Main Logo

Showing posts with label Truth. Show all posts
Showing posts with label Truth. Show all posts

Friday, 17 April 2020

Conjectures, refutations and the search for truths


    සිංහල ලිත් ඉලක්කම් 


Conjectures, refutations and the search for truths
Science, symbolic truths and the devil


මේ ලිපියේ අන්තර්ගතය සමග මට ප්‍රශ්න තියෙනවා. එහෙත් මෙය පළ කරනුයේ සත්‍යය යනු කුමක්දැයි නිර්වචනය කළ හැකි පඬියකු සිටී දැයි දැන ගැනීමටයි. හැකිනම් ගණිතමය, විද්‍යාත්මක හෝ දාර්ශනික  සත්‍යය නිර්වචනය කරන්න. නිර්වචනය පමණක් සෑහේ. හෑලි අනවශ්‍යයයි.

This article is from Embo Reports. I do not agree with some of the contents. I reproduce the article only to look for a smart Alec who could define truth, whether scientific, mathematical or philosophical. A definition, without an essay, would suffice. I am sorry for the format of the article.

Thursday, 14 November 2019

බොරු සහ පට්ටපල් බොරු

      සිංහල ලිත් ඉලක්කම් 


බොරු සහ පට්ටපල් බොරු 




දැන් නොනගත කාලයයි. දේශපාලනය ගැන ලියන එක හරි නැහැ. මැතිවරණ නීතිය පැහැදිලි නැති වුවත් අවශ්‍ය නම් නීතියේ කණෙන් රිංගලා යන්න පුළුවන් වුනත් ජනාධිපතිවරණය ගැන ලියන්න අවශ්‍ය යැයි කියල හිතෙන්නෙ නැහැ. ඊනියා උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට සමහර විට තවමත් හිත හදාගන්න බැරි වෙලා ඇති. අද ජනමාධ්‍ය වැඩ කරන්නෙත් මේ තරුණ තරුණියන්ට බයෙන්. ඔවුන්ගෙ ඡන්දෙ දිනා ගන්න ඕන ය කියලා සමහර ජනමාධ්‍ය යම් යම් දේ ප්‍රචාරය කරන්නෙ නැහැ. තරුණ තරුණියන් මා ගැන දන්නෙ නැහැ. දන්න අය දන්නෙ මිථ්‍යා මතධාරියකු ලෙස. ඒ නිසාත් ජනමාධ්‍ය මට තැනක් දෙන්නෙ නැහැ. 

Sunday, 20 October 2019

නික්ම යෑමට පෙර

 සිංහල ලිත් ඉලක්කම්

නික්ම යෑමට පෙර


අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා. ඒ මම. බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්.

Tuesday, 9 October 2018

Universal truth contested


Universal truth contested 



මේ  පසුගිය  සැප්තැම්බර් 29 නිව් සයන්ටිස්ට් සඟරාවේ  සංස්කාරක සටහනයි. බටහිර විද්‍යාව ගැන ඔවුන් කියන දේ වැදගත්. එහෙත් එහි කියන්නේ විද්‍යාවේ ප්‍රවාදයක් යනු සත්‍යය ගැන අපට ඇති හොඳ ම අනුමානය (guess) කියා. මා ඒ සමග එකඟ වන්නේ නැහැ. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ වැඩ කරන හිතළු ඉදිරිපත් කිරීමයි. සත්‍යය යනු කුමක් ද? දැනුම යනු අවිද්‍යාව නිසා සකසා ගන්නා බොරු පමණයි.



ගණිතය ගැන ප්ලේටෝගේ කාලයේ පවතින්නේ සදාකාලික සත්‍යය යන හැඟීමක්. එය එසේ නො වේ. ගණිත ප්‍රමේයත් මිනිසුන්ගේ නිර්මාණ. ඒ ප්‍රමේය සාධනය නොකරන ලද යම් ස්වසිද්ධි මතත් උද්ගමනයෙන් ලබාගත් අනුමාන (inference) නීති මතත් පදනම් වෙනවා. ඒ කෙසේ වෙතත් මෙහි ගණිත ප්‍රමේයවල සාධන ගැන කියන දේ වැදගත්. ඔවුන් කතා කරන්නේ සාධනයක නිවැරදි බව දැන ගන්නේ කෙසේ ද යන්න ගැනයි.  

Friday, 10 August 2018

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

ලංකාවේ නිරාගාමිකයන්ට නම් මූලික ව ඇත්තේ බෞද්ධ විරෝධයක්. ඔවුන්ට අනුව බුදුදහම තවත් දැනුමක් පමණයි. බුද්ධාගම පදනම් වන්නේ බුදුදහම මත. බුදුදහමත් විවිධ ආකාරයෙන් අර්ථකථනය කෙරිලා තියෙනවා. එවිට බුද්ධාගම් ගැන කියන්න තියෙන්නෙ විවිධ බුද්ධාගම් තියෙන බව. මෙරට ගිහි බෞද්ධ උගතුන් ද විවිධ දේ බුදුදහම ගැන කියා තියෙනවා.  මා ඔවුන් තරම් බුදුදහම (දහම්) අධ්‍යයනය කර නැහැ. ඒත් මට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. මගේ බුදුදහම ඒ සියල්ලන්ගේ බුදුදහම්වලට වෙනස්. මා තරමක්වත් එකඟ වන්නේ ඩේවිඩ් කළුපහන බුදුදහම ගැන කියා ඇති දේ සමගයි. ඒත් මා ඔහුගේ ආනුභාවික හා අනිර්වචනීය කතා සමග එකඟ වන්නේ නැහැ.

Sunday, 14 January 2018

අදහස් වෙනස් වීම

අදහස් වෙනස් වීම


මිනිසුන් දේශපාලනයේ දී ආගමේ දී පමණක් නොව ගණිතය භෞතික විද්‍යාව වැනි ක්‍ෂෙත්‍රවලත් කටයුතු කරන්නේ හැඟීම් මත පදනම් වෙලා. මේ සෑම ක්‍ෂෙත්‍රයක ම සත්‍යය, ඇත්ත ගැන යම්කිසි නිර්වචනයක් තියෙනවා. ගණිතයේත් එනම් සුද්දන් කියූ විධියට ශුද්ධ ගණිතයේත් යම් ප්‍රමාණයකට වුවත් ඇත්තක් ගැන කියැවෙනවා. ව්‍යවහාරික ගණිතයෙහි ඇත්ත ගැන රඳා පැවැත්ම ශුද්ධ ගණිතයට වැඩියි. අප සියළු දෙනා ම මෙන් අප ඇත්ත දන්නා බව හිතනවා. අනෙක් අය ඇත්ත නොදන්න බව හිතනවා. මාත් එහෙමයි. එහෙත් බොහෝ දෙනා තම තමන් ගැන ඒ බව පිළිගන්නේ නැහැ.