සුමන්තිරන්ලා සජිත්ට සහාය දෙන්නේ ඇයි?
මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල. දෙමළත් රාජ්‍ය භාෂාවක්. ඉංගිරිසිය තමයි ඊනියා සම්බන්ධීකරණ භාෂාව. ඒ මොනවා ව්‍යවස්ථාවේ සඳහන් වුනත් නීති කෙටුම්පත් කරන්නේ ඉංගිිරිසියෙන්. ඉහළ උසාවිවල වැඩ කරන්නේ ඉංගිරිසියෙන්. එ ජා පක්‍ෂයේ භාෂාව ඉංගිරිසි. ඒ කියන්නේ සාමාන්‍ය මන්ත්‍රීවරුන් ඉංගිරිසියෙන් කතා කරන එකවත් හිතන එකවත් නො වෙයි. රනිල් හා අනෙක් නායකයන් හිතන්නෙ ඉංගිරිසියෙන් වැඩ කරන්නෙ ඉංගිරිසියෙන්.