Main Logo

Showing posts with label Anti Sinhala Forces. Show all posts
Showing posts with label Anti Sinhala Forces. Show all posts

Wednesday, 3 June 2020

නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්



දැන් ඉතින් මොනව කරන්න ද? ඡන්දෙට ලැහැස්ති වෙන්න ඕන. සකලවිධ සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී කඳවුරට ඡන්දෙ කරන්න වෙලා. ඔවුන් ඒකට අකමැති බව කවුරුත් දන්නවා. ඕන නම් හූල් වැඩේ ටිකක් පරක්කු කරන්න බොරු තර්ක ටිකක් ගේන්න පුළුවන්. ඒත් හුඟක් පරක්කු කරන්න බැහැ. මැතිවරණ කොමිසමට වැඩ ටිකක් වැඩි වෙනවා. අවශ්‍ය ම නම් මැතිවරණය දින දෙකක දි හරි තුනක දි හරි පවත්වන්නත් පුළුවන්. මැතිවරණ පනතෙ 24(3) වගන්තිය යටතෙ කොමිසමට ඒක කරන්න පුළුවන්. ඡන්ද පොළ සංඛ්‍යාව වැඩි කරන්න වෙයි. නිරෝධායන නීති රීති හින්ද දින කිහිපයක දි ඡන්දය පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වුණත් රටේ සෞඛ්‍යයට හොඳයි. 

Sunday, 29 March 2020

නොසන්ඩාලයන්, හමුදාව හා ආහාර බෙදීම

       සිංහල ලිත් ඉලක්කම්


නොසන්ඩාලයන්, හමුදාව හා ආහාර බෙදීම  



පිරිත් කියන්නෙ මොකට ද කියල පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අහනවා. ඔවුන්ට ඒක තමන්ගෙ දෙමව්පියන්ගෙන් ආච්චිල සීයල ඉන්නවා නම් ඔවුන්ගෙන් දැන ගන්න පුළුවන්. ඒක අමනුෂ්‍යයන් පැරදවීම සමග සම්බන්ධ වෙච්ච දෙයක්. දැන් පඬියන් අමනුෂ්‍යයන් දැකල නැහැ කියාවි. ඔවුන් වයිරස වයිරියොන මේ කිසිවක් දැකලත් නැහැ. මේ සියල්ල විශ්වාසය පිළිබඳ කතා. අපේ විශ්වාස අවුරුදු දහස් ගණනක් පරණයි. ඒවා තවමත් තියෙනවා. පඬි විශ්වාස වැඩි කලක් පවතින්නෙ නැහැ. මා අමනුෂ්‍ය කතාව පස්සෙ විස්තර සහිතව කියන්නන්. කොවිඩ් 19 වයිරසය ආවෙ කොහෙන් ද? එය ඇති වුණෙ කොහොම ද? පරීක්‍ෂණාගාරයක ද? ඕන ඕන කතා ගොතා ගන්න.

Thursday, 13 February 2020

දේශපාලන අනාථයන්ගේ අම්බලම

     සිංහල ලිත් ඉලක්කම්

දේශපාලන අනාථයන්ගේ අම්බලම


අද මෙරට දේශපාලන අනාථයන් පිරිසක් ඉන්නවා. ඔවුන් ඉන්නෙ අම්බලමක. ඒ පිරිස තමන් වම ද දකුණ ද කියාවත් දන්නේ නැහැ. සුප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ වචනයෙන් කියනවා නම්, ඔවුන් හිටපු ගමන් අම්බලමෙන් පිටතට ඇවිත්, ඉව වැරදුණු බල්ලන් මෙන් එහාට දුවනවා, මෙහාට දුවනවා. බොරු පඬි කතා ඇද බානවා. 

Friday, 27 December 2019

කිඹුල් භාෂණයේ නිදහස පිටුපස එන විශ්වාසභංගය

සිංහල ලිත් ඉලක්කම් 


කිඹුල් භාෂණයේ නිදහස පිටුපස එන විශ්වාසභංගය




රාජිත වටා එ ජා පෙරමුණ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජ වි පෙ එකතු වෙන බව පේනවා. ඔවුන් එකතු වෙනවාට වඩා බටහිරයන් ඔවුන් එකතු කරන්නේ ය යන්න වඩා සංගතයි. කලකට පසු  අනුර රනිල්දාස කතා කළා. ඔහු රාජිත වගේ හැංගිලා ඉඳලා නැහැ. එහෙත් ලජ්ජාවට හැංගිලා ඉඳලා. සියයට තුනෙන් පසු ඔහුට සියයට හයේ මිතුරන් සමග ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න ඇති. ඔහුට දැන් නව මිතුරන් ඉන්න බවකුත් පෙනී ගියා.