Main Logo

Showing posts with label දෙරණ-360. Show all posts
Showing posts with label දෙරණ-360. Show all posts

Wednesday, 4 December 2019

වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න

      සිංහල ලිත් ඉලක්කම්





වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න




දෙමළ කතා කරන ජනයාට (ඔවුන් ජාතියක් තබා ජනවර්ගයක්වත් නො වෙයි. ඔවුන් අඩුම තරමෙන් උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හා කඳුකරයේ යනුවෙන් ජන කොටස් තුනක් ලෙස ඉන්නවා. ඔවුන්ට පොදු නායකයන්වත් නැහැ) තමන් දෙමළ කතා කිරීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ පිළිතුරක් දීමට නොහැකි ව සිංහල විරෝධීන් ගැඩවිලුන් මෙන් දඟලනවා. ජනාධිපති හා ආරක්‍ෂක ලේකම් දෙමළ කතා කරන ජනයාගේ ප්‍රශ්න විසඳන බව කී විට ඔවුන් දැඟලිල්ල නවත්තලා උඩ පනින්න හදනවා. එහෙත් ගැඩවිලුන්ට උඩ පනින්න බැහැ. 

Monday, 5 February 2018

උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව


උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව


ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වීමට නියමිත ව තිබූ සරත් වීරසේකරගේ ගාමිණී චිත්‍රපටිය උඩින් ආ අණක් නිසා විකාශය වී නැහැ කියනවා. මේ අණ උඩින් ආවා නම් කෙතරම් උඩකින් ආවා දැයි දැනට දැන ගැනීමට නැහැ. ඒ අතර මහින්දගේ 360 සඳහා පූර්ව ප්‍රචාරයකට ද අවසර දී නැති බව කියැවෙනවා. මේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් කියා පඬියකු කියාවි. ඊනියා මාධ්‍ය නිදහසක් කිසිම රටක නැහැ. ඒ පඬි සංකල්පය පැත්තකට දැම්මත් මෙයින් කියැවෙන්නේ දෙරණට තමන් කැමති වැඩසටහනක් ප්‍රචාරය කිරීමට නොහැකි බවයි.