Main Logo

Showing posts with label Thapassu Bhalluka. Show all posts
Showing posts with label Thapassu Bhalluka. Show all posts

Tuesday, 30 June 2020

අපේ පොදු ඉතිහාසයට එබී බැලිමක්

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9




අපේ පොදු ඉතිහාසයට එබී බැලිමක්


මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය අප්‍රිකාවේ විසූ ලුසී අත්තම්මාගෙන් පටන් ගන්නා බවට බටහිරයන් ගොතා ඇති පට්ටපල් බොරුව රේඛීය චින්තනය මත පදනම් වෙන්නක්. බටහිරයන්ට කොතනකින් හරි පටන් ගන්න ඕන. ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ ඇති වූ අදහස් සමග දෙවියන් වහන්සේ මිය ගියා. එහෙත්  පහළොස්වැනි සියවසේ ඇරඹුණු චින්තනය මිය ගියේ නැහැ. මාටින් ලූතර් එය තහවුරු කළා. අද වන විට දෙවියන් වහන්සේ තර්කය ලෙස යළි ඉපදිලා. ඔය ලුසීත් එහි අනිටු ප්‍රතිඵලයක්. 

Saturday, 20 June 2020

සම්බන්ධන්ගේ සම්බන්ධකම්

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9



සම්බන්ධන්ගේ සම්බන්ධකම්

සම්බන්ධන්ගේ ඉන්දීය සම්බන්ධය ගැන තමයි අද වැඩියෙන් ලියන්න ඕන. ඒත් ඊට කලින් මංගල ගැන කියන්න අමතක වුණු දෙයක් ලියන්න ඕන. අපට ජී සී මෙන්දිස්ගේ ගෝල බාලයන්ට වගේ නොවෙයි, තපස්සු භල්ලුක ගැන දැන ගන්න ඕන. මා මියන්මාරයට පැමිණි පසු බොහෝ කරුණු දැන ගත්තා. තවත් කරුණු එකතු වෙනවා. තපස්සු භල්ලුක මියන්මාර වැසියන් බව මියන්මාරයේ බොහෝ දෙනා කියනවා. ඔවුන් සිටි ප්‍රදේශයත් වත්මන් යැන්ගොන් ප්‍රදේශය. මේ ප්‍රදේශයෙහි තමයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා තියෙන්නෙත්. යැංගොන් ප්‍රදේශයේ කේශ ධාතූන්වහන්සේ නිධන් කළ චෛත්‍ය දෙකක් තියෙනවා. ඉන් එක් තැනක දේවානම්පිය තිස්ස රජු ගැනත් සඳහන් වෙනවා. මට තවම මේ එකක්වත් දැක බලාගන්න බැරි වුණා. දෙවැනි චෛත්‍යය තමයි සුප්‍රසිද්ධ ෂ්වෙදගොන් චෛත්‍යය. 

Saturday, 13 June 2020

මියන්මාර රන්සෑය හා සෑනුවර

         
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






මියන්මාර රන්සෑය හා සෑනුවර 

අද අපේ මියන්මාර නිරෝධායන කාලය අවසන් වෙනවා. සති හතරක් කියන්නෙ තරමක කාලයක්. ඒ සති හතරෙ ගෙයින් එළියට යන්න බැහැ. අපේ තානාපති කාර්යාලය පිහිටා තියෙන්නෙත් මේ ඉඩමෙමයි. ඒකටවත් යන්න බැහැ. මා සමහර වැඩ ගෙදර ඉඳන් කළා. සඳුදා තමයි පළමු වතාවට කාර්යාලයට යන්න වෙන්නෙ. 

Thursday, 11 June 2020

තපස්සු භල්ලුක, ගිරිහඬු සෑය සහ බුරුමය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





තපස්සු භල්ලුක,  ගිරිහඬු සෑය සහ බුරුමය




අද ලිපියෙන් මුලින් ම කෙරෙන්නේ ගිරිහඬසෑය හා තපස්සු භල්ලුක ගැන පූජ්‍ය සුගුණසිරි හිමියන්ගෙන් ලැබුණු තොරතුරු කිහිපයක් කාටත් දැනගැනීමට සැලැස්වීම ය. එකක් හැර මේ සියල්ල පැරණි පොත්වලිනි. මෙහි මුලින් ම දැක්වෙන්නේ පියදාස සිරිසේන මහතාගේ කතාවකින් උපුටාගත් කොටසක්. මෙහි ධර්මදාස නමැත්තාට තපස්සු භල්ලුක ගැන කෙරෙන හැඳින්වීමක් වෙයි. මෙය සිරිසේන මහතාගේ හිතළුවක් විය නො හැකි ය. තපස්සු භල්ලුක බුරුම ජාතිකයන් බවට මෙරට ඈත අතීතයේ සිට මතයක් තිබී ඇත. සිරිසේන මහතා මෙහි තම චරිතයක් ලවා කියවන්නේ ඒ දැනුමයි. නවකතාවලත් (මෙය නවකතාවක් ද නැත් ද යන්න වෙන ම ප්‍රශ්නයක්) ඉතිහාසය තියෙනවා. 

Wednesday, 10 June 2020

මංගල ගමනට යන්න අවසරයි

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





මංගල ගමනට යන්න අවසරයි 

මට තපස්සු භල්ලුක ගැන මුලින් ම තොරතුරු සැපයුවෙ පේරාදෙණියෙ දර්ශනය හැදෑරූ සුගුණසිරි හාමුදුරුවන්. ඉන් පසු ධම්මිස්සර හාමුදුැරුවනුත් අනුජ මංචනායකත් තොරතුරු දන්නලා තිබුණා. මියන්මාර තොරතුරුත් මට ලැබිල තියෙනවා. මා හිතන් හිටිය තපස්සු භල්ලුක බුරුම වැසියන් කියල. එය ක්‍රමයෙන් තහවුරු වෙනවා. ඔවුන් තම වෙළෙඳ සමුහය සමග පැමිණ ඇත්තේ ගෝකණ්න වරායට. එය එකලත් ප්‍රසිද්ධ වරායක්. ගෝකණ්නයෙන් උතුරෙ ගිරිහඬු සෑය තියෙන්න. මේ පිළිබඳ තව ලිපි ගණනාවක් ම ලියන්න වෙයි. දැනට දන්නා ඉතිහාසය අනුව මියන්මාරය හා ලංකාව අතර මුල් ම සම්බන්ධය තපස්සු භල්ලුක. තොරතුරු එවූ සියළු දෙනා වහන්සේට හා සියල්ලන්ට පින්! දැන් වර්තමානයට.

Thursday, 4 June 2020

තපස්සු භල්ලූක, තිරියාය සහ තිරියාය සංස්කෘත සෙල්ලිපිය






                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



තපස්සු භල්ලූක, තිරියාය සහ තිරියාය සංස්කෘත සෙල්ලිපිය

1.       තිරියාය ශිලාලේඛනය මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් ලැබී ඇති දීර්ඝතම පද්‍යමය ශිලාලේඛනය වශයෙන් වැදගත් වේ. ප‍්‍රධාන ශිලාලේඛනයට සම්බන්ධ යැ යි සැලකිය හැකි කුඩා ලේඛනයක් ද ඒ අසලින් ම ලැබී ඇත. එහි එන සිංඝලේන්ද්‍රශිලාමේඝ-මහාරාජස්‍යත‍්‍රයෝවිංශතිමේ වර්ෂේ රාජ්‍යෙ ලිඛිතම්. යන්නට අනුව අටවැනි සිවසේ සිංහලයේ රජ කළ ශිලාමේඝ රජු දවස මෙම කුඩාලිපිය ලියන ලද බව පෙනේ. ලිපි දෙකේ ම දක්නට ලැබෙන අක්‍ෂරවල සාම්‍යය සලකා බැලූ පරණවිතාන මහතා ලිපි දෙක ම අටවැනි සියවසට අයත් යැ යි අදහස් කළේ ය.

Tuesday, 2 June 2020

තොණ්ඩමන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





තොණ්ඩමන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය

තපස්සු භල්ලුක ගැන තව තවත් තොරතුරු ලැබෙනවා. තොරතුරු එවන සියළු දෙනා වහන්සේට හා සියල්ලන්ට පින්! ඒ තොරතුරු කියවන විට මා දන්නේ මොනවා ද කියා හිතෙනවා. එක් අයකු අසා තිබුණා භල්ලුක කියා තැනැත්තකු එළාරගේ පරාජයෙන් පසු ලංකාවට පැමිණියා නේද කියා. ඒ භල්ලුක නම් එන්න ඇත්තේ දඹදිවින් තමයි. එහෙත් එපමණකින් තපස්සු භල්ලුකක් දඹදිව වැසියන් කියා කීමට බැහැ. මේ නම් බොහොමයක් ඉන්දීයකරණය වෙලා. 

Sunday, 31 May 2020

තපස්සු භල්ලුක ගැන දන්නවා ද?



                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






තපස්සු භල්ලුක ගැන දන්නවා ද?



ආණ්ඩුව මේ සතියේ ප්‍රශ්න දෙකක් අවුල් කර ගත්තා. එකක් හාල් ප්‍රශ්නය, අනෙක තොණ්ඩමන් ප්‍රශ්නය. මා මේ බව කියන්නේ ඉදිරියට මෙවැනි වැරදි නොකර සිටීම සඳහා පමණයි. හාල් ප්‍රශ්නය මට පේන හැටියට බත් නොකන පිරිසක් අවුල් කර ගත්තක්. ඔවුන් මොන වියතුන් දැයි උගතුන් දැයි මා දන්නේ නැහැ. මාධ්‍ය රැගෙන ඩඩ්ලි සිරිසේන මුණ ගැහෙන්න ගොස් ඔහු වීරයකු බවට පත් කිරීමයි අවසානයේ දී සිදු වුණේ. හාල් මාෆියාව පාලනය කිරීමට ඒ ප්‍රශ්න ගැන දැනුම් තේරුම් ඇති උදවිය පත් කරන්න ඕන.