උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව
ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වීමට නියමිත ව තිබූ සරත් වීරසේකරගේ ගාමිණී
චිත්‍රපටිය උඩින් ආ අණක් නිසා විකාශය වී නැහැ කියනවා. මේ අණ උඩින් ආවා නම් කෙතරම්
උඩකින් ආවා දැයි දැනට දැන ගැනීමට නැහැ. ඒ අතර මහින්දගේ 360 සඳහා පූර්ව ප්‍රචාරයකට ද අවසර දී නැති බව
කියැවෙනවා. මේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් කියා පඬියකු කියාවි. ඊනියා මාධ්‍ය
නිදහසක් කිසිම රටක නැහැ. ඒ පඬි සංකල්පය පැත්තකට දැම්මත් මෙයින් කියැවෙන්නේ දෙරණට
තමන් කැමති වැඩසටහනක් ප්‍රචාරය කිරීමට නොහැකි බවයි.