ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම
ප්‍රභාකරන් ඝාතනය කෙරුණු දිනයේ ඒ ගැනත් යමක් කියන්න ඕන. ඉන්දියාව මේ
මෙහෙයුම් සම්බන්ධ ව දැක් වූ ආකල්පය කුමක් ද? අද අපට එය වැදගත් වෙනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි අපේ රාජ්‍යය එනම්
සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවා ඒ
පවත්වා ගෙන යෑමට. මේ ලිපිවලින් එතරම් ඵලක් නොවන බව මා දන්නවා. එහෙත් ඒ ලියන්න ඕන
කිහිප දෙනකුටවත් වැඩක් ගන්න. 1815න්
පසු අපට ඇත්තෙ ක්‍රිස්තියානි රාජ්‍යයක්. 1817-18, 1848, දහනවවැනි සියවස අග, නවසිය
පනස්ගණන්වල සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කිරීමේ අවශ්‍යතාව ඇතැමුනට තිබුණ. නමුත්
අසමගිකම් ඇතුළු විවිධ හේතු නිසා එය සඵල වුණේ නැහැ.