Main Logo

Wednesday, 31 July 2013

What is India up to? - II

In the interview given to the “Daily Mirror” of 22nd July 2013, Vignesvaran, the Chief Ministerial candidate of the TNA, at the Northern Province Provincial Council elections further states “If not for the support of the international community, particularly India, Sri Lanka could not have got rid of the LTTE so swiftly. So India, on its part although it was not done in the 80s, it was done in 2009 and therefore, I don’t believe it is a ground to set aside 13A, which takes root from the international agreement between India and Sri Lanka. You cannot play the fool with such agreements and without the permission of India; it is not possible for Sri Lanka to act unilaterally.” This is queer logic to say the least and by this answer Vignesvaran attempts to claim that the Indo Sri Lanka Accord is still valid. It would be interesting to find out what the Accord said in this regard. It is given in clause 2.9.

“2.9 The emergency will be lifted in the Eastern and Nothern Provinces by Aug. 15, 1987. A cessation of hostilities will come into effect all over the island within 48 hours of signing of this agreement. All arms presently held by militant groups will be surrendered in accordance with an agreed procedure to authorities to be designated by the Government of Sri Lanka.

Consequent to the cessation of hostilities and the surrender of arms by militant groups, the army and other security personnel will be confined to barracks in camps as on 25 May 1987. The process of surrendering arms and the confining of security personnel moving back to barracks shall be completed within 72 hours of the cessation of hostilities coming into effect.”  

Though the security personnel were moved backed to the barracks, as well known, the process of surrendering arms were not completed within 72 hours of the cessation of hostilities that should have come into effect  within 48 hours of the signing of the agreement. As subsequent events showed the hostilities were not ceased within 48 hours of signing the accord and the Accord became defunct within 48 hours. That meant that there was no Indo Lanka Accord after the 31st of July 1987. It was India that did not fulfill the requirements expected from her and thus unilaterally abrogated the Accord. Even if it is assumed that hostilities were ceased within 48 hours of signing the Accord the LTTE did not surrender the arms within 72 hours of the cessation of hostilities coming into effect. It implies that by 4th of August 1987 latest the Indo Lanka accord became null and void as a result of India unilaterally abrogating it.

Now Vignesvaran defending India that forced the TNA to nominate him as the Chief Ministerial candidate as Sampanthan himself has admitted to Thinakural and Virakesari of 22nd of July, claims that though India did not do what it was required to do in the eighties it did so in 2009. It is good of Vignesvaran to admit that India did not comply with the Indo Lanka Accord in the eighties. However India was not given indefinite time to accomplish its tasks and in terms of the Accord India should have been in possession of the arms of the LTTE by 3rd of August 1987 the latest. The accord did not envisage of defeating the LTTE in 2009 with India supporting the Sri Lankan armed forces in the humanitarian operations. In any event there was no Indo Lanka Accord to be honoured or violated after the 3rd of August 2009, and even if Vignesvaran’s claim that if not for the support given by India, Sri Lanka would not have defeated the LTTE so swiftly is correct, it does not imply that India honoured the Indo Lanka Accord in 2009, as there was no agreement valid by then. In any event the Indo Lanka Accord does not mention anything on defeating the LTTE by 2009.

Now what about the claim that if not for the support of India and so called international community the LTTE would not have been defeated so swiftly? It is said that India has the fourth largest army in the world, but we all know that it could not make the LTTE surrender its arms let alone defeating it militarily. What is the support that the so called international community meaning the western countries including Japan, and India gave the Sri Lankan armed forces to defeat the LTTE? The western countries were interested in seeing the Sri Lankan forces being defeated by the LTTE  but there was no way that they could directly interfering with the “war”. They supplied everything from arms to funds not only through the NGOs but directly through their embassies and even Catholic clergy. At the last moment they wanted to take the LTTE leadership including Prabhakaran, and Nambiar  the special envoy of the UN Secretary General who is only a puppet of the USA, was in Sri Lanka with the intention of bringing a ship to take the LTTE leadership to the west. However it failed and it is this fiasco that led the Channel Four and other western agencies to come out with propaganda against the President, the Defense Secretary and the Armed Forces, falsely accusing them of violation of human rights etc.

India did not want the LTTE to establish an Eelam (Eylom of Suntharalingam) as it could not handle Prabhakaran the way it wanted. Prabhakaran was prepared to obey the west but not India as he did not want his Eelam to be dictated by the big brother. He did not approve of the Indo Lanka Accord and did not surrender arms to the IPKF. Finally he made sure that Rajiv Gandhi was killed and he wanted an Eelam established directly without going through so called devolution of power, federation (confederation), Eelam, with the assistance of India. He probably knew that an Eelam established with the help of India would become a state of India together with the other parts of Sri Lanka realizing the dream of Nehru and his dynasty. In the third stage of Tamil racism in Sri Lanka, India did not want a non Vellala Prabhakaran to lead the armed struggle to establish an Eelam.

We have now entered the fourth stage of Tamil racism in Sri Lanka. At the end of the third stage in the Nandikadal Lagoon the Government of Sri Lanka gave a political solution to the so called Tamil problem as “warfare” is nothing but an extension of politics by other means. All the agreements signed during the second and third stages of Tamil racism became null and void with the defeat of the LTTE in May 2009. However the government was not able to convert the political victory into law due to the non availability of a two third majority at that time and also due to the hegemonic western knowledge that is imparted to us through schools and the universities. It is time to abolish the thirteenth amendment, on which there is no agreement between India and Sri Lanka though it may be a result of the now defunct Indo Lanka Accord. Sri Lanka does not have to consult India or any other country to amend its constitution.

In the meantime India has not given up Nehru’s dream of making Sri Lanka another state of india, and is working towards that goal slowly and gradually. India would attempt to have leaders of the so called Tamil speaking community in Sri Lanka according to its whims and fancies and in this regard they would not tolerate any leader with the slightest connections with the LTTE or Prabhakaran. India is working on the formula devolution of power, Federal state or confederation, Eelam, wars between Eelam and the rest of Sri Lanka, and finally a new state of India in the Indian Ocean. It could also lead to wiping out of Buddhism in South Asia finally. The “choice” of Vignesvaran as the Chief Ministerial candidate for the Northern Province provincial council is the first step in this direction. Having become the chief minister Vignesvaran will agitate for police and land powers with the help of India with the intention of establishing a federal state. It is the “little now more later” policy of Chelvanayakam that India advocates and it is in the interest of a Unitary Sri Lanka that the government amends the relevant provisions of the thirteenth amendment if not abolish it without delay.            

Nalin De Silva


ඇස් පෙනෙන්නෝ හා නොපෙනෙන්නෝ

අප මෙහි දී අදෘශ්‍යමානය යන්නෙන් අදහස් කරන්නේ ඇසට නොපෙනෙන දේ පමණක් නො වේ. මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල අදෘශ්‍යමාන ලෙස අපි සලකමු. අදෘශ්‍යමානය යන්නෙහි වචනාර්ථය පමණක් අපි නො සලකමු. අපට මෙහි දී වැදගත් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පවතින්නේ ද යන්න ය. එහෙත් අප අවධාරණය කළ යුතු දෙයක් වෙයි. ඒ පවතින්නේ ය යන්න ද අපේ නිර්මාණයක් සංකල්පයක් පමණක් බව ය. සියළු සංකල්ප ශූන්‍ය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. ඒ අපේ නිර්මාණ පමණකි. 

ඒ අර්ථයෙන් ගත්කල අදෘශ්‍යමානය පමණක් නොව දෘශ්‍යමානය ද නො පවතියි. ඒ සියල්ල පවතින්නේ අපේ සංකල්පීය ලෝකයෙහි පමණ ය. එහෙත් සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. පුටුව යන්න පවතින්නේ සංකල්පීය ව පමණ ය. එය පරමාර්ථ වශයෙන් නොපවතී යැයි කීමට මම අකමැත්තෙමි. සියල්ල පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. ඇතැමුන්ට අනුව නිවන පරමාර්ථ සත්‍යයකි. මම ද කලක් ඒ එසේ යැයි විශ්වාස කළෙමි. නිවන පරමාර්ථ වශයෙන් සත්‍යයක් යැයි ගත්ත ද නිවන පවතින්නේ යැයි කියන්නෝ වෙත් ද?

අවාසනාවකට එසේ සිතන්නෝ වෙති. ඇතැමුන්ට අනුව නිවන යනු සත්ත්වයන්ට සදාකාලික ව පැවතිය (ජීවත්විය) හැකි වූවකි. එහෙත් නිවන් අවබෝධ කළ තැනැත්තා නැවත නූපදි යි. එසේ නිවන් අවබෝධ කරගන්නා තැනැත්තකු ද නැති වුවත් සම්මුති වශයෙන් ඇති තැනැත්තා නිවන් අවබෝධයෙන් පසු නැවත භවයක ජාතියක්, ජන්මයක් නො ලබයි. නිවන් අවබෝධය යනු චුති චිත්තයෙන් පසුව වෙනත් චිත්ත ඇතිවීම නැවැත්වීම ය. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණක් නම් චිත්තය යන්න ද අපේ සංකල්පයක් බව ය. 

චුති චිත්තය නිවන් අවබෝධයත් සමග ඇති වීම අනිවාර්ය නොවන බැවින් නිවන් අවබෝධයත් සමග පරිනිර්වාණය සිදු වීම අනිවාර්ය නො වේ. එබැවින් බුදුන් වහන්සේ ද රහතන් වහන්සේ ද නිවන් අවබෝධයෙන් පසුව ද යම් කාලයක් ජීවත් වෙති. ඒ කාලයෙහි උන්වහන්සේට ක්‍රියා සිත් ජනිත වෙයි. අවශ්‍ය වූ විටෙක නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි ය. ඒ කුමක් වුවත් නිවන යනුවෙන් තැනක් නැත. නිවන් යෑමෙන් (අවබෝධයෙන්) අප යන තැනක් ගැන නො කියැවෙයි. 

අපට ඇත්තේ සම්මුති සත්‍ය ය. ඒ සම්මුති සත්‍ය පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. අප පුටුවක් ඇතැයි කියන්නේ සම්මුතියෙනි. අප දන්නා සියල්ල සම්මුති වශයෙන් පමණක් සත්‍ය වන අතර සම්මුති වශයෙන් පමණක් පවතියි. දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවතින දෙයින් කොටසක් පමණක් වෙයි. වෙනත් වචනවලින් කිවහොත් දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවත්නා දේවල කුලකයේ උප කුලකයක් පමණකි.  

දෘශ්‍යමානය යනුවෙන් ගන්නා දේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අද්‍යශ්‍යමානය යනුවෙන් ගන්නා දේ අප බොහෝ දෙනකුගේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් ඇතැමුනට අප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ යැයි කියන දේ මනේන්ද්‍රියට දැනෙයි. අපේ මනස්වලට ඒ හසු නොවන බැවින් අපි එසේ මනේන්ද්‍රියන්ට ගෝචරවන දේ ඇතැයි, පවතින්නේ යැයි නො පිළිගනිමු. වෙනත් අයට එසේ ඇතැම් දේ මනේන්ද්‍රියට ගෝචර වන්නේ යැයි කියන්නේ ඔවුන්ගේ මනසේ ඇතිවන භ්‍රාන්තියක් නිසා යැයි අපි කියමු.

එය අන්ධ මනුෂ්‍යයකු අපට කිසිවක් නො පෙනෙන්නේ යැයි කීමට සමාන ය. එවැන්නකු කියනු ඇත්තේ ඊනියා පෙනෙන දේ ඇතැමුන්ගේ භ්‍රාන්තියක් පමණක් බව ය. කිසිවක් නොපෙනෙන ලෝකයක ඇතැම් දේ පෙනෙන්නේ යැයි කීම භ්‍රාන්තියක් නොවන්නේ ද? එහෙත් අන්ධ මනුෂ්‍යයෝ එසේ නො කියති. එයට හේතුව අති විශාල බහුතරයක් පෙනෙන දේ ඇතැයි කීම ය. යම් හෙයකින් අන්ධ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව අති විශාල වී නම් හා පෙනෙන අයගේ සංඛ්‍යාව ඉතාමත් සුළුතරයක් වී නම් සමාජයෙහි ඒ සුළුතරය ගැන කිනම් මතයක් ඇතිවීමට ඉඩ තිබිණි ද? 

බහුතරය යන්න ද බොහෝ විට සමාජ බලයක් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එලෙස බහුතරය සමාජ බලයක් ලෙස ගැනීමෙනි. අඩුම තරමෙන් එසේ ගන්නා බවට මතයක් ඇති කිරීමෙනි. බහුතරය සමාජ බලයක් විය යුත්තේ අසන පිරිස් නැතිවා නො වේ. අද මෙරට ඇතැමුන් අසන ප්‍රශ්නයක් නම් බහුතරය සිංහල වූ නිසා සිංහලයන්ගේ මතය සමාජයට බලයෙන් පිළිගැන්විය යුතු ද යන්න ය. එය එසේ විය යුතු නො වේ. බහුතර මතය ගලා එන්නේ කිනම් සාධක මත ද යන්න එහි දී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය වෙයි. 

කෙසේ වුවත් එහි තවත් පැත්තක් ද වෙයි. අප සමාජය මත සුළුතරයේ මතය බලයෙන් පැටවිය යුතු ද? එහි දී විදේශීය රටවල සහාය ලබාගැනීම කෙසේ යුක්තියුක්ත කරන්නේ ද? එසේත් නැත්නම් විදේශිය රටවල් තම මතය බහුතරය මත පැටවීමට සුළුතරය යොදා ගන්නේ ද? විදේශීය රටවල දේශපාලන හා ආර්ථික ශක්තිය යොදා ගැනීම යුක්තියුක්ත කළ හැකි ද? අද ලංකාවේ සිදුවන්නේ එවැන්නකි. විදේශික බලවේග සිංහල බහුතරය මත තම මතය පැටවීමට දෙමළ සුළුතරය යොදා ගනියි. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට වුව ද එකඟ නොවනමුත් අද මෙරට සිදුවන්නේ ඒ ක්‍රියාදාමය ය. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම මතය සිංහලයන් මත පැටවීමට දෙමළ හා මුස්ලිම් සුළුතරය යොදා ගැනීමට උත්සාහ කරති. 

කෙසේ වෙතත් ඇස් නොපෙනෙන්නන්ගේ ලෝකයක ජීවත්වන ඇස් පෙනෙන්නන් සුළුතරයකට  මුහුණ පෑමට සිදුවන ගැටළු සිතාගත හැකි ය. ඇස් පෙනෙන සුළුතරයට විදේශීය සහායක් නොලැබුණහොත් (ඔවුන්ට ඇස් පෙනෙන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වේ.) ඔවුන් මානසික වශයෙන් ප්‍රශ්න ඇති අය, විකාර කියවන්නන් ආදීන් වශයෙන් හැඳින්වෙනු ඇත. එලෙස ම මිනිසුන්ගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන දේ ගෝචරවන්නේ යැයි පවසන සුළුතරය පංචෙන්දිය්‍රට ගෝචර වන දේ පමණක් පවතින්නේ යැයි කියන ලෝකයක මානසික රෝගීන් ලෙස හඳුන්වනු ලැබීම බලාපොරොත්තු විය යුත්තකි.

පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යනු හුදෙක් අවයව පහට ගොදුරු වීමක් නොවන බව අවධාරණය කළ යුතු ය. ඉන්ද්‍රියයක් යනඑ අවයවයකට වැඩි දෙයකි. ඉන්ද්‍රියයක් ඇති වන්නේ අදාළ අවයව මනස සමග එකතු වීමෙනි. මනස නොමැතිව කිසිම ඉන්ද්‍රියයක් නැත. මෘත ශරීරයකට ද අවයව පහ ඇත. එහෙත් මෘත ශරීරයකට පංචෙන්ද්‍රිය නො වේ. මෙහි දී සැලකිය යුත්තක් නම් බටහිර විද්‍යාව කුමක් කීව ද සිංහල බෞද්ධයනට මනස යන්න ද ඉන්ද්‍රියයක් බව ය. එහෙත් මනස නම් ඉන්ද්‍රිය සමග බද්ධ වූ අවයවයක් නැති බව අප කලකට පෙර සඳහන් කර ඇත.  

මනස හදවත සමග හෝ මොළය සමග හෝ බද්ධ වී නැත. මනස ඇත්තේ හදවතෙහි යැයි කිවහැකි නො වේ. එමෙන් ම මස මොළයට ඌනනය කළහැක්කක් ද නො වේ. මනස යන ඉන්ද්‍රියට පැවතීමට (සම්මුති වශයෙන් බව නිතර ම කිවයුතු නො වේ. එහෙත් වරදවා තේරුම් ගැනීම වැළැක්වීම සඳහා ඒ බව විටින් විට කිවයුතු වෙයි.) අවයවයක් අවශ්‍ය නො වේ. නො එසේ නම් සිත මිස කය නැති බඹ ලොවක් තිබිය නො හැකි ය. (එය තර්කයක් නොවන බව ද මම දනිමි. එයට හේතුව අප අති විශාල බහුතරයට බඹ ලොව පැවැත්ම ගැන  කිසිම දැනුමක් හෝ විශ්වාසයක් හෝ නැති බැවිනි.) 

එහෙත් මනසක පැවැත්ම ගැන අපට අවබෝධයක් ඇත. ඒ අවබෝධය ලැබෙන්නේ ප්‍රායෝගික ව ය. එහි දී ද අප යොදා ගන්නේ ජීවත්වන්නකු හා මෘත ශරීරයක් අතර ඇති වෙනස ය.  නරක් නොවුණු මෘත ශරීරයක මොළය ද ඇතුළු සියළු අවයව වෙයි. එහෙත් මෘත ශරීරයට කිසිවක් නො දැනෙයි. මෘත ශරීරයක් හා ජීවත්වන්නකු අතර ඇති වෙනස ද එයයි. සිහි නැති පුද්ගලයකුට ද කිසිවක් නොදැනෙන්නේ යැයි කිසිවකු කියනු ඇත. සිහි නැති පුද්ගලයකු සහ මෘත ශරීරයක් අතර ඇති වෙනස කුමක් ද? 

බටහිර වෛද්‍ය විද්‍යාව එයට කියනු ඇත්තේ සිහි නැති පුද්ගලයකුගේ හදවත හා මනස ක්‍රියාකරන බව ය. හදවත ක්‍රියා නොකළත් මනස ක්‍රියා කරන බව ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිය යෑම යනු මොළය මිය යෑම ය. මෙහි දී මිය යෑම යන වචනය යොදා ගැනීම තරමක ප්‍රශ්නයකි. මොළය මිය යෑම යනු මොළය අක්‍රීය වීම විය හැකි ය. මෙයින් කියැවෙන්නේ මනස යනුවෙන් සංකල්පයක් නොයොදා ගෙන මිය යෑම තේරුම් ගත හැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය හෝ එසේ ක්‍රියාකාරි වීමේ ප්‍රතිඵලයක් හෝ වෙයි. 

එය එසේ යැයි පිළිගත්ත ද පංචෙන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මොළයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙයි. අදාළ අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ඇස කණ ආදී අවයවවලට ක්‍රියාකාරීත්වයක් නැත. එහෙත් මොළය යනු ද අවයවයකි. එසේ නම් මොළය හා වෙනත් අවයවයක් අතර ඇති වෙනස කුමක් ද? මොළයට එතරම් විශේෂත්වයක් අත්වන්නේ ඇයි? අනෙක් අවයවයකට මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ක්‍රියාකාරි වීමට නොහැකි වුවත් වෙනත් කිසිම අවයවයක ක්‍රියාකාරීත්වය නොමැතිව මොළයට ක්‍රියාකාරී විය හැක්කේ කෙසේ ද? 

මෙහි දී පැන නගින ප්‍රශ්න දෙකක් වෙයි. මොළය නම් අවයවය ඇති සියළු සතුන්ට මනසක් වේ ද? එසේත් නැත්නම් මනස යන වචනය යොදා ගැනීමට අකමැත්තක් වේ නම් මොළය ඇති සියළු සතුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හා මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අතර වෙනසක් නැත් ද? අනෙක් සතුන්ගේ ද මොළය හැරෙන්නට අනෙක් අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය හා බැඳී ඇත් ද? මනස යනුවෙන් කුමක් කියැවෙන්නේ ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැතිව වුව ද මෑතක් වන තුරුම බටහිර විද්‍යාව කියා සිටියේ මිනිසුනට හැරෙන්නට අනෙක් සතුන්ට මනසක් නැති බව ය. 

එහෙත් දැන් දැන් මේ මතය වෙනස්වනු දැකිය හැකි ය. සුපුරුදු පරිදි බටහිර විද්‍යාවේ එක් ප්‍රවාදයක් වෙනුවට වෙනත් ප්‍රවාදයක් ආදේශ වෙයි. මිනිසුන් නොවන සතුන්ට මනස් නැතැයි කී බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනකු සතුන්ගෙන් කිහිප දෙනකුට වුවත් මනසක් ඇතැයි කීම එතරම් ම පුදුමයට කරුණක් නො වේ. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් කිහිප දෙනා මනස යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි අපි නො දනිමු. එය බටහිර වෛද්‍ය විද්‍යාඥයන් කියන මොළය ද? එසේත් නැත්නම් වෙනත් කිසිවක් ද?  එය අවයවයක් සමග බැඳී ඇත් ද?     

අනෙක් ප්‍රශ්නය වනුයේ මොළයක් යනුවෙන් කිවහැකි අවයවයක් නැති සතුන්ට මනසක් නැත් ද යන්න ය. මනසක් නැත්නම් මේ ජීවීන් සංසාර ගමනක නො යෙදෙන්නේ ද? ඔවුන්ට මීළඟ භවයක් නැත් ද? බුදුදහමෙහි සියළු සතුන් යන්නෙන් අදහස් කෙරෙන්නේ කවුරුන් ද? ඒ සතුන්ට මනසක් ඇත් ද? නැත් ද? මේ ප්‍රශ්න පිළිබඳ ව බටහිර විද්‍යාව ද බුදුදහම ද විශ්වාස කරන අය කියන්නේ කුමක් ද? ඔවුන්ට සංගත පිළිතුරු දිය හැකි ද?

නලින් ද සිල්වා



Sunday, 28 July 2013

ඉන්දියාවේ අභිලාෂය

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර හෙටට අවුරුදු 29ක් වෙයි. ගිවිසුම අහෝසි වී මෙම මස අන්තිමට අවුරුදු 29ක් විය. එයට හේතුව ඉන්දියාව දින තුනක් ඇතුළත කොටින් නිරායුධ කිරීමට අසමත්වීම ය. එයට අමතරව එහි පරස්පර, අර්ථ නොදක්වන ලද වචන ආදී දෝෂ රැසක් ද වෙයි. පළාත් හා පළාත් සභා ද ඒ ගණයට අයත් වෙයි. එහෙත් අපි තවමත් ඒ ගැන කතාකරමු. එපමණක් නො වේ. ගිවිසුමෙහි පළාත් සභා පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. එහෙත් පළාත් සභා මැතිවරණ 1987 දෙසැම්බර් 31ට පෙර සිදුවිය යුතු යැයි කියැවෙයි. නැති පළාත් සභා සඳහා මැතිවරණ පවත්වන්නේ කෙසේ දැයි කෞටිල්‍යයන්ගෙන් ම  දැනගත යුතු ව ඇත. කෙසේ වෙතත් ඊනියා ගිවිසුමේ ඒ වගන්තිය ද ඉටු නොවිණි. එහෙත් අපේ හමුදා නම් බැරැක්කවලට සීමා කෙරිණි. ඒ මදිවාට බටහිර විද්‍යාවෙහි මෙන් ඊනියා ගිවිසුමෙහි පට්ටපල් බොරු ද වෙයි. අවුරුදු සියයක් පමණ පැරණි වූ උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු දහස් ගණනක් දෙමළ කතාකරන ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි ව පැවති යැයි එහි සඳහන් වෙයි. උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි දෙමළ ජනයාගේ සම්භවය 1650න් පසුව සිදු වී ඇති බව සාක්‍ෂි සහිතව පෙන්නුම් කළ හැකි ය. එහි මුස්ලිම් ජනයා පදිංචි කෙරුණේ එයට තරමක් කලින් සෙනරත් රජු දවස ය. සති කිහිපයකට පමණ පෙර අප පෙන්වාදුන් අන්දමට ගිවිසුම වලංගු යැයි තර්ක කළ ද, එහි 2.10 වගන්තියේ සඳහන් අන්දමට උතුරු හා නැගෙනහිර පළාත්වල ද අනෙක් පළාත්වල ඇති පොලිස් ව්‍යුහය ම තිබිය යුතු ය. ඒ අනුව පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ඉන්දු ලංකා ගිවිසුමට ද විරුද්ධ ය. ඉඩම් බලතල පැවරීම ඊනියා සාම්ප්‍රදායික වාසභූමි කෙප්පය මත පදනම්වන බැවින් එසේ කිරීම ද අනවශ්‍ය ය. ඉඩම් බලතල හා පොලිස් බලතල උතුරු පළාත් සභාවට පැවරීමේ ප්‍රතිඵලය වනුයේ එහි දෙවැනි හමුදාවක් ඇතිවීමත් ලංකාණ්ඩුවේ හමුදාවලට කඳවුරු පිහිටුවා ගැනීමට බිම් අඟලක්වත් අහිමිවීමත් ය. කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුම වලංගු වුවත් ඉන්දියාව හා ලංකාව අතර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගිවිසුමක් නැති බව අවධාරණය කළ යුතු ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ අප ඉන්දියාවෙන් අවසර ගත යුතු නො වේ. ඉන්දු ලංකා ගිවිසුමෙහි අර්ථකථනය කර නොමැති පළාත් සභා පිහිටුවීම අවශ්‍ය නො වේ. අනෙක් අතට ඉන්දු ලංකා ගිවිසුමෙහි පරිපාලන ඒකක ලෙස පළාත් ගැන කතාකරනමුත් ඒ වන විට ව්‍යවස්ථාවෙන් පළාත් යනු කවරේදැයි අර්ථදක්වා නොතිබුණි. අද වන තුරුත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක පළාත් පරිපාලන ඒකක ලෙස හැඳින් වී නොමැත. ව්‍යවස්ථාවට අනුව පරිපාලන ඒකක වනුයේ දිස්ත්‍රික්ක ය. පළාත් සභා අවශ්‍ය ම යැයි යමකු පවසන්නේ නම් දහතුන ද වත්මන් පළාත්සභා පනත ද අහෝසිකර වෙන ම පළාත් සභා පනතක් ගෙනැවිත් සංක්‍රමණීය පිළිවෙතකට යටත් ව පළාත් සභා පවත්වාගෙන ගිය හැකි ය.    

ඒ කුමක් වුවත් අද අප එළඹී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයට ය. පළමු යුග තුන ගැන සඳහන් කෙරෙන ප්‍රභාකරන් මහුගේ සියලා, බාප්පලා හා මස්සිනාලා කෘතියේ හතරවැනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් ද සහිතව ය. දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය ය. එය අද ඊයේ නොව තුන්වැනි ජොර්ජ් රජුගේ කාලයේ සිට ම වෙයි. අනෙක් අතට දෙමළ ජාතිවාදය පසුපස නේරුගේ කාලයේ සිට ඉන්දියාව වෙයි. ඒ පරාජය කිරීමට පසුගිය දා උපන් හත්වැනි ජෝර්ජ් රජ වන තෙක් හෝ රජිව් ගාන්ධිගේ තවමත් නූපන් මුණුබුරා හෝ මිණිබිරිය හෝ ඉන්දියාවේ අගමැති තනතුරට පත්වන තුරු හෝ බලා සිටිය යුතු නො වේ. අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදයේ කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළෙමු. එය එතෙක් ඊනියා දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ද ඇතුළු සියළු දේශපාලන ගිවිසුම් ඉරා දැමීමකි. එයට හේතුව ඒ සියළු දේශපාලන ක්‍රියාවල අවසානය ප්‍රභාකරන් වීම ය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලන ක්‍රියාවලියකි. දෙමළ ජාතිවාදයේ පළමු, දෙවැනි හා තුන්වැනි යුග ප්‍රභාකරන් සමග අවසන් වූයේ දෙමළ ජාතිවාදය හමුදා දේශපාලන වශයෙන් පරාජය කිරීමෙනි. එහෙත් අප ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුළත් කරගැනීමට නොහැකි වීමෙන් ද එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ද ඉන්දියාවේ ද මැදිහත්වීමෙන් ද දෙමළ ජාතිවාදය තවමත් දේශපාලන වශයෙන් පවතියි.  එය හැකිතාක් ඉක්මණින් දේශපාලනික ව පරාජය කළ යුතු ය. එහෙත් අපට තවමත් එංගලන්තයේත් ඉන්දියාවේත් අභිලාෂය හඳුනාගැනීමට නොහැකි වී ඇත.

එංගලන්තය බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා ද යොදා ගනිමින් තම සංස්කෘතියට ආධ්‍යාත්මික ව අභියෝග කළහැකි සිංහල බෞද්ධ සංස්කෘතිය  නැතිකිරීමට බැරිනම් දුර්වල කිරීමට විවිධ ක්‍රම උපයෝගි කරගනිමින් උත්සාහ කරයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වට්ටවා එ ජා ප - දෙමළ ජාතික සංධාන ආණ්ඩුවක් පිහිටුවීම උතුරට හා නැගෙනහිරට බලය බෙදාදීම එහි පළමු පියවර වෙයි. නේරුගේ ද සිහිනයක් ව පැවති ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම සැබෑකර ගැනීමට ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදාගනියි. එදත් අදත් ඉන්දියාවට අවශ්‍ය අන්දමට දේශපාලනය කරන නායකයෝ මෙරට වෙති. සම්බන්ධන් හා රාවුෆ් හකීම් ඉන් දෙදෙනෙක් වෙති. ඊනියා දෙමළ කතාකරන ජනයාගේ අභිලාෂය යැයි කියමින් පළමුව බලය බෙදීම, දෙවනුව සන්ධීය (සහසන්ධීය) රාජ්‍යයක් ඇතිකිරීම, තුන්වැනුව ඊළම පිහිටුවීම, හතරවැනුව දේශසීමා ගැටුම් ඔස්සේ ලංකාව හා ඊළම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම ඉන්දියාවේ අභිලාෂය වෙයි. වෛදිකයන්ගේ සදාතනික බ්‍රහ්මන් මෙන් සදාතනික බලාපොරොත්තුව වූ ලංකාවෙන් හා දකුණු ආසියාවෙන් බුදුදහම අතුරුදන්කිරීමට ඔවුන් ඒ සමග ක්‍රියා කරනු ඇත. මෙරට දෙමල ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැත. ඇත්තේ ඉංගිරිසි මකියාවේලීන්ගේ හා ඉන්දීය කෞටිල්‍යයන්ගේ ප්‍රශ්නයකි. කෞටිල්‍යයෝ එහි දී ඉංගිරිසි කතාකරන, බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වෙල්ලාලයන් යොදා ගැනීමට එදත් අදත් උත්සාහ ගනිති. එංගලන්තයට කෙසේ වෙතත් ඉන්දියාවට ප්‍රභාකරන් අවනත නො වී ය. ඔහුගේ කුලය ද ප්‍රශ්නයක් විය. ඉන්දියාව අද එයින් පාඩමක් ඉගෙන ඇත. ඔවුන් කොටින් සමග සම්බන්ධ යැයි කියන සේනාධිරාජා වෙනුවට “ උභය කුල පාරිශුද්ධ” විග්නේස්වරන් උතුරේ මහඇමති අපේක්‍ෂක ලෙස තෝරාගැනීමට සම්බන්ධන්ට ඔහුම කියන පරිදි බලකර ඇත්තේ විග්නේස්වරන්ගේ ඊනියා නීති දැනුම නිසා නොව ඉන්දියාවට ඔහු විශ්වාස බැවිනි. එහෙත් ඒ සමග දෙමළ ජාතික සංධානය කැඩී යෑම වැළැක්විය නොහැකි ය. අප අපේ පාඩම් ඉගෙන ගන්නේ නම් කෞටිල්‍යයන් ද මකියාවේලීන් ද පරාජය කිරීම මහෞෂධයනට ප්‍රශ්නයක් නො වේ.   

නලින් ද සිල්වා


Wednesday, 24 July 2013

What is India up to?

When Wimal Weerawansa said that C. V. Vignesvaran was chosen as the TNA candidate for the post of Chief Minister  in the Northern Province provincial council by two embassies nobody expected the latter to confirm it. Vignesvaran is not new to politics as he has made political speeches at least from the day he became a judge in the Supreme Court. People including Judges of the Higher Courts have a Chinthanaya and their speeches, writings and all other activities are based on the particular Chinthanaya possessed by them. This applies to artists as well and directors of cinema are not free from their Chinthanaya as could be asserted from what is stated about the film “Flying Fish”. Vignesvaran has never been a so called unbiased person in politics and it is hilarious to listen to him dismissing Wimal Weerawansa’s statement as a statement made by a politician. Vignesvaran by that dismissal pretends to be above politics and that he is not a politician. He is now involved in party politics, and it is clear that by dismissing outright Wimal Weerawansa’s statement as that of a politician, Vignesvaran has shown that he has matured as a politician. In politics as well as in giving evidence before a court of justice hiding the truth is a cardinal principle practiced by those who are involved.

It was not only Wimal Weerawansa who knew this story as some other politicians including cabinet ministers were aware of what was happening behind the screen. I myself came to be aware of the story from another source but it was Weerawansa who went public with the information he had. It appears that there has been influence by other countries to nominate Wignesvaran as the Chief Ministerial candidate of the TNA at the Northern Province provincial council elections if we are to believe the following report that appeared in the Daily News of 23rd of July 2013. “The two Tamil newspapers Thinakural and Virakesari in their lead stories yesterday (July 22) attributed this statement to TNA Leader R. Sampanthan, who had said that they were compelled to make the decision regarding Vigneshwaran on the request of some foreign countries and organizations, ‘as the nominee has international support.’ The two newspapers quoted Sampanthan as saying that he decided to clear the air about the selection of the candidate as there were ‘false rumours being floated to tarnish the party’s image.’ In a bid to persuade the TNA members over the rationality of appointing Vigneswaran as TNA chief ministerial candidate, R Sampanthan said some foreign countries and organizations compelled the TNA to take this decision. When the decision was taken, MPs Senadhirajah, Sumanthiran, Sridharan, Sarabavanan, and Selvaraja were also present”.

One does not have to be a so called political analyst to discover that India is one of the foreign countries. It is not a master stroke of Sampanthan to nominate Vignesvaran and it only indicates how much TNA politics is influenced by India with the blessings of the western countries led by USA at present with England behind every movement on the chess board. India has no love for the Sinhala Buddhists who preserved and protected Bududahama over a period of two thousand and six hundred years while it was discarded in India. The Brahmins never liked the Anathmavadi Bududahama and it was not only the Muslims who are responsible for the final overthrow of Bududahama and Budusasuna from India. The Vedic Brahmins who are Athmavadins   have no love for the Sinhala Buddhists and the Brahmins are responsible for the insertion of Athmavadi concepts into what may be called the Bududahama of the third council or sangayana.  India which has no ability or desire to protect Budusasuna in that country is only paying lip service as far as the protection of Buddhists, Bhikkus and places of worship in India important for the Buddhists is concerned. India is not a so called non aligned country and with the support of the west it is maneuvering to become the hegemonic force in South Asia. India is using Tamil Nadu to achieve what it wants, though the message sent is that it is Tamil Nadu that influences India to adopt a certain policy towards Sri Lanka.

It should be clear that India over the years has been attempting to do in Sri Lanka what it has done to Sikkim, Assam and other parts of the subcontinent, failing of which it will make Sri Lanka another Bhutan. India has no love for the Tamils as such but it uses the so called Tamil problem in Sri Lanka to achieve its ambitions. India wants politicians in Sri Lanka to do as they want but it is clear that though there are some Sinhala politicians and many Tamil politicians who would meekly obey the Indian Kautilyans, the Mahinda Rajapakse government is not prepared to do so. The Indian government does not like Mawai Senadhiraja as the Chief Ministerial candidate as he is believed to have had connections with the LTTE. It is not a secret that Prabhakaran did not bow down to Delhi and India did not approve his attitude. India wants politicians of the “caliber” of Vignesvaran who would defend India using queer logic. The following expert from an interview of Vignesvaran published in the Daily Mirror on the 22nd of July 2013 reveals the character of the politician. 

Q: Other reasons championed by those who call to repeal the powers of 13A is that it is not constitutionally valid and neither is it legally binding due to a referendum not being held and India failing to uphold their part of the Indo-Lanka accord. What are your comments on such claims?

A: A referendum was not necessary because it was with regard to the North and East and since the Supreme Court ordered the demerging of the two provinces, that argument is not viable. Moreover, the justification of India failing to uphold their side of the agreement is also void because that is what they did in 2009. If not for the support of the international community, particularly India, Sri Lanka could not have got rid of the LTTE so swiftly. So India, on its part although it was not done in the 80s, it was done in 2009 and therefore, I don’t believe it is a ground to set aside 13A, which takes root from the international agreement between India and Sri Lanka. You cannot play the fool with such agreements and without the permission of India; it is not possible for Sri Lanka to act unilaterally.”

This is what the Indo Lanka Accord has to say on the referendum. “2.3 There will be a Referendum on or before 31st December 1988 to enable the people of the Eastern Province to decide whether:
a) The Eastern Province should remain linked with the Northern Province as one administrative unit, and continue to be governed together with the Northern Province as specified in para 2.2 or:
b) The eastern province should constitute a separate administrative unit having its own distinct provincial council with a separate Governer, Chief Minister and Board of Ministers.

The president may, at his discretion, decide to postpone such a referendum. ”  I would not say that the Indo Lanka Accord is null and void because a referendum was not held as claimed by some others, though I have other reasons to believe that the Accord is now defunct. The Accord says the President of Sri Lanka could decide to postpone the referendum at his discretion. However it is clear that Vignesvaran is using something else in order to defend India.  The decision of the Supreme Court came long after, and the argument of the former judge is not valid with respect to the validity of the Accord to say the least. Vignesvaran is undoubtedly a seasoned politician.  (To be continued)

Nalin De Silva


බටහිර විද්‍යාව හා අදෘශ්‍යමානය

බටහිර විද්‍යාව ප්‍රවාද නිර්මාණය මත රුඳෙයි. එහි ප්‍රවාද හෙවත් කතන්දර වෙනත් කතන්දරවලින් ප්‍රතික්‍ෂෙප වෙයි. මේ කතන්දර වියුක්ත ය. ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වේ. පොතක පතක තිබුණත් ගුරුවරුන් කීවත් පට්ටපල් බොරු වූ මේ කතන්දර එක් කාලයක දී බටහිරයන් විසින් ද ඔවුන් අනුකරණය කරන අනෙක් අය විසින් ද පිළිගැනෙයි. එහෙත් පසුව ඔවුන් විසින් ම ඒ ප්‍රතික්‍ෂෙප කෙරෙයි. එය හා කාළාම සූත්‍රයෙහි දැක්වෙන ආකල්පය අතර කිසිම සමානත්වයක් නැත. ඒ ගැන තවදුරටත් කතාකිරීමට පෙර බටහිර විද්‍යාවේ ප්‍රවාද, අපේ ප්‍රවාද හා අපේ දැනුම් නිර්මාණය පිලිබඳ යමක් කිව යුතුව ඇත.  

අපේ ප්‍රවාද ලිපි පෙළ ලියන්නේ කරුණු දෙකක් හේතුකොටගෙන ය. පළමුවෙන් ම ප්‍රවාද යනු කවරේ දැයි පාඨකයනට දැනගැනීමට සැලැස්වීමට ය. දෙවනුව අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට අඩුම තරමෙන් අනාගත පරම්පරාවවත් උනන්දු කිරීමට ය. එහෙත් ඒ කරුණු දෙකින් එකක්වත් ස්ථිතිකව පවත්නා දේ නො වේ. ඒ කරුණු දෙක ද නිරන්තරයෙන් වෙනස් වෙයි. මෙහි පහත සඳහන් වන්නේ අප ඒ පිලිබඳ ව අද දරණ මතය ය. එය කලින් දැරූ මතයේ වර්ධනයක් පමණකි. මෙහි දී මතක තබාගත යුත්තක් නම් එය වර්ධනය වන්නේ එක් දිශාවකට බව ය. වරක් එක් දිශාවකටත් තවත් විරුද්ධ එයට ප්‍රතිවිරුද්ධ  දිශාවකටත් වර්ධනය වනු මෙහි දක්නට නො ලැබෙයි. වර්ධනය සිදුවන්නේ නිශ්චිත තේමාවක ය. 

ප්‍රවාද යනු බටහිර වියුක්ත දැනුම් ය.වියුක්ත ප්‍රවාද හෙවත් වියුක්ත කතන්දර ගෙතීම ලෝකයාට කියා දුන්නේ ගැලීලියෝ ය. ඔහු එය එකල දකුණු යුරෝපයේ යම් ප්‍රමාණයකට වර්ධනය වී තිබූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙමින් සිදු කළේ ය. එයට පෙර වෛදික බමුණෝ ද ප්‍රවාද ගොතා තිබුණහ. එහෙත් ඒ ප්‍රවාද බටහිරයන්ගේ ප්‍රවාද තරමට වියුක්ත නො වී ය. ඒ ඉතා වැඩි වශයෙන් සංයුක්ත ප්‍රවාද හෙවත් කතන්දර විය. 

අද ලෝකයේ දැනුම් ආධිපත්‍යය බටහිරයන් සතු ය. අපට ඔවුන්ගෙන් නිදහස් වීමට නම් අපේ දැනුම් පද්ධතියක් තිබිය යුතු ය. එමෙන් ම අපට ඔවුන්ගේ දැනුම් පද්ධතිය, විශේෂයෙන් ම සමාජයීය විද්‍යාවන්හි දී සුණු විසුණු කර දැමීමට හැකිවිය යුතු ය.  බටහිර සමාජයීය විද්‍යාවන් යනූ බටහිර භෞතීය විද්‍යාවන් පිටුපස නොන්ඩි ගසමින යන දැනුම් පද්ධතියක් පමණකි. එයින් විශේෂයෙන් ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව,  මානව විද්‍යාව යොදා ගැනෙන්නේ අප වැනි රටවල් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා ය. සාහිත්‍යය ආදී මානව ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙන විෂයවල ද මේ කාර්යය සිදුවෙයි.

බටහිර විද්‍යාවේ ප්‍රවාද යනු පට්ටපල් බොරු බව අපි දැන් දනිමු. කලකට පෙර අපට මේ දැනුම නො තිබිණි. කෙසේ වෙතත් බටහිර විද්‍යාව අනුව යමින් අපේ ප්‍රවාද නිර්මාණයකර බටහිර දැනුමේ ප්‍රවාද පරාජය කිරීම එකල අපේ වෑයම විය. අප එකල කළේ සිංහල බෞද්ධ චින්තනයෙහි යම් ආකාරයක වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට සිංහලයන් උනන්දු කරවීම ය. එහෙත් එහි යම් ගැටළුවක් විය. සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්තය ඇත්තේ ඉතා අඩුවෙනි. එය නැත්තේ නැති තරම් ය. 

මෙරට හරිහමන් බටහිර විද්‍යාඥයකු හෝ බටහිර ගණිතඥයකු බිහි වී නැත්තේ එබැවිනි. අප බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇති පරිදි බටහිර විද්‍යාව හෝ බටහිර ගණිතය ඉගෙනීම එතරම් ප්‍රශ්නයක් නො වේ. එසේ ඉගෙනගත් අය, ඇතැම් විට උපාධි පරීක්‍ෂණයේ එතරම් උසස් සාමාර්ථයක් නැතිව වුව ද ජනප්‍රිය පොතපත කියවා වියුක්ත බටහිර ගණිතය ගැන හෝ වියුක්ත බටහිර විද්‍යාව ගැන හෝ යම් අවබෝධයක් ලබාගෙන ඇති අය වියුක්තය වෙනුවෙන් කියති. ලියති. එහෙත් ඔවුන්ට බටහිර වියුක්ත විද්‍යාවේ හෝ බටහිර ගණිතයේ හෝ වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට තබා බොහෝ අයට මෙන් නොව උපාධි පරීක්‍ෂණයෙහි දී උසස් පංති සාමාර්ථයක් ලබාගැනීමටවත් නො හැකි ය. 

වියුක්ත ප්‍රවාද නිර්මාණය කරමින් දැනුම එකතු කිරීම අපේ ක්‍රමයක් නො වේ. අපට එසේ කිරීමට සිදුවූයේ අප පෙළන බටහිර ප්‍රවාද පරාජය කිරීමට කලකට පෙර අපට වෙනත් ක්‍රමයක් නොතිබූ බැවිනි. සුළුවෙන් අනුගමනය කළ හැකි මේ ක්‍රමය එතරම් සාර්ථක නොවන බව පැහැදිලි ය. එහෙත් ජීවිතයේ වියුක්ත ප්‍රවාදයක් සංකල්පයක් ගොඩනගනු තබා උසස් පෙළ පරීක්‍ෂණයවත් හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරති. ඔවුන්ට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇති බවක්වත් නො හැඟෙයි.

මා මෙහි දී උසස් පෙළ හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය ගැන සඳහන් කරන්නේ ඔවුන්ට කරන අගෞරවයක් ලෙස නො වේ. බටහිර වියුක්ත අධ්‍යාපනයට අප වැඩි වශයෙන් යොමු කෙරෙන්නේ උසස් පෙළ පංතියේ දී ය. කිනම් විෂයකින් වුවත් උසස් පෙළ පංතියේ දී ලබා දෙන අධ්‍යාපනය තරමක් වියුක්ත ය. උසස් පෙළ පරීක්‍ෂණයෙන් සමත්වීමට තරමකට වියුක්ත ව සිතීමේ හැකියාවක් තිබිය යුතු ය. ඒ හැකියාව නොමැතිව වුව ද කටපාඩම් කිරීමෙන් (ස්මරණ ශක්තියේ ආධාරයෙන්) උසස් පෙළ සමත්වන්නෝ ද සිටිති. සාධාරණ වශයෙන් උසස් පෙළ පරීක්‍ෂණය අසමත්වන්නේ බොහො විට වියුක්ත ව සිතීමට එතරම් හැකියාවක් නැති අය ය.  (සෑම විෂයයකින් ම එකම මට්ටමේ වියුක්ත ව සිතීමේ හැකියාවක් අපේක්‍ෂා කරන්නේ යැයි නොසිතිය යුතු ය. සාහිත්‍යයට වඩා ගණිතයේ දී වියුක්ත ව සිතීමේ වැඩි හැකියාවක් අවශ්‍ය වෙයි)   

අපට කලකට පෙර පැහැදිලි වූයේ මෙරට දැනුම නිර්මාණය කිරීම ආධ්‍යාත්මික ව සිදු වී ඇති බව ය. සෘජු ව හෝ වක්‍ර ව හෝ ආධ්‍යත්මික ව දැනුම නිර්මාණය කිරීම සිංහල බෞද්ධ චින්තනයට එකඟ වෙයි. අද අපි එතරම් නුහුරු වුව ද තරමක පරස්පරයක් වුව ද සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද නිර්මාණය කරන අතර ම හැකියාවක් ඇති පුද්ගලයන් මගින් ආධ්‍යාත්මික ව ද දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. එයට ඇතැම්හු විරුද්ධ වෙති. එසේ වන්නේ අදෘශ්‍යමාන බලවේග ගැන ඔවුන්ට විශ්වාසයක් නොමැති බැවිනි. 

ඒ අවිශ්වාසය ගැන අපට එතරම් ප්‍රශ්නයක් නැත. තම පංචෙන්ද්‍රියට ගෝචරවන ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නිර්මාණය කරගැනීමට නොහැකි යැයි ඔවුහු සිතති. මෙය තරම් මෝඩකමක්, උද්ධච්ඡකමක් තවත් නැත. ඇතැම් සතුනට ගෝචරවන බොහෝමයක් දේ අපට ගෝචර නො වේ. අපේ ලෝක නිර්මාණය වන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතිය මත පදනම් වෙමිනි. එහෙත් නිර්මාණය කළ හැක්කේ ඒ ලෝක පමණක් ය යන්න මානව කේන්ද්‍රීය උද්ධච්ඡකමක් මිස වෙනත් දෙයක් නො වේ. අපට දැන් තිබෙන ඉන්ද්‍රිය පහ වෙනුවට හෝ එයින් කිහිපයක් සමග හෝ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අප නිර්මාණය කරන ලෝකය කෙබඳු විය හැකි ද?

බල්ලන්ගේ හෝ පක්‍ෂීන්ගේ හෝ වෙනත් සතුන්ගේ හෝ ලෝක ගැන අපට කිව හැක්කේ කුමක් ද? අප ඉන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් නැත යනුවෙන් තීරණය කරන්නේ සියල්ලන් ම අප දකින අයුරින් ලෝක නිර්මාණය කළ යුතු බවත් අපේ ලෝක හැරෙන්නට වෙනත් ලෝක නැති බවත් නිගමනය කරමිනි. මෙය බටහිරයන්ගේ ආකල්පයකි. ඔවුහු අප වැනි බටහිර නොවන මිනිසුන්ට ද වෙනත් සතුන්ට ද ඔවුන්ගේ ලෝක පමණක් නිර්මාණය කිරීමට කියති. අපි ද ඔවුන් අනුකරණය කරමින් පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ලෝක නැතැයි කියමු.

එවැනි නිගමනයක් අසාධාරණවනවා පමණක් නොව අධිපතිවාදී ද වෙයි. බටහිරයෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පමණක් ඇතැයි සිතති. අපට නොඇසෙන ඇතැම් ශබ්ද, එනම් ඔවුන් කියන ආකාරයට ඇතැම් තරංග ආයාමවලින් යුත් ශබ්ද වෙනත් සතුනට ඇසෙන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ඔවුන්ගේ, එනම් බටහිර විද්‍යාඥයන්ගේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වේ. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිර විද්‍යාඥයන්ට දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද? එය කණෙන් අසාගත නොහැකි බව පැහැදිලි ය. මනස ඉන්ද්‍රියයක් ලෙස නොසලකන බටහිර විද්‍යාඥයන්ට බල්ලන්ට ඇසෙන ඇතැම් ශබ්ද අපට නොඇසී ද, එවැනි ශබ්ද ඇතැයි අප දැනගන්නේ මනස ආධාරයෙන් යැයි කිවහැකි නො වේ. 

අපට නොඇසෙන ඇතැම් ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යැයි බටහිර විද්‍යාඥයන් කියන්නේ පංචෙන්ද්‍රියන්ට ගෝචර අත්දැකීමක් ලෙස නො වේ. එය පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් වනුයේ බල්ලන්ගේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් පමණකි. අපට අමුතු යමක් ගෝචර නොවද්දී බල්ලන් කන් කෙලින් කරමින්, බුරමින් ආදී වශයෙන් විවිධ ප්‍රතිචාර දක්වනු අප දැක ඇත, අසා ඇත. බල්ලන්ගේ ඒ ප්‍රතිචාර නම් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වෙයි. දැන් අප මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගන්නේ කෙසේ ද? 

බටහිරයෝ සුපුරුදු පරිදි එයට කතන්දරයක් හදති. ශබ්ද තරංග, ආයාම දිග, ඒ ඒ සතුනට ඇසෙන ආයාම දිග සහිත ශබිද ආදී වශයෙන් මේ පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිම ඉන්ද්‍රියයකට ගෝචර නොවන වියුක්ත කතන්දරය දිග හැරෙයි. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිරයන් නිගමනය කරන්නේ ඒ කතන්දරය අනුව ය. එය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් තේරුම් ගැනීම සඳහා නිර්මාණය කරන ලද ඉන්ද්‍රිය ගෝචර නොවන කතන්දරයකි. බටහිර විද්‍යාඥයන්ට හා ඔවුන් අනුකරණය කරන්නන්ට මේ ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර විශ්වාස කිරීම කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් මේ කතන්දර අදෘශ්‍යමාන ය. එසේ අදෘශ්‍යමාන බලවේග ගැන විශ්වාසය තබමින් ම බටහිර විද්‍යාඥයෝ හා ඔවුන් අනුකරණය කරන මෙරට පුස්සෝ අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන බව කියති. 

ඔවුන් විශ්වාස කරන අදෘශ්‍යමාන, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බලයක් වූ ඊනියා ගුරුත්වාකර්ෂණ බලය  පිළිබඳ අපි සඳහන්කර ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණය වැනි කිසිවකු කිසි දිනෙක දැක නැති, අසා නැති, ස්පර්ශකර නැති, රස බලා නැති, ගඳ සුවඳ බලා නැති, පට්ටපල් බොරුවක් විශ්වාස කරන බොහෝ බටහිර විද්‍යාඥයෝ හා ඔවුන්ගේ නිවට අනුකාරකයෝ දෙවියන් අද්‍යශ්‍යමාන යැයි ද ඒ විශ්වාස නොකළ හැකි යැයි ද කියති. අඩුම තරමෙන් මෙරට යම් පිරිසක් දෙවියන් භූතයන් ආදී ප්‍රාණීන් දැක තිබියදීත් ඔවුහු ඒ විශ්වාස නො කරති. පඬියන් එහි දී තම පඬි වදන් යුක්තයුක්ත කරන්නේ එසේ ඇතැමුන් දෙවියන් භූතයන් ආදීන් දැකීම මානසික භ්‍රාන්තියක් නිසා සිදුවන බව කියමිනි.

කිසිවකු කිසදා දැක නැති ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ මානසික භ්‍රාන්තියක් යැයි කිවහොත් පඬියන් උරණ වනු ඇත. එහෙත් එය, එනම් ගුරුත්වාකර්ෂණය කිසි දිනෙක නිවුටන්ගේවත් පංචෙන්ද්‍රියට ගෝචර වී නැත. මා දන්නා තරමින් ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරායවරයකුට පමණ ය. එහෙත් ඔහු ද ඔහු සතු ඒ සුවිශේෂ අවයවය අන් අයට නො පෙන්වයි. ඔහුට ඇත්තේ නිවුටන්ගේ මානසික භ්‍රාන්තිය නොවූවත් ඔහුට ද යම් භ්‍රාන්තියක් ඇති බව පැහැදිලි ය.   

නලින් ද සිල්වා


ප්‍රජාතන්ත්‍රවාදය අසමත්ය

රටේ ස්වෛරී භාවය රැකගෙන ආසියානු කලාපයේ අනිකුත් රටවල් සමඟ ආර්ථික හා දේශපාලණ ගණුදෙනු කරන්නේ කෙසේද? ප්‍රාදේශීය දේශපාලණ ස්වාධීනත්වය රැකගෙන රටේ ඒකීය භාවය ආරක්‍ෂා කරගන්නේ කෙසේද? සුළු ජාතීන් තම අනන්‍යතාව රැකගෙන ජාතියට එක්වන්නේ කෙසේද? පුද්ගලික අයිතීන් රැකගෙන මිනිසුන් සාමූහිකව ජීවත්වන්නේ කෙසේද? තමන් මාක්ස්වාදීන් ලිබරල්වාදීන් එසේත් නැත්නම් ඊනියා යථාර්තවාදීන් යැයි කියා ගන්නා අයට මෙවැනි ප්‍රශ්ණවලට ශාස්ත්‍රීය පදනමකින් දිය හැකි පිළිතුරක් නැත. නමුත් ඔවුන් සිංහලුන්ට සාමූහිකව ජීවත්වෙන හැටි කියා දෙන්නට හදන්නේ සාමූහිකව ජීවත්වෙන ක්‍රමය ඔවුන් විසින් සොයාගත් දෙයක් ලෙස පෙන්වමිනි. අපේ රටේ මේ වැඩ බැරි විශේෂඥයින්ට තබා බටහිර රටවල වෙසෙන ඔවුන්ගේ හාම්පුතුන්ටවත් මේ ප්‍රශ්ණවලට පිළිතුරු නැත.

මේ හැමකින්ම මතු කෙරණ පොදු ප්‍රශ්ණය නම් සමස්ථයේ ස්වරූපය නිර්මාණය කරද්දී එහි සංඝටකවල විවිධ ලක්‍ෂණ නැත්නම් මනාපය සාධාරණව නිරූපණය කරන්නේ කෙසේද යන්නය. බටහිර සමාජ, ආර්ථික හා දේශපාලණ විශයන්හි සමාජ-වරණය (social choice) යන ක්‍ෂේත්‍රය තුල මෙවැනි ප්‍රශ්ණ සාකච්ඡාවට ගැනේ. බටහිර උගතුන් මේ ප්‍රශ්ණවලට පිළිතුරු සොයන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව ඡන්දවිමසීම උපක්‍රමයක් හැටියට භාවිතා කරමිනි. නමුත් කෙනෙත් ඇරෝ නම් යුදෙව් සම්භවයක් ඇති ඇමරිකානු විද්වතා මීට දශක ගණනකට උඩදී එය සාර්ථක ක්‍රමයක් නොවේ යැයි පෙන්වීමට ප්‍රවාදයක් ගොඩනැඟීය. ඇරෝට අනුව යම් සාධාරණ කොන්දේසි යටතේ කණ්ඩායමක මනාපය නිර්ණය කිරීම සඳහා තනි පුද්ගලයින්ගේ මනාප මොන ඡන්ද ක්‍රමය (බහුතර, සමානුපාත ආදී වශයෙන්) භාවිතාකර එකතු කලත් ලැබෙන ප්‍රතිඵලය සතුටුදායක නොවේ. මේ ප්‍රවාදය නිසා එක් දහස් නමසිය හැත්තෑ දෙකේදී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුට හිමිවූ අතර ඉන් පසු මේ ක්‍ෂේත්‍රයේ ශාස්ත්‍රීය කටයුතු කෙරෙන්නේ අර්ථවත් ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් පෙර කී කොන්දේසි කොතරම් දුරට ලිහිල් කල යුතුදැයි සලකා බැලීමටය. එනම් දැන් බටහිර විද්වතුන් උත්සාහ දරන්නේ ප්‍රශ්ණය විසඳීමට නොව කලමණාකරනය කර ගන්නටය. 

ඇරෝට නම් වැඩ පුලුවන්ය. ඔහු තම ප්‍රවාදයෙන් පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අසමත් බවය. සාමාජයිකව සමස්ථයත් එහි සංඝටකත් අතර යුක්ති සහගත සම්බන්ධ කමක් ගොඩනඟා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදයට නොහැකිය. නමුත් එය හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ දුර්වල කමක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලක්‍ෂණයකි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පුද්ගලයා සමාජයෙන් වෙන් කර ගනී. මෙසේ වෙන් කර ගත් පුද්ගලයින්ගේ එකතුවක් සමාජයක් ලෙස සැලකේ. පුද්ගලයින් සමාජයෙන් ස්වාධීන වූවිට හා ඔවුන් වෙනස් මත දරන විට සමාජයේ පොදු මතය නිර්ණය කරගන්නට නම් ඒ විවිධ මත ඡන්දයකින් යම් කිසි ආකාරයකට එකතු කරනවා හැරෙන්නට වෙන ක්‍රමයක් නැත.  මේ තත්ව යටතේ සමාජයේ පොදු මතයට තනි පුද්ගලයින් බහුතරයක් කැමති වෙන්නේ තනි තනිව ගත්විට ඔවුන්ගේ සිතුම් පැතුම් එසේත් නැත්නම් සංස්කෘතියද එකම වුනොත් පමණි. මේ නිසයි බටහිර රටවල සංස්කෘතික විවිධත්වයක් තිබිය නොහැක්කේ. පුද්ගලයින් සමාජයෙන් වෙන්වී කටයුතු කරන්නටනම් හා ප්‍රජාතන්ත්‍රය වැඩ කරන්නටනම් ඒ සමාජයේ තිබිය හැක්කේ එක සංස්කෘතියක් පමණි. ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත්කම වසා ගැනෙන්නේ මිනිසුන් එකම සංස්කෘතියකට ගාල් කිරීමෙනි. ඒ තිබිය හැකි එකම සංස්කෘතිය බටහිර සංස්කෘතිය යැයි බටහිර උගතුන් හා එහි අනුකාරකයින් අපට බල කර සිටී.

වැඩ බැරි අපේ විශේෂඥයින්ට අනුව දෙමළ සිංහල සමඟියක් ඇතිවිය හැක්කේ සිංහලුන් තම සිංහලකමත් දෙමළුන් තම දෙමලකමත් අතහැර බටහිර සංස්කෘතියට අනුගතවීම තුලිනි. ඔවුන්ට අනුව කදිරගාමර් මහතාට සිංහලුන් කැමතිවුනේ ඔහු නිර්ආගමික අසංකෘතික ස්ථාවරයක සිටිය නිසාය. මොන බොරුද? සිංහලුන්ට වැදගත්වුනේ ඔහු බටහිරුන්ට නොබියව මුහුණදුන් බවය. ඒ මහතා නළලේ අලු ගාගෙන වේට්ටියක් හැඳගෙන ඉංග්‍රීසි වෙනුවට කැඩුණු සිංහලෙන් හෝ කථා කලා නම් සාමාන්‍ය සිංහල බෞද්ධයින් තවත් ඔහුට ලං නොවී සිටියිද? පිටරට සම්මාන ලබන්නට රට හෑල්ලු කරමින් කථා කරන සිංහල බෞද්ධ ක්‍රිකට් නායකයෙකුට වඩා සිංහලුන් ඇන්ජිලෝ මැතිව්ස්ට කැමති වන්නට ඉඩක් නැද්ද? කොතරම් බහු ආගමික බහු සංස්කෘතික බයිලා කිව්වත් බටහිරුන්ට අන් සංස්කෘතීන් පිළිබඳ ඇත්තේ සැකයකි බියකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව හොඳින් දනී ඔහු පිටරට යන විට කෝට් බෑය හඳින්නේ බටහිරුන්ගේ ඒ බිය නැති කිරීමටය.  

උතුරු පළාත් සභා මහ ඇමති කමට දෙමළ සංධානයෙන් විග්නේස්වරන් මහතා ඉදිරිපත් කිරීම පිටුපස ඇත්තේද මෙවැනි අකල්පයක් බව පැහැදිලිය. විශේෂඥයින්ට අනුව ඔහු කොළඹ පාසලකින් උගෙන නාගරික පරිසරයක හැදුන වැඩුන දෙමළ භාෂාවට අමතරව තවත් භාෂා කථා කරන උගතෙකි. ඒ නිසා ඔහුට උතුරත් දකුණත් සමඟ හොඳින් ගනුදෙනු කල හැකි යැයි මෙරට අනුකාරකයින් සිතති. අද උතුරට අවශ්‍ය වන්නේ දෙමළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් මත දේශපාලණය කරන දෙමළකම හිංදුකම අත් නොහැරි පොළවේ පය ගසාගත් දේශපාලකයින්ය. විග්නේස්වරන් මහතාගේ සුදුසුකම විශේෂඥයින් උලුප්පා දක්වන දේ නම් ඔහු වරදරාජාපෙරුමාල්ටත් වඩා වාතයක් වනු ඇත.

සමාජයක මිනිසුන් එකම සංස්කෘතියකට ගාල් කිරීමට සමගාමීව ජාත්‍යාන්තරය තුල විවිධ රටවල ස්වෛරීය භාවය අහෝසි කිරීමටද බටහිරුන්ට අවශ්‍යය. එය කරන්නේ විවිධ ස්වෛරීය රාජ්‍යයන් තිබීම ලෝක සාමයට බාධාවක් යැයි ඔවුන් සිතන බැවිනි. ඒ තර්කයද ඇරෝගේ ප්‍රවාදයට අනුකූලය. නමුත් ඔවුන් තම රටවලට ස්වෛරීය භාවයක් තිබිය යුතු නැතැයි නොකියයි. ඒ නිසා බටහිර සමාජ-දේශපාලණ විද්‍යාවට අනුව අවසානයේ ලොව තිබිය හැක්කේ එක් ස්වෛරීය රාජ්‍යයක් පමණි. එය ඔවුන්ගේ රාජ්‍යයයි. බටහිර උගතුන් සහ මෙරට අනුකාරකයින් රටක ස්වෛරීය භාවය එතරම් වැදගත් නැති දෙයක් යැයි කියමින් ජාතිකත්වය සමච්චලයට ලක් කරන්නේ වෙන කිසිවකට නොව අපේ ස්වෛරීය භාවය අහෝසි කර එය බටහිර ආධිපත්‍යයට පාවා දීමටය.

ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මාකස්වාදයද ලිබරල්වාදයද ඊනියා යථාර්තවාදයද දහනමවන සිය වසේ යල් පැන ගිය අදහස්ය. මේ සංකල්ප වලට මුල්වූ රේඛීය චින්තනය, විශ්ලේෂණය, ද්වි කෝටික තර්කය වැනි අදහස් අද බටහිර භෞතික විද්‍යාඥයින් විසින් ප්‍රශ්ණ කරමින් සිටී. බටහිර සමාජ විද්‍යායින් ඒ බව දැන ගන්නට තව කල් ගත වනු ඇත.

ජානක වංශපුර


Sunday, 21 July 2013

ඉන්දියාවට කළහැකි ඉටිගෙඩියක් නැත

අප රටට වඩාත් ම සතුරු ක්‍රියාමාර්ග ගෙන ඇති රටවල් දෙකෙන් එකක් ඉන්දියාව ය. අනෙක එංගලන්තය ය. එහෙත් මෙරට බොහෝ උගතුන්ට මේ පිළිබඳ කිසිම වැටහීමක් නැත. ඔවුන්ගෙන් අතිමහත් බහුතරය එක්කෝ ඉංගිරිසි  (අද වන විට ඇමරිකන් හා බටහිර) ගැත්තෝ වෙති. නැත්නම් ඉන්දීය ගැත්තෝ වෙති.  බුදුදහම රැකගත්තෝ සිංහලයෝ ය. සිංහලයන් නොවන්නට අද ලෝකයෙන් හීනයාන යනුවෙන් හැඳින්වෙන බුදුදහම තුරන්වීමට ඉඩ තිබිණි. ඉන්දියාව බුදුසසුන රැකගැනීමට උනන්දුවක් නොදක්වයි. පසුගියදා බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ද පෙන්නුම් කෙරෙන්නේ එයයි. බුදුසසුනට ඉතා වැදගත් වූ බිහාර් ප්‍රාන්තය නොදියුණු ප්‍රාන්තයක් ලෙස දිගට ම පැවතෙයි. ඉන්දියාවේ කෞටිල්‍යයෝ එදත් අදත් බුදුසසුන රැකගත් ලංකාව ගැන වෛරයෙන් පසුවෙති. ඔවුන් හැකිනම් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගෙන බුදූසසුන නැති වී යන තැනට කටයුතු කරනු ඇත. එංගලන්තය හා අනෙක් බටහිර රටවල් දෙමළ ජාතිවාදය යොදාගන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට ආධ්‍යාත්මික ව අභියෝග කළහැකි එකම චින්තනය වූ සිංහල බෞද්ධ චින්තනය රට බෙදීම ඔස්සේ හැකිනම් විනාශ කිරමට ය. නැත්නම් දුර්වල කිරීමට ය. ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදාගන්නේ පළමුව ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයක් ඇතිකර රට බෙදා පසුව මුළු ලංකාව ම හැකිනම් ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීමට ය. දෙමළ ජාතිවාදය අද පවතින්නේ බටහිර (එංගලන්තයේ) හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙනි. බටහිරයෝ එහි දී ප්‍රධාන වශයෙන් ම විසුරුණු දෙමල ජනයා යොදා ගනිති. 

අද ඇතැම් දෙමළ හා මුස්ලිම් ප’’ක්‍ෂ (මේ පක්‍ෂ ජාතිවාදී යැයි පඬියෝ නො කියති) මෙහෙයවනු ලබන්නේ ඉන්දියාව විසිනි. දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය මෙහි දී විශේෂ වෙයි. මේ පක්‍ෂවල නායකයෝ කොළඹ කේන්ද්‍රීය වෙති. මේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ ලක්‍ෂණයක් වෙයි. ඉන්දියාව අද වෙහෙසෙන්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම ඔස්සේ මෙරට සන්ධීය (හැකිනම් සහසන්ධීය) රාජ්‍යයක් ඇතිකර ඊළමක් ඔස්සේ හැකිනම් ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීම ය. සී වී විග්නේස්වරන් දෙමළ ජාතික සංධානයේ මහඇමති අපේක්‍ෂකයා වී ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. එය සම්බන්ධන්ගේ උපායක් නො වේ. ඉන්දියාවට තවත් ප්‍රභාකරන්ලා අවශ්‍ය නොවන්නේ එවැනි නායකයන්ගේ කුල ගෝත්‍ර නොසරිලන නිසා පමණක් නොව ඔවුන් මෙහෙයවීම ද අපහසු නිසා ය. ඉන්දියාවට අවශ්‍ය දෙමළ ජාතිවාදයේ පළමු හා දෙවැනි යුගවල (ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි විස්තර කෙරී ඇත) සිටි නායකයන් වැනි කොළඹ ප්‍රභූ යැයි සම්මත පාසල්වල අධ්‍යාපනය ලැබූ බටහිර ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, ඉන්දියාවේ ඉංගිරිසි උගත් බමුණු කුලයට බෙහෙවින් සමාන නිවටයන් හා පුස්සන් පිරිසකි. ඔවුන් තමන්ට අවශ්‍ය ආකාරයට නෑටවිය හැකි යැයි ඉන්දියාව සිතයි. කොටි නායකයන් සමග සම්බන්ධකම් තිබූ අය ගැන ඉන්දියාවට විශ්වාසයක් නැත. සේනාධිරාජාට මහඇමති අපේක්‍ෂකත්වය නොලැබී ඇත්තේ මෙවන් පසුබිමක ය.  

විග්නේස්වරන් ඊනියා මධ්‍යස්ථ අපේක්‍ෂකයකු නො වේ. මධ්‍යස්ථ පුද්ගලයෝ ලොවේ නො වෙති. සෑම අයකුට ම පදනම් චින්තනයක් ඇත. ඒ ඒ අය ඒ ඒ චින්තනයේ දරුවෝ ය. 2001 දී විග්නේස්වරන් විනිසුරුවකු ලෙස දිවුරුම් දුන් දිනයේ කළ කතාවෙන් ඔහුගේ දෙමළ ජාතිවාදී ස්ථාවරය හෙළිදරවු විණි. අද ඔහු කියන්නේ දහතුන මදි බව ය. ආණ්ඩුකාරයාගේ බලතල කපා දැමිය යුතු බව ය. ගොනා හැරෙන්නේ කුමකට දැයි පැහැදිලි ය. මේ කඹයක් නැති ගොනකු නො වේ. කඹය ඇත්තේ කෞටිල්‍යයන් ළඟ ය. උතුරු පළාතේ මහඇමති වුවහොත් විග්නේස්වරන් ඉන්දියාවේ අනුග්‍රහයෙන් පොලිස් බලතල, ඉඩම් බලතල පමණක් නොව වෙනත් දේ ද ඊනියා නීතියට අනුව ඉල්ලනු ඇත. එහි දී ඉන්දියාව හා එංගලන්තය පවත්වන මිශ්‍ර රාගධාරී හා සිම්ෆනි සංගීතය පසුබිමේ ඇසෙනු ඇත. ඉන්දියාව කියනු ඇත්තේ අප ඉන්දු ලංකා ගිවිසුම ගරු කළ යුතු බව ය. එහෙත් ඉන්දු ලංකා ගිවිසුම එය ක්‍රියාත්මක වීම අරඹා දින තුනකින් අහෝසි වී ගියේ ඉන්දියාවට කොටින් නිරායුධ කිරීමට නොහැකි වූ බැවිනි. ඉඩකඩ මදි බැවින් ගිවිසුමේ පරස්පර හා දෝෂ පෙන්වා දිය නො හැකි ය. එහෙත් කිවයුතු කරුණු දෙකක් වෙයි. ඉන්දු ලංකා ගිවිසුම වලංගු යැයි පිළිගත්තත් එහි 2.10 වගන්තියෙන් පොලිස් බලතල ගැන කියැවෙන්නේ ලංකාවේ අනෙක් පළාත්වල නීතිය හා සාමය රැකීමේ දී භාවිතා කරන ක්‍රමවේදය උතුරු හා නැගෙනහිර පළාත්වල ද අනුගමනය කළ යුතු බව ය. අමුතුවෙන් ප්‍රාන්ත පොලිස් කොමිසම් පිහිටුවිය යුතු යැයි එහි නො කියැවෙයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් පමණකි. ඒ පිලිබඳ ව ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් නො වේ. ලංකාණ්ඩුව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ ඉන්දියාව සමග කිසිම ගිවිසුමකට බැඳී නැත. අපට අවශ්‍ය පරිදි දහතුන අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම හෝ කළ හැකි ය. ඉන්දියාවට ඒ සම්බන්ධයෙන් කළහැකි ඉටිගෙඩියක් නැත. විග්නේස්වරන් නිකම් ම නිකන් පුස්සකු හා ඉන්දීය රූකඩයක් බව පෙන්විය හැකි ය.  

ඒ කෙසේ වුවත් උතුරේ ඡන්දයට පෙර කළයුත්තක් වෙයි. දහතුන සංශෝධනය කිරීමට පනත් දෙකක් ඇමති මණ්ඩලය විසින් සම්මත කෙරී ඇත. ඒ පනත් දෙක වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙයි. පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුව කල් මරණ උපක්‍රමයක් ලෙස යොදාගැනීමට එහි සාමාජිකයන් ව සිටින සිංහල විරෝධීන්ට ඉඩදිය යුතු නො වේ. ලොවේ කිසි තැනක සිදු නොවූ හා නොවන පංති සටන පිලිබඳ මාක්ස්වාදී සුරංගනා කතා (මේවා බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුවලටත් වඩා බොරු වෙයි. මාක්ස්වාදී බබාලා නිදිකරවීමට නම් මේ කතා හොඳ ය) විශ්වාස කරන ඇතැම්හු ජාතියක් ජනවර්ගයක් නැතැයි කියමින් එහෙත් පරස්පර ලෙස දෙමළ ජනවර්ගයක් ඇතැයි කියමින් සිංහලත්වයට හිමි තැන දීමට විරුද්ධ වෙති. අප ඔවුන් ඇතුළු දෙමළ ජාතිවාදීන්ටවත් ඒ සියල්ලන් නටවන ඉන්දියාවටවත් කිසිම ඉඩක් නොදිය යුතු ය. ඉන්දියාව කරන්නේ පුහු තර්ජන හා ගර්ජන ය. ඔවුන්ට අවශ්‍ය බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඉන්දීය සාගරයේ බලවතා වීමට යෂ අප යටත් කිරීමට ය. එහෙත් ඔවුන්ට එය එදත් කළ නොහැකි විය. අදත් කළ නොහැකි බවට අපි වග බලාගනිමු.

නලින් ද සිල්වා


Wednesday, 17 July 2013

Indo Lanka Accord and the Provincial Councils – III

We will continue with our discussion on the infamous Indo Lanka Accord that was imposed on us almost twenty six years to date, which according to some was signed by J R Jayawardhene under duress. However we are not prepared to excuse JRJ for that as he should have stood up to  any pressure from India without betraying the sovereignty of the people. As we said in the first installment of the present series Indo Lanka Accord is not only defunct due to India failing to fulfill its obligations under the Accord but also due to it being inconsistent with the constitution of Sri Lanka, for the undefined terms in the Accord that made it meaningless and to wrong assumptions in what may be called factual statements.

We shall begin with the last of the above. The Accord states: “ 1.4 Also recognising that the Northern and the Eastern Provinces have been areas of historical habitation of Sri Lankan Tamil speaking peoples, who have at all times hitherto lived together in this territory with other ethnic groups:”. It is wrong to state that the Northern and Eastern provinces have been areas of historical habitation of Sri Lankan Tamil speaking peoples who have at ALL TIMES hitherto lived in this territory with the OTHER ethnic groups.  It is clear the document refers to the Tamil and Muslim communities, in whatever sense the word peoples is used in the two provinces. The provinces were established only as late as 1889 by the English colonial powers and before that there were no two provinces as demarcated as Northern and Eastern Provinces as at present. Even on that count it is wrong to say that the Tamil and Muslim communities had lived at all times  in the two provinces concerned unless all times mean since the demarcation was carried out in 1889. It is well known that the Muslims were settled in the present Eastern Province of the country by the Sinhala King Senerath and that the Tamils were settled by the English in between Muslim settlements having brought them for work involved with construction of the roads. The “pittu bamboo” demography of Muslims and the Tamils in the eastern Province is due to this fact and it should not be forgotten that until S J V Chelvanayakam ralised the importance of the Tamils in the Eastern Province in establishing the Eelam, the so called Batticaloa Tamils were looked down by the Jaffna Vellalas. If as the Accord also admits the Tamils and Muslims lived in these parts of the country with the other ethnic groups then it would imply the Sinhalas being the other ethnic group also had being habitants and it would be correct to say that the areas under consideration are areas of historical habitation of the Sinhalas as well. It has to be emphasized that the present eastern province has been part of Ruhunu Rata and nobody can deny that the Sinhalas were living in these areas at least from the time of the Magama Kings, through forced “international agreements” and JRJ had no right to betray the Sinhalas in 1987 simply because he was the President and the people would not recognize the Indo Lanka Accord as could be found out through a referendum under the Article 86 of the constitution. The President could submit to the people by referendum whether they approve the Indo Lanka Accord or not and act according to the results of such referendum.    

As we have already said in the previous installments the Provincial Councils had not been established on the 29th of July 1987 and the Accord referred to then non existing Provincial Councils without even defining them. Even the provinces had not been defined in the constitution at that time and they came into existence only with the eighth schedule of the constitution together with the thirteenth amendment. Even then they were not defined as administrative units, unlike in the case of districts, though the Accord referred to them as administrative units as in 2.1 and 2.2. “2.1 Since the Government of Sri Lanka proposes to permit adjoining provinces to join to form one administrative unit and also by a Referendum to separate as may be permitted to the Northern and Eastern Provinces as outlined below:
2.2 During the period, which shall be considered an interim period (i.e. from the date of the elections to the Provincial Council,as specified in para 2.8 to the date of the referendum as specified in para 2.3), the Northern and Eastern Provinces as now constituted, will form one administrative unit, having one elected provincial council. Such a unit will have one Governor, one Chief Minister and one Board of Ministers.” The interesting fact is that nothing is said about Chief Ministers and Board of Ministers in general or with respect to other provinces.

The clause 2.9 of the Accord was not honoured by India though Sri Lanka had to confine the security personnel to the barracks. We reproduce below the relevant clause. “ 2.9 The emergency will be lifted in the Eastern and Nothern Provinces by Aug. 15, 1987. A cessation of hostilities will come into effect all over the island within 48 hours of signing of this agreement. All arms presently held by militant groups will be surrendered in accordance with an agreed procedure to authorities to be designated by the Government of Sri Lanka. Consequent to the cessation of hostilities and the surrender of arms by militant groups, the army and other security personnel will be confined to barracks in camps as on 25 May 1987. The process of surrendering arms and the confining of security personnel moving back to barracks shall be completed within 72 hours of the cessation of hostilities coming into effect.”

The clause 2.15 is very vague and it could be interpreted according to the whims and fancies of the reader. The Brahmins in the Indian Foreign Office, I suppose, were not given enough time by Rajiv Gandhi who was in a terrific hurry to get control of Sri Lanka as India did in the case of Sikkim. Unfortunately for him perhaps he did not know that before him many in the areas now known as India had failed in their attempts to rule Sri Lanka and that he would be killed by Prabhakaran in due course. Clause 2.15 is as follows. “2.15 These proposals are conditional to an acceptance of the proposals negotiated from 4.5.1986 to 19.12.1986. Residual matters not finalised during the above negotiations shall be resolved between India and Sri Lanka within a period of six weeks of signing this agreement. These proposals are also conditional to the Government of India co-operating directly with the Government of Sri Lanka in their implementation.” It is clear from the above that the Indo Lanka Accord is defunct now and that the thirteenth amendment as such is in any event not referred to in the Accord.

Another interesting clause of the Accord is the following. “2.10 The Government of Sri Lanka will utilise for the purpose of law enforcement and maintenance of security in the Northern and Eastern Provinces the same organisations and mechanisms of Government as are used in the rest of the country.”  Even if we assume that the Accord is valid for the sake of argument, Clause 2.10 implies that the  Sri Lankan government would be utilizing for the purpose of law enforcement the same organizations and mechanisms that are used in the other parts of the country. This clause is also vague due to the use of the words will and are therein and Sri Lankan government could use it to its advantage.  

There is no agreement between India and Sri Lanka on the thirteenth amendment, and the Sri Lankan government in any event does not have to consult the Indian government on the amendment of the thirteenth amendment. Even if the Indo Lanka Accord is still valid all that the Indian government could do is to see whether the Accord is violated as a result of amending the thirteenth amendment.  As far as the police powers are concerned all that the government of Sri Lanka has to do, in order to “honour” the Accord, assuming that it is valid, is to have the same mechanisms for the enforcement of law in all the provinces of the country. Most of the Articles in the thirteenth amendment including the Lists and the appendices especially on police powers and land distribution powers could be repealed without violating the Indo Lanka Accord by Sri Lanka. For example, it is not necessary to set up provincial divisions of the Sri Lankan police force provided that the Northern and Eastern provincial councils have the same mechanism of law enforcement as the rest of the country.

Nalin De Silva


බෞද්ධයින් ඩීමනයිස් කිරීම

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල ඩීමන් යන නම යෙදන්නේ පව්කාර අමනුස්සයින්ටය. බටහිරුන් තම ආගම්වාදී යුධ වලදීත් මිශණාරී කටයුතු වලදීත් තමන්ට විරුද්ධ ආගම් අදහන්නන් හා ඔවුන්ගේ දෙවිවරු ඩීමනයන් ලෙස පෙන්වා දෙන්නට, නැත්නම් ඩීමනයිස් කිරීමට උත්සාහ දැරූහ. අද බටහිර සංස්කෘතිය තුල බෞද්ධයින් විශේෂයෙන්ම බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ඩීමනයිස් කිරීමක් සිදුවෙමින් පවතී. එහි ක්‍රියාකාරිත්වය තේරුම්ගත හැක්කේ නූතන යටත්විජිතවාදය පසුබිම් කරගෙනය.

බෞද්ධයින් වෙසෙන රටවල්ද තම යටතට ගැනීමට බටහිරුන්ට උවමණාවක් ඇත. ඒ දැනට වසර සිය ගණනක් තිස්සේ ඔවුන් කරගෙන යන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේම ඉදිරි ගමනය. නමුත් බටහිර සංස්කෘතියේ වෙනස් වීමත් සමඟ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ විධි ක්‍රමද, එනම් එහි සංස්කෘතියද වෙනස් විය. එදා පෘතුගීසීන් කලාක් මෙන් රටවල් ආක්‍රමණය කිරීමට අද බටහිරුන්ට හැකියාවක්වත් කැමැත්තක්වත් නැත. තම රට ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මැලි නොවුනත් විදෙස් රටක නොපෙනෙන නොහඳුන හතුරන්ට එරෙහිව ආක්‍රමණශීලීව යුධ වදින්නට සාමාන්‍ය බටහිරුන් තුල මේ වන විට ඇත්තේ මන්දෝත්සාහී බවකි. ඔවුන් විසින්ම නිර්මාණය කර ඇති මානව හිමිකම් පිළිබඳ කථාද ඊට හේතුවී ඇත.විශාල හමුදාවක් යොදා ගනිමින් විදෙස් රටක භූමිය අල්ලාගෙන එරට පාලණය කිරීම කල නොහැකි දෙයක් බව වියට්නාම් යුද්ධයෙන් පසුව ඔවුන්ට අවබෝධවිනි. ඉරාකයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් ඔවුන් ඉගෙනගත්තේ දමණය කල රටක් කළමණාකරණය කල හැක්කේ රූකඩ ආණ්ඩුවක් තනා එය ශක්තිමත් කිරීමෙන් මිස තමන්ගේ හමුදාවකට නොවන බවය. අද වෙනවිට බටහිරුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ සංස්කෘතිය වෙනස්වී ඇත. නමුත් එහි පදනම වන ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ඔවුන්ට ඇති බිය එදාටත් වඩා අද බලවත්ව ඇත. ඒ අන් කවරදාකටත් වඩා අද ඔවුන් ඊනියා බාහිර ලෝකය මත යැපෙන බැවිනි. 

එකල මිනිස්සු සතුන් දඩයම් කරගෙන මස් ආහාරයට ගත්හ. නමුත් අද මිනිස්සු එදාමෙන් සතුන් දඩයම් කරන්නේ නැත. අද ඔවුහු මසට ඇතිකල සතුන් මරා වෙළෙඳසැල් වල ශීතකරණයේ පැකට් වශයෙන් තබා ඇති මස් අනුභව කරති. අවශ්‍යනම් වැඩි මිලක් ගෙවා නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ දී ඊනියා කාබනික ආහාර කැවූ මානුෂීය අන්දමට ඝාතනය කල සතුන්ගේ මස් අනුභව කරති. ඔවුහු එදා ඇති සැටියෙන් මස් කෑ නමුත් අද මිනිසුන්ට මස් නොකා බැරිය. බටහිර අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ සංස්කෘතිය වෙනස්වී ඇත්තේද මිනිසුන්ගේ මස් කෑමේ සංස්කෘතිය වෙනස් වී ඇති ආකාරයටය.

නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය එකිනෙකට සම්බන්ධ ක්‍රියාදාමයන් පද්ධතියක් හරහා සිදුවේ. එහි මූලික අංගය පවතින රජයට විරුද්ධ බටහිරට ගැති රාජ්‍ය ද්‍රෝහී බලවේගයක් ස්වදේශිකව ඇති කර ගැනීමය. එයට සැලකිය යුතු පිරිසකගේ සහයෝගය ලැබිය යුතුමුත් එය බහුතර මතය වීම අත්‍යාවශ්‍ය නොවේ. දෙවනි අංගය මේ රාජ්‍ය ද්‍රෝහීන්ගේ මතවාදය බටහිර සාමාන්‍ය ජනතාව ඉදිරියේ සාධාරණය කර ගැනීම සඳහා මානව හිතවාදී කථාවක් ගෙතීමය. තුන්වෙනි අංගය ඒ මානව හිතවාදී කථාව පදනම් කරගෙන රාජ්‍ය ද්‍රෝහීන් බලයේ පිහිටුවීම අරභයා යුද්ධයක් කිරීමය. එය සම්බාධක පැනවීම තුලින් කෙරෙන ආර්ථික යුද්ධයක් විය හැකිය නැතිනම් ගුවනින් ගොස් බෝම්බ දමා හෝ මිසයිල මඟින් හෝ ඩ්‍රෝන යාත්‍රා මඟින් කෙරෙන දුරස්ථ ප්‍රහාරයක් විය හැකිය. එවැනි දුරස්ථ කෙටි ප්‍රහාරයකින් බටහිරුන්ගේ ප්‍රායෝගික මැදිහත්වීම අවම කර ගත හැකිය. වර්තමාන බටහිර සාමාන්‍ය ජනතාව කැමති කර ගත හැක්කේ ආර්ථික හා සාමාජයික වැය අඩු දුරස්ථව කෙරෙන කෙටි යුද්ධයකට පමණි. එය වෙලඳසැල් වලින් ලබා ගත් පැකට්කල මස් කෑම වැනිය. 

ලිබියාව් සාර්ථකව ක්‍රියාත්මක වූයේ නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියය. සිරියාවේ වෙන්නේද ඒ දෙයමය. නමුත් බෞද්ධ රටවල් තුල නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම බටහිරුන්ට එතරම් සරල කාර්යයක් නොවේ. 

බටහිර රටවල හිංදු ආගමට නැති තැනක් බෞද්ධාගමට ඇත. විශේෂයෙන්ම බටහිර උගතුන් බෞද්ධ දැනුම උසස්යැයි සලකති. බටහිර මනෝ විද්‍යාව ස්නායුවේදය හා භෞතික විද්‍යාව වැනි විශයන් තුලට බෞද්ධ දැනුම අවශෝෂණය කර ගැනීමට විද්වතුන් සාර්ථක නොවුනත් දරන උත්සාහය ඊට නිදසුණකි. ඒ නිසා ඔවුහු බෞද්ධ පොත පත හදාරන්නටත් භාවනා කරන්නටත් උනන්දුවක් දක්වති. වත්මන් බටහිර සමාජයේ සාමාන්‍ය ආකල්පය බෞද්ධයින් අහිංසකයින් බවය. ටිබෙට් ජාතික දලෙයි ලාමා තුමා ප්‍රමුඛ බටහිර රටවල වෙසෙන නොයෙකුත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපයන්ද බටහිරුන් තුල බෞද්ධයින් පිළිබඳ මේ ආකල්පය ඇති කිරීමට හේතු වී ඇතැයි සිතිය හැකිය. 

බෞද්ධයින් සමඟ යුද වදින්නට නම් බටහිරුන් තුල බෞද්ධයින් පිළිබඳ ඇති සුහඳ ආකල්ප වෙනස් කිරීමට අවශ්‍යය. ජන මාධ්‍ය හා බටහිර ගැති ජන මාධ්‍ය හරහා බෞද්ධයින් ඩීමනයිස් කිරීම ඇරඹී ඇත්තේ ඒ සඳහාය. ඩීමනයිස් කිරීම වෙසෙසින්ම එල්ලවී ඇත්තේ ථෙරවාදී බෞද්ධයින්ට වීමද වැදගත්ය. මහායාන ධර්ම මෙන් නොව ථෙරවාද ධර්ම බටහිර සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට ඇති නොහැකියාව ඊට මූලික හේතුවක් විය හැකිය. 

බුද්ධ ගයාවේ බෝම්බ පිපිරීමත් ටයිම්ස් පුවත් පතින් බුරුම ජාතික ව්‍යාපාරයට පහර ගැසීමත් තේරුම් ගත යුත්තේ මේ නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුලය. බුද්ධ ගයාවේ බෝම්බ පිපුරුවූයේ කව්ද යන්නට වඩා ඉන්දීය බලධාරීන් විසින් එය මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් කලේ යැයි නම් කිරීමට උනන්දුවීම වැදගත්ය. එහි අරමුණ බුරුමයේ බංගලාදේශයේ වැනි රටවල ඇවිලෙමින් පවතින බෞද්ධ මුස්ලිම් ගැටුම් වලට පිදුරු දැමීමද? ලංකාවේ බෞද්ධ මුස්ලිම් ගැටුමක් ඇති කිරීමද? ඒ හරහා කෲර බෞද්ධයින් ගෙන් මුස්ලිම්වරුන් ගලවා ගැනීම සඳහා මානුෂික මෙහෙයවීමක් දියත් කිරීමට ඉඩ ලබා ගැනීමටද? නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුල මේ කිසිවක් ඉවත දැමිය නොහැකිය. ලංකාවේ හලාල් ප්‍රශ්ණය දැවෙන සමයේ ලංඩනයේ ශ්‍රී ලාංකික සම්භවයක් නැති මුස්ලිම් පිරිසක් විසින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට සහයෝගය දක්වමින් උද්ගෝෂණය කල බව අමතක නොකල යුතුය. බොදු බල සේණා රාවය වැනි භික්‍ෂූ නායකත්වයක් ඇති සංවිධානවල ක්‍රියා කාරිත්වය මෙන්ම ඊට ඇති විරෝධයද විග්‍රහ කල යුත්තේද නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුලය. සිංහල බෞද්ධ විරෝධී ලිපි ලියන සමහර බටහිර ගැති උගතුන් මේ සංවිධාණවල භික්‍ෂූන් වහන්සේලා ඩීමනයිස් කිරීමට මහත් අභිරුචියක් දරන බව රහසක් නොවේ. ඒ අතර දෙමළ ජාතික සංවිධානයේ සුමන්තිරන් මහතාට අවශ්‍ය කිසියම් බෞද්ධයින් පිරිසක් විසින් මුස්ලිම් වෙලඳ ව්‍යාපාරයකට කල පහරදීමක් මුලු බෞද්ධ සමාජයටම බැර කිරීමටය. ඔහු ඒ කීම සාධාරණය කිරීම සඳහා එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මුස්ලිම් ජනතාව යාපනයෙන් පලවා හැරීමට මුලු දෙමළ සමාජයම වගකිය යුතුයැයි කියයි. නමුත් මුස්ලිම් ජනතාව යාපනයෙන් පලවා හැරීම සම්බන්ධයෙන් සාමාන්‍ය දෙමළ ජනතාවට කිසිවෙක් දොස් නඟන්නේ නැත. සුමන්තිරන් මහතාටද අවශ්‍ය බෞද්ධයින් ඩීමන්ස්ලා කිරීමට පමණක් බව පැහැදිලිය.

බටහිරුන් තමන් ගැන දරන ආකල්පයට වඩා රටේ ස්වෛරීය බව රැක ගැනීම සිංහල බෞද්ධයින්ට වැදගත්විය යුතු බව සත්‍යය. නමුත් සිංහල බෞද්ධ සංවිධාන ජාතිවාදීව හා නීති විරෝධීව කටයුතු කිරීම අනුමත කල නොහැකිය. ඒ ක්‍රියා සදාචාරාත්මක නොවෙන අතර සිංහල බෞද්ධයින් ඩීමනයිස් කරවීමටද ඉඩ ලබාදේ. 

සිංහල බෞද්ධ සංවිධාන වලට සැලකියයුතු පිරිසක් ඒක රාශී කර ගැනීමට හැකිවී ඇත. එය හොඳය. නමුත් රජය ජාතික මතවාදයක සිටගෙන කටයුතු කරන අවස්ථාවලදී ජාතිකමුත් විකල්ප දේශපාලණ සංවිධාන මත බලය කේන්ද්‍රවීම හෝ තමන්වෙත දේශපාලණ බලයක් කේන්ද්‍රගත කර ගැනීමේ අරමුනින් සංවිධාන නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ රාජ්‍ය බලය විසිර යෑමය. සමහරවිට එවැනි සංවිධාන ජාතිකත්වය මත ජනතාව එක් රැස් කරගෙන දෙවනුව ආණ්ඩු විරෝධීවී තුන් වෙනුව බටහිර ආධාර ඇතිව රාජ්‍ය ද්‍රෝහීව කටයුතු කරමින් නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට පාර කැපීමට ඇති ඉඩ නොසලකා හැරිය නොහැකිය. 

සිංහල බෞද්ධයින් ඩීමන්සලා කිරීම අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ වැදගත් අංශයකි. නමුත් එය එක් අංශයක් පමණි. නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ රටතුල ජාති ද්‍රෝහී විපක්‍ෂයක් බිහි කිරීම, ඩීමන්ස්ලා නිර්මාණය කිරීම හා දුරස්ථ යුද්ධය යන එකිනෙකට සම්බන්ධ ක්‍රියාදාමයන් සමූහයක් හරහාය. ජාතික ව්‍යාපාරය කටයුතු කල යුත්තේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය සමස්ථයක් හැටියට අවබෝධ කරගෙනය.

ජානක වංශපුර


Sunday, 14 July 2013

බුද්ධගයාවට බෝම්බ ගැසීම

පසුගිය දා බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන්වහන්සේ අසල බෝම්බ කිහිපයක් පුපුරා ගියේ ය. පුපුරා නොගිය තවත් බෝම්බ කිහිපයක් ද සොයාගෙන ඇත. ඒ පිළිබඳ ව ඉන්දීය තොරතුරු මධ්‍යස්ථානය කල්තබා ම දන්වා තිබූ නමුත් බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට අසමත් වී ඇති බව පැවසෙයි. කෙසේ වෙතත් ඉන්දීය බලධාරීන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඉන් කිහිප දෙනකු නිදහස් කර ඇති බවත් ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන්නේ යැයි කියන මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් වන මුජාහිඩීන් (අරගලය යන තේරුම ඇති අරාබි වචනයක් වන ජිහාඩ් යන්නෙන් බිඳී ඇතැයි කියැවේ) සංවිධානය එහි වගකීම භාරගෙන ඇති බවත් කියැවෙයි. මේ මුස්ලිම් සම්බන්ධයක් ගැන ලංකාවේ කිසිවකු කියා නැති බව ඇතැම් ත්‍රිරෝද පක්‍ෂ නායකයන්ට කිව යුතු ය. ඒ නායකයන්ට අවශ්‍ය වූයේ ඒ පිළිබඳව ද සිංහල බෞද්ධ සංවිධානවලට දොස් පැවරීම ය. ඒ අතර ඒ ජා පක්‍ෂයේ ඇතැමකුට හා හිටපු හමුදාපතිවරයකුට අනුව බුද්ධගයාවේ බෝම්බ ගැසීම පිළිබඳව ලංකාණ්ඩුව වග කිව යුතු ය! මුජාහිඩීන් හෝ වෙනත් මුස්ලිම් සංවිධානයක් හෝ බුද්ධගයාවට බෝම්බ ගසන්නේ ඇයි? එයට හේතුව ලෙස ඉන්දීය බලධාරීන් පමණක් නොව ලංඩනයේ පළවන ටයිම්ස් නම් ඉංගිරිසි සංස්කෘතියේ මුරබල්ලා ලෙස සැලකිය හැකි පුවත්පත ද කියන්නේ (අඩුම තරමෙන් අඟවන්නේ) ශ්‍රී ලංකාවේ. මියන්මාරයේ හා තායිලන්තයේ බෞද්ධයන් (ථෙරවාද) මුස්ලිම් ජනයාට හිරිහැර කරන බැවින්  එයට ප්‍රතිචාරයක් ලෙස මුජාහිඩීන් සංවිධානය බුද්ධගයාවේ බෝම්බ පුපුරවා ඇති බව ය. ඉන්දීය බලධාරීන්ට අනුව ඒ සඳහා මියන්මාරයෙන් ඉස්ලාම් භක්තිකයකු පැමිණ ඇත. මේ සියළු කතා සුරංගනා කතා පමණකි. මේ කතාවේ අවසානය කෙසේ ලිය වී ඇත් දැයි අපි නො දනිමු. ඉන්දීය ඔත්තු සේවය හා බටහිර ඔත්තු සේවා එක්ව එහි දී මුජාහිඩීන් සංවිධානයේ කිසිවකු යොදා ගත්තේ ද යන්න ද ප්‍රශ්නයක් ලෙස ඉතිරිවනු ඇත. ලංකාවේ කොටි සංවිධානය යොදාගනු ලැබුයේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කරනු පිණිස ය, ඒ නොහැකි නම් දුර්වල කිරීමට ය. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළදා මාළිගාව අසළ සිදු වූ බෝම්බ ප්‍රහාර පිටුපස වූ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය සිංහලයන්ට තවමත් තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.  

අප අද ඇත්තේ ලංකාවේ ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී දේශපාලනයේ හතරවැනි යුගයේ ය. පළමු යුග තුන ගැන කෙටි විස්තරයක් 1995 දී පළකළ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වේ. ඒ පොතෙහි දෙමළ ත්‍රස්තවාදය හමුදා ක්‍රියා මාර්ගවලින් පරාජය කළ යුතු බවත් දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව හා දේශපාලනික ව පරාජය කළ යුතු බවත් පවසා ඇත.  අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කරමින් තුන්වැනි යුගය අවසන් කළෙමු. එමෙන් ම දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව ද මුළුමනින් ම මෙන් පරාජය කර ඇත. එහෙත් අපට තවමත් දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට නොහැකි වී ඇත. දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී අප ඒ නොකළහොත් ඊළාම් තර්ජනය නැති නොවන බව අපි 1995 තරම් ඈතක දී එකී කෘතියෙන් ද කීවෙමු. මෙහි දී බටහිරයන් හා ඉන්දියාව අපට එරෙහි ව සිටින බව අවධාරණය කළ යුතු ය. බුද්ධගයාවේ බෝම්බ පිපිරෙන්නේ ශ්‍රී ලංකාවේ, මියන්මාරයේ හා තායිලන්තයේ පමණක් නොව බංග්ලාදේශයේ ද ථෙරවාද බෞද්ධයන් හා මුස්ලිමුන් අතර අවුල් ඇති පසුබිමක ය. බටහිරයන් හා ඉන්දියාව (අඩුම තරමෙන් ඔත්තු සංවිධාන) ඒ බව දනියි. ඒ ආරවුල් ද ප්‍රධාන වශයෙන් ම බටහිරයන්ගේ මැදිහත් වීමෙන් සිදුවෙයි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට ආධ්‍යාත්මික අභියෝගය ථෙරවාදයෙන් ද හමුදාමය අභියෝගය මුස්ලීම් සංස්කෘතියෙන් ද එල්ල වෙයි. හැකිනම් ඒ සංස්කෘතීන් දෙකම එක ගලෙන් නැතිකිරීම බටහිරයන්ගේ අභිප්‍රාය වෙයි. අප මේ බව කියා ඇත්තේ වරක් දෙවරක් නො වේ.  

ඉහත සඳහන් රටවල් තුනෙන් ලංකාව අද වඩාත් තීරණාත්මක කාලයක් පසුකරමින් සිටියි. අපි මෙතෙක් බිඳිය නොහැකි කළුගලක් සේ හුවාදැක්වුණු දහතුන්වැනි සංශෝධනය අහෝසිකිරීමට පුළුල් ව සාකච්ඡා කරමු. මේ සාකච්ඡාව අවුරුදු විසිපහක් සුළුවෙන් නමුත් පැවතුණු බව සියල්ලෙහි ගෞරවය තමන්ට පවරාගැනීමට උත්සාහ දරණ දේශපාලන පක්‍ෂවලට මතක්කර දිය යුතු ය. අනෙක් අතට පළමු වරට උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කෙරී ඇත. දහතුන පසුව අහෝසි කරන තෙක් එය හැකි ඉක්මණින් සංශෝධනය කළ යුතු වෙයි. මේ සියල්ල නැවැත්වීමට කටයුතු කරන්නේ කවුරුන් ද? එක් පැත්තකින් දහතුන සංශෝධනය කිරීම හා අනෙක් පැත්තෙන් උතුරේ ඡන්දය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කිරීමෙන් වාසි ලැබෙන්නේ දෙමළ ජාතිවාදයට ය.  ඡන්දය නොපැවැත්වීමෙන් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නොදෙන්නේ යැයි ලංකාණ්ඩුවට හා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව ලබාගැනීමට බටහිර හා ඉන්දියාව සූදානම් වෙයි. මුස්ලිමුන් විසින් කරන ලදැයි කියන බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරයට එරෙහිව සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට පහර දෙනු ඇතැයි බටහිර හා ඉන්දියාව බලාපොරොත්තු නොවිණි යැයි අපට කිව හැකි ද? මන්නාරම් දිස්ත්‍රික්කයේ විශාල මුස්ලිම් ජනගහණයක් සිටිය දී උතුරේ ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාකරවීමට තිබිණි. මෙවරත් සිංහල බෞද්ධයෝ ප්‍රකෝප නොවී කෞටිල්‍යයන් පැරදවූහ. අපට දැන් ඇත්තේ අර සුරංගනා කතාව කෙසේ අවසන් වේ දැයි දැන ගැනීම පමණ ය. එහෙත් දෙමළ ජාතිවාදය හා එහි පිටුපස සිටින බටහිර පඬියන් හා ඉන්දීය කෞටිල්‍යයන් තම කටයුතු මෙයින් අවසන් නොකරනු ඇත. සිංහල බෞද්ධ යැයි කියන පක්‍ෂ හා සංවිධාන ද එහි දී යොදා ගෙන ආණ්ඩුව අස්ථාවර කිරීමට ඔවුන් ක්‍රියාකරනු ඇත. ඉදිරියේදීත් කල්පනාකාරීව කටයුතු කිරීමට සිංහලයන් ඉටාගත යුතු ය. ඒ අතර කිවයුතු කරුණක් වෙයි. ඉන්දියාව අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අප මත පැටෙව්වේ මෙරට දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යැයි කියමිනි. පසුගිය වකවානුවේ ද ඉතිහාසය පුරා ද අප දකින්නේ කෞටිල්‍යයන් බෞද්ධයනට කරන හා කර ඇති අසාධාරණකම් ය. ඉන්දියාවට පැහැදිලිව ම තම බෞද්ධ සිද්ධස්ථාන, භික්‍ෂුන් වහන්සේ හා එරට හා එරටට පැමිණෙන බෞද්ධයන් ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් හෝ හැකියාවක් හෝ නොමැති බව පැහැදිලි ය. ඉන්දියාව මත බලයෙන් ලංකා ඉන්දියානු ගිවිසුමක් ඇතිකිරීමට අපට ශක්තියක් නැත. එහෙත් ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන, භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධයන් රැකීමට ත්‍රස්තවාදය පරාජය කළ ලංකා හමුදාවේ ඛණ්ඩයක් පිටත්කර හැරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.  කෞටිල්‍යයන් ඒ ගැන කියන්නේ කුමක් ද?

නලින් ද සිල්වා


Wednesday, 10 July 2013

ගැලීලියෝ කළේ කුමක් ද?

කාළාම සූත්‍රයෙහි මුල් කොටසෙහි කියැවෙන්නේ සියල්ල තනිව ම කල්පනාකර පර්යේෂණකර දැනගත යුතු බව නො වේ. එහෙත් මෙරට උගතුන් යැයි කියන්නන් කාළාම සූත්‍රයට එවැනි අර්ථකථනයක් දීමට තැත්කරන්නේ බටහිර විද්‍යාවෙහි ද එවැනි ආකල්පයක් ඇතැයි විශ්වාස කරමිනි. එහෙත් එය එසේ නො වේ. බටහිර ‍‍සෛද්ධාන්තික විද්‍යාඥයකු යැයි කිවහැකි ලාංකිකයකු  බොහෝ දෙනකු දන්නේ ගිරවුන් මෙන් විවෘත මනසකින් නිරීක්‍ෂණ කිරීමක් ගැන කතාකිරීමටත්, එමගින කල්පිතයක් ඇතිකිරීමත් නිගමනවලට එළඹීමත් වැනි සරල එහෙත් බටහිර විද්‍යාවේ කිසි දිනෙක සිදු නොවන ක්‍රියා ගැන නන්දෙඩවීමටත් ය.

බටහිර විද්‍යාවෙහි යම් අධ්‍යයනයක් කෙරෙන්නේ ම කල්පිතයක් මත පදනම් වී ය. අධ්‍යයනයක් පටන් ගන්නා අයකුට සෑම විට ම යම් මතයක් ඇත. ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණේ පර්යේෂණය කළේම ස්කන්ධය කුමක් වුවත රික්තයක වස්තු එකම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීමටත් ඈරිස්ටෝටල්ගේ මතය, එනම් වඩා බර වස්තු ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න වැරදි බව පෙන්වීමටත් ය. ගැලීලියෝ තම කල්පිතය නිවැරදි බව පෙන්වීමට ලක ලැහැස්ති වී ඇළවෙන කුළුණට ගියේ ය. 

ඇරිස්ටෝටල්ගේ මතය වැරදි බව ගැලීලියෝ වටහා ගත්තේ කෙසේ ද යන්න බටහිර විද්‍යාවේ ඉතිහාසයෙහි පැහැදිලි නො කෙරෙයි. එහෙත් ඇරිස්ටෝටල් වඩා බර වස්තු ඉක්මණින් පොළොවට ඇද වැටෙන බව දැනගත්තේ නිරීක්‍ෂණයෙන් බව පැහැදිලි ය. ඇරිස්ටෝටල් සංයුක්ත චින්තනයකට උරුමකම් කීවේ ය. ඔහුගේ දැනුම පංචෙන්ද්‍රියයන්ට ගෝචරවූ දැනුමකි. ගසකින් එක්වර වැටෙන කොලයක් හා ගෙඩියක් ගතහොත් ගෙඩිය කොළයට වඩා ඉක්මණින් පොළොවට වැටෙන බව අපි දනිමු. එය අපේ සංයුක්ත දැනුම ය. එය ඇරිස්ටෝටල්ගේ ද සංයුක්ත දැනුම විය.

එපමණක් නොව එය ගැලීලියෝගේ ද සංයුක්ත දැනුම විය. එහෙත් එය වායු ගෝලයෙහි වස්තු වැටීමෙහි දී අප අත්දකින දෙය වෙයි. ගැලීලියෝට අවශ්‍ය වූයේ රික්තයක වස්තු වැටෙන්නේ කෙසේ දැයි දැන ගැනීමට ය. කුළුණක් වටා රික්තයක් සංයුක්ත ව ඇතිකර ගැනීමට බටහිර විද්‍යාවට අද ද නො හැකි ය. ගැලීලියෝ එබැවින් වියුක්තයට මාරු විය. ඔහු අන් අයට කීවේ සංයුක්ත ව දැනගත නොහැකි රික්තය වියුක්ත ව සිතාගන්නා ලෙස ය. ඔහු තමාට අවශ්‍ය දේ පෙන්වීම සඳහා කුළුණෙන් අත්හැරීමට සුදුසු වස්තු යොදාගත්තේ ය. ගැලීලියෝ කිසි දිනෙක ඒ සඳහා ගසක කොළයක් හා ගෙඩියක් යොදා නොගත්තේ ය. 

බටහිර  විද්‍යාවේ කෙරෙන්නේ වියුක්ත කතන්දර ගෙතීම ය.එසේ නොමැතිව ඊනියා විවෘත මනසකින් පර්යේෂණ කිරීම නො වේ. පර්යේෂණ, නිරීක්‍ෂණ කිරීම ලෝකයේ විවිධ රටවල , විවිධ සංස්කෘතීන්වල කෙරී ඇත. ඇරිස්ටෝටල් ද තම ප්‍රවාද ගොඩනගා ඇත්තේ නිරීක්‍ෂණවල ආධාරයෙනි. බුදුන් වහන්සේ දවස බමුණෝ පරීක්‍ෂණ මගින් ආත්මයක් ඇතැයි පෙන්වීමට උත්සාහ කළහ. එය අසාර්ථක පරීක්‍ෂණයක් විය. එහෙත් එකල ද පරීක්‍ෂණ කෙරී ඇත. ඈරිස්ටෝටල්ගේ නිරීක්‍ෂණ සංයුක්ත නිරීක්‍ෂණ විය. එහෙත් ඔහු සාධාරණ ප්‍රවාද ඉදිරිපත් කළේ ය.

වඩා බර වස්තුව සැහැල්ලු වස්තුවට වඩා ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න සංයුක්ත නිගමනයකි. එහෙත් එය එවැනි සියළු වස්තුවලට වලංගු වන්නේ යැයි ඇරිස්ටෝටල් සිතූ බව පෙනෙයි. ඒ අනුව එය සියළු වස්තුවලට බලපාන සාධාරණ නිගමනයකි. අවශ්‍ය නම් එය සාධාරණ නියමයකි. එහෙත් එය වියුක්ත නියමයක් නො වී ය. එය සාධාරණ සංයුක්ත නියමයක් විය. සංයුක්ත නියම පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. වියුක්ත නියම, වියුක්ත ගණිතය පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. මෙරට ඇතැමුන් වියුක්තය ගැන මහ හඬින් මහත් භක්තියකින් කතාකළ ද වියුක්තය සංයුක්තයට වඩා සත්‍ය වන්නේ නො වෙයි. සංයුක්තය බොරුවකි. වියුක්තය පට්ටපල් බොරුවකි. 

ගැලීලියෝ කළේ ඊනියා විවෘත මනසකින් කරන පර්යේෂණ ලෝකයට හඳුන්වාදීම නොව වියුක්ත ප්‍රවාද භෞතික වස්තු සඳහා යොදා ගැනීම ය. එහි දී සිදුවූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය බටහිර විද්‍යාවෙහි චින්තනය බවට පත්වීම ය. එය චින්තන විප්ලවයකි. එහෙත් එය ගැලීලියෝගේ විප්ලවයක් නො වී ය. පහළොස්වැනි සියවසේ සිට දකුණු යුරෝපයේ ගොඩනැගුණු චින්තනයක් ගැලීලියෝ විසින් දහහත්වැනි සියවසේ දී භෞතික වස්තූවල ගුණ අධ්‍යයනය කිරීම සඳහා යොදා ගැනීම ය. එහි දී අනිවාර්යයෙන් ම ගැලීලියෝ ට පැරැන්නන්ගේ මත ඉවත දැමීමට සිදුවිය. 

ගැලීලියෝ ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක පියා නොව බටහිර වියුක්ත විද්‍යාවේ පියා විය. ගැලීලියෝගෙන් පසුව බටහිර විද්‍යාඥයන් ක්‍රියා කරන්නේ කෙසේ ද? සංවාද අවසානයේ දී අනෙක් තැනැත්තාට පිලිතුරු දීමට ඉඩක් (කාලයක්) නොදී අනුන්ගෙන් ණයට ගත් මතයක් නිවට ව ඉදිරිපත්කරන කාලෝ ෆොන්සේකා මහතා හෝ කිසිම දවසක බටහිර විද්‍යාව හරිහැටි හදාරා නොමැති මාර්ටින් වික්‍රමසිංහ මහතා හෝ ඒ පිළිබඳ ව දැන සිටියේ කුමක් ද? බටහිර විද්‍යාඥයෝ යම් යම් සංයුක්ත සංසිද්ධි “තේරුම් ගැනීම” සඳහා වියුක්ත ප්‍රවාද ගොතති. මේ වියුක්ත ප්‍රවාද යනු වියුක්ත කතන්දර මිස අන් කිසිවක් නො වේ.

වියුක්ත කතන්දර යනු කලින් ද සඳහන්කර ඇති පරිදි පට්ටපල් බොරු ය. එහෙත් මෙයින් අදහස් කරන්නේ සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීම අත්හැරිය යුතු බව නො වේ. අද තිබෙන සමාජ ක්‍රමය හා බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය අනුව උසස් යැයි සම්මත රැකියාවක් කිරීමට නම් බටහිර දැනුම ලබා තිබිය යුතු ය. එයින් ද ඉංජිනේරු වෛද්‍ය ආදී වෘත්තීන්හි යෙදීමට නම් බටහිර විද්‍යාව හදාරා තිබිය යුතු ය. එබැවින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු වූ වියුක්ත කතන්දරවලින් සමන්විත වූ පමණින් කිසිවකු බටහිර විද්‍යාව නොහදාරා සිටිය යුතු නො වේ. හැකිනම් කළ යුත්තේ බටහිර විද්‍යාව හොඳින් හදාරා (ජනප්‍රිය පොතපතින් නො වේ) එහි දුර්වලකම් දැනගෙන එයට පහර දී බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට කටයුතු කිරීම ය. බටහිරයන් අද අප පාලනය කරන්නේ තුවක්කුවෙන් නොව දැනුමෙන් බව අවධාරණය කළ යුතු ය. 

බටහිර විද්‍යාවේ දී ගැලීලියෝගෙන් පසුව විද්‍යාඥයන් කරන්නේ කලින් තිබූ ප්‍රවාදයක් හෙවත් කතන්දරයක් හෙවත් පට්ටපල් බොරුවක් වෙනුවට වෙනත් පට්ටපල් බොරුවක් ආදේශ කිරීම ය.  පට්ටපල් බොරුවලට වැඩි ආයුෂක් නැත. යම්කිසි දවසක දී එහි බොරුව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි වෙයි. ප්‍රවාදය නම් ගාම්භීර නමකින් හැඳින්වෙන වියුක්ත බොරු කතන්දරය හා  සංයුක්ත නිරීක්‍ෂණ අතර පරස්පර, විසංවාද පැනනගියි.  එවිට එතෙක් පවත්වාගෙන ආ පට්ටපල් බොරුව වෙනුවට වෙනත් පට්ටපල් බොරුවක් අවශ්‍ය වෙයි.

බටහිර විද්‍යාඥයෝ හා බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ ඇතැම් විට මේ ආදේශකිරීම සත්‍යයට ළඟාවීමක්, ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමක් ආදී වශයෙන් හඳුන්වති. ඒ ඊනියා ප්‍රවාදවල අසත්‍යබව වසංකිරීමට ගන්නා උත්සාහයක් පමණ ය. එක් පැත්තකින් කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා අසත්‍යකරණයක් ගැන කතාකිරීමෙන් බටහිර විද්‍යාවේ සෙළුව අතින් වැසීමට උත්සාහ කළේ ය. පට්ටපල් බොරු අසත්‍යකරණයට ලක්කිරීම යනු විහිළුවකි. පට්ටපල් බොරු අමුතුවෙන් බොරු බව දැක්වීම අවශ්‍ය නො වේ. ඒවා කොහොමටත් බොරු වෙයි. 

කාල් පොපර් තැත්කළේ කොහොමටත් බොරු වූ බටහිර විද්‍යාවේ කතන්දරවලට  ව්‍යාජ ගරුත්වයක් ලබාදීමට ය. බොරුව බොරුවක් බව හෙළිවනු දකින විට පොපර් කීවේ ඒවා බොරු බව පෙන්වීමට හැකියාව තිබිය යුතු බව ය. එසේ නොවේ නම් ඒ දැනුම් නොව මිථ්‍යාවන් යැයි ඔහු කීවේ ය. එමගින් ඔහු පට්ටපල් බොරුවලට සම්භාවනීයත්වයක් ලබා දුන්නේ ය. කිසිම දිනයක බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාදයක් තබා සංකල්පයක්වත් ගොඩනගා නැති මෙරට තමන් බටහිර විද්‍යාඥයන් ලෙස හඳුන්වා ගන්නා පුස්සෝ පොපර් කියා ඇති දේ වගවිභාගයකින් තොරව විශ්වාස කරති.

එක් බොරුවක් වෙනුවට තවත් බොරුවක් ආදේශ කර ඇති අවස්ථාවන්ට හොඳම නිදර්ශනය වනුයේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ය. ගුරුත්වාකර්ෂණය යනු පට්ටපල් බොරුවක් බව නිවුටන්ගේ කාලයේ ම ජීවත් වූ අය දැන සිටියහ. බුධ ග්‍රහවස්තුව නිවුටන්ගේ ප්‍රවාදයෙන් ගම්‍යවන ආකාරයට අවකාශයේ හිරු වටා චලිත නො වෙයි. නිවුටන්ගේ වියුක්ත කතන්දරය හා බුධ ග්‍රහ වස්තුව පිළිබඳ සංයුක්ත නිරීක්‍ෂණය අතර පෑහිය නොහැකි විසංවාදයක් විය. එහෙත් බටහිර විද්‍යාඥයෝ අවුරුදු දෙසීිය පනහක් පමණ මේ පට්ටපල් බොරුව රැකගත්හ. 

ලෝකයේ බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් බව නො දනිති. මෙරට නම් ඊනියා විද්‍යාඥයෝ ද ඒ බව නො දනිති. බොහෝ දෙනාට ඒ බව  දැනගැනීමට වුවමනාවක් ද නැත. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර වන්නේ යැයි කියන්නෙක් ද  කැලණිය විශ්වවිද්‍යාලයෙහි රසායන විද්‍යාව උගන්වන්නන් අතර වෙයි. එය පුදුමයක් ද නො වේ. එහි එක් රසායන විද්‍යා මහාචාර්යවරයෙක් අවුරුදු කිහිපයකට පෙර ‍සෛද්ධාන්තික රසායන විද්‍යාව (Theoretical Chemistry) ගැන අසා නො තිබිණි.  අපි ඔවුන්ට අනුකම්පා කරමු.

ඒ කෙසේ වෙතත් නිවුටන්ගේ පට්ටපල් බොරුවෙන් බටහිර විද්‍යාඥයන් උත්සාහ කළේ   පොළොවට පොල් වැටීම පිළිබඳ සංයුක්ත ප්‍රපංචය “ තේරුම් කිරීමට ” ය. පසුව අයින්ස්ටයින් මේ ප්‍රපංචය ම “තේරුම් කිරීමට ” වෙනත් බොරු කතන්දරයක් ගෙතුවේ ය. ඒ පට්ටපල් බොරුව සාධාරණ සාපේක්‍ෂතාවාදය නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ එලෙස එක් පට්ටපල් බොරුවක් තවත් පට්ටපල් බොරුවකින් ආදේශ කිරීම ය. මේ ක්‍රියාවලිය සත්‍යය කරා ළඟාවීමක් ලෙස හැඳින්වීම ද විහිළුවකි. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය සංකල්පීය වශයෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග සංසන්දනය කිරීමටවත් නො හැකි ය. එසේ වූ කල එකක් අනෙකට වඩා ඊනියා සත්‍යයකට ළඟාවන්නේ යැයි කියන්නේ කෙසේ ද? 

බටහිර විද්‍යාවේ කලින් තිබූ දැනුම කිසියම් දිනෙක ප්‍රතික්‍ෂෙප වෙයි. එබැවින් පොතක පතක තිබූ පමණින් බටහිර විද්‍යාව නො පිලිගැනෙවා නොව එය බොරු නිසා නො පිලිගැනෙයි. බටහිර විද්‍යාවේ පොත්වල ඇති දැනුම් පට්ටපල් බොරු ය. එබැවින් පොතක පතක ඇති දැනුම, ගුරුවරුන්ගෙන් ලබාගන්නා දැනුම ආදිය කෙදිනක හෝ ප්‍රතික්‍ෂෙප වෙයි. බටහිර විද්‍යාවේ දී කියැවෙන්නේ පොතක පතක තිබූ පමණින් නොපිළිගත යුතු ය යන්න නො වේ. පොත්පත්වල ඇති සියළු දැනුම් නොපිළිගත යුතු ය යන්න ය. 

මෙය කාළාම සූත්‍රයේ කියැවෙන්නට හාත්පසින් ම වෙනස් ය. පොතක පතක තිබූ පමණින් නොපිළිගන්නා ලෙස කීමෙන් කියැවෙන්නේ පොතක පතක ඇති සියල්ල නොපිළිගැනීම නො වේ. පොතක පතක ඇති ඇතැම් කරුණු පිළිගැනීමට ඉන් බාධාවක් නො වේ. මෙය තවදුරටත් සාකච්ඡා කළ යුත්තේ කාලෝ ෆොන්සේකා මහතා වැන්නවුන්ගේ ද දැනගැනීම උදෙසා ය. 

නලින් ද සිල්වා