Main Logo

Showing posts with label Badiuddeen. Show all posts
Showing posts with label Badiuddeen. Show all posts

Saturday, 1 August 2020

කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

පොදු ජන එක්සත් නිදහස් සංධානය තනි පක්‍ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවාවි. තුනෙන් දෙක ලැබුණත් නැතත් එය විශාල ජයග්‍රහණයක්. 1994 මැතිවරණයේ දී චන්ද්‍රිකාගේ නායකත්වයෙනුත් ලබා ගත හැකි වූයේ ආසන 105 ක් පමණයි. ඒ දහහත් අවුරුදු එ ජා ප ශාපයෙනුත් පසුව. ඒ කුමක් වුණත් පොදු ජන පෙරමුණේ ඇතැම් නායකයන් ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව කරන ප්‍රකාශ ගැන නම් කිව හැක්කේ ඒවා දේශපාලන කුපාඩි කියමන් බව පමණයි. 

Thursday, 25 June 2020

බද්‍යුද්දීන් හා සිවල් නිගමන

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9






බද්‍යුද්දීන් හා සිවල් නිගමන

බදියුලා කීප දෙනෙක් ගැන ම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරලා තියෙන ජනාධිපති කොමිසමේ කියැවෙනවා. නැහැ එතැන අර ගණිතය ගැන විකාර කියවන ප්‍රංශ මහා දාර්ශනිකයකු කියන බදියු ගැන කිසිවක් කියැවෙන්නෙ නැහැ. මා ගණිතඥයකුවත් දාර්ශනිකයකුවත් ඉතිහාසඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත් නො වෙයි. මා ඒ විෂය ගැන උනන්දුවක් දක්වන්නකු පමණයි. ලෝකයේ ගණිතඥයන් යැයි කියන අයගෙන් බොහෝ දෙනකු බදියු ගණිතය ගැන කියන දේ සතපහකට මායිම් කරන්නේ නැහැ. ඒත් කිහිප දෙනකු බදියුගෙ විකාර කියවල තියෙනවා. ඔවුන් බදියුගෙ ගණිතය ගැන කියා ඇති දෙයින් තමයි මා ඒ ටික කිව්වෙ. 

Tuesday, 9 June 2020

බාලගිරි දෝෂය වැළඳුණු මැතිවරණ කොමිසම හා ඇරිස්ටෝටල්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





බාලගිරි දෝෂය වැළඳුණු මැතිවරණ කොමිසම හා ඇරිස්ටෝටල් 




මැතිවරණ කොමිසමට බාලගිරි දෝෂය හැදිලා. අද නෙවෙයි හෙට. ඒත් මේ හෙට කවද වෙනකම් කල් දාන්න පුළුවන් ද? ඔය හැම එකට ම සීමාවක් තියෙනවා. පරණ පාර්ලිමේන්තුව 2020 සැප්තැම්බරයෙන් පස්සෙ සක්කරයටවත් කැඳවන්න බැහැ. ඒකෙ අවුරුදු පහ පිරෙනවා. එතකොට මැතිවරණ කොමිසම. ඒකත් සදාකාලික නැහැ. සදාකාලික නොවූ ලෝකයක (සම්මුති) සදාකාලික මැතිවරණ කොමිසමුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 103 වැනි වගන්තිය යටතෙ කොමිසමේ සාමාජිකයන්ගෙ කාලය අවුරුදු පහකට සීමා කරලා. ඒවා දහනවවැනි සංශෝධනයෙ වැඩ. අපට කරන්න දෙයක් නැහැ.

Thursday, 16 April 2020

කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම

  සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම 



අද විපක්‍ෂයට ඇත්තේ එක ම එක වුවමනාවක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව, පරමාධිපත්‍යය  ආදී මොන වචන කිවුවත්  ඔවුන්ට අවශ්‍ය පරණ පාර්ලිමෙන්තුව  නැවත කැඳවා ගැනීමත් එය අගෝස්තු මාසය තෙක් පවත්වාගෙන යෑමත්. සජිත්ගේ පක්‍ෂයටත් රනිල්ගේ පක්‍ෂයටත් රනිල්දාසගේ පක්‍ෂයටත් හකීම්ගේ පක්‍ෂයටත් බද්‍යුද්දීන්ගේ පක්‍ෂයටත් සුමන්තිරන්ගේ පක්‍ෂයටත් අවශ්‍ය එක ම දේ එයයි. එ සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ. මැතිවරණ කොමිසමට ලියුම් යවනවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. ඒත් වැඩක් නැහැ. 

Sunday, 17 November 2019

ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද ජාතිවාද පරාජය කරමු



ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද  ජාතිවාද පරාජය කරමු



ඡන්ද ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතිනවා. මේ මොහොතේ දී (උදේ අටට පමණ) නම් ඉදිරියෙන් ඉන්නේ සජිත්. ඒත් අවසානයේ දී ගෝඨාභය දිනාවි. ඡන්ද ප්‍රතිඵල සියල්ල නිල වශයෙන් පිට වූ පසු විශේලේෂණයක් ඉදිරිපත් කරනවා.

Friday, 8 November 2019

ඉන්දියානු විසදුම

        සිංහල ලිත් ඉලක්කම්



ඉන්දියානු විස දුම 



ඉන්දියාවෙන් ලංකාවට විෂ ධූමයක් හෙවත් විස දුමක් ඇවිල්ලා. ඒකෙන් කිහිප දෙනකු ලෙඩ වේවි. දින කිහිපයකින් පසු එය නැති වේවි. එහෙත් ඊට වඩා විස දුමක් (ඊනියා විසඳුමක්) දින කිහිපයකට කලින් ලංකාවට ආවා. ඒ විස දුම හරිගියොත් ලංකාව ම ලෙඩ වී මරණයට පත් වේවි. ඉන්දියාවෙන් විස දුම් එන්නෙ විසඳුම් හැටියට. විශේෂයෙන් ම රෝ සංවිධානයෙන්. රෝ නැති වුවත්  ඒක අද ඊයේ නොවෙයි අවුරුදු දහස් ගණනක් තිස්සෙ එන එකක්. අප එම්සීසී ගිවිසුම ගැන කතා කරනවා. එයට විරුද්ධ වෙනවා. එයත් මූලික වශයෙන් රට බෙදීමක් සඳහා ගන්නා තැතක් බව මා කියා ඇති. එම්සීසී ගිිවිසුම අත්සන් කිරීම තාවකාලික ව වුවත් නතර කර ගැනීම දේශප්‍රේමීන් ලැබූ ජයග්‍රහණයක් වගේ ම පරාජයක්. අර උපවාසය නතර කළ ආකාරය ගැන මගේ පැහැදීමක් නැහැ. ආණ්ඩුව හාමුදුරුවන්ගෙ උපවාසය අවසානයේ දී ඩැහැ ගත්තා. මා එසේ කීම ගැන බොහෝ දෙනා අසතුටු වන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් නැහැ. 

Thursday, 24 October 2019

පාස්කු වාර්තාවට මොකක් ද කරන්නෙ

    සිංහල ලිත් ඉලක්කම්

පාස්කු වාර්තාවට මොකක් ද කරන්නෙ


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව (තේරීම් කමිටුව නොවෙයි) සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපති, අගමැති, බුද්ධි අංශය, පොලිස්පති, ආරක්‍ෂක ලේකම් ආදීන් ඒක්කෝ තම වගකීම් පැහැර හැරලා, එහෙමත් නැත්නම් වගකීම් ගැන සැලකිලිමත් වෙලා නැහැ. මේ බරපතළ චෝදනාවක්. ජනාධිපතිත් අගමැතිත් ඉල්ලා අස්වෙන්න ඕන. කතානායක සති කිහිපයකටවත්¬ වැඩ බලන ජනාධිපති වෙන්න ඕන. 

Friday, 30 August 2019

අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද

        සිංහල ලිත් ඉලක්කම්


අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද 



මෙරට දෙමළ ජාතිවාදය මෙන් ම මුස්ලිම් ආගමිකවාදයත් බටහිරින් මෙහෙයවෙන්නෙ. මුස්ලිම් ආගමිකවාදයට සෞදි අරාබියත් හවුල්. මෙය  නිකම් හුදු කියමනක් නොවෙයි. මා කියන්නේ නැහැ මෙය බටහිර කුමන්ත්‍රණයක් කියලා. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය. මා හැමදාමත් මෙන් කියා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යයට ඇති විශාල ම තර්ජනය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය යන්න. බටහිර සංස්කෘතික ආධිපත්‍යයට අමතර ව දේශපාලනික හා ආර්ථික ආධිපත්‍යයකුත් ක්‍රියාත්මක වෙනවා. කුමන්ත්‍රණ කතා ප්‍රශ්නයක් විශ්ලේෂණය කර ගන්න බැරි අයට හොඳයි.

Saturday, 17 August 2019

ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

                    සිංහල ලිත් ඉලක්කම්


ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

අප වටේ යන එක නවත්තන්න කාලය පැමිණිලා. නැවතත් දහතුන කතාව පටන් අරන්. ඒ අතර මුස්ලිම් ඇමතිවරුන් වන හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කිරීම නවත්වන ලෙසට මහින්ද නියෝගයක් පණවලා කියලා වෙබ් අඩවියක පළ වී තිබුණා. රනිල් යාපනයේ දී කියල තියෙන්නෙ දෙමළ ජනතාවට අභිමානයෙන් ජීවත් වීමට පළාත් සභා බලතල දිය යුතු ය කියා. ඔය අභිමානය, අභිලාෂය වගේ වචන දශක ගණනාවක් තිස්සේ යොදා ගැනෙනවා. කුමාර් පොන්නම්බලම් ද ඔය කතාව කිව්වා. 

Friday, 9 August 2019

දිව තුනේ දේශපාලනඥයෝ

      සිංහල ලිත් ඉලක්කම්



දිව තුනේ දේශපාලනඥයෝ


හිටපු ඇමති හිටපු මන්ත්‍රී සාලින්ද දිසානායක ඊයේ අවසන් ගමන් ගියා. ඩීල්දේශයේ (ඩීල්ලන්තයේ) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් විශ්වාසයක් තබන්න පුළුවන් අය ඇත්තේ අතළොස්සක් පමණයි. සාලින්ද ඒ අතළොස්සට අයත් වුණා. ඔහුට රටේ දුක් විඳින්නන් ගැන කණගාටුවක් අනුකම්පාවක් තිබුණා. ඒ නිසා ම ඔහු මුල් කාලයේ යම් ආකාරයක වාමාංශික දේශපාලනයක යෙදුණා. ඔහු චන්ද්‍රිකා සමගත් දේශපාලනයේ යෙදුණා. එහෙත් මුහුකුරායත් ම පරිණතභාවයට පත්වීමත් සමග ඔහු ජාතිකත්වයට නැඹුරු වුණා. ජීවිතයේ අවසන් කාලයේ ඔහුට නිරෝගි සම්පත්තිය ලැබුණේ නැහැ. මට තේරෙණ අන්දමට ඔහු ප්‍රතිකාර ගැනීමට හිත හදා ගත්තේ නැහැ. අද සමහරුන් කියන්න හදනවා ඔහු දේශීය වෙදකමට නැඹුරු වූ නිසා රෝගය සුවපත් කර ගන්න බැරි වුණා කියා. එය පට්ටපල් බොරුවක් බව පවුලේ උදවිය දන්නවා. අපට සිටි අවංක කෘතවේදී දේශපාලනඥයකු (එවැන්නන් අතිශයින් දුර්ලභයි) සමු ගැනීම ගැන අපට ඇත්තේ ඉමහත් කණගාටුවක්. ඔහුට ඉක්මණින් ම සසර ගමන අවසන් කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. 

Wednesday, 7 August 2019

කඩු කිණිසි, සරත් ෆොන්සේකා, රනිල් හා ඇමතිවරු


සිංහල ලිත් ඉලක්කම්


කඩු කිණිසි, සරත් ෆොන්සේකා, රනිල් හා ඇමතිවරු  


හජ්ජි උත්සවය සඳහා මුස්ලිම් පල්ලිවල තිබූ කඩු කිණිසි ආදිය ආපහු භාරදීලා. මාඝාත නමින් නීතියක් තිබූ රටක සත්ව ඝාතනය රජයේ අනුදැනුම ඇතුව කරන එකක් බවට පත්වෙලා. බොහෝ දෙනකු දන්නේ නැතිව ඇති මාඝාත කියන්නෙ මොකක් ද කියලා. දන්නෙ නැති අය හොයල බලන්න. මා කියන්න යන්නෙ නැහැ. මෙරට බෞද්ධයන් කුකුල් මස් කන හැටියට මුස්ලිමුන්ට කුකුළන් මැරීමටත් ආයුධ සපයන්න ඕන. අද රටේ පවතින තත්වයට පළමුව වරද පටවන්නෙ ඕන බෞද්ධයන්ට හා මුස්ලිම් ඡන්ද පෙරේතයන් වූ ඔවුන්ගේ දේශපාලනඥයන්ට. බද්‍යුද්දීන් කියා තිබුණා ඔවුන් දිනන පැත්තට කියා. ඔහු ඕනෑම ආණ්ඩුවක ඇමතිවරයෙක්. හිස්බුල්ලා කගේත් බුල්ලා. 

Wednesday, 31 July 2019

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද 




ලෝක මුස්ලිම් සම්මේලනයේ නායකයා මල්වතු මහානාහිමියන්ට අතට අත දෙන්න ගිහින් ඊට පස්සේ නාහිමියන්ගේ අසුනෙහි ම වාඩිවෙන්න හදලා. ඒක මෙරටට එන බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙ නායකයන් නොකරන වැඩක්. මෙරට මුස්ලිම් නායකයන් ලෝක නායකයාට මෙරට සිරිත් විරිත් කියා දුන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගෙ සිංහල බෞද්ධ සංස්කෘතියට සතපහක ගෞරවයක් නැද්ද? මල්වතු මහානාහිමියන්ට අපේ ප්‍රණාමය පිරිනමන්න ඕන මුස්ලිම් ලෝක නායකයා නියමිත තැන තිබීම ගැන.

Monday, 29 July 2019

මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය

මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය

මුස්ලිම් ඇමතිවරුන් සියළු දෙනා ඇමතිකම් බාරගන්න තීරණය කරලා. රනිල් ඒ ඇමතිකම් නිර්දේෂ කළ බවයි පේන්න තියෙන්නෙ. දිවුරුම් දීම අද හෙට සිද්ද වෙන්න පුළුවන් කියලයි කියන්නෙ. අතන මෙතන රතන හිමියන් උපවාස කෙළෙ බද්‍යුද්දීන් හිස්බුල්ලා හා අසාද් සාලි අස්කරන්න කියලයි. අසාද් සාලි හා හිස්බුල්ලා නම් දැන් තමන් දැරූ ආණ්ඩුකාර පදවිවලින් අස්වෙලා. අතන මෙතන රතන හිමියන් උපවාසය නතර කෙළෙ ඔවුන් දෙදෙනා අස්වුණාම. ඒ වෙලාවෙ බද්‍යුද්දීන් අස්වෙලා හිටියෙ නැහැ. ඔහු අනෙක් මුස්ලිම් ඇමතිවරුත් එක්ක අස්වුණෙ ඊට පස්සෙ.  අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසෙට බද්‍යුද්දීන් අදාළ නැති වෙන්න ඇති. බද්‍යුද්දීන් නැවත ඇමතිකමේ දිවුරුම් දුන්නත් අතන මෙතන රතන හිමියන් උපවාසයක් ආරම්භ කරාවිය කියල හිතන්න අමාරුයි. 

Tuesday, 16 July 2019

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය

රන්ජන් රාමනායක වැදගත් පුද්ගලයෙක් නොවෙයි. ඔහු තම කතාවකින් පොදුවේ මහා සංඝයා වහන්සේට අපහාස කරලා. ඔහු දැන් නම් කියන්නෙ ඇතැම් භික්‍ෂූන් වහන්සේ ගැනයි කිව්වෙ කියලා. රනිල් ඔහුගෙන් කරුණු විමසලා. රනිල්ගේ කරුණු විමසීම්වල ඇති වැඩේ මොකක් ද? අද වන විට පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තෙක් නැහැ. සහරාන් නොමැරුණා නම් ඔහුත් නිදහස් වෙනවා. දැන් වුණත් නිදහස් කරන්න පුළුවන්. සහරාන් මිය ගියේ වෙන අයකු පිපිරවූ බෝම්බයකට වෙන්න පුළුවන්. පොලීසියට බද්‍යුද්දින්ට විරුද්ධ ව ඉදිරිපත් කරන්න තරම් චෝදනාවක් නැහැ. කොහොමටත් අධිකරණයට කලින් තීරණ ගැනීමේ හැකියාව පොලීසියට තියෙනවා. හොරාගෙ අම්මගෙන්වත් පේන අහන්නෙ නැතිව ඉන්න පොලීසියට පුළුවන්. 

Saturday, 13 July 2019

විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්


විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්

විශ්වාසභංග යෝජනාවට විරුද්ධ ව ඡන්දය දීමට එස් බී දිසානායක ඇතුළු ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පස්දෙනකු  පමණ නොපැමිණියේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී හෙවත් මාධ්‍ය සංදර්ශනයක දී ඩිලාන් පෙර්රා කියා ඇත්තේ ඔක්තෝම්බර් විසිහය සිද්ධියේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට ආධාර කළ පිරිසකට එසේ විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන්නේ නම් මන්ත්‍රීධුර අහෝසි වීමේ තර්ජනයක් තිබූ බවයි. 

Friday, 14 June 2019

සහාරාන් වැඩ කෙළේ කාට ද?

සහාරාන් වැඩ කෙළේ කාට ද? 

පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කර ගත්තේ මොකට ද කියන එක දැන්වත් පැහැදිලි වෙන්න ඕන. අද මොන බයිලා කිව්වත් තේරීම් කමිටුව පත් කර ගත්තේ විපක්‍ෂයේත් සහාය ඇතිවයි. කිසිම දේශපාලනඥයකු ගැන විශ්වාසයක් තියන්න බැහැ. අප එහෙම කියන්නෙ හිතේ කාගෙ හරි නමක් තියාගෙන ඔහු වෙනුවෙන් නො වෙයි. මෛත්‍රිපාල, රනිල් පමණක් නොව මහින්ද බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ. මෙහෙම කියන එකට ඇතැමුන් විරුද්ධ වේවි. දෙරණ 360 වැඩ සටහනේ දී මහින්දටත් දොස් පැවරුවාය කියා ඇතැමුනට කේන්ති ගිහිල්ලා. බැසිල් ගැනත් යමක් කීමට නොහැකි වීම ගැන නම් මටත් කේන්තියි. දැන් බැසිලිකාව මට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කරාවි. 

Saturday, 8 June 2019

ආණ්ඩු දෙකක් එක්ක පුළුවන් ද?

ආණ්ඩු දෙකක් එක්ක පුළුවන් ද? 

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ රඟ දැන් කාටත් පේන්න ඕන. ඒ සංශෝධනයට ඡන්දය දුන් සියල්ලන් ම අද රටේ තත්වයට වග කියන්න ඕන. අද රටේ ආණ්ඩුවක් නැහැ. ආණ්ඩු දෙකක් තියෙනවා. එක ආණ්ඩුවක් කරන දේ අනෙක් ආණ්ඩුව නිශේධ කරන්න හදනවා. පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් වෙලා. ඒත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිට බැහැ. පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරල විසුරුවා හරින්නට කටයුතු කරාවි කියල හිතන්න බැහැ.  එ ජා පෙරමුණ එවැනි යෝජනාවකට ඡන්දය දෙන එකක් නැහැ.

Friday, 7 June 2019

ඇදිල්ල හා ඇන්දිල්ල

ඇදිල්ල හා ඇන්දිල්ල 


පොලිටික්ස් යන්නෙහි ග්‍රීක නිරුක්තිය ජනතාව හා සම්බන්ධයි. එය දේශපාලනය වශයෙන් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. මොන අර්ථයෙන් ගත්තත් මේ රටේ දේශපාලනයක් කෙරෙන්නේ නැහැ. ජනතාවගේ සුභසිද්ධියට වැඩක් කෙරෙන්නෙත් නැහැ. මෙහි ඇත්තේ ඉතාමත් ජරාජීර්ණ අර්ථයකින් පොලිටික්ස් කිරීමක්. එනම් තම වාසියට ජනතාව හැසිරවීමක්, මෙහෙයවීමක්.  සාමාන්‍ය විධියට කියනවා නම් තම වාසිය සඳහා ජනතාව ගොනාට ඇන්දවීමක්. 

Monday, 3 June 2019

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රතන හිමියන්ගේ උපවාසයෙන් පැහැදිලි වන කරුණ සිංහලයන්ට නායකත්වයක් නැති කමයි. ඒ උපවාසය බලන්න යන දේශපාලනඥයන්ට ඔවුන් මොන අරමුණෙන් එහි ගියත් කිසි දිනෙක ඒ නායකත්වයට පත් වෙන්න බැහැ.  ඒ කියන්නේ උපවාසය බලන්න නොගිය දේශපාලනඥයන්ට ඒ නායකත්වය හිමි වේය යන්න නො වෙයි. සිංහල ජනතාව ආගම් පක්‍ෂ භේදයකින් තොරව රතන හිමියන් බැලීමට ගොස් කියන්නේ එක ම එක කරුණක් පමණයි. ඒ අර ඇතැම් ත්‍රිරෝද රථයක කියවන්න ලැබෙන ආකාරයට අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ යන්නයි. දැන් කසිකබල් පඬියන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට සරණ වෙන්න බැහැ කියල. පඬියන් දන්න සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් හිතන්නෙ ඊනියා බෞද්ධ දර්ශනයක් ගැන. නැහැ බෞද්ධ දර්ශනය කියල එකක් නැහැ. සියළු දර්ශන පට්ටපල් බොරු.

Sunday, 26 May 2019

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව වැඩ කරන අයකු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳල නැති බව රනිල් හැරෙන්න අනෙක් අය පිළිගනු ඇති බව හිතනවා. අද එසේ නොකියන එ ජා පාක්‍ෂිකයන් පවා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු දිනයක එසේ කින බවට සැකයක් තියෙන්න බැහැ. ඔහු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ධුරය ආදී ආයතන එකක්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ.