Main Logo

Showing posts with label LSSP. Show all posts
Showing posts with label LSSP. Show all posts

Thursday, 25 June 2020

බද්‍යුද්දීන් හා සිවල් නිගමන

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9






බද්‍යුද්දීන් හා සිවල් නිගමන

බදියුලා කීප දෙනෙක් ගැන ම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරලා තියෙන ජනාධිපති කොමිසමේ කියැවෙනවා. නැහැ එතැන අර ගණිතය ගැන විකාර කියවන ප්‍රංශ මහා දාර්ශනිකයකු කියන බදියු ගැන කිසිවක් කියැවෙන්නෙ නැහැ. මා ගණිතඥයකුවත් දාර්ශනිකයකුවත් ඉතිහාසඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත් නො වෙයි. මා ඒ විෂය ගැන උනන්දුවක් දක්වන්නකු පමණයි. ලෝකයේ ගණිතඥයන් යැයි කියන අයගෙන් බොහෝ දෙනකු බදියු ගණිතය ගැන කියන දේ සතපහකට මායිම් කරන්නේ නැහැ. ඒත් කිහිප දෙනකු බදියුගෙ විකාර කියවල තියෙනවා. ඔවුන් බදියුගෙ ගණිතය ගැන කියා ඇති දෙයින් තමයි මා ඒ ටික කිව්වෙ. 

Sunday, 7 June 2020

සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය 

සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් එක්වන තරමට දෙමළ ජාතිවාදය (එය ජාතිවාදය නමින් හැඳින්වුව ද දෙමළ ජාතියක් තබා ජනවර්ගයක්වත් නැහැ) හා මුස්ලිම් අන්තවාදය මෙරටින් නැති කරන්න පුළුවන්. සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් දේශපාලනික ව අනාථයන් බවට පත් ව සිටි සමයක බණ්ඩාරනායක රාජපක්‍ෂ ආදීන් එ ජා පක්‍ෂයෙන් කැඩී ඒමෙන් පසුව සිංහල ජාතිකත්ව පක්‍ෂයක ආරම්භය සනිටුහන් වුණා. එහෙත් එය 1951ට වඩා 1952 දී මින්නේරිය අතුරු මැතිවරණය සමග සිදු වූ දෙයක්. එතෙක් ලංකාවේ පැවතියේ ජාත්‍යන්තරවාදී පක්‍ෂ වූ සමසමාජ පක්‍ෂයත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත්. ඒව බටහිර විවිධ ජාත්‍යන්තරවාදී මත අනුව සකස් වූ පක්‍ෂ. 

Sunday, 15 March 2020

රතන හාමුදුරුවෝ සහ සමිත හාමුදුරුවෝ

  සිංහල ලිත් ඉලක්කම්


රතන හාමුදුරුවෝ සහ සමිත හාමුදුරුවෝ



රතන හිමියන් පක්‍ෂයක් හදලා. උන්වහන්සේගේ පක්‍ෂයේ ඉන්න හාමුදුරුවරුන් දින කිහිපයකින් නාම යෝජනා දෙන්න බලාපොරොත්තු වන බව පේනවා. අප එයට විරුද්ධ වෙන්න ඕන. හාමුදුරුවරුන්ගේ දේශපාලනය ගැන අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් කතා කර තිබෙනවා. රතන හාමුදුරුවන් කරන්නේ භික්‍ෂු දේශපාලනයක් නොව ගිහි දේශපාලනයක්. උන්වහන්සේ සහ තවත් හාමුදුරුවරුන් සසුන නැති කිරීමට ඉදිරිපත් වන බවයි කියන්න තියෙන්නෙ. 

Friday, 6 March 2020

නව දේශපාලනයක්

   සිංහල ලිත් ඉලක්කම් 


නව දේශපාලනයක්


අද මෙරට දේශපාලනයේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය ක්‍රමයෙන් නැති වී ගෙන යනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දමනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන විසින් නොවේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වීමට කරුණු සැලසූ අය එයට වග කියන්න ඕන. එයින් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කෙළේ ඒ පිරිස බවයි. සිරිසේනත් සමග යම් පිරිසක් යහපාලනයට ගියා. ඔවුන් යහපාලන දින සියයේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රසන්න රණතුංගත් යහපාලන මුල් ම කාලයේ සිරිසේනට ගෑවී සිටියේ. ඔහු අද කියනවා සිරිසේනට ගෑවී සිටි කිසිම අයකුට ඡන්දය නොදිය යුතු බව. ඒකත් හොඳ කියමනක්. 

Monday, 27 January 2020

ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?

 සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?



පොහොට්ටුවාදීන් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැතිව ම බැරි ලකුණක් ලෙස. හරියට ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ පොහාට්ටුව හින්ද වගේ. මට අහන්න තියෙන්නෙ පොඩි ප්‍රශ්නයක්. ගෝඨාභය වෙන ලකුණකින් ඉදිරිපත් වුණා නම් පරදිනවා ද? පරදන්න තිබුණ ද කියල අහමු. 

Friday, 1 November 2019

සිරිජාතිකවාදී මා

    සිංහල ලිත් ඉලක්කම්


සිරිජාතිකවාදී මා 




ඊයේ (ඔක්තෝම්බර් 31) මෙරට වැදගත් දිනයක්. පක්‍ෂ හා සංවිධාන දහහතක් එකතු වී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ගොඩ නැගුවා. එහි ඇතැම් පක්‍ෂ හා සංවිධාන මැතිවරණ කොමිසමේ ලියා පදිංචි නැහැ. එය එතරම් වැදගත් නැහැ. ඇතැමුනට මේ නව සංධානය මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ වාහකයක් පමණයි. එයත් ඇතැමුන් තම පාක්‍ෂිකයන් ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක් ලෙස යොදා ගන්නවා. පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට හැරුණු විට අනෙක් පක්‍ෂ හා සංවිධාන සියල්ලට ම ලැබෙන්නේ අපේක්‍ෂකයන්ගෙන් 18%ක් පමණයි. එය පක්‍ෂ හා සංවිධාන පහළොවක් අතර බෙදී යන්න ඕන. ඒ පක්‍ෂකයට සාමාන්‍යයෙන් අපේක්‍ෂකයන් තුන්දෙනකු පමණ ලැබෙන්න පුළුවන්. ඇතැම් පක්‍ෂයකට එයට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. ඊයේ සිට මහා මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම නිල වශයෙන් ආරම්භ වුණා.

Friday, 25 May 2018

ජාතිකත්වය බෙදීම හා රනිල්




ජාතිකත්වය බෙදීම හා රනිල්



මෙරට දේශපාලනයෙහි වම හා දකුණ යන්න අද වන විට ව්‍යාජයක් බවට පත්වෙලා. වම දකුණ දේශපාලනයක් 1952ට ඉස්සෙල්ල තිබුණා. ඒ දේශපාලනයෙහි ජාතිකත්වයක් තිබුණෙ නැහැ කියන්න බැහැ. එහෙත් ජාතිකත්වය වමේ මෙන් ම දකුණෙත් දකින්න පුළුවන් වුණා. එකල එ ජා පක්‍ෂය එක් පැත්තකත් අනෙක් පැත්තෙ සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වගේ ම විප්ලවකාරී සමසමාජ පක්‍ෂයත් තිබුණා. විප්ලවකාරී සමසමාජ පක්‍ෂය කියන එක අද ඉන්න අය දන්නෙ නැතිව ඇති. ඒකෙ නායකයා වුණෙ පිලිප් ගුණවර්ධන.