Main Logo

Showing posts with label Ramanathan. Show all posts
Showing posts with label Ramanathan. Show all posts

Saturday, 8 February 2020

ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දී පුස්සන් බිහි කිරීම

            සිංහල ලිත් ඉලක්කම්


ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දී පුස්සන් බිහි කිරීම


එක් රාජ්‍ය සේවකයකු කියා තිබුණා දරුවන්ගේ අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් විය යුතු ය කියා. ඔහු රජයේ සේවයේ ඊනියා ඉහළ තනතුරක් දරන්නකු වන්න පුළුවන්. කෙසේ වෙතත් මට ප්‍රශ්නයක් තියෙනවා. එකී මහතා අධ්‍යාපනය ලැබුයේ ඉංගිරිසි මාධ්‍යයෙන් ද නැත්නම් සිංහල මාධ්‍යයෙන් ද? ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ඊනියා උසස් තනතුරකට පත් වූයේ ද? ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවන්ගේ තත්වය දක්‍ෂතා අඩු බව දැන ගත්තේ තමා ම උදාහරණයකට ගනිමින් ද? නැත්නම් ඔහු ව්‍යතිරේඛයක් ද? 

Monday, 21 October 2019

හකීම්, පලාලි කා වෙනුවෙන් ද?

      සිංහල ලිත් 


හකීම්, පලාලි කා වෙනුවෙන් ද?




හකීම් සහාරාන් දැනන් හිටලා නැහැ. ඒත් ඔහු ළඟ ම රැස්වීමක වාඩි වෙලා. හකීම් සහාරාන්ගෙ නම දැනන් හිටියෙ නැද්ද කරන වැඩ ගැන දැන හිටියෙ නැද්ද ආදී වශයෙන් දැන හිටිය කියන එක වෙනස් වෙනවා. මා හකීම් දන්නවා යම් ආකාරයකට, එත් මුණ ගැහිලා කතා කරලා නැහැ. අපි සමහරුන් එක්ක කතා කරල තියෙනවා. ඒත් නමවත් දන්නෙ නැහැ. හකීම්ට අද කොහොමටවත් කියන්න බැහැ තමා සහාරාන් දැන හිටිය කියලා. ඒත් ඔහු සහාරාන් වෙනුවෙන් කතා කළා. ඔය මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණෙ අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසය නිසා නො වෙයි. අතන මෙතන රතන හිමි සිද්ධියෙන් සිද්ධියට පනිනවා නැහැ වැඩම කරනවා. දේශපාලනඥයකු හැටියට උන්වහන්සේට ඕන කරන්නෙ ප්‍රසිද්ධිය හා මන්ත්‍රීකම. පුළුවන් නම් ඇමතිකමක්. මුස්ලිම් ඇමතිවරු අස්වුණෙ සහාරාන් ආරක්‍ෂා කරන්න. මුස්ලිම් ත්‍රස්තවාදයෙ සහාරාන් වෙනුවෙන් පෙනී හිටීමට. 

Wednesday, 6 February 2019

වෙල්ලාල නොවන දෙමළ කතාකරන ජනයා සමග කරන කතා


වෙල්ලාල නොවන දෙමළ කතාකරන ජනයා සමග කරන කතා





සිංහලයන් උතුරු පළාතට ගිහින් දෙමළ කතාකරන ජනයා හමුවන එක ඉතා වැදගත්. කොළඹ ඉන්න රාජ්‍ය නොවන පඬියන්, සිවල් සාමාජිකයන් ආදී කී දෙනකුට දෙමළ කතා කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. ඒත් ඔවුන් තමයිලු දෙමළ කතාකරන ජනයාගේ ප්‍රශ්නය මොකක් ද කියල දන්නෙ. ඒ ප්‍රශ්නෙ අපට තේරෙන්නෙ නැතිලු.  ඒක ලෙහෙසියෙන් කියන්නත් බැරිලු. බැසිල් රාජපක්‍ෂත් ඒ වගේ කතාවක් කියනවා. බැසිලිකාවෙ පූජකයන් ඒකට වෙනස් අර්ථකථන දෙන්න හැදුවත් ඔහු කළ ප්‍රකාශය ඒවට ඉඩක් තියල නැහැ. මේ කිල්ලෝටවල හුණු හෙවීමක් නො වෙයි. කුණු කන්දලයක් ගැන කීමක්. අපි ඔය ඊනියා ප්‍රශ්නය අපට තේරෙන විධියකට කියන්න පුළුවන් කෙනකු එනකන් බලා ඉන්න වෙනවා. එතකන්  විසඳුමක් දෙන්න බැරි බව කාට වුණත් තොරෙන්න ඕන. ඇයි කවුරුන්වත් ප්‍රශ්නය මොකක් ද කියල කියන්නෙ නැහැ නෙ.

Tuesday, 3 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 5


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 5





විජයකලා කොටි සංවිධානය තිබුණ නම් හොඳයි කියලා. තහනම් සංවිධානයක් ඕන කියලා කියන මන්ත්‍රීවරියකට විරුද්ධව රනිල් මොනව ද කරන්නෙ. අද එංගලන්තයත් දෙමළ ජාතික සංධානයේ ඇතැමුනුත් එකතු වෙලා කොටි සංවිධානයක් පිහිටුවන්න යනවා. මහින්ද පරාද කරන්න එංගලන්තය ප්‍රමුඛ බටහිරවල් තීරණය කෙළේ සිංහල බෞද්ධයනට විරුද්ධව රනිල් පත්කරල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ ඊළමකට පාර කැපීමට. එයට ඉන්දියාවත් සහාය දුන්නා. එහෙත් එය කරගන්න තවම බැරි වුණා. ඔවුන් දැන් කලක සිට කටයුතු කරන්නෙ දෙමළ ත්‍රස්තවාදය නැවත ඇති කරන්න. එය ක්‍රමයෙන් වැඩි යන්න රනිල් ඉඩ දෙනවා. අද බුද්ධි අංශය දුර්වල කෙරිලා. මෛත්‍රිපාලට ඒවා නවත්වන්න ශක්තියක් නැහැ. මෛත්‍රිපාල ජාතිකත්වයට විරුද්ධ කියලා කියන්නෙ ඔහු ඉන්දියාව මගින් රනිල් වෙතට ඇරපු බැසිලිකාවෙ පූජකවරුන්, වෛද්‍ය මහාචාර්යවරයකු හා මහා දාර්ශනිකයා.

Sunday, 1 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4





දෙමළ ජාතිවාදය ගැන මේ ලිපි පෙළෙන් බටහිරයන් ගැන කියන බොහෝ දේ මෙයට වඩා තරමක් සවිස්තරාත්මක ව ප්‍රභාකරන් මහුගේ බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් කියවන්න පුළුවන්. ඒ කෘතිය www.kalya.org වෙබ් අඩවියට ගොස් එහි පැරණි වෙබ් අඩවියෙන් නොමිළේ බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නව වෙබ් අඩවියේ කාලය ලිපිවල 2016 අප්‍රේල් මස පළ වී ඇති එහි කොටස්වලින් කියවන්න පුළුවන්. මේ කෘතිය පළ වුණේ අනූවේ දශකයේ මුල බව සලකන්න. මෙහි පළවන්නේ අපට අද අදාළ කොටස් හා තවත් එකතු කරන ලද කොටස්. ජාතික ව්‍යාපාරය විසින් ප්‍රභාකරන් කෘතිය මුළුමනින් ම අමතක කර දමන ලද්දේ ඇයි ද යන්න ගැටළුවක්. එම කෘතියෙහි දෙමළ ජනයා ගැන කියවුණත් එයින් කියැවෙන්නේ දෙමළ ජනවර්ගයක් ගැන නො වෙයි. මෙරට තවමත් දෙමළ ජනවර්ගයක් නැහැ. ඇත්තේ දළ වශයෙන් දෙමළ කතාකරන ජනකොටස් තුනක් පමණයි. ඒ යාපනයේ, මඩකලපුවේ හා කඳුකරයේ. ඔවුන්ට වෙන වෙන ම නායකයන් ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික කියා නායකයන් නැහැ.

Friday, 29 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3





සිංහලයන්ට ඉතිහාස විඥානයක් තිබූ බව අපේ වංසකතා සාහිත්‍යයෙන් පෙන්නුම් කරනවා. එහෙත් ඒ විඥානය ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා ඕල්කට් බුද්ධාගමෙන් නැති කර තිබෙනවා. අද බොහෝ දෙනා අනුරාධපුරේ යනවා. පසුගිය පොසොන් පොහොයටත් ගියා. එහෙත් ඒ යන්නේ බෞද්ධයන් ලෙස මිස සිංහල බෞද්ධයන් ලෙස නො වෙයි. අප යන්නේ අටමස්ථානය වැඳ පුදා ගැනීමට පමණයි. අප මිහින්තලේත් යනවා. අපට දේවානම්පිය තිස්ස රජු ගැනත් කල්පනා වෙනවා. ගැමුණු රජු ගැනත් කල්පනා වෙන්න පුළුවන්. එහෙත් එපමණයි. ඒ රජවරු ගැනත් හිතන්නේ බෞද්ධ ආකල්පයකින්. ලෝකයේ එක දිගට වැඩි ම කාලයක් අගනුවර ලෙස පැවතුණු නගරය අපට මතක් වෙනවා ද? එහෙම මතක් වෙනවා නම් පැරණි ගල් කණු ලිප් ගල්වලට ගන්නවා ද?