Main Logo

Showing posts with label Chatura Alwis. Show all posts
Showing posts with label Chatura Alwis. Show all posts

Thursday, 24 October 2019

පාස්කු වාර්තාවට මොකක් ද කරන්නෙ

    සිංහල ලිත් ඉලක්කම්

පාස්කු වාර්තාවට මොකක් ද කරන්නෙ


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව (තේරීම් කමිටුව නොවෙයි) සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපති, අගමැති, බුද්ධි අංශය, පොලිස්පති, ආරක්‍ෂක ලේකම් ආදීන් ඒක්කෝ තම වගකීම් පැහැර හැරලා, එහෙමත් නැත්නම් වගකීම් ගැන සැලකිලිමත් වෙලා නැහැ. මේ බරපතළ චෝදනාවක්. ජනාධිපතිත් අගමැතිත් ඉල්ලා අස්වෙන්න ඕන. කතානායක සති කිහිපයකටවත්¬ වැඩ බලන ජනාධිපති වෙන්න ඕන. 

Monday, 11 February 2019

කුසුමාසනදේවි පහතට වැටීම


කුසුමාසනදේවි පහතට වැටීම



කුසුමාසනදේවි අද ඉඳන් පහතට වැටිලා. දෙරණේ රැ අටේ පටියේ සිට හයේ පටියට යෑම හොඳ දෙයක් නම් නො වෙයි. මා නරඹන්නේ දෙරණ පමණක් නිසා මගේ අතින් කියැවෙන්නේ දෙරණේ හොඳ නරක පමණයි. වැඩිය කිියැවෙන්නේ නරක වෙන්න පුළුවන්. ඒ නරක වැඩි නිසා. වෙනත් නාළිකා ගැන මට කියන්න හොඳක් නැහැ. මා ඒ නරඹන්නේ නැත්තේ එබැවිනුයි. මට කිසිම ජනමාධ්‍යයක් සමග සුහද සම්බන්ධයක් නැහැ. ජනමාධ්‍යවේදීන් මහාදැනමුත්තන්. ඔවුන් විද්‍යාත්මක විධික්‍රමය, ක්‍රමය (සිස්ටම්) වෙනස් කිරීම, වාස්තවිකත්වය, යථාර්ථය ආදී දේ ගැන කතා කරනවා. ඔවුන් අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට අනුව මා වැදගත් දෙයක් කියන අයකු නො වෙයි.

Tuesday, 1 January 2019

ජනේරුව සුබ ද?


ජනේරුව සුබ ද?



ඊයේ රෑ අප පදිංචි ව ඉන්න පැත්තෙ මහා රතිඤ්ඤා තොගයක් පත්තු වුණා. මා කුඩා කල ජීවත් වූ ප්‍රදේශයේ ඒ විධියට රතිඤ්ඤ පත්තු වුණේ නැහැ. එදා ජනවාරි පළමුවැනි දා අවුරුද්දක් ලෙස සැලකුණෙත් නැහැ. අපට අවුරුද්ද ලැබුවෙ බක් මහේ. ජනවාරි පළමුවැනි දා අපට වැඩිම වුණොත් ජනේරුව වුණා. එය උත්සවයක් ලෙස සැලකුණෙ නැහැ. මා කුඩා කල ජීවත් වූයේ මුහුදුබඩ ප්‍රදේශයක. පෘතුගීසි කාලෙ ඉඳන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික බලපෑමක් තිබූ ප්‍රදේශයක. පෘතුගීසීන් පැමිණිලා අවුරුදු හාරසිය පනහක් පමණ වුවත් ජනේරුව අවුරුදු උත්සවයක් වුණෙ නැහැ. අපට බටහිර බලපෑම් නොතිබුණා නො වෙයි. අපේ ආච්චි අම්මලා කබාපොරොත්තු නමින් හැඳින්වුණු අත් දිග හැට්ට ඇන්ද. අපේ අම්මලා ගෙදරට දිග ගවුම් ඇන්ද. මේ ඇඳුම්වල නම් ඔක්කොම යුරෝපීය.

Tuesday, 11 December 2018

වැඩ මැද උසාවි වැඩිි අමිල හාමුදුරුවො


වැඩ මැද උසාවි වැඩිි අමිල හාමුදුරුවො



මහින්ද අගමැති හැටියට පත් කරලා දවස් හතළිස්පහක් ගත වුණාට පස්සෙ දඹරාවෙ අමිල හාමුදුරුවො උසාවියට වැඩම කරලා පත්කිරීමට විරුද්ධ ව නඩුවක් දාන්න. උන්වහන්සේට සත්සතියක් ම ගත කරලා නඩුව දාන්න තිබුණා. ඒත් උසාවි නිවාඩුව කොහොම බලපාවි ද කියල හාමුදුරුවන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. දැන් ඉස්සර වගේ නොවෙයි උසාවි නිවාඩු දවස් ගැනත් හැමෝම දන්නවා.

Friday, 2 November 2018

රනිල්ගේ ගමන් මග අවසන් ද?

රනිල්ගේ ගමන් මග අවසන් ද?

මා කලකට පෙර කියා සිටියා අයවැයෙන් රනිල්ගේ ආණ්ඩුව පරාද කරන එක අමාරුයි කියා. එයට හේතුව බලයේ ඉන්න ආණ්ඩුවකට විරුද්ධ ව මන්ත්‍රීවරුන් ඡන්දය දීමට මැළි නිසා. ඒ නිසා ම තමයි මා කියා සිටියේ ජනාධිපති ලවා ම රනිල් ඉවත් කළ යුතු ය කියා. එසේ කර හදන ආණ්ඩුවකට මන්ත්‍රීවරුන් එකතු වේ ය කියාත් මා කිවුවා.

Friday, 7 September 2018

ජනබලය හා මාධ්‍යබලය



මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.



ජනබලය හා මාධ්‍යබලය



උදේ ම චතුර අල්විස්ගෙ බයිලා අහගෙන ඉන්න කොට මට මා ගැන ම කළකිරීමක් ඇති වෙනවා. චතුර වොයිස්කට් දේශපාලනය ගැන පක්‍ෂ දේශපාලනයෙන් තුරන් වීම ගැන කියනවා. ඒ ඔවුන් වොයිස්කට් දේශපාලනයටත් පක්‍ෂ දේශපාලනයටත් අනුග්‍රහ දක්වන අතරෙ. චතුර මේ බයිලා කියන්නේ කා රවටන්න ද? පසුගිය සඳුදා අප වොයිස්කට් නොවන පක්‍ෂ දේශපාලන නොවන රැස්වීමක් පැවැත්වූවා. දෙරණ පසුදා දහවල් ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් ඒ රැස්වීමේ දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ අනුශාසනයට  වැදගත් තැනක දී තිබුණා. ජාතික රූපවාහිනිය ඉන් ඉතා සුළු කොටසක් ජනබලය ගැන විවිධ දේශකයන්ගේ මත යටතේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් ගුවන්ගත කෙළේ රැස්වීම ගැන කිසිවක් නොකියා. එහෙත් එය දුටු ඇතැමුන් කීවේ ආණ්ඩුවේ රූපවාහිනිය රැස්වීමට ප්‍රචාරය දුන් බවයි.



දෙරණවත් වෙනත් කිසිම ජනමාධ්‍යක්වත් මගේ කතාවට අබමල් රේණුවක ප්‍රචාරයක් දුන්නේ නැහැ. මා කතා කරන්නේ වල්පල් කියා අදාළ බලධාරීන් තීරණය කරන්න ඇති. අප බලපොරොත්තු වන්නේ පක්‍ෂ දේශපාලනයෙන් පිට කටයුතු කිරීමටයි. මා 1980න් පසු කිිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වී නැහැ. එහෙත් මෙරට ජනයා පක්‍ෂ දේශපාලනයට පමණයි කැමති. චතුර මොන බයිලා කිව්වත් දෙරණේ ප්‍රධානීන් ද කැමති පක්‍ෂ හා වොයිස්කට් දේශපාලනයටයි. එහි ඉහළ ම ප්‍රධානීන් අතර මා කොළඹ විශ්වවිද්‍යාලයේ වල්පල් කියද්දී එහි සිසුන් වූ තුන්දෙනකු ඉන්නවා. ඔවුන් දන්නවා මා කියන්නේ වල්පල් කියා. අපේ රැස්වීමටත් පැමිණියේ තිස් දෙනකු පමණයි. අපට රට දැය සමය වැටී ඇති අනතුරෙන් මුදා ගැනීමට නොහැකි බව ජනතාවත් ජනමාධ්‍යත් දන්නවා වෙන්න පුළුවන්. අද හාමුදුරුවරුන් සමග ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට උතුරේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන නැරඹීමට අවසර නුදුන් බව චතුර වාර්තා කළා. තිස් දෙනකු සමග අපට කළ හැකි දෙයක් නැති බව කවුරුත් දන්නවා වෙන්න පුළුවන්.



ජනබලය කොළඹට කී දෙනකු පැමිණියාදැයි මා දන්නේ නැහැ. ඒ පිරිස මැයි දිනයකට එන පිරිසකට වඩා අඩු ද වැඩි ද කියන්නවත් මා දන්නේ නැහැ. ඔවුන් පිට්ටනියක සිටියා නම් යම් තක්සේරුවක් කරන්න තිබුණා. කෙසේ වෙතත් මේ පිරිසට උතුරේ පුරාවස්තු ගැන කළ හැක්කේ කුමක් ද? උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමය රැක ගැනීමේ සටන් පාඨයක් ඒ පිරිසට තිබුණා ද? ජනබලයෙන් බලාපොරොත්තු වූයේ කුමක් ද? කොළඹට පහන් වන්නේ මැදියම් රැය පසු වී විනාඩි එකට බව කීමට ද?



ජනබලය සංවිධානය කළ අය කොළඹ පිට්ටනි පහක් සඳහා අයදුම් කර තිබුණා. කොළඹ නගර සභාව අවසානය වන තෙක් කිසිවක් කීවේ නැහැ. එබැවින් සංවිධායකයන් දැන සිටියේ නැහැ කොහාට එන්න කියන්න ද කියා. අවසානයේ දී කොළඹ නගර සභාව කිසිම පිට්ටනියක් නොදෙන බව කිව්වා. එය අසාධාරණයි.  එයින් සංවිධායකයන් අසරණ වුණා. ඔවුන්ට ලේක්හවුස් වටරවුමට එන්න සිදු වුණා. 



ජනබලයේ විවිධ බලාපොරොත්තු තිබුණු බව පැහැදිලියි. මාර්කොස් පැන්නුවා මෙන් ආණ්ඩුව පන්නා දැමීමට සමහරුන්ට අවශ්‍ය වුණා. එහෙත් ආණ්ඩුව කුමක් දැයි ඔවුන් හඳුනාගෙන තිබුණේ නැහැ. ඒ රනිල්ගේ ආණ්ඩුව ද මෛත්‍රිපාලගේ ආණ්ඩුව ද? ආණ්ඩු දෙකම ද? එස් බී ඇතුළු පහළොස් දෙනාට නම් අවශ්‍ය වී තිබුණේ රනිල්ගේ ආණ්ඩුව පන්නා දැමීමට. එස් බී කියනවා ජනබලයට මෛත්‍රිපාලගේ ආශිර්වාදය තිබුණා කියා. තිබෙන්නත් ඇති. එහෙත් රනිල්ගේ ආණ්ඩුව පැන්නීම ගැන සැලසුමක් තිබුණු බවක් පේන්න නැහැ.



ආණ්ඩු දෙක ම පන්නා දැමීමට සමහරුන්ට අවශ්‍ය වන්න ඇති. එහෙත් එය කරන්නේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තියක් යටතේ ද? අගමැති ඉවත් කිරීම නම් ජනාධිපතිට කරන්න පුළුවන්. අගමැතිට දෝෂාභියෝගයක් සංවිධානය කර ජනාධිපති ඉවත් කරන්න පුළුවන්. දෙදෙනාම ඉවත් කරන්නේ කෙසේ ද? ඒ ජනතාවට දුන් බොරු බලාපොරොත්තුවක් පමණයි. ජනතාව වටරවුමේ යන අතර ඔවුන් රැගෙන ආ බස්රථවල රියැදුරන්ට ආපසු යන්න වුවමනා වුණා. ටිකෙන් ටික මිනිසුන් ගම් රටවල් බලා යන්නට වුණා. ඩලස් මහින්දානන්ද නාමල් රාජපක්‍ෂ කොළඹට ඉක්මණින් පහන් කෙරෙව්වා. මැදියම් රෑ පසු වී විනාඩියට ලේක්හවුසිය අසලට පහන් වුණා. 



එස් බීට කෙසේ වෙතත් වෙනත් අයට වෙනත් බලාපොරොත්තු තිබුණා. මේ ජනබලයට ටික දිනකට කලින් මහින්දට තුන්වැනි වරටත් තරඟ කළ හැකිය යන මතයක් ජී එල් ඔහුගේ මස්සිනා නිහාල් ජයවික්‍රම හා සරත් සිල්වා කියන්න වුණා. සරත් සිල්වා ගැන එස් බීගෙන් අහන්න ඕන. කොහොමටත් ගෝඨභයට කැපීමක් මේ සමග සිද්ධවුණා. ගෝඨාභයත් පෙළපාලියේ ගියා. එහෙත් ඒ නාමල්ගේ නායකත්වයෙන්. කවුරු හරි කියන්න පුළුවන් මහින්දගේ නායකත්වයෙන් කියා. හිත සනසා ගැනීමට එහෙම කිවුවට කමක් නැහැ.  අද ජනබලයේ ප්‍රතිඵලයක් ලෙස නාමල් උඩට ඇවිත්. ගෝඨාභය පහළට ගිහින්. ගෝඨාභය වටා හිටි අය වැඩි කල් යන්න පෙර නාමල් වටා ඉඳීවි. ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම තවමත් තිබෙනවා ය කියා හිතනවා.



දැන් රනිල් තවත් ශක්තිමත් වෙලා. ඔහු 2030ක් ගැන කියනවා. අකිලත් ඒ ගැන කියවනවා. ඒ සැලසුම් එහෙම ම ද කියා අප දන්නේ නැහැ. නාමල් හා අකිල (රනිල්) ඒ වන විට එකතු වන්නත් පුළුවන්. ඒ අතර ජ වි පෙ විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. ඒ ඊළඟ මැතිවරණයේ රනිල් අගමැති කර මෛත්‍රිපාලට වෙනුවට ඔහුට බලතල ලබා දීමටයි. විස්ස සම්මත වුවහොත් මැතිවරණය කල් දාගන්නත් පුළුවන්. ඉන්දියාව මහින්දට භාරත රත්න දෙන්නේ අහවල් දේකට ද? විස්සේ බොරු සංශෝධනයකින් පසු එයට තුනෙන් දෙක ලැබේවි ද? මෛත්‍රිපාලට යන්න වේවි ද? අද ඇති කර තිබෙන සිරිසේන විරෝධය හමුවේ රනිල්ට ඕනෑ ම දෙයක් කර ගන්න පුළුවන්. මහින්දවාදීන් මට තව තවත් බනීවි. සිරිජාතිකවාදියා යැයි කියාවි. එහෙත් අද රට වැටී තිබෙන තත්වයට තාවකාලික නමුත් විසඳුමක් පැත්තට යා හැක්කේ මෛත්‍රිපාල ජනාධිපති හා මහින්ද අගමැති වීමෙන් පමණයි. ජනබලයට පමණක් කළ හැකි දෙයක් නැහැ. මැතිවරණයක දී නම් ජනබලය ඉදිරියට ඒවි. එතෙක් වටරවුම්වල වටේ යාවි. මැතිවරණයක් ඒන්නේ කවදා ද? එතෙක් රනිල් තමන්ට අවශ්‍ය දේ කරනවා.



චතුර අල්විස් දන්නවා අපට තිස් දෙනකු සමග කිසි දෙයක් කරන්න බැරි බව. ඔහුත් දෙරණත් වෙනත් ජනමාධ්‍යත් (දි අයිලන්ඩ් නොවන ඉංගිරිසි පුවත්පතක් හැරෙන්න) මා කියන්නේ වල්පල් කියා හිතනවා. මේ හෑලි ලියා මොනවද කරන්නෙ කියල මහින්දවාදීන් අහනවා.  මේ ගඟට ඉණි කැපීමක් ද? ගඟ දිහා බලගෙන ඉඳීමක් ද?