Main Logo

Thursday 30 June 2016

බ්‍රෙක්සිට් හා එට්කා

බ්‍රෙක්සිට් හා එට්කා

බ්‍රෙක්සිට් කියන්නෙ බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම යන්න ඉංගිරිසි බසින් කියන ආකාරය කෙටිකර තනාගත් වහරක්. එට්කා යන්න මුල අකුරුවලින් තනාගත් වහරක්. බිරිතානිය, බිරිතානිය කිව්වත් රටක් හැටියට එක්සත් රාජධානිය, යුරෝපා සංගමයෙන් වෙන්වන්න තීරණය කරපු බව දැන් කවුරුත් පාහේ දන්නවා. රනිල් කියන්නෙ බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීම නිසා ඉන්දියාවත් සමග අත්සන් කරන්න යන ගිවිසුම ඉක්මන් කරන්න ඕන කියලා. මිනිසුන් මෙහෙම මුළා කරන එක දේශපාලනඥයකුට වුනත් වටින්නෙ නැහැ.

Wednesday 29 June 2016

සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීම

සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීම

මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් නැත. ඇත්තේ ඇංග්ලො සැක්සන් ප්‍රොතෙස්තන්ත (ක්‍රිස්තියානි) රාජ්‍යයකි. ඒ කතෝලික රාජ්‍යයක් ද නො වේ. අපේ නීතිය ඇංග්ලො සැක්සන් අනුමැතිය ලැබූ රෝම ලන්දේසි ය. පාර්ලිමේන්තුව ඇංග්ලො සැක්සන් ය. ජනාධිපති වඩාත් ළං වන්නේ ඇමරිකානු ඇංග්ලො සැක්සන් ජනාධිපතිට ය. රාජ්‍ය සේවය ඇංග්ලො සැක්සන් ය. ජනමාධ්‍ය ඉන්දියාව අනුගමනය කරමින් ඇංග්ලො සැක්සන් ප්‍රෙතෙස්සතන්ත සංස්කෘතිය ප්‍රචලිත කරයි. අධ්‍යාපනය පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් බුද්ධාගම සුරකින බව කියැවෙයි. අද ලාල් විජේනායකලා වැනි පුස් කෑ මාක්ස්වාදීන් රනිල් සමග එකතුවන්නේ එය ද නැති කිරීමට ය. අද මෙරට වැදගත් මහානායක හාමුදුරුවන් ද නැත්නම් කාදිනල් ද එසේත් නැත්නම් ලංකා (පැරණි ඇංග්ලිකන්) සභාවේ බිෂොප් ද? මහානායක හාමුදුරුවන් බැහැ දැකීමට අටපිරිකර රැගෙන මල්වත්තට හා අස්ගිරියට යන දේශපාලනඥයන්ට උන්වහන්සේලාගෙන් ලැබෙන අනුශාසනාව කුමක් ද? අනුශාසනාවක් ලැබුණත් ඒ පිළිපදින්නේ ද? 

Tuesday 28 June 2016

ජාතික ව්‍යාපාරයට න්‍යාය පත්‍රයක්

ජාතික ව්‍යාපාරයට න්‍යාය පත්‍රයක්

බොහෝ දෙනා ජාතික ව්‍යාපාරය ගැන කියනවා. එහෙත් ඒ බොහෝ දෙනකුට ජාතික ව්‍යාපාරයක් ගැන තේරුමක් නැහැ. ජාතික ව්‍යාපාරය පටන් ගත්තෙ කවද ද? ඒකෙ අරමුණු මොනව ද, ඒ අරමුණු ඉටුකර ගන්නෙ කොහොම ද, මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ජාතික ව්‍යාපාරය දේශපාලන පක්‍ෂයක් ද? ඒකත් ප්‍රශ්නයක්. ජාතික ව්‍යාපාරය දේශපාලනයක් කරන්නෙ නැද්ද? මේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු දෙන්න මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනෙක මා කියන සෑම දෙයකට ම මූලාශ්‍ර ලබාදෙන්නෙත් නැහැ. සමහර දේට මූලාශ්‍ර ඇත්තෙත් නැහැ. මා දත්ත පමණක් පිටින් ගන්නවා. බොහෝ විට විවරණ මගේ, එනම් මට හිතෙන දේ. ඒවා මා ඉදිරිපත් කරන දත්ත සමග ගැලපෙනවා කියල මා හිතනවා. කොහොමටත් වාස්තවික දත්ත කියා දේ ලෝකයේ නැහැ. සෑම දත්තයක් ම අවසාන විග්‍රහයේ දී විවරණයක් වෙනවා. කොලම්බස් ඇමරිකාව සොයා ගත්තා කියන එක වාස්තවික දත්තයක් ලෙස පෙන්නන්නෙ යුරෝපීයයන්. ස්වදේශික ඇමරිකානුවන් ඇමරිකාව සොයා ගත්තේ නැත් ද? ඔවුන් ඇමරිකාවට ගිහින් තියෙන්නෙ ආසියාව පැත්තෙන්. ප්‍රශ්නය තිබුනේ ඇමරිකාවට ආසියාවෙන් පැමිණි අය හා යුරෝපයෙන් පැමිණි අය අතර. ඒ පැමිණීම්, එනම් සොයාගැනීම් අතර කී දෙනකු ඇමරිකාවට ගියා ද? ඇමරිකාවට භික්‍ෂූන් වහන්සේ චීනයෙන් වැඩම කර ඇති බව කී විට එය විශ්වාස කරන්නේ නැහැ. ඊනියා මූලාශ්‍ර ඉල්ලනවා. අපට දැන් පුරුදු කරලා තියෙනවා පොත පතෙහි සඳහන් දේ පමණක් විශ්වාස කරන්න. මූලාශ්‍ර සඳහන් නොකර අප කියන දෙයක් පිළිගන්නේ නැහැ. මුලාශ්‍රයෙහි තියෙන දේ ඇත්ත ද කියලා අහන්නෙ නැත්තෙ ඇයි? අප ඇසූ පිරූ තෑන් ඇති ජාතියක්. සූත්‍ර බොහොමයක් පටන් ගැනීමේ දී ආනන්ද හාමුදුරුවන් කියන්නේ මා විසින් මෙසේ අසන ලදී කියලයි. සූත්‍ර, බහුශ්‍රැත මේ සියල්ල ඇසීම සමග සම්බන්ධයි. බටහිරයන්ගේ වර්තමාන සම්ප්‍රදායෙ ඉන්නෙ හොඳින් කියවන ලද, වෙල් රෙඩ්, අය. ඇසූ පිරූ හා කියවන ලද කියන්නෙ සම්ප්‍රදාය දෙකක්. ජාතික ව්‍යාපාරය පළමු සම්ප්‍රදායෙ. ඒ වුනත් අද අපට වැඩියෙන් ලියන්න වෙලා තියෙනවා. ඒත් අපේ ම පිටුවල, වෙබ් අඩවිවල.  රූපවාහිනී මාධ්‍යයෙන් අප කොන් කරලා. පුවත්පත් පළකරන්නේත් ඔවුන්ට ඕනෑ දේ පමණයි.

ක්වොන්ටම් මිනුමේ සීමාව පෘතග්ජන මනසේ සීමාවයි




ක්වොන්ටම් මිනුමේ සීමාව පෘතග්ජන මනසේ සීමාවයි

වංශපුූර දේවගේ ජානක



සාමාන්‍යයෙන් ගත්විට සම්භාව්‍ය භෞතික විද්‍යාවට අදාල වන්නේ ඉන්ද්‍රීය ගෝචර ප්‍රපංචය. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අදාල වන්නේ ඉන්ද්‍රීය ගෝචර නොවන ප්‍රපංචය. නමුත් බටහිර සංස්කෘතිය සම්භාව්‍ය භෞතික විද්‍යාව මෙන්ම ක්වොන්ටම් භෞතික විද්‍යාවද යම් වාස්ථවිකවූ යථාර්තයක් විස්තර කරන්නේ යැයි සිතයි. ඊට ප්‍රතිවිරුද්ධව බුදු දහම වාස්ථවික යථාර්තය බොරුවක් යැයි බැහැර කරයි. වාස්ථවික යථාර්තය බොරුවක් යන පදනම මත ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඇතැම් නිරීක්‍ෂණ තේරුම් ගැනීමට අපට උත්සාහ කල හැකිය.

Monday 27 June 2016

බුදුදහම පාවාදීම

බුදුදහම පාවාදීම

මේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ  ස්ටැන්ලි තම්බයියා  බුඩිසම් බිටේ‍ර්ඩ්  නමින් ලියූ පොත ගැන නොවෙයි. ඒ පිළිබඳව ඒ දිනවල ම ඉහත සඳහන් නමින් ම පොත් පිංචක් පළ කළා. බොහෝ දෙනකුට ඒ බව මතක නැතිව ඇති. කොහොමත් සිංහල බෞද්ධයන් සාමූහික ව ජීවත්වන්නේ වර්තමානයේ. එහෙත් පෞද්ගලික ව නම් අතීතයේත් අනාගතයේත් ජීවත්වෙනවා. තම්බයියා යනු යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් යොදාගනු ලැබූ දෙමළ ක්‍රිස්තියානි උගතෙක්. ඔවුන් විසින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගණනාථ ඔබේසේකරවත් යොදා ගනු ලැබුවා. ඔහු මා දන්නා තරමින් නාමිකවවත් සිංහල බෞද්ධයෙක්. සිංහල බෞද්ධ ද දෙමළ ක්‍රිස්තියානි ද භේදයකින් තොරව ඔවුන් යොදා ගැනුණේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව.

Sunday 26 June 2016

ඩබ් ඒ එස් පී ලෝක ආධිපත්‍යය

ඩබ් ඒ එස් පී ලෝක ආධිපත්‍යය

මේ අපේ රටේ සහකාර පොලිස් අධිකාරී තනතුරක් හඳුන්වන ඉංගිරිසි අකුරු හතරක් සිංහලෙන් ලියා ඇති ආකාරය නෙවෙයි. ඇමරිකන් ස්වදේශිකයන් ඔය ඉංගිරිසි අකුරු හතරෙන් කියැවෙන අය හා ඒ සම්බන්ධ කතාව, ඕන නම් සංසිද්ධිය ගැන හොඳින් දන්නවා. එහෙත් ඒ වියුක්ත සංකල්පයක් හැටියට නොවෙයි. ඇතැමුන් ද හොඳින් දන්නා පරිදි මේ අකුරුවලින් ඉංගිරිසියෙන් කියැවෙන්නේ වයිට් ඇංග්ලො සැක්සන් ප්‍රොටෙස්ටන්ට් යන්නයි. එනම් සුදු ඇංග්ලො සැක්සන් ප්‍රොතෙස්තන්ත කියන්නයි. අපට ඕන නම් ඒ එස් පී සුද්දන් කියලත් කියන්න පුළුවන්. අප ඇංග්ලො සැක්සන් සංස්කෘතියේ ආරම්භය ගැන ඊයේ ටිකක් කතාකළා. අද තවදුරටත් ඒ ගැන කතාකරමු. 

Saturday 25 June 2016

පඬියන්ට ගෝත්‍රවාදීන් නොවන ඇංග්ලො සැක්සන්වරු

පඬියන්ට ගෝත්‍රවාදීන් නොවන ඇංග්ලො සැක්සන්වරු

පසුගිය ජූනි විසිවැනිදා ඉංගිරිසි ජාතිකත්වය මැයෙන් වූ ලිපිය අවසන් කෙළේ මේ ආකාරයටයි. “ජූනි 23වැනි දා එංගලන්තයේ ජනතාව දේශපාලනඥයන්ට එරෙහි වී යුරෝපා සංගමයෙන්  ඉවත්වීමට තීන්දුවක් ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා. එය ඉංගිරිසි ජාතිකත්වය නැවත මතුවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.” එක්සත් රාජධානිය ම සමස්තයක් ලෙස ගතහොත් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට 51.9% ක ඡන්දයෙන් තීරණය කර තිබෙනවා. එංගලන්තය හා වේල්සය ගත්තොත් මේ ඡන්ද ප්‍රමාණය පිළිවෙළින් 53.4%ක් හා 52.5%ක් වෙනවා. එහෙත් ස්කොට්ලන්තයේ එය 38%ක් ද උතුරු අයර්ලන්තයේ 44.2%ක් ද පමණක් වෙනවා. වැඩිකල් යෑමට පෙර ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් ඉවත්වේවි. අයර්ලන්තයේ පවතින කතෝලික ක්‍රිස්තියානි විරසකය නිසා උතුරු අයර්ලන්තය ඇත්තේ අර්බුදයක. තරුණ පරම්පරාව වැඩිපුර ඡන්දය දී ඇත්තේ යුරෝපා සංගමයේ රැඳී සිටීමට බවයි කියැවෙන්නේ. එහෙත් ඔවුන්ට ලංකාවේ 2015 ජනවාරි 8වැනි දා මෙන් තීරණයට බලපෑමක් කිරීමට හැකි වී නැහැ. තරුණයන් වයසට යන විට අදහස් වෙනස් වේවි. මාත් තරුණ කාලයේ දී ජාත්‍යන්තරවාදියෙක්!

Friday 24 June 2016

සිංහලයන් එකතු කිරීම

සිංහලයන් එකතු කිරීම

සිංහලයන් එකතුවන්නේ කුමක් වටා ද? කා වටා ද? යන ප්‍රශ්න නැවතත් වැදගත් වෙලා. මෙයින් කියන්නේ සියළු සිංහලයන් එකතුවන්නේය යන්නවත් එකතුවිය හැකිය යන්නවත් නොවෙයි. ඉතිහාසයේ කවරදාවත් එසේ වී නැහැ. එසේ වන්නේත් නැහැ. අපට අවශ්‍ය වැඩි ශක්තියක් ගොනු කර ගැනීමයි. ඉතිහාසයේ සිංහලයන් ඉතා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත්තේ ගැමුණු, විජයබාහු ආදී රජවරුන් වටා. දැන් අපට රජවරුන් නැහැ. දැන් ඉන්නේ දේශපාලනඥයන්. රජවරුන් නම් රට කරවීමට කුඩා කල සිට ඉගෙන ගත්තා. සිංහල කුමාරවරුන් භික්‍ෂූන්වහන්සේලා යටතේත් ඒ පුහුණුව ලැබුවා. ධාතුසේන කුමාරයා හොඳම උදාහරණය. ඒ පුහුණුවේ දශරාජ ධර්මයත් තියෙන්න ඇති. කොහොමටත් කල්ගත වන විට සිංහල රජු බෝසතකු විය යුතු ය යන අදහසත් එකතු වුනා. අපට අග්බෝ (බෝසත්) රජවරු ම කී දෙනකු සිටියා ද? මේ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් ය කියලා කියන්නෙ බටහිරින් සෑම දෙයක් ම ඉගෙන ගන්න පඬියන්. අපේ ක්‍රමය යුරෝපයේ තිබූ වැඩවසම් ක්‍රමය නොවන බවවත් මේ පඬියන් දන්නේ නැහැ.

Thursday 23 June 2016

අගමැතිට කැස්ස හැදෙන්න බැහැ

අගමැතිට කැස්ස හැදෙන්න බැහැ

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන අගමැතිගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දීමට රනිල් වික්‍රමසිංහ වෙල්විදානේ සරත් ෆොන්සේකාට පවරා ඇත්තේ තමාට කැස්සක් ඇති බව කියමිනි. එහෙත් මෙය කිනම් ස්ථාවර නියෝගයකට අනුව කෙළේ දැයි ඔහුවත් කතානායකවත් පැහැදිලි කර නැත. මෙරට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ප්‍රශ්නයක් මෙයින් මතුවෙනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඉන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා ලෙසින්වත් මෛත්‍රී වික්‍රමසිංහගේ ස්වාමි පුරුෂයා ලෙසවත් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයකු ලෙස පත් වී ජනාධිපති විසින් අගමැති තනතුරට පත්කරනු ලැබුවා. අගමැතිකම රනිල් වික්‍රමසිංහගේ එක් කාර්යභාරයක්. රනිල් අගමැති තනතුරේ වැඩකරනවා.  එ සඳහා ඔහු දිවුරා වැඩ භාරගෙන තිබෙනවා. එහෙත් අගමැති තනතුරේ එක් කාර්යභාරයක් රනිල් වික්‍රමසිංහ වීම නෙවෙයි. 

වෙනස, හඳුනාගැනීම සහ පැවැත්ම

වෙනස, හඳුනාගැනීම සහ පැවැත්ම

වංශපුර දේවගේ ජානක

සංයුක්ත වශයෙන් මේ සංකල්ප තුන එකිනෙකින් වෙන්කර ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිද? එනම් යම් ප්‍රපංචයක් සම්බන්ධයෙන් එහි අනන්‍යතාවත් (identity) වෙනස්වීමත් (change) ගැන නොසලකමින් එහි පැවැත්ම (existence) තේරුම්ගත හැකිද? එමෙන්ම අහවල් දෙයක් ලෙස යමක් හඳුනානොගෙන එහි පැවැත්මක් හෝ වෙනස්වීමක් ගැන තේරුම්ගත හැකිද? එමෙන්ම අනිත් සංකල්ප දෙක යොදා ගන්නේ නැතිව එහි වෙනස්වීම ගැන තේරුම්ගත හැකිද?

Wednesday 22 June 2016

ඇරිස්ටෝටල්ගෙ බලය

ඇරිස්ටෝටල්ගෙ බලය

බලයක් කියන්නෙ මොකක් ද? අප මෙහි දී කතාකරන්නේ දේශපාලන බලය ගැන නොවෙයි. බලය බෙදීම, බලය විමධ්‍යගත කිරීම ආදිය මෙයට අදාළ නැහැ. ආකිමිඩීස්, ඇරිස්ටෝටල් ඇතුළු ග්‍රීකයන්ට බලය වුනේ කප්පි ලීවර ආදියේ දී යොදාගන්නා බලය. ඔවුන්ගේ බලය ඇදීමක්, තල්ලුවක් වැනි දෙයක්. අපට වුනත් ඇදීම, තල්ලුව වගේ සංකල්ප තිබුනා. එහෙත් බලය කියන වියුක්ත සංකල්පය තිබුනේ නැහැ. අපට ශක්තිය කියන සංකල්පය තිබුණා. ඒත් එය කර්ම ශක්තිය වැන්නක් මිස බටහිර විද්‍යාවෙ යොදාගන්නා ශක්තිය නෙවෙයි. කර්මය බටහිර විද්‍යාවේ අර්ථයෙන් ශක්තියක් නෙවෙයි. අපට ඉඳහිට ඇහෙනවා කර්ම විපාකය නිවුටන්ගෙ තුන්වැනි නියමයෙන් තේරුම් කරනවා. හැම ක්‍රියාවකට ම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා කර්මය ගැන කතාකරනවා. මේ සංකල්ප ගැන හරි වැටහීමක් නැතිව කෙරෙන කතා. මේ කතාවලින් සිද්ධ වෙන්නෙ අයහපතක්. බුද්ධාගම විද්‍යාත්මක කිරීම එයටත් වඩා පඬි කතාවක්. ඒ කතාවල හීනමානයකුත් තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්ත කටුගම්පල කියාවි අවකාශයටත් (අවකාශ –- කාලයට) ශක්තියක් තියෙනවා කියා. ඒ රික්ත ශක්තිය නෙවෙයි.

Tuesday 21 June 2016

ගෙදර ගියෙමි 10

ගෙදර ගියෙමි  10

වංශපුර දේවගේ ජානක 

ඊලඟ වසර දෙක පමණ කාලය මා ගත කලේ මිසිසිපි ප්‍රාන්තයේ අගනුවර වූ ජැක්සන් නගරයේය. මිසිසිපි යනු ඇමෙරිකාවේ එක් ස්වදේශික ගෝත්‍රයක් මහා ගංගාවට ඔවුන්ගේ බසින් කී නමය. මිසිසිපි ගඟ යාබදව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කෙලවරේ පිහිටි මිසිසිපි ප්‍රාන්තය ඇමෙරිකාවේ දුප්පත්ම ප්‍රාන්තය ලෙස සැලකෙයි.  කලකට ඉහතදී අපේ රටේ ගම්ද මේ මිම්මෙන් දුප්පත් ලෙස සැලකුනත් ඒකල අපේ ගම් දුප්පත් නොවුනු බව අපි දනිමු. නමුත් ජැක්සන් නගරයත්, ප්‍රාන්තයේ අනෙක් බොහෝ කුඩා නගරත් සැබෑවටම දුප්පත්ය. එහි කැඩී බිඳී ගිය ගොඩනැඟිලි, වල් වැදුනු හිස් ඉඩම්, පිලිසකර නොකල මහා මාර්ග සැම තැන දැක ගත හැකිය. නගර මධ්‍යයේ බොහෝ ගොඩනැඟිලි වසර පනහක් සියයක් පමණ පැරණි ඒවා විය. (සාමාන්‍යයෙන් අපේ පිටරට ගිය ඇත්තන්ගේ සෙල්ෆී වලින් මෙවැනි නගරත් ඇමෙරිකාවේ ඇතැයි දැන ගන්නට ලැබෙන්නේ නැත). නමුත් ඒ කිසිවකටත් වඩා මිසිසිපි දුප්පත් කරවූයේ එයද රටේ අනිත් ප්‍රාන්ත, විශේෂයෙන්ම උතුරේ ප්‍රාන්ත, ගිය ආර්ථික ගමන යන්නට ගොස් අතරමංව සිටි බැවිනි. නමුත් චක්ටෝ නම් ස්වදේශික ජාතියක් අනාදිමත් කාලයක සිට මිසිසිපියේ සමෘදිමත් ලෙස ජීවත්ව හිඳ තිබිනි. යුරෝපීයෝ එහි පැමිණෙන තෙක් තත්වය එසේවීය.

මගේ දරුවෝ 2

මගේ දරුවෝ   2

ධර්මසිරි සෙනෙවිරත්න


 චරිත ස්වභාවය අනුව  මගේ දරුවන් වර්ග කරනවිට මම මොලින්ම හඳුන්වා දුන්නේ තද හිත්  ඇති,එතරම් නම්‍යශීලී නැති එහෙත් ලෞකික ශිල්ප ශාස්ත්රවලට දක්ෂ මට බෙහෙවින් ආදරේ කල ” යක්ෂයින්”’ වැනි කොටසය .අනෙක් අ යට වඩා බුදු දහමට අනුගත වීමට මොවුන්ට බොහෝ කල් ගතවුවත් එසේ බෞද්ධ වූ අ  ය  අතර ඉතා විශිෂ්ට ලෙස මනස දියුණු කරගත් අ  ය සිටියහ . අනෙක්  අයගෙන් වෙන්වී සිටියද  පන්දඩු  කාභය සමයේදී ඔවුහුද අනෙක් ය සමග එකතු වන්නට පටන් ගත්හ 

ජාතිකත්වයේ පක්‍ෂයක්



ජාතිකත්වයේ පක්‍ෂයක්

ඉංගිරිසි දේශපාලනයේ නායකයන් නැතිව වුවත් ඉංගිරිසි ජනයා ජාතිකත්වයකට යොමු වී තිබෙනවා. ඒත් ඒ සඳහා පක්‍ෂ දේශපාලනයෙන් වෙන් වූ ඡන්දයක් අවශ්‍ය වූවා. එංගලන්තයේ (බිරිතානියේ) ජූනි විසිතුන්වැනිදා පැවැත්වෙන ජනමත විචාරණය පක්‍ෂ දේශපාලනයෙන් මුළුමනින් ම නැතත් විශාල ප්‍රමාණයකට වෙන් වෙලා. එංගලන්තයේ ඡන්දදායකයන් වූ සිංහලයන් වැඩි දෙනකු රනිල්ගේ පණිවුඩය අනුව හර්ෂ හරීන් රෝසි ත්‍රිත්වයට අවශ්‍ය ආකාරයට යුරෝපා සංගමයේ රැඳී සිටීමට ඡන්දය දේවි කියා හිතන්න බැහැ. එහෙත් එහි ලංකාවෙන් ගිය දෙමළ ඡන්දදායකයන් නම් බොහෝ දෙනකු එකී සංගමයේ රැඳී සිටීමට ඡන්දය දේවි. විවිධ දෙමළ සංසද දෙමළ ඡන්දදායකයන්ට එලෙස ඡන්දය දෙන ලෙස ඉල්ලනවා. දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ අවශ්‍යතාවට යුරෝපා සංගමය ද මැදිහත්වීමෙන්. ලංකාවට පණවන යුරෝපා සංගමයේ විවිධ බාධක හා තහංචි  දෙමළ ජාතිවාදයේ වර්ධනයටයි. ඒකාබද්ධ විපක්‍ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ. පක්‍ෂයක් හෝ සංවිධානයක් හෝ නොවන ඒකාබද්ධ විපක්‍ෂය පවතින්නේ ගන්ධබ්බ තත්වයකින්.

Monday 20 June 2016

ඉංගිරිසි ජාතිකත්වය

ඉංගිරිසි ජාතිකත්වය

ලබන බ්‍රහස්පතින්දා එංගලන්තයට වැදගත් දවසක්. එදින බිරිතානි වැසියන් තම රට (බිරිතානිය- මෙයත් රටක් වශයෙන් පැවතිලා අවුරුදු සියහණනකට වඩා නැහැ. ඒත් අද අප එ ය රටක් ලෙස පිළිගන්නවා. බොහෝ රටවල් පිළිබඳ තත්්වය එයයි) යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු ද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නවා. එහි දී දේශපාලන පක්‍ෂත් අභ්‍යන්තරව බෙදිලා. අගමැති කැමරන්ගේ කොන්සර්වෙටිව් පක්‍ෂයේ වෑඩි දෙනා කියන්නේ බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවයි. එහෙත් කැමරන්ට අවශ්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී ඉන්න. කම්කරු පක්‍ෂයේ බොහෝ දෙනාටත් වුවමනා යුරෝපා සංගමයේ රැඳී ඉන්න. ඔවුන් තම නායක ක්‍රෝබින් ඒ සඳහා දෙන නායකත්වය ගැන පැහැදීමක් නැහැ. මේ අතර බිරිතානියේ එක් කොටසක් වන එංගලන්තයේ වැඩි දෙනකු කැමති යුරෝපා සංගමයෙන් ඉවත් වීමට. ඒත් එක්සත් රාජධානියෙන් හා බිරිතානියෙන් වෙන්විය යුතු යැයි කියන ස්කොට්ලන්තයේ වැඩි දෙනා කියන්නේ යුරෝපා සංගමයේ සිටිය යුතු බව. ස්කොට්ලන්තය එංගලන්තයට එකතු වූයේ 1707 දී. එය ඉංගිරිසින් ස්කොට්ලන්තය උපායෙන් යටත්කර ගැනීමක්.

Sunday 19 June 2016

සංහිඳියාවක් අවශ්‍ය නැහැ

සංහිඳියාවක් අවශ්‍ය නැහැ

සංහිඳියාවක් ගැන දැන් කලක සිට කතාවෙනවා. මෙය රෙකන්සිලියේෂන් කියන ඉංගිරිසි වචනය සිංහලට පරිවර්තනය කෙරී ඇති ආකාරයයි. මේ වචනය මෙරට දේශපාලනයට ඇතුල් කෙරෙනුයේ බටහිරයන් විසින්මයි. මෙරට දෙමළ ජාතිවාදය  ඇතිකෙළේත් බටහිරයන්මයි. ඔවුන් ඇතිකළ දෙමළ ජාතිවාදය ඔවුන්ගේ ද අනුග්‍රහයෙන් හා පසුව ඉන්දියාවේ ද ආධාරයෙන් දෙමළ ත්‍රස්තවාදයක් දක්වා විකාශය වී නන්දිකඩාල් කලපුවේ දී පරාජය කෙරුණා. ඒ සමග දෙමළ ජාතිවාදයත් පරාජය වුණා. එහෙත් අප නිතර කියන ආකාරයට ඒ දේශපාලනික ජයග්‍රහණය නෛතික ජයග්‍රහණයක් බවට පත්කරන්න බෑරි වුණා. එයට අප සියල්ලන් ම වරදකරුවන්. ඒත් ඒ වරද නිවැරදි කරගන්න පුළුවන්.

Saturday 18 June 2016

නිවන ගැන

නිවන ගැන

නිවන් අවබෝධ නොකළ අයට නිවන යන්න ප්‍රශ්නයක්. නිවන් අවබෝධ කරන තෙක් නිවන විස්තර කිරීමට අප කිසිවකුට බැහැ. මටත් එසේමයි. එහෙත් පුහුදුන් අප නිවන ගැන යමක් කීමට පෙළඹෙනවා. සුද්දන්ට නිවන් අවබෝධ කළ හැකි ද ආදී ප්‍රශ්න අසනවා. එසේ ප්‍රශ්න ඇසීමේ කිසි වරදක් නැහැ. ප්‍රශ්න කළ පමණින් නිවන් අවබෝධ කරගන්නත් බැහැ. මතක තබා ගත යුතු කරුණක් නම් විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථ සැපයූ, අටුවා ලියූ බුද්ධඝෝෂ හාමුදුරුවනුත් පොත පතේ සඳහන් අන්දමට නම් අටුවා ලියන අවස්ථාවෙහි නිවන් අවබෝධ කරගෙන සිටියේ නැහැ. මා මෙයින් කියන්නේ ඕනෑම කෙනකුට අටුවා ලියන්න පුළුවන් කියන එක නෙවෙයි. එහෙත් ඕනෑම කෙනකුට තමන්ට තේරෙන ආකාරයට නිවන ගැන කියන්නත් බාධාවක් නැහැ. එහෙත් එය බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීමේ අර්ථයෙන් කෙරෙන්නේ නම් ඒ දේශපාලන ප්‍රශ්නයක් වෙනවා.

Friday 17 June 2016

යුද්ධය

යුද්ධය

සංකල්ප යනු අවසාන වශයෙන් ගත්කල වත්මන් වැඩිහිටි සමාජයේ නම් වචනයි. එහෙත් සෑම විට ම ඒ එසේ ම වන්නේ නැහැ. භාෂාවක් කතාකිරීමට පෙර ළදරුවන්ට ද සංකල්ප තිබෙනවා. ඔවුන් තම මව ආදීන් හඳුනාගැනීමේ දී සංකල්ප යොදා ගන්නා බව පැහැදිලියි. චිත්‍රශිල්පීන් තම අදහස් සංකල්ප ආදිය චිත්‍ර මගින් ප්‍රකාශ කරනවා. සංගීතඥයන් ඒ සංගීතය මගින් කරනවා. ගීතයෙහි දී නම් සංගීතයෙන් ද වචනවලින් ද අදහස් ප්‍රකාශ කෙරෙනවා. ඉඟියෙන් නැටුමෙන් ආදී වශයෙන් ද අදහස් ප්‍රකාශ කෙරෙනවා. ඒ කොහොම වුණත් අද සමාජයේ අතිවිශාල බහුතරය අදහස් ප්‍රකාශ කරන්නේ වචනවලින්. 

Thursday 16 June 2016

ආකිමිඩීස්ගෙ බර

ආකිමිඩීස්ගෙ බර

ආකිමිඩීස්ගේ බර හා නිවුටන්ගේ බර කියන්නේ දෙකක්. එයින් කියැවෙන්නේ ඔවුන් දෙදෙනාගේ බර රාත්තල්වලින් හරි ග්‍රීකයන් යොදාගත් ඒකකයකින් හරි වෙනස් කියන එක නෙවෙයි. ඔවුන්ට කිලෝග්‍රෑම්් නොතිබුණත් අපට වුවමනා නම් ඔවුන්ගෙ බර කිලෝග්‍රෑම්වලිනුත් කියන්න පුළුවන්. කිලෝග්‍රෑම් ඇතිවුනේ ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ. ආකිමිඩීස්ට ඉංගිරිසින්ගෙ රාත්තල් තිබුණෙත් නැහැ. ඒත් මේ හැම ඒකකයක් ම අනෙක් ඒකකවලට හරවන්න, පරිවර්තනය කරන්න  පුළුවන්. සිංහලයන් ඇතෙක් බරට කියන ප්‍රකාශය වඩාත් බර දේ ගැන කියන කොට යොදාගෙන තිබෙනවා.

Wednesday 15 June 2016

ඒකාබද්ධ විපක්‍ෂයේ ගමන්මග



ඒකාබද්ධ විපක්‍ෂයේ ගමන්මග

නිවන, බලය ආදිය පිළිබඳ ප්‍රශ්න අසා තිබුණා. ඒ සියල්ල වැදගත්. අපට අවශ්‍ය පොදුවේ රටට යහපත් අනාගතයක් උරුම කර දීමත් නිවන් අවබෝධයත්. නිවන් අවබෝධයේත් ක්‍රම තුනක්් තිබෙනවා. අප ඒවාට තුන් බෝධිය කියා කියනවා. පළමුව තමන් ම ලොවුතුරා බුද්ධත්වය ලබා අනෙක් අයට ද නිවන් මග පෙන්වා දීම, දෙවනුව  පසේ බුදුන් වී තමන් නිවන් අවබෝධ කර ගැනීම, තුන්වැනුව රහතන් වහන්සේ නමක් ලෙස නිවන් අවබෝධ කර අනෙක් අයට ද නිවනට මග පෙන්වීම.

Tuesday 14 June 2016

රනිල් පිරිසිදු ද?

රනිල් පිරිසිදු ද?

අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් කරළියට පැමිණිලා. අර බැඳුම්කර මගඩිය කාටවත් අමතක වෙලා නැහැ. ඒකෙ දි ඔහු බේරුණේ කොහොමද? නීතිඥයන් තුන් දෙනකුගෙන් සමන්විත මොකක්දෝ කමිටුවකින් ඔහු නිවැරදි කරු කළා. කමිටුව රනිල්ගෙ වැඩක්. රනිල් නීතිඥයන් පත්කිරීම ගැන කිවුවෙ කොහොමත් අවසානයේ දී විනිශ්චය කරන්නෙ නීතිඥයන් කියලා. රනිලුත් නීතිඥයෙක්. වැඩිය උසාවි ගියෙ නැති වුනාට කොළඹ විශ්වවිද්‍යාලෙ නීති උපාධිධාරියෙක්. මෙරට අගමැති තනතුරකට හරි ජනාධිපති තනතුරකට හරි පත්වෙච්ච ලංකාවෙ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලත් එකම තැනැත්තා රනිල් වෙන්න පුළුවන්.

Monday 13 June 2016

අයි එම් එෆ් ණය

අයි එම් එෆ් ණය

අයි එම් එෆ්, ඒ කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ණයක් ලැබිලා. මේ ණය ලැබෙන්නේ වෙනත් ණය ගෙවන්න කියලා වාර්තා වෙනවා. මේවාට කොන්දේසි තිබෙනවා. කොන්දේසි දෙවර්ගයක් වෙනවා. රටට කියන කොන්දේසි හා නොකියන කොන්දේසි. පළමු වර්ගය කාටත් දැනගන්න පුළුවන්. දෙවැනි වර්ගය ගැන අපට හිතන්න වෙනවා. එක එක අය ඒක ගැන එක එක විධියට හිතනවා. කොහොමටත් වැදගත් වන්නේ මේ දෙවැනි වර්ගය. 

Sunday 12 June 2016

පඬියන්ගේ නිවන් අවබෝධය

පඬියන්ගේ නිවන් අවබෝධය

ආගමක් කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නයට කවුරුත් පිළිගත්ත පිළිතුරක් නැහැ. කවුරුන් මොනවා කිවුවත් ඒ ප්‍රශ්නෙටත් වෙනත් ප්‍රශ්නවලටත් ඊනියා වාස්තවික පිළිතුරු නැහැ. වාස්තවික කියලා සිංහලෙන් කියන්නෙ ඉංගිරිසියෙන් ඔබ්ජෙක්ටිව් කියන වචනයට. ඒකට සමහරවිට වෛෂයික, විෂය නිශ්‍රිත කියලත් කියනවා. ඒකෙ විරුද්ධ වචනය තමයි ඉංගිරිසියෙන් සබ්ජෙක්ටිව් කියන්නෙ. ඒකට සිංහලෙන් ආත්මීය, පුද්ගල නිශ්‍රීිත වැනි වචන යොදා ගැනෙනවා. ආත්මීය නැත්නම් පුද්ගල නිශ්‍රිත කියන්නෙ තම තමන්ට නැත්නම් පුද්ගලයන්ට සාපේක්‍ෂ දැනුමක්. මෙතනදි දැනුම කියන එකට අපට හැඟීමක් වේදනාවක් ආදිය ද ඇතුළත් කරන්න පුළුවන්.

Saturday 11 June 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 9

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 9
මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 

x ආදි කාලයේ තිබූ ගම්සභාවලින් බලය විමධ්‍යගත කර නොතිබිණි ද ? එසේ නම් බලය විමධ්‍යගත කෙරීමේ වරද කුමක්ද ? 

Friday 10 June 2016

රවි සමග හෙළුවෙන්

රවි සමග හෙළුවෙන්

රවි කරුණානායක මෙරට පත්කෙරුණු අදක්‍ෂතම මුදල් ඇමතිවරයායි. ඒ ඔහුගේ වරදක් ම නොවේ. ඇමතිවරුන්ගෙන් පිළිබිඹු වන්නේ ආණ්ඩුූවයි. මේ ආණ්ඩුව මෙරට ඇති වු අදක්‍ෂතම ආණ්ඩුවයි. මෙය වැඩ බැරි ටාසන්ලාගේ ආණඩුවකි. වැඩ බැරි ටාසන් යන්න කවුරු මුලින් ම කීවත් එය මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තරම් වෙන කිසිවකුටවත් ගැලපෙන්නේ නැහැ. ඔවුන් දන්න එකම දේ ඊනියා රාජපක්‍ෂ රෙජිමයට බැන වැදීම පමණයි. අර නැපෝලියන් ලෝක යුද්ධ කාලෙදි හිටිය කිවුව රටේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් විරාජමාන වෙලා කියා තිබුනෙ සාලාවෙ හමුදා කඳවුර ගිනිගැනීම ගැනත් රාජපක්‍ෂලා වැරදි කාරයො කියලා. 

Thursday 9 June 2016

මෛත්‍රීපාලගේ ලෝක යුද්දෙ

මෛත්‍රීපාලගේ ලෝක යුද්දෙ

මෛත්‍රීපාල සිරිසේන තමාට මේ දවස්වල හරියට වැඩය කියලා සී වී ගුණරත්න සමරු උත්සවයේ දී කියලා තිබුණා. ඒත් ආරක්‍ෂක ඇමති හැටියට සාලාවෙ ගිනි ගැනීම ගැන මෙතෙක් කිසිවක් කියලා නැහැ. සාලාවක් ගිනි ගත්තම ජනාධිපති එහෙමත් නැත්නම් ආරක්‍ෂක ඇමති මැදිහත් වෙන්නෙ අහවල් දෙයකට ද? රනිල් ඔය හැම සාලාව ම බලාගෙන ඉන්න එකේ ඔය ගින්න ගැනත් මොනව හරි කියාවි. ඒත් මදිනම් ආරක්‍ෂක ලේකම් ඉන්නව. එයත් ඔය ගිනි නිවන පුහුණුවක් ගැන කතා කරලා තිබුණෙ. ගින්නක් නැතිව ගිනි නිවන්නෙ කොහොමද කියලා රනිල් පොඩි කාලෙ කියවල තියෙන ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් පොතේ ඇලිස් අහන්න තිබුණා. ගමේ ඇලිස් අක්ක නම් කියනව ඇත්තෙ ගින්නක් නැතිව දුමක් නගින්නෙ නැහැ කියලා. වෛදික තර්ක ක්‍රමයෙ කියන්නෙ කුස්සියේ දුමක් ඇත. එහි ගින්නක් ඇත. කන්දේ දුමක් ඇත. ඒ නිසා කන්දේ ද ගින්නක් ඇත කියලයි. ඒ තමයි ඇනලොග් එහෙම නැත්නම් සාදෘශ්‍ය ක්‍රමය. එතනදි කෙරෙන්නෙ සමාන වගේ පෙනෙන දේ අතර සංසන්දනයක්. කුස්සියෙ දිග රියන්වලින් මනින්නෙත් සාදෘශ්‍ය ක්‍රමයට. කුස්සියේ දිග රියන සමග සංසන්දනය කරනවා. එහි දී තොරතුරු සංසන්දනය කෙරෙනවා. වෛදික තර්කය බටහිර තර්ක ක්‍රමයට වැඩිය වෙනස්. වෛදික තර්කය අනුභූතියක්. අනුභූතියක් කියන්නෙ අත්දැකීමක්. පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක්. ඒක අප වැනි පෘථග්ජනයන්ගෙ ප්‍රත්‍යක්‍ෂයක් කියලා කියන්නත් පුළුවන්. අපේ සිංහල වෙද කමේ කියනවා අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි කියලා. පසක් වෙනවා කියන්නෙත් ප්‍රත්‍යක්‍ෂ වෙනව කියන එකට. බටහිර තර්ක ක්‍රමය එක්තරා ආකාරයකට මුල ඉඳලම ඩිජිටල් නැත්නම් සංඛ්‍යාංක පැත්තට යොමු වුනා. සංඛ්‍යාංක ක්‍රමයේදි තොරතුරු සංඛ්‍යා බවට පත්කරනවා. කවුද තරුණයකු අහලා තිබුණා ඔටුන්නෙ ප්‍රශ්නෙ මහෞෂධ පඬිතුමාගෙන් ඇහුව නම් මොන වගේ පිළිතුරක් ලැබෙයි ද කියලා. ඇත්තට ම මාත් දන්නෙ නැහැ. ඒ වුනත් ඒ තරුණයා ඒ ප්‍රශ්නෙ අහපු එකම ඉතා වැදගත්. අපට එක් පැත්තකින් ඇත්තෙ මහෞෂධ පඬිතුමා හා ආකිමිඩීස් අතර ප්‍රශ්නයක්. අපි මේව ගැන පස්සෙ තව කතා කරමු. 

Wednesday 8 June 2016

ආකිමිඩීස් කෙළේ මොකක්ද ?

ආකිමිඩීස් කෙළේ මොකක්ද ?

මුහුණු පොතේ මේ ලිපිවලට තරුණ පරම්පරාව දක්වන ප්‍රතිචාර ගැන මා ආඩම්බර වෙනවා. ඔවුන්ට විවිධ දේ ගැන දැනගැනීමට කුතුහලයක් තිබෙනවා. මගේ පරම්පරාවේ අයට බටහිර හෝ අශෝක හෝ චින්තනයෙන් ගැලවීමට නොහැකියි. ඇතැමුන් ඒ දෙකට ම වහල් වී ඇති බව පේනවා. අපට නිදහස් විය හැක්කේ මූලික වශයෙන් ම බටහිර චින්තනයෙන් (ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි) චින්තනයෙන් නිදහස් වීමෙන්. මේ ලිපි වැඩියෙන් ම ලියන්නේ තරුණ පරම්පරාව වෙනුුවෙන්.

Tuesday 7 June 2016

සාලාව ගිනි ගනියි

සාලාව ගිනි ගනියි

කොස්ගම සාලාවේ පිහිටි හමුදා කඳවුරේ ගින්නක් ඇති වී අවි ගබඩාව සම්පුර්ණයෙන් ම විනාශ වී ගිහින්. මේ අවි ගබඩාව බස්නාහිර පළාතේ තිබු විශාල ම අවි ගබඩාව ලෙස හැඳින්වෙනවා. ඒ අතර අවිගබඩාව වෙනත් තැනකට ගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තීරණය කර තිබූ බවත් මේ ආණ්ඩුවෙන් ඒ ගැන කිසිවක් කර නොතිබූ බවත් කියැවෙනවා. ජ වි පෙ හා පෙරටුගාමීන් බොරු මානව හිතවාදී කමක් ආරෝපණය කරගෙන අවිගබඩාවක් ජනතාව පදිංචි වී සිටින ප්‍රදේශයක පවත්වාගෙන යෑම ගැන කිඹුල් කඳුළු හෙළනවා. මොන තරම් කිඹුල් කඳුළු හෙලුවත් ජනතාව මේ පාර්ජිකා වෙච්ච ඊනියා මාක්ස්වාදීන් වෙනුවෙන් කඳුලක් හෙළන්නේවත් ඡන්දයක් දෙන්නේවත් නැති බව පැහැදිලියි. ඔවුන්ට කළ හැකි එකම දෙය විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනකු මුළාකරගෙන, අනෙක් අය බයකරගෙන තක්කඩි දේශපාලනයක යෙදීම පමණයි.

Monday 6 June 2016

බටහිර මම හා අපේ මම

බටහිර මම හා අපේ මම

මෙරට ඇත්තේ ප්‍රොසේතන්ත බුද්ධාගමක් යැයි කියූ ගණනාථ ඔබේසේකර, ගොම්රිච් ආදීන්ට පමණක් නොව බටහිර බුද්ධාගම, නූතන බුද්ධාගම, බුද්ධාගම නූතනකරණයට ලක්වීම ගැන ලියන බටහිර උගතුන්ට ද තේරුම්ගත නොහැකි කරුණක් වී ඇත්තේ බටහිර මා යන සංකල්පය හා අපේ මා යන සංකල්පය අතර ඇති වෙනසයි. නූතන බුද්ධාගමක් ගැන ලියන සමහර බටහිරයන් අය සම්බන්ධයෙන් හොඳ  උදාහරණයක් නම් ඩේවිඩ් මැක්මහන් ය. ඔහු ලියා ඇති බෞද්ධ නූතනවාදය නිර්මාණය කිරීම (ද මේකින් ඔෆ් බුඩිස්ට් මොඩර්නිසම්) යන පොත කියවීමෙන් වුවත් ඉහත සඳහන් වෙනස අවබෝධ කරගත හැකියි. ඔහුගේ මා හා මගේ මා අතර විශාල වෙනසක් තිබෙනවා.

Sunday 5 June 2016

ඊනියා නූතනත්වයට යටවීම

ඊනියා නූතනත්වයට යටවීම

අපේ රටේ පමණක් නොවෙයි, මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්නය වචන තුනකින්් කියන්න පුළුවන්. ඒ තමයි ඊනියා නූතනත්වයට යටවීම. මෙහි ඊනියා කියන වචනය යොදන්නෙ මට ඊනියා කියන වචනෙට තියෙන විශේෂ ඇල්මක් නිසා නෙවෙයි. නූතනත්වය කියන සංකල්පය වැරදි  නිසා. එක්තරා ජනමාධ්‍යවේදියකු මගේ ලිපියක ඊනියා කියන වචනය කී වතාවක් ලියා තිබෙනවද කියල ගණන් කරන්න ඕන කිවුව. කොහොමත් ජනමාධ්‍යවේදීන් පඬියන්. ඔවුන් අනික් අය යමක් යම් ආකාරයකට කියන්නෙ මොකද කියල සොයල බලන්න, ඔවුන් ඇතුළු පඬියන් කියන විධියට පර්යේෂණයක් කරන්න කැමති නැහැ. ඒ ඔවුන්ට වෙලාවක් නැති නිසා වෙන්නත් පුළුවන්.

Saturday 4 June 2016

අපට සර්වජන ඡන්දය ලැබීම

අපට සර්වජන ඡන්දය ලැබීම

ලංකාවට සර්වජන ඡන්දය ලැබුණේ 1931 දී තරම් ඈත කාලයක දී. එය ඈත කාලයක් ලෙස හඳුන්වන්නේ එවකට ඊනියා නූතනත්වයේ දියුණු රටවල් ලෙස සැලකෙන යුරෝපීය රටවල ද සර්වජන ඡන්දය ලැබී වැඩිකලක් ගත වී නොතිබීම නිසයි. 1931 දී මෙරට අවුරුදු විසිඑකට වැඩි සියළු පුරවැසියනට (බිරිතානි අධිරාජ්‍යයේ පූරවැසියනට, එවකට ඉංගිරිසින් යටතේ මෙරට පුරවැසියන් සැලකුණේ ඔවුන්ගේ අධිරාජ්‍යයේ පුරවැසියන් ලෙසයි. ඉංගිරිසින් විසින් ගෙන්වනු ලැබ මඩකලපුව ඇතුළු නැගෙනහිර ද, පසුව කඳුකරයේ ද පදිංචි කරනු ලැබු දෙමළ ජනයා ද මෙරට පුරවැසියන් ලෙස සැලකුණේ එපරිදියි) ඡන්ද බලය හිමිවූවා. එයට පෙර සීමිත අයට පමණයි ඡන්ද බලය තිබුණේ. එංගලන්තයේ කාන්තාවන්ට මුලින් ම ඡන්ද බලය ලැබුණේ 1918 දී. එයත් සීමිත කොටසකට. 1928 දී තමයි එරට අවුරුදු විසිඑකට වැඩි ස්ත්‍රී පුරුෂ සියළු දෙනාට ඡන්ද බලය ලැබුණේ.

Friday 3 June 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 8


ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 8

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x මේ රට බහුජාතික රටක්. එවැනි රටක සිංහලයන් මහ ජාතිය වීම නිසා දෙමළ ජනයාට සිදුවන අසාධරණය වැළැක්විය හැක්කේ කෙසේ ද ?

මේ රට බහුජාතික යනුවෙන් ඔබ කියන දේ පැහැදිලි නැහැ. එයින් ඔබ කියන්නේ දෙමළ ජනයා වෙන ම ජාතියක් ලෙස පිළිගැනීම ද ? එය සම්පූර්ණයෙන් ම ඉතිහාස විරෝධී, වර්තමාන සමාජ විරෝධී ප‍්‍රතිපත්තියක්. දෙමළ ජනයා ජාතියක් වීම වෙනුවෙන් පැහැදිලි ව ම සපුරාලිය යුතු කොන්දේසි ඔවුන් විසින් සපුරාලන්නේ නැහැ. මේ රටේ දෙමළ ජනයා අතීතයේ දී ජාතියක් වුණේ නැහැ. දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ ජනයා පරම්පරාවක දී සිංහල සංස්කෘතියට ඇතුළු වූවා. යම්කිසි ආකාරයකට වෙන් වීමක් සිදු වූයේ දහතුන් වැනි සියවසට පසු වයි. එහෙත් යාපනය රාජ්‍යයක් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිලා නැහැ. මේ සම්බන්ධයෙන් අධිනීතිඥ ගාමිණී ඊරියගොල්ල මහතා වැනි අය ලිපි ලියා තිබෙනවා. 

Thursday 2 June 2016

රනිල් කොටින්ට දුන් පෝලියෝ සහතිකය

රනිල් කොටින්ට දුන් පෝලියෝ සහතිකය

පසුගියදා රනිල් දකුණු කොරියාවට ගියා. ඒ නැගෙනහිර පළාතේ මහ ඇමතිට හමුදාව පණවා තිබූ තහනම් නියෝග අවලංගු කිරීමට පියවර ගැනීමෙන් පසුව. රාජිතට අනුව නම් හමුදාව කියන්නෙ අමාත්‍යාංශයක්වත් නොවන දෙපාර්තමේන්තුවක් පමණයි. දෙපාර්තමේන්තුවකට තමන්ට තර්ජනය කර අපහාස කළ පුද්ගලයකුට තම ආයතනවලට පැමිණීම තහනම් කරන්න බලයක් නැද්ද? ඒ බලය තියෙන්නෙ කැබිනට්ටුවට විතර ද? මේ නීතිය ගෙවල්වලටත් බලපානවා ද? ගෘහමූලිකයකුට යම්කිසි හේතුවක් නිසා වෙනත් අයකුට ගෙට ඇතුල්වීම තහනම් කරන්න බැරි ද? අනෙක හමුදාව ගත් තීරණය වැරදි නම් නීත්‍යානුකූල නොවෙයි නම් සිංහල විරෝධී නිවට ආණ්ඩුව ඒ තීන්දුව ඉවත් කෙළේ මොහොකට ද? නීත්‍යානුකූල නොවන තීන්දු අහෝස්ි කිරීමේ  බලය ඇත්තේ කාට ද? එසේ අහෝසි කිරීම නීත්‍යානුකූල ද? නීත්‍යානුකූල නොවන තීන්දු ඉබේම අහෝසි වෙනවා ද? නීත්‍යානුකූල නොවන තීන්දුවකට එරෙහිව මහ ඇමතිට අධිකරණයට ගොස් ඒ බව පැහැදිලි කරන්න බැරි ද? 

Wednesday 1 June 2016

මහ ඇමතිට පොලිස් බලතල

මහ ඇමතිට පොලිස් බලතල

නැගෙනහිර පළාතේ මහ ඇමති හා උතුරු පළාතේ මහ ඇමති විග්නේශ්වරන් කටයුතු කරන ආකාරයෙන් තවදුරටත් පැහැදිලි වන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා පනත අහෝසි කළ යුතු බවයි. මෙහි දී පැහැදිලිව කිවයුතු කරුණ නම් ඒ සංශෝධනය හා පනත අහෝසි කළ යුත්තේ මහ ඇමතිලාගේ ක්‍රියා කලාපය නිසා නොවන බවය. ඒවා අහොසි කළ යුත්තේ ඒ නැති ප්‍රශ්නයකට ඊනියා විසඳුම් ලෙස එංගලන්තයේ අනුග්‍රහයෙන් ඉන්දියාව අප මත පැටවූ නිසාත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඒ කිසිවකට දේශපාලනික වශයෙන් වලංගුබවක් නැති නිසාත්. මහ ඇමතිලාගේ ක්‍රියාවලින් සිදුවන්නේ ඒ නිගමනය තහවුරු කිරීමක් පමණයි.