Main Logo

Showing posts with label ISIS. Show all posts
Showing posts with label ISIS. Show all posts

Tuesday, 2 July 2019

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන විමර්ෂණයක් කරන ලෙස නීතිපති කියා තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. ඔවුන් දෙදෙනා තම වගකීම් පැහැර හැර ඇති බවක් කියැවෙනවා. අපට අහන්න වෙන්නෙ අර අඹගස් ප්‍රශ්නය. මේ නිලධාරීන් හැරෙන්න තම වගකීම් පැහැර හැරි තවත් අය ඉන්නවා ද? මේ නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවක් මා කියන්නේ නැහැ. මගේ ප්‍රශ්නය නීතිපති  කර ඇති ඉල්ලීම මත පදනම් වෙනවා.

Friday, 21 June 2019

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් නැද්ද?

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් නැද්ද?   



අද ජූනි විසිඑක. අද සූර්යයා තම වාර්ෂික ගමනේ දී උත්තර ධ්‍රැවය දෙසට වැඩියෙන් ම යන දවස. අද උත්තරාර්ධ ගෝලයට වැඩි ම කාලයක් හිරු පේන්න තියෙන දවස. දෙරණේ චතුර මතක් කරල දෙනව පාස්කු ප්‍රහාරයට අදට මාස දෙකයි කියල. මාස දෙකක් ගිහිල්ලත් වැරදි කාරයකු නැහැ. සහරාන් මළේ නැත්නම් ඔහුටත් නිදහස් වෙන්න තිබුණ. බුදුහාමුදුරුවන් මිනී මස් වැළඳූ බව කී අබ්දුල් රාෂික් පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියට ඇවිත් පවු සමා කරගෙන. ආගමික ශාස්තෘවරයකුට නිග්‍රහ කරල සමාව ගත්ත ම සියල්ල හරි යනවා ද? ඕනෑම වැරැද්දක් කරල සමාව ගත්ත ම නිදහස් වෙන්න පුළුවන් ද? ක්‍රිස්තියානි ආගමේ නම් පවු සමාකිරීමක් තියෙනවා. ඒත් ක්‍රිස්තියානි නීතියේ ක්‍රිස්තියානි අධිකරණයේ කිසිම දඬුවමක් නැතිව ඕනෑම අවස්ථාවක වැරදිවලට සමාව ගන්න පුළුවන් ද? 

Friday, 14 June 2019

සහාරාන් වැඩ කෙළේ කාට ද?

සහාරාන් වැඩ කෙළේ කාට ද? 

පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කර ගත්තේ මොකට ද කියන එක දැන්වත් පැහැදිලි වෙන්න ඕන. අද මොන බයිලා කිව්වත් තේරීම් කමිටුව පත් කර ගත්තේ විපක්‍ෂයේත් සහාය ඇතිවයි. කිසිම දේශපාලනඥයකු ගැන විශ්වාසයක් තියන්න බැහැ. අප එහෙම කියන්නෙ හිතේ කාගෙ හරි නමක් තියාගෙන ඔහු වෙනුවෙන් නො වෙයි. මෛත්‍රිපාල, රනිල් පමණක් නොව මහින්ද බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ. මෙහෙම කියන එකට ඇතැමුන් විරුද්ධ වේවි. දෙරණ 360 වැඩ සටහනේ දී මහින්දටත් දොස් පැවරුවාය කියා ඇතැමුනට කේන්ති ගිහිල්ලා. බැසිල් ගැනත් යමක් කීමට නොහැකි වීම ගැන නම් මටත් කේන්තියි. දැන් බැසිලිකාව මට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කරාවි. 

Friday, 17 May 2019

ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කරන්නන් ආරක්‍ෂා කිරීම

ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කරන්නන් ආරක්‍ෂා කිරීම


අද මේ රට බහු සාංස්කෘතික කියල කියන අය මංගල සමරවීර පස්සෙ එල්ලෙන්න හදනව. ඒත් ඔවුන් බහු සාංස්කෘතික කතා කියන්නෙ නැහැ. ඒ වෙනුවට මංගල සමරවීර එවැනි කතා කිව්වට පරදින්නෙ නැති බව කියනවා. මංගල කියන්නෙ වන්ද්‍රිකාගෙ ආණඩුවෙත් මහින්දගෙ ආණ්ඩුවෙත් රනිල්ගෙ ආණ්ඩුවෙත් ඇමතිකම් දරපු, දරණ අයෙක්. ඔහු මහින්දගෙ හොඳ මිත්‍රයෙක්. මහින්දගෙ ආණ්ඩුවෙත් ටික කාලයක් ඔහු විදේශ ඇමති වෙලා හිටියා!

Tuesday, 14 May 2019

එකම කතාව

එකම කතාව


ගුණදාස අමරසේකර කලකට පෙර  එකම කතාව කියල කෙටි කතාවක් ලිව්ව. කෙටි කතාවක් වුණට ඒක ටිකක් දිග කතාවක්. පහළොස්වැනි සියවසේ අග සිට සමස්තයක් ලෙස ගත්තම ලෝකයෙ තියෙන්නෙ එකම කතාවක්. ඒ කතෝලික චින්තනයෙන් මිදී නව ලෝක රටාවක්, චින්තනයක් ප්‍රචලිත කිරීම හා තහවුරු කිරීම පිළිබඳ කතාව. එහි ආධිපත්‍යය ලොවෙහි පිහිටුවීම පිළිබඳ කතාව. ඒක බොහෝ ම දිග කතාවක්. බටහිර විද්‍යාව, ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය, ඉංගිරිසි පාර්ලිමේන්තුව, ප්‍රංශ විප්ලවය, ඇමරිකන් විප්ලවය, බටහිර දර්ශනය, යටත්විජිතවාදය ආදී මේ ඔක්කොම එකම කතාවක කොටස්. ඒව වෙන වෙන පරිච්ඡෙදත් නො වෙයි. 

Sunday, 12 May 2019

ඩීල් දේශපාලනය හා පාස්කු ප්‍රහාරය


ඩීල් දේශපාලනය හා  පාස්කු ප්‍රහාරය



ඊයේ ලිපිය ගැන තවදුරටත් කියන්න ඕන. පාස්කු ප්‍රහාරය හුදු මුස්ලිම් අන්තවාදයේ වැඩක් නො වෙයි. බටහිර නූතනත්ව සංස්ථාපනය එහි පිටුපස ඉන්නවා. බොහෝ දෙනා මා සමග එකඟ වන එකක් නැහැ. අල් ක්වයිඩා මෙන් ම අයිසිස් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මගින් යොදවා ගන්නා ආකාරය පිළිබඳ අවශ්‍ය තරම් ලේඛන තියෙනවා. අසාන්ජ් ද ඒ බවට සාක්‍ෂි ඉදිරිපත් කර තියෙනවා. ඒ සියල්ල පිළිබඳ මූලාශ්‍ර දෙන්න මට හැකියාවක් නැහැ. මා බොහෝ වෙලාවට කියා ඇති ආකාරයට මා දත්ත එකතු කරන්නෙක් නො වෙයි. හැකියාවක් තිබුණත් දෙන්නෙත් නැහැ. කතන්දරය කියවා ගෙන යන්න.

Saturday, 11 May 2019

ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට

ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට

දේශපාලනඥයන්ට  පමණක් පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය විසඳන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක් වේගෙන යනවා. ඔවුන් කල්පනා කරන්නේ ඡන්ද පැත්තෙන් පමණයි. මේ ප්‍රශ්නය දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට වඩා සංකීර්ණයි. මෙහි දී ජාත්‍යන්තර බලවේග සෘජුව ම මැදිහත් වෙනවා. දෙමළ ජාතිවාදී ප්‍රශ්නයේ දී ඔවුන් සිටියේ පිටුපසින්. අද මේ වන විටත් බටහිර බලවතුන් ලංකාවට ඇවිල්ලා. ඒ වගේ ම මෙරට ඉන්න බටහිර තානාපතිවරු විපක්‍ෂ නායක මහින්ද ද හමුවෙනවා. ඕ බ්ලේක් ලොකු අවවාදයකුත් කරලා.

Friday, 10 May 2019

සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි

සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි

සොයා ගන්නා ආයුධ  ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය නොකරන ලෙස ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා යහපතකට වඩා අයහපතක් වෙනවා. මේ අවස්ථාවේ දී මුස්ලිම් ජනයාගේ හිත් රිදවන එක හොඳ නැහැ. ඒ වගේ ම සිංහලයන්ගේ අවිශ්වාසය නැති කරන්නත් කටයුතු කරන්න ඕන. සිංහලයන් ආණ්ඩුවේ පරීක්‍ෂණ කටයුතු ගැන නම් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. පහුගිය දා පාසලකට බුර්කාව ඇඳ පැමිණි ගුරවරියන් කිහිප දෙනකුට පාසලට පැමිණීම තහනම් කළ අවස්ථාවේ ඔවුන් කෙලින් ම ගොස් ඇත්තේ අසාද් සාලි හමුවන්න. අසාද් සාලි ඔවුන් වෙනත් පාසල්වලට මාරු කරලා. ආණ්ඩුකාරකුට පාසල් ගුරුවර ගුරුවරියන් මාරු කිරීමට පුළුවන් ද යන්න ප්‍රශ්නයක්. ඒ කුමක් වුවත් අසාද් සාලි ඒ ගුරුවරියනට බුර්කාව නැතිව පාසලට යෑමට අවවාද නොකෙළේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඒ ගුරුවරියන්ට තම අලුත් පාසල්වලටත් ඒම තහනම් කළොත් අසාද් සාලි කරන්නේ මොකක් ද? 

Wednesday, 8 May 2019

බෞද්ධයනට බිංදුවවත් නැහැ

බෞද්ධයනට බිංදුවවත් නැහැ

එංගලන්තෙ විදේශ ඇමති මෛත්‍රිපාලට කියල පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් කියල. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපට දැනගන්න ඕන එංගලන්තෙ ඒකට සම්බන්ධ ද කියන එක විතරයි. ඒක ඉතින් එංගලන්තෙන් දැනට දැනගන්න හම්බවෙන එකක් නැහැ. අසාන්ජ් කෙනෙක් කාලෙකට එන එකක් නැහැ. කොහොමත් ඒක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් කියල දන්නෙ නැති පිරිසක් ඉන්නවා. ඒ පඬියො, පඬි පෝතකයො හා පඬි නැට්ටො. ඔවුන් ඒ තරම් පිරිසක් නැහැ. ඒත් ඔවුන් ගැන  ලියල ටිකක් විනෝද වුණාට කමක් නැහැ. පාස්කු ප්‍රහාරයට සිංහල බෞද්ධයන් වග කිව යුතු බව කියා ගන්න බැරි පඬියන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවන්ගෙ තත්වයට පත්වෙලා. කාට හරී ඒකට මූලාශ්‍ර ඕන ද?

Sunday, 5 May 2019

දෙරණෙ රොහාන්ගෙ වික්‍රමය

දෙරණෙ රොහාන්ගෙ වික්‍රමය



දෙරණ ඊනියා යුද, ත්‍රස්තවාද විශේෂඥයකු වූ රොහාන් ගුණරත්නට සාකච්ඡාවක් ලබා දීලා. දෙරණ දැන් කටයුතු කරන්නේ රනිල් වෙනුවෙන් ද කියා මා අහන්නේ නැහැ. එහෙත් දෙරණට සම්බන්ධ ආයතනයක් රනිල් වෙනුවෙන් මැතිවරණ දැන්වීම් පළ කළ බව නම් ප්‍රසිද්ධ කරුණක්. එය හුදු ව්‍යාපාරික කටයුත්තක් කියා පිළිතුරක් දෙන්න පුළුවන්. එහෙත් මහින්ද නම් එවැනි පිළිතුරක් පිළිගන්නෙ නැති බව පැහැදිලියි.

Saturday, 4 May 2019

පළිගැනීම පිළිගැනීම හා ජනාධිපති කිරීම නොකිරීම

පළිගැනීම  පිළිගැනීම හා ජනාධිපති කිරීම නොකිරීම



බටහිර නූතනත්ව සංස්ථාපනය විවිධ සංවිධාන අටවා ගැනීම ඇති වී තිබෙන සංවිධාන තම අවශ්‍යතා සඳහා යොදා ගැනීම නොදන්නා කෙනකු ඉන්නවා නම් ඒ පඬියකු ම වෙන්න ඕන. පාස්කු ප්‍රහාරය කෙළෙ ජාතික තව්හීඩ් ජමාද් සංවිධානය බව දැන් තහවුරු වෙලා. නඩු   විභාගයක් නැතිව ඒක දැන ගත්තෙ කොහොමද වගේ පඬි කතා අහන්න පුළුවන්. අපටත් අවශ්‍ය කාලයෙන් පස්සට බලපාන නීති සම්මත කරල ඉක්මනට නඩුව විභාග කරල මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙදි මුලිනුපුටා දාන්න. ඒත් රනිල්ගෙ ආණ්ඩුව තියෙනකන් ඒක වෙයි කියල විශ්වාස කරන්න අමාරුයි. රනිල් බොරු කතා කිය කිය හිටියෙ ඊනියා විදේශීය සංවිධානවල සාමාජිකයන් අත්අඩංගුවට ගන්න නීති නැහැයි කියල. දැන් ඒ අමන කතාව කියන්න බැහැ. 

Friday, 3 May 2019

ඇමරිකාව බබාලන්තයක්ද ?



මේ ලිපිය තේෂාන් ප්‍රියදර්ශනගෙනි



ඇමරිකාව බබාලන්තයක්ද ?
========================
මෙහි කියැවෙන අදහස සියල්ලන් විසින් පිළිගතයුතු නොවන බව පළමුව කිව යුත්තේ මූණු පොත යනු පඳුරකට පයින් ඇන්න විට පඬියන් හැට හැත්තෑවක් විසිවන ස්ථානයක් බැවිනි...තිබෙන තොරතුරු අනුව ගොඩනැගිය හැකි එක් වඩාත් සංගත අදහසකි මෙහි කියැවෙන්නේ...වියුක්තව මෙම කතාව කිවහැකි වුවත් බොහෝ දෙනා තේරුම්ගනුයේ සංයුක්ත කතාවලින් බැවින්, මෙහි සංයුක්ත නිදසුන් ද සඳහන් වෙයි. දැනට තිබෙන තොරතුරු සමඟ පමණක් මෙම කතාව තේරුම්ගැනීමට උත්සාහ නොකොට, ඉදිරියේදී ලැබෙන තොරතුරු ඒ සමඟ සංගත වන්නේදැයි මේ පිළිබඳ උනන්දු වන යමෙකුට සොයා බැලිය හැකි ය.

Thursday, 2 May 2019

වෙච්ච දේ වෙන දේ

වෙච්ච දේ වෙන දේ


පසුගිය පාස්කු ඉරිදා සිදුවූයේ එක ගලින් කුරුල්ලන් කිහිප නෙකු මැරීමයි. ලංකාව ඇතුළත කරන මෙහෙයුම් තවදුරටත් වඩාත් ශක්තිමත් ව කරගෙන යන්න ඕන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. හමුදාව හා පොලීසිය දැනට කර ඇති මෙහෙයුම් ගැන අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒත් මා හිතන්නේ අපට ඇති නීති ප්‍රමාණවත් නොවන බවයි. මේ මෙහෙයුම් තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා කාලයෙන් පස්සට බලපාන නීති අවශ්‍යයි. අත්අඩංගුවට ගත් හා ගැනීමට සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් නීති අවශ්‍යයි. 

Wednesday, 1 May 2019

සුමන්තිරන්, බටහිරයන්, අයිසිස් හා රිෂාඩ්

සුමන්තිරන්, බටහිරයන්, අයිසිස් හා රිෂාඩ්

බොර දියේ මාළු බෑම කාටත් පොදු ලක්‍ෂණයක්. පඬියන් කියා එහි වෙනසක් නැහැ. කොහොමත් අර්බුදකාරි අවස්ථාවල අප විවිධ හිතළු ඔස්සේ වැඩ කරනවා. ඒ ඒ අය විවිධ දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා. මා දැක්කා ඒබ්‍රහම් සුමන්තිරන් කියා තිබෙනවා ආණ්ඩුව ඊනියා සුළු ජාතීන්ගේ පැවැත්ම ගැන නොසිතන එක ප්‍රශ්නයක් කියා. ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් නොගෙනීම ඔහුට ප්‍රශ්නයක් වෙලා. ඔහු ඊනියා සමාජයීය ගිවිසුමක් (social contract) ගැන කතා කරනවා. දැනට පවතින ව්‍යවස්ථාව ඊනියා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇතිව සම්මත කර ගත් එකක් නොවන බවයි ඔහු කියන්නේ. ඔහුට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ කලබල අස්සේ ඔහුගේ, රනිල්ගේ, ජයම්පතිගේ හා ලාල් විජේනායකගේ ව්‍යවස්ථාව සම්මත කර ගන්න. 

Tuesday, 30 April 2019

සියළු ආගම්වලට ආරක්‍ෂාව ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ



මංගල සමරවීර ලංකාවට විරුද්ධ ව ජෙනීවාහි යෝජනා ගෙනා පුද්ගලයා, සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක යෙදෙන්නෙක්. සිංහල බෞද්ධයන් හැඩ ගැසී ඇත්තේ ඉතාමත් සාමකාමී සංස්කෘතියක. ඔවුන් මුස්ලිමුන්ටත් දෙමළ හින්දූන්ටත් ක්‍රිස්තියානින්ටවත් වෛර කරන්නේ නැහැ. මංගල තමන් ධම්මපදයවත් අල් කුරානයවත් කියවා නැති බව ඔහු කරන ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. සිංහල බෞද්ධයන් අනෙක් අයට වෛර නොකරන්නේ ඒ අයගේ ආගම් ගැන නොදැන නො වෙයි. ඒ ආගමික පොතපත නොකියවා වුවත් ඔවුන් අවුරුදු දහසකට වැඩි කාලයක් තිස්සේ මේ ආගම් ගැන අත්දැකීමෙන් දන්නවා. ඛෙමාගේ කොලුවාට මවගෙන් හරි වැඩි හිටියන්ගෙන් හරි මෙරට ඉතිහාසය දැන ගැනීමට නොලැබීම ගැන අපට කරන්න දෙයක් නැහැ. ඔහු සුදුසු එස්මන්ඩ්ගේ කොලුවාගේ අමාත්‍ය මණ්ඩලයක සේවය කිරීමටයි. 

Monday, 29 April 2019

රනිල්, පඬියෝ හා හම්බන්තොට

රනිල්, පඬියෝ හා හම්බන්තොට 



අද නැවතත් භාරකාර ආණ්ඩුවක් ගැන කතා කෙරෙනවා. එය හොඳයි. එහෙත් කරුණු දෙකක් කියන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව භාරකාර ආණ්ඩුවක් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඊළඟ අගමැති පත්වෙන තෙක් පවතින ආණ්ඩුවකට. අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රනිල් එකඟ වන එකක් නැහැ. එබැවින් පිහිටුවා ගන්න සිදුවන්නේ භාරකාර සම ආණ්ඩුවක්. එහි රනිල්, මලික් ආදීන් ඉන්න බැහැ. ඒ ඔවුන් වැඩ කරන්නේ බටහිර න්‍යාය පත්‍රයට අනුව නිසා.

Sunday, 28 April 2019

පඬියෝ හා සෝම හාමුදුරුවෝ

පඬියෝ හා සෝම හාමුදුරුවෝ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ව සිංහල බෞද්ධ සංස්කෘතියට හා සිංහල බෞද්ධයනට වරද පැටවීමට මහත් උත්සාහයක් ගෙන අසාර්ථක ව පැන යන හීනමානයෙන් පෙළෙන හිස් පඬියන්, පඬි පෝතකයන් හා පඬි නැට්ටන් දැන් සෝම හාමුදුරුවන් අල්ලා ගන්න ලැහැස්ති වෙනවා.  මා සෝම හාමුදුරුවන්ගේ දේශනා ක්‍රියාකාරකම් සියල්ල සමග එකඟ වන්නේ නැහැ. උන්වහන්සේත් එක්තරා ආකාරයකට නූතනත්වයෙන් නොමග ගියා. උන්වහන්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුද්ධාගම වෙනුවට බුදුදහමක් ගැන දේශනා කළා. 

Saturday, 27 April 2019

අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු

අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු



මෙරට මුස්ලිම් අන්තවාදය බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ ස්වොත්තමවාදය නිසා බවත් අයිසිස් සංවිධානය ද එහි ම දිගුවක් පමණක් බවත් කීමට තවමත් කිසිවකු ඉදිරිපත් වී නැති වීම නම් තරමක සහනයක්. මෙරට මුස්ලිම් අන්තවාදය මාවනැල්ලේ බුදු පිළිම වහන්සේලාට පහර දීමෙන් නැත්නම්  බොදුබල සේනා සංවිධානයට ප්‍රතිචාර දැක්වීමෙන් ඒ ආරම්භ වුවක් කියා කීමට තරම් හීනමානයෙන් පිරි කිහිප දෙනකු ඉන්නවා. ඔවුන්ට අද තර්කයක් නැති වෙලා. වෙනදා තර්ක තිබුණා නො වෙයි. අද ඔවුන්ට වචන ගොඩකින්වත් තම හීනමානයත් හිස්කමත් වසා ගන්න බැහැ. 

Wednesday, 24 April 2019

ලෝක අමාරුවක වැටෙනවා ද?


ලෝක අමාරුවක වැටෙනවා ද?
 



බොහෝ දේ කියන්න තියෙනවා. එක ලිපියකින් කොහොමටවත් කියන්න බැහැ. පඬියන්ගෙ කටවල් වැහිලා. දැන් කියන විධියට නම් පඬියන්  සද්දෙ වහලා. සමහරු තම මත වෙනස් කරගෙන. පාස්කු ඉරිදා ගැන බටහිර පශ්චාත් මාක්ස්වාදීන් හරි වෙනත් පශ්චාත්තාපවාදීන් හරි තවම මොකුත් කියල නැද්ද? බීබීසියයි නෝර්වෙ කවුදැයි පාස්කු ඉරිදාත් සිංහල බෞද්ධයන්ට ම බැර කරල. පඬියන්ට බැරි ද ඉක්මනට නෝර්වේ තානාපති කාර්යාලයෙන්වත් සිංහල බෞද්ධ විරෝධී කතාවක් ඉල්ල ගන්න.

Wednesday, 14 March 2018

සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම


සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම



අද දි අයිලන්ඩ් පුවත්පතේ පිටරට සිටින ශ්‍රී ලාංකික අධ්‍යයනිකයන් යැයි කියා ගන්නා පිරිසක් සිංහල බෞද්ධයන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වරද කරුවන් කරමින් ලිපියක් පළ කර තිබෙනවා. ඔවුන් දෙමළ ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් ඝාතනය කරන විට සිටියේ කොහේ දැයි අප අසන්නේ නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදීන්ට දෙමළ ජාතික සංධානයේ නොමඳ සහාය ලැබුණු බව ද අපට අමතක කරන්න බැහැ. එකී සංධානයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයන්  පාර්ලිමේන්තුවේ ද වෙනත් තැන්වල ද දෙමළ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියා. අදත් පෙනී ඉන්නවා. සුමන්තිරන් මේ කණ්ඩායමේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරනවා. ඔහු පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ මැතෝදිස්ත බැතිමතෙක්.