Main Logo

Wednesday 31 August 2022

මගේ නොහැකියාව

මගේ නොහැකියාව

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී මහාචාර්ය මැක්‍රේ පළමු දවසේදීම මා කළ යුතු අධ්‍යයනය මට කිවුවා. එය ක්වේසාර (QUASARS – Quasi Stellar Objects)  හෙවත් මන්දාකිණි මෙන් ශක්තිය නිපදවන එහෙත් තාරකා වැනි වස්තු ගැන. එවැනි වස්තු එලෙස ශක්තියක් නිපදවන්නේ කෙසේ ද යන්නට පිළිගත හැකි සාර්ථක ආකෘතියක් නිර්මාණය කර තිබුණේ නැහැ. බානෝති යුවළ යෝජනා කර තිබුණා ක්වේසාර යනු අවකාශයේ මන්දාකිණි ගුරුත්වජ කාච (Gravitational Lenses) ලෙස ක්‍රියාත්මක වෙමින් නිර්මාණය කෙරෙන ප්‍රතිබිම්බ කියා.  

 

අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය අනුව ආලෝකය අවකාශයේ විශාල වස්තුවක් අසළින් ගමන් කරන විට නැවෙනවා, වර්තනය වෙනවා. ඒ නිසා ඈත වස්තුවක සිට එන ආලෝකය විශාල වස්තුවක් අසළ දී වර්තනය වෙලා ප්‍රතිබිම්බයක් හැදෙනවා. ප්‍රතිබිම්බය අපට  දීප්තිමත්ව පේනවා. බානෝති යුවළ කියා තිබුණේ ක්වේසාර එලෙස ඇතිවෙන දිප්තිමත් ප්‍රතිබිම්බ කියා.

 

එය හොඳ අදහසක්. ඒත් මහාචාර්ය මැක්‍රේ කිවුවේ ඒ ගැන තවදුටත් හොයල බලන්න කියා. තාරකා විද්‍යාවේ පරීක්‍ෂණ නැහැ. අර බටහිර විද්‍යාව කියන්නෙ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමය ක්‍රියාත්මක වෙන ක්‍ෂෙත්‍රය නම් තාරකා විද්‍යාව විද්‍යාවක් නො වෙයි. මා විද්‍යාඥයකු වීමට නොහැකි වූ බව කියන්නෙ පඬිනැට්ටන් තම විද්‍යාව පිළිබඳ නිර්වචනය අනුව තාරකා විද්‍යාව විද්‍යාවක් ලෙස ගණන් ගන්නෙ නැති නිසා නො වෙයි. ඒ කොහොම වෙතත් බානෝති යෝජනාව ගැන මා හොයන්න පටන් ගත්තා.

 

පර්යේෂණ කරන්න මට කොහොමත් බැහැ. මට ඒ සම්බන්ධ හැකියාවක් නැහැ. භෞතික විද්‍යා පරයේෂණවල මා පරයේෂණ කර ප්‍රතිඵල ලබාගෙන ප්‍රස්තාර ඇන්දෙ නැහැ. මා ප්‍රවාදය අනුව ප්‍රස්තාරය ඇඳ ඉන්පසු ප්‍රස්තාරයෙන් ප්‍රතිඵල ලබා ගත්තා. රසායන විද්‍යාවෙ නම් මා දැන සිටියෙ මිශ්‍රණයක කොපර් සල්ෆේට් හඳුනාගැනීමට පමණයි. ඒ පාටින්. නිල් පැහැයෙන්. විෂ්ණු දෙවියන් හා කොපර් සල්ෆේට් අතර සම්බන්ධයක් තියෙනවා ද කියා මා දන්නෙ නැහැ. තාරකා විද්‍යාවෙ මා කිසි දා දුරේක්‍ෂයකින් වස්තු නිරීක්‍ෂණය කරලා නැහැ. පඬිනැට්ටන්ට අනුව නම් මා විද්‍යාවක් කර නැහැ.

 

මේ ලිපිය කියවන ශිෂ්‍යයන් මා අනුගමනය කළ යුතු නැහැ. ඔය තරුණයන් මා මැන්ටලයක් මෝඩයෙක් කියා කියන්නෙ. ඉතින් එවැන්නකු අනුගමනය කරන එක හොඳ නැහැ. ක්වේසාර ගැන මා කෙළේ එලෙස ප්‍රතිබිම්බ සෑදීමට තරම් පද්ධති විශ්වයේ තියෙනවා ද කියා ගණනය කිරීමයි. එය එතරම් අමාරු වැඩක් වුණෙ නැහැ. විද්‍යාව හදාරපු ඕනෑම අයකුට එය කරන්න පුළුවන්. එහෙත් ඒ අධ්‍යයනය මගේ හිතට ඇල්ලුවෙ නැහැ. පඬි නැට්ටන්ට මේ ඕනෑම අයකුට කරන්න පුළුවන් කියන එක තේරෙන එකක් නැහැ. ඔවුන්ට ඒ කිසිවක් ගැන හිතා ගන්නවත් බැහැ. කිරීම පැත්තකින් තියන්න.

 

ක්වේසාර ගැන අධ්‍යනය කරන අතර මා තවත් අධ්‍යයනයක් පටන් ගත්තා. ඒ භ්‍රමණය කියන්නෙ මොකක් ද කියල තේරුම් ගන්න. මා අද කියන විධියට නම් තේරුම් ගන්නවා කියන්නෙ සුදුසු කතන්දරයක් හැදීම. අපි හිතන් හිටියට අපට සරල රේඛාවක වේගය වෙනස් නොකර ගමන් කිරීම  (ත්වරණයක් රහිත චලනය) හා ත්වරණයක් සහිත ව ගමන් කිරීම හරි වක්‍රයක ගමන් කිරීම හරි අතර වෙනස තේරෙනවා කියල අපට ඒ ගැන සුදුසු කතන්දරයක් තවම නැහැ.

 

නිවුටන් කියල තියෙනවා බලයක් යෙදුවෙ නැත්නම් වස්තුවක් (අංශුවක්) සරල රේඛාවක ඒකාකාර ව ගමන් කරනවා කියල. ඒත් ඒ අර අවස්ථිති සමුද්දේශ රාමු කියන ඒවට සාපේක්‍ෂ ව. ඔය අවස්ථිති සමුද්දෙශ රාමු හොයා ගන්න එක තමයි ලොකු ම ප්‍රශ්නය.  ඒවා ඉන්ද්‍රිය ගෝචර නැහැ.  සුප්‍රසිද්ධ වියනා කතාවෙ හිටිය අර්නස්ට් මාක් කියල තියෙනවා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කරන්න ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගන්න එපා කියල. මාක් ගැන මගේ ලෝකයේත් ඇති. ඔහු බෞද්ධයකු ලෙස ජීවත්වන්න උත්සාහ කළ බවත් ගාල්ල පැත්තෙ හාමුදුරුනමක් සමග ලිපි හුවමාරු කළ බවත් කියනවා. කවුරු හරි ඒ ගැන විස්තර හොයනව නම් හොඳයි.                

 

මාක්ල යථානුභූතිවාදයෙ (positivism) පියවරු. ඔහුගෙ කතාව තරුණ අයින්ස්ටයින්ට බලපෑවා. අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් බලාපොරොත්තු වුණෙ අර අවස්ථිති සමුද්දේශ රාමු ඉවත් කරන්න. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නෙ අවස්ථිති සමුද්දේශ රාමුවලට සාපේක්‍ෂ ව. සමහරු හිතන් ඉන්නවා උස ගොඩනැගිල්ලක ජනේලකින් පැන්නොත් ගුරුත්වාකර්ෂණ බලය දැනෙනවා කියල. අයින්ස්ටයින්ට අනුව නම් එහෙම බලයක් දැනෙන්නෙ නැහැ.

 

අප දැන් පොළොව හිටගෙන ඉන්න කොට හරි ඇවිදින කොට හරි තමයි ඊනියා බලයක් දැනෙන්නෙ. මෙහි දී සිදුවන්නෙ පොළොව නිසා අප පහතට යෑම වැළකීම. එතනදි බලයක් යොදන්න ඕන. ඒ බලය යොදන්නෙ පොළොව. පොළොව නැත්නම් අප නිදැල්ලෙ වැටේවි. වැටේවි කියන සංකල්පය නිසා වැරදි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් නිවුටන්ගෙ බලය නිසා ත්වරණ ඇතිවන්නෙ අවස්ථිති  සමුද්දේශ රාමුවල.

 

අපි මෝටර් රථයක ගමන් කරන විට කෙලින් පාරෙ එක ම වේගයෙන් රථය යනව නම් අපට බලයක් දැනෙන්නෙ නැහැ. ඒත් රියැදුරා තිරිංග තද කරලා වේගය වෙනස් කළොත් හරි වංගුවක් ගන්න කොට හරි අර වේගය (ප්‍රවේගය) වෙනස් වීම නිසා අපට බලයක් දැනෙනවා. ඒ අපි අර සමුද්දේශ රාමුව වෙනස් කිරීම නිසා සිදුවෙන දෙයක් ? අපි කලින් හිටියෙ අවස්ථිති සමුද්දේශ රාමුවක ද? අවස්ථිති සමුද්දේශ රාමුවක් කියන්නෙ මොකක් ද? ඒක නිර්ණය කෙරෙන්නෙ කොහොම ද?

 

මේ වගේ තවත් ප්‍රශ්න මට තිබුණා. තවමත් තියෙනවා. මා සසෙක්ස් ගියෙ එවැනි ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඒ නිසා මා මහාචාර්ය මැක්‍රේ දුන්න ගැටළුව අධ්‍යයන කරන අතර ම භ්‍රමණය පිළිබඳ ප්‍රශ්නයටත් අත ගැහුවා. ඒකට මට හරි උත්තරයක් දෙන්න බැරි බව තේරුණා. තාමත් බැහැ.  විද්‍යාඥයන් කියන්නෙ අර ක්වේසාර ප්‍රශ්නය  වගේ ප්‍රශ්නවලට උත්තර දෙන අය නොවෙයි.           

 

 

 



ණයට ගිතෙල් කෑ අපි

 අපි ණයට ගිතෙල් කන්නෙ නැහැ. ලංකාවට වෙච්ච දේ බංග්ලාදේශයට වෙන්නෙ නැහැ - 

බංග්ලාදේශ් අගමැතිණිය

Tuesday 30 August 2022

රනිල්ගෙ පුංචි අයවැය

 

රනිල්ගෙ පුංචි අයවැය

 

රනිල් වික්‍රමසිංහ අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ආර්ථික අර්බුදයේ තරම ඇතැමුනට නොතේරෙන බවයි. ඒක ඇත්ත. ඒත් ප්‍රශ්නය එයට වඩා බරපතළයි. අපට වුවමනා මොකක් ද කියල අප වටහා ගෙන තිබෙන්නේ වැරදි දෙයක්. අපේ අය නිතර ම කතා කරන්නේ දියුණු රටවල්වල මෙහෙමයි, අරෙහෙමයි ආදී වශයෙන්. වයස අවුරුදු තිස්පහක් පමණ වන තෙක් මගේ ද මූලික කතාව වුණේ එයයි. අප උත්සාහ කෙළේ පුංචි දියුණු රටක් වෙන්න.

නිවටයන්ගේ පාරාදීස වූ විශ්වවිද්‍යාල

 

නිවටයන්ගේ පාරාදීස වූ විශ්වවිද්‍යාල

 

පේරාදෙණිය හා කොළඹ එක ම විශ්වවිද්‍යාලයක් ලෙස 1969 වන තුරූ පැවතුණා. ඒ අවුරුද්දේ කොළඹ වෙන ම විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරුණා කොළඹ විශ්වවිද්‍යාලය නමින්. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය ලෙස පැවතුණා. කොළඹ වෛද්‍ය පීඨයෙන් එයට දැඩි විරුද්ධතාවක් පැන නැගුණා. ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර ව පිළිගත් උපාධිය ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය බැවින් විශේෂයෙන් ම එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ වෛද්‍ය ආයතනවල (විද්‍යාලවල) පරීක්‍ෂණවලට පෙනී සිටීමේ දී ඔවුන්ට පාඩුවක් වන බවයි. ඔවුන්ද ලංකා විශ්වවිද්‍යාල නම ඉල්ලා සිටියා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නම ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ ලෙස වෙනස් කෙරුණා.

Monday 29 August 2022

ගණිත විශේෂ පාඨමාලාව

 

ගණිත විශේෂ පාඨමාලාව

 

මේ ලිපි කියවන ඇතැමුන් සිතන්නේ මා පොරක් බව පෙන්වීමට බොරු ලියන බවයි. මට කිසිවකුට මා පොරක් බව පෙන්වීමට අවශ්‍ය නැහැ. එමෙන් ම මට කිසිවකුවත් සතුටු කිරීමට වුවමනාවකුත් නැහැ. මේ ලිපි පෙළින් කියන්න අදහස් කරන්නේ මට ලංකාවේ දී බටහිර මට්ටමෙන් දක්‍ෂතා තිබුණ ද බටහිර දී බටහිර මට්ටමින් ඇතැම් දක්‍ෂතා නොතිබුණු බවයි. ඒ දක්‍ෂතා අදක්‍ෂතා ලිපි පෙළෙන් හෙළි වේවි. යමකුට මේ ලියන දේ සම්මත අර්ථයෙන් ඇත්ත ද බොරු ද කියා මා සමග පාසලේ දී හරි විශ්වවිද්‍යාලයේ දී හරි ඉගෙන ගත් අයගෙන් දැනගන්න පුළුවන්. මෙහි නම් සඳහන් ගුරු මහත්ම මහත්මීන් නම් මේ වන විට මිය ගිහින්.

Sunday 28 August 2022

විද්‍යාඥයකු වීමට පිය නැගීම

 විද්‍යාඥයකු වීමට පිය නැගීම


ක්‍රිස්ටි ගුණසේකර මහතා අපෙන් අර්ථදැක්වීම තේරුම් කරන්න, තේරුම් කිරීම අර්ථදක්වන්න කියපු එක අවුරුදු දහහතරෙ සිටි මට යම් කිසි අලුත් වැදගත් කතාවක් වුවත් අපේ පන්තියේ හිටි අය ඒ ගැන එතරම් තැකීමක් කෙළේ නැති බව මට අවුරුදු ගණනාවකට පස්සේ තේරුම් ගියා. ඔවුන්ට ඒ කතාව ගැන මතකයක් තිබුණෙ නැහැ. එහෙත් ඒ කතාව මගේ හිතේ රැඳුනා. එය මට තේරුම් ගියේ ඊට අවුරුදු විසිපහකට පමණ පස්සෙ. මා හිතන්නෙ නැහැ ක්‍රිස්ටි ගුණසේකර මහතා ඒ කතාව මා තේරුම් ගත් ආකාරයෙන් කියන්න ඇති කියා. ඔහු ඒ කියන්න ඇත්තේ අපට තේරුම් ගැනීම අර්ථදැක්වීම ආදිය ගැන කීමට වෙන්න පුළුවන්. මා කර ඇත්තේ එයට වෙන ම අර්ථකථනයක් දීමයි. ඒ කුමක් වුවත් ඒ කතාව මට මතක හිිටියේ එහි කුමක් හරි වදගත්කමක් ඇති බව වැටහුණු නිසා වෙන්න ඕන.

Saturday 27 August 2022

පොරක් නොවූ පොරක්

 

පොරක් නොවූ පොරක්

 

මා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ලන්ඩන් ගිය විට නැවතුණේ මා මිත්‍ර බන්දුල රාජරත්න නැවතී සිටි ගෙදර. එහි සිටියේ පකිස්ථාන සැමියකු හා ඉන්දීය භාර්යාවක්. සැමියා මුස්ලිම් භාර්යාව හින්දු. ඔවුන්ට කුඩා දියණියන් දෙදෙනකු හිටියා. ලන්ඩනයේ තවත් මිතුරන් කිහිප දෙනකු හිටියා. බර්ටි ප්‍රනාන්දු, මුදුන්කොටුව. නලින්ද සල්පදෝරු එවකට හිටියේ මැන්චෙස්ටර් කිට්ටුව සොල්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. අප ඔහු හමුවීමට දිනක් එහි ගියා. එයට අමතර ව තවත් අය හිටියා. බන්දුල අද ජීවතුන් අතර නැහැ. මගේ ඥාතීන් කිහිප දෙනකුත් හිටියා. එහෙත් මා එකල ඩග්ලස් වික්‍රමරත්න දැනගෙන හිටියේ නැහැ. එකල මා ජාතිකවාදියකු නොවෙයි. කෙසේ වෙතත් මසකට වරක් ලන්ඩන් යෑම මා බලා හිටි ගමනක්.

Friday 26 August 2022

ඝරසර්ප හා බීබීසී සමග අත්දැකීමක්

ඝරසර්ප හා බීබීසී සමග අත්දැකීමක්

 

සසෙක්ස් විශ්වවිද්‍යාලය එකල අලුත් විශ්වවිද්‍යාලයක්. තාරකා විද්‍යා මධ්‍යස්ථානය අලුත් ම සංකල්පයක්. එය අයත් වුණේ ගණිතමය හා භෞතීය විද්‍යා පාසලටයි (School of Mathematical and Physical Sciences). ඔවුන් පීඨ සංකල්පයෙන් මිදී වඩා ස්වාධීනත්වයක් ඇති පාඨශාලා  ක්‍රමය හඳුන්වා දී තිබුණා. මහාචාර්ය මැක්‍රේට අවශ්‍ය වෙලා  තියෙන්නෙ බිරිතානියට ම පොදු තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් ඇති කරන්න.  අදාළ රජයේ මණ්ඩලවලින් එයට අනුග්‍රහයක් ලැබී නැහැ. එහෙත් සසෙක්ස් විශ්වවිද්‍යාලය ඒ අදහස පිළිගෙන.

Thursday 25 August 2022

ගෝඨාභය හා සිංහල බෞද්ධ විරෝධී කඳවුර

 

ගෝඨාභය හා සිංහල බෞද්ධ විරෝධී කඳවුර

 

පරගලයේ අරමුණ වූයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නැති කිරීමයි. එය එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගේ අරමුණයි. නන්දිකඩාල් පරාජය ආපසු හැරවීමට ඔවුන්ට අවශ්‍ය වුණා. එයට සහයෝගය දුන් විවිධ පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ට තිබුණෙත් ඒ අරමුණයි. ඔවුන්ගේ බියක් තිබුණා සිංහල ඡන්දවලින් පමණක් බලයට පත් ගෝඨාභය සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරාවිය කියාත් එය දැඩි ඒකාධිපතිත්වයකින් සඵල කර ගනීවිය කියාත්. ගෝඨාභයට රටින් පිට වී යෑමට සිදු වී ඒ අරමුණ කෙළවර වූ බවත් ඔවුන් සිතනවා. සමහර විට ඔවුන්ට ඒ ගැන සතුටකුත් ඇති. ගෝඨාභයගෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් බලාපොරොත්තු නොවූ පිරිස නම් පරගලය කිසි දිනෙක අරගලයක් ලෙස දැක්කේ නැහැ.

 

පහත පළවන්නේ අමීර් අලි නමැත්තකු ලියා ඇති ලිපියක කොටසක්.

 

ඔහුගේ අදහස නම් ගෝඨාභය සිංහල බෞද්ධ රාජ්‍යය ඇති කිරීමට ගොස් රට බංකොළොත් කළ බවයි. රට බංකොළොත් වූයේ අවුරුදු හැත්තෑවක අධිපරිභෝජනය බොරු ෂෝක් බොරු උගත්කම් ආදිය නිසා. එමෙන් ම ඇඟලුම් කර්මාන්තයේ නිරතවූවන් වැන්නන් රටට අපනයන මුදල් හරිහැටි නොගෙනාපු නිසාත්.  

 

 

The former President Gotabaya Rajapaksa’s (GR) authoritarian route to transform Sri Lanka into a Sinhala Buddhist paradise of “prosperity and splendour” ended in disaster. His policies to translate that dream to reality bankrupted the treasury, pauperised the economy, angered international community, led to social and political unrest, and left no alternative but for him to vacate the presidency and run away from the country. 

   



සසෙක්ස් හා මහාචාර්ය මැක්‍රේ

 

සසෙක්ස් හා මහාචාර්ය මැක්‍රේ

 

මා එංගලන්තයට යෑම හා ඒම ලිපිය බොහෝ දෙනෙකු අතරට ගිහින්. මා එය බලාපොරොත්තු වූවක් නො වෙයි. මා ඒ ලිපිය ලිවුවේ මගේ මතකය අලුත් කර ගැනීමටත් මා ඇතුළු සිංහලයන්ට පොරවල් වීමට නොහැකි ඇයි දැයි කීමටත්. සමහර පඬි නැට්ටන් සුපුරුදු පරිදි එය වරදවා වටහාගෙන. එක් පඬි නැට්ටකු කියා තිබුණා එය ආත්ම වර්ණනාවක් බව. මා නාසිසිවාදියකු බව. තවත් පඬි නැට්ටකුට අනුව අපේ රට මා ගැන ලජ්ජා වෙනවා. ඒ මක්කටැයි කියා ඔහු කියා තිබුණේ නැහැ.

 

Wednesday 24 August 2022

පොර වීම

 පඬි නැට්ටන් ඇතුළු සිංහලයන්ට විශේෂයෙන් බෞද්ධ පවුල්වල ඉපදුනවුනට බටහිර ශාස්ත්රීය දැනුමේ පොරවල් වෙන්න බැහැ. චින්තනය හරහට.

මා එංගලන්තයට යෑම හා ඒම

 

මා එංගලන්තයට යෑම හා ඒම

 

මා පළමුවෙන් පිටරටකට ගියේ 1968 දෙසැම්බර් 29 වැනි දා. ඒ එංගලන්තයට, විද්‍යාඥයකු, ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු විශේෂයෙන් විශ්වවේදියකු වීමේ අභිලාෂයෙන්. එදා කටුනායකින් මා පිටත් කර ඇරීමට ඥාතීන් මෙන් ම පාසල් හා විශ්වවිද්‍යාල මිතුරන් රාශියක් පැමිණ සිටියා. අද මෙන් නොව එදා ගුවන් ගමනක් යන්නේ සාම්ප්‍රදායික ව හොඳ ඇඳුමකින් සැරසී. මා ද කළු කබායකින් හා ටයි පටියකින් සැරසී සිටියා. එකල මගේ වයස අවුරුදු විසිහතරක් පමණයි. අද එදා මෙන් තුන් ගුණයකට වඩා වයසයි. එදා තනිකඩයෙක්. අද සීයා කෙනෙක්. පඬිනැට්ටන් කියන විධියට මැන්ටලයක්, නාකියෙක්. මෝඩයෙක්. කාලකන්නියෙක්.

Tuesday 23 August 2022

පරගලයේ ජය පරාජය

 පරගලය තවම පරාද නැහැ. බටහිරයන් සැලසුම පරිදි නන්දිකඩාල් පලිය ගත්තා. පරාද වුණේ පඬිනැට්ටන්, විවිධ වමාලා. පරගලයට පරාජය ඉදිරියේ.

වසන්ත හා ලංකා වසන්තය

 

වසන්ත හා ලංකා වසන්තය

 

පරංගි පරගලකරුවන් හීනෙන්වත් හිතන්න නැතුව ඇති තමන් අත්අඩංගුවට පත්වීමට ඉඩක් තියේ ය කියලා. ඒ දවස්වල මොන තරමේ ජන අරගලයක් ද තිබුණෙ. මා හිතන විධියට කිවුවත් මට මතක තියෙන විධියට පරගලයට ජන අරගලය කියන නම පටබැඳුණෙ දෙරණින්. ගෝඨාභය කවද හරි ලංකාවට ඒවි. එදාට දෙරණ ප්‍රධානීන් ගිහින් ගෝඨාභය පිළිගන්නවා ද?

Monday 22 August 2022

ජාතිකත්වය ගසා කෑම

 ජාතිකත්වය ගසා කෑමට ඉදිරිපත් වූ පළමුවැන්නාවත් අන්තිමයාවත් රනිල් නොවෙයි. ඔහුගේ උපදේශකයා කවුද?

ගෝඨාභය දරුවන් සන්දා දැඩි සිත සින්දා

 

ගෝඨාභය දරුවන් සන්දා දැඩි සිත සින්දා

 

හිටපු ඇමති එස් එම්   චන්ද්‍රසේන අනුරාධපුරයේ දී රනිල්ගේ පිට කසන්න ගිහින් මහින්ද හා ගෝඨාභය බිිංදුවට ඇද දමලා. මන්ත්‍රීවරු ඔය වගේ රැස්වීම්වල කියන දේ එතරම් ගණන් ගත යුතු නැති වුණත් මෙය තරමක බරපතල කීමක්. චන්ද්‍රසේන කියා තිබුණේ පරංගි පරගලය පරාජය කිරීම කොටි පරාජය කිරීමට සමාන බවයි.  කොටි පරාජය කිරීම සමග පරගලය පරාජය කිරීම සමාන කළ හැක්කේ එක ම එක අර්ථයකින් පමණයි. මා හිතන්නේ නැහැ චන්ද්‍රසේන එය කල්පනාවට ගන්න ඇතැයි කියා. කොටි ත්‍රස්තවාදීන්ට ආධාර කෙළේත් එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව. පරගලයට ආධාර කෙළේත්  ඒ අයමයි. පරගලය ඇති කෙළේ ආර්ථික අර්බුදයක් නිසා නො වෙයි. පරගලය ඇති කෙළේ ම කොටි ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද හා ගෝඨාභය ගෙදර ඇරීමට.

 

Sunday 21 August 2022

මෙන්න සමානත්වය

 මෙන්න සමානත්වය


යුරෝපයේ ක්රිස්තියානි රටවල් විසිහයෙන් විසිහතරක් හින්දු ආගම පිළිගෙන නැහැ. ඔවුන් බුදුදහමට සලකන්නේ කෙසේද? අපට බයිලා කියන පඬියන්ගේ ස්වාමිවරුන්ගේ සමානත්වය.

සබැඳිය බලන්න

https://youtu.be/5U6jxWsLEFw

ඊනියා ඩයස්පෝරා ඩොලර් අපට ඕන ද?

 

ඊනියා ඩයස්පෝරා ඩොලර් අපට ඕන ද?

 

රනිල්දාස නුගේගොඩ දී කියලා ජනතා නැගිටීමක් සිදුවුණු නමුත් ලබාගත හැකි වූයේ අර්ධ ජයග්‍රහණයක් බවත් එයට හේතු වූයේ හොඳ සටන්කාමී ව්‍යාපාරයකට එයට නායකත්වය දීමට නොහැකි වීම බවත්. ඔය වගේ කතා මාක්ස්වාදීන්ගෙන් විශේෂයෙන් ම ට්‍රොට්ස්කිවාදීන්ගෙන්  දශක ගණනාවක් තිස්සේ අහන්න ලැබිල තියෙනවා. මෙහි දී කිව යුතු කරුණක් නම් ලියොන් ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ දී ජෝසෆ් ස්ටැලින්ගේ ඒජන්තයකු විසින් අයිස් පොරොවකින් පහර දෙනු ලැබ ඝාතනය වී අදට අවුරුදු අසූදෙකක් වන බව. ඔහු ලෙනින් මෙන් නොව මාක්ස්වාදියකු වූවා. ඔහුගේ අසාර්ථක භාවයට මූලික හේතුව එයයි. එහෙත් ඔහු විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක්. අදත් එදත් රුසියාවේවත් චීනයේවත් මාක්ස්වාදී සමාජවාදී රාජ්‍ය තිබුණෙවත් ඇත්තේවත් නැහැ.

Saturday 20 August 2022

ප්‍රශ්න නොකිරීම

කොටින්ටත් පරගලයටත් මුදල් සැපයූ බව කී නිමලන් විශ්වනාදන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න නොකරන්නේ ඇයි? 

හරමානිස්ලා හා කුල්ටෝ

 

හරමානිස්ලා හා කුල්ටෝ

 

මා වාග් විද්‍යාඥයකු නම් නො වෙයි. ඒත් මට නොයෙකුත් දේ හිතෙනවා. ඒ වගේ ම මා හිතනවා. මා භාෂාව ගැනත් හිතනවා. බොහෝ විට හිතන්නෙ භාෂාවෙන් නොවැ.  අප යොදා ගන්නා ඇතැම් වචන වෙනත් භාෂාවලින් ලබාගත් ඒවා. ඒ වැකියේ ම එවැනි වදන් තියෙනවා. මා වැකිය වදන් යනුවෙන් යොදා ගත්තත් ඒ වාක්‍යය හා වචන යන්නෙන් ලබා ගත්තා ද කියන්න මට දැනුමක් නැහැ. අපට ඔවදන කියා වදනක් තියෙනවා. මේ සම්බන්ධයෙන් හදාරන්න කිසිවකු ඉදිරිපත් වේද කියා හිතාගන්න බැහැ.

Friday 19 August 2022

ගෝඨාභයට විරුද්ධ කවුද?

 ගෝඨාභය ලංකාවට එනවට විරුද්ධ කවුද? එංගලන්තය ද? ඊනියා ඩයස්පෝරාව ද? රනිල් ද? පරංගි පරගලයේ මෙරට නියෝජිතයන් ද? ඒ ඔක්කොම ද?

ඊනියා ශ්‍රී ලාංකික ඩයස්පෝරාව

 

ඊනියා ශ්‍රී ලාංකික ඩයස්පෝරාව

 

දේශපාලනයෙදි තනි තනි සිද්ධි ලෙස බලා තීරණ ගැනීම සුදුසු ක්‍රියාවක් නො වෙයි. එය එක් සිද්ධි දාමයක් ද නො වෙයි. සිද්ධි දාම රාශියක් දේශපාලනයෙහි වෙයි. එහි අවසානයක් කියා දෙයක් නැහැ. විශ්වය විකාශයෙහිත් සිංහල බෞද්ධයනට නම් ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ. ආරම්භ අවසාන ඇත්තේ ආගම් අදහන්නන්ට. ඒ ආගම් අදහන්නන්ට බටහිර විද්‍යාව, ඇරිස්ටෝටල් න්‍යාය අනුගමනය කරන්නන් ද අයත්වෙනවා. ආගම්වල ආරම්භය තේරුම් ගැනෙන්නේ නැහැ. ආරම්භය හැම විට ම උපකල්පනයක් පමණයි. රේඛීය චින්තනවල ආරම්භ තියෙනවා. 

ඇමතිවරු තද නින්දේ

 





එංගලන්තය ඊනියා ඩයස්පෝරාව මගින් එවන ඩොලර් සොච්චමකට රට පාවාදීම ඇරඹිලා. ගෝඨාභය එළවා ගත්තේ ඒ සඳහා. ඇමතිවරු තද නින්දේ.

Thursday 18 August 2022

රනිල්ට හා ඊනියා ඩයස්පෝරාවට යටවුණු ඇමතිවරු

 

රනිල්ට හා ඊනියා ඩයස්පෝරාවට යටවුණු ඇමතිවරු

 

පරගලය දෙමළ ජාතිවාදය හා රනිල් මැයෙන් පහත පළ වී ඇති ලිපියේ සාකච්ඡාවෙන් කියැවුණු කරුණු ඇත්ත වුවත් නැතත් අද රට යන්නේ කිනම් දිශාවකට ද යන්න ගැන අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැ. ගැසට් නිවේදනවල ඇති දේ අමාත්‍ය මණ්ඩල තීරණ  ආදිය අපට පිළිගන්න වෙනවා. ඊනියා ඩයස්පෝරාවේ ඉල්ලීම මත වුණත් නැතත් දෙමළ ජාතිවාදී සංවිධාන හයක තහනම ඉවත් කෙරී තියෙනවා. කිහිප දෙනකු නිදහස් කර තියෙනවා. ඊනියා ඩයස්පෝරාවේ කාර්යාලයක් කොළඹ විවෘත කිරීමට යනවා. උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ඒවාහි අයිතිකරුවන්ට පවරා දෙනවා කියමින් ඊනියා ඩයස්පෝරාවට සංවර්ධනය සඳහා සැපයීමට යනවා.

පරගලය දෙමළ ජාතිවාදය හා රනිල්

 

පරගලය දෙමළ ජාතිවාදය හා රනිල්


මේ සබැඳියේ කතාවට විචාර බුද්ධියෙන් සවන් දෙන්න. රනිල් හා මොවුන් අතර සම්බන්ධයක් තියෙනවා ද? විජයදාස රාජපක්ෂ යම් කටයුත්තක් කළා ද? පරගලයට මුදල් ලැබුණේ කොහෙන් ද? මුස්ලිම් රටවලිනුත් ලැබුණා ද? කේ පි ගේ ධනයට මොක ද වුණේ? දෙමළ ජාතිවාදීන් මෙතරම් දක්ෂ ද?අවුරුදු තිහක් දෙමළ මිනිසුන් යුද්ධ කළා ය කියන්නෙ මුදල් නැතුවද? ඔවුන් ඔය මුදල් රැස් කළේ කෙසේ ද? සිංහලයන් එතරම් දක්ෂ නැත් ද? එංගලන්තය මුකුත් ම කෙළේ නැද්ද? ඉන්දියාව සහභාගි වෙලා ම නැද්ද? මෙය ඇත්ත වුණත් නැති වුණත් අමාත්ය මණ්ඩලය නිදි ද? සිංහලයන් ඊනියා ඩයස්පෝරාවෙන් ඉල්ලන් කන්න බලන් ඉන්නවා ද?

 

 

https://youtu.be/0_-foIuZ4tk




 

Wednesday 17 August 2022

රනිල් ඉවත් කරමු

 


සිංහලයන් කන්න ඉන්නේ ඊනියා ඩයස්පෝරා මුදලින් ද? ජාතික ගීය වැදි භාෂාවෙන් නැත්තේ ඇයි? රනිල් ඉවත් කිරීමට කටයුතු කරමු.

සිංහලයන්ට රනිල්ගෙන් කෑමක්

 

සිංහලයන්ට රනිල්ගෙන් කෑමක්

 

හරිණි අමරසූරිය බුද්ධිමත් කාන්තාවක්. ඇය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. සමහර විට මහාචාර්යවරියක් වෙන්නත් පුළුවන්. ඇය රනිල්දාසගෙ පක්‍ෂයෙන් පත් කෙරෙණු මන්ත්‍රීවරියක්. පාර්ලිමේන්තුවේ උගතුන් බුද්ධිමතුන් නැතැයි කිවුවට ජී එල්ගෙන් පටන් ගත්ත ම විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරු කථිකාචාර්යවරු කී දෙනෙක් ඉන්නවා ද? ඔවුන් වැඩිය කැමති සුවාදීන වෙන්න. විශ්වවිද්‍යාලත් සුවාදීන ආයතන නොවැ. ඒත් හරිණි එහෙම නැහැ. ඇය සුවාදීන නැහැ.

 

ගෝඨාභය එළවා ප්‍රභාකරන් වැළඳ ගැනීම

 




සිංහලයෝ ගෝඨාභය එළවා ප්රභාකරන් වැළඳ ගනිති. ඊනියා ඩයස්පෝරාවට රට විවෘත කරති. ව්යාජ ජාතිකවාදීන් වග කිව යුතුයි.

Tuesday 16 August 2022

ත්‍රිරෝදයෙන් කුඹුරට

 

ත්‍රිරෝදයෙන් කුඹුරට

 

මහා බැංකු  අධිපති නන්දලාල් වීරසිංහ කියා තිබුණා අප ණය මත පදනම් නොවී නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන කියලා. ඔහු කියා ඇති සියල්ල ම පාහේ ආර්ථික වි‍ද්‍යාඥයකු තබා භෞතික විද්‍යාඥයකුවත් උගතකුවත් බුද්ධිමතකුවත් නූණත් අපට අලුත් දේ නො වෙයි ඒ සියල්ල වගේ මේ ලිපි පෙළේ ඇති. ඔහු කියා තිබුණා දේශපාලනඥයන් වැඩිම වුණොත් ණයෙන් 10%ක් ගසා කන්න ඇති ඉතිරි 90% ම අපේ පරිභෝජනය සඳහා යෙදෙවූ බව. ඒ කරුණු කීම සම්බන්ධයෙන් ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕන. 

ජාතික ආර්ථිකයක්

 ණය පසු පස යෑම නවතා යැපුම් ආර්ථිකයෙන් මිදී ජාතික නිෂ්පාදන ආර්ථිකයකට යොමු වෙමු

Monday 15 August 2022

රනිල් දෙමළ සංවිධාන හා එංගලන්තය

 

රනිල් දෙමළ සංවිධාන හා එංගලන්තය

 

ප්‍රතිචාරවලින් පෙනී යන්නේ බොහෝ දෙනා රට ගැන දැන ගැනීමට වඩා විශ්වය ගැන දැන ගැනීමට කැමති බවයි. එහෙත් ඔවුන් අතිවිශාල බහුතරය සාපේක්‍ෂ දැනුම ගැන නොව සාපේක්‍ෂ ප්‍රවේගය ගැනවත් දන්නෙ නැහැ. ඒ වෙනුවෙන් පන්ති පැවැත්වීමට මට මෙටාව යොදා ගන්න අවශ්‍ය නැහෑ. මන්දාකිණි අපෙන් ඉවතට ගියාට ඉන්දියාව හා එංගලන්තය ඉවතට යන්නේ නැහැ.

Sunday 14 August 2022

විශ්වයේ ප්‍රසාරණය හා කල්ප කතාව

 

විශ්වයේ ප්‍රසාරණය හා කල්ප කතාව

 

දැනට අවුරුදු පනහකට විතර කලින් මා විශ්වවේදයෙන් උපාධියක් ලබා ගැනීමට කටයුතු කරන කාලෙ විශ්වවේදීුන් සිතා සිටියේ විශ්වය ප්‍රසාරණය වන බවයි. ඉතා මෑතක් වන තුරුත් ඔවුන් සිතා සිටියේ ඒ බව. එපමණක් නොවෙයි 1997  තරම පර්ල්මටර් ඇතුළු අය විශ්වය ත්වරණයක් සහිත ව ප්‍රසාරණය බව කිවුවා. පර්ල්මටර්ට ඒ පිළිබඳ ව නොබෙල් තෑග්ග ලැබුණා.  ඒ අතර කලක සිට අඳුරු ශක්තිය හා අඳුරු ද්‍රව්‍යය ගැන ඔවුන් කතා කරනවා. තවමත් ඒ අඳුරු කතා ගැන විශ්වවේදීන් ඉන්නෙ අඳුරෙ.

 

චීන නැව

 චීන නැවට එන්න අවසර. රුසියාවෙන් බොර තෙල් ගන්න තීරණයක්. විදේශ ප්රතිපත්තිය නොබැඳි නොව රටට බැඳි එකක් කිරීමට බල කෙරිලා

Saturday 13 August 2022

බොරුවෙන් උපන් දරුවෝ හා රාජ්‍යාධිකාරය

බොරුවෙන් උපන් දරුවෝ හා රාජ්‍යාධිකාරය

 

ඊයේ අගෝස්තු 12 වැනි දා. හර්තාලයට අවුරුදු 69යි. ඒ ගැන වමාලටත් අමතක වෙලා. කමක් නැහැ ලබන අවුරුද්දෙ හර්තාලයෙ හැත්තෑවැනි සංවත්සරයත් අරගලයේ පළමුවැනි සංවත්සරයත් එකට ආතල්ගම භූමියේ දී ම සමරන්න පුළුවන්. අර සරසවිය තිබුණු තැන විද්වත් මඬුල්ලක් කැඳවල දේශන පවත්වන්න පුළුවන්. මාක්ස්වාදීන්ට පශ්චාත් මාක්ස්වාදීන්ට පශ්චාත් නූතනවාදීන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්නත් පුළුවන්.

Friday 12 August 2022

ඈරෙන වෑරෙන කල්ප හා විශ්වය

 

ඈරෙන වෑරෙන කල්ප හා විශ්වය

 

විශ්වයේ හතර මායිම හා බුදුදහම ලිපිය කියවු කිහිප දෙනකු ඒ ගැන යම් යම් ප්‍රශ්න අසා තිබුණා. විශ්වය ගැන ඉගෙනීමට මටත් කලක් උනන්දුවක් තිබුණා. දැනුත් නැතුවා ම නොවෙයි. එහෙත් එහි කතන්දර සංස්කරණය කිරීමට (ගෙතීමට) තරම් මට හැකියාවක් නැති බව අවුරුදු පනහකට පමණ පෙර අවබෝධ වුණා. ඒ මා එතරම් දුරකට බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තනයේ කිඳා බැස නොතිබූ බෑවින්. එමෙන් ම  වියුක්ත චින්තනයත් අවශ්‍ය ප්‍රමාණයට මට නැහැ.

Thursday 11 August 2022

ගෝඨාභය


ගෝඨාභය

ගෝඨාභයට පූූර්ණ ආරක්‍ෂාව දී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමු. ඔහු කළ වරද පරංගි පරගලකරුවන් ගෙදර නොයැවීම ද? 


ඊනියා ජනතාවට අවශ්‍ය වුණෙ ගෝඨාභය හා මහින්ද ගෙදර ඇර බැසිල් හා නාමල් තබාගැනීම ද? ඒ කාගේ අවශ්‍යතාව ද? 




පරංගි පරගලය හා සිංහල බෞද්ධයා

 

පරංගි පරගලය හා සිංහල බෞද්ධයා 

 

පරංගි පරගලය අවසන් වූයේ සිංහල බෞද්ධයන් පසුබැමකට ලක් කරමින්. එයින් අදහස් කරන්නේ සිංහල ජාතිකත්වය පරාජය වී ඇති බවක් නො වෙයි. සෙප්පන් කියන බොරු සිංහ කතා පැත්තකට දමමු. ඔවුන්ට අනුව පරගලය තවමත් අවසන් වී නැහැ. අන්තරේ ආතල්ගමින් ගියාට ඕන වෙලාවක ඕන ගොඩනැගිල්ලක් අත්කර ගන්නවලු. ඔවුන්ට සමහර විට ජෙප්පන්ගෙ කර්යාලය අත්පත් කරගන්න පුළුවන් වේවි. ඒ පුහු කතා අමතක කළ විට ඉතිරි වී ඇත්තේ කුමක් ද?

Wednesday 10 August 2022

මනෝ මූලික පරංගි පරගලය

 මනෝ මූලික පරංගි පරගලය

 

පරංගි පරගලය ඉවරයි. ඉවරයි කියන්නේ නිල වශයෙන් ඉවරයි. පරගලය ඉවර වෙලා කාලයක් වෙනවා. දින 125කට පස්සේ පරගලකාරයන් ආතල්ගම අත්හැරලා ගිහිල්ල. මා බොහොම ඉහත දි ලිවුවා ලොව නොසෙල්වූ දස දවස කියල. එතකොට ආතල්ගමට දින දහයක් පිරිලා තිබුණෙ නැහැ කියලයි මගේ මතකය. ලොව සෙල වූ දින දහය (Ten days that shook the world) කියන්නෙ 1917 රුසියන් විප්ලවය ගැන ඇමරිකානු ජනමාධ්‍යවේදියකු වූ ජෝන් රීඩ් ලියු පොත. ඒ කොහොම වුණත් පරගලය දින 125ක් ඇදගෙන ගියා.  ඒ වටලප්පන් බිරියානි හා බටහිර හා ඉන්දීය අනුග්‍රහයෙන්. සකර්බර්ග්ගෙ මුහුණු පොතෙන් ඒ සඳහා හොඳ සහායක් ලැබුණ. සකර්බර්ග් ඒ වගක් දන්නෙ නැතුව ඇති. අන්තිමේ දි වතුරෙන් හැදෙන ලුණු වතුරෙන් නැතිවෙනව වගේ රනිල්ගෙ අනුග්‍රහයෙන් කෙරුණු අරගලය රනිල් ම නැති කෙරුවා. දින 125 නුත් ලොව සෙලවුනෙ නැහැ.

 

Tuesday 9 August 2022

සකර්බර්ග්

සකර්බර්ග්


 පඬි නැට්ටන්ට විද්‍යාව වගේ ම සිංහලත් බැහැ. ඔවුන් උත්ප්‍රාසය දන්නෙ නැති බව සකර්බර්ග් ගැන  මුහුණු පොතේ දක්වා ඇති ප්‍රතිචාරවලින් පැහැදිලියි. 

සිලිකන් මිටියාවත පැත්තේ

 

සිලිකන් මිටියාවත පැත්තේ 


අප මේ දිනවල ඉන්නේ සිලිකන් මිටියාවතේ (valley) . ලෝකයේ බොහෝ ඉහළ තාක්‍ෂණ සමාගම් ඇත්තේ මෙහි. සිලිකන් මිටියාවත ඇත්තේ ඇමරිකා එක්සත් රාජ්‍යවල (ජනපදවල) කැලිෆෝනියා රාජ්‍යයේ. එක්සත් රාජ්‍ය යන්නෙහි තේරුම ම රාජ්‍ය කිහිපයක් එකතු වී තනාගත් රාජ්‍යයක් කියන එක. එය සන්ධීය රාජ්‍යයක්. සන්ධීය රාජ්‍ය හැදිල තියෙන්නෙ එහෙම රාජ්‍ය එකතු වීමෙන්. අප වැනි කුඩා රටක් බෙදල සන්ධීය රාජ්‍ය හදන ප්‍රවණතාවක් නැහැ. 

Monday 8 August 2022

සර්ව පාක්‍ෂික සමුළුවක්

 

සර්ව පාක්‍ෂික සමුළුවක්


සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවමු 

විශ්වයේ හතර මායිම හා බුදුදහම

 

විශ්වයේ හතර මායිම හා බුදුදහම

 

විශ්වයේ ප්‍රසාරණය ගැන මා කෙටි සටහනක් පළ කෙළේ කලක් තිස්සේ මගේ හිතේ (මනසේ - ඔළුවක නොවේ) වද දුන් කතාවක් නිරවුල් කර ගැනීමට හා පහත දැක්වෙන කරුණකට මිස බුදුහාමුදුරුවන් දෙසුවා යැයි සඳහන් වන දෙයක් බටහිර විද්‍යාව සමග සංසන්දනය කර ගැලැප්පීමට නො වෙයි. බුදුහාමුදුරුවන් දෙසුවා යැයි කෙළේ යැයි පැවසෙන ඇතැම් දේ පසුව එකතු කරන ලද දේ විය යුතු ය. මට බුදුහාමුදුරුවන් ගැන යම් අදහසක් තියෙනවා. උන්වහන්සේ සියල්ල අත්හැරි බව තමයි මා පිළිගන්නේ. උන්වහන්සේ ඊනියා සත්‍යයක් දේශනා කළ බවක් මා පිළිගන්නේ නැහැ. කිං සච්ච ගවේෂි බමුණන්ගේ වැඩක් මිස බුදුහාමුදුරුවන්ගේ වැඩක් නො වෙයි.

Sunday 7 August 2022

The so-called Expanding Universe

 The so-called Expanding Universe


Just as much the time coordinate has infinitely many values, it is reasonable to say that the space coordinates also have infinite values, making the Universe infinite in space and time. Thus, the question where the Universe expands into does not arise. It is only a matter of distant galaxies moving away from (or towards) each other. It should be noted that the scalar factor R is not the "radius" of the Universe.

This does not contradict Sanvatta Kappa and Vivatta Kappa. 


සාමාන්ය ව්යවහාරයට අනුව විශ්වය ප්රසාරණය වෙනවා. එවිට ප්රශ්නයක් ඇති වෙනවා ප්රසාරණය වන්නේ කොහාට ද කියා. එයට ගැලවෙන පිළිතුරු දෙන්න පුළුවන්. එයින් වැඩක් නැහැ.
අප දන්නවා කාලය ඛණ්ඩාංකයට අනන්ත අගයන් ඇති බව. එබැවින් අවාකාශ ඛණ්ඩාංකවලටත් අනන්ත අගයන් ඇති බව ප්රකාශ කිරීම සාධාරණයි. එවිට අවකාශය අනන්තයි. අනන්ත වූ අවකාශයක් ප්රසාරණය වන්නේ කොහාට ද යන ප්රශ්නය එවිට මතු වන්නේ නැහැ. විශ්වය අනන්තයි අපරිමිතයි.
සිදුවන්නේ අනන්ත වූ අවකාශයක දුරස්ථ මන්දාකිණි එකිනෙකින් ඉවත් වීම හරි එකිනෙක කරා ළඟා වීම හරි. එය සංවට්ට කප්ප හා විවට්ට කප්ප කතාව සමග ප්රතිවිරුද්ධ නැහැ.

කුණු කූඩ කතාව

 

කුණු කූඩ කතාව

 

හකීම් අහලා ඥානසාර හිමියන් ප්‍රධාන කමිටුවේ වාර්තාව කුණු කූඩයට දැමීමට ජනාධිපති රනිල් සූදනම් ද  කියා. එක රටයි එක නීතියි කියන එක හකීම් පිළිගන්නෙ නැති බව මෙරට ජාතිකවාදීන් දන්නවා. හකීම්ලාට හා වෙනත් අයට ගෝඨාභය එළවීමට අවශ්‍ය වුණෙ මොකද කියන එක සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට ඉදිරියේ දී තව තවත් තේරෙවි. ඒත් ප්‍රමාද වැඩිය කියා සමහරකුට හිතෙන්න පුළුවන්.

Saturday 6 August 2022

ක්‍රමය


ක්‍රමය


රනිල් ගෙනාපු අය ක්‍රමය වෙනස් කරලා. රනිල්  ඉහළ තනතුරුවලට පත් කරන්නෙ හිතවතුන්.  

රනිල්ගෙ කාර්යභාරය අවසන්

 

රනිල්ගෙ කාර්යභාරය අවසන්

 

මා හිතන්නේ දැන් රනිල්ගේ කාර්යභාරය අවසන් කියා. ඔහු ජනාධිපති කරනු ලැබුයේ බටහිරයන් හා ඉන්දියාව විසින්. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ ගෝඨාභය හා මහින්ද ඉවත් කිරීමට. ඒ සඳහා ඔවුන් කාලයක සිට සැලසුම් කළා. ඔවුන්ට හැකි වුණා වමාලා දකුණාලා හා තවත් පඬි නැට්ටන් ගෝඨාභය ඉවත් කිරීමේ කාර්යයට යොදා ගැනීමට. බැසිල් ඉවත් කරන්න ගිය විමල්ලා ද එයට දායක වුණා. ඔවුන්ට ඒ පාප කර්මයෙන් මිදෙන්න බැහැ. එයට පසුව සෙප්පන් ද එකතු වුණා. මා දැක්කා ඕස්ත්‍රේලියානු රටවැසි ගුණරත්නම් කියා තියෙනවා රනිල් ඉවත් කරන තුරු පරගලය අත්හරින්නේ නැහැ කියා.

Friday 5 August 2022

අවසානය

 

අවසානය


පරංගි පරගලකරුවන් ආතල්ගමින් ගිහින්. අවසානය ගෝඨාභය එලවා රනිල් ජනාධිපති කිරීම. ක්‍රමය වෙනස් කරලා! ආමේන්!!

ඒ සරත් හා මේ සරත් - දෙවැනි කොටස

 

ඒ සරත් හා මේ සරත් - දෙවැනි කොටස

 

මෙහි පළමුවැනි කොටස කලකට ඉහත පළවූවා. මේ දෙවැනි කොටසයි. සමහර විට තව කොටස් ඉදිරියේ පළවෙන්න පුළුවන්.

Thursday 4 August 2022

රනිල්ගෙ කතාව

 

රනිල්ගෙ කතාව

 

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණයි. කලක දි මේ කතා රාජාසන කතා කියා හැඳින්නුවා. වල්මත් වී හසරක් දැක නැති පඬි නැටි වමාලාට දැන් ප්‍රශ්නයක් වී ඇත්තේ ජනාධිපති ද රාෂ්ට්‍රපති ද වගේ කතා.  ජනතාවට අධිපති කෙනෙකු නැතිලු. එහෙනම් රටට හරි රාජ්‍යයට හරි අධිපති කෙනකු ඉන්නත් බැහැ. අපි ඔහුට රාෂ්ට්‍ර භාරකරු කියමු.

Wednesday 3 August 2022

සියල්ල පිටුපස සිංහල බෞද්ධ විරෝධය

 

සියල්ල පිටුපස සිංහල බෞද්ධ විරෝධය

 

මා හිතන්නේ පරගලයේ කතාව දැන් හැමෝම කෙසේ වෙතත් යම් පිරිසක් දන්නවා. කාදිනල්තුමා විවිධ ප්‍රකාශවලින් ගෝඨාභය රාජපක්‍ෂට හා රණවිරුවන්ට චෝදනා කරනවා. එතුමා කිසි දිනෙක රණවිරුවන් දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කිරීම පිළිබඳ කිසිම හොඳක් කියා නැහැ. ඒ වෙනුවට එතුමා දෙමළ ත්‍රස්තවාදීන්ට නොයෙකුත් ආකාරයෙන් උපකාර කළ කතෝලික පූජකවරුන්ට කිසිම දොසක් නොකීවා පමණක් නොව ඔවුන් සමග එකට වැඩ කළා. එපමණක් නොව එතුමා දෙමළ ත්‍රස්තවාදී නායකයන් හමුවීමට ද ගියා. එතුමා පරගලයේ දුක සැප සොයා බැලුවේ නිකම් නො වෙයි.

Tuesday 2 August 2022

ජම්බුද්වීපය

 

ජම්බුද්වීපය


ජම්බුද්වීපයට එනම ලැබුණේ එය දකුණ උඩ අතට තබා බැලූ විට ජම්බු ගෙඩියක් ලෙස පෙනෙන නිසා ද?




සර්ව පාක්‍ෂික බහුබූතය

 

සර්ව පාක්‍ෂික බහුබූතය

 

ඒ ගමන හැමෝ ම සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ගැන කියවනවා. ඒක කෝකටත් තෛලයක් හැටියට නොවෙයි කතා කෙරෙන්නෙ. ආර්ථික අර්බුදයට තෛලයක් හැටියට. ඒත් ඔය තෛලය වැඩකට ඇති තෛලයක් නොවෙයි. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් කියන්නෙ දැනට තියෙන දේශපාලන පක්‍ෂවල ආණ්ඩුවක්. මා දන්නේ නැහැ ලංකාවේ දේශපාලන පක්‍ෂ කීයක් තියෙනව ද කියා. ලියා පදිංචි පක්‍ෂ කීයක් තියෙනවා ද කියා දන්නේ නැහැ. පරගලකාරයන් පක්‍ෂයක් පිහිටෙවුව ද? එහෙම පක්‍ෂයක් ලියා පදිංචි කළෙ නැති බව නම් දන්නවා. 

 

Monday 1 August 2022

විදේශ ප්‍රතිපත්තිය

 

විදේශ ප්‍රතිපත්තිය

නොබැඳී විදේශ ප්‍රතිපත්තිය යල් පැනලා. අවශ්‍ය වන්නේ ලංකාවට බැඳි විදේශ ප්‍රතිපත්තියක්