Main Logo

Friday 31 March 2017

සම්බන්ධන් හා යුද්ධාපරාධ


සම්බන්ධන් හා යුද්ධාපරාධ



මෛත්‍රිපාල කුමක් කීවත් ජෙනීවා හි මානව අයිතිවාසිකම් අයිතිකරු හුසේන් හා පිරිස රණවිරුවන් යුද්ධාපරාධිකරුවන් ලෙස තීන්දු කර අවසන්. ඔවුන්ට අවශ්‍ය විදේශීය විනිශ්චයකරුවන් සහිත අධිකරණයකින් රණවිරුවන්ට දඬුවම් පැමිණවීම පමණයි. ඔවුන් ලංකාවට අවුරුදු දෙකක් කල් දුන්නේ 2015 ඔක්තෝම්බර් යෝජනාව ක්‍රියාත්මක කිරීමට. ඒ යෝජනාව මෙන් ම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් දීමට මෙවර සම්මත කර ගත් යෝජනාවත් ඉදිරිපත් කෙරුණේ ලංකාව එක් යෝජකයකු වෙමින්.

Thursday 30 March 2017

නවකතාව හා සමාජ විද්‍යාව





මෛත්‍රිපාලගේ කාර්යභාරය  


මෛත්‍රිපාලගේ කාර්යභාරය



මෛත්‍රිපාල නිල වශයෙන් මෙරට ජනාධිපති වෙලා අවුරුදු දෙකකට වැඩියි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල බිඳක් අගමැති ලබා ගත්තා. සුපුරුදු පරිදි රනිල් එය විස්තර කෙළේ පාර්ලිමේන්තුවට බලය ලබා දී ඒ ශක්තිමත් කිරීමක් ලෙස. එහෙත් අද පාර්ලිමේන්තුවේ අගමැති, සභානායක, කතානායක ඔක්කොම රනිල්. ඒ තනතුරු නිල වශයෙන් දරන්නේ කවුරුන් ද යන ප්‍රශ්නය වැඩකට ඇති එකක් නො වෙයි. රනිල් පාර්ලිමේන්තුව කියන්නෙ තමන්ට.

Wednesday 29 March 2017

වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නොවන ශාස්ත්‍රීය අධ්‍යාපනය  


වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නොවන ශාස්ත්‍රීය අධ්‍යාපනය



සිංහලයන් ශිල්පවලට අති දක්‍ෂයි. අපට ඉතිහාසයෙන් උරුම වී ඇත්තේත් ශාස්ත්‍රවලට වඩා ශිල්ප. අපේ සාහිත්‍යයක් අපට නැතුවා නො වෙයි. එහෙත් ඒ සාහිත්‍යය බොහෝ විට සිංහල බෞද්ධාගමිකයි. එහි දෙවියන් ද සිටිනවා. එහි කිසිම වරදක් නැහැ. අපට ඉතා ඉහළ වෙදකමක්, ගොවිකමක්, ඉදිකිරීමක් තිබී ඇති බව පැහැදිලියි. වෙදකම ගැන ලියැවුණු පොතපත නම් තරමක් තිබෙනවා. ඒත් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම තරමක් අසීරුයි. පොත්පත් ඇත්තේ විසිරිලා. අපට කොහොමත් මධ්‍යගත දැනුමක් තිබී ඇත්තේ බුදුදහම සම්බන්ධයෙන් පමණයි. ඒ මහාවිහාරය  දහම පිළිබඳ අධිකාරී බලයක් ලබා ගැනීමෙන් පසුව. එයට කලින් අභයගිරියෙහි හා වෙනත් ආරාමවල බුදුදහම සම්බන්ධයෙනුත් විවිධ අර්ථකථන තිබී ඇති බව පැහැදිලියි.

Tuesday 28 March 2017

ජාතිකත්වය හා මනමේ


ජාතිකත්වය හා මනමේ



මෙරට ජාතිකවාදීන් යනු සජාතීය පිරිසක් නො වෙයි. ඔවුන් අතර විවිධ වර්ගවල පුද්ගලයන් ඉන්නවා.  ජාතිකත්වයට වඩා පක්‍ෂ දේශපාලනය සමහරුන්ට වැදගත්. චන්ද්‍රිකාගේ කාලයේ ඇතැම් එ ජා පාක්‍ෂිකයනුත් ජාතිකත්ව කතා කිව්වා. ඔවුන් පැකේජයට විරුද්ධ වුණා. ඒ චන්ද්‍රිකා ගෙන ආපු නිසා. ඒත් රනිල් 2002 දි අගමැති වුණාම ප්‍රභාකරන් සමග ඇති කර ගත් ගිවිසුමට ඔවුන් විරුද්ධ වුණේ නැහැ. එමෙන් ම ඔවුන් අද රනිල්ගේ සිංහල විරෝධී ක්‍රියාවලට විරුද්ධ වන්නෙත් නැහැ. ඔවුන් සමහරුන්ගේ පවුල්වල උදවිය මනෝරි මුත්තෙට්ටුවගම කොමිටියෙ පාක්‍යසෝති සරවනමුත්තුලා සමග එකට වැඩ කරනවා. ඒ අතර ඔවුන් අපට කුහකයන් කියා කියනවා. ඒ අප වත්මන් සමාජයේ බටහිර නූතනත්වය අත්විඳින ගමන් බටහිර ඊනියා  නූතනත්වයට යටවන අනුකාරකයන් එසේ හැඳින්වීම වරදක් බව කියමින්. දැන් ස්මාට් ජාතිකවාදීන් හා මොඩ් ජාතිකවාදීන් ද ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය බටහිර ඊනියා නූතනත්වයට ජාතිකත්වය යටකිරීමට. 

Monday 27 March 2017

සරත් ෆොන්සේකා මහින්දට ස්තුතිවන්ත විය යුතුයි  







සරත් ෆොන්සේකා මහින්දට ස්තුතිවන්ත විය යුතුයි



බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම රාජ්‍යාරක්‍ෂාවට ප්‍රශ්නයක් වෙනවා. චන්ද්‍රිකාට නම් අත් අඩංගුවට ගැනීම වරදක් නො වෙයි. ඇය ඔවුන් වරදකරුවන් ලෙස සලකනවා විය හැකියි. අප මතක තබා ගත යුත්තක් නම් මෙතෙක් මේ කිසිවකු ලංකාවේ උසාවියක දී වරදකරුවන් වී නොමැති බවයි. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම පිළිබඳ සතුටු වන්නේ කවුරුන් ද යන්න සොයා බැලුවහොත් පැහැදිලි වනු ඇත්තේ ඒ පිරිස කිසියම් ආකාරයකින් නමුත් සිංහල විරෝධීන් වන බවයි. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය වන්නේ ද සිංහල විරෝධීන්ටයි.

Sunday 26 March 2017

ව්‍යවස්ථාව සඳහා නීතිය නැවීම හා කැඩීම  


ව්‍යවස්ථාව සඳහා නීතිය නැවීම හා කැඩීම



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජාතිවාදයට කප්පන් දීම සඳහා බටහිරයන් හා ඉන්දියාව, විශේෂයෙන් ම ඔවුන්ගේ ඔත්තු සේවා විසින් පිහිටුවනු ලැබූ ආණ්ඩුව රට විකිණීම හා රට බෙදීම තම ප්‍රධාන කාර්යය බවට පත් කරගෙන තිබෙනවා. ආණ්ඩුව විකිණීමට යන්නේ, දැනටමත් විකිණීමට ගිවිසුම් අත්සන් කර ඇත්තේ, උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට ඇති ඉඩම් හා දේපොළ. උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් හා දේපොළ දෙමළ ජාතිවාදී ඊළමකට ලබා දීමට ආණ්ඩුව අදහස් කරනවා ද? ඒසේ වන්නේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ද? හම්බන්තොට ඉඩම් විකිණීම පිළිබඳ දෙමළ ජාතික සංධානයේ ස්ථාවරය කුමක් ද? සුපුරුදු පරිදි ඔවුන්ට ඒ පිළිබඳ ස්ථාවරයක් නැද්ද? සම්බන්ධන්ගේ විරුද්ධ පක්‍ෂ නායකකම උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් බව පැහැදිලියි.

Saturday 25 March 2017

රට විකිණීම


රට විකිණීම



බටහිරයන් මේ ආණ්ඩුව බලයට පත් කළාට ආණ්ඩුව පවත්වාගෙන යන්න ආධාර දෙන්නේ නැහැ. බටහිරයන් ආණ්ඩු පෙරළිමට හා පත් කිරීමට වැඩ කළාට ආධාර දෙන්නේ නැහැ. අද එක්සත් රාජ්‍ය ඒ බව ප්‍රසිද්ධියේ ම කියනවා. බටහිරයන් ඇතැම් විටක සොච්චම් ආධාරයක් දේවි. ඒකටත් කොන්දේසි ගණනාවක් පටවනවා. ආණ්ඩුව හැමදාමත් ජී එස් පී සහනය යුරෝපා සංගමයෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක බාලගිරි දෝෂය වගේ. අද නෙවෙයි හෙට. එයටත් කොන්දේසි. ඒ කොන්දේසි බොහෝ වෙලාවට දෙමළ ජාතිවාදයට කප්පන් දීම්.



රනිල්ට මේ කාරණා ජේ ආර් මාමාගෙන් දැන ගන්න තිබුණා. ජේ ආර්ට මහවැලියට ඉංගිරිසින්ගෙන් ආධාර ලැබුණත් පස්සෙ ලැබුණු දෙයක් නැහැ. ජේ ආර් ඉන්දියාවට විපක්‍ෂ වෙලා බටහිරට පක්‍ෂ වුණත් බටහිරයන් ජේ ආර් හිතූ විධියට ඉන්දියාවට විරුද්ධව හමුදා එවුවෙ නැහැ. අන්තිමේ අප ඉන්දියාවට යට වුණා. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලෙන් පැටවූවා. නැති ප්‍රශ්නයකට පළාත් සභා ඊනියා විසඳුමක් ලෙස දුන්නා. ජේ ආර් මොනව බලාපොරොත්තු වුණත් බටහිරයන් ඉන්දියාව පිටුපස අපට විරුද්ධව සිටියා. මේ කරුණු සියල්ල ජාතිකවාදී ප්‍රවාදවලින් තේරුම් ගන්න පුළුවන්.

Friday 24 March 2017

හුසේන් නඩුකාරයා


හුසේන් නඩුකාරයා



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් අයිතිකාරයා වූ හුසේන් ඊයේ (මාර්තු 22 වැනි දා) තම වාචික වාර්තාව ඉදිරිපත් කළා. ඔහු ලංකාව ගැනත් සඳහන් කළා. ඔහු සුපුරුදු පරිදි ආණ්ඩුව ඊනියා සංහිඳියාව ගැන දක්වන උනන්දුව ගැන පසසමින් ආණ්ඩුව ඊනියා යුද්ධාපරාධ ගැන එතරම් දෙයක් කර නැති බව පැවසුවා. ඔහු කීවේ ආණ්ඩුව රණවිරුවන්ට විරුද්ධව නඩු පවරා දඬුවම් කිරීමට (prosecute and punish) ප්‍රමාද වන බවයි. ඔහු එය ඉතා පැහැදිලි ව කියා සිටියා.

Thursday 23 March 2017

දෙමුහුන් අධිකරණය සහ ව්‍යවස්ථාව.


සබැඳිය මෙතැනින්



Chat Conversation End
 
Type a message...


සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වචනයක්  


සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වචනයක්


නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් යනුවෙන් දෙයක් නැති බව අප කිහිප වතාවක් ම කියා තිබෙනවා. කිසිම සංස්කෘතියක් නිර්මල වන්නෙවත් වෙනස් නොවී පවතින්නෙවත් නැහැ. වෙනස් වීම යනු අනිත්‍ය නොවුණත් සෑම දෙයක් ම (සංස්කාරයක් ම) වෙනස් වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියත් වෙනස් වෙනවා. වෙනස් වීමක් සිිිදු වන්නේ යැයි කීමෙන් වෙනස් වන දෙයක් පවතින බවක් ගම්‍ය වන්නේ නැහැ. එසේ පැවසීම ආත්මවාදීයි. සෑම දෙයක් ම වෙනස් වන්නේ යැයි කීම අනිත්‍ය නොවන්නේ එබැවිනුයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම එකිනෙකින් වෙන් කරන්න බැහැ. ඒ සමග අවශ්‍ය නම් ශුන්‍ය යන්නත් කියන්න පුළුවන්. එහෙත් මාධ්‍යමිකවාදයේ නිර්මාතෘ නාගර්ජුන හාමුදුරුවන් අනුව යමින් ශූන්‍යතාවක් ගැන කතා කිරීම නිවැරදි නැහැ. ශූන්‍යතාවාදය ආත්මවාදීීයි.

Wednesday 22 March 2017

විදෙස් විනිසුරුවන්ට කල් දීම  


විදෙස් විනිසුරුවන්ට කල් දීම



ලංකාව සම්බන්ධ 2015 ජෙනීවා යෝජනාව ගෙන එනු ලැබුයේ ලංකාව ද විසිනි. ඒ් යෝජනාවට ලංකාව අනුග්‍රහය දැක්වූයේ යැයි කීම ලංකාවේ වගකීම අඩු තක්සේරු කිරීමක්. ලංකාව ඒ යෝජනාව අනෙක් රටවල් පහළොවක් සමග එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කළා. යෝජනාව පිළිබඳ වගකීම ලංකාවට ද පැවරෙනවා. ඒ යෝජනාව ලංකාවට විරුද්ධව ගෙන එන ලද්දක්. මෙරට ඊනියා මානව අයිතිවාසිකම්  ගැන එහි සඳහන් වෙනවා. තමන්ට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කළ රටක් හැටියට ලංකාව ඉතිහාසගත වේවි. හොඳම මුදල් ඇමති බිහි කළ රටකට ඕවත් වැඩ ද? හෙට ජෙනීවාහි දී සම්මත කිරීමට යන්නේ 2015 යෝජනාවේ සඳහන් කරුණු ඉටු කිරීමට ලංකාණ්ඩුවට අවුරුදු දෙකක් කල් දීමට කෙරෙන යෝජනාවක්.

Tuesday 21 March 2017

රනිල් ඉවත් කිරීමට ව්‍යවස්ථා මගඩිය යොදා ගනිමු  

රනිල් ඉවත් කිරීමට ව්‍යවස්ථා මගඩිය යොදා ගනිමු

අද රටේ ප්‍රශ්න බොහොමයකට විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත් කිරීමයි. මොන ක්‍රමයකින් හරි සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඔහු බැඳී සිටිනවා. ජනමත විචාරණයක් පවත්වා නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඔහු පමණක් නොව සුමන්තිරන් හා සම්බන්ධන් ද ක්‍රියා කරනවා. ජනමත විචාරණය තවත් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කර ගන්න ආණ්ඩුවට බලාපොරොත්තුවක් ඇති. ඒ සඳහා ඔවුන් දැනටමත් සූදානම් වෙනවා. අද අපට තිබෙන ප්‍රධාන කාර්යය මේ ජනමත විචාරණය පැරදවීමට සූදානම් වීම මිස මීළඟ පළාත් පාලන මැතිවරණය මහා මැතිවරණය හා ජනාධිපතිවරණය ගැන ඇඟිලි ගණන් කිරීම නො වෙයි.

Monday 20 March 2017

මංගලගේ අවමංගල යුද්ධාපරාධ කතා  






 මංගලගේ අවමංගල යුද්ධාපරාධ කතා



මංගල යුද්ධාපරාධ ගැන කතා කරලා. ඔහු කරුණු දෙකක් කියනවා. පළමුවෙන් ඔහු පිළිගන්නචා මෙරට ව්‍යවස්ථාවට අනුව  දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැහැ කියලා. ඒත් ඔහු ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කියන එක අත්හැරලා නැහැ. සුමන්තිරන් කියන්නෙ දෙමුහුන් අධිකරණ පිහිටුවන්න ඕන ම කියලා. ආණ්ඩුව ජෙනීවාහි කල් ඉල්ලගත්තෙ කලින් යෝජනාව අනුව දෙමුහුන් අධිකරණ පිහිටුවන්නයි.  ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල අවශ්‍ය විධියට ජනතාවගේ පරමාධිපත්‍යය නැතිකරලා දෙමුහුන් අධිකරණ පිහිටුවන්න වෑයමක් කරාවි. බටහිරයන් මේ ආණ්ඩුව පිහිටෙවුවෙ ම ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් රාජපක්‍ෂලාට හා රණවිරුවන්ට දඬුවම් කරලා දෙමළ ජාතිවාදයට තව තවත් බලය බෙදලා සහසන්ධීය රාජ්‍යයක් ඇති කරන්න. නැතුව තරුණ තරුණියන්ට රස්සා දෙන්න නො වෙයි. දෙන්න රස්සාවල් නැහැ.

Sunday 19 March 2017

මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද?


මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද?





මාර්තු දහවැනි දා ලිපිය ද බලන්න 



බටහිර භෞතික විද්‍යාවේත් වාස්තවිකත්වයක් නිරපේක්‍ෂබවක් නැති විටක නීතියේ වාස්තවිකත්වයක් සෙවීම කළුණික සෙවීමක් බව පළමුවෙන් ම ප්‍රකාශ කළ යුතුයි. නීතියේ යුක්තිය පසිඳලීමට අධිකරණ තිබීම ප්‍රශ්නයක් නොවුණත් නීතිඥයන් රාශියක් සිටීම ප්‍රශ්නයක් වෙයි. අද ඇතැම්හු දෙවැනි වෛද්‍ය මතයක් ලබා ගැනීමට පෙළඹෙති. එයට හේතුව කුමක් ද? ඇතැම් වෛද්‍යවරුන්ට නිසි ප්‍රමිතියක් නො තිබීම ද? (මා සඳහන් කරන්නේ සයිටම් උපාධිධාරීන් ගැන නො වෙයි. මෙරට විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන් ගැනයි). දෙවැනි වෛද්‍ය මතයක් සෙවීමට ඇතැමුන් පෙළඹෙන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබෙන නිසා විය හැකියි. එසේත් නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාව වාස්තවික නොවීම විය හැකියි. වාස්තවිකත්වයක් ඇත්නම් හා වෛද්‍යවරුන් නිසි ප්‍රමිතියකට පුහුණු කෙරී ඇත්නම් දෙවැනි වෛද්‍ය මත සෙවීමට අවශ්‍යතාවක් පැන නොනගියි.

Saturday 18 March 2017

චතුස්කෝටිකය යනු ද්විකෝටිකයේ වර්ධනයක් නොවේ.


සබැඳිය මෙතැනින්



Chat Conversation End

යුද්ධාපරාධ, අධිකරණය හා ව්‍යවස්ථාව



යුද්ධාපරාධ, අධිකරණය හා ව්‍යවස්ථාව


රනිල් හා මංගල කරන්න යන්නෙ මොකක් ද කියන එක දැන් හොඳට ම පැහැදිලියි. ඒ වෙන මොකක්වත් නොවෙයි එක්කෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම, නැත්නම් ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය විධියට සංශෝධනය කිරීම. ඒක නවත්වන්න තියෙන එක ක්‍රමයක් තමයි රනිල් අගමැති කමෙන් ඉවත් කිරීම හා මංගල විදේශ ඇමති ධුරයෙන් පහ කිරීම. මේ දෙන්නට ම වුවමනා රට බෙදීම ඒ කියන්නෙ දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස සිටින එංගලන්තයට හා ඉන්දියාවට අවශ්‍ය විධියට පළාත් සභාවලට බලය බෙදීම. ඒකීය රාජ්‍යයක බලය බෙදීම කියන්නෙ ම ප්‍රෝඩාවක්. දැනටත් මේ රට සරල සංධීය රාජ්‍යයක් ඇති රටක්. රනිල් මංගල දුස්සංයෝගයට අවශ්‍ය තව තවත් බලය බෙදා සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීම. අප කළ යුත්තේ සරල සංධීය බවත් නැති කර ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීම. ඒක අද කරන්න බැරි බව දේශපාලන විචාරකයන්ට හැර අනෙක් අයට තේරෙනවා. අප අද කරන්නේ ඒ සඳහා උද්ඝෝෂණය කිරීම, ජනමතය සකස් කිරීම ආදියයි. 

Friday 17 March 2017

චලිතයේ අවුල


චලිතයේ අවුල



චලිතය කියන්නෙ තේරුම් ගන්න බොහොම අමාරු සංකල්පයක්. බොහෝම ඉස්සර සීනෝ කියන ග්‍රීකයා ඊතලයක් ගැන සඳහන් කරමින් චලිතය යන්නෙහි පරස්පරයක් තිබෙනව බව පෙන්නුවා. ඒ කතාව සීනෝගේ විරුද්ධාභාසය කියා හැඳින්වෙනවා.  ඔහු කියා ඇති විධියට ඇරිස්ටෝටල්ගෙ න්‍යාය යොදා ගත්තොත් චලිතයක් නැහැ කියලා කියන්න පුළුවන්. වස්තුවක චලිතය ගැන කතාකරන විට වස්තුවට එකවිට දෙතැනක සිටීමට බැරි වීම ප්‍රශ්නයක් ලෙස මතුවෙනවා. වස්තුවක් යම් අවස්ථාවක අවකාශයේ යම් තැනක තිබෙනවා නම් එවිට එය අවකාශයේ වෙනත් තැනක තියෙන්න බැහැ. වස්තුවක් යම් අවස්ථාවක යම් ස්ථානයක ඇත්නම් වස්තුව ඒ අවස්ථාවේ දී ම එතැන නැත කියන්න බැහැ.

Thursday 16 March 2017

මංගල අස් නොකරන්නේ ඇයි?


මංගල අස් නොකරන්නේ ඇයි?



මංගල සමරවීර විදේශ ඇමති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති. රනිල් වික්‍රමසිංහ අගමැති. මේ තුන් දෙනා විදේශ විනිසුරුවන්, දෙමුහුන් විනිසුරුවන්, ගැන කියන්නේ එකක් ම ද?. ඒ සියල්ල ඇත්ත විය හැකි ද? ඒ සඳහා ඉඩකඩක් තිබේ ද? මෛත්‍රිපාල නම් කියන්නේ විදේශ විනිසුරුවන් පත් නොකරන බවයි. රනිල් කියන එකෙහි තේරුම විදේශ විනිසුරුවන් පත් කිරීමට ඉඩක් නැති බවයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශ විනිසුරුවන් පත් කිරීමට නොහැකි බවයි. ඒ දෙදෙනා ම තම ප්‍රකාශ කරන්නේ ලංකාවේ දී. මංගල ජෙනීවා ගොස් කියන්නේ ගිය වසරේ ආණ්ඩුව අනුග්‍රහය දැක් වූ ඊනියා ජාත්‍යන්තර යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවුරුදු දෙකක් කල් දිය යුතු බවයි. වෙනත් වචනවලින් කිවුවොත් විදෙස් විනිසුරුවන් පත් කිරීමට තව අවුරුදු දෙකක් කල් දිය යුතු බවයි. එංගලන්තය එයට එකඟයි. දෙමළ ජාතික සංධානය නම් එකඟ නැහැ. ඔවුන්ට දෙමුහුන් අද ම ඕන.

Wednesday 15 March 2017

සමාජ පිළිගැනීම


සමාජ පිළිගැනීම



බොහොම කාලෙකට ඉස්සර මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආරාධිත දේශනවලින් පස්සෙ මගෙන් ඇහුව ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් මම බරකරත්තෙන් යන්නෙ එන්නෙ නැතිව අලුත් ජපන් කාරෙකකින් යන්නෙ මොක ද කියලා. කාරෙකට දැන් වයස අවුරුදු තිස්අටකට වැඩි වුණත් ඒ දවස්වල ඒක අලුත්. අනෙක් ප්‍රශ්නය වුනෙ මගේ ළමයින් රාජකීය විද්‍යාලෙට යන්නෙ මොකද කියලා. දෙවැනි ප්‍රශ්නය පස්සෙ කාලෙක දෙරණෙ 360 දිත් ඇහුව. ඒ ප්‍රශ්නය තවත් ඉදිරියට ගෙනියලා ඇහුව ඇයි මගේ ළමයි පිටරට ඉගෙන ගන්නෙ කියලා. එහෙම ඇහුවෙ මගේ ලොකු පුතා ඒ වනවිට එක්සත් රාජ්‍යවල පශ්චාත් උපාධියකට පර්යේෂණ කරමින් සිටි නිසා. මේ ප්‍රශ්න බොහොම ළාමක ප්‍රශ්න. ඒත් ශිෂ්‍යයන් විතරක් නොවෙයි මහාචාර්යවරුත් ඇහුව. දැනුත් අහනවා. ඒ ප්‍රශ්න අහන අයට ඕන කරන්නෙ මා කුහකයකු කියලා පෙන්නන්න, අවංක නැති බව පෙන්වන්න.

Tuesday 14 March 2017

දහතුනේ ප්‍රශ්නය


දහතුනේ ප්‍රශ්නය



තමන් සේවය කරන්නේ යැයි කියන ජනතාවට කරදර කරමින් පැවැත්වෙන සයිටම් විරෝධී උද්ඝෝෂණ පෙළපාලි, හාමුදුරුවරුන්ගේ පහරදීම් හා සෘද්ධිවීම්, පොලිසියේ ද දරුවන් වෙනුවෙන් අන්තරේ දරුවන් පොලීසියට කරන තර්ජන ආදිය රූපවාහිනී නාළිකාවලින් බලන විට මේ උද්ඝෝෂකයන් පිටුපස සිටින පෙරටුගාමීන් මතක් නොවන්නේ නම් පුදුමයක්. පෙරටුගාමීන්ගේ නායකයා කුමාර් ගුණරත්නම්. ඔහු තම ඕස්ත්‍රේලියානු පුරවැසිකම ආපසු දී ලංකාවේ පුරවැසිකම ලබා ගත්තා ද නැද්ද කියන එක තවම වාර්තා වෙලා නැහැ.  ඔහු ජාතිකවාදියකු කියලා පුබුදු ජාගොඩවත් කියන එකක් නැහැ. එහෙත් කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් ලංකාවේ ආසියාතික කියුබාවක් බිහිකිරීම වියත්මග වෙනුවෙන් පෙනී සිටින දයාන් ජයතිලකගේ  (මාර්තු 13 දි අයිලන්ඩ් බලන්න) ප්‍රාර්ථනයයි. ගෝඨාභය රාජපක්‍ෂ හා වියත්මගවත් මහින්ද රාජපක්‍ෂවත් දයාන්ගේ ප්‍රාර්ථනය වෙනුවෙන් බාරහාර වෙනවා කියා සිතන්න බැහැ.

Monday 13 March 2017

විද්‍යා කතන්දර හා යථාර්ථය

විද්‍යා කතන්දර හා යථාර්ථය

පසුගිය පෙබරවාරි 18 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ කතෘට ලිපි පිටුවේ එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙහි කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මහාචාර්යවරයකු වූ නෙලො ක්‍රිස්ටියානිනි පහත සඳහන් ප්‍රකාශය කර තිබෙනවා. “Our need for causal explanations seems to be similar to our need to tell stories about what we perceive”  (හේතුක පැහැදිලි කිරීම් සඳහා අපට වූ අවශ්‍යතාව අප සංජානනය කරන දේ ගැන කතන්දර කීමට අපට වූ අවශ්‍යතාවට සමරූප වෙයි). මේ ප්‍රකාශය බටහිර විද්‍යාවේ කෙරෙන්නේ අපේ සංජානන තේරුම් ගැනීමට කතන්දර ගෙතීම යන ප්‍රකාශයට බොහෝ ඈතින්  බව පැහැදිලි නමුත් බටහිරයන්ගේ මෙවැනි ප්‍රකාශ වුවත් මෙරට ඊනියා විද්‍යාඥයන් බොහෝ දෙනාට ආගන්තුක විය හැකි ය.

Sunday 12 March 2017

ජාතික ව්‍යාපාරය හා ස්මාට් දේශප්‍රේමී බුද්ධිමත්තු  


මෙම ලිපිය අද (මාර්තු 12)  ඉරිදා රිවිර පුවත්පතට යැවුණු නමුත් පළ නො විණි. ඔවුන් කියන්නේ පුවත්පතෙහි ඉඩ නොමැති බව ය. මේ ලිපියට වඩා වැදගත් ලිපි රාශියක් ම පුවත්පතෙහි පළ වී ඇති අතර ලිපියට එතරම් ඉල්ලූුමක් නැති බව ද පැහැදිලි ය. ලිපියට ඉල්ලුමක් තිබේ නම් පුවත්පත එය පළ කරනු ඇත. ජනමාධ්‍යවේදීහු අපට වඩා ප්‍රබුද්ධයෝ වෙති. ජනමාධ්‍යවලට නොලියා සිටීමට මා කලින් ගත් තීරණය නිවැරදි බව තහවුරු වෙයි. 



ස්මාට්ි දේශප්‍රේමයක් ගැන කියන්නේ දයාන් ජයතිලකය. මා ඔහුගේ නම සඳහන් නොකෙළේ රිවිර නම පළ නොකරාවිය යන උපකල්පනයෙනි. රිවිර ද වෙනත් ජනමාධ්‍ය ද ජාතික ව්‍යාපාරය ද ඒකාබද්ධ විපක්‍ෂය ද ඔහුට ඉමහත් ගෞරවයක් දක්වන බව  පැහැදිලි ය.  ඔවුන්ට  අද අවශ්‍ය වී ඇත්තේ ස්මාට් ජාතික ව්‍යාපාරයක් විය හැකි ය.  නලින් ද සිල්වා

Saturday 11 March 2017

අවුලට මුල මෛත්‍රිපාලයි


අවුලට මුල මෛත්‍රිපාලයි



ඊයේ දහවැනි දා ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් නැගිටලා ගිහිල්ලා. ඒ කතානායක ඒකාබද්ධ විපක්‍ෂෙට කතාකරන්න ඉඩ දුන්න කියලා. ඔවුන් විරුද්ධ වෙන්නෙ කතානායකට. කතානායක ඒකාබද්ධ විපක්‍ෂෙට ලොකු ඉඩක් දුන්නෙ නැහැ. ඒත් ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂෙට පොඩි ඉඩක්වත් දෙනවට කැමති නැහැ. ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂෙට බයයි. පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ බලයක් තිබුණත් ආණ්ඩුව විපක්‍ෂෙට බයයි. ඒකට හේතුවක් තියෙනවා. ආණ්ඩුවට වැඩ බෑ. බය වැඩි වුණා ම බලය ඉක්මවලා වැඩ කරනවා. නැති බලයක් අරගන්නවා. වෙනින් වචනවලින් කිවුවොත් නීතිය ඉක්මවා වැඩ කරනවා. ඒත් ඒක කරන්නෙ බොරු නීති පෙන්නලා.  පොලීසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි නීතිය රකින්නෙ නැතිනම් මතක් වෙන්නෙ වැටත් නියරත් ගොයම් කා නම් කතාව. 

Friday 10 March 2017

මහා පරක්‍රමබාහු රජතුමා. පින්බර උදෑසන






කතානායක හා ඊනියා ජාතික ආණ්ඩුව


කතානායක හා ඊනියා ජාතික ආණ්ඩුව



පාර්ලිමේන්තුවේ රතන හාමුදුරුවො ස්වාධීන වෙලා. ඒක කතානායක පිළිඅරගෙන පාටයි. ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන වෙලා කියනවා. කතානායක ඒක පිළිඅරගෙන නැහැ. දිනේෂ් ගුණවර්ධන ඒ ගැන කතා කරපු එක කතානායකට හරි මදි. කතානායක පාර්ලිමේන්තු සභා ගැබට පොලීසිය ගෙන්නලා. පොලීසියෙ අංක තහඩු තිබුණෙ නැති එකට අනුර කුමාරට කේන්ති ගිහිල්ල. ඒත් ඔහු දිනේෂ් පිටමං කරන යෝජනාවට විරුද්ධ වුණෙ නැහැ. ජ වි පෙරමුණට ආණ්ඩුවට විරුද්ධ වෙන්න බැහැ. රනිල්ල සුමන්තිරන්ල චමිපකල අනුරල එකට ආණ්ඩු කරන්නෙ. කට්ටියක් කතානායකගෙ දකුණු අත පැත්තෙ වාඩි වෙනවා. කට්ටියක් කතානායකගෙ වම් අත පැත්තෙ වාඩි වෙනවා. ඒ වම දකුණ මාරුවෙලා නො වෙයි. කතානායකට වමක් දකුණක් නැති නිසා. අනුර වමේ ද දකුණෙ ද? කාල් මාක්ස් නෙවෙයි රනිල් දන්නව ඇති. අනුරට මාක්ස් (ලකුණු) නම් දෙන්නෙ රනිල්.

Thursday 9 March 2017

දහතුන ගැන තවදුරටත්


දහතුන ගැන තවදුරටත්



දහතුන්වැනි සංශෝධනය ගැන ඇතැමුන් දන්නා දෙයක් නැති බව පැහැදිලියි. මා මේ වෙබ් අඩවියේ ලිපි ගණනාවක් ම පළ කර ඇති නමුත් එයට පෙර 1987 සිට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ලිපි  සිය ගණනක් ලියා ඇති මුත් ඇතැමුන්ට ඒ කිසිවක් තේරෙන්නේ නැහැ.  දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා නන්දිකඩාල් ජයග්‍රහණය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයක්. ඒ බව දන්නේ දෙමළ ජාතිවාදයේ ඉතිහාසය දන්නා අය පමණයි. අඩු තරමෙන් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත කියවා තිබුණා නම් නැත්නම් මේ වෙබ් අඩවියේ පළවන ලිපි කියවා තිබුණා නම් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය දැනගැනීමට තිබුණා. මේ කරුණු නැවත නැවතත් කීමට සිදුවීම ගැන කණගාටු වෙනවා. මේ කරුණු බොහොමයක් මා දි අයිලන්ඩ් පුවත්පතටත් ලියා තිබෙනවා. එහෙත් කිසිවකු කිසි දා එයට අභියෝග කෙළේ නැහැ. මා මේ කියන සෑම කරුණකට ම සාධක තිබෙනවා.

Wednesday 8 March 2017

පළාත් සභාවලට කළ යුත්තේ කුමක් ද?


පළාත් සභාවලට කළ යුත්තේ කුමක් ද?



ස්මාට් දේශප්‍රේමීන් ගැන බොහෝ දේ කියන්න තිබුණත් ඒවා පස්සෙ දවසකට කල් දාමු. ඓන්ද්‍රිය (ඕගැනික්) බුද්ධිමතුන් ගැන කියන කතා නිකම් පුහු මනස්ගාත විතරයි. ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් දන්නෙ බටහිර කවුරුන් හරි කියපු දෙයක් සිංහලට පරිවර්තනය කරන එක විතරයි. ඓන්ද්‍රිය බුද්ධිමතුන් කියන එකෙන් ම ඒක පැහැදිලිි වෙනවා. ඓන්ද්‍රිය බුද්ධිමතා කියන්නෙ කවුද කියලා කියන්නවත් ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන්ට පුළුවන් ද? අද මේ රටේ දේශපාලනය මැතිවරණ හා ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් එකක්. ඊළඟ ජනාධිපතිවරණයට සූදානම් වෙන එක තමයි හැමෝම වගේ කරන්නෙ. අද හුඟ දෙනකු කරන්නෙ ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ගැන හිතා ගෙන ඔහු පස්සෙ එකතු වෙන එක. මෛත්‍රිපාලත් ජනාධිපති අපේක්‍ෂකයකු වෙන්න පුළුවන්් බව අමතක කරන්න එපා. මහින්දට ජනාධිපති අපේක්‍ෂකයකු වීමට බැරි නිසා මේ කසිකබල් දේශපාලනය කොතැනින් කෙළවර වෙයි ද? රනිල්ට ජනාධිපති අපේක්‍ෂකයකු වෙන්න පුළුවන් වුනත් ජනාධිපති වෙන්න බැහැ. විධායක ජනාධිපතිගෙ බලතල තව කොපමණ අගමැති අතට (ඊනියා පාර්ලිමේන්තුවට) පත් වේවි ද? එහෙම වුණොත් ජනාධිපති වීමේ තේරුම කුමක් ද?

Tuesday 7 March 2017

ස්මාට් දේශප්‍රේමියෝ


ස්මාට් දේශප්‍රේමියෝ



ජෙනීවා නගරයේ ඊනියා මානව අයිතිවාසිකම් කොමිසමේ හුසේන් කුමාරයා ගැන සමහර බටහිර රටවල් ම දොස් කියනවා හුසේන් තමන්ගෙ රටවල වැඩවලට ඇඟිලි ගහනවා කියලා. මේ ප්‍රශ්න ගැන කතාකරන්න අපි කවුද කියලා ස්මාට් දේශප්‍රේමියො අහන්න පුළුවන්. දේශප්‍රේමියොත් දැන් ස්මාට් හා ස්මාට් නැති ගණවලට බෙදලා. ඒක ප්‍රබුද්ධ පීචං බෙදිල්ලට හපන්. ස්මාට්  දේශප්‍රේමියො ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන දන්නවලු. අනෙක් දේශප්‍රේමියො එ ගැන දන්නෙ නැද්ද දන්නෙ නැහැ. ස්මාට් දේශප්‍රේමියො ස්මාට් ෆෝන් පාවිච්චි කරලා හුසේන්ට එහෙම කතා කරනව ද දන්නෙ නැහැ. අද සමහරුන් ජාතිකත්වය මොඩ් කරන්න කතා කරනවා. මේ අය හිතන්නෙ ජාතිකවාදීන් කිසිම දෙයක් නොදන්න පැරණි දේ ගැන පමණක් කියවන මෝඩ රැළක් කියලා.

Monday 6 March 2017

ජෝතිපාල - සිරිසේන  


ජෝතිපාල - සිරිසේන



දශක දෙකකටත් වඩා ඉහත ඉරිදා දිවයින පුවත්පතේ පිචං ප්‍රබුද්ධ සංවාදයක් තිබුණා. ඒ සංවාදය ඇතිවුණේ එච් ආර් ජොතිපාල අපි පීචං ද කියා ඇසීමෙන්. ඒ දිනවල ජෝතිපාල පීචං කොහොම වෙතත් ප්‍රබුද්ධ නොවන ගායකයකු ලෙසයි හැඳින්වුණෙ. මාත් ඒ සංවාදයට එක් ලිපියක් ලිවුවා මතකයි බාග ප්‍රබුද්ධයකු ලෙස. දැන් නම් මා කිසිම පැකිළීමක් නැතිව කියනවා මා ප්‍රබුද්ධයකු නොවෙයි කියා. ප්‍රබුද්ධයා ද පීචං ද යන්නත් සාපේක්‍ෂයි. පවත්නා සමාජ ඒකාධිකරයට, සංස්ථාපනයට අවශ්‍ය දේ කියන අය ගීත ගායනය කරන අය නවකතා ලියන අය, වෙදකම් කරන අය, ගොවිතැන නොව කෘෂිකාර්මික වැවිල්ල කරන්නන් ප්‍රබුද්ධයන්. පීචං ප්‍රබුද්ධ මිනුම් දණ්ඩ සකස් කෙරෙන්නේ ඒකාධිකාරයට අවශ්‍ය අන්දමටයි. දේශපාලනයේ දී ද ඒ එසේමයි. ඩී එස් ලා බණ්ඩාරනායකලා ජේ ආර් ලා රනිල් ලා පමණක් නොව පිලිප්ලාත් ඇන් ඇම්ලාත් වික්‍රමසිංහලාත් ප්‍රබුද්ධයි. මා පීචං දේශපාලනඥයන් ගැන කියන්නේ නැහැ. මා ඒ මිනුම් දණ්ඩ තවත් මිනුම් දණ්ඩක් පමණක් ලෙස සලකනවා. ඒ මිනුම් දණ්ඩ ඊනියා වාස්තවික මිනුම් දණ්ඩක් නො වෙයි. කිසිම මිනුම් දණ්ඩක් ඊනියා වාස්තවික නැහැ.

Sunday 5 March 2017

මෙරට දෙමළ අනන්‍යතාව


මෙරට දෙමළ අනන්‍යතාව



මෙය 2017 මාර්තු 05 වැනි ඉරිදා රිවිර පත්‍රයෙහි පළ  වූ ලිපියක සුළු සංස්කරණයකි.



අද සියලු දෙනා ම කෙසේ වෙතත් දේශපාලනඥයෝ දෙමළ ජනයාට සිදු වී ඇති අසාධාරණයට පිළියම් සොයති. එහෙත් මේ පිළියම් සොයන අසාධාරණය කුමක් ද කියා කිසිවෙක් නො දනිති. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නය අසා දැන් අවුරුදු තිහක් පමණ වන නමුත් එයට පිලිතුරු දීමට සමත් අයකු සොයා ගැනීමට නැත. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වූ අය සිටි නමුත් ඔවුන්ට අවසානයේ දී කීමට සිදු වූයේ දෙමළ ජනයාට ඔවුන්ගේ ම වූ රාජ්‍යයක් නොමැති බව ය!

Saturday 4 March 2017

මහින්ද හා මෛත්‍රිපාල


මහින්ද හා මෛත්‍රිපාල



ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට හා සමස්ත ලංකා කාරක සභා රැස්වීමට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගි වී නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයෙන් රැස්වීමට සහභාගි වී ඇත්තේ චමල් රාජපක්‍ෂ පමණයි. ඒකාබද්ධ විපක්‍ෂය සහභාගි නොවීම ගැන හේතු දේවි. දැනටමත් දීලා තියෙනවා. පළාත් පාලන සභා මන්ත්‍රීවරුන් නිල වශයෙන් නො සිටීම, රැස්වීම නීත්‍යානුකූල ව නොකැඳවීම ආදිය ඒ හේතුවලින් දෙකක්. ඒත් ඒවා ඊනියා නිල හේතු පමණයි. ඇත්ත හේතු කියන්නේ නැහැ. වත්මන් ඩොයිලි කවුද? මෛත්‍රිපාල ගැන විශ්වාසයක් තැබිය හැකි ද?

Friday 3 March 2017

සයිටම් ප්‍රශ්නය - 05 කොටස.


ඇමතිවරුන් ඉවත් කිරීම හා මෛත්‍රිපාලගේ ප්‍රශ්නය


ඇමතිවරුන් ඉවත් කිරීම හා මෛත්‍රිපාලගේ ප්‍රශ්නය



පෙබරවාරි දහතුන්වැනි දා ලිපියෙහි සඳහන් කෙළේ රනිල් මෙන් ම මංගල ද ඉවත් කළ යුතු බවයි. ඒ ව්‍යවස්ථා විරෝධීව ක්‍රියා කිරීම සම්බන්ධයෙන්. මංගල ජෙනීවා ගොස් දෙමුහුන් අධිකරණය පිහිටුවීම සඳහා කල් ඉල්ලා ගනීවි. ඒකට බටහිර රටවල්, විශේෂයෙන් ම එංගලන්තය ආධාර කරාවි. එහෙත් බටහිර රටවල විසිරී සිටින දෙමළ ජනයා ඒකට එකඟ වන්නේ නැහැ. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව ජෙනීවාහි දී උද්ඝෝෂණය කරලා. ඔවුන් කියන්නේ ආණ්ඩුව ඊනියා ජාත්‍යන්තරයට බොරු කියන බවයි. ඔවුන්ට ආණ්ඩුවට ඇති නොහැකියාව පිළිබඳ අවබෝධයක් ඔවුන්ට නැහැ. ඔවුන්ට තම ඊළම පිහිටුවා ගැනීම හැර වෙනත් කිසිවක් කල්පනා වන්නේ නැහැ. එහෙත් ඔවුන්ට එංගලන්තය හා වෙනත් බටහිර රටවල ආධාරය නොලැබුණහොත් පැවැත්මකුත් නැහැ. අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ බටහිර රටවල් හා ඉන්දියාව මගින්. විශේෂයෙන් ම ඔවුන්ගේ ඔත්තු සේවා මගින්.

Thursday 2 March 2017

ජනාධිපතිවරණ ප්‍රකාශය හා එ ජා ප  


ජනාධිපතිවරණ ප්‍රකාශය හා එ ජා ප



මේ ආණ්ඩුව බලයට පත් කෙළේ කවු ද? චතුර සේනාරත්න ද? රතන හාමුදුරුවො ද? අශෝක අබේගුණවර්ධන ද? අනුර දිසානායක ද? සෝභිත හාමුදුරුවො ද? සරත් විජේසූරිය ද? මහින්ද අමරවීර ද? බස් ගැමුණු ද? රාජිත සේනාරත්න ද? එස් බී දිසානායක ද? චන්ද්‍රිකා කුමාරතුංග ද? ලක්‍ෂමන් කිරිඇල්ල ද? රවි කරුණානායක ද? සරත් ෆොන්සේකා ද? රන්ජන් රාමනායක ද? මේ ඔක්කොම හා තවත් අය ද? ඒ එක්කෙනකුවත් නො වෙයි ද? මෛත්‍රිපාල තමන් ම බලයට පත්වුණා ද? කවුරු මෛත්‍රිපාල බලයට පත් කළත් අද ඔහු මෙරට විධායක ජනාධිපති. විධායක බලතල තියෙන්නෙ මහුට. ඒත් ජන බලයක් නැත්තෙත් ඔහුට.

Wednesday 1 March 2017

රතන සූත්තර

රතන සූත්තර


අවුරුදු දෙදහස් හයසීයකට විතර ඉහත බුදුහාමුදුරුවො රතන සූත්‍රය දේශනා කළා. ඒක පිරිතක්. බණක් ධර්ම දේශනයක් නො වෙයි. සමහරුන් අහනව පිරිත් සිංහලෙන් කියන්නෙ නැත්තෙ මොකද කියලා. තවත්  සමහරු සිංහලෙන් පිරිත් කියනවා. ඒ පිරිත් කියන්නෙ මොනවද කියලා දන්නෙ නැති කමට. පිරිත, සමහර සංස්කෘත ශ්ලෝක ආදියේ වැදගත්කම තියෙන්නෙ  මූලික වශයෙන් ශබ්ද කිරීමෙ. ඒවා ඒ ඒ භාෂාවලින් කියැවෙන්න ඕන. ඒ අදහස වෙනින් බසකින් කිව්වට ඒ ගුණය ලැබෙන්නෙ නැහැ.