Main Logo

Showing posts with label Academia. Show all posts
Showing posts with label Academia. Show all posts

Wednesday, 29 March 2017

වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නොවන ශාස්ත්‍රීය අධ්‍යාපනය  


වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නොවන ශාස්ත්‍රීය අධ්‍යාපනය



සිංහලයන් ශිල්පවලට අති දක්‍ෂයි. අපට ඉතිහාසයෙන් උරුම වී ඇත්තේත් ශාස්ත්‍රවලට වඩා ශිල්ප. අපේ සාහිත්‍යයක් අපට නැතුවා නො වෙයි. එහෙත් ඒ සාහිත්‍යය බොහෝ විට සිංහල බෞද්ධාගමිකයි. එහි දෙවියන් ද සිටිනවා. එහි කිසිම වරදක් නැහැ. අපට ඉතා ඉහළ වෙදකමක්, ගොවිකමක්, ඉදිකිරීමක් තිබී ඇති බව පැහැදිලියි. වෙදකම ගැන ලියැවුණු පොතපත නම් තරමක් තිබෙනවා. ඒත් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම තරමක් අසීරුයි. පොත්පත් ඇත්තේ විසිරිලා. අපට කොහොමත් මධ්‍යගත දැනුමක් තිබී ඇත්තේ බුදුදහම සම්බන්ධයෙන් පමණයි. ඒ මහාවිහාරය  දහම පිළිබඳ අධිකාරී බලයක් ලබා ගැනීමෙන් පසුව. එයට කලින් අභයගිරියෙහි හා වෙනත් ආරාමවල බුදුදහම සම්බන්ධයෙනුත් විවිධ අර්ථකථන තිබී ඇති බව පැහැදිලියි.