Main Logo

Showing posts with label Hindu Maha Sabha. Show all posts
Showing posts with label Hindu Maha Sabha. Show all posts

Sunday, 1 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4





දෙමළ ජාතිවාදය ගැන මේ ලිපි පෙළෙන් බටහිරයන් ගැන කියන බොහෝ දේ මෙයට වඩා තරමක් සවිස්තරාත්මක ව ප්‍රභාකරන් මහුගේ බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් කියවන්න පුළුවන්. ඒ කෘතිය www.kalya.org වෙබ් අඩවියට ගොස් එහි පැරණි වෙබ් අඩවියෙන් නොමිළේ බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නව වෙබ් අඩවියේ කාලය ලිපිවල 2016 අප්‍රේල් මස පළ වී ඇති එහි කොටස්වලින් කියවන්න පුළුවන්. මේ කෘතිය පළ වුණේ අනූවේ දශකයේ මුල බව සලකන්න. මෙහි පළවන්නේ අපට අද අදාළ කොටස් හා තවත් එකතු කරන ලද කොටස්. ජාතික ව්‍යාපාරය විසින් ප්‍රභාකරන් කෘතිය මුළුමනින් ම අමතක කර දමන ලද්දේ ඇයි ද යන්න ගැටළුවක්. එම කෘතියෙහි දෙමළ ජනයා ගැන කියවුණත් එයින් කියැවෙන්නේ දෙමළ ජනවර්ගයක් ගැන නො වෙයි. මෙරට තවමත් දෙමළ ජනවර්ගයක් නැහැ. ඇත්තේ දළ වශයෙන් දෙමළ කතාකරන ජනකොටස් තුනක් පමණයි. ඒ යාපනයේ, මඩකලපුවේ හා කඳුකරයේ. ඔවුන්ට වෙන වෙන ම නායකයන් ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික කියා නායකයන් නැහැ.