිධ ආකාරයේ තාරකා තියෙන්න පුළුවන්. අද විද්‍යාඥයන් බෝසෝන තාරකා ගැන කතා කරනවා. එහෙමත් නැත්නම් කතන්දර හදනවා. මේ කතන්දර වියුක්ත කතන්දර. අද ඇතැම් විද්‍යාඥයන් කියන්නේ කළු කුහර නමින් නිරීක්‍ෂණය වී ඇති සමහර වස්තු බෝසෝන තාරකා කියායි.



කළු කුහර නමින් හැඳින්වෙන වස්තු හා බෝසෝන තාරකා වස්තු දෙවර්ගයක් ලෙස දැනට විද්‍යාඥයන් සිතනවා. එහෙත් ඒ එකම වස්තු විය හැකි ද? කළු කුහර නමින් හැඳින්වෙන්නේ බෝසෝන තාරකා ද? බෝසෝන තාරකාවල ඇත්තේ ග්‍රැවිටෝන ද? ද්‍රව්‍ය කළු කුහරයක් තුළට යෑමේ දී ග්‍රැවිටෝන බවට පත් වන්නේ ද? මේ ගැන විද්‍යාඥයන් පසුව කතන්දර ගොතාවි. එහෙත් මේ සියල්ල කතන්දර පමණක් බව අමතක නො කරමු. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 02






Tuesday, 1 August 2017

ජනාධිපති බලතල


ජනාධිපති බලතල



මෛත්‍රිපාල ඊයෙ පෙරේදා හොඳ කතාවක් කියලා තිබුණා. ඒක ඒකාබද්ධ විපක්‍ෂයට තමන් ඉන්නෙ කොහෙද කියන එක තේරුම් ගැනීමට උපකාරී වේවි.  මෛත්‍රිපාල කියලා තිබුණෙ මන්ත්‍රීවරුන් 113 දෙනකු එකතු කර ගත්තත් ආණ්ඩුවක් පිහිටුවන්න තමන් ළඟට එන්න ඕන කියලා. ඒක තමයි ව්‍යවස්ථානුකුල තත්වය. පාර්ලිමේන්තුවට එකතු වෙලා අගමැතිවරයකු තෝරා ගෙන ඔහු අගමැති ලෙස පත් කරන්න කියලා ජනාධිපතිගෙන් ඉල්ලන්න බැහැ. ජනාධිපති පාර්ලිමේන්තුවෙ වැඩි පුර මන්ත්‍රි සංඛ්‍යාවක් ඉන්න පක්‍ෂයෙ නායකයා අගමැති ලෙස පත් කළ යුතු යැයි ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙත් නැහැ.

Monday, 31 July 2017

සිංහල ජාතිය නිවන් දැක්කවීම  


සිංහල ජාතිය නිවන් දැක්කවීම



මේ රටේ දැන් මාර්ගඵල ලාභීන් රාශියක් සිටින බව ආරංචියි. එයින් ඇතැමුන් රහතන් වහන්සේ බව කියනවා. රහතන් වහන්සේ නමක හඳුනාගැනීමට නිර්ණායක නැහැ. බුදු හාමුදුුරුවන් හඳුනා ගැනීමත් එකල බොහෝ දෙනාට ප්‍රශ්නයක් ව තිබූ බව පැහැදිලියි. මා කියන්නේ නැහැ දැන් මෙරට මාර්ගඵල ලාභීන් නැහැ කියා. මෙකල බුදුන් වහන්සේ දෙසූ ධර්මය තියෙනවා. පාරමී දම් පිරූ තැනැත්තන් සමාජයේ ඉන්න පුළුවන්. කිසිවකුට මාර්ගඵල ලාභියකු රහතන් වහන්සේ නමක වීමට බාධාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.

Sunday, 30 July 2017

හම්බන්තොට වරාය ගිවිසුම

හම්බන්තොට වරාය ගිවිසුම

කවුරු මොනවා කිවුවත් රනිල් තමාට අවශ්‍ය දේ කරන බව ඊයේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමෙන් පැහැදිලි වෙනවා. ඊයේ ගිවිසුමට බොරු වගන්තියක් එකතු කරලා එකඟතාවකින් ගිවිසුම ඕනෑම අවස්ථාවක සංශෝධනය කරන්න පුළුවන් කියලා. ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ වරාය අධිකාරිය හා චීන සමාගමක්. ඒ අය එකඟ වීම අදාළ සමාගම් දෙකේ වරාය අධිකාරිය සතු කොටස් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් හරි ගිවිසුම අනූනව අවුරුදු බද්දෙන් තිස් අවුරුදු බද්දකට අඩු කිරීම සම්බන්ධයෙන් විය හැකි ද?

Saturday, 29 July 2017

රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය


රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය



අද රටේ තියෙන්නෙ පාර්ලිමේන්තු ඒකාධීිපතිවාදයක්. මෛත්‍රිපාල ජනාධිපති වෙලා රනිල් අගමැති ලෙස පත්කරපු වෙලාවෙ ඉඳලා මේ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙනවා. 2015 ජනවාරි අටවැනි දා ඉඳලා එය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා කිව්වත් කමක් නැහැ. එයට මූලික වශයෙන් වග කියන්න ඕන මේ රටේ ජනතාව කියන අය. බටහිරයන්ගෙ හා රෝ සංවිධානයෙ මෙහෙයීමෙන් ජනතාව කියන අය මුළා වෙලා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. මහින්ද පැරදුණෙ සමහරුන් කියන විධියට මුස්ලිම් ඡන්ද නොලැබිච්ච හින්ද නො වෙයි. සිංහල බෞද්ධ ඡන්ද අවශ්‍ය ප්‍රමාණයට නොලැබිච්ච හින්දයි. එහෙම නොවෙයි කියන පඬියන් කළ යුත්තේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම පමණයි. මුහුණු පොතේ තරුණ තරුණියන් ඊනියා යහපාලනයක් සඳහා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. ඒක සම්පූර්ණයෙන් ම මුහුණු පොත මගින් කරන ලද මෙහෙයුමක්.

Friday, 28 July 2017

අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්


අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්





විවෘත ආර්ථිකයට අවුරුදු හතළිහයි. රනිල්ගෙ දේශපාලන ජීවිතයටත් අවුරුදු හතළිහයි. මේ කතාකරන්නෙ 1977 ගැනයි. හැත්තෑහතේ මැතිවරණයෙන් එ ජා පක්‍ෂයට හයෙන් පහක් ලැබුණා. ජේ ආර් අගමැති වුණා. රනිල් මන්ත්‍රීවරයෙක් වුණා. රොනී ද මැල් මුදල් ඇමති වුණා. විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන්නා. ඊට පස්සෙ රට දියුණු වුණා ද? දියුණුව කියන්නෙ මොකක් ද? මහින්දගෙ කාලෙ අධිවේගී මාර්ග ඇතිවුණා. ඒක දියුණුව ද? අප දැන් මධ්‍යම පර්මාණයේ ආර්ථිකයක් කියලා කියනවා. මෙරට වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් කීයක් ද කියලා කියනවා. මා සංඛ්‍යා ගැන උනන්දුවක් දක්වන්නෙ නැහැ. චම්පකගෙන් අහගන්න පුළුවන් හරියට ම ඩොලර් ගණන කීය ද කියලා. ඒ කොහොම වුණත් අවුරුදු හතළිකට පස්සෙත් මෙරට මිනිසුන්ගෙන් සෑහෙන පිරිසකට වේල් තුන ම කන්න ලැබෙන්නෙ නැහැ. එක වේලක්වත් හරියට කන්න නැති පවුල් කීයක් ඉන්නව ද කියලා දැන ගන්න පඬියකුට සමීක්‍ෂණයක් කරන්න පුළුවන් ද? ඒත් ඒක කරන්න වෙන්නෙ නියැදි තෝරගෙන සංඛ්‍යානය යොදා ගෙන.  මේ සංඛ්‍යානය ගැන යම් ප්‍රශ්න තියෙනවා. ඒ පිළිබඳ ලිපියක් පසුගිය ජූලි 25 වැනි දා සයන්ටිෆික් කමියුනිටි සඟරාවෙ පළ කරලා තිබුණා. ඒ ලිපිය බටහිර වෛද්‍යවරුන්ට වඩාත් උචිතයි. ඒත් ඔවුන්ට ලිපි කියවන්න වෙලාවක් නැහැ. පෞද්ගලික වෙදකම (චැනල්) කකරන්න තියෙනවා.

Thursday, 27 July 2017

අනාගතය සුබ නැහැ  


අනාගතය සුබ නැහැ


බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක් ඇති වුවත් එහි අවසානය කෙසේ වේවි ද යන්න පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ කොමිසම ගැන තියෙන අවිශ්වාසයක් නිසා නො වෙයි. රනිල් හා රවි කෙසේ ක්‍රියා කරාවි ද යන්න ප්‍රශ්නයක් නිසා. රවි බදාදා කොමිසම හමුවට පැමිණියත් නැතත් කොමිසම කෙසේ කෙළවර වේවි ද? මෛත්‍රිපාලට රවි අස් කරන්න පුළුවන් ද? අප පටන් ගන්න දේ අප අයින් කර ඒ තමන්ගේ කර ගනිමින්  අසාර්ථක ව අවසන් කිරීමේ දක්‍ෂයන් මෙරට ඉන්නවා.

Wednesday, 26 July 2017

අධිපෝය නිර්ණය කිරීම


අධිපෝය නිර්ණය කිරීම



මේ රටේ දේශපාලනය පහත් ම අඩියකට වැටිලා. අධිපෝයත් දේශපාලන ප්‍රශ්නයක් වෙලා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය කියන්නේ වෙසක් පෝය (පුර පසළොස්වක) අප්‍රේල් මාසයේ ලබන්න බැහැ කියා. ඔවුන්ට අනුව වෙසක් පෝය මැයි මාසයේ ලබන්න ඕන. වජිර අබේවර්ධන එයට පිළිතුරු දීමට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා. එහි පෝය කමිටුවේ සාමාජිකයන් යැයි සිතිය හැකි පිරිසක් සිටියා. සුපුරුදු පරිදි මෙයට පෙර වෙසක් පෝය අප්‍රේල් මස ලබපු අවස්ථාවලට නිදර්ශන ලැබුණා. කවුදෝ ජනමාධ්‍යවේදියකු වෙසක් පෝය විසා නැකතෙන් ලැබිය යුතු බවක් කියා සිටියා. එයට පිළිතුරක් ලැබුණා එය එසේ වීම අවශ්‍ය නැති බව. ප්‍රශ්නය එතැනින් අවසානයි.

Tuesday, 25 July 2017

භීෂණයට අත වනන්නෝ


භීෂණයට අත වනන්නෝ



යාපනයේ සිසුවියකු වූ විද්‍යාගේ ඝාතනය පිළිබඳ නඩුව විභාග කරන  මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී මිය ගිහින්. තවත් ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී රෝහලේ. මේ පිළිබඳ විවිධ කතා ජනමාධ්‍යයේ කියැවෙනවා.  පොලිසිය කියන දේ විශ්වාස කිරීම අපහසුයි. මාර්ගය අවහිරවීමක් නිසා ඇති වූ ආරවුලක් හේතුකොටගෙන  පොලිස් ආරක්‍ෂක නිලධාරියා මියගිය බවයි පොලීසිය කියන්නේ. එහෙත් වාර්තා වී ඇති අන්දමට විනිසුරුතුමා කියන්නේ තමාට තැබූ වෙඩිල්ලකින් නිලධාරියා මිය ගිය බවයි.

Monday, 24 July 2017

භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම


භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම



අස්ගිරි ප්‍රකාශය ගැන සිංහල බෞද්ධයන් යම් පිරිසක් අතර ප්‍රබෝධයක් ඇති වුණා. අපත් එය වැදගත් ප්‍රකාශයක් ලෙස සැලකුවා. එහෙත් උන්වහන්සේලා බැහැ දැකීමට ගිය නීතිඥයන් දොස්තරවරියන් ආචාර්යවරියන් ගැන අපේ කුකසක් තිබුණා. අපේ ලිපිවල ඒ බව සඳහන් කෙරුණා. පසුව මහානායක හාමුදරුවන් වහන්සේත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශයක් කළා. දේශපාලනඥයන් සහ පඬියන් ඒ ගැන කලබල වුණා. මෛත්‍රිපාල තකහනියක් මහානායක හාමුදුරුවන් බැහැ දකින්න ගියා. සිංහල බෞද්ධ විරෝධී පඬියන් සංඝයා වහන්සේ රාජ්‍යයක් පසුපස තවත් රාජ්‍යයක් කියලා කියන්න පටන් ගත්තා. අපේ හාමුදුරුවරුන් ද එයට විවිධ පිළිතුරු දුන්නා. මහානායක හාමුදුරුවරුන් බෞද්ධයන් ලක්‍ෂ ගණනක් නියෝජනය කරන බව ඇතැම් හාමුදුරුවරුන් ප්‍රකාශ කළා. ඒත් එහි පදනම වූයේ සංඛ්‍යා මත සකස් වූ ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය.   සිංහල බෞද්ධ රාජ්‍යයේ සංඝයා වහන්සේ එක් අංශයක් බව බොහෝ දෙනාට අමතක වුණා. අදත් අමතකයි. බොහෝ දෙනා වැඩ කරන්නේ බටහිර රාමුවක.

Sunday, 23 July 2017

මා නිහඬ නැහැ


මා නිහඬ නැහැ



බොහෝ දෙනකු මගෙන් අහන ප්‍රශ්නයක් වී ඇත්තේ මා දැන් නිහඬ ඇයි යන්නයි. ඔවුන් ඒ ප්‍රශ්නය අසන්නේ පිළිතුරක් බලා ගෙන නො වෙයි. ඒ ගැන එක් එක් අයට විවිධ උපකල්පන තියෙනවා. මේ රටේ මිනිසුන් එවැනි ප්‍රශ්න අසන්නේ තම තමන්ගෙ උපකල්පන වෙනස් කරගන්න නො වෙයි. මා මොන පිළිතුරක් දුන්නත් ඔවුන් තමන්ට හා තම මිතුරන්ට කියන්නේ ඔහොම කිව්වට මිනිහට කුට්ටියක් හම්බ වෙලා ඇති. මිනිහා දැන් ඉස්සර මිනිහා නො වෙයි. මිනිහා දැන් නිදහස් අධ්‍යාපනයටත් විරුද්ධයි කියලා කිහිප දෙනෙක් ම කිව්වා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන තැනකට ආවට පස්සෙ හුඟ දෙනෙක් ඔහොම තමයි. මිනිහා දැන් ඒකාබද්ධ විපක්‍ෂයත් විවේචනය කරනවා කියලා ආරංචියි. මහින්ද මහත්තයගෙන් මිනිහා ගත්ත දේවල් දැන් අමතක කරලා. කෙළෙහි ගුණයක් දන්නැති මිනිහා.

Saturday, 22 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය


ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගනු ලැබුයේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ ගෙනෙන ලද යෝජනා සම්මතයකින්. එහි ආරම්භයේ ම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවක් තිබුණු බව ය. මෙය පට්ටපල් බොරුවක්. ශ්‍රී ලාංකික ජනතාව අතර ඒ සම්බන්ධ එකඟතාවක් නැහැ. මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයෙන් ද ඒ බව තහවුරු වෙනවා.

Friday, 21 July 2017

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්


වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.

Thursday, 20 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව


ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව



ජාතික නිදහස් පෙරමුණ ඊනියා ව්‍යවස්ථා (සම්පාදන) මණ්ඩලයෙන් අස්වෙලා. ඒ පිළිබඳ ලිපිය එහි මන්ත්‍රීවරුන් කතානායකට භාරදීලා. ඒ පිළිබඳ ව අපේ ප්‍රසාදය ජා නි පෙරමුණට හිමි විය යුතුයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉතිරි කණ්ඩායම් හා පක්‍ෂ ඒ ද්‍රෝහි මණ්ඩලයෙන් අස්වෙලා නැහැ. ඒ පිළිබඳ අපේ අප්‍රසාදය ඒ ඉතිරි කණ්ඩයම්වලට හා පක්‍ෂවලට හිමි වෙනවා. ඒ අය අප නොවෙයි මහානාහිමිවරුන් වහන්සේලා ප්‍රකාශ කර ඇති දෙයකටත් එකඟ නැහැ. එහෙත් ඔවුන් සමහර දෙනකු පෙනී සිටින්නේ ජාතික පක්‍ෂ ලෙස.

Wednesday, 19 July 2017

බෙන්ගේ ඩෙන්න ඩෙනා


බෙන්ගේ ඩෙන්න ඩෙනා



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව අයිතිවාසිකම් වර්ධනය කිරීමටත් ත්‍රස්තවාදය නැතිකිරීමටත් කතාකරන, එකී සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු වූ බෙන් එමර්සන් ලංකාවට තර්ජනය කරලා. 2015 ඔක්තෝබරයේ දී ලංකාවේ ද සහායෙන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව පූර්ණ ව ක්‍රියාත්මක නොකළහොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව එමර්සන් ප්‍රකාශ කරලා. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිෂ්ඨයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද අප පාලනය කරනවා.

Tuesday, 18 July 2017

පුරාවිද්‍යාවේ අනුකාරකයෝ


පුරාවිද්‍යාවේ අනුකාරකයෝ



ඉස්සර මේ රටේ පුරාවිිද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණෙ නැහැ. ඒත් අපේ සිද්ධස්ථාන රැක ගැනීමට එය බාධාවක් වුණේ නැහැ. අපේ රජවරු සිද්ධස්ථාන අළුත්වැඩියා කළා. චෛත්‍ය මුල් ආකාරයෙන් ම තිබිය යුතු ය කියලා නීතියක් තිබුණෙ නැහැ. පස්සෙ කාලෙක දි අගනුවර මාරු වෙන විට කලින් අගනුවරවල තිබූ සිද්ධස්ථාන ඇතැම් විටෙක මග ඇරෙන්න ඇති. අගනුවර කෝට්ටෙට ගෙනාවට පස්සෙ පැරණි සිද්ධස්ථානවලට යන එක ටිකක් අපහසු වෙන්නත් ඇති.

Monday, 17 July 2017

ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ


ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ



යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එක් අංගයක් තමයි ධනවාදය. බටහිර විද්‍යාවත් දැනුමත් එහි තවත් අංගයක්. පෞද්ගලිකත්වය එහි තවත් අංගයක්. මේ සියල්ල එකිනෙකට බැඳිලා. ඒ සියල්ල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵල. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීමත් තියෙනවා. පෞද්ගලිකත්වය හා වෙන් කිරීම එකිනෙකට බැඳිලා. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීම ගැන කුමක් කීවත්, කුමක් කළත් ඒ ඒ අංග අතර තියෙන බැඳීම වළක්වන්න බැහැ.

Sunday, 16 July 2017

සයිටම් නැත්නම් වෙන අයිටම්

සයිටම් නැත්නම් වෙන අයිටම්

දොස්තරලා අගමැතිගේ යෝජනාවට කැමතිලු. අගමැති සයිටම් අහෝසි කරන්නේ නැහැ. රාජිත සයිටම් අහෝසි කරාවි ද? ජනාධිපති සයිටම් අහෝසි කරාවි ද? පුබුදු ජාගොඩ සයිටම් අහෝසි කරාවි ද? දයාසිරි ජයසේකර සයිටම් අහෝසි කරාවි ද? චම්පක සයිටම් අහෝසි කරාවි ද? ජනමාධ්‍යවේදීන් සයිටම් අහෝසි කරාවි ද? මා දන්නේ නැති නිසයි අහන්නේ. හෙට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නවා. එය පැහැදිලි නැහැ. ඒ සම්පූර්ණ පවරා ගැනීමක් ද නැත්නම් ජයවර්ධනපුර නව රෝහල වගේ පෞද්ගලික රාජ්‍ය බද්ධ ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යෑමක් ද? මටත් සතුටක් තියෙනවා මගේ එක් යෝජනාවක් ක්‍රියාත්මක වීම ගැන. ඒ යෝජනාව මා මුල් වරට ඉදිරිපත් කෙළේ  කලකට පෙර. ඇතැම් වෛද්‍යවරුන් ඒ බව දන්නවා. ඒත් ඔවුන් ඒ බව කියන්නේ නැති බව මගේ අත්දැකීමෙන් දන්නවා. මගේ ලිපිවලත් මා ඒ යෝජනාව කීප වතාවක් ම කරලා තියෙනවා.

Saturday, 15 July 2017

එමර්සන්ට එරෙහිව විජයදාස


එමර්සන්ට එරෙහිව විජයදාස



මානව අයිතිවාසිකම් හා ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකාර එමර්සන්ට විජේදාස රාජපක්‍ෂ ඉතා තදින් පිළිතුරු දී ඇති බවට දි අයිලන්ඩ් පුවත්පතේ ඊයේ වාර්තා වී තිබුණා. ජනමාධවේදීන් මාධ්‍ය සාකච්ඡාවක දී එමරසන්ගෙන් ඒ ගැන ඇසූ අවස්ථාවේ දී ඔහු කියා ඇත්තේ පෞද්ගලික සාකච්ඡාවල දී සිදු වූ දේ ඔහු ප්‍රසිද්ධියේ නොකියන බවයි. එමර්සන් සුද්දකුට සරිලන පිළිතුරක් දී තිබෙනවා. ඔහු ප්‍රශ්නයෙන් ගැළවෙලා. සුද්දන්ගේ හැටි ඔහොමයි.

Friday, 14 July 2017

ඩෙංගු මර්දනය


ඩෙංගු මර්දනය



මේ ලිපි මුහුණු පොතේ පළ කිරීම ගැන මගේ කිසිම සතුටක් නැහැ. මා ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට පමණයි. එහෙත් දෙතුන් දෙනෙකු එකතු වී ඒ ලිපි මුහුණු පොතේ පළ කරනවා. එය තේරුමක් නැති වැඩක්. මුහුණු පොතේ ඉන්නා අය මට වඩා දන්නවා. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වන්නේ එයයි. මා ඒ කිසිවකටවත් පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මට වඩා දන්නා අයට මා යමක් කියන්නේ කෙසේ ද? ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම බව බොහෝ දෙනකු බොහෝ කලක සිට දන්නා බව ඉතා පැහැදිලියි. මා ඒ බව කීමෙන් මෝඩකමක් කළා යැයි මට හිතෙනවා. මා නම්  ඒ බව දැනගත්තේ සති දෙකතුනකට කලින්.  1840 දී සිදු වූ දේ ගැන බොහෝ දෙනා දන්නවා. මා කුමකට ඒ ගැන ලියනවා ද කියලා මට හිතෙනවා. මගේ මිතුරන් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරනවා නම් හොඳයි.

Thursday, 13 July 2017

භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්


භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්



කලකට ඉහත ටේ‍රවෝ ලිං පවසා තිබුණේ ථෙරවාද බෞද්ධ රාජ්‍යය රජු, භික්‍ෂූන් වහන්සේ හා ජනතාව යන ගල් තුන මත රැඳුණු බවයි. රජු භික්‍ෂූන් වහන්සේට සිවුපසය ලබාදුන් අතර ජනතාවගේ වුවමනා එපාකම් බලා කියා ගත්තා. භික්‍ෂූන් වහන්සේ රජුට හා ජනතාවට අවවාද අනුශාසනා කළා. ජනතාව භික්‍ෂූන් වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කළා. ඒ අතර ඔවුන් යුද්ධයක දී රජු හා රට වෙනුවෙන් සටන් කළා.

Wednesday, 12 July 2017

හේතුවලට හේතුව


හේතුවලට හේතුව



අප බොහෝ විට හේතු ගැන කතා කරනවා. යමක් සිදුවීමට හේතුව මේ යැයි අප කියනවා. අප එසේ හේතු සොයන්නේ ඇයි. එවැනි ප්‍රශ්නයක් ඇසීමත් හේතුවක් සෙවීමක්! අප අසන්නේ හේතු සෙවීමට හේතුව කුමක් ද කියා! යමක් සිදුවන්නේ කුමක් නිසා ද කෙසේ ද ආදී ප්‍රශ්න පිටුපස ඇත්තේත් හේතු සෙවීමක්. අප බොහෝ විට යම් සිද්ධියක් විස්තර කිරීමේදීත් හේතු කියනවා. අද අහවලා වැඩට පැමිණ නැත්තේ අසනීපයෙන් ආදී වශයෙන් අප විස්තර කරන්නේ හේතුවක් සහිත ව.

Tuesday, 11 July 2017

කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්


කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්



ඊයේ මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අහිමි වීමෙන් මිස මුස්ලිම් ඡන්ද අහිමි වීවෙන් නොවන බව මා කී විට එක් පඬියකු අසා තිබුණේ මහින්ද පැරදුණු විට ඔහු වටා ඩිටියේ සිංහල බෞද්ධයන් බව අමතක වී ද කියා. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කර විශ්ලේෂණය කළහොත් පෙනේවි මහින්දට සිංහල බෞද්ධ ඡන්ද අඩු වූ ආකාරය. එහෙත් පඬියන් විශ්ලේෂණවලට කැමති නැහැ. මහින්දගේ පරාජයෙන් පසුව ඔහු වටා ජනයා එකතු වූ බව පැහැදිලියි. අද ඒ පිරිස තවත් වැඩි වී ඇති. එහෙත් මා කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පැරදීම මිස ඉන්පසු ආණ්ඩුවේ වැඩ බැරිකම් හා වෙනත් හේතු නිසා ජනයා මහින්ද වටේ නැවතත් එකතු වීම ගැන නො වෙයි. පඬියන්ට විශ්ලේෂණය, තර්ක බැහැ. ඔවුන් දන්නේ හැඟීමෙන් හා වෙනත් අරමුණු වෙනුවෙන් කට කියවීමට පමණයි. වෛද්‍ය නිලධාරීන් ද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට අනුව ජනයා මුළා කිරීමට කියවනවා.

Monday, 10 July 2017

ඒකාබද්ධ විපක්‍ෂය සංඝයා වහන්සේට විරුද්ධ ද?


ඒකාබද්ධ විපක්‍ෂය සංඝයා වහන්සේට විරුද්ධ ද?



ඒකාබද්ධ විපක්‍ෂයට තීරණයක් ගන්න බැරුව. වෙන මොකකටවත් නොවෙයි අර ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙනව ද නැද්ද කියන එක ගැන. ඒ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙන්න අකමැති පක්‍ෂත් ඒකාබද්ධ විපක්‍ෂයෙ තියෙනවා. ඒ පක්‍ෂ මොනව ද කියල මා දන්නෙ නැහැ. ඒත් එසේ අකමැති වීම රටට කරන ද්‍රෝහිවීමක් ලෙසයි සලකන්න වෙන්නෙ. මෙහෙයුම් කමිටුවෙන් හා අනුකාරක කමිටු හයෙන් පමණක් නො වෙයි ව්‍යස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ම ඉවත් විය යුතුය කියලා මා කියන්නෙ බොහෝ කලක ඉඳලා. අප ඒ ගැන සම්මන්ත්‍රණ මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවත් ඒ ගැන ප්‍රචාරයක් නොදීමට ජනමාධ්‍ය වගබලාගත්ත.

Sunday, 9 July 2017

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම  


බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම



බුද්ධාගමට නිසි තැන, හිමි තැන, ප්‍රමුඛස්ථානය දීම, ආරක්‍ෂා කිරීම ඊනියා උගත් සමාජයේ මේ දිනවල බෙහෙවින් කතා වෙනවා. එතරම් උගත් නැති අය ඒ ප්‍රශ්නය ගැන එතරම් කතා කරන්නේ නැහැ. ඊනියා උගතුන් සෑම ප්‍රශ්නයක් වගේ ම මේ ප්‍රශ්නයත් මුලින් අල්ල ගෙන නැහැ. මේ රටේ උගතුන්ගේ හැටි ඔහොමයි.  මේ ප්‍රශ්නය 1815 සිට ම තියෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යයක මේ ප්‍රශ්නය තිබුණෙ නැහැ. එයින් කියන්නේ එකල මෙරට බුද්ධාගමට, බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය නොතිබූ බව නො වෙයි.  මේ රටේ රජවරුන් කිහිප වතාවක් ම රට බුදුන් වහන්සේට, බුදුසසුනට පූජා කර තිබෙනවා. රජු බෝසත්වරයකු විය යුතුය යන මතයක් මෙරට තිබුණා. අග්බෝ රජවරුන් කිහිප දෙනකු ම රජ කළා.

Saturday, 8 July 2017

රැවටීම


රැවටීම



ඊයේ ( හත්වැනි දා) ඉන්දියාවේ හින්දු පුවත්පතේ පළවූ වාර්තාවක් මෙසේ සම්පූර්ණයෙන් පළ කරනවා. මේ ප්‍රවෘත්තිය ප්‍රංශ පුවත් ඒජන්සියකින් ලබා ගත් එකක්. ඉන් කියැවෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි සුළුතර දෙමළ ජනයාට වැඩි බලතල ලබා දීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙනෙන බවයි. ඒ ප්‍රවෘත්තිය පළවන්නේ බෞද්ධ විරෝධය නොතකා  වැඩි බලතල දෙමළ ජනයාට දීමට ශ්‍රී ලංකාව පොරොන්දු දීමක් ලෙසයි. මේ බෞද්ධ විරෝධය යනුවෙන් කියැවෙන්නේ පූජ්‍ය ආනමඩුවේ  ධම්මදස්සි හිමිපාණන් වහන්සේ නව ව්‍යවස්ථාවකට භික්‍ෂූන් වහන්සේ විරුද්ධ බවට කරන ලද ප්‍රකාශයක්.

Friday, 7 July 2017

සුමන්තිරන්ගේ ඉතිහාසය


සුමන්තිරන්ගේ ඉතිහාසය



සුමන්තිරන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරලා ඊනියා ප්‍රජාතන්තවාදයක් ගැන. ඔහු කියා ඇත්තේ පාර්ලිමේන්තුවට ඉහළින් ක්‍රියාකරන බලවේගයක් ඇති බවයි. මේ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය ගැන භික්‍ෂූන් වහන්සේගේ මැදිහත්වීම සම්බන්ධයෙන් බව පැහැදිලියි. සුමන්තිරන් යනු චෙල්වනායගම්ගේ දේශපාලන අවතාරයයි. ඔවුන් දෙදෙනා ම දෙමළ ක්‍රිස්තියානි බැතිමතුන්. සුමන්තිරන්ට අනුව භික්‍ෂූන් වහන්සේ කසිකබල් මැති ඇමතිවරුන්ට යටවිය යුතුයි. සුමන්තිරන් දන්නා ඉතිහාසය කුමක් ද? මෙරට වෙල්ලාලයන්ගේ ඉතිහාසය 1650න් ඈතට යන්නේ නැහැ. සුමන්තිරන්ගේ තෝම්බුව සොයා ගැනීමට හැකි වුවහොත් පෙනේවි ඔහුගේ මුතුන් මිත්තන් මෙරටට පැමිණි දිනයත් ඔහුගේ පරම්පරාව මෙතෝදිස්ත වූ දිනයත්.

Thursday, 6 July 2017

නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ




නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැති බව පෙන්වමින් කරන ලද සාකච්ඡාවක් අද රිවිර පත්‍රයෙහි පළ වී ඇත. සබැඳිය මෙතැනින්

http://www.rivira.lk/epaper/daily/thu/2017/07/06/index.html#4/z

http://www.rivira.lk/epaper/daily/thu/2017/07/06/index.html#4/z

Wednesday, 5 July 2017

මගේ ගණිත ගුරුතුමා  


මගේ ගණිත ගුරුතුමා



මට සාමාන්‍ය පෙළ පන්තිවල ගණිතය ඉගැන්වූ වේළුපිල්ලෙයි අරසරත්නම් ගුරුතුමා පසුගිය සතියේ නවසීලන්තයේ දී අභාවප්‍රාප්ත විය. එතුමා අපට එකල තිබූ ක්‍රමයට අනුව ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය ඉගැන්වීය. අපට ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය විෂය නිර්දේශ එක් වසරකින් නිම කිරීමට සිදු විය. එතුමා කිසිම පැකිළීමකින් තොරව සෙනසුරාදා උදේ අමතර පංති පවත්වා ඒ කාර්යය දැඩි වගකීමකින් හා කැප කිරීමකින් සිදු කෙළේ ය. එසේ කෙළේ මුදල් හෝ ත්‍යාග හෝ අපේක්‍ෂාවෙන් නො වේ. යම්කිසි ආකාරයකින් අප එතුමාට ත්‍යාගයක් ප්‍රදානය කෙළේ නම් කුමක් සිදුවීමට තිබිණි දැයි මට සිතා ගත හැකි ය. 

Tuesday, 4 July 2017

සයිටම් වර්ජනය


සයිටම් වර්ජනය



රජයේ වෛද්‍ය නිලධරි සංගමය පස්වැනි දා සිට අඛණ්ඩ වර්ජනයක් කිරීමට තීරණය කරලා. පැහැදිලිව ම ඔවුන්ට ඔවුන්ගේ විසඳුම අවශ්‍යයි. ඔවුන් සාකච්ඡා කියන්නේ ඔවුන්ගේ විසඳුම, එනම් සයිටම් අහෝසි කිරීම, ජනසතු කිරීම ඉටුකර ගැනීමට කරන ඊනියා සාකච්ඡාවලට පමණයි. ඔවුන්ගේ යෝජනාවල පදනම එයයි. වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩ වර්ජනයක යෙදෙන්නේ සයිටම් අහෝසි කිරීමට. එහෙත් අමතක නොකළ යුතු වැදගත් ම කාරණය නම් සටන පටන් ගන්න කොට සයිටම් අහෝසියක් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වල නොතිබූ බවයි. දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් කතා කරනවා වගේ වෛද්‍යවරුන්  රෝගීන් වෙනුවෙන් කතා කරනවා. ඔවුන් ඇත්තට ම කතා කරන්නේ තම තමන් වෙනුවෙන්. වෛද්‍යවරුන් ද නිරත වී සිටින්නේ දේශපාලනයක.

Monday, 3 July 2017

අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්





අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්




අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ (කාරක සභාව) ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරලා. උන්වහන්සේගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ නව ව්‍යස්ථාවක් අවශ්‍ය නැහැ කියන එකයි. කොහොමටත් ජනාධිපතිවරණයෙදි පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල කිව්වෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා වගන්ති පමණක් සංශෝධනය කරන බව. මහින්ද නව ව්‍යවස්ථාවක් ගැන කිසිවක් කිව්වෙ නැහැ. එයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයේදීත් ඡන්දදායකයන් නව ව්‍යවස්ථාවක් සඳහා ඡන්දය දී නැති බවයි. අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ හා ජනතාව අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පරස්පරයක් නැහැ.

Sunday, 2 July 2017

මංගලගේ පෝය සිරිත්


මංගලගේ පෝය සිරිත්



මංගල සමරවීර කියන කතාව ඇත්ත. මිනිසුන් යම් පිරිසක් පෝයදාට කලින් ද මත්පැන් මිළ දී ගන්නවා. ඒ පෝයදාට බොන්න කියන එකත් කවුරුත් දන්නවා. ඒත් මංගල එන්නෙ මොකාට ද කියලා කාටත් පාහේ තේරෙනවා. ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. මංගලගෙ ගෙදර මත්පැන් තියෙනව ද කියලා මා දන්නෙ නැහැ. බොහෝ මන්ත්‍රීවරු මත්පැන් පානය කරනවා. සමහරුන්ගෙ ගෙවල්වල චූල අවන්හල් තියෙනවා. ඒවාට මිනි බාර් කියලා ආඩම්බරෙන් කියනවා. ඔවුන් පෝයදාට බොනව ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. සමහරවිට විදග්ධයන් වගේ මධුවිත තොල ගානවා ඇති.

Saturday, 1 July 2017

සංස්කෘතික ගැටුම්.

 
Chat Conversation End
Drag Link/Files Here
Drop Files Here
Drop Link Here

සයිටම් හා ව්‍යවස්ථාව


සයිටම් හා ව්‍යවස්ථාව



සයිටම් වෛද්‍ය උපාධියට දක්වන විරෝධය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්‍යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්‍යවස්ථාව සියල්ලට ම ප්‍රධානයි. සයිටම් එට්කා එ හැම එකක් ම ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාවට එකඟවයි. වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි මාරුකිරීම් පමණක් නොව වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයත් ව්‍යවස්ථාව අනුව වෙනස් විය හැකියි. වෛද්‍යවරුන්ට නොවෙයි කිසිවකුට කියන්න බැහැ ව්‍යවස්ථාව තම වෘත්තියට අදාළ නැහැ කියලා.

Friday, 30 June 2017

මේ අන්තිම ලිපිය නො වේ


මේ අන්තිම ලිපිය නො වේ



මේ මා සයිටම් ගැන හෝ වෙනත් කරුණක් ගැන හෝ ලියන අන්තිම ලිපිය නො වෙයි. එහෙත් අන්තිම ලිපිය ලිවීමට එතරම් කලක් ඉතිරි වී ඇතැයි කියන්න බැහැ. ඒ මා වැඩි කල් යෑමට පෙර මිය යෑම නිසා නො වෙයි. ලිපි කියවීමට ජාතියක් ඉතිරි නොවීම නිසයි. අප ඉතාමත් අඳුරු යුගයකට, භීෂණයකට පිය නගිමින් ඉන්නවා. එයට ප්‍රධාන වරදකරුවන් වනුයේ බටහිර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය සභාව, ඊනියා පෙරටුගාමීන්, ව්‍යාජ සමාජවාදීන් ද වූ සිවල් සාමාජිකයන්, ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ප්‍රධානීන්, පඬි ජනමාධ්‍යවේදීන්, වෙනත් පඬියන්, පඬි පෝතකයන්, ඒකාබද්ධ විපක්‍ෂය හා ආණ්ඩුව.  මේ භීෂණය බටහිරයන්ගේ ලංකා වසන්තය වේවි.

Thursday, 29 June 2017

සිංහල බෞද්ධයනට බය කවු ද?


සිංහල බෞද්ධයනට බය කවු ද?


මෙරට දැන් කිසිම අයකු බය නැති ජන කොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ට දේශපාලනඥයන්වත් ජනමාධ්‍යවේදීන්වත් පොලිසියවත් වෙනත් කිසිවකුවත් බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන්වත් සිංහල බෞද්ධයන්ට බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන් අතර සිංහල බෞද්ධයන් කී දෙනකු ඉන්නවා දැයි මා දන්නේ නැහැ. ඇතැමුන් සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටිනවා.  සිංහල බෞද්ධයන් නම් සිංහල බෞද්ධයන් ලෙස අනෙක් හැමෝට ම බයයි.

Wednesday, 28 June 2017

මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?


මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?



සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ. එයට අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ වුණේ නැහැ. එදා සිට අද දක්වා වී ඇත්තේ කුමක් ද? අද රාජපක්‍ෂලා සයිටම් අහෝසි කළ යුතු බව කියනවා ද? සිසුන්ගේ ඔළු පැලීම් ගැන පමණක් කියා ප්‍රශ්නයෙන් පිට පැනීමට රාජපක්‍ෂලාට නො හැකියි. සයිටම් ගැන තම ප්‍රතිපත්තිය වෙනස් වී ඇත් දැයි රාජපක්‍ෂලා වහා ම කිව යුතුයි. ඔවුන් පැහැදිලි ප්‍රකාශයක් නොකර සිටීම දේශපාලන වාසියක් ගැනීමට කරන උප්පරවැට්ටියක් පමණකි. මා එදා මෙන් ම අදත් සයිටම් ආයතනයටත් එහි වෛද්‍ය විද්‍යාලයටත් පක්‍ෂයි.

Tuesday, 27 June 2017

බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම




බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම



බටහිර විද්‍යාව ගැන බොහෝ දෙනා කියන බොහෝ දේ සාවද්‍යයි. මා කියන්නේ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන සූත්‍රය ගැන පමණක් නො වෙයි. එය බටහිර විද්‍යාවේ ක්‍රමය යනුවෙන් වැරදි මතයක් සමාජයේ පැතිරිලා. ඒ අතර බටහිර විද්‍යාව ආනුභවික කියලත් මතයක් පවතිනවා. ඒ අතර ම හේතුවාදය (බුද්ධිවාදය) ගැනත් කතා කරනවා. බොහෝ දෙනා හිතන්නේ මේ දෙක එකම පදනමක කියා. ඒත් ඒ දෙක දෙකක්. බුද්ධිවාදයෙ ආනුභවිකයක් නැහැ. යම් ප්‍රස්තුතයකින් පටන්ගෙන නිගමන (අපෝහනය) කිරීම තමයි එහි කෙරෙන්නෙ. ඒ නිගමන නිරීක්‍ෂණය කරන්නවත් එහි පෙළඹෙන්නෙ නැහැ. බටහිර විද්‍යාවෙ එක දෙයක් වෙලා තියෙනවා. ඒ ආනුභවිකයයි හේතුවාදයයි එකතු කිරීම. ඒකත් කරලා තියෙන්නෙ ප්‍රතිපත්තියක් මත නො වෙයි, අවස්ථාවාදී ව. ඒ මදිවාට බුද්ධිවාදය හා හේතුවාදය දෙකමත් එකක් නො වෙයි.

Monday, 26 June 2017

බටහිර ආධිපත්‍යය


බටහිර ආධිපත්‍යය


මා ඊයේ ලියූ ලිපිය බොහෝ දෙනකුට තේරී නැහැ. එහි ජාතිවාදය ගැන අලුත් ම අර්ථකථනයක් දී තිබුණා. ජාතිවාදය හා ජාතිභේදවාදය ගැන කියන කතාවලට ජනමාධ්‍යයේ ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන නමුත් මා දුන් අර්ථකථනයට කිසිවකගේ අවධානය යොමු වී නැහැ. ජාතිවාදය හා ජාතිභේදවාදය අතර වෙනස පැහැදිලි කිරීමට හැකි අයකු සිටිනවා ද? එහෙත් මේ රටේ හැටි එහෙමයි. ඊනියා උගතුන්ටත් ඇත්තේ හැඳි මිට දිගේ නුවණක් පමණයි.

Sunday, 25 June 2017

ජාතිවාදීන් කවු ද?


ජාතිවාදීන් කවු ද?



මෙරට බොහෝ සිංහල බෞද්ධයන් හා පොදුවේ සිංහලයන් බොහොමයක් හැරෙන්න අනෙක් සියලු දෙනා ම පාහේ ජාතිවාදීන් හෝ ආගම්වාදීන් හෝ බව පැහැදිලියි. සිංහල බෞද්ධයන්ට මෙරට හිමි විශේෂිත තත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතෙනවා. ඉංගිරිසින් වුවත් ඒ විශේෂත්වයට ගරු කළා. 1815 ගිවිසුමෙන් පමණක් නොව 1892 ආඥා පනතෙන් ද ඉංගිරිසින් මේ විශේෂත්වයට ගරු කළා. ඕල්කට් බෞද්ධයන් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් ලෙස සිංහල බෞද්ධයන්ගෙන් වෙන් වූ පසු සිංහල බෞද්ධයන්ට හිමි ව තිබූ විශේෂත්වය නැති වීමට පටන් ගත්තා.

Saturday, 24 June 2017

සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත  



සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත



සයිටම් ප්‍රශ්නය දැන් ඔඩු දුවලා. මේ ප්‍රශ්නය විසඳලා හුඟක් කල්. ඊයේ රාජිත ඉදිරිපත් කෙළේ කලකට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනා. එහෙත් පෙරටුගාමින් හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ප්‍රශ්නය විසඳා නැති බවයි. ප්‍රශ්නය විසඳීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමයි. එහෙත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුල දී එවැනි ඉල්ලීමක් තිබුණේ නැහැ. සයිටම් අහෝසි කිරීම ඔවුන්ගේ ඉල්ලීමක් වූයේ මේ ඊනියා සටන පටන් ගෙන ටික කලක් ගියාට පස්සෙ. එය පැහැදිලි ව ම දේශපාලන ඉල්ලීමක්. වෛද්‍ය සංගමයත් දේශපාලනයක යෙදී ඉන්නවා. වෛද්‍ය සංගමයේ ඇතැමුන් ඉදිරි මැතිවරණයක දී ඇමතිවරුන් ලේකම්වරුන් වීමට බලාපොරෙත්තුවෙන් ඉන්නවා. එක් ප්‍රධානියකු ජනාධිපති වෙන්නත් බලාගෙන ඉන්නවා. අද ඇහුවොත් ඔවුන් කියාවි එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා.

Friday, 23 June 2017

ද්විකෝටිකය ගැන  



ද්විකෝටිකය ගැන



පළමුකොට ම කිවයුතු කරුණක් තිබෙනවා. මා මේ ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට මිස මුහුණු පොතට නො වෙයි. කාලය වෙබ් අඩවියට ලියන ලිපි දෙතුන් දෙනකු මුහුණු පොතේ පිටපත් කරනවා. ඒ අය එසේ කරන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මා එය නවත්වන්න යන්නේ නැහැ. එහෙත් මුහුණු පොතේ පළවන සෑම ප්‍රතිචාරයක් ම මා කියවන්නේ නැහැ. කියවන ඇතැම් ප්‍රතිචාරවලට පමණක් මා පිළිතුරු ලියනවා. ඒත් එයත් කලාතුරකින්. මුහුණු පොතේ අන් අයගේ ගිණුම් මා කියවන්නේ නැහැ. ඇතැම් විට මගේ මුහුණු පොත් මිතුරන්ගේ කැමැත්ත පළ කරන හෝ බෙදා හදා ගන්නා හෝ ලිපි ආදිය මගේ මුහුණු පොත් ගිණුමටත් ලැබෙනවා. මා ඉන් සමහරක් කියවා ඉතා සුළු ප්‍රමාණයකට පමණක් ප්‍රතිචාර දක්වනවා.

Thursday, 22 June 2017

සිංහල බෞද්ධයන් හා ඩීල්  




සිංහල බෞද්ධයන් හා ඩීල්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගෙන් කී දෙනකු මෙරට සිංහල බෞද්ධ රටක් කියලා ප්‍රසිද්ධියේ කීමට සූදානම් ද? පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන් කී දෙනකු සිටිනවා ද කියා කීමට මා දන්නේ නැහැ. ජනගහන අනුපාතය අනුව නම් එකසිය හැටක් පමණ සිටිය යුතුයි. ඒ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනකු මෙරට සිංහල බෞද්ධ රටක් බව ප්‍රසිද්ධියේ කියාවි ද? මේ මන්ත්‍රීවරුන්ගෙන් යම් පිරිසක් එ ජා පක්‍ෂයේ. ඔවුන් නම් ඊනියා සංහිඳියාව වෙනුවෙන් මෙය සිංහල බෞද්ධ රටක් කියලා කියන එකක් නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය පනහක්වත් මෙරට සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න තෙක් මේ රටට සෙතක් වන්නේ නැහැ. දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් සිංහල බුද්ධාගමට විශේෂිත තැනක් දෙනවාට කැමති වෙන්නෙත් නැහැ.

Wednesday, 21 June 2017

අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන  




අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන



ජාතික ව්‍යාපාරයට සටන් කාමීන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන් ආදී වශයෙන් දැන් තරුණ ජවය එකතු වී තිබෙනවා. ඔවුන් ජනමාධ්‍යයෙහි වීර වික්‍රම ප්‍රකාශ කරනවා. මා එවැනි කිසිවකුවත් නො වෙයි. එවැන්නන්ට අනුව මා වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ. පසුගිය දා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් මෙරටට වී ඇති හානිය පිළිබඳ මගෙන් තොරතුරු ඉල්ලුවා. මා ළඟ එහෙම තොරතුරු නැහැ. උන්වහන්සේ ඒ බව විශ්වාස කළා ය කියා මා හිතන්නේ නැහැ. මා දන්නේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ගැන මිසක් ඔවුන්ගේ එදිනෙදා කටයුතු ගැන නො වෙයි. මා දත්ත බැංකුවක් නො වෙයි.  මා දන්නා දේට කියන දේට ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. අපේ රැස්වීම් වාර්තා කිරීමටවත් අපේ යැයි කියා ගන්නා ජනමාධ්‍ය එන්නේ නැහැ. ඔවුන් අපේ රැස්වීම් ආවරණය කරනවා. ඉංගිරිසි කවර් කියන වචනයට තේරුම් කිහිපයක් තිබෙනවා. සිංහලෙන් ආවරණය කරනවා කියන්නේ වසා දැමීමට. එක් ජනමාධ්‍ය ප්‍රධානියකු කීවේ මා ගේම්කාරයකු බවයි. අවුරුදු විසිපහකට පමණ පෙර මා ඔහුගේ ජීවිතය වෙනුවෙන් ගේමක් ගැසූ බව ඔහු කියනවා ද කියා මා දන්නේ නැහැ.

Tuesday, 20 June 2017

අපි ඔක්කොම බොරු කාරයෝ  


අපි ඔක්කොම බොරු කාරයෝ



සංස්කෘතික ආක්‍රමණයක දී හැරෙන්න යම් සංස්කෘතියක ඇති දැනුමක් ගැන වෙනත් සංස්කෘතියක් මත පදනම් වී විග්‍රහ කිරීමෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසා අනවශ්‍ය වාද විවාද ඇති වෙනවා. යමකු මිය ගිය පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමේ දී බොහෝ දෙනා කරන්නේ තමා විශ්වාසය කරන දැනුම මත පදනම් වී අනෙක් දැනුම් විග්‍රහ කිරීම. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අති විශාල බහුතරය තම උපකල්පන හා අනුමාන නීති කවරේ දැයි කල්පනාවටවත් ගන්නේ නැහැ. ඒවා ඇති වුණේ කෙසේ ද කියන එක හිතන්න පෙළඹෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට එවැන්නකට පසුබිමක් ඇති වන්නේ නැහැ.

Monday, 19 June 2017

අපි මහා විහාරයේ


වෙල්ලස්සේ කුමරු සමරා පැමිණ මසකට පසු 1998 මාර්තු 04 වැනි දා මගේ පියා මිය ගියා. මේ ඒ නිමිත්තෙන් මා ලියූ ලිපිය. එය 1998 අප්‍රේල් 05 වැනි දා ඉරිදා දිවයින පුවත්පතේ පළ වුණා. මේ ලිපිය නැවත පළ කරන මෙන් භික්‍ෂූන් වහන්සේ නමක හා කිහිප දෙනකු ඉල්ලා සිටියා. ඒ අනුවයි මෙය පළ වන්නේ. එකල පුවත්පතකට ලියූ ලිපියක් බැවින් මෙය තරමක් දිගයි. මේ ලිපිය ලිවීමෙන් පසු මෙරට ඉතිහාසය ගැන මගේ අදහස් මූලික වශයෙන් වෙනස් වි නැහැ. ඉතිහාසය ගැන එකල නොකී සමහර දේ පසුව එකතු වී ඇති කරුණුත් සමග මා මෙකල කියනවා. ඒ පිළිබඳ විස්තරයක් පසුව පළ කරන්නම්. මේ ලිපිය මට ලබා දුන් මිත්‍රයකුට මගේ කෘතඥතාව හිමි වෙනවා.



2017 ජූනි 19









අපි මහා විහාරයේ



මෙම ලිපිය එක් අතෙකින් ගත්කල පසුගියදා මිය ගිය මගේ පියාගේ ගුණ සැමරීම සඳහා ලියැවෙන්නකි. අනෙක් අතින් පිය (මව්පිය) උරුමය හා ජාතික උරුමය හඳුනාගැනීම නිමිති කරගෙන ලියැවෙන්නකි. අප පියාගේ ගුණ සැමරීම ජාතික පුවත්පතක් මගින් කළයුත්තේ ඇයි ද යන ප්‍රශ්නයට පළමුව පිළිතුරක් දිය යුතුය. එයට ප්‍රධාන හේතුව අප පියා මා නිසා ජනමාධ්‍යයෙහි කතාබහට ලක්වී තිබීමය. වරක් සංදේශය වැඩසටහනෙහි ප්‍රධානියා මා දේවාදිත්‍ය කෙනකු බව පවසමින් (පාරම්පරිිකව ?) සිංහලයකු නොවන බවත් ඇඟවීමට උත්සාහ කළේය. තමන් මහා පඬිවරුන් යැයි සිතා සිටින ඇතැම් ජනමාධ්‍යකරුවන් මගේ නම සඳහන් කරන්නේ දේවාදිත්‍ය නලින් ද සිල්වා යනුවෙනි. ඔවුන් සිතන්නේ පිය උරුමයෙන් මට ලැබුනු දේවාදිත්‍ය යන්න සැඟවීමට මා උත්සාහ කරන බවය. එහෙත් ඔවුන් නොදන්නා කරුණක් වෙයි. මගේ දරුවන් ලෝකයෙහි පෙනීසිටින්නේ දේවාදිත්‍ය නමින් ය. පෘතුගීසි ද සිල්වා යන්නට වඩා ආසියාතික දේවාදිත්‍ය (ආදිත්‍ය යන්න උතුරු ඉන්දියාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ ද භාවිතයෙහි ඇති නමකි) අපට මනාප ය.