Main Logo

Showing posts with label Karuna. Show all posts
Showing posts with label Karuna. Show all posts

Saturday, 27 June 2020

කරුණා, අයිවන් හා ඇඩෙල්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3   4  5  6  7  8  9



කරුණා, අයිවන් හා ඇඩෙල්

කරුණා අම්මාන්ට එරෙහිව පරීක්‍ෂණ පවත්වන ලෙස අර කුප්‍ර්‍රසිද්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමාගම (කවුන්සිලය - මා හිතන්නේ සමාගම කියන වචනය හොඳය කියා. අවශ්‍ය නම් සීමාසහිත කියන කොටස මුලට එකතු කරමු) ට්විටර් පණිවුඩයකින් ඉල්ලලා. මෙහි දී මට මතක් වෙනවා දෙදෙනකු. එක්කෙනෙක් කලක් ගුණදාස අමරසේකර විසින් ප්‍රඥාංකුරයකු ලෙස හැඳින්වුණු වික්ටර් අයිවන්. මා ඒ ගැන අමරසේකරට දොස් කියන්නේ නැහැ. අමරසේකර දැන් අයිවන්ගේ ප්‍රඥාව ගැන දන්නවා. මට මතක් වන අනෙක් තැනැත්තා තැනැත්තියක් නමින් ඇඩෙල් බාලසිංහම්. සිංහල බෞද්ධ විරෝධී ක්‍රිස්තියානි මාක්ස්වාදියකු ද වූ ඇන්ටන් බාලසිංහම් ස්ටැනිස්ලෝස්ගෙ ඕස්ත්‍රේලියානු සම්භවයක් ඇති බිරිය. ඇය තවමත් ජීවත්වනවා ද කියා මට නිච්චියක් නැහැ. 

Sunday, 21 June 2020

තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3   4  5  6  7  8  9





තුනෙන් දෙකේ ජයග්‍රහණය හා තොණ්ඩුව  

මහා මැතිවරණයට තව ඇත්තේ සති හයකුත් දින කිහිපයක් පමණයි. පොදු ජන පෙරමුණ නිශ්චිත ඉලක්කයක් ඇතිව මැතිවරණ කටයුතු සැලසුම් කරන බවක් පෙනෙන්නට නැහැ. පොදුජන පෙරමුණේ ඉහළ ම නායකත්වයට ජාතිකත්වයක් ඇතත් බොහෝ අපේක්‍ෂයන් හා අනුගාමිකයන්ට ඇත්තේ මන්ත්‍රී වීමේ අවශ්‍යතාව පමණයි. අද පොදුජන පෙරමුණ කියන්නේ පක්‍ෂ කිහිපයක එකතුවකින් සැදුණු ශ්‍රී ලංකා එක්සත් පොදුජන පෙරමුණ නම් සංධානයක්. එහි රතන හිමියන්ගේ සංවිධානය වැනි සංවිධාන/පක්‍ෂ මේ වන විටත් සංධානයේ සාමාජිකයන් ද නැද්ද කියන එක රතන හිමියන්ගෙන් ම අහන්න ඕන. 

Tuesday, 2 June 2020

තොණ්ඩමන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





තොණ්ඩමන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය

තපස්සු භල්ලුක ගැන තව තවත් තොරතුරු ලැබෙනවා. තොරතුරු එවන සියළු දෙනා වහන්සේට හා සියල්ලන්ට පින්! ඒ තොරතුරු කියවන විට මා දන්නේ මොනවා ද කියා හිතෙනවා. එක් අයකු අසා තිබුණා භල්ලුක කියා තැනැත්තකු එළාරගේ පරාජයෙන් පසු ලංකාවට පැමිණියා නේද කියා. ඒ භල්ලුක නම් එන්න ඇත්තේ දඹදිවින් තමයි. එහෙත් එපමණකින් තපස්සු භල්ලුකක් දඹදිව වැසියන් කියා කීමට බැහැ. මේ නම් බොහොමයක් ඉන්දීයකරණය වෙලා. 

Sunday, 1 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4





දෙමළ ජාතිවාදය ගැන මේ ලිපි පෙළෙන් බටහිරයන් ගැන කියන බොහෝ දේ මෙයට වඩා තරමක් සවිස්තරාත්මක ව ප්‍රභාකරන් මහුගේ බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් කියවන්න පුළුවන්. ඒ කෘතිය www.kalya.org වෙබ් අඩවියට ගොස් එහි පැරණි වෙබ් අඩවියෙන් නොමිළේ බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නව වෙබ් අඩවියේ කාලය ලිපිවල 2016 අප්‍රේල් මස පළ වී ඇති එහි කොටස්වලින් කියවන්න පුළුවන්. මේ කෘතිය පළ වුණේ අනූවේ දශකයේ මුල බව සලකන්න. මෙහි පළවන්නේ අපට අද අදාළ කොටස් හා තවත් එකතු කරන ලද කොටස්. ජාතික ව්‍යාපාරය විසින් ප්‍රභාකරන් කෘතිය මුළුමනින් ම අමතක කර දමන ලද්දේ ඇයි ද යන්න ගැටළුවක්. එම කෘතියෙහි දෙමළ ජනයා ගැන කියවුණත් එයින් කියැවෙන්නේ දෙමළ ජනවර්ගයක් ගැන නො වෙයි. මෙරට තවමත් දෙමළ ජනවර්ගයක් නැහැ. ඇත්තේ දළ වශයෙන් දෙමළ කතාකරන ජනකොටස් තුනක් පමණයි. ඒ යාපනයේ, මඩකලපුවේ හා කඳුකරයේ. ඔවුන්ට වෙන වෙන ම නායකයන් ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික කියා නායකයන් නැහැ.

Saturday, 28 April 2018

සම්බන්ධන් හා පුහු පොරවල්


සම්බන්ධන් හා පුහු පොරවල්



සම්බන්ධන් පසුගිය දවසක හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැත්නම් උතුරු නැගෙනහිරට වෙන ම පාලනයක් ගේනව කියලා ඔහු කියා තිබුණා. දැන් මේ ප්‍රශ්නය මොකක් ද කියලා දැන ගන්න අප අවුරුදු තිහකට ආසන්න කාලයක් උත්සාහ දරලා තියෙනවා. ඒත් සම්බන්ධන්වත් සුමන්තිරන්වත් විග්න්ස්වරන්වත් ඊට කලින් හිටපු කිසිවකුවත් එයට පිළිතුරක් දීලා නැහැ. දෙමළ ජාතිවාදීන් විතරක් නො වෙයි ඊනියා ස්මාට් ජාතිකවාදීන්වත්, අනෙක් ජාතිකවාදීන්ට එරෙහිව තර්ක සපයන්න හදන පඬියන්වත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීලා නැහැ. මේක තමයි මූලික ප්‍රශ්නය. අර පඬියන් වගේ නොවෙයි සම්බන්ධන් අවුරුදු අසූවක පමණ කාලයක් දෙමළ ජාතිවාදීන් කියන කතාව දිගට ම කියනවා. ඒ තමයි ඔවුන්ගේ මොකක් ද ප්‍රශ්නයකට පිළිතුරක් නැත්නම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් ඇති කරනවා කියන එක. මෙයින් කියැවෙන්නේ නැහැ දෙමළ ජාතිවාදය අවුරුදු අසුවකට වඩා පැරණි නැහැ කියලා. දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කෙරුණේ 1833 දී. එය ක්‍රමයෙන් විකාශය වෙලා දෙමළ බෙදුම්වාදය ඇති වෙලා අවුරුදු අසූවක් පමණ වෙනවා. සුන්දරලිංගම් තමයි බෙදුම්වාදය ආරම්භ කෙළේ. නාගනාදන්ලා චෙල්වනායගම්ලා එය වර්ධනය කළා. ප්‍රභාකරන් දෙමළ ත්‍රස්තවාදයක් කරා එය ගෙනිච්චා.