Main Logo

Monday 30 September 2019

ලකුණ ද ජාතිය ද

   සිංහල ලිත් ඉලක්කම්


ලකුණ ද ජාතිය ද


ශ්‍රී ල නි පක්‍ෂය හා පොදු ජන පෙරමුණ අතර මතභේද තියෙනවා. ඒ කුමන මතභේද තිබුණත් ජාතියේ නාමයෙන් පක්‍ෂ දෙක එකතු විය යුතුයි. ඇතැම් පඬියකු (පොහොට්ටුවේත් පඬියන් ඉන්නවා) අහන්න පුළුවන් ජාතිය කියන්නෙ මොකක් ද කියලා. මා නම් දන්නේ මෙරට ඇති සිංහල ජාතිය පමණයි. මුස්ලිම් ජනවර්ගයක් හා දෙමළ කතා කරන ජනකොටස් නම් ඉන්නවා. ඔවුන් ජාතීන් නො වෙයි. ඔවුන් සිංහල ජාතිය සමග එකතු වන්න ඕන. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා නැති නොකර ඒ කළ හැකියි. 

Sunday 29 September 2019

ඊනියා ආර්ය චක්‍රවර්ති රාජ්‍යය හා වෙල්ලාල ජාතිවාදය

      සිංහල ලිත් ඉලක්කම් 


ඊනියා ආර්ය චක්‍රවර්ති රාජ්‍යය හා වෙල්ලාල ජාතිවාදය 



ආර්ය චක්‍රවර්තීන් තමන් හඳුන්වා ගෙන ඇත්තේ බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය වාංශිකයන් ලෙසයි. භාරතයේ ඇතැම්  බ්‍රාහ්මණයන් ක්‍ෂත්‍රියන්ට පුරෝහිතකම් කිරීමට අමතර ව ක්‍ෂත්‍රියන්ගේ කටයුතු ද කර තිබෙනවා. ආර්ය චක්‍රවර්තීන් මලබාරය පැත්තෙන් පැමිණියේ ද නැත්නම් කාලිංගය පැත්තෙන් පැමිණියේ ද යන්න පිළිබඳ ව ද මතභේදයක් තිබෙනවා. ඔවුන් කතා කරන්න ඇත්තේ දෙමළ භාෂාව හෝ වෙනයම් ද්‍රවිඩ භාෂාවක් වෙන්න පුළුවන්. මේ බොහෝ කරුණු පිළිබඳ නිශ්චිත මතයක් ප්‍රකාශ කරන්න තවමත් බැහැ. ආර්ය චක්‍රවර්තීන් මුුහුදු කොල්ලකාරයන් බවට ද මතයක් තිබෙන බව සඳහන් කරන්න ඕන. 

Saturday 28 September 2019

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

       සිංහල ලිත් ඉලක්කම් 


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම  

ජාතික ව්‍යාපාරය විජාතික කිරීමට ඇතැමකු කටයුතු කරනවා. අද වන විට ජාතික ව්‍යාපාරය ශක්තිමත් නැහැ. ඒත් ජාතික ව්‍යාපාරය ගෝඨාභය සමග ඉන්න එක මේ අවස්ථාවේ දී විශේෂයෙන් ම සජිත් විජාතික බලවේගවල අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින විට වැදගත් වෙනවා. සජිත් එක්තරා ආකාරයකට ජනතාවත් සමග ඉන්න පුද්ගලයකු ලෙස ඉස්මතු වෙනවා. රනිල් මෙන් නොව සජිත් ජනතාවට සමීපයි

Friday 27 September 2019

සජිත් විජාතික බලවේගවල අපේක්‍ෂකයා

      සිංහල ලිත් ඉලක්කම්


සජිත් විජාතික බලවේගවල අපේක්‍ෂකයා

සජිත් එ ජා ප හා පුළුල් පෙරමුණේ අපේක්‍ෂකයා වෙලා. එක්සත් ජාතික පක්‍ෂයට තනියම තරග කර දිනන්න බැහැ. ඒ බව රනිල් දන්නවා. රනිල් පමණක් නොවෙයි බටහිරයන් ද දන්නවා. සජිත්ට අවශ්‍ය වූයේ අපේක්‍ෂකත්වය. ඔහුට දිනන්නත් ඕන. ඒත් ඔහු දන්න දේශපාලනයක් නැහැ. ගෙවල් හදන එක දේශපාලනය නොවෙයි. ඔහුට පුළුවන් තාත්තාගෙ නම විකුණන එක විතරයි. රනිල් සජිත්ට කැමති නැහැ. එ ජා පක්‍ෂයට විසඳා ගන්න තිබුණේ මේ ගැටළුවයි. අද ඔවුන් පක්‍ෂය වෙනුවෙන් රටට විරුද්ධ ව එකතු වෙලා. ඒ පසුපස බටහිර බලවතුන් ද ඉන්නවා. 

Thursday 26 September 2019

මාධ්‍ය සාකච්ඡාවේ දී කළ කථාව



පසුගිය 24වෑනි දා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී කළ කථාව මේ 

සබැඳියෙන්

https://youtu.be/XabfgVo25qA

Wednesday 25 September 2019

1892 නීතිය ගුරුකන්ද හා වෙල්ලාල ජාතිවාදීන්


         සිංහල ලිත් ඉලක්කම්



1892 නීතිය ගුරුකන්ද හා වෙල්ලාල ජාතිවාදීන්

ගුරුකන්ද විහාරාධිපතීන්වහන්සේගේ දේහය ආදාහනය කිරීම පිළිබඳ ප්‍රශ්නය පිටුපස ඇත්තේ පක්‍ෂ දේශපාලනයයි. ඉංගිරිසින් විසින් අපට දෙන ලද භයානක ම දේ නම් අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනයයි. නිලධාරි තන්ත්‍රය ඊළඟට එනවා. අද අධ්‍යාපනයෙන් කෙරෙන්නේ ඇස් පෑදීම නොව ඇස් වැසීමයි. බටහිරයන්ට අවශ්‍ය ආකාරයට අප වැඩ කරන්නේ ඇස් වහගෙන ඔවුන්ට අවශ්‍ය තැනකට ගෙන යෑමට අප ඉඩ දී තියෙන නිසයි. එහෙත් මේ ගැන කොතෙක් කිව්වත් අපට ඇස් අරින්න බැහැ.

Tuesday 24 September 2019

ගුරුකන්ද හා ඡන්ද කුට්ටි දේශපාලනය

           සිංහල ලිත් ඉලක්කම්





ගුරුකන්ද හා ඡන්ද කුට්ටි දේශපාලනය





ඊයේ මුලතිව්හි ගුරුකන්ද විහාරභූමියේ සිදු වූ දෙයින් පෙනෙනවා මෙරට සිංහල බුද්ධාමට ඇති තැන. ඊනියා නීතිය අනුව විහාරස්ථානයේ විහාරාධිපතින්වහන්සේගේ දේහය ආදාහනය කරන්න තිබුණේ විහාරස්ථානයට එපිටින් වැල්ලේ. එහෙත් උන්වහන්සේ අයත් සංඝ සභාවේ තීරණයක් අනුව දේහය විහාරස්ථාන භූමියේ ම ආදාහනය කෙරුණා. අපේ ගෞරවය හා ප්‍රණාමය සංඝ සභාවට. අප අධිකරණ තීන්දුව නොසලකා හරිනවා නො වෙයි. අධිකරණය තීන්දු දෙන්නේ රෝම ලන්දේසි නීතියට අනුව ඉදිරිපත් කෙරෙන පොලිස් වාරතා හා චෝදනා අනුව.

Monday 23 September 2019

උතුර දකුණ වැරැද්දූ මාලිමාව

       සිංහල ලිත් ඉලක්කම්


උතුර දකුණ වැරැද්දූ මාලිමාව 

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතින්වහන්සේගේ දේහය විහාරභූමියේ ආදාහනය කිරීමට දෙමළ ජාතිවාදීන් විරුද්ධ වෙලා. අධිකරණ තීන්දු දෙන්නේ ඉදිරිපත් කරණ කරුණු අනුව. පොලීසිය දෙමළ ජාතික සංධානයේ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව පේන්න තියෙනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල ඇත්තේ සිංහල බෞද්ධ අයිතියක්. අද බෞද්ධ සිද්ධස්ථාන  ක්‍රමයෙන් දෙමළ ජාතිවාදීන් අත්පත් කර ගනිමින් ඉන්නවා. ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරය දෙමළ ජාතිවාදීන් ලබාගත් ආකාරය  මෙයට හොඳ ම උදාහරණය. 

Sunday 22 September 2019

දේශපාලනික ජාතික ව්‍යාපාරයේ අභාවය

         සිංහල ලිත් ඉලක්කම්


දේශපාලනික ජාතික ව්‍යාපාරයේ අභාවය

දේශපාලනික වූ ජාතික ව්‍යාපාරය පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මිය ගියා. චම්පකගේ සිට මහින්ද දක්වා පැමිණි දේශපාලනික ජාතික ව්‍යාපාරය මාක්ස්වාදී පරඬැල් විසින් ද ඩැහැගනු ලැබුවා. පසුගිය සතියේ මිය ගියේ මේ ජාතික ව්‍යාපාරයයි. ඔවුන් ඒ ඒ කාලවල දී ජාතික ව්‍යාපාරයේ දේශපාලන පක්‍ෂ විසින් මෙහෙයවනු නොලැබූ අය උපක්‍රමික ව ක්‍රමයෙන් ඈත් කළා. වොයිස්කට් දේශපාලනය මගින් 2015න් පසුව විවිධ පුද්ගලයන් ජාතික ව්‍යාපාරයේ නායකයන් බවට පත් කරනු ලැබුවා. අවුරුදු තිහක් පමණ ජාතික ව්‍යාපාරයේ යෙදුණු අයගෙන් ඔවුන් ඉතිරි කර ගත්තේ ගුණදාස අමරසේකර පමණයි. 

Saturday 21 September 2019

මට සනීපයි පඬියන් හා දේශපාලනඥයන් නිසා රටට දුස්සාධ්‍යයි

          සිංල ලිත් ඉලක්කම්

මට සනීපයි පඬියන් හා දේශපාලනඥයන් නිසා රටට දුස්සාධ්‍යයි


පඬියන්ගේ පඬි පෝතකයන්ගේ හා පඬි නැට්ටන්ගේ කණගාටුවට හේතු වෙමින් මා ඊයේ සනීප වී ගෙදර පැමිණියා. මා එක්තැන් නොවී බේරුණේ පාරම්පරික සිංහල වෙදකම නිසා. වාතය කිපීම නිසා ලේ ගමන දුර්වල වීමෙන් ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා මට අසනීප වුණා. කාලෝ හිටිය නම් අහන්න තිබුණා වාතය බොයිල් නියමයට හසු වෙනවා ද කියා.

Friday 20 September 2019

සජිත්ගේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක් නො වෙයි




             සිංහල ලිත් ඉලක්කම්


සජිත්ගේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක් නො වෙයි



ඊයේ රනිල් පැරදුණා. ඔහු මීට කලිනුත් පැරදිලා තියෙනවා. ඒ මැතිවරණවලින් වෙනත් පක්‍ෂ අතින්. ඊයේ පැරදුණේ පක්‍ෂය ඇතුළෙ. එක්සත් ජාතික පක්‍ෂයේ මෙන් ම එක්සත් ජාතික පෙරමුණෙත් ඔහු ඊයේ පැරදුණා. ඒත් ඒ අමාත්‍ය මණ්ඩලයේ. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මොනවා වෙයි ද කියන්න බැහැ. කෘත්‍යාධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එකට පවත්වන රැස්වීමක දී රනිල් නැවතත් පරදින්න ඉඩ තියෙනවා.

Thursday 19 September 2019

විධායක ජනාධිපති ක්‍රමය




දහතුන්වැනි සංශෝධනය  අහෝසි නොකර විධායක 



ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු   

පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු

      සිංහල ලිත් ඉලක්කම්


පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු 



මැතිවරණ කොමිසම වෙඩිල්ල පත්තු කරලා. ජාතියේ ඉරණම තීන්දු කරන ජනාධිපතිවරණ තරගය ඇරඹිලා. දැන් කතාව අරයා එයි ද මෙයා එයි ද අර පක්‍ෂය එයි ද මේ පක්‍ෂය එයි ද අප්‍රසිද්ධ පක්‍ෂවලින් අපේක්‍ෂකයො ඉදිරිපත් වෙයි ද ආදිය ගැන. ඉංගිරිසින් අපට දුන් නරක ම දේ තමයි අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනය. බටහිර අධ්‍යාපනය එක ම අධ්‍යාපනය ලෙස සලකන්නත් ඒ හරහා එන බටහිර දැනුම එක ම දැනුම ලෙස සලකන්නත් අනෙක් සියලු දැනුම් පද්ධති මිථ්‍යා ලෙස සලකන්නත් ඔවුන් කියා දුන්නා. 

Wednesday 18 September 2019

සිංහලයන්ට නැගිටින්න බැරි ඇයි?


        සිංහල ලිත් ඉලක්කම්





සිංහලයන්ට නැගිටින්න බැරි ඇයි?



අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස්පස්වැනි ජන්ම දිනය ඊයේට යෙදිල තිබුණා. එතුමා ජීවත්ව ඉන්න කාලෙ එතුමාට පහර දුන් අයගෙ මුණුබුරාලත් එතුමා සමරනවා. ධර්මපාල කියන්නෙ එතුමා පසු කලෙක ගත්ත නමක්. එහි තේරුම ධර්මයේ ආරක්‍ෂකයා යන්නයි.  

Tuesday 17 September 2019

සිංහලයන්ට අබ සරණ ද?

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලයන්ට අබ සරණ ද? 


ඊයේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී මෛත්‍රිපාල තරමක උද්වේගයකින් කතා කරලා. අර චීන සමාගම ගැන කී දේ නොකියා සිටියා නම් හොඳයි. මා කියන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුව තව්තිසාවෙන් පහළ වූ ආණ්ඩුවක් කියා. ඒකෙත් දූෂිතයන් හිටියා. ඒත් මහින්දවාදීන් කැමති නැහැ ඒ ආණ්ඩුවේ කිසිම වරදක් දකින්න. ඒ වගේ ම ඔවුන් කැමති නැහැ මෛත්‍රිපාලගෙ කිසිම හොඳක් දකින්න. 

Monday 16 September 2019

නෙළුම් කුළුණ, පැල්පත්, නියම, නියාම, හා සිස්ටම් චේන්ජ්

                   සිංහල ලිත් ඉලක්කම් 

                                             

නෙළුම් කුළුණ, පැල්පත්, නියම, නියාම, හා සිස්ටම් චේන්ජ් 


බාප්පගෙ පුතා හිල්ටන් හෝටලේ කෑම භාරව ඉන්නෙ කියල පම්පෝරි කියවල රෑට කන්නෙ නැතිව නින්දට යනව වගේ වැඩක් තමයි අද නෙළුම් කුළුණ විවෘත කරන කොට දකුණු ආසියාවෙ උසම කුළුණ කුළුණ ගැන කතා කරමින් මේ ධාරාණිපාත වරුසාවට තෙමෙන පැල්පතක ඉන්න කෙනෙකුට තෙමෙන්න වෙලා තියෙන්නෙ. මා නෙළුම් කුළුණට විරුද්ධ ව කතා කරනව නො වෙයි. ඩිජිටල් තාක්‍ෂණයට කුළුණෙ ඇති විවිධ පහසුකම්වලට විරුද්ධ වෙනවත් නො වෙයි. හිල්ටන් හෝටලේටත් මා විරුද්ධ නැහැ. ඒත් අර මිනිසුන්ගෙ වැස්සට තෙමෙන පැල්පත්.

Sunday 15 September 2019

ජීවිතයෙන් වියෝ වූ රැකියා අධ්‍යාපනය

      සිංහල ලිත් ඉලක්කම් 


ජීවිතයෙන් වියෝ වූ රැකියා අධ්‍යාපනය

ආසියාවේ අප්‍රිකාවේ රටවලින් බටහිර රටවලට ගොස් සිටින සියල්ලන් ම පාහේ තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල උනන්දුවක් දක්වනවා. ඇතැමුන් බටහිර රටවලට යන්නේ ම තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ලංකාවේ පමණක් නොව දියුණු යැයි කියන ජපානයේ ද තත්වය එයයි. මේ දෙමවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ, බොහෝ විට කැපවෙන්නේ ඇයි? 

Saturday 14 September 2019

දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා

        සිංහල ලිත් ඉලක්කම් 


දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා




මේ රටේ විද්වතුන්ගේ හා වෘත්තීයිකයන්ගේ යනුවෙන් අධිකාරි දෙකක් තියෙනවා. අවශ්‍ය නම් මාෆියා දෙකක් කිව්වත් කමක් නැහැ. මා මේ සඳහන් කරන්නේ එනමින් පිහිටුවා ගෙන ඇති සංසද සමිති ආදිය ගැන නො වෙයි. අඩු තරමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැනවත් නො වෙයි. ඒත් මා කියන දේ ගැන අති විශාල බහුතරයක් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට මිතුරන් ඇත්තේ අතළොස්සක් පමණයි. කවුදෝ පඬි පෝතකයකු ළඟ දී කියා තිබුණා මා තමා වැන්නන්ගේ මිතුරකු නොවන බව. එවැන්නන් සමග මිතුරු වීමට මට කිසි දිනෙක වුවමනාවක් තිබුණේ නැහැ. 

Friday 13 September 2019

ඡන්ද ලකුණේ අවුල

     සිංහල ලිත් ඉලක්කම්


ඡන්ද ලකුණේ අවුල




ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර තවමත් එකඟත්වයක් නැහැ. එය දෙපැත්තේ ම වරදින් සිදුවන්නක්. අද ප්‍රශ්නය ඇත්තේ ගෝඨාභය තරග කරන පක්‍ෂය හා ලකුණ පිළිබඳවයි. පොහොට්ටුවේ දැවැන්තයන් කියන්නේ ගෝඨාභය පොහොට්ටුවෙන් මිස වෙනත් ලකුණකින් ඉදිරිපත් නොවිය යුතු බවයි. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමුන්, විශේෂයෙන් දයාසිරි, කියන්නේ ගෝඨාභය පොහොට්ටුවෙන් ඉදිරිපත් නොවිය යුතු බවයි. දයාසිරිට උඩගෙඩි දෙන විිද්‍යා පීඨ පඬියන් සමග මගේ දේශපාලන සම්බන්ධයක් නැති බවත් පළමුවෙන් ම සඳහන් කරන්න ඕන. එදා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිටි අයගෙන් දෙතුන් දෙනකු හැරෙන්න අනෙක් අය හිතන්නේ මා දැන් අවලංගු කාසියක් බවයි. ඔවුන් විද්වතුන් .

Thursday 12 September 2019

සාමනේර හිමිවරුන්ට පහර දුන්නේ කවුද?

       සිංහල ලිත් ඉලක්කම්


සාමනේර හිමිවරුන්ට පහර දුන්නේ කවුද?




සාමනේර හාමුදුරුවරුන් දෙනමකට පාපියකු අමානුෂික විධියට පහර දෙනවා දෙරණ රූපවාහිනියෙන් දැක්කා. ඒ පාපියා දැන් අත්අඩංගුවට ගෙන. ඒත් ඊට කලින් සකර්බරගේ දරුවන් වන පඬි නැට්ටන් ටිකක් පිටරට ඉන්න කාවද තම අත්අඩංගුවට අරගෙන. දැන් ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් සකර්බර්ග් හරහා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒකෙ වරදකුත් නැහැ. නමක් පළ කරාම අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ තොරතුරු නැවත පරීක්‍ෂා කරන්න කියලා සකර්බර්ග් කියල නැහැ. 

Wednesday 11 September 2019

සංකිලි සිංහල බෞද්ධ ද?

      සිංහල ලිත් ඉලක්කම්


සංකිලි සිංහල බෞද්ධ ද?





අපේ රටේ ඉතිහාසය පිළිබඳ පූර්ව විජය සමයේ සිට අද දක්වා මට බොහෝ දේ කීමට තියෙනවා. ඉඩ ලැබෙන හැටියට ඒ කියන්නම්. මෙය ඒ ලිපි පෙළෙහි එක් ලිපියක් පමණයි.



යාපනයේ ස්වාධීන රාජ්‍ය මිථ්‍යාව යන මැයෙන් පියසිරි අමරකෝන් මහතා පොතක් පළ කරලා. එයට පෙර චන්න ජයසුමන හා සුමේධ වීරවර්ධන යාපනයේ රාජ්‍යය පිළිබඳ ව පොත පත ලියා තිබෙනවා. වෙනත් අයගේ ලිපි ලේඛන ඇසුරෙන් මා ද යාපනයේ ඊනියා දෙමළ ස්වාධීන රාජ්‍යය සම්බන්ධ ලිපි ලියා තියෙනවා. එහෙත් අමරකෝන් මහතා ඒ ලිපි කියවූ බවක් පෙනෙන්නට නැහැ. යාපනයේ ස්වාධීන රාජ්‍යයක් නොතිබූ බවට, ඒ රාජ්‍යය ගම්පොළ හරි කෝට්ටේ හරි සීතාවක හරි යම් ආකාරයක යටත් රාජ්‍යයක් ව තිබූ බවට සාක්‍ෂි තියෙනවා.

Tuesday 10 September 2019

ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ඡන්ද ලකුණ

  සිංහල ලිත් ඉලක්කම්

ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ඡන්ද ලකුණ



නැවතත් ගෝඨාභයගේ ඡන්ද ලකුණ ගැන කතාව මතුවෙලා. ශ්‍රී ල නි ප මේ කරන්නේ අනවශ්‍ය කේවල් කිරීමක්. මේ කේවල් කිරීම දැන් නවත්වා ශ්‍රී ල නි පක්‍ෂයත් පොහොට්ටුවත් පොදු එකඟත්වයකට එන්න ඕන. මේ සම්බන්ධයෙන් මා කලින් ලියා තියෙනවා.  ජූනි විසිහත්වැනි   දින ලිපියෙහි මෙසේ සඳහන් වෙනවා. මා මේ කරුණු නැවතත් ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනාට යමක් දැන ගැනීමට නම් ඒ කිහිප වරක් කිව යුතු නිසා.

Monday 9 September 2019

රනිල්ගේ අවශ්‍යතාව

  සිංහල ලිත් ඉලක්කම්

රනිල්ගේ අවශ්‍යතාව

රනිල් එ ජා පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක වනවා නම් හොඳයි. එවිට ගෝඨාභයට තරගයක් ඇත්තේ ම නැති වේවි. අප එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉල්ලා සිටින්න ඕන රනිල්ගේ අපේක්‍ෂකත්වය වහාම තහවුරු කරන ලෙස. මේ රට ඉන්න හිතෙන රටක් බවට පත් කරන්නේ රනිල්. ඔහු කියන දේ ඇහුන ම මේ රටේ තව තවත් ඉන්න හිතෙනවා. රනිල්ට තරගයක් දිය හැකි හාස්‍ය උපදවන රංගන ශිල්පියකු ලංකාවේ තවත් නැතිව ඇති. එහෙත් රනිල් කරන්නේ රඟ පෑමක් නො වෙයි.

Sunday 8 September 2019

මා හා ජාතික ව්‍යාපාරය

      සිංහල ලිත් ඉලක්කම් 


මා හා ජාතික ව්‍යාපාරය




ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි හැඟෙන වෙබ් අඩවියකට නීතිඥ බැල්ලන්තුඩාව විසින් ලියන ලද ලිපියකින් උපුටාගත් කොටස් මෙහි පළවෙයි. මා හිතන විධියට මා ද ජාතික ව්‍යාපාරය වෙනුවෙන් සුළුවෙන් නමුත් යමක් කර තිබෙනවා. ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනා එසේ සිතන්නේ නැති බවත් මා දන්නවා. ජාතික ව්‍යාපාරය විසින් බොහෝ විට මා කොං කෙරෙනවා. ඒ කෙසේ වුවත් බැල්ලන්තුඩුවගේ විවේචනයට මා ද හසුවෙනවා. මා ද මේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය වෙනුවෙන් සුළු වැඩ කොටසක් කරනවා. ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනා එදත් අදත් කියන්නේ මා හාන්සිපුටුවේ ඉන්න නිද්‍රාශීලී අයකු කියා. ඒක එහෙම වෙන්න ඇති. මගේ ජීවිත කාලයෙන් බාගයක්  පමණ මා නිදා ගන්න ඇති. අපි පළමුව බැල්ලන්තුඩාව කියන්නේ මොකක් දැයි බලමු.  

Saturday 7 September 2019

රනිල් දාං අදියි


      සිංහල ලිත් ඉලක්කම්


රනිල් දාං අදියි



එ ජා ප ජ්‍යෙෂ්ඨ උත්තමයන් තීරණය කරලා රනිල් ජනාධිපති අපේක්‍ෂක විය යුතු බවත් සජිත් අගමැති අපේක්‍ෂක විය යුතු බවත්. දැන් මේ තීරණයට සජිත් පිළ විරුද්ධ වේවි ද? නැත්නම් ඒ තීරණයට එකඟ වේවි ද? තම නායකයා ජනාධිපති අපේක්‍ෂක විය යුතු යැයි කියන විට සජිත් පිළට එයට විරුද්ධ වෙන්න පුළුවන් ද? සජිත් පිළ දැන් අලුත් පක්‍ෂයක් හදනවා ද?

Friday 6 September 2019

දයාසිරිගේ කේවල් කිරීම්

  සිංහල ලිත් ඉලක්කම්

දයාසිරිගේ කේවල් කිරීම්



දයාසිරි ජයසේකර කවුද මොනවද කරන්නෙ යන ප්‍රශ්නය අද දේශපාලනයට වැදගත් වෙනවා. අද ඔහුගෙ උපදේශක මණ්ඩලයෙ ඉන්න සමහරු පඬියන්. ඔවුන් අතර කොළඹ විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨයෙ හිටි අයත් ඉන්නවා. ඔවුන්ගේ මතවාද මගේ කර පිටින් යන අවස්ථාත් තියෙනවා. මට විරුද්ධ වීමට දත මැදගෙන ඉන්න අයට දයාසිරිගෙ එකී උපදේශකයන් කියන කරන දේ මට පහර දෙන්න යොදා ගන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. ඒත් මට නම් පේන්නෙ දයාසිරි තම හැකියාවන් (විභවයන්) ඉක්මවා වැඩ කරන්න යන බවයි. 

Thursday 5 September 2019

නීතිය, දේශපාලන මැදිහත්වීම් හා අසාද් සාලි

         සිංහල ලිත් ඉලක්කම්


නීතිය, දේශපාලන මැදිහත්වීම් හා අසාද් සාලි




අද අසාද් සාලි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට වුවමනාවටත් වඩා හේතු තිබුණත් එසේ කෙරෙන්නේ නැහැ. ඉතා ම ඉහළ දේශපාලනඥයෙක් ඔහු ආරක්‍ෂා කරන බව පැහැදිලියි. අසාද් සාලි විතරක් නොවෙයි බද්‍යුද්දීන් හිස්බුල්ලා වැනි අයත් සිංහල දේශපාලනඥයන්ගේ ආරක්‍ෂාව ලබනවා. ඒ මුස්ලිම් ඡන්ද පෙරේතකම නිසා. සිංහල දේශපාලනඥයන් බෞද්ධයන්  ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය රකිනවා නම් අඩු තරමෙන් මුහුදු මහා විහාරය රකින්න යමක් කරන්න ඕන. කිසිම ප්‍රධාන දේශපාලනඥයෙක් කටක් ඇරලා ඒ ගැන කිසිවක් කියන්නෙ නැහැ. ඔය වොයිස්කට් මාධ්‍යවේදියොත් දේශපාලනඥයන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නෙ නැහැ.  

Wednesday 4 September 2019

කාලෝ හා පියසර ශිල්පාධිපති

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ හා පියසර ශිල්පාධිපති




සිංහල බෞද්ධ සංස්කෘතිය අද තරම් පරිහාණියකට වෙන කිසිම දවසක පත් වී නැහැ. එයට ප්‍රධාන හේතුව බටහිර සංස්කෘතික ආධිපත්‍යය බවට සැකයක් නැහැ. අප හිතනවා සුද්දන් කළු සුද්දන් පිරිසක් ඇති කර රටින් පිට වී ගියා ය කියා. මෙහි  දී කළු සුද්දන් ලෙස අප එදා දැක්කේ  ඉංගිරිසි ක්‍රමයට තම ජීවිත සකස් කරගත් එදා නම් ටයි කෝට් කලිසම් ඇඳි ඉංගිරිසියෙන් කතා බහ කරන අප එදා කී විධියට හැම් බේකන් කන පිරිසක්. එහෙත් අද හැමෝ ම වගේ කලිසම් අඳිනවා. මගුල් ගෙවල්වල දී ටයි කෝට් කලිසම් අඳින අය තමයි අති මහත් බහුතරය. අද හැම් බේකන් කෑම අරුමයක් නො වෙයි. අද ඉංගිරිසිත් සිංහල වගේ කතා කෙරෙනවා. බොහෝ විට සිංහල නම් කතා කෙරෙන්නෙ ඉංගිරිසි වචනත් හැකිතාක් එකතු කර ගෙන. එයට තාක්‍ෂණයත් යම් ප්‍රමාණයක් බලපානවා. මෙසේජ් සෙන්ඩ් කිරීම තරුණ තරුණියන්ගේ පුරුද්දක් වෙලා. 

Tuesday 3 September 2019

කාලෝ කාළාමයන් හා රයිනෝ

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ කාළාමයන් හා රයිනෝ 



කාලෝ ගැන මොනවද කියන්නෙ කියල ඇතැමුන් අහනව. ඔහු ගැන බොහෝ දේ මා ඔහු ජීවත් ව ඉන්න කාලෙ ම මුහුණට ම කියලත් තියෙනවා කියව ගන්න ලියලත් තියෙනවා. මා කාලයට ලියන හැම ලිපියක් ම ඔහුට විද්‍යුත් තැපෑලෙන් යැවුව. මේ ලිපියේ සිට ඔහුට ලිපි යැවෙන්නේ නැහැ. ඒත් ඔහු ගැන ලියන්න බැරි වුණු එක කාරණයක් කියන්නයි මෙය ලියන්නෙ. ඔහු කී එක් දෙයකට මා දැන් එකඟ වෙනවා. ඒක මට කල්පනා වුණෙ ඔහු මිය ගියාට පස්සෙ. ඒත් ඒක කියන්න ඉස්සෙල්ල කාරණා ටිකක් මතක් කර ගත්ත නම් හොඳයි කියල හිතෙනවා.

Monday 2 September 2019

සිංහල ජාතිය නැති කරනවා ද?

     සිංහල ලිත් ඉලක්කම්


සිංහල ජාතිය නැති කරනවා ද?



ඉංගිරිසින් අපට දුන් තේ අප බොන්නේ කුමකට ද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැණූ ආකාරයට තරුණියන්ගේ සිරුර සකස් කර ගැනීමට, තරුණයන්ට තම පෙම්වතියගේ දෙමව්පියන්ගේ සිත් දිනා ගැනීමට, ලෙන්ගතුකම ඇති කර ගැනීමට සහ තවත් දේට. ඉංගිරිසින් අපට දුන් ක්‍රිකට් අප ක්‍රීඩා කරන්නේ කුමකට ද?  බිග් මැච් යනුවෙන් හඳුන්වන තරගවල දී සිසුන්ට මත්පැන් පානය කරන්න, බාලිකා පාසල්වලට කඩා වැදීමට, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ යැයි කියන අයට ධනය රැස් කර ගැනීමට, ඔවුන්ට වැඩි වැඩියෙන් තරග පැරදීමට, පුහුණු කරුවන්ට දේශපාලනඥයන්ට පමණ නැති වුවත් මුදල් උපයා ගැනීමට අවස්ථාව ලබා දීමට සහ තවත් දේට. 

Sunday 1 September 2019

ගෝඨාභය හා ඡන්ද කෙළිය

     සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා ඡන්ද කෙළිය 




මගෙන් සමහරු අහනව ගෝඨාභයගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනව ද කියලා. ඔවුන් සමහරකුට ලොකු බලාපොරොත්තු තියෙනවා. මට නම් එහෙම නැහැ. ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නෙ කරුණාරත්න ජයසූරිය ගැන බලාපොරොත්තුවක් තියන එක නො වෙයි. බොහෝ විට එ ජා පෙරමුණෙන් හරි ඔවුන්ගේ නව සංධානයෙන් හරි ඉදිරිපත් වෙන්නේ ජයසූරිය. සජිත්ට රට වටේ දුවල හති වැටෙයි. ඔවුන් දෙදෙනාගෙන් කවුරු ඉදිරිපත් වුණත් රට තව තවත් අගධයට යන එක මිස වෙන දෙයක් වෙන්නෙ නැහැ. සජිත් කියන විධියට මේ අවුරුදු හතරට හදල (උදා කරල) තියෙන ගම් ගණන අවුරුදු හතරට තියෙන දවස් ගණනට වැඩියි. දවසකට ගම් කීයක් විවෘත කරනව ද දන්නෙ නැහැ. එ ජා පෙරමුණේ කවුරු බලයට පත් වුණත් වැඩ කෙරෙන්නෙ රනිල්ට ඕන විධියට. රනිල් වැඩ කරන්නෙ බටහිරට මිසක් රටට නො වෙයි.