Main Logo

Monday 31 May 2021

ක්‍රිස්තියානි නූතනත්වය පැතිර වූ වයිරය හා වයිරස

 ක්‍රිස්තියානි නූතනත්වය පැතිර වූ වයිරය හා වයිරස


කොවිඩ් 19 නිසා වෙනත් බොහෝ දේ මගහැරෙනවා. නේස්බි සාමිවරයා එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලය අමතා ලංකාව ගැන කළ කතාව එසේ  මගහැරුණු එකක්. පසු දවසක හරි ඒ ගැන කතා කරන්න ඕන. විග්නේස්වරන් උතුරට හා නැගෙනහිරට  ඉන්දියාවෙන් එන්නත් ඉල්ලපු කතාවකුත් තියෙනවා. ඔහුට කොහොම වෙතත් යාපනයට චීනෙන් එන්නත් ලැබෙන පාටයි. ඒත් විග්නේස්වරන්ට තම නිජ බිම වූ තමිල්නාඩුව අමතක කරන්න බැරි කම තමයිි ඒ සියලු කතාවලින් පෙන්නුම් කරන්නෙ.  කාබනික පොහොර කතාත් තියෙනවා. කිසිම පොහොරක් නැතිව වගා කරන අයත් ඉන්නවා. ගොම ටික, කොළ රොඩු ආදිය තමයි ඔවුන්ගේ පොහොර. මියන්මාහිත් එවැන්නන් ඉන්නවා. මී හරකුන් මෙන් ම එළ හරකුන් ද බැඳ නගුලෙන් සීසාන අයත් ඉන්නවා. ඒ ගැනත් ලියන්න ඕන. ඒ ගොවිතැනෙන් එතරම් අස්වැන්නක් නැතැයි කාට හරි කියන්න පුළුවන්. ඒ ගොවිතැනට එතරම් වියදමක් යන්නෙත් නැහැ. අප කුඩා කල පාසලේ ශෂ්‍ය මාරුව කියා ගොවිතැනක් ඉගෙන ගත්තා. එයින් පස සකස්වෙන බවත් ඉගෙන ගත්තා. පාසලේ ඉගෙන ගත් දේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් දේට වඩා රටට වැඩදායකයි. 

Sunday 30 May 2021

නූතනත්වය නිසා නැතිවුණු ආධ්‍යාත්මික ගුණය හා වයිරස ප්‍රභේද

 

නූතනත්වය නිසා නැතිවුණු ආධ්‍යාත්මික ගුණය හා වයිරස ප්‍රභේද

 

නූතනත්වය ගැන බොහෝ බටහිරයන් ලියා තියෙනවා. මෙරට පඬි නැට්ටන් ද ඒ සමහරක් පුනරුච්චාරණය කර තියෙනවා. මා ලියන්නේ බටහිර කතා නොවෙයි. බටහිර නූතනත්වය මට දැනෙන හැටියි. ඒ මගේ ඊනියා කියවීමක් නො වෙයි. මා පඬි නැට්ටන් මෙන් කියවන්නේ නැහැ. බටහිරයන් නූතනත්වය කියන දේ ම නූණත් මා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයක් ගැන කියනවා. ඒ ගැන නැවතත් ටිකක් කතා කරන්න ඕන.

Saturday 29 May 2021

බටහිරයන්ගෙන් ඉගෙන නොගත් ඔවුන්ගේ සැලසුම් කිරීම

බටහිරයන්ගෙන් ඉගෙන නොගත් ඔවුන්ගේ සැලසුම් කිරීම

 

මේ කොවිඩ් සමයේ අපට සතුටු වීමට හැකි කරුණක් තියෙනවා. මෙකල යහපාලන ආණ්ඩුවක් නො තිබීම. එක්තරා ස්වාමින් වහන්සේ නමක් ජනාධිපති ගෝඨාභයට කියල තිබුණ අපට දීපු රට ආපහු දෙන්න කියා. උන්වහන්සේ මොන අර්ථයකින් එසේ ප්‍රකාශ කළා කියන්න දන්නෙ නැහැ. ඒත් අපට යහපාලනය අවසන් වූ තැනට නම් ආපසු යන්න ඕන නැහැ. අද වන විට යහපාලන ආණ්ඩුවක් තිබුණ නම් මෙරට ඉන්දියාවටත් වඩා රෝගී වන්න තිබුණා.

Friday 28 May 2021

තිස්ස විතාරණ වාතය හා සමසමාජය

 

තිස්ස විතාරණ වාතය හා සමසමාජය

 

තිස්ස විතාරණගේ වාතයෙන් කොවිඩ් බෝ නොවීම ගැන කියන්න ඕන. ඊට කලින් තිස්ස විතාරණ හා සමසමාජ ව්‍යාපාරය ගැනත් යමක් කියන්න ඕන. මා පළමු වරට තිස්ස විතාරණ දුටුවේ ලෙස්ලි ගුණවර්ධන සහෝදරයාගේ රාජකීය විදුහල අසළ වූ නිවසේ දී පැවැත් වූ සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරයේ රැස්විමක දි. වාමාංශිකයන්ගේ සහෝදරයා කියන එක කිසිම තේරුමකට ඇති වචනයක් නොවන බව එකල මට තේරුණේ නැහැ. තිස්ස විතාරණ එකල කණිෂ්ඨ වෛද්‍යවරයෙක් වූවා. ඔහු රැස්වීමට පැමිණ සිටියේ අපට ගුරුහරුකම් දීමට.  අප කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වූවා. එකල මා සමග සමසමාජ ව්‍යාපාරයේ බූද්ධදාස ප්‍රේමරත්න නම් ශිෂ්‍යයෙක් හිටියා. ඔහුට මිතුරන් කිවුවෙ බු කියායි. ඔහු තම නම ලිවුවේ බු ප්‍රේමරත්න කියායි. සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත නායකයකු වූයේ විජේදෝරු. මට මතක හැටියට ඔහුගෙ සම්පූර්ණ නම බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුල විජේදෝරු. ඔහු පාසලේ මට වඩා පංති හතරකට පහකට ඉහළින් හිටියෙ. බු ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඒ විදුහලේ ම ඉගෙන ගත් විජිතසිරි ධර්මවර්ධන මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙක්.මා හිතනවා නම හරිය කියා. විජේදෝරු හෙවත් දෝරු ක්‍රියාකාරිකයෙක්. එකල වික්‍රමබාහුත් තරමක න්‍යායාචාර්යවරයෙක් මෙන් ම ක්‍රියාකාරිකයෙක් ද වුණා. ඔහු බු සමග පාසලේ එකට ඉගෙන ගත්තෙක්.

Thursday 27 May 2021

සාමාන්‍ය මිනිසුන්ගෙ හා වැදගත් බටහිර වෙද මහතුන්ගෙ සුද්දෙ

 

සාමාන්‍ය මිනිසුන්ගෙ හා වැදගත් බටහිර වෙද මහතුන්ගෙ සුද්දෙ

 

උස්වැටකෙයියාව හා මීගමුව අතර වෙරළ තීරයට ගිනිගත් නැවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය පාවෙලා ඇවිල්ලා. මිනිසුන් සංචරණ නීති බල්ලට දමා (බල්ල කීයටවත් සංචරණ නීති පිළිපදින්නෙ නැති වුවත්) ඒ ද්‍රව්‍ය අහුලන්න ගිහින්. ඇතැමුන්ට ඒක සාමාන්‍ය මිනිසුන්ගෙ සිද්ධියක් වෙන්න පුළුවන්.  අද සිංහල මිනිසුන් වැඩ කරන විධිය ගැන එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ටික කලකට පෙර ප්‍රකාශ කෙළේ නොමිළේ දෙනව නම් සිංහල මිනිසුන් තමන්ට නොතේරෙන දෙමළ පත්තරයක් ගැනීමට වුණත් හැතැප්ම ගණනක් පයින් යාවි කියා. ඒ හාමුදුරුවන් එක්තරා ආකාරයකට නූතන ධර්මසේන හිමි නමක්.

මියන්මාහි ලංකා වෙසක්

 මියන්මාහි ලංකා වෙසක් 


ඊයේ රාත්‍රී මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙසක් (මියන්මා බසින් කසොන්) සැරසිල්ලෙහි (පහන් පූජාවෙහි)  දර්ශන දෙකක් මෙහි ඇති ඡායාරූප දෙකකින් දැක්වෙනවා. තුන්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ සැරසිල්ලට (පහන් පූජාවට) සහභාගි වූ පරිශ්‍රයෙහි වාසය කරන තානාපති කාර්යාල සේවක පිරිස හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිප දෙනෙක්. ඒ සරල මිනිසුන්. පහන් පූජාවට කියා හෝ ඡායාරූපයට පෙනී සිටීමට කියා හෝ විශේෂ ඇඳුමක් ඇන්දේ නැහැ. 






Wednesday 26 May 2021

සසර බය නැති කිරීම හෙවත් අර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කිරීම

 

සසර බය නැති කිරීම හෙවත් අර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කිරීම

                                   

මා මේ ලිපිය ලියන්නෙත් බයෙන්. මා පිටස්තරයෙක් නිසා. ඒ මා මියන්මාහි ජීවත්වන නිසා නොවෙයි. ජාතිකත්ව කඳවුරෙත් මා පිටස්තරයෙක්. ජනමාධ්‍යයටත් පිටස්තරයෙක්. ඉඳහිට ඔවුන් මා පාවිච්චි කරනවා. අද සිට මා ඉනුත් ඉවත් වෙනවා. අර විවිධ පෞද්ගලික කැමරාකරුවන්ගෙනුත් ඉවත් වෙනවා. එඩ්මන්ඩ් රණසිංහගෙන් පසු හරි හමන් ජාතිකත්ව ජනමාධ්‍යයක් නැහැ. මා හිතන හැටි වෙනස්. බුදුදහම ගැනත් මගේ වෙනස් අදහස් තියෙනවා. මා දන්නේ ඔබ දන්නා බුදුහාමුදුරුවන් නොවෙයි.  ඉතිහාසය ගැනත් මගේ වෙනස් අදහස් තියෙනවා. මා බහුශ්‍රැතයෙක් නො වෙයි. ඒ නිසා මගෙන් සසුනට හරි ජාතියට හරි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියා හිතනවා.

Tuesday 25 May 2021

රටේ පරිහාණියට හේතුවක් වන පඬි අතිරික්තය

 

රටේ පරිහාණියට හේතුවක් වන පඬි අතිරික්තය

 

අද මියන්මාහි වෙසක් දිනය. මියන්මා බසින් නම් අද කසොන්. අපේ වෙසක් දිනය හෙට. එසේ වන්නේ පෝය ගණනය කිරීමේ දී කෙරෙන වෙනසක් නිසා වෙන්න ඕන. හොයල බලන්න තවත් පශ්නයක්. පිළිතුර දන්න කෙනෙකු ඉන්නවා නම් ලියා එවන්න. එහෙත් පඬි කතා ඉවත දැමෙනු ඇත.

Monday 24 May 2021

On citations

 Food for thought

On citations 


Unreliable social science research gets more attention than solid studies

In 2011, a striking psychology paper made a splash across social media, news, and academia: People used the internet as a form of “external” memory, the study said, relying on it for information rather than recalling facts themselves. In 2018, a key finding from that paper failed to replicate when a team of psychologists put it and 20 other high-profile social science studies to the test.

කඩුව හා සංකේත බෞද්ධයෝ

 

කඩුව හා සංකේත බෞද්ධයෝ

 

රෝගයකට ප්‍රතිකාරයක් නොමැති පිරිසක් එකී රෝගය සම්බන්ධයෙන් කරන කතාවලදීත් ආධිපත්‍යය දරන්නේ කෙසේ ද යන්න ඇතැමකුට ප්‍රශ්නයක් වෙනන පුළුවන්. විශේෂයෙන් ම ප්‍රතිකාර ඇති අය සිටින විට ඔවුන්ට කිසිම තැනක් නොදීමට, පුළුවන් නම් ඔවුන්ගේ රෝහල් තමන්ට පවරා ගැනීමට සැලසුම් කිරීමට විශේෂිත බලයක් තියෙන්න ඕන. මේ බලය එන්නෙ ඉංගිරිසින්ගෙන් බව ඇත්ත. එහෙත් තවත් හේතුවක් වන්නේ මිනිසුන් ඒ ආධිපත්‍යය දෙකට තුනට නැවී පිළිගැනීමයි.  

Sunday 23 May 2021

රට වැහිල්ල

 

රට වැහිල්ල

 

අපි නැවතත් වරාය නගරය පනතට හා කොවිඩ් 19 වසංගතයට යමු. ඊයේ ජනරජ දිනය නිසා ඒ ගැන කතා කරන්න සිදු වුණා. නැවතත් වෙසක් දිනයේ වරායෙන් හා වසංගතයෙන් ඉවත් වෙමු. වරාය නගර පනත ගැන තවමත් විපක්‍ෂය කියන්නේ වගන්ති විසිපහක් සංශෝධනය කිරීමට පෙර තිබූ තත්වය ගැන. විපක්‍ෂයට යාවත්කාලීන වෙන්න බැහැ. ඒ අතර ආණ්ඩුව එන්නත් ලබා ගැනීමට ක්‍රියා නොකර මිථ්‍යා මත පසුපස ගියා රනිල්දාස කියනවා.

Saturday 22 May 2021

ඉංගිරිසින්ගෙන් නිදහස් වීම හා ඉංගිරිසින්ට හිනාවුණු සරා ගොයියා

 

ඉංගිරිසින්ගෙන් නිදහස් වීම හා ඉංගිරිසින්ට හිනාවුණු සරා ගොයියා

 

අද ජනරජ දිනය. අපේ නිදහස් ගමන් මගේ වැදගත් දිනයක්. 1817 පටන් ගත් අපේ නිදහස් සටනේ වැදගත් දිනයක්. අවුරුදු හතළිස්නවයකට පෙර අද වැනි දවසක තමයි අපි ඩොමීනියන් තත්වයෙන් නිදහස් වුණෙ. 1948 දි අපට ලැබුණෙ ඩොමීනියන් තත්වයේ නිදහසක්. අපේ රජු හැටියට එංගලන්තයේ හයවැනි ජෝර්ජ් පිළිගැණුනා. ඔහුගේ අග්‍රාණ්ඩුකාරයා කොළඹ හිටියා. පස්සෙ දෙවැනි එලිසබෙත් අපේත් රැජන හැටියට පිළිගැණුනා. 1948 දිත් අපේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්‍ෂක ප්‍රතිපත්තිය තීරණය කෙරුණෙ එංගලන්තයෙන්. කටුනායක හා ත්‍රිකුණාමලයෙ කඳවුරු තිබුණෙ එංගලන්තය යටතේ.

Friday 21 May 2021

වරාය නගරය කුමක් සඳහා ද?

 

වරාය නගරය කුමක් සඳහා ද?

 

වරාය නගර පනත තුනෙන් දෙකකට ආසන්න ඡන්දයකින් සම්මත වෙලා. ඒ විජයදාස රාජපක්‍ෂ විධුර වික්‍රමනායක නැතිව. ඒ කියන්නෙ විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරුන්, විශේෂයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පනතට පක්‍ෂව ඡන්දය දීලා.  මට පේන විධියට ආණ්ඩුවට අවශ්‍ය නම් අවශ්‍ය අවස්ථාවක තුනෙන් දෙක ලබා ගැනීමට පුළුවන්. ඒ කියන්නෙ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හරි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න හරි පුළුවන්.  ඒ ගැන පසුව කතා කරමු.

Thursday 20 May 2021

වරාය නගරය කොවිඩ් හා සංවර්ධන කරුමය

 

වරාය නගරය කොවිඩ් හා සංවර්ධන කරුමය

 

මෙය තරමක් දීර්ඝ ලිපියක්. එක් දවසකින් අවසන් කරන්න බැහැ. අද පාර්ලිමේන්තුවේ දී වරාය නගර පනත සම්මත වේවි. ආණ්ඩුව දැනටමත් තීරණය කරල ඉවරයි යම් යම් සංශෝධන ගෙනෙන්න. පනත ඉක්මණින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍යයි. විපක්‍ෂය කියන්නේ කොවිඩ් 19 වසංගතය වර්ධනය වෙමින් තියෙන තත්වයක පනත කඩිමුඩියේ සම්මත කර ගැනීම අශෝභන ය කියා. එහෙත් වරාය නගරයත් කොවිඩ් 19 වසංගතයත් එක ම සංවර්ධන කාසියේ දෙපැත්ත.

Wednesday 19 May 2021

නන්දිකඩාල් එංගලන්තයේ පරාජයක්

 

නන්දිකඩාල් එංගලන්තයේ පරාජයක්

 

අද මැයි 19 වැනි දා. අදින් අවුරුදු දොළහකට ඉහත නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් ඝාතනය කෙරුණා. කලින් දවසෙ අපේ වීරෝදාර හමුදාව අනභිබවනීය යැයි කී කොටි ත්‍රස්තවාදය පරාජය කරල තිබුණ. නන්දිකඩාල් ජයග්‍රහණය ඉතිහාසයේ ගැමුණු වලගම්බා විජයබා ආදී ජයග්‍රහණ සමග ලියැවෙන්නක්. ඉන්පසු සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය, හයවැනි පරාක්‍රමබාහු ආදීන් ගැන අප කියනවා. සිංහලයන් යුද්ධයෙහි දක්‍ෂයන්. අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ භාරතීය ආක්‍රමණ හමුවේ නිදහස රැක ගැනීම ම සුලුපටු කාර්යයක් නො වෙයි. අවුරුදු කිහිපයක් සොළීන්ට යටත් ව තිබුණ ද එය ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වුණා. සිංහලේ හතුරන්ට යුදවාදීන් වූ අප නම් කීවේ ප්‍රභාකරන් පරාජය කළ හැකි හා යුතු බව. 

Tuesday 18 May 2021

නන්දිකඩාල් ජයග්‍රහණයට පෙර

 

නන්දිකඩාල් ජයග්‍රහණයට පෙර

 

අදින් වසර දොළහකට ඉස්සර අපේ රණවිරුවන් කොටි ත්‍රස්තවාදය පරාජය කළා. ඒ ජයග්‍රහණයටත් පියවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඕනෑම ජයග්‍රහණයකට එහෙමයි කියල ඉංගිරිසින් කියල තියෙනවා. මා නම් ජයග්‍රහණයේ බාප්පා කෙනකුවත් නො වෙයි. ඒත් යුදවාදියා කියා වැඩියෙන් ම බැණුම් අහල තියෙන්නෙ මා වෙන්න ඕන. අපේ පරම්පරාව නම් දඹදෙණි කාලෙ මෙහි පැමිණි රාජ්පුත් ඨකුරගෙන් පැවතෙන්නක් තමයි. රාජ්පුත්ල යුද්ධ දක්‍ෂයන්. ඒත් මා නම් පාසලේ කැඩෙට් භටයකුගේ තත්වයෙන් ඉහළට ගිහින් නැහැ.

Monday 17 May 2021

කොවිඩ් 19 හා මැකෝලි නැට්ටෝ

 

කොවිඩ් 19 හා මැකෝලි නැට්ටෝ

 

කොවිඩ් 19 වසංගතය ලංකාවේ තරමක් බරපතළ වෙලා.  පළමු අවස්ථා දෙකේ දී ම යම් පමණකට හරි කොවිඩ් පාලනය කරන්න අපට පුළුවන් වුණා. දෙවැනි අවස්ථාවේ යම් යම් ප්‍රශ්න නොතිබුණා නො වෙයි. එහෙත් අවුරුද්දකට පමණ ඉස්සර කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා සුළු ප්‍රමාණයක්. එදා තිබූ අද නැති සාධක මොනවා ද? එදා නොතිබූ අද ඇති සාධක මොනවා ද? මා ඒ ගැන  ලියා ඇති බැවින් නැවතත් ලියන්න අදහස් කරන්නේ නැහැ. එහෙත් නොකියා ම බැරි කරුණ තමයි එකල තිබූ දේශීය දැනුම් හා ආධ්‍යාත්මික නැඹුරුව අද නොමැති වීම හා අද බටහිර දැනුම් ආධිපත්‍යය තහවුරු වීම. තවමත් ආයුර්වේද රෝහළේ ඇඳන් රෝගීන් ඉල්ලමින් උඩ බලන් ඉන්නවා.

 

කොවිඩ් සම්බන්ධයෙන් එයට අමතර ව එහෙමත් නැත්නම් ඒ හා අනුබද්ධ තවත් සාධක තුනක් තියෙනවා. අප දැන් වැඩ කරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ. සෞඛ්‍ය අමාත්‍යාංශය එයට යටවෙලා. ඒත් අපට බටහිර රටවල් මෙන් කටයුතු කරන්න බැහැ. අප ධනය අතින් දුප්පත්. එන්නත් ලබා ගැනීමත් අපට ප්‍රශ්නයක් වෙලා. ඒ මිළ නිසාමත් නොවෙයි. අද හැම රටකට ම එන්නත අවශ්‍යයි. ඒ අවශ්‍යතාව පිරිමසා ගැනීමේ දී දුප්පත් රටවල් ඉන්නේ ලැයිස්තුවේ අග.  අපට බටහිරයන්ට මෙන් ඕන ඕන විධියට රට වහන්න බැහැ. අප රටේ එදිනෙදා වැඩක් පළක් කරල ජීවත් වෙන ප්‍රමාණය අධිකයි. ඔවුන් ගැන ගොවීන් ගැන ධීවරයන් ගැන හොයන්න ඕන. රට වහලා ඔවුන්ට දීමනාවක් දෙන්නට තරම් අප පොහොසත් නැහැ.

Sunday 16 May 2021

ඒ කාල් මේ කාල් හා අලුක්කාල්

 

ඒ කාල් මේ කාල් හා අලුක්කාල්

 

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන බවට ලකුණු කල් තියා ම පහළ වී තිබුණා. මේ කඩා වැටීම මාක්ස්වාදයේ (මාස්ක්වාදයේ) කියැවෙන ධනපති ක්‍රමය කඩා වැටීම නො වෙයි. මාක්ස්වාදය මාස්ක්වාදයක් වෙමින් ධනවාදය කඩා වැටෙන බවට ඊනියා පුරෝකථනයක් කෙළේ බටහිර විද්‍යාව හා දැනුම් පද්ධතිය වටා ආවරණ බඳිමින්. මාක්ස්වාදීන් ද කිවුවෙ තමන් ඊනියා විද්‍යාත්මක සමාජවාදීන් කියා. බටහිර විද්‍යාව ආරක්‍ෂා කරමින් වුව ද කාල් පොපර් අනෙක් කාල්ගේ ඊනියා විද්‍යාව විද්‍යාවක් නොවන බව දුටුවා. අවුරුදු හතළිහකට ඉහත 1980 දී මා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වූයේ මාක්ස්වාදය විද්‍යාත්මක ද යනුවෙන් දීර්ඝ ලිපියක් පක්‍ෂ ලේකම් වූ වික්‍රමබාහු සහෝදරයාට ලියමින්. අද ඒ සහෝදරයා මාක්ස් ලෙනින් ගිය පාරේ යෑම නවත්තලා. ඔහු රනිල්දාසට වඩා අවංකයි. රනිල්දාස රනිල් සමග සිටින අතර වාචාල  මාක්ස්වාදී පංති කතාත් කියනවා.

Saturday 15 May 2021

දෙවියන් වහන්සේ බටහිර විද්‍යාව මාක්ස්වාදය හා මාස්ක්වාදය

 දෙවියන් වහන්සේ බටහිර විද්‍යාව මාක්ස්වාදය හා මාස්ක්වාදය


බටහිර විද්‍යාව ගැන තව කරුණු ටිකක් කියන්න ඕන. විශේෂයෙන් ම එක්සත් ජනපදිකයන් (ඇමරිකානුවන්) බටහිර විද්‍යාව ගැන තිබූ විශ්වාසය නැති වීම ගැන කියන්න ඕන. එක්සත් ජනපදිකයන් දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා. ඒ විශ්වාසය බටහිර විද්‍යාව ගැන තියෙන විශ්වාසයට වඩා වැඩියි. මා සඳහන් කරන්නේ සමස්තයක් ලෙස. බුද්ධිමතුන් ගැන නො වෙයි. බටහිර විද්‍යාවේ ප්‍රධාන ම චරිත දෙක නිවුටන් හා අයින්ස්ටයින්. ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කළා. 

Friday 14 May 2021

සංචරණ සීමා හා සන්නිවේදන සීමා

 

සංචරණ සීමා හා සන්නිවේදන සීමා

 

සිංහලයන් ශිල්පයෙහි දක්‍ෂයන්. එහෙත් ශාස්ත්‍රයෙහි එලෙස දක්‍ෂකමක් දක්වා නැහැ. එය ඉතිහාසය පුරා ම කෙසේ වෙතත් හතරවැනි සියවසේ පමණ සිට දකින්න පුළුවන්. භාරතීය බමුණන්ට ග්‍රීකයන්ට යුදෙවුවන්ට තිබූ ශාස්ත්‍රීය හැකියාව ඉන්පසු සිංහලයන්ට තිබී නැහැ.  ආන්ද්‍ර ප්‍රදේශයේ බුද්ධඝෝෂ හිමියන් ඇතුළු තවත් බ්‍රාහ්මණ වාංශික භික්‍ෂූන් වහන්සේ ලවා ධර්මය ශාස්ත්‍රීය කර ගැනීමට අපට සිදු වී තිබෙනවා. මහාවංසය ලියූ මහානාම හිමියන්ගේ සම්භවය කුමක් ද? ඒ කුමක් වුවත් අපට හෙළටුවා තිබී තියෙනවා. ඒ ලියන්න ඇත්තේ සිංහල භික්‍ෂූන් වහන්සේ. අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදායට හතරවැනි සියවසෙන් පමණ සිිදු වූයේ කුමක් ද? ඒ එසේ සිදු වුණේ ඇයි?

Thursday 13 May 2021

බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද?

  

බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද?

 

ඊයේ අලුත් පාර්ලිමේන්තුවේ දි අපට අලුතෙන් අදහස් කිහිපයක් එකතු කරන්න පුළුවන් වුණා. ඒ සමහර අදහස් අප ඉදිරිපත් කෙළේ ප්‍රශ්න වශයෙන්. ඊයේ ඉදිරිපත් වූ වැදගත් ම අදහස  යම් රටක සංස්කෘතික පද්ධතියට පිටින් එල්ල වන අධිපතිවාදී තර්ජන හමුවේ තම සංස්කෘතික ජීවන රටාව පවත්වාගෙන යෑමේ දී මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා ගැනයි. එයට උදාහරණ ඉන්දියාවේ කුම්භමේලා සහ ලංකාවේ අවුරුදු උත්සවය.

Wednesday 12 May 2021

විවිධ වෙද කල්ලි

 

විවිධ වෙද කල්ලි

           

පහුගිය දා රාජ්‍ය ඇමති චන්න ජයසුමන ඉතා වැදගත් දෙයක් හෙළිකළා. ඒ තමයි විජාතික වෛද්‍ය ජුන්ටාවක් චීන එන්නත ලබා දීමට විරුද්ධ ව කටයුතු කළ බව. ඇතැමකු කියා තිබෙනවා චීන එන්නත ගැන කතා කරන්නවත් එපා කියා. එක් පුවතකට අනුව ජනාධිපතිතුමාත් කණස්සල්ල පළ කරල තිබුණ චීන එන්නත ලැබීත් එය ජනතාවට ලබා දීම පමා වීම ගැන. කෙසේ වෙතත් අවසානයේ දී පාණදුරේ සනීපාරක්‍ෂක කාර්යාලයේ දී එන්නත ලබා දීම ඇරඹුණා.

Monday 10 May 2021

11 වැනි දා ලිපිය

 


11 වැනි දා ලිපිය පළ වන්නේ නැති බව  කරුණාවෙන් සලකන්න 

අපි වෙනුවෙන් බටහිර වෙද මහතුන් නැහැ

 

අපි වෙනුවෙන් බටහිර වෙද මහතුන් නැහැ

 

ඉස්සර පළපුරුදු රියැදුරන් කියන කතාවක් තිබුණා. තමන් රිය පදවන්න ඕන ඉස්සරහින් එන රියැදුරා වැරැද්දක් කරන්න එන්නෙ කියල හිතාගෙන. ඒකෙ තේරුම අපි පුළුවන් තරම් පරෙස්සම් වෙන්න ඕන කියන එක. අපේ වැරැද්දක් නැතත් ඉස්සරහින් එන රියැදුරා වැරැද්දක් කළොත් අපිටත් ගැලවීමක් නැහැ කියන සිතුවිල්ලෙලන් රිය පදවන්න ඕන.  මා හිතනවා මේ කොවිඩ් කාලෙ අපි ජීවත් වෙන්න ඕන ඒ වගේ සිතිවිලි එක්ක. අප හමුවෙන තැනැත්තාට කොවිඩ් තියෙන්න හොඳට ම ඉඩ තියෙනවා කියල හිතා ගෙන.

Sunday 9 May 2021

ගොවීන් දේශීය ගොවිතැනට යොමු කිරීම

 

ගොවීන් දේශීය ගොවිතැනට යොමු කිරීම

 

කෘෂි රසායන ගෙන්වීම නැවැත්වීමට ජනාධිපතිතුමා හා ආණ්ඩුව ගත් තීරණය අගය කරන්න ඕන. ඒ ගැන අප කලින් ලියා තියෙනවා. එහෙත් තීරණය ක්‍රියාත්මක කිරීමේ දී පරෙස්සමෙන් සැලසුම් සහගත ව කරන්න ඕන. මෙහි දී ඊනියා විද්‍යාඥයන්, කෘෂි රසායන ආනයනය කරන සමාගම් මෙන් ම ගොවීන් ද විරුද්ධ වන්න පුළුවන්. ඊනියා විද්‍යාඥයන් දැනටමත් තම විරුද්ධත්වය ප්‍රකාශ කර අවසන්. එමෙන් ම ඇතැම් ගොවීන් ද විරුද්ධත්වය ප්‍රකාශ කරලා. අර කෘෂි රසායන ගෙන්වන සමාගම් නම් බොහෝ විට ප්‍රසිද්ධියේ විරුද්ධ වන එකක් නැහැ. එහෙත් ඔවුන් ගොවීන් හා ඊනියා විද්‍යාඥයන් ලවා විරෝධය පළ කරාවි.  

Saturday 8 May 2021

සිරිමල් හා චතුස්කෝටිකය

 සිරිමල් හා චතුස්කෝටිකය


චන්න ජයසුමන අද විජාතික වෛද්‍ය ජුන්ටාවක් ගැන කතා කරලා. ජුන්ටාව අර චීන එන්නත දීම වළක්වලා. මේ ගැන කතා කරන්න ඕන. ඒ වගේ ම ආයුර්වේදයට හා පාරම්පරික වෙදකමට ප්‍රතිකාර කිරීම වළක්වන එයට වඩා පළල් ජුන්ටාවක් ඉන්නවා. ඔවුන් ගැන නම් මා නිතර කතා කරනවා. විජාතික වෛද්‍ය ජුන්ටාව ඕන නම් කියාවි චීනය තමයි රෝගය හැදුවෙ කියා. එහෙම නම් ඉතින් රෝගය හදපු මිනිසුන් එන්නතත් දන්නව ඇති නේ. ජුන්ටාව කියන්න බැරි නැහැ චීන එන්නත හදල තියෙන්නෙ ලෙඩේ වැඩි කරන්න කියලා. ඔය සියලු වෛද්‍ය ජුන්ටාවලට කරන්න පුළුවන් එක ම දේ බටහිරින් එන මොකක් හරි කියවල ඒක පුනරුච්චාරණය කිරීම පමණයි. 

Friday 7 May 2021

ඊනියා නුතනත්ව දැනුම හමුවේ අපේ දැනුම

 ඊනියා නුතනත්ව දැනුම හමුවේ අපේ දැනුම 


මා හිතන විධියට ආයුර්වේද වෙද මහතුන්ට තම වෙදකම තම රෝහල්වල කර ගෙන යන්න සෞඛ්‍ය අමාත්‍යංශය ඉඩ දීලා. සිසිර ජයකොඩි හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ පිළිබඳ එකඟත්වයකට පැමිණිලා. එහෙත් ඒ ගැන ජනමාධ්‍යයෙහි චතුර අල්විස්ගෙන් හැරෙන්න යමක් කියැවුණේ නැහැ. සමහර විට බටහිර වෙද මහතුන් තවත් විරෝධයක් පෑව ද දන්නෙ නැහැ. ඒත් ජනමාධ්‍යකරුවන් පිලපිටිය වාර්තාවෙන් ධම්මික පැනිය නුසුදුසු යැයි තීරණය වී ඇති බව නම් තළු මරමින් කිවුවා. එහෙත් පිලපිටිය කමිටුව තමන්ගේ ක්‍ෂෙත්‍රයේ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගවත් අනුගමනය කර නැහැ. ජනමාධ්‍යකරුවන්ට ඉන් වැඩක් නැහැ. ඔවුන්ට අනුව ඊනියා විද්‍යාව විසින් මිථ්‍යා මත ප්‍රතික්‍ෂප කෙරිලා. 

Thursday 6 May 2021

විපක්‍ෂය, හැට හතේ නියැදිය හා ධම්මික පැනිය

 

විපක්‍ෂය, හැට හතේ නියැදිය හා ධම්මික පැනිය

 

මා හිතන්නේ අද රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්න කොවිඩ් 19 වයිරසයවත් බටහිර වෙද මහතුන්ගේ නොදැනුමවත් නො වෙයි. ඒවත් ප්‍රශ්න තමයි. මෙරට ප්‍රධාන ම ප්‍රශ්නය බටහිර දැනුමට තියෙන බල පුළුවන්කාරකම. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය විපක්‍ෂය අසමත් අදක්‍ෂ අදූරදර්ශී අසමජ්ජාති එකක් වීම හා එයට නායකයකු නැති වීම. කාට හරි අහන්න පුළුවන් සජිත් විපක්‍ෂ නායකයා නොවෙයි ද කියල. නැහැ ඔහු විපක්‍ෂ නායක රඟපෑමක යෙදෙනවා. අද විපක්‍ෂයේ කිහිප දෙනකු විපක්‍ෂ නායක කමට තරග කරනවා. සමහරු 2024 ජනාධිපති අපේක්‍ෂකමට තරග කරනවා. කවුරු මොහොකට තරග කරනවා ද කියා මා දන්නෙ නැහැ. ඒත් ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී පෙම්බ්‍රොක් කිරිඇල්ල, යුද වීරයකු වුවත් සුදු කොඩි ඉස්සූ සරත් ෆොන්සේකා, නලින් බණ්ඩාර නමැත්තෙක්, දේශපාලනය ඉගෙන ගන්නා හර්ෂ ද සිල්වා, පාස්කු හරීන් ප්‍රනාන්දු, ජාතිය මළ කඳක් කියන චම්පක රණවක ආදීන් යම් තරගයක ඉන්නවා.

Wednesday 5 May 2021

ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි

 ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි


බටහිර වෙද මහත්තුරුන් සමහර දෙනකුගෙ ක්‍රියා කලාපය ගැන හිතන විට මට අපේ කියමන් දෙකක් මේ විධියට වෙනස් කරන්න කල්පනා වුණා. මා මේ සඳහන් කරන්නෙ සියලු බටහිර වෙද මහතුන් ගැන නො වෙයි. ඒත් සමහරු ගැන කියන්න වෙන්නෙ  ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි, කන්න බැරි බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන්න පුළුවන් ගොණාට කන්න දෙන්නෙත් නැහැ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නෙ තමන්ගෙ වෛද්‍ය ක්‍රමයට වෙනස් එකක් එයටත් පැවැත්මක් තියෙනවා එයටත් ප්‍රතිකාර තියෙනවා කියන එක බටහිර වෙද මහතුන් දන්නෙ නැතුව ද? 

Tuesday 4 May 2021

ආයුර්වේද රෝහල් ඇඳන් සැපයීමට පමණ ද?

ආයුර්වේද රෝහල් ඇඳන් සැපයීමට පමණ ද?

 

මා දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ බටහිර වෙද මහතා කියා තිබෙනවා සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අධිකාරීන් මිස හමුදාව නො වේ කියා. ඇත්ත ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ගන්න තියෙන තීරණ මොනවා ද? රෝගීන් රෝහල්වලට ඇතුල් කිරීම සඳහා ප්‍රමාණවත් ඇඳන් ඉඩ පහසුකම් තියෙනවා ද? අවශ්‍ය හෙදියන් ඉන්නවා ද? වෛද්‍යවරුන් ඉන්නවා ද? ගිලන් රථ තත්වය කෙසේ ද? අවශ්‍ය ප්‍රමාණයට ගිලන් රථ තියෙනවා ද?  ඔක්සිජන් තියෙනවා ද? එන්නත් අවශ්‍ය ද? කොපමණ අවශ්‍ය ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු බටහිර වෙද මහතුන්ගෙන් අසා ගැනීම එතරම් ප්‍රශ්නයක් නො වෙයි. ඒ අනුව ක්‍රියාත්මක වීමට බටහිර වෙද මහතුන්ට පුළුවන් ද?

Monday 3 May 2021

එංගලන්තෙන් ලැබෙන වයිරස

 

එංගලන්තෙන් ලැබෙන වයිරස

 

පිලපිටිය වාර්තාව නැත්නම් බටහිර වෛද්‍ය පීඨවල ප්‍රධාන බටහිර වෙද මහත්තුරු එකතු වී දීල තියෙන වාර්තාව ගැන බොහෝ දේ කියන්න තියෙනවා. ඒත් මේ ඒ සඳහා වෙලාව නො වෙයි. ඒ වාර්තාවට අත්සන් කරල තියෙන එක බටහිර වෙද මහත්තයෙක්වත් ධම්මික වෙද මහත්තයා කරල තියෙන දෙයින් දාහෙන් එකක්වත් කිසිම වෙදකමකට කරල නැහැ. මා ඒ සමහර අය දන්නවා. ඔවුන් බුද්ධිමතුන් විද්වතුන් වෙන්න ඇති. ඒත් ඔවුන් අලුතෙන් එකතු කරපු අදහසක්, හරියන්නෙ නැති  අදහසක්වත් තියෙනවා ද? අදහස්වලින් සීයෙන් එකක්වත් හරියන්නෙ නැහැ. ලංකාවෙ ප්‍රශ්නය හරියන්නෙ නැති අදහසක්වත් බටහිර විද්‍යා ක්‍ෂෙත්‍ර මධ්‍යයෙහි ඉදිරිපත් වෙන්නෙ නැති එක.  

Sunday 2 May 2021

කෝ අර පෙළපාලි

 කෝ අර පෙළපාලි


මා ඊයේ සවස 6.55 ප්‍රවෘත්ති බැලීමට වාඩි වුණේ කොළඹ දෙවනත් කරමින් ගිය කෙකරගාමී හා ජ වි පෙ පෙළපාලි නැරඹීමට.  එහෙත් ප්‍රවෘත්ති සංස්කාරක ඒ සියල්ල මකා දමලා. ප්‍රවෘත්ති සංස්කාරකලා ගැන මගේත් අත්දැකීම් තියෙනවා. ඒ නිසා මා කෙකරගාමින් ගැන එතනින් එහාට සිතුවේ නැහැ. කෙකරගාමින් පසු දවසක තම දැවැන්ත පෙළපාලිය අපට පෙන්වාවි. එහෙත් මට ප්‍රවෘත්ති සංස්කාරක ගැන තරමක සැකයක් ඇති වුණේ ජ වි පෙ මැයි දින රැළියක් පෙන්වීම නිසා. ඔවුන්ගේ දැවැන්ත පෙළපාලිය පැලවත්ත පැත්තෙ කුඩා කාමරයකට රිංගෙව්වෙ කොහොමද කියන එක මගේ හිතට ප්‍රශ්නයක් වුණා. අනුර රනිල්දාස නියම වැඩ කාරයෙක්. දැන් කියන විධියට වැඩ්ඩෙක්. ඔවුන් වැවු දාහක් හදල පරාක්‍රමබාහු රජුටත් පාඩමක් දෙකක් උගන්නපු අය. පරාක්‍රමබාහු රජු දැන් ඉන්නව ද වගේ පඬි ප්‍රශ්න අහන්න ඕන නැහැ. රනිල්දාස අතිවිශාල ශාලාවක් කුඩා කරල පෙන්නුව වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් මහා සෙනගක් පොලීසිය රැවටීමට කිහිප දෙනකු බවට පත්කළා ද කියන්න බැහැ. ඒ රැළියෙදි ජ වි පෙ බටහිර වෙදමහත්තයා 2006 ඉඳන් තිබුණු ආණ්ඩුවලට කරන්න බැරි වුණු දෙයක් ගැන කිවුව. මා ඔවුන් කියන දේට සවන් දෙනවා. ඒත් මට මතක් වුණෙ ඔය සමහර ආණ්ඩුවලට ජ වි පෙ සම්පූර්ණ සහාය දුන් බව. 

Saturday 1 May 2021

ලක්‍ෂය පැන්නීම සහ ජී එල් හා එක්ව මා පැන්නීම

 ලක්‍ෂය පැන්නීම සහ ජී එල් හා එක්ව මා පැන්නීම


ලක්‍ෂයක් කියන එක ලොකු සංඛ්‍යාවක් නොවෙයි. තාරකා විද්‍යවේදී නම් ඉතා සුළු සංඛ්‍යාවක්. ජනප්‍රිය ගායකයකුට නළුවකුට වත්මන් යූ ටියුබ් ජනමාධ්‍යවේදියකුට ප්‍රතිචාර ලක්‍ෂයක් කියන්නෙත් ඉතා සුළු සංඛ්‍යාවක්. ඒත් මට ලිපියක් ලක්‍ෂයක් කරා යනව කියන එක ලොකු වැඩක්.