Main Logo

Showing posts with label Constitutional Assembly. Show all posts
Showing posts with label Constitutional Assembly. Show all posts

Friday, 15 February 2019

අනේ රනිල්


අනේ රනිල්



රනිල් කියන්නෙ එ ජා පක්‍ෂය එක අකුරක්වත් ව්‍යවස්ථාදායක මණ්ඩලයට ලියල නැහැ කියලා. ව්‍යවස්ථාදායක මණ්ඩලය කියන්නේ ව්‍යවස්ථා සභාව නො වෙයි. ව්‍යවස්ථා සභාවෙ තමයි ජයන්ත ධනපාල වැනි අය ඉන්නෙ. ව්‍යවස්ථාදායක මණ්ඩලය කියන්නෙ මුළු පාර්ලිමේන්තුව ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රැස්වෙන විට ඒ ආයතනයට කියන නම. ඒකෙ තමයි අර මෙහෙයුම් මණ්ඩලයක් හා තවත් අනුකමිටු හයක් තියෙන්නෙ.

Tuesday, 15 January 2019

ව්‍යවස්ථා මණ්ඩලය කුමන ව්‍යවස්ථාවක් අනුව ද?


ව්‍යවස්ථා මණ්ඩලය කුමන ව්‍යවස්ථාවක් අනුව ද?



රනිල් සුමන්තිරන් ආණ්ඩුව අවුරුදු තුනකට පමණ පසුව ව්‍යවස්ථා මණ්ඩලයට වාර්තා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ව්‍යවස්ථාවක් ගෙන ඒමේ  ක්‍රියාවලිය ඇරඹුණේ 2016 ජනවාරි මාසයේ දී. දැනට පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ 1978 ව්‍යවස්ථාවට අනුකූලව මිස එයින් පිටතට ගොස් නො වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි.

Saturday, 12 January 2019

ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කරමු


ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කරමු



ඊයේ ව්‍යවස්ථා මණ්ඩලයට මෙහෙයුම් කමිටුවේත් අනුකමිටුවලත් ඊනියා විශේෂඥ කමිටුවකත් වාර්තා ඉදිරිපත් කෙරී තිබෙන බව පේනවා.  ඊනියා විශේෂඥ කමිටුව ව්‍යවස්ථා මණ්ඩලයෙන් පත් කෙරුණු කමිටුවක් නො වෙයි. එහි වාර්තාව ඉදිරිපත් කෙරිය යුතුව තිබුණේ මෙහෙයුම් කමිටුවටයි. එකී වාර්තාව ආපසු මෙහෙයුම් කමිටුවට යැවිය යුතුව තිබුණා. ඊයේ රනිල් තම හිතේ තියෙන අදහස් ප්‍රකාශ කෙළේ නැහැ. ඔහු කෙළේ සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කොළේ වහලා ගැහීමක්. අනුර දාසනායක සුපුරුදු ආකාරයට මහින්දට බණින්නට ඒ අවස්ථාවක් කර ගත්තා. චම්පක තම දේශද්‍රෝහි දේශපාලනය වසා ගැනීමට ව්‍යවස්ථා මණ්ඩලය දැන් වැඩක් නැති බව කිව්වා.

Friday, 11 January 2019

ව්‍යවස්ථාව විපක්‍ෂය හා බෞද්ධයන් රැවටීම


ව්‍යවස්ථාව විපක්‍ෂය හා බෞද්ධයන් රැවටීම



සංධානයේත් පොහොට්ටුවෙත් එ ජා පක්‍ෂයට හා රනිල්ට උදවු කරන අය ඉන්නවා. ඔවුන් මෛත්‍රිපාල මහින්ද සමගිය කඩා බිඳ දාන්න කළ හැකි සෑම දෙයක් ම කරනවා. ඒ මගින් රනිල්ට ආධාර කරනවා. දෙපැත්තේ ම ඉන්නවා ව්‍යවස්ථාව පරාද කිරීම ප්‍රධාන ප්‍රශ්නය කර ගන්නෙ නැතිව ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ තවත් පක්‍ෂ සමග එකතු වී හදන සංධානයේ නායකයා කවුද, ඒකෙ ලකුණ මොකක් ද, ඒකෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද වගේ ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්න කර ගන්න අය. ඔවුන් පැහැදිලිව ම රට ගැන නොව තම මන්ත්‍රීකම, ආසන සංවිධායකකම,   මෛත්‍රිපාලට නැත්නම් මහින්දට අනින්නෙ කොහොමද ආදිය ගැන සිතන අය. එමගින් රනිල් බලයේ තබා ගැනීමට කටයුතු කරන අය.

Thursday, 26 July 2018

දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය


දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය



විග්නේස්වරන්ගේ ඉතිහාසය ලිවීම දිනකින් කල් දැමීමට සිදුවෙනවා. ඒ දිනේෂ් ගුණවර්ධන ගැන යමක් පැවසීමට. දිනේෂ් තම දේශපාලන වුවමනාවන් සඳහා ජාතිකත්වය ගසා කෑ අයකු නොවෙයි. අසූවේ දශකයේත් ඔහු ජාතිකවාදියෙක්. බණ්ඩාරනායක මැතිණිය සමග ඔහු දිගින් දිගට ම දේශපාලනික ව ගමන් ගත්තේ වෙනත් පක්‍ෂයක නායකයා ව සිටිය දී. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය දෙකඩ වී සෝභිත හිමියන් හා ජ වි පෙ එක් පැත්තකටත් බණ්ඩාරනායක මැතිණිය තවත් පැත්තකටත් යන විට ඔහු සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ පැත්තේ. එදා ඒ පැත්තේ සිටියේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්. අද මේ සම්බන්ධතා තරමක් වෙනස් වෙලා. එහෙත් නාලක හිමියන්ගේත් දිනේෂ් ගුණවර්ධනගේත් ජාතිකත්ව දේශපාලනය වෙනස් වෙලා නැහැ.

Monday, 30 October 2017

අද ඇරඹෙන විවාදය  


අද ඇරඹෙන විවාදය



ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කෙරුණු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද සිට දින තුනක් විවාද කිරීමට නියමිතයි. මේ විවාදය පැවැත්වෙන්නේ ඇමරිකානු ඔරුමත්තුනාඩු යුද්ධ නැව් කිහිපයක් කොළඹ වරායේ තිබෙන අතර. ඒ සිද්ධි දෙක සමගාමී වීම අහම්බයක් වන්නත් පුළුවන්, සැලසුම් කරන ලද්දක් වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ හිතන් හිටිය ද දන්නෙ නැහැ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ ඡන්දයෙන් පමණක් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. එහි දී රටේ විරුද්ධත්වයක් ඇති වුණොත් විදේශවලින් යුද්ධාධාර ඉල්ලීමට. එය හිතළුවක් පමණක් වුවත් රනිල් වැඩ කරන ආකාරයට හා බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතා අනුව නව ව්‍යවස්ථාවක් කෙසේ නමුත් සම්පාදනය කිරීම අද ප්‍රධාන කාර්යය වෙලා.

Saturday, 30 September 2017

ව්‍යවස්ථාවට ජයම්පතිගේ සාක්කි අවශ්‍ය නැහැ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු




ව්‍යවස්ථාවට ජයම්පතිගේ සාක්කි අවශ්‍ය නැහැ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු



මහානායක හාමුදුරුවරු කිහිප නමක් ව්‍යවස්ථාවෙ ඇතැම් කරුණු ගැන ප්‍රශ්න කරලා. මෛත්‍රිපාල ඒක පත්තරෙන් දැකලා ව්‍යවස්ථාවෙ අපට පෙනෙන ප්‍රධාන උපදේශක ජයම්පති වික්‍රමරත්නගෙන් අහලා මේ හාමුදුරුවරු ඒකීය බව නැතිවෙනව කියන්නෙ ඇත්ත ද කියලා. ප්‍රශ්නෙ දෙසැරයක් ම අහලා. ජයම්පති දෙසැරෙ ම  එහෙම වෙන්නෙ නෑ සර් කියලා. මෛත්‍රිපාලයි ජයම්පතියි දන්නෙ නැති වුණාට දැනටමත් මේ රට ඒකීය නො වෙයි. දහතුන්වැනි සංශෝධනයෙන් ඒකීය බව නැති කළා. රනිල් විතරක් නොවෙයි ජේ ආරුත් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දු ගණන් ගත්තෙ නැහැ. දහතුනේ 154 G (2) (3) ව්‍යවස්ථා සඳහා ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට විනිසුරුවන් බහුතරයක් තීන්දු කරලා තියෙද්දි ජේ ආර් එහෙම කළෙ නැහැ. ඒ ව්‍යවස්ථාවල තිබුණු ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය කියන කොටස පමණක් ඉවත් කරලා පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කළා. ජේ ආර් ඒ සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කරලා තීන්දුවක් ගත යුතුව තිබුණත් එහෙම කළේ නැහැ. අද රනිල් බෑණා ජේ ආර් මාමා හිටගෙන කරපු දේ දුව දුව කරනවා.

Monday, 24 July 2017

භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම


භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම



අස්ගිරි ප්‍රකාශය ගැන සිංහල බෞද්ධයන් යම් පිරිසක් අතර ප්‍රබෝධයක් ඇති වුණා. අපත් එය වැදගත් ප්‍රකාශයක් ලෙස සැලකුවා. එහෙත් උන්වහන්සේලා බැහැ දැකීමට ගිය නීතිඥයන් දොස්තරවරියන් ආචාර්යවරියන් ගැන අපේ කුකසක් තිබුණා. අපේ ලිපිවල ඒ බව සඳහන් කෙරුණා. පසුව මහානායක හාමුදරුවන් වහන්සේත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශයක් කළා. දේශපාලනඥයන් සහ පඬියන් ඒ ගැන කලබල වුණා. මෛත්‍රිපාල තකහනියක් මහානායක හාමුදුරුවන් බැහැ දකින්න ගියා. සිංහල බෞද්ධ විරෝධී පඬියන් සංඝයා වහන්සේ රාජ්‍යයක් පසුපස තවත් රාජ්‍යයක් කියලා කියන්න පටන් ගත්තා. අපේ හාමුදුරුවරුන් ද එයට විවිධ පිළිතුරු දුන්නා. මහානායක හාමුදුරුවරුන් බෞද්ධයන් ලක්‍ෂ ගණනක් නියෝජනය කරන බව ඇතැම් හාමුදුරුවරුන් ප්‍රකාශ කළා. ඒත් එහි පදනම වූයේ සංඛ්‍යා මත සකස් වූ ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය.   සිංහල බෞද්ධ රාජ්‍යයේ සංඝයා වහන්සේ එක් අංශයක් බව බොහෝ දෙනාට අමතක වුණා. අදත් අමතකයි. බොහෝ දෙනා වැඩ කරන්නේ බටහිර රාමුවක.

Saturday, 22 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය


ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගනු ලැබුයේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ ගෙනෙන ලද යෝජනා සම්මතයකින්. එහි ආරම්භයේ ම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවක් තිබුණු බව ය. මෙය පට්ටපල් බොරුවක්. ශ්‍රී ලාංකික ජනතාව අතර ඒ සම්බන්ධ එකඟතාවක් නැහැ. මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයෙන් ද ඒ බව තහවුරු වෙනවා.

Thursday, 20 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව


ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව



ජාතික නිදහස් පෙරමුණ ඊනියා ව්‍යවස්ථා (සම්පාදන) මණ්ඩලයෙන් අස්වෙලා. ඒ පිළිබඳ ලිපිය එහි මන්ත්‍රීවරුන් කතානායකට භාරදීලා. ඒ පිළිබඳ ව අපේ ප්‍රසාදය ජා නි පෙරමුණට හිමි විය යුතුයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉතිරි කණ්ඩායම් හා පක්‍ෂ ඒ ද්‍රෝහි මණ්ඩලයෙන් අස්වෙලා නැහැ. ඒ පිළිබඳ අපේ අප්‍රසාදය ඒ ඉතිරි කණ්ඩයම්වලට හා පක්‍ෂවලට හිමි වෙනවා. ඒ අය අප නොවෙයි මහානාහිමිවරුන් වහන්සේලා ප්‍රකාශ කර ඇති දෙයකටත් එකඟ නැහැ. එහෙත් ඔවුන් සමහර දෙනකු පෙනී සිටින්නේ ජාතික පක්‍ෂ ලෙස.

Monday, 10 July 2017

ඒකාබද්ධ විපක්‍ෂය සංඝයා වහන්සේට විරුද්ධ ද?


ඒකාබද්ධ විපක්‍ෂය සංඝයා වහන්සේට විරුද්ධ ද?



ඒකාබද්ධ විපක්‍ෂයට තීරණයක් ගන්න බැරුව. වෙන මොකකටවත් නොවෙයි අර ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙනව ද නැද්ද කියන එක ගැන. ඒ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙන්න අකමැති පක්‍ෂත් ඒකාබද්ධ විපක්‍ෂයෙ තියෙනවා. ඒ පක්‍ෂ මොනව ද කියල මා දන්නෙ නැහැ. ඒත් එසේ අකමැති වීම රටට කරන ද්‍රෝහිවීමක් ලෙසයි සලකන්න වෙන්නෙ. මෙහෙයුම් කමිටුවෙන් හා අනුකාරක කමිටු හයෙන් පමණක් නො වෙයි ව්‍යස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ම ඉවත් විය යුතුය කියලා මා කියන්නෙ බොහෝ කලක ඉඳලා. අප ඒ ගැන සම්මන්ත්‍රණ මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවත් ඒ ගැන ප්‍රචාරයක් නොදීමට ජනමාධ්‍ය වගබලාගත්ත.

Monday, 3 July 2017

අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්





අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්




අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ (කාරක සභාව) ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරලා. උන්වහන්සේගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ නව ව්‍යස්ථාවක් අවශ්‍ය නැහැ කියන එකයි. කොහොමටත් ජනාධිපතිවරණයෙදි පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල කිව්වෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා වගන්ති පමණක් සංශෝධනය කරන බව. මහින්ද නව ව්‍යවස්ථාවක් ගැන කිසිවක් කිව්වෙ නැහැ. එයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයේදීත් ඡන්දදායකයන් නව ව්‍යවස්ථාවක් සඳහා ඡන්දය දී නැති බවයි. අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ හා ජනතාව අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පරස්පරයක් නැහැ.

Sunday, 28 May 2017

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි


ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවූයේ අහවල් දේකට ද? රනිල් අද වැඩියෙන් ම කතා කරන්නේ ආර්ථිකය ගැන. ඔහු නව ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ නැති තරම්. ගංවතුර ගැන ඊයේ (27 වැනි දා) පැවැත් වූ ජනමාධ්‍ය සාකච්ඡාවක දී රනිල් කවුද කියන එක යම් පිරිසකට හරි තේරුණා නම් ඒක ලොකු දෙයක්.  සාගල රත්නායක දුරකතන විසන්ධි වීම් හා වෙනත් එවැනි අපහසුතා නිසා ඊනියා ආපදා කළමනාකරණය නිසි පරිදි කිරීමට නොහැකි වීම ගැන දුක්ගැනවිලි කියද්දී රනිල් කතා කෙළේ සැලැස්මක් නොමැති වීම පිළිබඳ ව. ඔහු කියා සිටියේ වැස්ස ගැන දත්ත නිසි පරිදි ලැබුණි නම් සැලැස්මක් ඇතිව ජනතාව ආරක්‍ෂක ස්ථානවලට ගෙන යෑමට තිබූ බවයි. ඔහු වැඩ කරන්නේ බටහිරයකු ලෙස සැලැස්මකට අනුවයි. සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට බටහිර සැලැස්ම තේරෙන්නේ නැහැ. සිංහලයාගේ වත්මන් තත්වයට එය ප්‍රධාන හේතුවක්.

Tuesday, 4 April 2017

සුමන්තිරන් හා ඒකාබද්ධ විපක්‍ෂය


සුමන්තිරන් හා ඒකාබද්ධ විපක්‍ෂය



දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒබ්‍රහම් සුමන්තිරන් ඊයේ ඩේලි මිරර් පුවත්පතට කළ ප්‍රකාශයකින් කියැවෙන්නේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව බලය බෙදීමට එකඟ වී ඇති බවයි. මේ අමූලික අසත්‍යයක් බව දිනේෂ් ගුණවර්ධන නිකුත් කර ඇති පණිවුඩයකින් කියැවෙනවා. පසුව ඒබූහම් සුමන්තිරන් තම ප්‍රකාශය නවමින් කියා ඇත්තේ තමා ප්‍රකාශ කෙළේ ආණ්ඩු පක්‍ෂ නායකයන් ඒ ගැන ජනාධිපති සමග සාකච්ඡා කළ බවයි.