Main Logo

Wednesday 31 January 2018

මුහුණු නැති මුහුණු පොතේ දේශපාලනය


මුහුණු නැති මුහුණු පොතේ දේශපාලනය


ඇතැමුන් කාලය වෙබ් අඩවියේ පළවන මගේ ලිපි මුළුමනින් ම හෝ කොටස් වශයෙන් හෝ මුහුණු පෙතේ පළ කරනවා. මෙය මට හිසරදයක්. ඒවාට ප්‍රතිචාර දක්වන්නන්ට පිළිතුරු දීමට මට වෙලාවක් හෝ උනන්දුවක් හෝ නැහැ. මගේ ලිපි හෝ ඉන් කොටස් හෝ පළ කරන අයත් ප්‍රතිචාර දක්වන්නන්ට නිසි පිළිතුරු දෙන්නේ නැහැ. අන් සියල්ලන්ටත් වඩා ජාතිකවාදීන්ට මා රුස්සන්නේ නැති බවත් ඔවුන් මා කියන දෙයක් විශ්වාස නොකරන බවත් ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලියි. මගේ ලිපි මුළුමනින් ම හෝ කොටස් වශයෙන් හෝ මුහුණු පොතේ පළ කිරීමෙන් වළකින ලෙස මා ඉල්ලා සිටිනවා. එපමණක් නොව තම ලිපිවල මගේ නමවත් සඳහන් නොකරන මෙන් ඉල්ලනවා. නම සඳහන් කිරීමට තරම් දෙයක් මගෙන් රටට ජාතියට ආගමට සිදු වී නැහැ.

Tuesday 30 January 2018

නිර්මාණාත්මක සාපේක්‍ෂතාව හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය


නිර්මාණාත්මක සාපේක්‍ෂතාව හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය


නිර්මාණාත්මක සාපේක්‍ෂතාව ගැන යමක් ලියන්න ඕන කියලා හිතුණා. මගේ ලෝකය පොතේ තමයි එහි මූලික කරුණු සඳහන් වෙන්නෙ. ඒත් ඊට පස්සෙ තවත් වර්ධනය වෙලා තියෙනවා. අවාසනාවකට ඒ වර්ධනයේ දී කිසිවකුගේවත් ප්‍රතිචාර උදවු වුණෙ නැහැ. මගේ පරම්පරාවෙ අය හා මට වැඩිමහලු අය පොත සම්පූර්ණයෙන් ම අමතක කෙරුවා විතරක් නොවෙයි එය මුද්‍රණය කිරීමේ දී පවා අකුල් හෙළුවා. ඒ එහි කරුණු අශෝක බුද්ධාගම සමග එකඟ නොවුණු නිසා බව මට පසු කලෙක තේරුම් ගියා.

Monday 29 January 2018

චන්දන ජයරත්න මා හා දෙවියෝ




චන්දන ජයරත්න මා හා දෙවියෝ


මගේ ද නෛතික ශිෂ්‍යයකු වූ මහාචාර්ය චන්දන ජයරත්න ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති ධුරයට පත්වෙලා. පළමුවෙන් ම ඔහුට සුබ පතනවා. ඔහුට ඒ තනතුරට පත්වීමට හරි මහාචාර්ය තනතුරකට පත්වීමට හරි මගෙන් ආධාරයක් නොලැබෙන්න ඇති. මා සිසුන්ට ඉගැන් වූ දෙයක් නැති බවයි එකල කොළඹ විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනා කිව්වෙ. ඔවුන් කිව්වෙ මා දේශපාලනය කළා මිසක් ගණිතයවත් භෞතික විද්‍යාවවත් ඉගැන්නුවෙ නැහැ කියලා. එකල උපකුලපති ජී එල් පීරිස් මගෙන් ඇහුවෙ ජාතික චින්තනය උගන්නන්නෙ ඇයි කියලා.

Sunday 28 January 2018

ජී එල් ද මෛත්‍රිපාල ද?



ජී එල් ද මෛත්‍රිපාල ද?


මෛත්‍රිපාල රැස්වීමක දී කියලා තිබුණා සංධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් අනූහයදෙනා තමන් සමග එකට ඉන්නවා නම් හෙට වුණත් ශ්‍රී ල නි පක්‍ෂ ආණ්ඩුවක් හදනවා කියලා. මෙහි දී ශ්‍රී ල නි පක්‍ෂ ආණ්ඩුවක් කියන්නෙ ශ්‍රී ල නි ප ප්‍රධාන සංධාන  ආණ්ඩුවක් වෙන්න ඕන. කාට හරි කියන්න පුළුවන්, නැහැ මෛත්‍රිපාල කියලා තියෙන්නෙ සංධාන ආණ්ඩුවක් නොවෙයි ශ්‍රී ල නි ප ආණ්ඩුවක් කියලා. ඒත් ශ්‍රී ල නි ප විතරක් ගත්තොත් මන්ත්‍රීවරුන් අනූගණනක් නැහැ. අනෙක් අතට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් කියලා පිරිසක් පාර්ලිමේන්තුවෙ නැහැ. ඉන්නෙ සංධාන මන්ත්‍රීවරු, හැබැයි ඉන්නෙ දෙපැත්තක. මෛත්‍රිපාල කියන්නෙ ඔක්කොට ම එක පැත්තකට එන්න කියලා. ජී එල් පීරිස් කියන්නෙත් ඒකම යි. හැබැයි කතානායකගෙ වම්පැත්තට කියලා ජී එල් කියනවා. මෛත්‍රිපාල කතානායකගෙ දකුණු පැත්තට කියලා කියනවා. 

Saturday 27 January 2018

මේ විද්වත් අරුමයක් ද?


මේ විද්වත් අරුමයක් ද?


මහරගම දි ජාතික තරුණ සේවා සභා  ශ්‍රවණාගාරයෙ දී විද්වතුන් හම්බවෙලා. ඔවුන් තමන්ගේ ම සංවිධානයක් හදා ගෙන නො වෙයි. ඒ අයට එහෙම ශක්තියක් නැහැ. ශාලාව පිරෙන්න සෙනග හිටියා. ඒ අය  විද්වතුන් ද හුදී ජනයා ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැහැදිලි කාරණයක් තිබුණා. ඔවුන් පැමිණ සිටියේ මිනීමරුවන් වෙනුවෙන්. ඒ රැස්වීම මිනීමරු පක්‍ෂයක් විසින් සංවිධානය කරන ලද එකක් බවත් පැහැදිලියි. විද්වතුන් ද පැමිණ සිටියේ මිනීමරුවන් වෙනුවෙන්.

Friday 26 January 2018

විකල්ප කිහිපයක්


විකල්ප කිහිපයක්


පෙබරවාරි දහවැනි දිනට කලින් දේශපාලන බලතුලනයේ වෙනසක් සිදු වීමට ඇති සම්භාවිතාව ඉතා අඩු වෙයි. එහෙත් එදිනට පසුව වෙනසක් සිදු වේවි ද? ඒ සඳහා සම්භාවිතාවක් ඇති නමුත් නිශ්චිත වශයෙන් කිසිවක් කීමට නො හැකියි.  අප එකිනෙකාට එක එක බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු සමග බැඳිච්ච උපකල්පනත් තියෙනවා. ඒ අතර අපේ අනාවැකි ද තියෙනවා. ඒ අනාවැකි බොහෝ විට බලාපොරෙත්තු මත රඳා පවතිනවා. 

Thursday 25 January 2018

දේශපාලන රංගන

දේශපාලන රංගන


මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා අද ඒකාබද්ධ විපක්‍ෂය කියනවා. ඔවුන් එහෙම කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මොන වගන්තිය මත පදනම් වෙලා ද කියලා කියන්නෙ නැහැ. තමන් නීතිඥයකු බව නිතර මතක් කරන නිතර මාධ්‍ය සාකච්ඡා පවත්වන ඊනියා පක්‍ෂ නායකයකුවත් අපට කියන්නෙ නැහැ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන්නෙ මොන වගන්තිය යටතේ ද කියලා.

Wednesday 24 January 2018

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?


ජාතිකවාදීන්ට පමණක් නොව මහින්දවාදීන්ට ද පොදුවේ පොදු පෙරමුණට හිතවත් අයට ද වෙනත් අයට ද රටට අවශ්‍ය කුමක් ද කියා ඇසුවොත් විවිධ පිළිතුරු තිබේවි. ඒ පිළිතුරු තම තමන් රටට යහපතක් වන්නේ කෙසේ ද යන්න මතත් අවසානයේ දී රටට යහපතක් වීම යනු කුමක් ද යන්න මතත් රඳා පවතිනවා. ඒ ඒ අයගේ විශ්වාස මා ප්‍රශ්න කරන්නේ නැහැ. අප අපේ විශ්වාසවලින් බැහැර වන්නේ එක්තරා ආකාරයකට කම්පනයකට පත් වීමෙන් පසුවයි. තර්ක කිරීමෙන් නො වෙයි.

Tuesday 23 January 2018

මෛත්‍රිපාල උදවු ඉල්ලන්න ඕන කාගෙන් ද?

මෛත්‍රිපාල උදවු ඉල්ලන්න ඕන කාගෙන් ද?


මෛත්‍රිපාල හොරු අල්ලන්න ඔවුන්ට දඬුවම් කරන්න රනිල්ගෙන් උදවු ඉල්ලලා. තම අත ශක්තිමත් කරන ලෙස මෛත්‍රිපාල රනිල්ට කියලා. මෛත්‍රිපාල මේ ප්‍රකාශයෙන් කියන්නෙ කුමක් ද? ඔහු ශක්තිමත් නැති බව නම් පැහැදිලියි. ඔහු ජනාධිපති වුණෙ එ ජා ප ඡන්දවලින්. සිංහල බෞද්ධ ඡන්දවලින් නම් නො වෙයි. ඒ කියන්නෙ නාගරික සිංහල බෞද්ධ ඡන්ද ටිකක් ඔහුට නොලැබුණා කියන එක නො වෙයි. විශේෂයෙන් ම මුහුණු පොත ඇසුරු කරන නගරවල ජීවත්වන සිංහල බෞද්ධ තරුණ තරුණියන් යම් පිරිසක් මෛත්‍රිපාලට ඡන්දය දුන්නා. අවුරුදු එකහමාරක් පමණ මුහුණු පොත ඇසුරු කළ මට තේරෙන දෙයක් තමයි එහි ඉන්න අතිවිශාල පිරිසක් අප්‍රබුද්ධයන් බව. ඔවුන් සොයන්නෙ ඊනියා කෙටි කෑම, ක්‍ෂණික කෑම ආදිය පමණක් නොවෙයි ක්‍ෂණික දැනුම.

Monday 22 January 2018

ජාතිකත්වය සඳහා මිස මැතිවරණ සඳහා එකතුවෙලා වැඩක් නැහැ

ජාතිකත්වය සඳහා මිස මැතිවරණ සඳහා එකතුවෙලා වැඩක් නැහැ


 පිළිමතලාවෙ සහ මඩුගල්ලෙ, සිංහල රජු ගැන මතභේදයක් ඇති කර ගෙන  කැප්පටිපොළ නිළමෙතුමාට එකතු නොවූ නිසා 1818 වෙල්ලස්සෙන් ඇරඹි නිදහස් සටන පැරදුණා.  අදත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න අරිනවා ද?

අද ජනවාරි 22 වැනි දා රිවිර පුවත්පතේ පළ වී ඇති සාකච්ඡාවකි.

සාකච්ඡා කළේ: නාමල් උඩලමත්ත 

Sunday 21 January 2018

ජාතික චින්තනය හා දේශපාලනය

ජාතික චින්තනය හා දේශපාලනය


ජාතික චින්තනය කියන්නෙ පැහැදිලිව ම රාජ්‍ය පාලනය පිළිබඳ ව ද සාකච්ඡා කරන ව්‍යාපාරයක්. එහෙත් එය එයට පමණක් සීමා වන්නේ නැහැ. ඉංගිරිසියෙන් පොලිටික්ස් යන්නෙන් අදහස් කරන්නේ දේශපාලනය නොවෙයි. එහෙත් අපට පොලිටික්ස් බටහිරින් ලැබුණේ දේශපාලනය මුල් කරගෙන බැවින් පොලිටික්ස් යන්න දේශපාලනය ලෙස පරිවර්තනය වී තිබෙනවා. මෙය ලංකාවේ ව්‍යවහාර වන්නේ අද බටහිර රටවල ව්‍යවහාර වන ආකාරයට. ඒ කියන්නේ පොලිටික්ස් යන්න ආණ්ඩු පිහිටුවීමේ දී කැඩීමේ දී යෙදෙන බලය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි සාකච්ඡා කෙරෙන්නේ. රටේ දේශපාලනය පමණක් නොව ඒ ඒ ආයතනවලත් ඒ ඒ සමිති සමාගම්වලත් බලය ලබා ගැනීමේ හා බලය රඳවා ගැනීමේ ව්‍යාපෘති දේශපාලනය හෙවත් පොලිටික්ස් ලෙස හැඳීින්වෙනවා.

Saturday 20 January 2018

හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි

හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි


මගේ මූලික විෂය, එහෙමත් නැත්නම් මා වඩාත්ම ප්‍රිය කරන විෂය දැනුමයි. දැනුම යනූ කුමක් දැයි දැන ගැනීම මගේ අභිලාෂයයි. මේ සියලු දැනුම් බොරු බවත් ඒ අතර පට්ටපල් බොරු තිබෙන බවත් මා කලක සිට කියනවා. මේ බොරු බොරු බව පසක් කර ගැනීම, බුද්ධියෙන් තර්කයෙන් නොව, නිවන් අවබෝධය ලෙස මට සිතෙනවා. එතෙක් අපට බොරුවේ ජීවත් වන්න සිදු වෙනවා. මා නමින් ඇති සංකල්පයත් (මම) බොරුවක්. එහෙත් මේ බොරු ප්‍රතික්‍ෂෙප කළ යුතු යැයි මෙයින් ගම්‍ය වන්නේ නැහැ. මේ බොරු අතර මුසාවාද තිබෙනවා. ඒ බොරු විශේෂයක්. අප පන්සිල් ගන්නා විට මුසාවාද කීමෙන් වැළකීමේ සික්ඛාපදය සමාදම් වෙනවා. අප සාමාන්‍යයෙන් බොරු කියා කියන්නේ මුසාවාදවලට. එබැවින් මා බොරු යැයි කියන දේ බොහෝ දෙනා වැරදියට හිතා ගන්නවා.  

Friday 19 January 2018

අවුරුදු දෙසීයකට පසු

අවුරුදු දෙසීයකට පසු


පක්‍ෂ හා පෞද්ගලික දේශපාලනයෙන් ඉවත් වී රට ජාතිය ආගම (සංස්කෘතිය) මත පදනම් වූ දේශපාලනයක නිරත වීමට නොහැකි වීම නිසා අප 1815-18 කාලයෙහි සුද්දන්ට රට පාවා දුන්නා. එයට වග කිව යුත්තේ එකල සිටි නායකයන් එනම් සෙංකඩගල නිළමෙලා. උඩරට ගිවිසුම නමින් හැඳින්වෙන 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කිරීමට බොහෝ නිළමෙලා එකඟ වුණා. සෙංකඩගලින් පිට සිටි නායකයන් ගිවිසුමට විරුද්ධ වී ඇති බව පෙනෙනවා. එහෙත් රාජ්‍ය බලය තිබුණෙ සෙංකඩගල. දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටියෙත් සෙංකඩගල. එදා රට ගැන හිතුව නම් විවිධ නිළමෙලා තම තමන්ට රජකම ගැනීමට සැලසුම් නොකෙරුවා නම් රටේ තත්වය වෙනස් වන්න ඉඩ තිබුණා.

Thursday 18 January 2018

බැඳුම්කර වාර්තාවෙන් පසු

බැඳුම්කර වාර්තාවෙන් පසු


බොහෝ දේ ඉතා ඉක්මණින් සිදු වෙන කාලයක්. සමහර වෙලාවට මට හිතෙනවා පෙරහැර ඊයේ ගිහින් ඉවර වුණා ද කියලත්. එහෙම නොවේවා කියන එකත් පෙරහැර කෙළවර කිරීමට අවස්ථාව ලැබේවා කියන එකත් මගේ පැතුමයි. ඒ ප්‍රාර්ථනාව පෙරදැරි කර ගෙන මේ ලිපි ලියනවා. ප්‍රාර්ථනාවක් කොහොමටත් හොඳයි. බුදු බවත් ප්‍රාර්ථනා කරන්න ඕන.

අදත් සමහර පඬියන් හා පඬි පෝතකයන් කියන්නේ රනිල් හා මෛත්‍රිපාල රංගනයක යෙදෙනවා කියලා. ඒ පෙබරවාරි පළාත් පාලන ආයතන මැතිවරණය මුල් කර ගෙන. බැඳුම්කර වාර්තාව ඒ රංගනයේ කොටසක් කියලා ඒ අය කියනවා. වාර්තාවෙන් අගමැති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් වී නැහැ. එහෙත් වාර්තාවේ අගමැති ගැන සඳහන් වෙනවා. වාර්තාවෙන් අගමැති නිදොස් කරත් නැහැ. නිදොස් නොකරත් නැහැ. මින් මතු ඒ ඒ අය තමන්ට අවශ්‍ය අන්දමට අගමැති සම්බන්ධ වාර්තාවේ සඳහන් කරුණු අර්ථකථනය කරාවි.

Wednesday 17 January 2018

වෙනස ගැන කතා හා මැතිවරණය

වෙනස ගැන කතා හා මැතිවරණය


මේ දිනවල දේශපාලන ලෝකය ගිනියම් වෙලා. ඒ ඒ අය විවිධ කතා කියනවා. මාත් කතා කියනවා. ඒ ඒ අය ප්‍රශ්න දෙස බලන්නේ තම තමන්ට ආවේණික ආකාරයට. සෑම ප්‍රශ්නයකට ම ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය අමතක කරලා ප්‍රශ්න දිහා බලලා උත්තර හොයන්න බැහැ. මා මෙය ස්ථිතික ගතික යනුවෙන් විග්‍රහ කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් ප්‍රවාහයක් ලෙස හඳුන්වන්නෙත් නැහැ. ප්‍රවාහය කියන එකෙත් යම් ආත්මීය රූපයක් තියෙනවා. ප්‍රවාහයක් තියෙන්නෙ යම්කිසි පුද්ගලයකුට නැත්නම් වස්තුවකට. පුද්ගලයන් හා වස්තු නැත්නම් ප්‍රවාහ තියෙන්න පුළුවන් ද?

Tuesday 16 January 2018

මේ ආණ්ඩුූව අවශ්‍ය කාට ද?

මේ ආණ්ඩුූව අවශ්‍ය කාට ද?


මේ ආණ්ඩුව දිගට ම පවත්වා ගෙන යෑමට අවශ්‍ය කාට ද? එයට ඇත්තේ ඉතා පැහැදිලි පිළිතුරක්. ඒ ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන්ට. ව්‍යාජ සමාජවාදීන් ද කියාවි තමන්ටත් මේ ආණ්ඩුව පළවා හැරීමට අවශ්‍ය ය කියා. එහෙත් ඔවුන්ට අවශ්‍ය කිනම් ආණ්ඩුවක් පත් කර ගැනීමට ද? ඒ කිසි දිනෙක සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂත්වය දෙන ආණ්ඩුවක් නම් නො වෙයි. සිංහල බෞද්ධ නායකයකු අද නැහැ. එහෙත් අප අද තැත් කරන්නේ නරකින් අඩුම ආණ්ඩුවක් පත් කර ගැනීමටයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීම පහසු දෙයක් නොවෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයත් සමග ගැටෙන එක පහසු නැහැ. අවුරුදු විසිපහකට පෙර ජී එල් පීරිස් මගෙන් ඇහුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්වන්නේ ඇයි කියා. මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස් කෙරුණු විට චම්පක හා ඊනියා ජාතිකවාදීන් ජී එල් පීරිස්ට ආධාර කළා. 

Monday 15 January 2018

මෛත්‍රිපාල හා මහින්ද අවලංගු වීම

මෛත්‍රිපාල හා මහින්ද අවලංගු වීම



මහින්දගෙ ආණ්ඩුවෙ හා මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙ ප්‍රධාන ම වෙනස ඇමතිවරුන්ට ඇති නිදහස පිළිබඳ ව තියෙන්නෙ. මේ දෙදෙනා ම රනිල් වගේ නොවෙයි මහජන මතයට තරමක් හරි ඇහුම්කන් දෙනවා. ඒකත් ශ්‍රී ල නි ප හා එ ජා ප අතර ඇති එක් වෙනසක්. එ ජා පක්‍ෂය  බටහිර ඊනියා ජාත්‍යන්තරවාදී සංස්ථාපනයේ පක්‍ෂය. ඔවුන් මූලික ව හිතන්නේ මහජනයා ඔවුන් කියන ආකාරයට වැඩ කළ යුතුය කියා. එසේ වැඩ කරන විශාල පිරිසක් රටේ සිටින බවත් අමතක කරන්න එපා. ළඟ එන පළාත් පාලන මැතිරණයෙනුත් එය තහවුරු වේවි. එහෙත් ශ්‍රී ල නි ප මහජන මතය අනුව තම අදහස් යම් දුරකට හරි වෙනස් කර ගන්න සූදානම්.

Sunday 14 January 2018

අදහස් වෙනස් වීම

අදහස් වෙනස් වීම


මිනිසුන් දේශපාලනයේ දී ආගමේ දී පමණක් නොව ගණිතය භෞතික විද්‍යාව වැනි ක්‍ෂෙත්‍රවලත් කටයුතු කරන්නේ හැඟීම් මත පදනම් වෙලා. මේ සෑම ක්‍ෂෙත්‍රයක ම සත්‍යය, ඇත්ත ගැන යම්කිසි නිර්වචනයක් තියෙනවා. ගණිතයේත් එනම් සුද්දන් කියූ විධියට ශුද්ධ ගණිතයේත් යම් ප්‍රමාණයකට වුවත් ඇත්තක් ගැන කියැවෙනවා. ව්‍යවහාරික ගණිතයෙහි ඇත්ත ගැන රඳා පැවැත්ම ශුද්ධ ගණිතයට වැඩියි. අප සියළු දෙනා ම මෙන් අප ඇත්ත දන්නා බව හිතනවා. අනෙක් අය ඇත්ත නොදන්න බව හිතනවා. මාත් එහෙමයි. එහෙත් බොහෝ දෙනා තම තමන් ගැන ඒ බව පිළිගන්නේ නැහැ.

Saturday 13 January 2018

කෝ මේ සංහිඳියාව

කෝ මේ සංහිඳියාව


ජනවාරි එකොළොස්වැනි දා රිවිර පුවත්පතේ පළ වූ ලිපියකින් සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කසස්ප හිමිපාණන් වහන්සේ වැදගත් හෙළිරවුවක් කර තිබුණා. යාපනයේ නාග විහාරාධිපතීන් වහන්සේගේ ආදාහන පූජොත්සවය තහනම් කිරීමට යාපනයේ මහේස්ත්‍රාත්වරයකු දී ඇති තීන්දුවක් පිළිබඳ උන්වහන්සේ සඳහන් කර තිබුණා. මේ ලිපිය ජාතික යැයි කියා ගන්නා වෙනත් පුවත්පතකට ද යවා ඇති නමුත් එය එහි පළ වී නැති බව දැන ගැනීමට තිබෙනවා. ඒ තත්වය යටතේ රිවිර ඒ ලිපිය පළ කිරීම ගැන අප අදාළ පුද්ගලයන්ට කෘතඥ විය යුතුයි. එමෙන් ම පූජ්‍ය කස්සප හිමිපාණන් වහන්සේටත් අපේ ප්‍රණාමය හිමි විය යුතුයි.

Friday 12 January 2018

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම


රටේ තත්වය එන්න එන්න ම නරක් වෙනවා. සුද්දන් සිංහල පිරිමින්ට මත්පැන් බීම පුරුදු කළා. අද මේ ආණ්ඩුව සිංහල ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කරනවා. බීර මිල අඩු කළේ මොන බොරු කතා කිව්වත් ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කිරීමට. දැන් ගැහැණුන්ට මත්පැන් ලබා ගැනීමට සුරාසල් ඉඩ දීමට යනවා. ඒ සඳහා නීති සකස් කරනවා. අප කුඩා කළ තැබෑරුමක් තිබූ පාරකින්වත් යෑමට අපේ දෙමව්පියන් ඉඩ දුන්නේ නැහැ. සමහරවිට තැබෑරුම කියන වචනය වත්මන් පරම්පරාවට නුහුරු වන්න පුළුවන්. එය ටැවර්න් හෝ වෙනත් එවැනි වචනයකින් බිඳුණු එකක් වෙන්න ඕන. කොහොමත් ඒ සඳහා සිංහලෙන් වචනයක් තිබී නැහැ. සුරාසල් අවන්හල් ආදිය පසුව එකතු වූ වචන. අද තැබෑරුම් උදේ සිට රැ වන තුරු විවෘත ව තැබීමට නීති හදනවා.

Thursday 11 January 2018

කවුද හොරා

කවුද හොරා


කවුද හොරා යනුවෙන් අසන ප්‍රශ්නය වැදගත් නැහැ. අහන්න ඕන කවුද හොරා නොවන්නේ කියා. අප බොහෝ දෙනා සුදනන් ලෙස පෙනී සිටින්නන් පමණයි. අප කරන්නේ අනෙක් අයගේ වැරදි පෙන්වීම පමණයි. මා නරක මිනිසකු බව මා දන්නවා. මගේ ද්වේෂය ගැන නොදන්නා අයකු නැහැ. ඒ ගැන බොහෝ දෙනා දන්නවා. ඒත් මා පන්සිල් රකිනවා. මෙරට පන්සිල් රකින බෞද්ධයන් කී දෙනකු සිටිනවා ද කියා මා දන්නවා.

Wednesday 10 January 2018

කඩුව මුවහත් කරමු

කඩුව මුවහත් කරමු


අද පොහොට්ටුවේ නායකයන් මෛත්‍රිපාලගේ කඩුව ගැන කතා කරනවා. ඔවුන් මළ බැඳි කඩු ප්‍රදර්ශනය කරනවා. අගමැති ළඟ දී කඩුව නැවෙන බව පවසනවා. බැඳුම්කරයෙන් විශාල හානියක් වී ඇති බව පවසනවා. බන්දුලගේ ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානය දිනපතා මෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. බැඳුම්කරයෙන් රටට වී ඇති හානිය ගැන විවිධ ආකාරයෙන්  සංඛ්‍යා ඉදිරිපත් කරනවා. මා හිතන්නේ නැහැ ලෝකයේ වෙනත් කිසිම ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානයකින් මෙතරම් මාධ්‍ය සාකච්ඡා සංඛ්‍යාවක් පවත්වා ඇත කියා. මේ යන විධියට බන්දුලට ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබෙන්න බැරි නැහැ.

Tuesday 9 January 2018

බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව

බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව


බැඳුම්කර වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙනවා. රනිල් එයින් බලාපොරොත්තු වන්නේ තම ඊනියා පිරිසිදු  බව තහවුරු කිරීමටයි. ඔහුගේ සුුදු පිරුවටය රැක ගැනීමට. වාර්තාව විවාදයට භාජනය වන්නේ එය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවී ඇති අවස්ථාවක. සමහර විට එය හෙට සභාගත කිරීමට ඉඩ තියෙනවා. එහෙම වුණත් නැතත් වාර්තාවට අදාළ එහෙත් වාර්තාවේ නැති වෙනත් කරුණුත් සභාගත කිරීමට මන්ත්‍රීවරුන්ට හැකියි. මේ විවාදයේ දී මෛත්‍රිපාල කණ්ඩායමට වාර්තාව වෙනුවෙන් පමණක් නොව ජනාධිපති වෙනුවෙන් ද පෙනී සිටීමට සිදු වෙනවා. එහෙත් ඔවුන් කුමන ස්ථාවරයක් ගනීවි දැයි නිශ්චිත ව කියන්න බැහැ. වාර්තාව සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර බලපෑම් කවරේ ද යන්න ගැන ඉඟියක් විවාදයෙන් ලැබේවි.

Monday 8 January 2018

රනිල් ඉවත් කිරීම ගැන තවදුරටත්

රනිල් ඉවත් කිරීම ගැන තවදුරටත්


අද යමපාලන ආණ්ඩුව බලයට පත්වීමේ තුන්වැනි සංවත්සරය බව බොහෝ දෙනා දන්නවා. අද බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 119 වැනි ජන් සංවත්සරය බවත් 1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් දඹරාවේ රතනසාර හිමි වෙඩි තබා අපවත් කිරීමේ පනස්වැනි සංවත්සරය බවත් කී දෙනකුට මතක ද? පඬි පෝතකයන් ඒ ගැන නොදැන සිටීවි. ඔවුන් දන්නේ යමපාලන කතා පමණයි. 

Sunday 7 January 2018

දෙවැනි වරටත් මෛත්‍රිපාල රනිල් වෙත යැවීම

දෙවැනි වරටත් මෛත්‍රිපාල රනිල් වෙත යැවීම



මෛත්‍රිපාලගේ සිංහල බෞද්ධකමක් තියෙනවා කිව්වම මහින්දවාදීන්/මෛත්‍රිපාල විරෝධීන් බොහෝ දෙනකුට කේන්ති ගිහින්. ඇතැමුන්ට අනුව මා ද්‍රෝහියෙක්. සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔවුන්ට අනුව මෛත්‍රිපාලගේ ඇති සිංහල බෞද්ධකමක් නැහැ. මහින්ද නම් සිංහල බෞද්ධයෙක්, ප්‍රභාකරන්ගෙන් රට බේරාගත් වීරයෙක්. මා ප්‍රභාකරන් පරාජය කිරීමේ දී කෙළේ මොකක් ද කියලත් අහන අය ඉන්නවා. මා නම් කිසිවක් කර නැහැ. මට තුවක්කුවක් ගෙන කොටි මැඩීමට යෑමට හැකි කමක් තිබුණේ නැහැ. ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී නොසිටි බැවින් මන්ත්‍රවරයකු හෝ ඇමතිවරයකු හෝ වී හමුදාවට කිට්ටු වීමට අවස්ථාවක් තිබුණෙත් නැහැ.

Saturday 6 January 2018

රනිල් ඉවත් කිරීමට විරුද්ධ කවුද?

රනිල් ඉවත් කිරීමට විරුද්ධ කවුද?


රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරලා. ඒක හොඳයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. මෙතෙක් ගෙනා විශ්වාසභංග යෝජනාවලට මොකක් ද වුණේ. සමහර ඒවා තවමත් න්‍යාය පුස්තකයේ පුස්කනවා. කතානායක වැඩ කරන්නේ රනිල්ට ඕන විධියට. රනිල්ගේ බලය බිඳින තෙක් කතානායක පමණක් නොව නීතිපති ද පොලිස්පති ද වැඩ කරන්නේ අගමැතිට ඕන විධියට. බැඳුම්කර කොමිසම අගමැති කියා රනිල්ට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. රනිල්ගෙන් ප්‍රශ්න කෙළේ නීතිපති! රනිල්ට පිළිතුරු දීමට කියා කලින් ප්‍රශ්න පත්‍රයකුත් යවා තිබුණා. ඒ එකක් වත් නීතියට පටහැණි නැහැ. එහෙත් ප්‍රශ්නයත් එයමයි. නීතියට පටහැණි නොවී මොන තරම් දේ කරන්න පුළුවන් ද?

Friday 5 January 2018

රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමකටවත් සුුදුසු නැහැ

රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමකටවත් සුුදුසු නැහැ


බැඳුම්කරය ගැන හා ජනාධිපති ප්‍රකාශය ගැන බොහෝ දෙනා බොහෝ දේ දැනටමත් කියා තිබෙනවා. තවත් බොහෝ දේ කියාවි. එහෙත් කිසිත් වැදගත් දෙයක් සිද්ධ වෙන එකක් නැහැ කියලා හිතෙනවා. බන්දුල ගුණවර්ධන ගණන් හදලා පෙන්වාවි මෙච්චර පාඩුවක් වෙලා තියෙනවා කියලා. ඒත් ඒකෙන් සතපහක වැඩක් වෙන්නෙ නැහැ. මේ ගණන්වලත් කිසිම වටිනාකමක් නැහැ. ඒවට පසුබිම් වූ උපකල්පන ගැන කවුරුවත්, අඩුතරමෙන් බන්දුලවත් කතා කරන්නෙ නැහැ. බන්දුලත් එ ජා පක්‍ෂයට ගිහින් ආපු කෙනෙක්. ඒ හුවමාරුවෙ වටිනාකම කුමක් ද?

Thursday 4 January 2018

මෛත්‍රිපාලගෙ මොට්ට කඩුව

මෛත්‍රිපාලගෙ මොට්ට කඩුව


මෛත්‍රිපාල කඩුව වනලා. කවුරුන්වත් කැපිලා නැහැ. රනිල් හිනහවෙවී ඉන්නවා. අනුර කුමාර බලනවා ඇයි මහින්ද කැපිලා නැත්තෙ කියලා. මහින්ද අසරණ වෙලා ඒත් කැපිලා නැහැ. රවි කැපෙයි කියලා ටිකක් ඈතට වෙලා හිටිය කල් ඇතුව ම. රවි තාම දන්නෙ නැතිව ඇති ගේ හම්බ වුණෙ කොහොමද කියලා. රවිට තියෙන්නෙ බැසිල්ගෙන් අහන්න මගේ ම නොවන මගේ ගේක ඉන්නෙ කොහොමද කියලා. රවිගේ නෝනාට බැසිල්ගෙ නෝනාගෙන් අහන්න පුළුවන් අනුන්ගෙ ගෙවල්වල කිරි උතුරවන කොට වතුර වීදුරුව අරන් එන්නෙ කොහොමද කියලා.

Wednesday 3 January 2018

චීන කොඩිය හා ලස්සෙට කොඩිය

චීන කොඩිය හා ලස්සෙට කොඩිය


චීනා හම්බන්තොට වරාය අත්පත් කර ගත් බව පෙන්වන කොඩිය ප්‍රදර්ශනය කරලා. මේ කොඩි ඉස්සීම බටහිරයන්ගේ පුරුද්දක්. පිටරටක්, රාජ්‍යයක් තම රජු වෙනුවෙන් අත්පත් කර ගැනීමෙන් පසු තම කොඩිය අදාළ රටේ ඔසවා එරට දැන් තමන් යටතේ ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ඔවුන් පුරුදුව සිටියා. දැනුත් එසේ කරනවා. හඳට ගිය ඇමරිකන් එක්සත් රාජ්‍ය අජටාකාශගාමීන් එහි තම කොඩිය එසෙව්වා. දැන් කවුරු හරි අහන්න  බැරි නැහැ ඔවුන් ඇත්තට ම හඳට ගියා ද කියා. ඒ කොහොම වුණත් මට අහන්න තියෙන ප්‍රශ්නය දැන් හඳ අයිති කාට ද යන්නයි. හඳත් ඇමරිකන් එක්සත් රාජ්‍යවල ම කොටසක් ද? හඳ සාක්කි කියන එකක් නැහැ. අනාගතයේ දී හඳේ අයිතිය වෙනුවෙන් ලෝක යුද්ධයක් ඇති වන්න පුළුවන් ද?

Tuesday 2 January 2018

බැඳුම්කර කතාව

බැඳුම්කර කතාව


බැඳුම්කර වාර්තාව ජනාධිපතිට භාර දීලා. ඒක ලොකු පොත් තුනක්. ඒ වාර්තාවෙ වැඩියෙ තියෙන්නෙ සාක්‍ෂි හා වෙනත් සටහන් කියලා හිතෙනවා. නිර්දේශ මොනව ද කියලා දන්නෙ නැහැ. මොනව වුණත් දීර්ඝ නිර්දේශයක් ඇතැයි කියලා හිතන්න අමාරුයි. හෙට ජනාධිපතිත් වැඩි විස්තරයක් කියයි කියලා හිතන්න බැහැ. මේ රට පවතින්නෙ බොරු බලාපොරොත්තු දීමෙන් හා ඇති කිරීමෙන්. බලාපොරොත්තු ඉටු වෙන්න අවශ්‍ය නැහැ. මිනිසුන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් රැවටෙන්න උපන් පිරිසක් වගේ. බලාපොරොත්තුවකින් තවත් බලාපොරොත්තුවකට පනිනවා.

Monday 1 January 2018

රාමනුජන්, වියුක්තය, සංයුක්තය හා අනන්තය

රාමනුජන්, වියුක්තය, සංයුක්තය හා අනන්තය



ඊයේ ලිපියේ රාමනුජන් ගැන සඳහන් කිරීමේ දී කාලිඅම්මා යන දෙවඟන නමක්කාල් යනුවෙන් කියැවෙන්න ඕන. නමක්කාල් යනුවෙන් තමිල්නාඩුවේ නගරයක් තියෙනවා. නමක්කාල් දෙවඟන නාමගිරි යනුවෙන් ද හැඳින්වෙනවා. ඇය විෂ්ණු දෙවියන්ගේ භාර්යාවක් යැයි ද කියැවෙනවා. නමක්කාල් නගරයේ විෂ්ණු දෙවියන් සිය හතරවැනි අවතාරය වූ නරසිංහ ( සිංහ හිසක් හා මිනිස් සිරුරක්) සිටි බවක් ද එතුමාගේ භාර්යාව වූ ලක්‍ෂමී සිටි බවක් ද කියනවා. නාමගිරි දෙවඟන යනු ලක්‍ෂමී දෙවඟන ද කියා දන්නේ නැහැ.