Main Logo

Showing posts with label බටහිර. Show all posts
Showing posts with label බටහිර. Show all posts

Tuesday, 25 June 2013

නිජ බිම් දේශපාලණය නීති විරෝධී කල යුතුය

දෙමළ ජාතිවාදීහු නැගෙනහිර සහ උතුරු පළාතේ වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කර ගැනීම සඳහා දේශපාලණ බලයක් ඉල්ලා සිටිති. ඉන්දියාව සහ බටහිර රටවල් මේ ඉල්ලීම අනුමත කරන අතර රටතුල ක්‍රියාත්මක වන විදේශීය බලවේග මෙන්ම ආණ්ඩුවේ සමහරක් මැති ඇමතිවරුද එය අනුමත කරති. නමුත් දෙමළ ජාතිවාදීන් ගේ ඉල්ලීමත් අනිත් පළාත්වල සිංහලුන් තමන්ගේ පළාතට දේශපාලණ බලයක් ඉල්ලීමකුත් ප්‍රතිපත්තිමයව එක සමාන නොවේ. දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමේ පදනම ඒ පළාත් තමන්ගේ නිජ බිමවේය යන්නය. ඒ නිසා ඔවුන්ට එම පළාත් තමන්ට අවශ්‍ය ආකාරයට පාලණය කර ගැනීමට සුවිශේෂ අයිතියක් ඇතැයි ඔවුහු උපකල්පණය කරති. නමුත් සිංහලයන් තමන් ජීවත්වන ප්‍රදේශයට දේශපාලණ බලයක් අවශ්‍යයැයි ඉල්ලන්නේ නම් ඒ ඉල්ලන්නේ රටේ ඒකීය භාවය පිළිගනිමිනි. එකම පරිපාලණ ව්‍යුහය තුල වුවද මෙවැනි ප්‍රතිපත්තිමය වෙනසක් තිබීම රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ අසමමිතික බවක් ඇති කරයි. එය රටේ ඒකීය භාවයට තර්ජනයකි.

සිංහලයෝ තමන් ජීවත්වෙන ප්‍රදේශ පමණක් තම නිජ බිම ලෙස නොසලකති. ඔවුන්ට මුලු ශ්‍රී ලංකාවම තම නිජ බිමය. එමෙන්ම තමන් වෙසෙන ප්‍රදේශය ඉන් පිටත ජීවත්වන රටවැසියන්ටද අයිති ලෙස සැලකිය හැකි බව ඔවුහු පිළිගනිති. උදාහරණයක් වශයෙන් වයඹේ ජීවත්වන මිනිසුන් උතුරත් දකුනත් තමන්ට අයිතියැයි සලකන අතරම ඒ පළාත්වල මිනිසුන්ටද වයඹට අයිතියක් ඇතැයි වයඹේ මිනිස්සු පිළිගනිති. නමුත් දෙමළ ජාතිවාදීහු නැඟෙනහිර හා උතුරු පළාත් පිළිබඳ දරන ආකල්පය මෙය නොවේ. ඔවුන්ට අනුව ඔවුන්ගේ නිජ බිම් වලට ඔවුන්ට සුවිශේෂවූ අයිතියක් ඇත. ඔවුන්ට තම පළාත්වලට ඇති අයිතිය රටේ අනිකුත් පළාත්වල වෙසෙන සිංහල ජනතාවට නැතැයි සිතති. පැහැදිලිවම නැඟෙනහිර හා උතුරු පළාත් තම නිජ බිම් යැයි සැලකීම තුලින් දෙමළ ජාතිවාදීහු ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ඒකීය භාවය ප්‍රතික්‍ෂ්ප කර සිටිති.

ඉන්දියාව බටහිර සහ ඔවුන්ගේ ගැත්තන් පළාත් සභා හරහා දේශපාලණ බලය පිරිනමන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ඒකීය භාවය ප්‍රතික්‍ෂේප කර ඇති දේශපාලණ බලවේගයකටය. එවැනි බලවේගයක ක්‍රියාකාරිත්වය ව්‍යවස්ථාවෙන් ආවරණය කල හැකිද?

මෙහිදී මතු කෙරෙන ප්‍රශ්ණය දහතුන්වෙනි සංශෝධනය මඟින් රටේ ඒකීය භාවය නැතිවේද නැද්ද යන්න පමණක් නොවේ. අවශ්‍යනම් අපට පළාත් සභා සම්බන්ධ නීති රීති රටේ ඒකීය භාවය සුරැකෙන පරිදි වෙනස් කර ගත හැකියැයි සිතිය හැකිය. නමුත් දේශපාලණයේ යෙදෙන්නේ ප්‍රාණී දේශපාලකයින් මිස අප්‍රාණී ව්‍යවස්ථාව නොවේ. දෙමළ ජාතිවාදී දේශපාලකයින් රටේ ඒකීය භාවය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්‍ෂේප කර ඇතිවිට ඔවුන්ගෙන් රටේ ඒකීය භාවයට ඇතිවිය හැකි තර්ජනය ව්‍යවස්ථාවෙන් පමණක් වලකා ලිය හැකිද? උදාහරණයක් වශයෙන් දේශපාලණ බලයක් ලත්විට උතුරු පළාත තමන්ගේ නිජ බිම යැයි සලකන දේශපාලකයින් සිංහලයින්ට තම පළාතේ පදිංචිවීමට, රැකියා කිරීමට, වෙළඳාම් කිරීමට, පංසල් තැනීමට, රාජ්‍ය ද්‍රෝහීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට, පුරාවිද්‍යා ගවේශණයට, පාසල් වල සිංහලෙන්ද ඉගැන්වීමට, රටේ ඉතිහාසය ඉගැන්වීමට, රටට විරුද්ධ විදේශීය බලවලට එරෙහිව එම ප්‍රදේශතුල ක්‍රියාත්මක වීමට ආදී නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් ඉඩ දෙයිද? ව්‍යවස්ථාවෙන් පමණක් මේ ඉඩ ලබා දී තිබීම ප්‍රමාණවත් නොවේ. නිජ බිම සංකල්පය මත බලය ඉල්ලීම තුලින් දෙමළ ජාතිවාදීන්  ප්‍රකාශ කර සිටින්නේ ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි ඉඩක් සිංහලුන්ට නොදෙන බවය. එකම නීතිමය හා පරිපාළන ව්‍යුහය තුල වුවද නිජ බිම පදනම් කරගත් දේශපාලණයක් හා එවැනි පදනමක් නැති දේශපාලණයක් අතර බල අසමමිතිකමක් ඇතිවීම රටේ ඒකීය භාවයට තර්ජනයකි.

බලය විමධ්‍යගත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය භාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යයද ආරක්‍ෂාකල යුතුය. පළාත් සභා සම්බන්ධ නීති රීති වෙනස් කිරීමෙන් පමණක් එය ඉටු කර ගත නොහැකිය. කල යුත්තේ නිජ බිම් දේශපාලණයද නීති විරෝධී කිරීමය. එනම් කිසිම ජාතියකට හෝ ආගමකට හෝ අයත් ජන කොටසකට රටේ තෝරාගත් ප්‍රදේශයක් තම නිජ බිම ලෙස සලකා දේශපාලණය කිරීම, ඒ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පක්‍ෂ සංවිධාන කරගැනීම හා එහි සාමාජිකත්වය ලබාදීම හා ලබා ගැනීම නීති විරෝධී කල යුතුය. රටේ ඒකීය භාවය පිළිගන්නේනම් මේ පිළිබඳව කිසිවකුටත් ප්‍රශ්ණයක් තිබිය නොහැකිය. නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීම යනු යම් ජන කොටසක අනන්‍යතාව හෝ ඔවුන්ගේ සංස්කෘතිය හෝ ඔවුන්ගේ ඉතිහාසය හෝ ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් හෝ ප්‍රතික්‍ෂේප කිරීම නොව මුළු රටම ඔවුන්ගේ නිජ බිම යැයි පිළිගැනීමය. එහි වරදක් ඇත්ද? ඉංග්‍රීසීන් විසින් දහනවවන සියවස අග භාගයේ වෙන් කරන ලද නැගෙනහිර හා උතුරු පළාත් දෙමළ ජනතාවගේ නිජබිම යැයි සැලකීමට ඓතිහාසික සාධක නැති බව විද්වතුන් විසින් පැහැදිලිවම පෙන්වා ඇති බැවින් ඒ පිළිබඳව සෙද්ධාන්තික ප්‍රශ්ණයක්ද තිබිය නොහැකිය.

නිජ බිම් දේශපාලණය නීති විරෝධී කල යුතුව තිබුනේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟමය. ඇමරිකාව ඔවුන්ගේ සිවිල් යුද්ධයෙන් පසුව ක්‍රියා කල ආකාරය එයට හොඳ ආදර්ශයකි. සිවිල් යුද්ධයට පෙර ඇමරිකාවේ දකුනු ප්‍රාන්තවල ආර්ථිකය රැඳුනේ අප්‍රිකාවේ සිට බලහත්කාරයෙන් එහි ගෙනා වහලුන්ගේ ශ්‍රමයෙනි. උතුරු ප්‍රාන්ත වහලුන් තබා ගැනීමට විරුද්ධවූ නිසා දකුණු ප්‍රාන්ත වෙනම රාජ්‍යයක් පිහිටුවාගැනීම සඳහා උතුර සමඟ යුධ වැදිනි. ඒ යුද්ධයෙන් උතුර දිනූ අතර ඉන් පසු ඔවුහු මුලු රටේම වහලභාවය නීති විරෝධී කලහ. යුධයෙන් දිනූ උතුරු ඇමරිකානුවන්ට තමන්ගේ දේශපාලණ දැක්ම මුලු රටටම බලපාන ලෙස නීති ගත කිරීමට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නොවිනි. එල්ටීටී ත්‍රස්තවාදයට පදනමවූයේ ඊනියා නිජ බිම් දේශපාලණයය. එල්ටීටීයේ පරාජයත් සමඟ නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීම අපට ගැටළුවක් නොවිය යුතුය. අවාසනාවකට අද අපට නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීමට තබා පළාත් සභා අහෝසි කිරීමටවත් ශක්තියක් නැත.

නිජ බිම් දේශපාලණය නීතියෙන් අහෝසි කර ඊට විකල්පයක් දෙමළ ජනතාවට ලබාදිය යුතුය. එය ව්‍යවස්ථාවෙන් කල නොහැකිය. එය සාමාන්‍ය දෙමළ ජනතාව තුලින් බිහි විය යුතුය. වඩාත් නිවැරදිව කියන්නේ නම් විකල්ප දේශපාලණයක් ඔවුන් විසින් බිහි කර ගත යුතුය. අද රජය සමඟ සමහර දෙමළ දේශපාලකයින් යම් සුහදතාවක් පැවැත්වුවද ඔවුන් කරන විකල්ප දේශපාලණයක් නැත. නමුත් එය ගොඩනඟාගත නොහැකි දෙයක් නොවේ. එය දෙමළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් මත පදනම්වුනු සාමාන්‍ය දෙමළ ජනතාවගෙන් පැණනැගුනු ජාතික ව්‍යාපාරයකට කල හැකිය. රටේ ඒකීය බව රැකෙන පරදි බලය බෙදීමක් බලාපොරොත්තුවිය හැක්කේ නිජ බිම් දේශපාලණය නීති විරෝධී කරන රටේ ඒකීය බව සුරකින ව්‍යවස්ථාවක් තුල දෙමළ ජනතාව විකල්ප දේශපාලණයකින් නියෝජනය වෙන අවස්ථාවකදීය. එවැනි වාතාවරණයක් තුල පළාත් සභා වලටත් එහා යන අර්ථවත් ස්වාධීනවූ දේශපාලණ බලයක් ප්‍රාදේශීය ඒකකට වලට ලබාදිය හැකි වනු ඇත.

ජානක වංශපුර

Saturday, 18 May 2013

ජාතික ව්‍යාපාරයට වැඩක්

පරිසර දුෂණයත් දේශපාලණයේ ඇති දුෂණයත් අපි දකින ආකාරයට හුදෙක් අකුසල් ක්‍රියාය. බරහිරුන් කරන්නේ මේ අකුසල් හැකි තරම් මිනිසුන්ට නොපෙනෙනෙසේ හැංඟීමය. නමුත් කෙතරම් හැංඟුවත් පව් පලදෙනවාමය. ඒ නිසා පව් නැති කිරීමට මිස පව් හැංඟීමට යාම ඵලක් නැත. පසුගියදා බංගලාදේශයේ ඇඟළුම් කම්හලක් කඩා වැටී මිනිසුන් සිය ගණනක් මිය ඇදිනි. එහි ඇඳුම් මැසුනේ ඇමරිකාවේ පරිභෝජනය සඳහාය. නමුත් බොහෝවිට ඇමරිකාව මේ මිය ගිය ඇත්තන්ගේ පවුල්වලට සහණාදාරයක් නොදෙනු ඇත. ඒ බැරි නිසා නොව එය පුරුද්දක් කර නොගත යුතුයැයි ඔවුන් සිතන නිසාය. මෙසේ ඇමරිකාවේ වෙලඳපලට එන ඇඳුම් සියල්ලක්ම එහි විකිනෙන්නේ නැත. මන්ද විලාසිතා නිතර වෙනස් වෙන බැවිනි. විකුණාගත නොහැකි ඇඳුම් ඉවත් කිරීම ඇමරිකාවේ වියදම් අධික පරිසර දූෂණය වැඩි ක්‍රියාවලියකි. ඒ නිසා ඔවුන් කරන්නේ ඒවා පොට්ටනි ගසා බරට අනුව අප්‍රිකාවට යැවීමය. අවසානයේ මේ නිමි ඇඳුම් නවතින්නේ අප්‍රිකාවේ කසල ගොඩ වලය. එහි සිදුවන පරිසර දුෂණය පවකි. බංගලාදේශයේ කම්කරුවන්ට අඩු පඩි ගෙවීම පවකි. රටින් පිට සිදුවෙන නිසා ඇමරිකානුවන් බොහෝ දෙනෙකු තමන් පව් සිදු කර ගන්නා බවවත් නොදනිති. ඒ හැරත් මේ සියලු පව් බටහිර දැනුම පාවිච්චි කර අපෙන් වසං කර ඇත. බරහිරුන් අපට උගන්වා ඇත්තේ මේ අකුසල් ක්‍රියා ආර්ථිකයේ ස්වභාවික සිදුවීම් ලෙස සැලකීමටය. නමුත් එය එසේ අර්ථ දැක්වීම පව් හැංඟීමක් පමණි.
බටහිර සිදුවන විවිධාකාර දුෂණ අප නොදකින්නේ ඔවුන් මේ ආකාරයට සූක්‍ෂම ලෙස තම පාප ක්‍රියාවන් හංඟන බැවිනි. අපි ඔවුන් පසු පස වසරක පණහක් පමණ පිටුපසින් සිටින නිසා අපි තවමත් ඔවුන්ගේ පව් හංඟන කලාව හරි හැටි ඉගෙන ගෙන නැත. උගත් පාඩම් කොමිසමක් ඇමරිකානුවන් කලානම් එය තමන්ට අවාසි සහගත විදිහට පවත්වා ගන්නේ නැත. නමුත් අපි ඔවුන්ගේ ඊනියා කලාව නොදන්නා නිසා ඔවුන්ට ඔවුන්ගේ මහා පරිමාණ දුෂණ හංඟාගෙන අපේ කුඩා පරිමාණ දුෂණවලට ඇඟිලි දික් කරන්නට හැකිවී ඇත. එපමණක් නොවේ අපේ කුඩා පරිමාණ දුෂණ මහා දුෂණ ලෙස දකින්නටද අපට උගන්වා ඇත. අද අප රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ සිදුවන ක්‍රියාවන් මහා දුෂණලෙස දකින එක් හේතුවක් එයය. දේශපාලණ ක්‍ෂේත්‍රයේ දුෂණ ඇත. අපි ඒ නැති කල යුතුය. නමුත් ඒවා හැංඟිය යුතු නොවේ.
ආණ්ඩුවට කැමති වුවත් අකමැති වුවත් බහුතරයක් සිංහල බෞද්ධයින්ගේ දේශපාළන චින්තනයෙන් ජාතිකත්වය තවමත් ගිලිහී නැත. ඒ නිසා මේ ආණ්ඩුව නෙරපා විදේශ බල වලට අවශ්‍ය ජාතික විරෝධී ආණ්ඩුවක් පිහිටුවොත් ඒ අණ්ඩුව මීටත් වඩා දූෂිත ආකාරයට පවත්වාගෙන යාමට සිදුවනු ඇත. මන්ද එවැනි ආණ්ඩුවක පැවැත්ම සඳහා ජාතික ව්‍යාපාරය මැඩ පවත්වා ගන්නට සිදුවන නිසාය. නමුත් විජාතික ආණ්ඩුවක් මීට වඩා කාර්යක්‍ෂම ලෙස තම දුෂණය වසං කරනු ඇත නමුත් ඒ අපේ විසඳුම නොවේ. අපට අවශ්‍ය මේ ආණ්ඩුවේ දුෂණය නවතා දමන්නේ කෙසේද යන්නය. මේ අණ්ඩුව බලයට ගෙන ආ ජාතික ව්‍යාපාරයට ඒ ගැන කල හැක්කේ කුමක්ද?
ජාතික ව්‍යාපාරය දේශපාලණ සංවිධානයක් තබා සංවිධාණයක්වත් නොවේ. එහි විවිධ මත නිර්මාණය කරන්නෝ වෙති. විවිධ නියමුවෝ වෙති. විවිධ මත දරන අනුගාමිකයෝ වෙති. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයට අනුව අවසානයේ ගත් කල මේ සැම දෙනාම ඡන්ද දායකයෝය. ඒ ක්‍රමය තුල ජාතික ව්‍යාපාරය යනු ජාතිකත්වය මත පිහිටා තම ඡන්දය පාවිච්චි කරන මිනිසුන් සමූහයක් පමණි. ආණ්ඩුවේ දූෂිත බවට එරෙහිව ඒ මිනිසුන්ට කල හැක්කේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමය. එය කළ හැක්කේ මැතිවරණයකදීය. ඒ නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල රජයේ දුෂණය නතර කර ගන්නා ලෙස ඊට දැනෙන බලපෑමක් කිරීමට අද රජයට පක්‍ෂ ඡන්ද දායකයින්ටවත් විපක්‍ෂ ඡන්ද දායකයින්ටවත් අවකාශයක් නැත. ආණ්ඩුවේ ඇතුලතින්ද එය කෙරෙන බවක් නොපෙනේ. ඒ ගැන පුදුම විය යුතු නැත්තේ රජයට සම්බන්ධ මැති ඇමති වරුන් සහ නිළධාරීන් බොහොමයකට ජාතිකත්වයක් නැති බැවිනි. මේ නිසා පක්‍ෂ විපක්‍ෂ සියලු ඡන්ද දායකයින්ට තම අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා ඊලඟ ඡන්ද විමසුම එන තෙක් බලා සිටිනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැත. එසේ නම් ඊලඟ ඡන්ද විමසුමේදී ජාතික ව්‍යාපාරයේ කාර්ය භාරය කුමක් විය යුතුද?
මී ලඟට එන ඡන්ද විමසුමේදී පමණක් නොව තව ඡන්ද විමසුම් ගණනාවක් යන තෙක් රටේ දේශපාලණ බෙදීම සිදුවනු ඇත්තේ දූෂණය සම්බන්ධයෙන් නොව ජාතිකත්වය මතය. මෙරට රාජ්‍ය බලය විදේශ බලවේග වලට මුහුණදීමට හැකි තරම් ශක්තිමත් වනතාක් කල් එය එසේ විය යුතුය. මේ වනවිට බටහිරුන් තම රටවල ශක්තිමත් රාජ්‍යයන් ගොඩනඟාගෙන ඇත. ඒ රාජ්‍යයන්ට විදේශ බලවේග වලට බලපෑම් කල නොහැක. බටහිර රටවල බෝම්බ පිපිර වීම මඟින් ත්‍රස්තවාදීන්ට කළ හැක්කේ බටහිරුන් කෙරෙහි ඔවුන්ගේ ඇති වෛරය ප්‍රකාශ කිරීමට පමණි. ඒ හරහා ඒ රටවල කෙරෙන විජාතික දේශපාලණයක් නැත. බටහිරුන්ට ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා ඇත්තේ ජීවිත හා දේපළ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්ණයකි. ඒ හැරෙන්නට ඔවුන්ට තම ස්වෛරීය බව පිළිබඳ ප්‍රශ්ණයක් පැන නැගෙන්නේ නැත. ඒ නිසා බටහිර රටවල ත්‍රස්තවාදී ප්‍රශණයත් අපට තිබූ ත්‍රස්තවාදී ප්‍රශ්ණයත් එකම නොවේ. අපි ඒ දෙකම එක යැයි කියන්නට යෑමෙන් කරන්නේ බටහිරුන්ට කොලේ වසා ගැසීමට ඉඩක් ලබා දීම පමණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙරත් පසුත් අදත් ජාතික ව්‍යාපාරයට එරෙහිව ක්‍රියා කෙරෙන විජාතික බලවේග ඇත. චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ සිට මෙරට ක්‍රියාත්මක වුනු එන්ජීඕ කණ්ඩායම්, මෙරටට විටින් විට පැමිණ බලය පෙන්වා ගිය විදේශ ඇමතිවරු එදා උත්සාහ කලේත් අද ඇමරිකාව හා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සම්මේලණය හරහා උත්සාහ කරන්නේත් මෙරට ජාතික ව්‍යාපාරය ආම්බන් කිරීමට කිරීමය. බටහිරුන් එසේ කරන්නේ ජාතික ව්‍යාපාරය විරුද්ධව සිටින්නේ ඔවුන්ට මිස මෙරට සුලු ජාතීන්ට නොවන බව දන්නා නිසාය. මේ බලවේග සැමදා නොවපතිනු ඇත. නමුත් ඒ පවතිනතාක් කල් ඉදිරි මැතිවරණ හා ජනාධිපතිවරණ වලදී රටේ දේශපාලණ බෙදීම සිදුවිය යුත්තේ ජාතික හා විජාතික ව්‍යාපාර අතරය. ජාතික ව්‍යාපාරයේ වගකීම එය එසේ වන බවට වග බලා ගැනීමය.
රටේ බහුතරයක් සිංහලුන්ගේ දේශපාලණය තවමත් ජාතිකත්වය මත පදනම්ව පවතී. ඒ නිසා ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී දේශප්‍රේමී ජනතාව තමන්වෙත නම්මවා ගැනීමට විජාතික බලවේග උත්සාහ කරනු ඇත. ඒ එසේ නොකර ඡන්දයක් දිනිය නොහැකි නිසාය. සමහරක් විජාතික බලවේග වඩාත්ම ජාතිකත්වයක් ඇත්තේ තමන්ට යැයි කියනු ඇත. තව කොටසක් රාජ්‍යයට එරෙහිව පවත්නා විදේශ බලවේග නැතැයි කියමින් විවාදය වෙනතකට යොමු කරනු ඇත. මේ සියලු කතන්දර වල පොදුබවක් ඇත. ඒ සියල්ලක්ම ගෙතී ඇත්තේ ජාතික පිලේ සිටින ඡන්ද දායකයින් තම පිලට ඇද ගැනීම සඳහාය. ඔවුන් එසේ කරනු ඇත්තේ තමන්ට ජාතිකත්වයක් ඇති බව පෙන්වමිනි. ජාතික ව්‍යාපාරය මෙසේ ජාතික වෙස් මුහුණු දමා ගෙන පැමිණෙන විජාතික බලවේග වල වෙස් මුහුණු ගැලවිය යුතුය. ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී ජාතික ව්‍යාපාරයේ මූලික වගකීම විය යුත්තේ ජාතිකත්වයක් ඇති රජයක් බිහි කර ගැනීමය. ඒ සඳහා ජාතික ව්‍යාපාරය සෘජුවම මැදිවී තමන් වෙත ඡන්දය ඉල්ලමින් පැමිණෙන දේශපාලකයින්ට ජාතිකත්වය මත පදනම්ව චරිත සහතිකදී ඔවුන් පාර්ලිමේන්තු යවනවාද නොයවනවාද යැයි තීරණය කල යුතුය. අවසානයේ ජාතික ව්‍යාපරයෙන් හොඳ චරිත සහතිකයක් නොමැතිව රටේ දේශපාලණ බලයක් ලබා ගත නොහැකි තත්වයක් රටේ දේශපාලණ ක්‍ෂේත්‍රය තුල ඇති කර ගත යුතුය.
මෙතෙක් කල් ජාතික ව්‍යාපාරය සටන් කලේ මෙරට ආණ්ඩු බලය ලබා ගැනීමටය. නමුත් අද පාර්ළිමේන්තුවේ සිටින මැති ඇමති වරුන්ගෙන් ජාතිකත්වයක් ඇති අය සිටිනවානම් ඒ අතලොස්සක් පමණි. ඒ නිසා ඉදිරියේදී ජාතික ව්‍යාපාරයේ සටන හුදෙක් ආණ්ඩු බලය ලබා ගැනීමට පමණක් නොව ජාතිකත්වයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීම දක්වා වර්ධණය කර ගත යුතුය. හැකි නම් ජාතිකත්වයක් ඇති පළමු පෙලේ නිළධාරී මණ්ඩළයක් ඇති කර ගැනීම දක්වාම සටන දිගු කර ගත යුතුය. එවැනි පුද්ගලයින්ගෙන් සමන්විත ආණ්ඩුවක දුෂණය අවම වෙතැයි අපේක්‍ෂා කල හැකිය. ඉන් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ බලයද වැඩි වනු ඇත. ආණ්ඩු මූලික වශයෙන් දුෂිත වෙන්නේ බලය රැක ගැනීම අරභයා කටයුතු කිරීම නිසා වක්‍රාකාරයෙන්ද ඒ හරහා ආණ්ඩුවේ දුෂණය අවම කර ගත හැකිය. වඩා වැදගත් ලෙස ඒ හරහා ජාතික ව්‍යාපාරයත් රාජ්‍ය බලයත් අතර අන්නෝන්‍ය සම්බන්ධකමක් ගොඩ නැඟෙනු ඇත. අද මූලික ප්‍රශණය වී ඇත්තේ රජයත් ජාතික ව්‍යාපාරයත් අතර තිබිය යුතු මේ අන්නෝන්‍ය සම්බන්ධකම ගිලිහී තිබීමය.


ජානක වංශපුර

Friday, 3 May 2013

කුණු දැමීම හා ඇහිඳීම


පසුගිය මිහිකත දිනයේ දී මෙරට ඇමරිකානු තානාපතිනිය ගාලු මුවදොර පිටියෙහි කුනු ඇහිඳිණු ජනමාධ්‍ය මගින් දුටුවෙමි. මිහිකත දිනය අපේ සංකල්පයක් නො වේ. අම්මගෙ දිනය, පියාගෙ දිනය, කාන්තා දිනය, ගුරු දිනය ආදී වශයෙන් දින ගණනාවක් බටහිරයන්ට ඇත. තානාපතිවරුන්ගේ දිනයක් ද හැකි ඉක්මණින් නියම කරගන්නේ නම් එය ලෝකයට වැඩදායක වනු ඇත. අඩුම තරමෙන් එදිනටවත් ඇමරිකන් හා වෙනත් බටහිර තානාපතිවරුන් හා තානාපතිනියන් තානාපතිකම කිරීමට උත්සාහ ගන්නේ නම් ඔවුන් සේවයේ රැඳී සිටින රටවලට එයින් යහපතක් වනු ඇත. අද බටහිර තානාපතිවරුන් තානාපතිවරියන් හැසිරෙන්නේ තමන් සේවය කරන රටේ පාලකයන් ලෙස ය. ඔවුන්ට ගැති නිවටයන් පිරිසක් ඒ ඒ රටවල සිටින බව සැබෑ ය. එහෙත් එපමණින් බටහිර රටවල හා ඉන්දියාවේ තානාපතියන් හා තානාපතිනියන් තමන් සේවයෙහි රැඳී සිටින රටවල පාලකයන් හා පාලිකාවන් බවට පත්වන්නේ නැත.

බටහිරයන්ට වසරකට එවැනි දින කීයක් ඇද්දැයි මම නො දනිමි. කොතරම් දින සංඛ්‍යාවක් තිබිණි ද එය 365ට වැඩි වේවි යැයි සිතිය නො හැකි ය. එවැනි දින සංඛ්‍යාව 365 ට වැඩි වුවහොත් අවුරුද්දේ ඇතැම් දිනක එවැනි දින කිහිපයක් තිබෙන්නට හැකි ය. මේ දින වෙන්කර ගැනීම ද බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් පැන නගින්නකි. ඔවුන්ගේ චින්තනයෙහි එකට ගැනීමක් නැත. වැඩ කරන දින වැඩ නොකරන දිනවලින් වෙන් කෙරෙයි. බටහිරයන් සිකුරාදා සවස් වනතුරු ඇඟිලි ගණින්නේ එදින වැඩකරන දින අවසන් වන බැවිනි. සිකුරාදා සවසින් පසු සඳුදා උදෑසන වනතුරු බටහිරයෝ කාර්යාලයේ වැඩ තම හිසින් අස්කර ගනිති. මේ වෙන්කිරීම කෙතරම් ද යත් ඇමරිකාවේ පාසල්වල සිසුන්ට සිකුරාදා ගෙදර වැඩ නො දෙයි. සිසුන්ගේ පාසල් සතිය ද සඳුදා උදෑසන සිට සිකුරාදා සවස වනතුරු පමණක් වෙයි. බටහිරයන් වැඩකරන දිනය සති අන්තය ආදී සංකල්ප තනාගෙන ඇත්තේ මේ වෙන්කිරීමේ ප්‍රතිපත්තිය අනුව ය. මෙරට සිටින අනුකාරකයන් කර ඇත්තේ මේ සමහර සංකල්ප කිසිම වගවිභාගයකින් තොරව අනුකරණය කිරීම පමණකි. එහෙත් මෙරට පවතින තරගකාරී අධ්‍යාපනය හේතුවෙන් ඊනියා සතිඅන්තයේ ද සිසුන්ට අනේකවිධ ගෙදරවැඩ ලැබෙයි. එසේ නොදුනහොත් දෙමවුපියන්ගේ සිත් අසතුටට පත්වෙයි.

බටහිරයන් පරිසරයට අවුරුද්දේ එක් දිනයක් වෙන්කර ඇත්තේ කුහකවතින් බව පැහැදිලි ය. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට රැකිය හැකි පරිසරයක් නැත. පරිසරය රැකීම හා බටහිර ආර්ථික සංවර්ධනය නොරත රත මෙන් එකිනෙක සමග නො පෑහෙයි. විවිධ පරිසර සම්මේලනවල දී බටහිරයෝ අනෙක් රටවලට පරිසරය රැකීමට උපදෙස් දෙන නමුත් පරිසරය රැකීමට දායක නො වෙති. ඔවුන් ඊනියා මිහිකත දිනයක් වෙන්කර ඇත්තේ ද අනෙක් රටවල් රැවටීමේ කුහක චේතනාවෙනි. ලෝකයේ උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යන්නේත් ඕසෝන් ස්ථරය විවර වන්නේත් බටහිර ආර්ථික සංවර්ධනය හේතුවෙනි. ලෝකයේ පරිසර විනාශයට ලංකාව වැනි රටවල දායකත්වය ඉතාමත් අවම මට්ටමක පවතියි.

ලංකාවේ අද කුණු ප්‍රශ්නය සෑම නගරයක ම පාහේ දකින්නට ඇත. එහෙත් බටහිර රටවල කුණු ප්‍රශ්නයක් නැත. එයින් කියැවෙන්නේ බටහිරයන් ලෝකයට කුණු එකතු නොකරන බව නො වේ. ඔවුහු කුණු එකතු කර ඇතැම් කුණු හංගති. තවත් කුණු ලෝකයේ අනෙක් රටවලට පටවති. කුණු විනාශ කිරීමේ දී පරිසරය වෙනත් ආකාරවලින් දූෂණය නො වන්නේ ද? බටහිරයන්ට සුපුරුදු ආකාරයට මේ සම්බන්ධයෙන් සංඛ්‍යානාත්මක ව ව්‍යාජ දත්ත ඉදිරිපත් කළ හැකි ද? අපේ රටවල කුණු ප්‍රශ්නය හා රථවාහන තදබදය අතර පදනම වශයෙන් ගතහොත් වෙනසක් නැත. ඒ ප්‍රශ්න දෙකම ඇතිවන්නේ එක් පැත්තකින් බටහිර ආර්ථික සංවර්ධනය පසුපස හඹායෑමත් අනෙක් පැත්තෙන් අපට බටහිරයන්ගේ වෙන්කිරීම අපේ සංස්කෘතීන්ට අවශෝෂණය කරගැනීමට නොහැකිවීමත් නිසා ය. අපට තවමත් මෝටර් රථයෙන් යෑම හා පයින් යෑම වෙන්කර ගැනීමට නොහැකි වී ඇත.

ලංකාවේ උගතුන් යැයි කියන්නේ බටහිර දැනුම් අනුකාරකයන්ට ය. ඔවුන්ට බටහිරයන් අනුව යමින් අවිචාරයෙන් මිහිකත දීනයක් පැවැත්වීම මහා කාර්යයක් බව අමුතුවෙන් කිවයුතු නො වේ. මොවුන්ගේ අවිචාරවත් බවට කදිම නිදසුනක් පසුගිය දා ඔවුහු ම ඉදිරිපත් කළහ. ඔවුන්ගෙන් අයකු හෝ කිහිප දෙනකු හෝ එකතු වී මා එක්තරා ලාබාල දේශපාලනඥයකුට බුලත් දෙන ව්‍යාජ ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර ඇත. මට මෙකී දේශපාලනඥයා ජීවිතයට මුණ ගැසී නැත. මට ඔහුට නොව ඔහුගේ පියාටවත් බුලත් දීමේ අවශ්‍යතාවක් නැත. මගේ මව මිය යෑමෙන් පසුව මා බුලත් දුන්නේ මගේ භාර්යාවගේ මවට පමණ ය. පසුගිය දිනයක ඇය ද මියගිය බැවින් මේ අවුරුද්දේ මම කිසිම ගිහියකුට බුලත් නුදුන්නෙමි. අවුරුද්දට හැර වෙනත් දිනයක මා ගිහියන්ට බුලත් දෙන්නේ ද නැත. මා කිසි දිනෙක දේශපාලනඥයකුට බුලත් දී ද නැත. මේ ව්‍යාජ ඡායාරූපය දැකීමෙන් අමන්දානන්දයට පත් වූ මගේ දේශපාලන විරුද්ධකාරයන් මෙන් ම කසිකබල් ශාස්ත්‍රඥයෝ ද මා වැටී ඇති පහත් තත්ත්වය, මගේ වැඩවසම් මානසිකත්වය ආදිය ගැන ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් හා වෙනත් ක්‍රම මගින් තම මිතුරන්ට හා වෙනත් අයට දැනුම් දුන්හ. එහෙත් මේ සියල්ලන්ගේ ම අවිචාරයක මහත කෙතෙක් ද කිවහොත් ඔවුහු මා අඳින ජාතික ඇඳුමේ අත් මැණීක් කටුව අසල මගේ පියා කළාක් මෙන් හුළං පොදක් වැදීමට ඉඩක් ඇතිව තබන බවත් ව්‍යාජ ඡායාරූපයේ ජාතික ඇඳුමේ අත් දේශපාලනඥයන්ගේ කපටිකිටේ මෙන් මැණික් කටුව අසළ කිටි කිටියේ තදින් තබා ඇති බවත් නො දුටුවෝ ය! අඩුම තරමෙන් මීළඟ ව්‍යාජ ඡායාරූපය සකස් කරන විට මේ තක්කඩියන් මෙයට වඩා විචාරශීලි විය යුතු ය.

මේ අනුකාරකයන් ඇමරිකානු තානාපතිවරිය සමග පෙළට හිඳිමින් කුණු අහුළන ඡායාරූපයක් පූවත්පත්වල පළ නොවූයේ ඇයි ද යන ප්‍රශ්නය නම් මට ඇත. තානාපතිවරිය ඉතා පැහැදිලිව ම එක්කෝ කල ඇතිවම තම කුණු ව්‍යාපෘතිය ජනමාධ්‍යයට දන්වා ඇත. එසේත් නැත්නම් තානපති කාර්යාලයේ නිලධාරීන් ගත් ඡායාරූජ මාධ්‍යයට නිකුත් කර ඇත. ඒ කුමක් වුවත් ඇය තම කුණු ව්‍යාපෘතිය පුවතක් මැවීමට යොදා ගෙන ඇත. තානාපතිවරිය මේ පුවතින් කියන්නේ කුමක් ද? ඇයට මෙරට ගැන ඇති කැක්කුම කුමක් ද? අපට කුණු ප්‍රශ්නයක් වී ඇත්තේ අප බටහිර නගර හා පුර අනුකරණය කිරීමට යෑමෙන් ය. මේ නගර හා පුර අපේ වුවමනාවට ඉතිහාසයේ විකාශයකින් ඇති වූවක් නොව අප මත බලහත්කාරයෙන් පටවනු ලැබූ දේ ය. අපට අඩු තරමෙන් පණ්ඩුකාභය රජු දවස සිට පුර සංස්කෘතියක් තිබී ඇත. අනුරාධපුරය අපට කියා දෙන එක් කරුණක් ඒ වෙයි. එහෙත් ඒ පුර සංස්කෘතිය ග්‍රීසියේ තිබූ ඇතන්ස් ආදී පුර සංස්කෘතියෙන් ද ලන්ඩන් නිව්යෝක් වැනි වත්මන් පුර සංස්කෘතියෙන් ද වෙනස් වෙයි. අද අපට ඇත්තේ අප මත බලයෙන් පැටවූ පුර සංස්කෘතියකි. ඒ පුර සංස්කෘතිය ම කුණු පුර සංස්කෘතියකි. මේ කුණු ප්‍රශ්නය එහි ප්‍රතිඵලයකි. ඒ අනුකරණයට බටහිර අධ්‍යාපනය විසින් ගැත්තන් ද බිහි කෙරී ඇත.

තානාපතිවරිය ඉතා සියුම් ආකාරයෙන් ලෝකයාට කියන්නේ අපට කුණු ප්‍රශ්නය කළමනාකරණය නොහැකි බවත් මෙරට කුණු ප්‍රශ්නයක් වී ඇති බවත් ඇය අප කෙරෙහි පතළා වූ කරුණාවෙන් කුණු ඇහිඳින බවත් ය. අපට කුණු දුන් බටහිරයන් ම කුණු දුන් කතාව නොකියා අපට බැරිකමක් ඇතැයි සියුම් ව ප්‍රකාශ කරයි. තානාපතිවරිය මැදිහත් වන්නේ කුණු ප්‍රශ්නයට පමණක් නො වේ. බටහිරයන්ගේ ප්‍රතිපත්තිය අපට ප්‍රශ්න ඇතිකර ඒ ප්‍රශ්න අප විසින් ඇතිකර ගන්නා ලද ප්‍රශ්න යැයි අපට ම (මෙරට සිටින බටහිර ගැති අනුකාරක පුහු උගතුන්ට) ඒතතු ගන්වා ඉන්පසු ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඔවුන් ම ඉදිරිපත් වීම ය. කුණු දාන්නෝ ම කුණු ඇහිඳීමට ඉදිරිපත් වෙති.

මෙරට දෙමළ ප්‍රශ්නය ඇතිකළෝ බටහිරයෝ ය. ඔවුහු දෙමළ ජාතිවාදය ඇතිකර සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට ඒ යොදාගැනීමට උත්සාහ කරති. ඔවුන් හා ඉන්දියාව එකතු වී ඇති කළ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපේ රණවිරුවන්ට ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වයෙන් හැකි විය. එසේ කළේ බටහිරයන්ගේ හා ඉන්දියාවේ විරුද්ධතාව මැද ය. අද බටහිරයෝ හා ඇතැම් ආගම්වල සිංහල බෞද්ධ විරෝධී පූජකවරු ද බටහිරයන්ගේ වැටුප් ලබන කුලීකාර රාජ්‍ය නොවන සංවිධානවල නිවටයෝ ද බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජනයා සිංහලයන්ට, සිංහල බෞද්ධ සංස්කෘතියට, ජනාධිපතිතුමාට හා ආණ්ඩුවට විරුද්ධව යොදා ගැනීමට උත්සාහ කරති.

අද සිංහල ජාතිකවාදීහු උතුරේ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට විරුද්ධ වෙති. එහෙත් ඒ විරුද්ධතාව යුක්තියුක්ත කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත. කළ යුත්තේ පළාත් සභා අහෝසි කිරීමට ප්‍රබල උද්ඝෝෂණයක් හා ව්‍යාපාරයක් සංවිධානය කිරීම ය. ජාතික ව්‍යාපාරය ශක්තිමත් ව තිබූ යුගයේ අපි චන්ද්‍රිකා ගේ පැකේජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරත වීමු. කළුතර සිට කතරගම දක්වා සංවිධානය කෙරුණු පාගමන ඉන් එකක් පමණකි. සිංහල කොමිසම ඔස්සේ ජනමතයක් ගොඩනැගීමට අපි ක්‍රියා කළෙමු. කොමිසමේ වාර්තාව අපට පිළිගත නොහැකි වුවත් ඒ මගින් ගොඩ නැගුණේ පැකේජ් විරෝධයකි. අද ඒ වෙනුවට ඇත්තේ ජාතික ව්‍යාපාරය මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත්කළ අය මාධ්‍ය මගින් කරන පුවත් මවා පෑම් පමණ ය.

පළාත් සභා අහෝසි කළ යුත්තේ ඇයි ද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් අපට ඇත. ඊනියා දෙමළ ප්‍රශ්නය ඇතිකිරීම හා එයට පළාත් සභා විසඳුම ලබාදීමත් කුණු දැමූ අය ම කුණු ඇහිඳීමත් අතර ඇත්තේ සමානත්වයකි. බටහිරයන්ගේ දැනුමට බිය වී එය අනුකරණය කරමින් අපට විමුක්තියක් අත් නො වේ.

(13/04/28)

නලින් ද සිල්වා

Saturday, 8 December 2012

ආත්මාභිවර්ධණය

කිසි හිරියක් සංයමයක් නැතිව තම අභිවෘද්ධිය තකාම වැඩ කටයුතු කිරීම ශීලාචාර නොවෙන බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ හැඟීමය. එසේ සිතන්නේ කිසිවෙක් තම අභිවෘද්ධිය උදෙසා කටයුතු නොකර ඉඳිනා නිසා නොවේ. නමුත් එලෙස කටයුතු කිරීමේදී යම් සංවර බවක් නිහතමානී බවක් හා යම් සීමාවක් තිබිය යුතුය යන්න ඔවුන්ගේ අදහසය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල එලෙස නිහතමානී වීම හුදෙක් කෙනෙකුගේ සද් ගුණයක් පමණක් නොවේ එය ඔවුන්ට සදාචාරාත්මක රීතියකි. ඒ නිසා යමෙකු කිසි හිරියක් සංයමයක් නැතිව තමන් වෙනුවෙන් වැඩ කටයුතු කරනු දැකීම සිංහල බෞද්ධයන්ට රුස්සන්නේ නැත. නමුත් බටහිර සංස්කෘතිය මේ ශීලාචාර බව පිළි නොගනී. බටහිර සංස්කෘතිය තුල අයෙකුට තම අභිවෘද්ධිය උදෙසා සිත් සේ කටයතු කිරීමට සදාචාරාත්මක වැට කඩොලු නැත. අනුන්ගේ ඒ අයිතියට බාධාවක් නොවන තාකකල් (ඔවුන් සිතන පරිදි) තම අභිවෘද්ධිය උදෙසා තමුන්ට රිසි පරිදි වැඩ කර ගැනීමට අයිතියක් ඇතැයි ඔවුහු සලකති. අද බටහිර සංස්කෘතිය ඔවුන්ගේ මේ අශීලාචාර බව ශීලාචාර බවක් ලෙස සලකන්නට අපට බල කර සිටී. එමඟින් ආත්මාභිවර්ධණය කෙරෙහි අප තුල ඇති ලැජ්ජා භය නැති කිරීමට තැත් කරති. එපමණක් නොවේ එසේ සංයමයෙන් කටයුතු කිරීම අප සංස්කෘතියේ පසුගාමී ලක්‍ෂණයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කරති.

පෘතග්ජන වූ අපි මේ භවය පුරා මිල මුදල් යාන වාහන ඉඩ කඩම් නෑදෑ හිත මිතුරන් දූ දරුවන් බල පුලුවන්කාරකම් ගරු නම්බුකාරකම් එක් රැස් කරමින් සිටින්නෙමු. මේ සියලු දේ එකතු කිරීමෙන් කෙරන්නේ මම යන සංකල්ප අප තුල තවදුරටත් තහවුරු වීමය. ඒ නිසා ඒ දෑ කෙරෙන්නේ ආත්ම අභිවෘද්ධිය සඳහායැයි සැලකිය හැකිය. නමුත් ආත්ම අභිවෘද්ධිය අරභයා කරන කටයුතු වලින් අවසානයේ දුකක් ගෙනදෙන බව අවබෝධ නොවුනත් අඩු තරමින් එය එසේ වේ යැයි දැඩි විශ්වාසයක් අප තුල ඇත. ඒ බුදුන් වහන්සේ විසින් සියලු දෑ අනාත්මයැයි වදාරා ඇති බැවිනි. බුදු බණ අනුව යමින් අපි මතු භවයකදී හෝ අනාත්ම බව අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තු වෙන් සිටින්නෙමු. ඒ නිසා මේ භවයේ දීත් සිංහල බෞද්ධයන් ආත්ම අභිවෘද්ධිය අරයා වැඩ කරන්නේ ලැජ්ජා භය ඇතුවය. සංයමයකින්ය.

ආත්මාභිවර්ධණය හරහා පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමක්ද සිදුවේ. සිංහල බෞද්ධ දැනුමට අනුව ලෝකයෙන් ස්වායත්තවූ මම යැයි කෙනෙකුගේ පැවැත්මක් අප විසින් වෙන් කර ගන්නේ අවිද්‍යාව නිසාය. ලෞකික වශයෙන්ද සිංහල බෞද්ධ සමාජය තුල අයෙකුට කැපී පෙනීමට එතරම් බධාවක් නැති වුවත් වෙන් වී සිටීමට එතරම් ඉඩක් නොදෙන්නේ මේ දැනුම පදනම් කරගෙන විය යුතුය. වෙන්වීමට ඉඩ නොදීමේ ලක්‍ෂණය අප සංස්කෘතියේ පුද්ගල නාම භාවිතා වෙන ආකාරයෙන්ම පිළබිඹු වෙයි. සිංහලයන් ගේ නම් යෙදෙන්නේ එක්කෝ අහවලා ගේ අහවලා නැත්නම් අහවල් ගමේ අහවලා යන ආකාරයටය. එහි පුද්ගලයාට ඇත්තේ සාපේක්‍ෂ පැවැත්මකි. ඔහු සමාජයෙන් ස්වායත්තව පවතින අයෙකු නොවේ. ඒ අනුව යමින් ශ්‍රී ලාංකිකයෝ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයෝ සමාජයෙන් ස්වායත්තව කටයුතු කිරීමට ලැජ්ජාවක් සහ බයක් දක්වති.

අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ බුදු දහමින් ලද ආභාශය නිසා ආත්ම අභිවර්ධණය කෙරෙහි වූ මේ ලැජ්ජා භය අද අපේ සංස්කෘතියේ සදාචාරාත්මක රීතියක් බවට පත් වී ඇත. අප විසින් පමුණුවා ගත් මෙවැනි සදාචාරාත්මක රීති අප සමාජය සමස්තයක් ලෙස බුදු මඟට යොමු කරවන බව පැහැදිලිය. පරම්පරාවෙන් පරම්පරාවට මේ ගතිගුණ දායාද කර දීමට අපට හැකි වී ඇත්තේද එය සදාචාරාත්මක රීතියක් ලෙස සමාජ සම්මත වී තිබෙන නිසාවෙනි. අවසානයේ ජාතියක් වශයෙන් අපගේ පැවැත්ම රඳාපවත්නේද මේ සදාචාරාත්මක රීති රැක ගැනීම මතය. මේ නිසාම ආත්මාභිවර්ධණය කෙරෙහි අප තුල ඇති ලැජ්ජා භය නැති කිරීමට බටහිරයෝ අද වලිකති. ආත්මාභිවර්ධණය සුභවාදීව දකින යුදෙව් ක්‍රිස්තියානි චින්තනය එය අසුභවාදීව දකින සිංහල බෞද්ධ චින්තනයට හාත්පසින්ම විරුද්ධය. ඔවුහු තම ආධිපත්‍යය උපයෝගී කර ගනිමින් ආත්මාභිවර්ධණයට හරස් කැපීම පුද්ගල නිදහස සීමා කිරීමක් බවත් එවැනි සදාචාරාත්මක රීති පවත්වාගෙන යාම මිනිස් විකසනයේ ආපස්සට යාමක් බවත් කියමින් අපේ සදාචාරාත්මක දැනුම යටපත් කරන්නට උත්සාහ කරති. නමුත් ඒ උත්සාහය පදනම් විරහිතය.

අපෙන් සැඟවුවත් බටහිර සංස්කෘතියේද මේ ආකාරයේ නමුත් මීට විරුද්ධ අදහසක් ඇති සදාචාරාත්මක රීතියක් ඇත. ඊට අනුව පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරෙන අතර ඔහු තම ආත්මාභිවර්ධණය සඳහා කටයුතු කල යුතුවේ. බටහිර සංස්කෘතිය තුල අවශ්‍යය අයෙකුට සමාජය හා බැඳී සිටීමට ඉඩක් නැත. ඔවුන් සමාජයෙන් වෙන් කරනු ලබන්නේ අප සංස්කෘතියට අනුව නම් හයක් හතරක් නොතේරෙන කුඩා අවධියේ දීමය. මෙසේ වෙන් කෙරෙන දරුවා මහලු විය දක්වාම තමාගේ පැවැත්ම උදෙසා ආත්මාභිවර්ධණය කර ගත යුතුය. මේ රීතියට එරෙහි වන්නන් බටහිර සමාජයට රුස්සන්නේ නැත. ඒ බටහිර සංස්කෘතියේ සදාචාරයය. එය මිනිස් විකසනයේ ඉදිරියට යාමක්ද ආපස්සට යාමක්ද යන්න අවශ්‍ය අයෙකුට තීරණය කල හැකි නමුත් හුදෙක් සදාචාරාත්මක රීති පැණවීම ගැන අපට එරෙහි වීමට බටහිර සංස්කෘතියට ඉඩක් නැත්තේ එම සංස්කෘතියේද එවැනි රීති ඇති නිසාය.

ඊළඟට බටහිරයන් පවසනු ඇත්තේ ආත්මාභිවර්ධණයට බාධා කිරීම තුලින් අපි පුද්ගලයින්ගේ නිදහස සීමාකරන බවය. එක් අයෙකුගේ ආත්මාභිවර්ධණය තව කෙනෙකුගේ ආත්මාභිවර්ධණයට බාධාවක් නොවේ නම් එහි ඇති වරද කුමක් දැයි ඔවුන් අසනු ඇත. එවිට අප පෙරළා ඇසිය යුත්තේ අන් අයට කිසි බලපෑමක් නොකර තම ආත්ම අභිවෘද්ධිය අරභයා සීමා රහිතව කටයුතු කර ගෙන යාමට කෙනෙකුට හැකිද කියාය. එය කල නොහැකිය. ආත්මාභිවර්ධණයට බටහිර සංස්කෘතිය තුල සදාචාරාත්මක වැට කඩොළු, එනම් ස්වයං බාධක, නැති බව සත්‍ය නමුත් කෙනෙකු එසේ කටයුතු කිරීමේදී බාහිරෙන් ඇතිවෙන බලපෑම් වලට අනිවාර්යයෙන් මුහුණ දීමට සිදුවේ. එහිදී එක්කෝ ඔහු තම කටයුතු සීමා කර ගත යුතුය නැත්නම් ඒ බාහිර බලපෑම් සමඟ ගැටුම් ඇති කර ගත යුතුය. එසේ තම කටයුතු සීමා කර ගන්නේ නම් එය පුද්ගල නිදහස සීමා වීමකි. අද බටහිර සමාජ ක්‍රමයට ජීවත්වන අප සියලු දෙනාම පාහේ යම් යම් පමණින් අපේ පුද්ගල නිදහස සීමා කරගෙන සිටින්නෙමු. නමුත් එය නිදහස සීමාවීමක් නොව ඊනියා දියුණු ජීවන රටාවක ලක්‍ෂණයක් යැයි සිතන්නට බටහිර සංස්කෘතිය විසින් අපව පුරුදු කර ඇත.

මම මා මගේය යන හැඟීම් වර්ධනය කර ගැනීම හා මම සෙසු ලෝකයෙන් වෙන් කර ගැනීම, එනම් ආත්මාභිවර්ධණය, සුභදායක බව යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ පූර්වාදර්ශයයි. බටහිර ආර්ථික-දේශපාලණ-සමාජ ක්‍රමය ගොඩනැඟී ඇත්තේ මේ පූර්වාදර්ශයේ පිහිටාය. මේ ක්‍රමය තුල ආත්මාභිවර්ධණයෙහි යෙදෙන පුද්ගලයා මැඩපවත් වන්නේ ඔහුගේ අභ්‍යන්තරයෙන් ඇතිකර ගන්නා ලැජ්ජා භය හෝ සංයමය නොව ඔහුගෙන් පිට බලවේගය. ඔහු වඩ වඩා ආත්මාභිවර්ධණයෙහි යෙදෙන විට මේ බාහිර බලවේග මඟින් ඔහුගේ නිදහස වඩා වඩා සීමා කරයි. අද මේ හිරවීම බටහිර රටවල මිනිසුන්ට පමණක් නොව කොළඹ නගරයේ වෙසෙන සාමාන්‍ය වැසියකුට පවා අත් විඳින්නට සිදුවී ඇත්තේ ඔහුද බටහිර ආරටම කල් ගෙවන නිසාවෙනි. ඔහු තම නිවසේදීත් රැකියාවේදීත් අතරමඟදීත් තමන්ට වැඩ කර ගන්නට යාමේදී පිළිපැදිය යුතු නීති රීති පැනිය යුතු වැට කඩොළු අපමණය. ඔහුට අනිකුන් අභිබවා තමන්හට කර ගන්නට නම් උදාහරණයක් වශයෙන් රැකියාවේ ඉහලට යන්නට අවශ්‍යය නම් පිළිපැදිය යුතු නීති රීති පැනිය යුතු වැට කඩොළු පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටි ඊටත් වඩා වැඩිය. මේ සියලු දෙයින් සිදු වන්නේ ඊනියා පුද්ගලික නිදහස සාපේක්‍ෂ ලෙස සීමා වීම නමුත් ඒ බව පිළිනොගන්නේ බටහිර දැනුමේ ඇති කුහක බව නිසාය. අපි මේ බව අවබෝධ කර ගත යුතුය.

බටහිරුන් ආත්මාභිවර්ධණය සුභදායක යැයි සිතන තාක් කල් බාහිර බලපෑම් වලින් ගැලවීමක් නැත. ප්‍රජාවක් ලෙස මේ කාර්යයේ නියැලෙන විට තත්වය ඊටත් වඩා දරුනුය. එවිට ඔවුන් එම ප්‍රජාවෙන් බාහිර වූ සත්ව-මිනිස් සමාජය සමඟත් පරිසරය සමඟත් ගැටුම් ඇති කර ගනී, හැකි නම් ඒ බාහිර බලපෑම් විනාශ කිරීමට කටයුතු කරයි. බටහිරයන් පසුගිය අවුරුදු පන්සියයක් පමණ කාලයක් තිස්සේ කර ගෙන එන්නේ එයයි.
ආත්මාභිවර්ධණය පිළිබඳ ලැජ්ජා භයක් සංවරයක් ඇති කර ගැනීම, එසේත් නැත්නම් එය අභ්‍යන්තරයෙන්ම මැඩ පවත්වා ගැනීම තමාගේත් හුදු මහත් ලෝකයාගේත් හිත සුව පිණිසවේ. එය අපේ සදාචාරාත්මක දැනුමය. එයට පහර දීමට තරම් බටහිර දැනුමට ශක්තියක්වත් පදනමකවත් නැත.

ජානක වංශපුර

Thursday, 20 October 2011

කොළඹ ප්‍රතිඵල හා සන්ධානයේ ඡන්ද කෙක්ක

ජාතික ව්‍යාපාරය හා දිවයින යනුවෙන් ලිපි පෙළක් ලිවීම ආරම්භ කළ නමුත් වර්තමාන දේශපාලන තත්වයෙහි ඇතිවෙමන් පවතින වෙනස්කම් හේතුවෙන් මේ සතියේ පළාත්පාලන මැතිවරණ ගැන සඳහන් කිරීමට සිදු වී ඇත. මේ ලිපියට නිමිති දෙකක් වෙයි. එකක් පඬියකුගේ ප්‍රකාශයකි. අනෙක භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය ය. මේ ආණ්ඩුව තරම් ජනතාවගේ ප්‍රසාදයට ලක් වූ තවත් ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ තිබී නැත. පනස්හයේ ආණ්ඩුව වුව ද මෙතරම් ජනප්‍රසාදයට පත් නො වී ය. හැරත් එයට ජනප්‍රසාදය රැකගත හැකිවූයේ ටික කාලයකට පමණ ය. පැරණි රජවරුන්ගේ අති සාර්ථක පාලන මෙරට තිබී ඇත. ගැමුණු කුමරු මෙරට ඉතිහාසය සකස්කළ තැනැත්තා වුව ද මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටවු රජතුමා වුව ද සිංහලයන්ගේ ප්‍රධාන ම වීරයා වුව ද එතුමාගේ මරණයෙන් නොබෝ කලකින් ම අනුරාධපුරය නැවතත් විජාතික ආක්‍රමණවලට ගොදුරු විය. ගැමුණු රජුගේ සොහොයුරාගේ පුතා වූ වලගම්බා කාලය පැමිණෙන විට විජාතික බලවේග නැවතත් කෙතරම් බලවත් වී ද යත් වලගම්බා රජුට තාවකාලික ව වුවත් දකුණට පැන යෑමට සිදුවිය. මේ විජාතික ආක්‍රමණ අවුරුදු හයසියයකට වැඩි කාලයක් නතරකර ගැනීමට හැකිවූයේ ධාතුසේන රජුගෙන් පසුව ය. ඒ සඳහා මහාවංසය උපකාරී වූවාට සැක නැත. මහාවංසය බණ පොතක් නො වේ. එය හුදු ඉතිහාස පොතක් ද නො වේ. එහි අඩුපාඩු නැතිවා ද නො වේ. එහෙත් ජාතියේ ගමන්මග සළකුණු කරනු ලැබුයේ මහානාම හිමියන් විසිනි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී පඬියන් මහාවංසය ත්‍රිපිටකය මෙන් ම සිංහල බෞද්ධයන් වන්දනාමාන කරන තවත් පිටකයක් ලෙස හඳුන්වන්නේ ත්‍රිපිටකය ගැන මෙන් ම මහාවංසය ගැන ද ඇති වෛරය “ශාස්ත්‍රානුකුලව” ප්‍රකාශ කරමිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසයේ කෙසේ සටහන්වනු ඇද්ද යන්න නිශ්චිතව කිව නො හැකි ය. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කළේ ඒ මහතාගේ දේශපාලන නායකකත්වයෙනි. අප බොහෝවිට කියා ඇති ආකාරයට එය හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව අප ලත් වැදගත් ම ජයග්‍රහණය වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා රණවිරුවන් නොවන්නට එම ජයග්‍රහණය නොලැබීමට තිබිණි යන්න ද මෙහි ලා සඳහන් කළ යුතු ය. එහෙත් ප්‍රශ්නය වනුයේ අප එතැනින් ඉදිරියට යන්නේ කෙසේ ද යන්න ය.

හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව සු්‍රළු කලකින් ම බටහිරයෝ මෙහි පැමිණියහ. අවුරුදු පන්සියයකට වැඩි යටත්විජිත සමයක් ඒ සමග ඇරඹිණි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී එය නැවැත්වීමට රහල් හිමියනටවත් වෑත්තෑවේ හිමියනටවත් වෙනත් කිසිවකුටවත් දේශපාලනික වශයෙන් වැදගත් වූ මහාවංසය වැනි පොතක් ලිවීමට නො හැකි විය. ඒ උන්වහන්සේලාගේ වරදක් නොවී ය. ව්‍යාප්තවෙමින් පැවති බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ විනාශකාරී බලපෑම එපමණකට ශක්තිමත් විය. සිංහල බෞද්ධ ජීවන රටාවට විරුද්ධව ක්‍රියාත්මක වූ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අවසාන නියෝජිතයන් වූයේ ජේ ආර් ජයවර්ධන හා ප්‍රභාකරන් ය. 1977 සිට 2005 දක්වා සෘජුව ක්‍රියාත්මක වූ මේ දේශපාලනය තවමත් පරාජය වී නැත. අද එය වක්‍රව මහින්ද රාජපක්‍ෂ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙයි. අප ඒ ගැන සැලකිලිමත් නොවුවහොත් ගැමුණු කුමරුගෙන් පසුව, හයවැනි පැරකුම්බාවන්ගෙන් පසුව, මෙරටට සිදු වූ දේ නැවතත් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව සිදු වීමට ඉඩ ඇත. අද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය අවරට යමින් ඇත. එහෙත් එය මුළුමනින් ම පරාජය වී නැත. මාක්ස්වාදී අර්ථයකින් නොවුවත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කඩා වැටෙනු ඇත්තේ ධනවාදය ද සමගිනි. එහෙත් ඒ වෙනුවට ඊනියා කම්කරු පංති නායකත්වයකින් කම්කරු රාජ්‍යයක් නම් කිසි දිනෙක ඇති නොවනු ඇත. එයට ප්‍රධාන හේතුව ඊනියා කම්කරු පංතිය බෙහෙතකටවත් සොයාගත නොහැකි වීමත් එය මාක්ස්ගේ මනස්පුතකු පමණක් වීමත් ය.

එ ජා පක්‍ෂය කොළඹ මහා නගර සභාව ජයගත් බවත් මිලින්ද මොරගොඩ මහතාට එහි පූරපති ධූරය අහෝසි වූයේ සන්ධානය කොළඹ ඊනියා බහු ජාතිකත්ව ව්‍යාප්තිය නොසළකා හැරි නිසා බවත් ඊළාම්වාදියකු ව සිට අද බටහිර රටක තානාපතිව සිටින ආණ්ඩුව වෙනුවෙන් කතාකරන අතර ආණ්ඩුව බෙදුම්වාදය කරා යොමුකිරීමට උත්සාහ කරන පඬියකු පවසා තිබිණි. මෙවැනි පුද්ගලයන් විශාල පිරිසක් අද ආණ්ඩුවට එකතු වී ඇත. ඔවුන් මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, උපදේශකවරුන්, සංස්ථා නිලධාරීන් ආදීන් අතර දැකගත හැකි ය. මොවුහු ඇතැමෙක් එ ජා පාක්‍ෂිකයෝ වූහ. තවත් සමහරු මාක්ස්වාදීන් වෙමින් දෙමළ ජාතිවාදීහු වූහ. දෙමළ ජාතිකත්වය උඩ නොමග ගොස් දෙමළ ජාතිවාදීන් වූ කරුණා වැන්නන්ට කරුණු අවබෝධ වූ පසු ඔවුන් දේශප්‍රේමීන් වීමට ඉඩ ඇතත් මාක්ස්වාදී ස්ථාවරයක සිට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවූවන් මාක්ස්වාදය මුළුමනින් ම අත්නොහැරියහොත් කිසි දිනෙක සිංහල බෞද්ධ විරෝධී කසිකබල් ජාත්‍යන්තරවාදය අත් නොහරිනු ඇත. අර තානාපති පඬියා බටහිර රටක සිට කියන්නේ බටහිර රටවල ගෞරවයට පාත්‍රවීමට නම් ආණ්ඩුව සිංහල ජාතිකත්වයෙන් බැහැරවිය යුතු බව ය. ඔවුන් ආණ්ඩුවට කියන්නේ බටහිර රටවලට තේරෙන අයුරින් ආණ්ඩුව සිංහල ජාතිකත්වයේ නොමැති බව ඊනියා තර්කානුකූල ව කීමෙන් පමණක් අපට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බටහිරයන්ගේ මුඩුක්කුවල තැනක් ලබාගත හැකි බව ය. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබූ පඬියන්ගෙන් පිරුණු අපේ විදේශ අමාත්‍යංශයෙන් හෝ අර පඬියා වැනි ශාස්ත්‍රාලයෙන් හෝ බිහි කෙරුණු තානාපතිවරුන්ට වඩා බටහිරයන්ට “තේරෙන බසින්” අපට අවශ්‍ය දේ “සුද්ද සිංහලෙන්”් කියා දුන්නේ හමුදාවෙන් බිහිවුණු ශවේන්ද්‍ර සිල්වා මහතා යැයි සිතමි. අප බටහිර සංසදවල කිව යුත්තේ අපට අවශ්‍ය දේ මිස බටහිරයන්ට අවශ්‍ය දේ නො වේ. අප ඒ කිව යුත්තේ බටහිරයන්ගේ දේශපාලන ප්‍රවාදවලට අනුකුලව නොව අපේ දේශපාලන ප්‍රවාදවලට අනුකූලව ය. අද අපට අවශ්‍ය තව තවත් “හමුදා තානාපතිවරුන්” මිස පඬි තානාපතිවරුන් නො වේ. බටහිරයන් කෙතරම් තර්කය ගැන කතාකළත් ඔවුහු තර්කයට සවන් නොදෙති. ඔවුන් සවන් දෙන්නේ යම්කිසි ආකාරයක ශක්තියකට පමණකි. එහෙත් ආණ්ඩුව ඒ බව තේරුම් ගෙන නැත.

මෙරට පසුගිය තිස්වසරක ජාතික ව්‍යාපාරයෙන් කෙරුණු ප්‍රධාන කටයුත්තක් නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවට හා පරාජය කළ යුතු බවට මතයක් ඇති කිරීම ය. අර පඬියන්, විවිධ හාංසිපුටු යුද විශේෂඥයන් කොටි ඉතා බලවත්බවත් ප්‍රභාකරන් අති දක්‍ෂ යුද සෙන්පතියකු බවත් දෙමළ ජනතාවට සිදු වී ඇති ඊනියා අසාධාරණකම් සාකච්ඡ්වෙන් පමණක් විසඳාගත හැකි බවත් ඊනියා ජාත්‍යන්තරයට අනුව යමින් කියද්දී එය එසේ නොවන බව කියා සිටියේ මෙරට ජාතික ව්‍යාපාරය ය. ජේ ආර් ගේ ව්‍යවස්ථාව අනුව සමානුපාතික ක්‍රමය යටතේ කිසිම පක්‍ෂයකට තුනෙන් දෙකක බලයක් ගත නොහැකි බව අංකගණිතයවත් හරිහැටි නොදත් ඊනියා දේශපාලන විද්‍යාඥයන් කියා සිටිය දී 75%ක් පමණ වූ සිංහලයන්ගේ ඡන්දවලින් 80%ක් පමණ ගෙන ප්‍රසාද ආසන ද සහිතව තුනෙන් දෙකේ බලයක් ගතහැකි බව පෙන්වා දෙනු ලැබුයේ ජාතික ව්‍යාපාරය විසිනි. අද ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය සිංහලයන් එකමුතු කර ඇත. සිංහලයන්ගෙන් 75%ක ප්‍රමාණයක් සංධානයට ඡන්දය දෙති. සංධානයට සිංහලයන්ට කිවහැකි පණිවුඩයක් ඇත. ඒ ජාතිකත්වය පිළිබඳ ව වූවකි. මහනුවර, නුවරඑළිය වැනි බල ප්‍රදේශවල ද එ ජා පක්‍ෂය පැරදෙන්නේ සිංහලයන් එකතුකළ ශ්‍රී ල නි පක්‍ෂය අද දෙමළ හා මුස්ලිම් ජනකොටස් ද එකතුකරමින් සිටින බැවිනි. මේ භවයේ පමණක් නොව සංසාරයේ කිසිම දිනෙක බුද්ධිමත් ප්‍රකාශයක් කර ඇතැයි සිතිය නොහැකි තිස්ස අත්තනායක කොළඹ ඊනියා ජයග්‍රහණයෙන් උදම් වී එ ජා ප නැවතත් බලයට ඒම අරඹා ඇතැයි කියා තිබේ. එහෙත් සිදු වී ඇත්තේ එ ජා පක්‍ෂය කොළඹින් ද පරාජය වීම අරඹා ඇති බව ය. කොළඹ මුළු ආසන සංඛ්‍යාව වූ 53න් එ ජා පක්‍ෂයට ලැබී ඇත්තේ හරි අඩකට අඩු ආසන 24කි. එය ජයග්‍රහණයක ඇරඹුමක් තබා එ ජා පක්‍ෂ පල්ලම් ගමනේ අම්බලමක්වත් නො වේ. කොළඹ සිංහල ජනතාවගේ ප්‍රතිශතය 35%ට අඩු ය. ඉන් සියයට 80ක් සංධානයට ඡන්දය දුන්න ද ඒ පක්‍ෂයට ලැබෙන්නේ 28%කි. එහෙත් කොළඹ වාසය කරන සිංහලයන්ගෙන් 80%ක් සංධානයට ඡන්දය දෙතැයි සිතිය නො හැකි ය. එසේ නම් ඉන් කියැවෙන්නේ සංධානයට දෙමළ හා මුස්ලිම් ජනයා ද ආකර්ෂණය වෙමින් පවතින බව ය. එය විය යුත්තකි. ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානය පළමුව සිංහල බෞද්ධයන් ද දෙවනුව සිංහල ක්‍රිස්තියානින් ද ජාතිකත්වය මත එකතු කර ඇත. දැන් ඒ පක්‍ෂය ජාතිකත්වය මත පදනම් වී දෙමළ හා මුස්ලිම් ජනයා ද එකතු කරමින් සිටී. ඒ ජාතිකත්වය ඊනියා ශ්‍රී ලාංකික ජාතිකත්වයක් නොවන බව අවධාරණය කළ යුතු ය. සංධානයට ඡන්ද අදින කෙක්ක අන් කිසිවක් නොව ජාතිකත්වයයි. ඒ නියෝජනය කරන්නේ ජනාධිපතිතුමා මිස අන් කිසිවකු නොවන බව අවධාරණය කළ යුතු ය. එ ජා පක්‍ෂයෙන් හෝ වෙනත් තැනකින් හෝ ශ්‍රී ල නි පක්‍ෂයට බැඳෙන අය ගෙනෙන ඡන්දයක් නැත. යම් ඡන්ද ප්‍රමාණයක් ගෙනාවත් ජනාධිපතිතුමා ගෙනෙන ඡන්ද ප්‍රමාණය සමග සැසඳූ කල ඒ නොගිණිය හැකි තරම් ය. ජනාධිපතිතුමාට ඡන්ද ඇදීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයට බාහිරෙන් පුද්ගලයන් ආනයනය කිරීමට අවශ්‍ය නො වේ. භාරත ලක්‍ෂමන් මහතා මුළුමනින් ම ජාතිකත්වයෙහි නො සිටියේ ය. එහෙත් ඔහු වෙනුවට කෙනකු අවශ්‍ය වී නම් ඒ ඔහුට වඩා ජාතිකත්වයට බර අයකු විය යුතුව තිබිණි. ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය තමන්ට ඇති ජනප්‍රසාදය නැතිකර නොගත යුතු ය. අද කළ යුත්තේ බටහිර කඩාවැටීම ජනතාවට පෙනෙන තෙක් ජාතිකත්වය මත රඳා පවතිමින් යම් ආකාරයක සංවර්ධනයක් (එය අපට අද නොගැලපුනත්) ඇති කර ගැනීම ය.