Main Logo

Tuesday 31 March 2020

Pirith and water




 සිංහල ලිත් ඉලක්කම් 
    

Pirith and water



I do not agree with Bohm and Pandya, but the Japanese experiment is interesting to say the least.



Posted on September 21, 2012



A recent Japanese study conducted by Masaru Emoto shows that water when exposed to
pirith sound for several hours and then freezed produced hexagonal shape ice crystals.

අපටත් ලෝකයටත් පිහිට වෙමු

   සිංහල ලිත් ඉලක්කම් 


අපටත් ලෝකයටත් පිහිට වෙමු 



තවමත් අපේ සමහරුන්ට කොවිඩ් 19 බරපතළකම ගැන හැඟීමක් නැහැ. පොලීසියේ ඇස්වලට වැලි ගසා බයිසිකලයකින් හෝ පයින් හෝ රවුම් ගැසීම ඔවුන් වීර ක්‍රියාවක් ලෙස සලකන බවක් පේනවා. මිතුරකු එසේ කළහොත් ඔහට අවවාද කරනු වෙනුවට තමන් ඊටත් එහා යන සෙල්ලමක් කිරීමට සමහරු උත්සාහ කරනවා. මේ අය සමහර විට සිංහල බෞද්ධ දෙමව්පියන්ගෙ දරුවන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ විනයක් නැති බව පැහැදිලියි. අධ්‍යාපනය විසින් ඒ අයගේ සිංහල බෞද්ධ විනය නැති කෙරී තිබෙනවා. 

හදිසියි

      සිංහල ලිත් ඉලක්කම්

රජයෙන් නිකුත් කර ඇති පහත සඳහන් නිවේදනය මහානායක හිමිපාණන් වහන්සේලාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක්. එහෙත් එය පන්සල්වලට දැනුම් දීමට ක්‍රමයක් නැති බවයි පෙනෙන්නේ. එයට හැකි ප්‍රචාරයක් ලබා දෙන්නේ නම් මැනවි

Monday 30 March 2020

වෛරසය ගැන තවත් කතාවක්

   සිංහල ලිත් ඉලක්කම්


වෛරසය ගැන තවත් කතාවක් 




අවුරුදු පන්සීයකට පමණ පසුව බටහිර ලෝකය කඩා වැටීමට පටන් අරන්. එය ඊනියා ධනවාදයේ කඩා වැටීමක් නො වෙයි. සමාජවාදය ඇති වීමක් ගැන මාක්ස්වාදීන් පශ්චාත් මාක්ස්වාදීන් ආදී කිසිවකු කියන්නේ නැහැ. බටහිර ලෝකයේ කඩා වැටීමට පිළිතුරක් දිය හැක්කේ ථෙරවාදයටයි. මා බටහිර ලෝකය කඩා වැටෙන බවත් ථෙරවාදී සංස්කෘතියකට එයට පිළිතුරක් බවත් කියන්නේ දශක කිහිපයක සිට. එහෙත් එය මෙතරම් ඉක්මනට සිදු වේවි කියා මා හිතුවේ නැහැ. 

Sunday 29 March 2020

නොසන්ඩාලයන්, හමුදාව හා ආහාර බෙදීම

       සිංහල ලිත් ඉලක්කම්


නොසන්ඩාලයන්, හමුදාව හා ආහාර බෙදීම  



පිරිත් කියන්නෙ මොකට ද කියල පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අහනවා. ඔවුන්ට ඒක තමන්ගෙ දෙමව්පියන්ගෙන් ආච්චිල සීයල ඉන්නවා නම් ඔවුන්ගෙන් දැන ගන්න පුළුවන්. ඒක අමනුෂ්‍යයන් පැරදවීම සමග සම්බන්ධ වෙච්ච දෙයක්. දැන් පඬියන් අමනුෂ්‍යයන් දැකල නැහැ කියාවි. ඔවුන් වයිරස වයිරියොන මේ කිසිවක් දැකලත් නැහැ. මේ සියල්ල විශ්වාසය පිළිබඳ කතා. අපේ විශ්වාස අවුරුදු දහස් ගණනක් පරණයි. ඒවා තවමත් තියෙනවා. පඬි විශ්වාස වැඩි කලක් පවතින්නෙ නැහැ. මා අමනුෂ්‍ය කතාව පස්සෙ විස්තර සහිතව කියන්නන්. කොවිඩ් 19 වයිරසය ආවෙ කොහෙන් ද? එය ඇති වුණෙ කොහොම ද? පරීක්‍ෂණාගාරයක ද? ඕන ඕන කතා ගොතා ගන්න.

Saturday 28 March 2020

ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව

     සිංහල ලිත් ඉලක්කම්


ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව



බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව අද අනාථ වෙලා. ඔවුන් (ලංකාවේත් බටහිරත් පොදුවේ) නාථ දෙවියන් විශ්වාස නොකරන නිසා ඔවුන්ට ඒ දෙවියන්ට කියන්නත් බැහැ. නාථ දෙවියන් ගැන කියන්නේ පාදෙණිය පමණයි. ඒ  හේතුවෙන් අද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දෙකට කැඩිලා. අලුත්ගේ හා නවින් සොයිසා එක පැත්තක. පාදෙණිය තවත් පැත්තක. ඔවුන් එකිනෙකා පරදවන්න ප්‍රකාශ නිකුත් කරනවා. පාදෙණිය සහතිකය නිසාවත් නාථ දෙවියන්ගේ පැත්තෙන් අනෙක් අය ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලෙ පැත්තෙන්. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න බටහිර වෛද්‍යවරයකු වෙන්න ඕන නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. 

Friday 27 March 2020

Covid and insanity

     සිංහල ලිත් ඉලක්කම්


This article is from Science News (26 March 2020) published by the American Association for the
Advancement of Science. You can make a decision as to where insanity is. Remember Sajith and 
Plaquenil.





‘This is insane!’ Many scientists lament Trump’s embrace of risky
malaria drugs for coronavirus

By Charles PillerMar. 26, 2020 , 11:30 AM

When President Donald Trump recently touted the common malaria treatments hydroxychloroquine
and chloroquine as potential remedies for coronavirus disease 2019 (COVID-19), he ignited
unprecedented demand for the drugs—and set scientists’ teeth on edge. Although the World Health
Organization (WHO) agrees the compounds are worth testing more fully on the pandemic
coronavirus, few drug or infectious disease experts—not even the president’s own advisers—share
his optimism that the drugs could become “one of the biggest game changers in the history of
medicine,” as he tweeted. And many are critical of the small French clinical study of just 42 patients
that seems to have touched off most of the excitement.

බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම

   සිංහල ලිත් ඉලක්කම් 


බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම 

පනස්හයේ ආණ්ඩු පෙරළියෙන් පසු මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලය බිඳ වැටීම නමින් ලිපියක් ලිවුවා. ඔහුට ඒ සඳහා දහසින් බැඳි පියලි ලැබුණා. ඒත් බමුණු කුලය බිඳ වැටුණේ නැහැ. තාමත් බමුණු කුලය තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ලිපිය ලිවුවෙ ආණ්ඩු පෙරළියට පස්සෙ.  ඊට කලින් ඔහු බමුණු කුලයක් ගැන කිවුවෙ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ඊ ඩබ් අදිකාරම් වැනි අය තමයි එක්තරා ආකාරයකින් ගත්ත ම වත්මන් පඬියන්ගෙ පුරෝගාමියො. මාත් ළමා වියේත් ගැටවර වියේත් ඔවුන්ගේ පොත් කියෙවුවා. ඔවුන් බටහිර මතවාද සිංහල පාඨකයට ගෙන ආ පුරෝගාමීන්. වික්‍රමසිංහ බටහිරින් කෙටිකතාව අරගෙන එය ජාතක කතාව සමග සන්සන්දනය කළා. අප බොහෝ විට සූදානම් වන්නේ වත්මනෙහි බටහිර තියෙන දේ අවුරුදු දහස් ගණනකට පෙර අපටත් තිබුණාය කියා පෙන්නන්න. සමහරුන්ට අනුව අප වැලන්ටයින් දිනත් පවත්වා තියෙනවා! ඒ එක්තරා විධියක ඉංගිරිසින් විසින් ඇති කෙරුණු හීනමානයක්.

Thursday 26 March 2020

පිරිතේ වැදගත්කම

    සිංහල ලිත් ඉලක්කම් 


පිරිතේ වැදගත්කම



මේ වෛර කිරීමට නොව මෛත්‍රී කිරීමට කාලයයි. අද ලෝකයේ කොවිඩ් 19 වැඩි පුර ම පැතිරෙන්නෙ ආයුධ බලයෙන් ඇතැම් විට ජනයා සමූලඝාතනය කර තම ආධිපත්‍යය පැතිර වූ රටවලයි. අප ඔවුන්ට වෛර කළ යුතු නැහැ. අපි ඒ පාලකයන්ටත් මෛත්‍රී කරමු. දැන් පැරණි වාමාංශිකයන්වත් භංගවේවා කියනු මා අසා නැහැ. ජ වි පෙ හා පෙරටුගාමීන් නම් තාමත් වෛරී ප්‍රකාශ තම රැස්වීම්වල උද්ඝෝෂණවල කරනවා. මේ ඔවුන්ටත් මෛත්‍රී කිරීමට කාලයයි. 

Wednesday 25 March 2020

අනාර්ය අධිපරිභෝජනය

    සිංහල ලිත් ඉලක්කම්


අනාර්ය අධිපරිභෝජනය



ඊයෙ බොහෝ තැන්වල ජනයා උපදෙස් පිළිපදිමින් සංවර ව මීටරයක දුරින් ඉඳගෙන අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගන්නවා දැක ගන්න තිබුණා. මාත් මහරගම නගරයට ගියා පළතුරු ටිකක් හා පොල් ගෙඩි කිහිපයක් මිල දී ගැනීමට. මා ඒවා වවාගෙන නැත්තේ මොකද කියල පඬියකු අහන්න පුළුවන්. කෙහෙල් ගස් කිහිපයක් තිබුණට හැමදා කෙහෙල් හැදෙන්නෙ නැහැ. පොල් ගහේ ගෙඩි තියෙනවා. අවාසනාවකට මට ගස් යන්න බැහැ. ඒ කොහොම වුණත් මා දිග පෝලිම් දැක්කා. සතොස පෝලිම කිලෝ මීටර බාගයකට වඩා දිගයි. ඔවුන් මීටර පරතරය තියා ගෙන හිටියා. 

Tuesday 24 March 2020

අපි පරණ විධියට අලුතෙන් හිතමු

       සිංහල ලිත් ඉලක්කම් 


අපි පරණ විධියට අලුතෙන් හිතමු 



අපට හිතන්න කාලයක් ඇවිල්ල. මෙහි අප කියන්නෙ ලෝකයට ම. ඒත් මට ඒක එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ හරි වෙනත් තැනක හරි  ගිහින් කියන්න බැහැ. කිව්වත් ගණන් ගන්නෙ නැහැ. මිනිසුන් නිකම් ම හිතන්නෙ නැහැ. ප්‍රශ්නයක් ආව ම තමයි හිතන්නෙ. අද ලොකු ම ලොකු ප්‍රශ්නයක් ඇවිල්ල. අපට හිතන්න වෙලා. මා හිතන්නෙ සාමාන්‍යයෙන් හිතන විධියට නොවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. හැමෝට ම ඒ හේතුව දැනී නැහැ. 

Monday 23 March 2020

කොවිඩ් දෙරණ හා අප

    සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් දෙරණ හා අප 



ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ කරුණ නම් කොවිඩ් 19 පරාද කරන්න පුළුවන් බවත් එහි දී වෛද්‍යවරුන්ට පමණක් ඒ වැඩේ බාර දී ඉන්න බැරි බවත්. 

Sunday 22 March 2020

කොවිඩ් දේශපාලනය

        සිංහල ලිත් ඉලක්කම් 


කොවිඩ් දේශපාලනය



කොවිඩ් 19 දේශපාලනයෙන් වෙන් වන්නේ නැහැ. හැමෝ ම වගේ කොවිඩ් මගිනුත් දේශපාලනයක් කරනවා. මා කතා කරන්නේ වජිර අබේවර්ධන ගැන පමණක් නො වෙයි. මුහුණු පොතේ පඬි නැට්ටන් කරන්නේත් දේශපාලනයක්. මාත් දේශපාලනයක් කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා කොවිඩ් 19 මගිනුත් කියනවා. තවත් දේත් කියනවා. 

What can west learn from Asia


          සිංහල ලිත් ඉලක්කම් 

What can west learn from Asia


ඊයේ කාලය ලිපියට සුපුුරුදු පරිදි පඬි නැට්ටන් හිනා වුණා. බටහිරයන් ම කොවිඩ් ගැන කියන කතාව කියවන්න. ඔවුන් සංස්කෘතිය යන වචනය යොදා ගන්නේ නැහැ. එහෙත් ඔවුන් අවසානයේ දී කියන්නේ එයයි. 

මා මෙය සඳහන් කරන්නේ බටහිරයන් කියන දෙය අගය කිරීමට නොවෙයි. ඔවුන්ට ද තම සංස්කෘතිය කොවිඩ් 19ට මුහුණ දීමට සූදානම් නැති බව කීමට සිදු වී ඇති බව පෙන්වීමටයි. 



http://www.msn.com/en-xl/asia/top-stories/what-can-west-learn-from-asias-coronavirus-fight/ar-BB11u21q?li=BBP3du5&ocid=spartandhp

Saturday 21 March 2020

කොවිඩ් 19 ඉදිරියේ බටහිරයන් චීනුන් හා සිංහලයන්

      සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 ඉදිරියේ බටහිරයන්  චීනුන් හා සිංහලයන්



මා හිතන්නේ කොවිඩ් 19ට යම් ප්‍රමාණයකට හරි සාර්ථක ව මුහුණ දෙන්නේ ආසියාතික රටවල් කියා. බටහිර රටවලට එයට මුහුණ දෙන්නේ කොහොම ද කියන එක ගැන එතරම් අදහසක් නැහැ. අදහස් නැති නිසා අදහස් නිර්මාණය කරන්නේ යැයි කියන අය දැන් මරණය සැපක් කියල හිතනවා වෙන්න පුළුවන්. ඒත් අපට (ගුණදාස අමරසේකරට නොව) අනුව නම් ඔවුන්ට පුනබ්භවයක් තියෙනවා. අපට නම් අදහස් තියෙනවා.

Friday 20 March 2020

කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය

      සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය




නිරෝධායනය කියන වචනය තේරුම් ගැනීමට නොහැකි ව ඇතැම් පිරිසක් ඉන් කට්ටි පනින්න හදල තියෙන බව පැහැදිලියි. ඔවුන් සමහර දෙනකු තමන් ඉතාලියේ සිට පැමිණෙන බව වසන් කිරීම සඳහා එංගලන්තය ප්‍රංශය ආදී රටවලින් ගුවන් යානාවලට ගොඩ වී තියෙනවා. මුල සිට ම දෙයියන්නෙ ලෙඩක් ඒකට වෙන් කරන්න ඕන කිවුව නම් සමහර විට ප්‍රශ්න බොහොමයක් විසඳ ගන්න තිබුණා.

එහෙම වුණත් සමහර උදවිය ඉන්නේ බෑන් චූන් සංස්කෘතියෙ. ඒකට ආතල් සංස්කෘතිය හරි ෆන් සන්ස්කෘතිය හරි කිවුවත් කමක් නැහැ. ආණ්ඩුව මේ දිනවල නිවාඩු දීල නැහැ. සෙනසුරාදා ඉරිදා පමණයි නිවාඩු. අනෙක් දවස්වල ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් එහෙම කරන්න ඕන. ඒ කොහොම වුණත් ගෙදර ඉන්නෙ ෆන් ගන්න නොවෙයි. මේ කාලෙ සමහරු සිරීපාදෙ යන්නෙත් ෆන් ගන්න. 

Thursday 19 March 2020

කොවිඩ් හොඳ පරිප්පුවක් කර ගන්නවා ද?

   සිංහල ලිත් ඉලක්කම්


 කොවිඩ් හොඳ පරිප්පුවක් කර ගන්නවා ද?



ටිල්වින් සිල්වාගේ වැදගත් ප්‍රකාශයක් ඊයේ දෙරණ මධ්‍යහ්න ප්‍රවෘත්ති ප්‍රචාරයේ කියැවුණා. එය මේ සබැඳියෙන් අහන්න පුළුවන්.  

https://youtu.be/eviABa6xtUY?t=830. ටිල්වින් කියන දේ සාවධාන ව අසන්න. ඔහු  ජනාධිපති විවේචනය කරමින් කියන්නේ  මේ අවස්ථාවේ ඡන්දය කල්දාන්නෙ නැත, එහෙම කළොත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න වෙනවා කියන එක. ජනාධිපති එය නොකරන බවයි ඔහු කියන්නෙ. ටිල්වින්ට පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අවශ්‍ය ද? ඔහු පාර්ලිමේන්තුවේ නැති නිසා ඒක තරමක පශ්නයක් වෙන්නත් පුළුවන්. 

Wednesday 18 March 2020

රාජිත තීරණ හා ශිෂ්ටබව

  සිංහල ලිත් ඉලක්කම්


රාජිත  තීරණ හා ශිෂ්ටබව



රාජිත සේනාරත්න කියල ජනාධිපති මැච් එකක් නවත්තල නැහැ කියලා. එ කියමන හරියට ම පැහැදිලි නැහැ. ජනාධිපතිට මැච් එක නවත්තන්න බැරි වෙලා ද? එහෙමත් නැත්නම් ඒ ගැන උනන්දුවක් තිබිලා නැද්ද? ඒත් රාජිතගෙ තවත් අගනා ප්‍රකාශයකින් මට හිතුණෙ මැච් එකක් නවත්තන්න බැරි ජනාධිපතිකම මොහොකට ද කියලා. 

Tuesday 17 March 2020

නව කොරෝනාව හා විවිධ සංස්කෘති

 සිංහල ලිත් ඉලක්කම්


නව කොරෝනාව හා විවිධ සංස්කෘති



නව කොරෝනාව හෙවත් කොවිඩ් 19 වසංගතය ලෝ පුරා පැතිර යද්දී මෙරට ජනතාවගෙන් සුළු කොටසකගේ උද්ධච්ඡකම, ආත්මාර්ථකාමිත්වය, ලොක්කා වීමේ ආශාව, පඬියා වීමේ අවශ්‍යතාව, මෝඩ සතුටක් ලබා ගැනීමට ඇති කැමැත්ත, දේශීය දැනුමට ගැරහීමට ඇති අධිමානය හා තවත් දේ එළියට ආවා. මේ බොහෝමයක් බටහිර නාගරික සංස්කෘතියට ගොදුරු වූ අය. දිවයිනේ උසස් යැයි සම්මත පාසලක ඉගෙන ගත් අයකු මට විද්‍යුත් ලිපියක් එවමින් කුණුහරුපයෙන් බැණ වැදුණේ මා කීවාට කොවිඩ් 19ට ආයුර්වේදයේ ප්‍රතිකාර නැති බව කියමින්. මා සාමාන්‍යයෙන් ආයුර්වේදය ගැන කතා කරන්නේ නැහැ. මා කතා කරන්නේ පාරම්පරික සිංහල වෙදකම ගැන. මේ කිසිම වෙදකමක කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ඇති බවක් මා කියා නැහැ. 

Monday 16 March 2020

ගෝඨාභයගේ වගකීම

 සිංහල ලිත් ඉලක්කම් 


ගෝඨාභයගේ වගකීම 



මා මෙතෙක් කොරෝනාව ගැන එතරම් දෙයක් ලියා නැහැ. පෙරේදා පළ වූ ලිපියේ අවසානයේ මේ කෙටි සටහන දැක්වෙනවා. දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව යන මැයෙන් ලියූ ලිපියේ අවසන් ඡෙදයේ මෙසේ සඳහන් වෙනවා.  “මේ උගතුන් සමහරු ගමෙන් පැමිණි අය. එහෙත් ඔවුන් ගමට (දැනුම වශයෙන්) යන්නේ නැහැ. නව කොරෝනාව සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගමට යන්න සිද්ධ වෙලා. මේකත් දෙයියන්නෙ ලෙඩක්. කරන්න තියෙන්නෙ ප්‍රතිශක්තීකරණය (ඔරොත්තු දීමේ ගුණය) වැඩි කර ගන්න එක පමණයි.  ඒ සඳහා සාම්ප්‍රදායික දැනුම යොදා ගන්න පුළුවන්. අපේ උරුමය අපට මතක් වෙන වෙලාවල් තියෙනවා."

Sunday 15 March 2020

රතන හාමුදුරුවෝ සහ සමිත හාමුදුරුවෝ

  සිංහල ලිත් ඉලක්කම්


රතන හාමුදුරුවෝ සහ සමිත හාමුදුරුවෝ



රතන හිමියන් පක්‍ෂයක් හදලා. උන්වහන්සේගේ පක්‍ෂයේ ඉන්න හාමුදුරුවරුන් දින කිහිපයකින් නාම යෝජනා දෙන්න බලාපොරොත්තු වන බව පේනවා. අප එයට විරුද්ධ වෙන්න ඕන. හාමුදුරුවරුන්ගේ දේශපාලනය ගැන අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් කතා කර තිබෙනවා. රතන හාමුදුරුවන් කරන්නේ භික්‍ෂු දේශපාලනයක් නොව ගිහි දේශපාලනයක්. උන්වහන්සේ සහ තවත් හාමුදුරුවරුන් සසුන නැති කිරීමට ඉදිරිපත් වන බවයි කියන්න තියෙන්නෙ. 

Saturday 14 March 2020

දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව

   සිංහල ලිත් ඉලක්කම්

දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව 



නැවතත් ඇතැම් තැන්වල පරණ කතා ඇහෙනවා. උගත් පාඩම් හා සංහිඳියා කමිටුවේ (LLRC) සාක්‍ෂි දීමට ගිය මා කමිටුවට අවශ්‍ය සාධක සමග පෙන්වා දී හිටියේ දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් අසාධාරණයක් නොමැති බවයි. මගේ සාක්‍ෂිය අවසානයේ කමිටුවේ එක් සාමාජික මහතකු කියා සිටියේ එය එසේ වුවත් අප දෙමළ කතා කරන ජනයාට යමක් දිය යුතු බවයි!

Friday 13 March 2020

අතුරුදහන් වූ බව ඔප්පු කරන්න

 සිංහල ලිත් ඉලක්කම්


අතුරුදහන් වූ බව ඔප්පු කරන්න 


අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය ගැන අප තරමක් දුරට කතා කළා. නමින් අතුරුදහන් වූවකු භවයෙන් අතුරුදහන් වී ඇතැයි නිගමනයකට එන්න බැහැ. ඔහු නම වෙනස් කර මෙරට හෝ  වෙනත් රටක හෝ ජීවත් වෙනවා විය යැකියි. එසේත් නැත්නම් මානුෂික මෙහෙයුම්වල දී මිය ගිය ත්‍රස්තවාදියකු වෙන්න පුළුවන්. එසේත් නැත්නම් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරුණු සාමාන්‍ය වැසියකු වන්න පුළුවන්. එසේත් නැත්නම් සටනේදී යම්කිසි හේතුවක් නිසා මිය ගිය ත්‍රස්තවාදියකු හරි සාමාන්‍ය වැසියකු හරි වෙන්න පුළුවන්. 

Thursday 12 March 2020

ශූන්‍ය විපත් හා රණවිරුවන්

 සිංහල ලිත් ඉලක්කම්


  ශූන්‍ය විපත් හා රණවිරුවන්



ඊනියා යුද්ධයේදී මියගිය සිවිල් ජනයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම ගැන නැවතත් කතා කෙරෙනවා. ඒ ජෙනීවා හි 30/1 යෝජනාවේ හා අදාළ යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ලංකාව ඉවත් වීමත් සමග. ඒ යෝජනාවල ලංකාවට අහිත කර දේ, එනම් ලංකාවේ ස්වෛරීභාවය අධිකරණයේ ස්වාධීනත්වය ආදිය නැති වන වගන්ති තිබුණා. ඊනියා යහපාලන ආණ්ඩුව එමගින් රටේ ස්වෛරිභාවය හා රණවිරුවන් පාවා දුන්නා. එකී යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ලංකාව ඉවත් වීමට තීරණය කෙරුණේ එවැනි වගන්ති තිබුණ නිසා.

Wednesday 11 March 2020

දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය

             සිංහල ලිත් ඉලක්කම්


දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය



බටහිරයන්ගේ  අවශ්‍යතාවට, පැරදවිය නොහැකි බවට රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් විසින් ප්‍රකාශ කෙරුණ ද ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදී කණ්ඩායම 2019 මැයි 19 වැනි දා නන්දිකඩාල් හි පරාජය කෙරුණා. එය ඊනියා යුද විශේෂඥයන් හා බටහිරයන් ලැබූ පරාජයක්. එහෙත් අපට බටහිර මාධ්‍ය විසින් ගෙන යනු ලැබූ ප්‍රචාරය පරාජය කරන්න බැරි වුණා. තවමත් ඒ ප්‍රචාරක යුද්ධය කෙරී ගෙන යනවා.

Tuesday 10 March 2020

සිරිසේන නැවත යැවීමේ දේශපාලනය

 සිංහල ලිත් ඉලක්කම් 


සිරිසේන නැවත යැවීමේ දේශපාලනය 


නැවත වරක් සිරිසේන හා ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරෙන් පන්නා දැමීමට කටයුතු කෙරෙමින් තියෙන බව පැහැදිලියි. ඉතා පැහැදිලිව පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයට එකතු වුණු ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට කෙණෙහිළිකම් කරනවා. මේ උද්ධච්ඡයන් පිටුපස ඉන්නා තැනැත්තාට අවශ්‍ය මෙරට ජනාධිපති වීමට. ඔහු ඒ බව කෙළින් කියන්නේ නැහැ. ඔහු ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධයි. 

Monday 9 March 2020

බුදු හාමුදුරුවො ඉපදුනා ද?

    සිංහල ලිත් ඉලක්කම්


බුදු හාමුදුරුවො ඉපදුනා ද?


බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනා ද වෙනත් තැනක ඉපදුනා ද කියල අහන එක ම වරදක් හැටියටයි මට පේන්නෙ. බුදු හාමුදුරුවන් කොහේවත් ඉපදෙන්නෙ නැහැ. ඉපදෙන්නෙ රහත් ඵලයට නොපැමිණි සම්මාබෝධය නොලත් අය. ඉපදෙන අයගෙන් ඇතැමකු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ ලෙස සම්මාබෝධය ලබනවා. උන්වහන්සේ යළි ඉපදෙන්නේ නැහැ. 

Sunday 8 March 2020

දහනවය හා ද්විත්ව පුරවැසිකම

    සිංහල ලිත් ඉලක්කම්


  දහනවය හා  ද්විත්ව පුරවැසිකම



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නො වෙයි. ජනාධිපති මෛත්‍රිපාලගෙ බලතල අඩුකරලා අගමැති රනිල්ගෙ බලතල වැඩි කරන්න. ජනාධිපතිගෙ ධුර කාලය අවුරුදු හයෙන් පහට බැස්සුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවුරුදු හතරහමාරකට බැරි වෙන විධියට වගන්තියක් ගෙනාවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට තරග කරන්න බැරි වෙන විධියට වගන්තියක් ඇතුල් කළා. 

Saturday 7 March 2020

එංගලන්තයේ වැඩ කිඩ

           සිංහල ලිත් ඉලක්කම්


එංගලන්තයේ වැඩ කිඩ




පසුගිය දා තිළින ගමගේ කොමිසමක් ඉදිරියේ ඉතා වැදගත් ප්‍රකාශයක් කරල තිබුණා. ඔහුගේ ප්‍රකාශයෙන් කියැවුණේ මෙරට බිරිතානි මහා කොමසාරිස් කාර්යාලයෙන් නාවික හමුදාවෙන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් යැයි කියැවෙන නඩුවේ දී ඒ නඩුව විනිශ්චය කළ තමාට බලපෑම් සිද්ධ වූ බවයි. මේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් සොයා බැලීමට රජය කටයුතු කළ යුතුයි. එය සත්‍යයක් ද නැත් ද යන්න දැන ගැනීමට අපට අයිතියක් තියෙනවා. 

Friday 6 March 2020

නව දේශපාලනයක්

   සිංහල ලිත් ඉලක්කම් 


නව දේශපාලනයක්


අද මෙරට දේශපාලනයේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය ක්‍රමයෙන් නැති වී ගෙන යනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දමනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන විසින් නොවේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වීමට කරුණු සැලසූ අය එයට වග කියන්න ඕන. එයින් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කෙළේ ඒ පිරිස බවයි. සිරිසේනත් සමග යම් පිරිසක් යහපාලනයට ගියා. ඔවුන් යහපාලන දින සියයේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රසන්න රණතුංගත් යහපාලන මුල් ම කාලයේ සිරිසේනට ගෑවී සිටියේ. ඔහු අද කියනවා සිරිසේනට ගෑවී සිටි කිසිම අයකුට ඡන්දය නොදිය යුතු බව. ඒකත් හොඳ කියමනක්. 

Thursday 5 March 2020

මැතිවරණ එළඹුම

 සිංහල ලිත් ඉලක්කම්


මැතිවරණ එළඹුම



තව දින කිහිපයකින් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ වෙනවා. කිසිම පක්‍ෂයකින් හාමුදුරුනමකට නාම යෝජනා නොදේවිය කියා බලාපොරොත්තු වෙනවා. හාමුදුරුවරුන් තරග කිරීමෙන් හරි ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවිය යුතුයි. එය අපේ සම්ප්‍රදායට විරුද්ධයි. එංගලන්ත ක්‍රිස්තියානි සම්ප්‍රදායට නම් එකඟයි. එංගලන්තයේ ඊනියා සාමි මන්ත්‍රී මණ්ඩලයේ ඇංග්ලිකන් පූජකවරුන් අසුන් ගන්නවා. සාමි මන්ත්‍රී මණ්ඩලය පාර්ලිමේන්තුවේ කොටසක්.

Wednesday 4 March 2020

මැකොස හාමුදුරුවරු හා සම්ප්‍රදාය

  සිංහල ලිත් ඉලක්කම්


මැකොස හාමුදුරුවරු හා සම්ප්‍රදාය




මැතිවරණ කොමිසමේ සභාපති (මැකොස) නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන්න යනවා. ඒ ආගමික සිද්ධස්ථානවල දේශපාලනය කිරීම සම්බන්ධයෙන්. ඔහු මල්වත්තට හා අස්ගිරියට ගිහින් නීතිය පහදලා. මහානායක අනුනායක ලේඛකාධිකාරි හාමුුදුරුවරු මැකොස කියන දේ පිළිගෙන ඇති බවයි වැටහෙන්නෙ. එසේ නම් එය භයානක තත්වයක්. මා මහානායක හාමුදුරුවරුන්ට සිංහල බුද්ධාගම කියා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මට එය කරන්නත් බැහැ. මා සාමාන්‍ය ගිහියකු පමණයි. අනෙක මට මේවා ලියන්න අයිතියකුත් නැහැ. මට වඩා දෙසට සසුනට වැඩ කළ අය ඉන්දැද්දි මා ඒ ගැන කතා කිරීම වරදක් වෙන්නත් පුළුවන්. ඔවුන්ට තැන දී පැත්තකට වීම තමයි මා කළ යුත්තේ. 

Tuesday 3 March 2020

සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිතයි

    සිංහල ලිත් ඉලක්කම්


සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිතයි


අද දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියන මෙරට ක්‍රිස්තියානි සමිතිවල වැදගත් තනතුරු උසුලා ඇති ජෙහාන් පෙරේරා මෙසේ ද ලියා තිබෙනවා.
"Sri Lanka’s population consists of different ethnicities and religions and the minorities among them comprise around 30 percent of the population, which is a substantial amount. However, few Sri Lankan political leaders have been willing to publicly admit to this reality.  They are aware that majorities in most countries see the polity as representing their culture and values predominantly.  This is especially so at the present time when ethnic majority nationalism is on the rise in different parts of the world including both the developed and less developed countries. This is not only a specifically Sri Lankan problem but a global problem.

Monday 2 March 2020

තුනෙන් දෙකක් සඳහා

              සිංහල ලිත් ඉලක්කම්        





                                  
තුනෙන් දෙකක් සඳහා



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග, සමහර විට දැනටමත් මනාප පොරය පටන් අරන්. ඒ තමන්ට ඒ ඒ පක්‍ෂවල දිස්ත්‍රික්ක ලැයිස්තුවල අපේක්‍ෂකත්වය ලැබී අය අතර. අනෙක අය අපේක්‍ෂකත්වය සඳහා පොර කනවා. උකුස්සන් හා දියකාවන් ඩැහැගන්න යන්නෙ ඡන්දදායකයා කියන මාළුවා බව අමුතුවෙන් කියන්න ඕන  නැහැ. මාළුවන් ද දියකාවන් හා උකුස්සන් වෙනස් කරනවා. පසුගිය කාලයේ එසේ වෙනස් කළා.

Sunday 1 March 2020

ජාතික ලැයිස්තු පත් කිරීම්, ජඩමාධ්‍ය හා සකර්බර්ග්

      සිංහල ලිත් ඉලක්කම්





ජාතික ලැයිස්තු පත් කිරීම්, ජඩමාධ්‍ය හා සකර්බර්ග්     

ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂකයන් විය යුත්තේ කවුද යන ප්‍රශ්නය මින් ඉහත දී ද සාකච්ඡා කර තියෙනවා. එහෙත් එය තවත් සාකච්ඡා කෙරෙන්න ඕන. ඒ සාකච්ඡාවලට මා සහභාගි වෙන්න ම ඕනෙ නැහ. මගේ ලිපි දැනට කාලය වෙබ් අඩවියටත් බදාදා අරුණ පුවත්පතටත් පමණක් සීමා වෙනවා. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ ඒ අදහස් සමාජයට යන්නෙ නැහැ කියලා. ජඩමාධ්‍යයට ඒක ප්‍රශ්නයක්. ඔවුන්ට බාහිර ව අදහස් සමාජයට යනවා. ආණ්ඩුව ජෙනීවා යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීම අප ලැබූ ජයග්‍රහණයක් හා සකර්බර්ග් වම්මුන් ඇතුළු වෙනත් පුහු වම්මුන් ලැබූ පරාජයක්. එම් සී සී ගිවිසුම අත්සන් නොකිරීමත් එසේමයි. සයින්දමරදු නගර සභා ගැසට් නිවේදනය අවලංගු කිරීමත් එලෙස ම යි.