Main Logo

Showing posts with label Carlo Fonseka. Show all posts
Showing posts with label Carlo Fonseka. Show all posts

Thursday, 25 June 2020

බද්‍යුද්දීන් හා සිවල් නිගමන

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9






බද්‍යුද්දීන් හා සිවල් නිගමන

බදියුලා කීප දෙනෙක් ගැන ම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරලා තියෙන ජනාධිපති කොමිසමේ කියැවෙනවා. නැහැ එතැන අර ගණිතය ගැන විකාර කියවන ප්‍රංශ මහා දාර්ශනිකයකු කියන බදියු ගැන කිසිවක් කියැවෙන්නෙ නැහැ. මා ගණිතඥයකුවත් දාර්ශනිකයකුවත් ඉතිහාසඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත් නො වෙයි. මා ඒ විෂය ගැන උනන්දුවක් දක්වන්නකු පමණයි. ලෝකයේ ගණිතඥයන් යැයි කියන අයගෙන් බොහෝ දෙනකු බදියු ගණිතය ගැන කියන දේ සතපහකට මායිම් කරන්නේ නැහැ. ඒත් කිහිප දෙනකු බදියුගෙ විකාර කියවල තියෙනවා. ඔවුන් බදියුගෙ ගණිතය ගැන කියා ඇති දෙයින් තමයි මා ඒ ටික කිව්වෙ. 

Monday, 8 June 2020

සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය


වරක් කාලෝ ෆොන්සේකා සුපිරි වම්මුන්ගෙන් තරමක හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ශ්‍රී ල නි ප සමග හවුල් ආණ්ඩුවලට ගිය සමසමාජයට විප්ලවය කර ගන්න බැරි වුණා නම් එසේ හවුල් ආණ්ඩුවලට නොගොස් සමසමාජයෙන් වෙන් වුණු අයට විප්ලවය සාක්‍ෂාත් කර ගන්න බැරි වුණේ ඇයි ද යන්න ඒ ප්‍රශ්නයයි. මට මතක හැටියට අපේ පරම්පරාවේ සුපිරි විප්ලවවාදීන් ද මහා ප්‍රාඥයන් ද  එයට ප්‍රතිචාර දැක් වූයේ නැහැ. මා කියන්නේ සුමනසිරි ලියනගේ වැනි අය ගැන නොවෙයි කියල  කියන්න ඕන.

Monday, 4 May 2020

කඩිකුලප්පුවක් හැදුණු විපක්‍ෂය ඉන්නෙ ලංකාවෙ ද?

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





කඩිකුලප්පුවක් හැදුණු විපක්‍ෂය ඉන්නෙ ලංකාවෙ ද?



අප ඊයේ තර්ක ගැන කතා කළා. මිනිසුන් බොහෝ විට තර්ක ඉදිරිපත් කරන්නේ තම මතයක්, නිගමනයක් යුක්ති යුක්ත කිරීමට බව  අප සඳහන් කළා.   තර්කයකින් නිගමනයකට එනවාට වඩා ඊනියා නිගමනයක් සඳහා තර්ක ගෙනෙන එක තමයි කෙරෙන්නෙ. සාමාන්‍ය පෙළ ගණිතය හැදෑරූ සිසුන් මේ බව දැන සිටින්න ඕන. බොහෝ දෙනා හිතන්නේ ගණිතයේ තර්කයෙන් නිගමනවලට එනවා කියා. එහෙත් සිදු වන්නේ අනෙක් පැත්ත. නිගමන (හිතට ලැබෙන අදහස්) වෙනුවෙන් තර්ක කරනවා. 

Sunday, 26 April 2020

කොවිඩ් රෝගියා යනු කවරෙක් ද?

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් රෝගියා යනු කවරෙක් ද?


බටහිර වෛද්‍ය විද්‍යාවට අද කොවිඩ් 19 රෝගය හඳුනාගත නොහැකි තත්වයකට පත් වෙලා. පීසීආර් පරීක්‍ෂණවලින් ධන වන සියල්ලන් ම රෝගීන් ද? රෝගියකුට රෝග ලක්‍ෂණ තිබිය යුතුම ද? පීසීආර් පරීක්‍ෂණවලින් ධන බව පෙන්වන එහෙත් රෝග ලක්‍ෂණ නොමැති අය ගැන කිව හැක්කේ කුමක් ද? කොටින් ම රෝගියකු යනු කවුද? කොවිඩ් 19 රෝගියා අර්ථදක්වන්න පුළුවන් ද? 

Wednesday, 27 November 2019

නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය

              සිංහල ලිත් ඉලක්කම්



නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය



මහා සංඝ රත්නය ප්‍රකාශ කරල තිබුණ එක්සත් ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්තයවාදී පෙරමුණ පරාජයට පත්වුණෙ රන්ජන් රාමනායක, මංගල සමරවීර වැන්නන් සංඝ රත්නයට හා බුදු සසුනට අපහාස කළ නිසා කියලා. ආශු මාරසිංහත් අකිල විරාජ් කාරියවසමුත් ඒවැනි ප්‍රකාශ නම් සඳහන් නොකර කර තිබුණා. පරාජය ඒ නිසා ම පමණක් සිදු වුනා නම් ඒක භයානයකයි.

Sunday, 6 October 2019

සජිත් මුඛවික්‍රම


         සිංහල ලිත් ඉලක්කම් 



සජිත් මුඛවික්‍රම 

සජිත් ප්‍රේමදාස සංස්කෘතිය අපේ උරුමය රකින බව කියනවා. ඒ එක්කම කියනවා ඒ කතාව පිට වෙන්නෙ තම ශ්‍රී මුඛයෙන් කියලා. එයින් පැහැදිලි වෙන කාරණය සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියන එක. සිංහල බෞද්ධයන් ශ්‍රී මුඛය ගැන සඳහන් කරන්නෙ බුදු හාමුදුරුවන් ගැන කියන විට මිසක දේශපාලනඥයන් ගැන කියන විට නො වෙයි. සජිත් කලක් ඉගෙන ගත්තෙ එංගලන්තෙ නිසා මේවා දන්නෙ නැතිව ඇති. ඒ කොහොම වුණත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන නොදන්න බව පැහැදිලියි.

Saturday, 14 September 2019

දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා

        සිංහල ලිත් ඉලක්කම් 


දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා




මේ රටේ විද්වතුන්ගේ හා වෘත්තීයිකයන්ගේ යනුවෙන් අධිකාරි දෙකක් තියෙනවා. අවශ්‍ය නම් මාෆියා දෙකක් කිව්වත් කමක් නැහැ. මා මේ සඳහන් කරන්නේ එනමින් පිහිටුවා ගෙන ඇති සංසද සමිති ආදිය ගැන නො වෙයි. අඩු තරමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැනවත් නො වෙයි. ඒත් මා කියන දේ ගැන අති විශාල බහුතරයක් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට මිතුරන් ඇත්තේ අතළොස්සක් පමණයි. කවුදෝ පඬි පෝතකයකු ළඟ දී කියා තිබුණා මා තමා වැන්නන්ගේ මිතුරකු නොවන බව. එවැන්නන් සමග මිතුරු වීමට මට කිසි දිනෙක වුවමනාවක් තිබුණේ නැහැ. 

Wednesday, 4 September 2019

කාලෝ හා පියසර ශිල්පාධිපති

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ හා පියසර ශිල්පාධිපති




සිංහල බෞද්ධ සංස්කෘතිය අද තරම් පරිහාණියකට වෙන කිසිම දවසක පත් වී නැහැ. එයට ප්‍රධාන හේතුව බටහිර සංස්කෘතික ආධිපත්‍යය බවට සැකයක් නැහැ. අප හිතනවා සුද්දන් කළු සුද්දන් පිරිසක් ඇති කර රටින් පිට වී ගියා ය කියා. මෙහි  දී කළු සුද්දන් ලෙස අප එදා දැක්කේ  ඉංගිරිසි ක්‍රමයට තම ජීවිත සකස් කරගත් එදා නම් ටයි කෝට් කලිසම් ඇඳි ඉංගිරිසියෙන් කතා බහ කරන අප එදා කී විධියට හැම් බේකන් කන පිරිසක්. එහෙත් අද හැමෝ ම වගේ කලිසම් අඳිනවා. මගුල් ගෙවල්වල දී ටයි කෝට් කලිසම් අඳින අය තමයි අති මහත් බහුතරය. අද හැම් බේකන් කෑම අරුමයක් නො වෙයි. අද ඉංගිරිසිත් සිංහල වගේ කතා කෙරෙනවා. බොහෝ විට සිංහල නම් කතා කෙරෙන්නෙ ඉංගිරිසි වචනත් හැකිතාක් එකතු කර ගෙන. එයට තාක්‍ෂණයත් යම් ප්‍රමාණයක් බලපානවා. මෙසේජ් සෙන්ඩ් කිරීම තරුණ තරුණියන්ගේ පුරුද්දක් වෙලා. 

Tuesday, 3 September 2019

කාලෝ කාළාමයන් හා රයිනෝ

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ කාළාමයන් හා රයිනෝ 



කාලෝ ගැන මොනවද කියන්නෙ කියල ඇතැමුන් අහනව. ඔහු ගැන බොහෝ දේ මා ඔහු ජීවත් ව ඉන්න කාලෙ ම මුහුණට ම කියලත් තියෙනවා කියව ගන්න ලියලත් තියෙනවා. මා කාලයට ලියන හැම ලිපියක් ම ඔහුට විද්‍යුත් තැපෑලෙන් යැවුව. මේ ලිපියේ සිට ඔහුට ලිපි යැවෙන්නේ නැහැ. ඒත් ඔහු ගැන ලියන්න බැරි වුණු එක කාරණයක් කියන්නයි මෙය ලියන්නෙ. ඔහු කී එක් දෙයකට මා දැන් එකඟ වෙනවා. ඒක මට කල්පනා වුණෙ ඔහු මිය ගියාට පස්සෙ. ඒත් ඒක කියන්න ඉස්සෙල්ල කාරණා ටිකක් මතක් කර ගත්ත නම් හොඳයි කියල හිතෙනවා.

Wednesday, 21 August 2019

අතීතයෙන් අනාගතයට

         සිංහල ලිත් ඉලක්කම්


අතීතයෙන් අනාගතයට

අපේ රටේ අය දේශපාලන වශයෙන් කෙතරම් සංවේදී ද බව මහාවංසයෙන් ම පැහැදිලි වෙනවා. අප මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකුවත් ඒ එසේ නො වෙයි. එය දේශපාලන කෘතියක්. කවුදෝ ලියා තිබුණා මහාවංසයේ ප්‍රශ්නය ලියා ඇති දේ නොව නොලියා ඇති දේ කියා.  මහාවංසයෙහි ලියා ඇති දේ බොහෝ විට ඓතිහාසික සාධක (මා සාධක යන වචනය යොදා ගන්නේ වෙනත් වචනයක් නැති කමට) සමග ගැලපෙනවා. එහි ගැටළුවක් නැහැ. 

Wednesday, 31 July 2019

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද 




ලෝක මුස්ලිම් සම්මේලනයේ නායකයා මල්වතු මහානාහිමියන්ට අතට අත දෙන්න ගිහින් ඊට පස්සේ නාහිමියන්ගේ අසුනෙහි ම වාඩිවෙන්න හදලා. ඒක මෙරටට එන බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙ නායකයන් නොකරන වැඩක්. මෙරට මුස්ලිම් නායකයන් ලෝක නායකයාට මෙරට සිරිත් විරිත් කියා දුන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගෙ සිංහල බෞද්ධ සංස්කෘතියට සතපහක ගෞරවයක් නැද්ද? මල්වතු මහානාහිමියන්ට අපේ ප්‍රණාමය පිරිනමන්න ඕන මුස්ලිම් ලෝක නායකයා නියමිත තැන තිබීම ගැන.

Monday, 24 June 2019

එකුන් විස්ස හෙවත් දහනවය

එකුන් විස්ස හෙවත් දහනවය 



සිංහල භාෂාව හරි ම ක්‍රමානුකූලයි. දැන් සිංහලයන්ට ක්‍රමයක් නැති එක වෙන ම ප්‍රශ්නයක්. එකුන් විස්ස කියන්නෙ එකක් අඩු විස්ස. එකක් වැඩි වුණා ම ඒක විසි එක වෙනවා. අද කතාව එකුන් විස්ස ගැන. මෛත්‍රිපාල දහනවයට විරුද්ධ ව කතා කරලා. දහඅටටත් විරුද්ධ කියල කියනවා. හැබැයි එයත් දහඅටට ඡන්දෙ දුන්න. දහනවය සම්මත කර ගන්න එයා සමග තකතීරු යහපාලනේට ගිය ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුනුත් ඡන්දය දුන්න. ඔය දෙකට ම මහින්දත් පක්‍ෂ වුණා. දහඅට සම්මත කර ගත්තෙ මහින්ද ජනාධිපති වෙලා ඉන්න කොට. ඒක සම්මත කර ගත්තෙ මූලික වශයෙන් ම මහින්දට තුන්වැනි වතාවකටත් ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන විධියට. 

Friday, 10 August 2018

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

ලංකාවේ නිරාගාමිකයන්ට නම් මූලික ව ඇත්තේ බෞද්ධ විරෝධයක්. ඔවුන්ට අනුව බුදුදහම තවත් දැනුමක් පමණයි. බුද්ධාගම පදනම් වන්නේ බුදුදහම මත. බුදුදහමත් විවිධ ආකාරයෙන් අර්ථකථනය කෙරිලා තියෙනවා. එවිට බුද්ධාගම් ගැන කියන්න තියෙන්නෙ විවිධ බුද්ධාගම් තියෙන බව. මෙරට ගිහි බෞද්ධ උගතුන් ද විවිධ දේ බුදුදහම ගැන කියා තියෙනවා.  මා ඔවුන් තරම් බුදුදහම (දහම්) අධ්‍යයනය කර නැහැ. ඒත් මට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. මගේ බුදුදහම ඒ සියල්ලන්ගේ බුදුදහම්වලට වෙනස්. මා තරමක්වත් එකඟ වන්නේ ඩේවිඩ් කළුපහන බුදුදහම ගැන කියා ඇති දේ සමගයි. ඒත් මා ඔහුගේ ආනුභාවික හා අනිර්වචනීය කතා සමග එකඟ වන්නේ නැහැ.

Wednesday, 4 July 2018

විජයකලාගේ විකලාව


විජයකලාගේ විකලාව



විජයකලා මහේෂ්වරන්ගේ කොටි කතාව ගැන කියන කතාවකට අනුව ඇයට වුවමනා කර ඇත්තේ ශක්තිමත් පාලනයක්. ඇතැමුන් එය වේඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවන්ගේ කතාව සමග සංසන්දනය කරන්න යනවා. උන්වහන්සේට අවශ්‍ය වුණේත් ශක්තිමත් පාලනයක් මිස හිට්ලර් කෙනකු නොවේ යැයි කියන අතර විජයකලාට අවශ්‍ය වුණේ කොටි සංවිධානය නැවත ඇති කරන්න නොව ශක්තිමත් පාලනයක් යැයි කියන අය ඉන්නවා. ඒ විජයකලා වැරදි ප්‍රකාශයක් කර නැතැයි පෙන්වීමට.

Thursday, 14 June 2018

බටහිර යටත්විජිතකරණය


බටහිර යටත්විජිතකරණය



බටහිර යටත්විජිතකරණය එතෙක් පැවති යටත්විජිතකරණවලින් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන් ම ආර්ථික හා සංස්කෘතික වශයෙන්. කලින් පැවති යටත්විජිතකරණ මුළුමනින් ම වගේ දේශපාලන යටත්විජිතකරණ වුණා. යටත්විජිත පාලකයාට අවශ්‍ය වුණෙ තමන් යටත් කරගත් විජිතය දේශපාලනික වශයෙන් පාලනය කිරීමත් එහි ධනය සම්පත් තම රටට ගෙන යෑමත්.

Saturday, 2 June 2018

බටහිර දැනුමේ පදනම හා විශ්වාසය දේශපාලන ආධිපත්‍යයයි


බටහිර දැනුමේ පදනම හා විශ්වාසය  දේශපාලන ආධිපත්‍යයි



බටහිර විද්‍යාවේ ඕනෑම ප්‍රතිඵලයක් ඕනෑම අයකුට ලබා ගන්න පුළුවන් කියලා කියනවා. මේ කතාව බොරුවක් බව ෆෙයරාබන්ඩ් කරුණු සහිත ව පෙන්නල දීලා දැන් දශක ගණනාවක් වුණත් තවමත් බොහෝ දෙනා හිතන්නෙ ඕනෑම කෙනකුට බටහිර විද්‍යාවෙ තියෙන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. බටහිර විද්‍යාව රැඳිලා තියෙන්නෙ මේ වගේ බොරු කතාත් මත.

Tuesday, 11 July 2017

කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්


කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්



ඊයේ මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අහිමි වීමෙන් මිස මුස්ලිම් ඡන්ද අහිමි වීවෙන් නොවන බව මා කී විට එක් පඬියකු අසා තිබුණේ මහින්ද පැරදුණු විට ඔහු වටා ඩිටියේ සිංහල බෞද්ධයන් බව අමතක වී ද කියා. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කර විශ්ලේෂණය කළහොත් පෙනේවි මහින්දට සිංහල බෞද්ධ ඡන්ද අඩු වූ ආකාරය. එහෙත් පඬියන් විශ්ලේෂණවලට කැමති නැහැ. මහින්දගේ පරාජයෙන් පසුව ඔහු වටා ජනයා එකතු වූ බව පැහැදිලියි. අද ඒ පිරිස තවත් වැඩි වී ඇති. එහෙත් මා කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පැරදීම මිස ඉන්පසු ආණ්ඩුවේ වැඩ බැරිකම් හා වෙනත් හේතු නිසා ජනයා මහින්ද වටේ නැවතත් එකතු වීම ගැන නො වෙයි. පඬියන්ට විශ්ලේෂණය, තර්ක බැහැ. ඔවුන් දන්නේ හැඟීමෙන් හා වෙනත් අරමුණු වෙනුවෙන් කට කියවීමට පමණයි. වෛද්‍ය නිලධාරීන් ද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට අනුව ජනයා මුළා කිරීමට කියවනවා.

Saturday, 1 July 2017

සයිටම් හා ව්‍යවස්ථාව


සයිටම් හා ව්‍යවස්ථාව



සයිටම් වෛද්‍ය උපාධියට දක්වන විරෝධය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්‍යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්‍යවස්ථාව සියල්ලට ම ප්‍රධානයි. සයිටම් එට්කා එ හැම එකක් ම ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාවට එකඟවයි. වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි මාරුකිරීම් පමණක් නොව වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයත් ව්‍යවස්ථාව අනුව වෙනස් විය හැකියි. වෛද්‍යවරුන්ට නොවෙයි කිසිවකුට කියන්න බැහැ ව්‍යවස්ථාව තම වෘත්තියට අදාළ නැහැ කියලා.

Friday, 30 June 2017

මේ අන්තිම ලිපිය නො වේ


මේ අන්තිම ලිපිය නො වේ



මේ මා සයිටම් ගැන හෝ වෙනත් කරුණක් ගැන හෝ ලියන අන්තිම ලිපිය නො වෙයි. එහෙත් අන්තිම ලිපිය ලිවීමට එතරම් කලක් ඉතිරි වී ඇතැයි කියන්න බැහැ. ඒ මා වැඩි කල් යෑමට පෙර මිය යෑම නිසා නො වෙයි. ලිපි කියවීමට ජාතියක් ඉතිරි නොවීම නිසයි. අප ඉතාමත් අඳුරු යුගයකට, භීෂණයකට පිය නගිමින් ඉන්නවා. එයට ප්‍රධාන වරදකරුවන් වනුයේ බටහිර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය සභාව, ඊනියා පෙරටුගාමීන්, ව්‍යාජ සමාජවාදීන් ද වූ සිවල් සාමාජිකයන්, ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ප්‍රධානීන්, පඬි ජනමාධ්‍යවේදීන්, වෙනත් පඬියන්, පඬි පෝතකයන්, ඒකාබද්ධ විපක්‍ෂය හා ආණ්ඩුව.  මේ භීෂණය බටහිරයන්ගේ ලංකා වසන්තය වේවි.

Monday, 26 June 2017

බටහිර ආධිපත්‍යය


බටහිර ආධිපත්‍යය


මා ඊයේ ලියූ ලිපිය බොහෝ දෙනකුට තේරී නැහැ. එහි ජාතිවාදය ගැන අලුත් ම අර්ථකථනයක් දී තිබුණා. ජාතිවාදය හා ජාතිභේදවාදය ගැන කියන කතාවලට ජනමාධ්‍යයේ ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන නමුත් මා දුන් අර්ථකථනයට කිසිවකගේ අවධානය යොමු වී නැහැ. ජාතිවාදය හා ජාතිභේදවාදය අතර වෙනස පැහැදිලි කිරීමට හැකි අයකු සිටිනවා ද? එහෙත් මේ රටේ හැටි එහෙමයි. ඊනියා උගතුන්ටත් ඇත්තේ හැඳි මිට දිගේ නුවණක් පමණයි.