Main Logo

Monday 31 December 2018

පෙරමුණ ගැන තවදුරටත්


පෙරමුණ ගැන තවදුරටත්



මා හිතනවා ඊයේ පළ කළ අදහස් තවදුරටත් විස්තර කළ යුතු ය කියා. ඇතැමුන් ලිපියක වචනයක් හරි වාක්‍යයක් හරි අල්ල ගෙන ඒ ගැන කතා කරන්නේ වෙනත් අරමුණු සහිත ව. මා දැන් සාමූහික වැඩවල නිරත වන්නේ නැහැ. ජාතිකවාදීන් අතරත් ඒ ඒ අයට විවිධ න්‍යාය පත්‍ර තියෙනවා. ජාතිකවාදී කඳවුරෙන් මා පිටමං කිරීමට වෙහෙස දරන අයත් ඉන්නවා. මා ජාතිකවාදී මතවාදයක හිටියත් ඉන්නේ පිටස්තරයකු ලෙස. මා පිටස්තරයකු කෙළේ ජාතිකවාදීන් ම මිස වෙනත් අය නො වෙයි. මා ජනමාධ්‍යයෙන් ඉවත් කිරීමට මුල් වූයේත් ජාතිකවාදීන් හා ඊනියා ජනතාවාදීන්. 

Sunday 30 December 2018

රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත් සුමන්තිරන්ගෙ ආණ්ඩුව


රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත් සුමන්තිරන්ගෙ ආණ්ඩුව



රනිල් උපාසක මහත්තයා දළදා මාළිගාවට ගිහින්. ඔහු නිළමෙළාත් එක්ක පින්තුරෙකුත් අරගෙන. රනිල්ට ඕන කෙනකු එක්ක පින්තූර ගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් නිළමෙළා පිරිවරාගෙන පින්තූර ගන්නෙ රාජ්‍ය නායකයා. මට සුභ සහ යස සිහිවෙනවා. කවටකමට හරිි රජ්ජුරුවන්ට අඳින එක හොඳ වැඩක් නො වෙයි. රනිල් අනුරාධපුරෙත් ගිහින්. ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිවුරු පූජා කරලා. තම හිසින් බෝධීන් වහන්සේ ස්පර්ශ කරලා. රනිල් දැන් වයසට ගිහින් ද? වයසට යන විටත් පරලොව මතක් වන විටත් මිනිසුන් ඔහොම හැසිරෙනවා. ඒත් රනිල්ගෙ සංස්කෘතිය මොකක් ද? රනිල්ට අවශ්‍ය තමන් සිංහල බෞද්ධ සංස්කෘතියෙ ආරක්‍ෂකයා කියල පෙන්නන්න ද?

Saturday 29 December 2018

සිංහලේ එක්සේසත් කළේ කවුද


සිංහලේ එක්සේසත් කළේ කවුද



මේ රටේ ඉතිහාසය ඉගැන්වීමටත් ඉතිහාසයක් තියෙනවා. ඈත අතීතයේ ඉතිහාසය පදනම් වුණෙ ජනකතා (ජනප්‍රවාද, ඊනියා ජනශ්‍රැතිය) වංශකතා සෙල්ලිපි ආදිය මත. ඉතිහාසය ඉගෙනීමට සිදුවන්නේ වර්තමානයෙ. එහෙත් එදා වර්තමානය අද අතීතය වෙලා. බටහිර ගණිතයත් භෞතික විද්‍යාවත් සාපේක්‍ෂ වන විට ඉතිහාසය සාපේක්‍ෂ නොවී සිටින්නේ නැහැ. ඉතිහාසය කියන්නෙත් අනෙක් සියල්ල වගේ ම මිනිසුන්ගෙ නිර්මාණයක්. අද අප ඉතිහාසය නිර්මාණය කිරීමේ දී සමහරවිට පැරණි ඉතිහාස කතාවලට නව අර්ථකථන දෙනවා. ඉතිහාසයකට වඩා ඉතිහාස තියෙනවා කියල කිව්වොත් නිවැරදියි. 

Friday 28 December 2018

දහනවය කුමක් සඳහා ද? රාජ්‍ය ඇමතින් වලංගු නැහැ


දහනවය කුමක් සඳහා ද? රාජ්‍ය ඇමතින් වලංගු නැහැ



මා හිතන්නේ මේ වන විට රනිල් සුමන්තිරන් හා අනුර දාසනායක ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද යන්න පැහැදිලියි. ඒ අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කර දැමීමයි, නැති කරන්න බැරි නම් ඒ තව තවත් දුර්වල කිරීමයි. ඔවුන් පිටුපස සිටින්නේ බටහිර රටවල් හා ඉන්දියාවයි. රනිල් කල්ලිය පවතින්නේ ඒ රටවල ආධාරයෙන් හා අනුග්‍රහයෙන්. ඔවුන් වෙනුවෙන් ඊනියා මානව හිමිකම් අයිතිකරුවන් සිවල් සාමාජිකයන් හා තවත් අය කටයුතු කරනවා. ඔවුන්ගේ බයිලාව තමයි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ඇති බවත් එය බිඳ දැමිය යුතු බවත්. ඒ බයිලාවත් ඔවුන්ගේ ම නිර්මාණයක් නො වෙයි. එයත් බටහිරයන් ම ඔවුන්ට ලබා දෙන්නක්. මේ සිවල් සාමාජිකයන් ආදීන්ට කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැහැ. ඔවුන් තුට්ටු දෙකේ අනුකාරකයන් පමණයි.

Thursday 27 December 2018

සුමන්තිරන්ගෙ මඩකලපු කතාව


සුමන්තිරන්ගෙ මඩකලපු කතාව



සුමන්තිරන් මඩකලපු ගිහිල්ල. හිටපු මන්ත්‍රි ජෝසෆ් පරරාජසිංහම් සිහිකරන්න. කතෝලිකයකු වූ පරරාජසිංහම් 2005 නත්තල් දිනයේ දී පල්ලියේ දී  ඝාතනය කරනු ලැබුයේ කවුරුන් විසින් දැයි 2015 පත් වූ බයිලා රනිල්ගේ ආණ්ඩුවත් දන්නෙ නැහැ. කරුණා ඝාතනය පිටුපස සිටින බව තමයි ඇතැමුන්  පතුරවා තියෙන මතය. 2015න් පසුව කිහිප දෙනකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා.  ඒ අතර පිල්ලෙයානුත් හිටියා.  කොටි ත්‍රස්තවාදීන් පරරාජසිංහම් මහාවීර් කෙනකු කළා. ඔහුගේ භාර්යාව පසුව කැනඩාවේ විසා ගත්තත් එහි සරණාගතයකු වීමට ඉල්ලුම් කළ අවස්ථාවේ පරීක්‍ෂණයකින් පසු ත්‍රස්තවාදිනියක ලෙස නම් කෙරි රටින් පිට කිරීමට නියෝග කෙරුණා. එහෙත් ඉන් පසුවත් ඇය කැනඩාවේ රැඳී සිටියා.  එහෙම වුණෙ කොහොමද කියලා සුමන්තිරන් කියනවා ද?

Wednesday 26 December 2018

උතුරේ ගංවතුර





මා දෙරණට ගියා. එහි දී උතුරේ ගංවතුර ගැන මා නැගූ කෙටි ප්‍රශ්න තුනක්. 





උතුරු පළාතෙ ගංවතුර සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්


උතුරු පළාතෙ ගංවතුර සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්



උතුරු පළාත ම වගේ ගංවතුරෙන් යටවෙලා. දසදහස් ගණනක් අනාථ වෙලා. ඔවුන් ඉන්නෙ කඳවුරුවල. හමුදාවේ රැකවරණය ඇතිව වුවත් හමුදා කඳවුරුවල නොවෙයි. මේ ජනයා මුළුමනින් ම මෙන් දෙමළ කතා කරන්නන්. ස්වාභාවික ආපදා කියන ඒව එන්නෙ කලින් දැනුම් දීල නො වෙයි. ආපදාවන්ට ගොදුරු වූ අයට අනෙක් අයගෙ උදවු උපකාර අවශ්‍යයයි. මා හිතන්නෙ සෑහෙන ප්‍රමාණයක් උදවු උපකාර කිරීමට කටයුතු කළා කියලයි. ගංවතුරු උවදුර පහව යන තෙක් ම ආපදාවන්ට ලක් වූවන් රැක බලා ගැනීම අපේ යුතුකමක්. 

Tuesday 25 December 2018

පේරාදෙණි ගුරුකුලය


පේරාදෙණි ගුරුකුලය



පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම කියල පොතක් කියෙව්ව. පිටු හයසිය ගණනක් ඇති ඒ පොත ලියල තියෙන්නෙ සේන තෝරදෙනිය. පොතේ දත්ත රාශියක් තියෙනවා. මුලාශ්‍රත් දක්වල තියෙනවා. බොහොම මහන්සි වෙලා කරපු වැඩක්. පොතේ කියන විධියට කතුවරයා මට අවුරුදු දෙකකට කලින් පේරාදෙණියට ගිහින් තියෙන්නෙ. මා පේරාදෙණියෙ ඉගෙන ගත්තෙ එක වසරයි. ඒ කොළඹට එන්න වුණු නිසා. ඒ කාලෙ එක විශ්වවිද්‍යාලයයි තිබුණෙ. ඒ ලංකා විශ්වවිද්‍යාලය. පේරාදෙණියෙ විද්‍යා පීඨයට කිව්වෙ දෙවැනි විද්‍යා පීඨය කියලා. මා පසුව අවුරුදු අටක් පමණ එහි ඉගැන්නුවා. ඒ කාලෙ කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල දෙකක් බවට පත් වුණා. දෙවැනි වතාවෙ පේරාදෙණියෙ මට පත්වීමක් දුන්නෙ නැහැ. ඒ වන විට විශ්වවිද්‍යාල මණ්ඩප වෙලා. දැන් අප ඉගෙන ගත් ලංකා විශ්වවිද්‍යාලය නැහැ. අප දැන් නැති විශ්වවිද්‍යාලයක උපාධිධාරීන්. මා උපාධි සහතිකය ගත්තෙත් නැහැ. මා හිතන්නෙ ලංකා විශ්වවිද්‍යාලෙ වාර්තා තියෙන්නෙ පේරාදෙණියෙ කියලයි. ඒත් කොළඹත් තම උරුමය අත් හරින්නෙ නැහැ. මා නම් මේ සියලු උරුම අත්හැරලා. ඒ අයත් මා අත්හැරලා. මට විශ්වවිද්‍යාලයෙන් ලැබුණෙ භාර්යාව විතරයි.  

Monday 24 December 2018

ඇමති පෙරේතයෝ


ඇමති පෙරේතයෝ



ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න බැරි නම් අඩුම තරමෙන් ඇමති ධුර දෙකක්වත් වැඩි කර ගන්න අද රනිල් හා පිරිස කටයුතු කරන බව පේනවා. ජනතාවට සේවය කිරීමට මෙතරම් උනන්දුවක් දක්වන පිරිසක් රටේ සිටීම අපේ ලොකු භාග්‍යයක් වෙන්න ඕන. දැන්වත් පැහැදිලි වෙන්න ඕන ඊනියා ජාතික ආණ්ඩු හදන්නෙ එංගලන්තෙ වගේ යුද්ධ කාලවල එකතු වෙලා රට රකින්න නොවෙයි ඇමතිකම් වැඩි කර ගන්න කියන එක.

Sunday 23 December 2018

අධිකරණය සහ ජාතික ආණ්ඩු, රාජ්‍ය ඇමතිවරු, මහින්ද

අධිකරණය සහ ජාතික ආණ්ඩු, රාජ්‍ය ඇමතිවරු, මහින්ද  


අද රනිල්ගේ ආණ්ඩුව ඉන්නෙ අර්බුදයක. ඔවුන්ට ඇමති මණ්ඩලය තිහකට සීමා කරන්න බැහැ. ජනතාවට සේවය කරන්න කියමින් ඇමති ධුර ඉල්ලන බොහෝ අය ඉන්නවා. රනිල් ඔවුන්ට ඇමතිකම් දෙන්න ඕන. එය කළ හැක්කේ ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණයි. ඊනියා ජාතික ආණ්ඩුවක් කියන්නෙ සභාග ආණ්ඩුවක්. ඒකට සභාග ආණ්ඩුවක් කියන්නෙ නැතිව ප්‍රෝඩාතන්ත්‍රවාදී දහනවවැනි සංශෝධනයෙන් ඊනියා ජාතික ආණ්ඩුවක් කිව්වෙ තමන් සාමාන්‍ය ආණ්ඩුවක නම් මන්ත්‍රී සංඛ්‍යාව තිහට සීමා කරන බව කීමටත් අනෙක් පැත්තෙන් ජනතාවගේ ඇස්වලට වැලි ගසා ඇමති සංඛ්‍යාව තිහට වැඩි කර ගැනීමටත්.

Saturday 22 December 2018

විජාතික සැලසුම් හා මහින්ද


විජාතික සැලසුම් හා මහින්ද



රටට විරුද්ධව රණවිරුවන්ට විරුද්ධව සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිරයන් සමග එක් වී ජෙනීවාහි දී යෝජනා සම්මත කර ගත් මංගල සමරවීර ඊයේ තෙල් මිල අඩු කරළා. ඒ ගැන ඔහුගේ ම වල්ලේ පොලක් වූ රනිල් පාර්ලිමේන්තුවේ කතාවකුත් කරලා. අද නැවතත් රට ආණ්ඩු කරන විජාතික, සිංහල බෞද්ධ නොවන සංස්කෘතියකට අයත් පිරිසකට වුවත් මිනිසුනට සහනයක් දෙන්න සිද්ධ වෙලා.

Friday 21 December 2018

ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු


ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු





වජිර අබේවර්ධන ඇමතිවරයකු කියලයි කියන්නෙ. එහෙත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙ නැති පාටයි. ඇමතිවරුන් මන්ත්‍රීවරුන් කී දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග  කියවා ඇත් ද යන්න ප්‍රශ්නයක්. අද එ ජා පෙරමුණට ඇමතිවරුන් සංඛ්‍යාව තිස් දෙනකුට වඩා වැඩි කරන්න අවශ්‍ය වෙලා. අද එ ජා පෙරමුණේ හා ඔවුන් වටා සිටින අයගේ ඒකායන බලාපෙරොත්තුව ඇමතිවරුන් තිස් දෙනකුට වඩා පත් කරන්න.

Thursday 20 December 2018

උත්සන්න වී ඇති මහින්ද විරෝධය


උත්සන්න වී ඇති මහින්ද විරෝධය





මහින්ද විරෝධය දැන් උමතු තත්වයකට පත් වෙලා. මා කිසිසේත් ම මහින්දවාදියකු නො වෙයි. පසුගිය කාලයේ මහින්දවාදීන් මට කීවේ සිරිජාතිකවාදියා කියා. සමහරවිට දැනුත් එසේ කියනවා ඇති. ඔවුන් සමහරකුට අනුව මා ඩොලර්වලට වැඩ කරන්නෙක්. මා ඩොලර් අරන් හොඳට හිටපු මහින්ද මහත්තය අමාරුවෙ දාලා. මහින්දට ජනාධිපතිකමත් අගමැතිකමත් දැන් විපක්‍ෂ නායකකමත් නැති කරන්නෙ මා යැයි ඔවුන් කීවොත් මා පුදුම වන්නේ නැහැ. එසේ වුවත් අද සිංහලයන්ට පැහැදිලි විය යුතුයි මහින්දට විරුද්ධව වැඩ කරන්නෙ කවුද කියන එක. මට අවශ්‍ය වූයේ මහින්දගේ ශක්තිය මෛත්‍රිපාලට ලබා දී රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. එය යම් ප්‍රමාණයකට සාර්ථක වුණා. රනිල් අද බෙලහීන අගමැති කෙනෙක්.

Wednesday 19 December 2018

අනේ කිරිඇල්ල අහෝ සුමන්තිරන්


අනේ කිරිඇල්ල අහෝ සුමන්තිරන්



මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක වීම සුමන්තිරන්ට කිරිඇල්ලට හා තවත් අයට හිසරදයක් වීම තේරුම් ගන්න පුළුවන්. මා ඊයේ සඳහන් කළ ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් වෙනවා. එවිට රනිල්ගේ ඒකාධිකාරය යම් දුරකට නමුත් කැඩෙනවා. ඊනියා ස්වාධීන කොමිෂන් සභාවලත් සංයුතිය රනිල්ට ඕන විධියට සකස් කර ගන්න බැරි වේවි. කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී පඩි පෙළේ නීතිිඥයන් ගැන කතා කළා. ඔහු මොන නීතිඥයකු ද කියා දැන ගන්න විධියක් නැහැ. ඔහු දිනපු නඩු කීයක් තියෙනවා ද කියා දන්නේ නැහැ. ඔහු සාමාන්‍ය පෙළ සමත් වූයේ පාසලෙන් අස්වීමෙන් පසුව ද? මා මේ ප්‍රශ්න නගන්නේ ඔහු කවර අන්දමේ නීතිඥයකු ද කියා දැන ගැනීමට. ඔහු අර කට කැඩිච්ච කතා කියන්නේ නැත්නම් මා මේ ප්‍රශ්න නගන්නේ නැහැ.

Tuesday 18 December 2018

රනිල්ගේ බංකොළොත් වෑයම


රනිල්ගේ බංකොළොත් වෑයම



රනිල් ඊයේ ඊනියා යුක්තියේ ජයග්‍රහණ රැළියේ දී මෛත්‍රිපාලටත් මහින්දටත් පිළිතුරු දෙන්න හැදුවා. එහෙත් ඒ අසාර්ථක වුණා. රනිල් ළඟින් වාඩි කරව ගෙන මෛත්‍රිපාල කළ චෝදනා එකකටවත් රනිල්ට උත්තර දෙන්න බැරි වුණා. ඒකෙනුත් තේරෙන්නෙ රනිල්ගෙ මහත්මා ගුණය කියා ඔහුගෙ හෙංචයියන් හා හෙංචක්කලා කියාවි. රනිල් බැඳුම්කරය ගැන රණවිරු දඩයම ගැන භික්‍ෂූන් වහන්සේ සිරගත කිරීම ගැන සහ මෛත්‍රිපාල මතක් කළ තවත් බොහෝ දේ ගැන නිසි පිළිතුරක් දුන්නෙ නැහැ. ඔහු ටිකක්වත් කතා කෙළේ අධිකරණයේ සවාධීනත්වය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පරමාධිපත්‍යය ගැනයි. ඔහුගේ කතාව සුපුරුදු පරිදි හිනා නොයන විහිළුවලින් සමන්විත වුණා. ඔහුගේ කතා ලියන්නේ කවුද කියල දැනගන්න එක වටිනවා.

Monday 17 December 2018

රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර ම යවමු


රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර  යවමු



රනිල් පස්වැනි වතාවටත් අගමැති වෙලා. ඒක ලෝක වාර්තාවක්ලු. අපට තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න පුළුවන්. ඒ රනිල් පස්වැනි වතාවටත් අගමැති කමෙන් ඉවත් කරලා. ඒත් මේ ගමන ඉවත් කරන්නෙ හයවැනි වතාවකට අගමැති වෙන්න එහෙම නම් නො වෙයි.  රනිල් දිවුරුම් දුන්නට පස්සෙ හොඳ කතා දෙකක් කෙරිල. එකක් කොළඹ ජනාධිපති කාර්යාලයෙදි. අනෙක තංගල්ලෙදි. කොළඹ කතාවෙ දී ජනාධිපති සිරිසේන රනිල් ඉස්සරහින් තියාගෙන රනිල්ගෙ ප්‍රෝඩාතන්ත්‍රවාදය, රට බෙදීම හා රට විකිණීම ගැන කියලා. රනිල් මොනව කියන්න ද? ඒත් දෙරණෙ චතුර නම් කීවෙ රනිල් පරිණත ව හිතන්න ඇතිලු ඒ චෝදනා ජනාධිපති ම ගන්න කියලා. දෙරණ හිරු ආදී නාළිකා පළමුවෙන් බලන්නෙ රට ගැන නොවෙයි තමන්ගෙ පැවැත්ම ගැන.

Sunday 16 December 2018

රනිල්



රනිල් අගමැති ධුරයට පත් නොකළ යුතුයි. 

ඔහු ජනාධිපතිනියට/ජනාධිපතිට පාර්ලිමෙන්තුවට නොදන්වා රටට අහිතකර දේ කර ඇත්තෙක්.

විකල්ප ඉල්ලන පඬියන්ට මගේ කාලය ලිපිවල විකල්ප කියා ඇති.

අතුරු මිතුරු


අතුරු මිතුරු



මහින්ද රාජපක්‍ෂ ඊයේ අගමැති ධුරයෙන් අස්වීම නිසා බොහෝ දෙනකුට 2015 ජනවාරි 9 මතක් වුණා. බොහෝ දෙනකු මහින්ද අස්වීමේ ලිපිය අත්සන් කරනු බලා සිටියේ ජනවාරි 9 මතක් කරමින්. අස්වීමේ ලිපිය අත්සන් කිරීමට නැකතක් තිබුණා ද කියා මා දන්නේ නැහැ. නැකතක් තිබුණා නම් ඒ ආපසු ඒමේ ද නැකතක් වෙන්න ඕන. බටහිරයන්ට තම ඓතිහාසික ග්‍රීක  කතා අමතක වුවත් මහින්ද ගැන නොදන්නා දෙයක් කියන්න තියෙනවා. ඒ ඔහු ජනතාවගෙන් ශක්තිය ලබන්නකු බව. ඔහු ජනතාව වෙතට හෙළන්න. ඔහු හිටියාට වඩා ශක්තියකින් නැගී සිටිනවා. බටහිර හා ඉන්දීය විජාතික බලවේග 2015 ජනවාරියේ දී ඔහු මැදමූලනට දැමුවේ නැවත නොඒවිය කියා. එහෙත් මසක් ඇතුළත පෙබරවාරිය වන විට ඔහු හිටියාට වඩා ශක්තියකින් ආපසු ඇවිත්. මහින්දගේ ශක්තිය ඇත්තේ ජනතාව ළඟ. ඊයේ ඔහු ආපසු ජනතාව වෙත ගියා. ඔහුට අද ම ජනතාවගේ ශක්තිය හිටියාට වඩා ලැබෙනවා.

Saturday 15 December 2018

ජනාධිපතිට ඇති විකල්ප


ජනාධිපතිට ඇති විකල්ප



දින පනහකට පසුව මහින්ද අද අගමැති ධුරයෙන් ඉවත් වන බව කියනවා. එහෙත් එය එසේ සිදු  විය යුතුව තිබුණේ නැහැ. ඊයේ සිට මට විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබෙනවා තව මාස කිහිපයකින් බලයට එන්න හිටි මහින්ද මහත්තය ව අමාරුවෙ දැමීම පිළිබඳ කුණුහරුපයෙන් බැනලා. මගේ කුලය ගැනත් සඳහන් කරනවා. රනිල්ලා හා බටහිරයන් මට දුන් ඩොලර් ගැනත් ප්‍රශ්න කරනවා. ඒ කුණුහරුපවලින් මා සැලෙන්නේ නැහැ. ලංකාවේ උභයකුල පාරිශුද්ධ අය කී දෙනකු ඉන්නවා ද කියා මා දන්නේ නැහැ.

Friday 14 December 2018

ජාතික විජාතික ගැටුම


ජාතික විජාතික ගැටුම



බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික බලවේග තාවකාලික ව  ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක ඉතිහාසය  මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව මිස ඊනියා පංති සටනක කතාවක් නො වෙයි. එය ජාතික බලවේගවල ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමේ කාර්යභාරය අප වෙත පැවරී තිබෙනවා.

Thursday 13 December 2018

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව හා මහින්ද



ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව හා මහින්ද

ශ්‍රෙෂ්ඨාධිකරණ  තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදි යැයි තීරණය වුවත් එයින් මහින්දගේ අගමැති ධුරයට ප්‍රශ්නයක නැහැ. ඔහු තවදුරටත් අගමැති. එමෙන් ම ඇමති මණ්ඩලය ද තවදුරටත් ඇමතිවරු. එබැවින් මහින්ද හෝ ඇමතිවරුන් හෝ අස්වීම පිලිබඳ ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. 

රනිල් පිටුපස විජාතික බලවේග


රනිල් පිටුපස විජාතික බලවේග



රනිල් අගමැති වීමට පක්‍ෂපාතීත්වය දක්වන යෝජනාවක් ඊයේ දියවන්නා කෝළමේ සම්මත වෙලා. යෝජනාව ගෙනාවේ සජිත් ප්‍රේමදාස. සජිත්ගෙ තාත්තට විරුද්ධ දෝෂාභියෝගෙ ගෙනාවෙ රනිල් ඇතුලු පිරිසක්. ඉතා පැහැදිලිව ඊයේ යෝජනාව සජිත් ලව්ව ගෙන්නවලා.  එ ජා පෙ  අර්බුදයක ඉන්න බව පැහැදිලියි. සජිත් මෙවරත් නායක සටනින් පරාදයි. රනිල් පක්‍ෂය දැතුළෙ බලවත් වෙලා. රනිල්ට ඕන නැවතත් අගමැති වෙන්න.

Wednesday 12 December 2018

සාමූහික ක්‍රියා



සාමූහික ක්‍රියා


මින් පසු සාමූහික ක්‍රියාවන්ගෙන් සමු ගන්නා බැවින් මුහුණු පොතේ ඇතැම් මිතුරන් නොමිතුරන් කළා. 

කිසිවකු මගේ මතවාද වෙනුවෙන් පෙනී සිටින්නේ, කැප වන්නේ නැහැ. එසේ කරන්නේ යැයි  පවසන්නේ ඒ මතවාද යම් අයුරකින් තමන්ගේ මතවාද බවට පත් කර ගත් අයයි. 

පරමාධිපත්‍යය ජනතාවට ද දෙවියන් වහන්සේට ද?


පරමාධිපත්‍යය ජනතාවට ද දෙවියන් වහන්සේට ද?



බටහිර ව්‍යවස්ථා අනුව සම්පාදනය කර ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් ම ව්‍යවස්ථා (වගන්ති ) තුනක් වනුයේ පළමුවැනි දෙවැනි හා තුන්වැනි ව්‍යවස්ථායි. අපේ මතකය අලුත් කර ගැනීමට ඒ ව්‍යවස්ථා නැවතත් සඳහන් කරනවා.

1.ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

2.ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

3.ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.

විශ්වකර්ම රූහඬ පටය



විශ්වකර්ම  රූහඬ පටය




විශ්වකර්ම දැනුම පිළිබඳ තුන්වැනි රූහඬ පටය සබැඳිය


https://youtu.be/U2Ay6ohRJIg

Tuesday 11 December 2018

වැඩ මැද උසාවි වැඩිි අමිල හාමුදුරුවො


වැඩ මැද උසාවි වැඩිි අමිල හාමුදුරුවො



මහින්ද අගමැති හැටියට පත් කරලා දවස් හතළිස්පහක් ගත වුණාට පස්සෙ දඹරාවෙ අමිල හාමුදුරුවො උසාවියට වැඩම කරලා පත්කිරීමට විරුද්ධ ව නඩුවක් දාන්න. උන්වහන්සේට සත්සතියක් ම ගත කරලා නඩුව දාන්න තිබුණා. ඒත් උසාවි නිවාඩුව කොහොම බලපාවි ද කියල හාමුදුරුවන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. දැන් ඉස්සර වගේ නොවෙයි උසාවි නිවාඩු දවස් ගැනත් හැමෝම දන්නවා.

Monday 10 December 2018

එ ජා පෙරමුණේ පරාජය


එ ජා පෙරමුණේ පරාජය



එ ජා පෙරමුණට දෙමළ ජාතික සංධානයට හා  ඔවුන්ගේ අතවැසි ජ වි පෙරමුණට දැන් ඉතිරි ව ඇත්තේ බටහිරයන්ගේ පිහිට පමණයි. අද ඔවුන් ගඩාෆිට වුණු දේ ගැන කතා කරන්නෙ වෙනත් ක්‍රමයක් නැති නිසයි. අනුර කුමාර පාර්ලිමේන්තුවේ රනිල් මහින්ද හමුවක් ගැන කියන්නේ ලොකු දෙයක් සොයා ගත් ආකාරයටයි. මේ නිකම් පොඩි ළමයින්ගෙ කතා. අනුර හා රනිල් පාර්ලිමේන්තුවේ දි එකිනෙකා දැක්ක ම අහක බලන් යනවා ද? අරාබි වසන්තය ගැන අදහස නම් බටහිරයන්ට 2015 මුල් කාලෙත් තිබුණා. අද එ ජා පෙරමුණ පාරෙ මැරෙන්න සූදානම් වෙන්නෙ ඔවුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා.

Sunday 9 December 2018

පරමාධිපත්‍යය, රනිල් හා මහින්ද


පරමාධිපත්‍යය, රනිල් හා මහින්ද



ජනතාව යන්න වියුක්ත සංකල්පයක්. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටයි. නමුත් මේ ජනතාව කවුරුන් දැයි කිසිවකුටවත් පෙන්වන්න බැහැ.  අප සියල්ලන් ම ජනතාව. අපට පරමාධිපත්‍යය තියෙනවා. මතක තියාගන්න ජනාධිපතිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඒ පරමාධිපත්‍යය තිබෙනවා. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන්ටත් ඒ පරමාධිපත්‍යය තියෙනවා. එහෙත් අප සියල්ලන්ට ම ඇත්තේ සාමූහික පරමාධිපත්‍යයක්. ඡන්ද බලය හිමි එක්කෝටි පනස් ලක්‍ෂයක් ඉන්නවා නම් එක් එක් අයට පරමාධිපත්‍යයෙන් එක්කෝටි පනස් ලක්‍ෂයෙන් එක් කොටස බැගින් හිමි වෙන්නේ නැහැ.

Saturday 8 December 2018

අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද


අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද



පරමාධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම අපට බටහිරින් ලැබුූණු සංකල්පයක්. සඟ සසුනේ හැරෙන්න ලෝකයේ කිසිම කලක සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබී නැහැ. පැරණි ග්‍රීක පුර රාජ්‍යවල සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා යැයි කීවත් එහි වහලුන්ට හා ස්ත්‍රීන්ට ඒ කියන සාකච්ඡාවලට සහභාගි වීමට අවස්ථාව ලැබී නැහැ. කාට හරි කියන්න පුළුවන් වහලුන් අද අර්ථයෙන් පුරවැසියන් නොවීය කියා. ප්‍රශ්නයත් ඇත්තේ එතැනමයි. පුරවැසියා කවුද කියා තීරණය කරන්නේ කවුද? රෝමයේ නායකයන් ජනතාව ඇමතුවේ රෝමවරුනි රටවැසියනි (Romans and Countrymen) කියා. රෝමය නගරයක්. මෙහි කන්ට්‍රි කිව්වෙ නගරයෙන් පිට වැනි අර්ථයකින්. ඉතාලිය රටක් වුණේ බොහෝ කලකට පස්සෙ ගැරිබෝල්ඩි යටතේ එක්සත් කරනු ලැබීමෙන් පසුව.

Friday 7 December 2018

පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ


පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ



මා මෙහි මොනවා කිව්වත් ඉන් නඩුවලට වැඩක් නැති බව නොදන්නවා නො වෙයි. නඩුවල දී වැදගත් වන්නේ නීතිඥයන් ඉදිරිපත් කරන කරුණු. කොහොමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන එක හෙටට කල් දාලා. අපි එතෙක් බලා ඉමු. ඕනෑම තීන්දුවකට මුහුණ දීමට සූදානම් වෙමු. නඩු තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණයක් පවත්වන්නේ නම්  එක සංවිධානයකින් එක ලකුණක් යටතේ දිවයිනේ හැම දිස්ත්‍රික්කයකට ම තරග කරමු. ඇතැම් දිස්ත්‍රික්කයක වෙන වෙන ම තරග කිරීමෙන් වාසි අත්වන්නේ එ ජා පෙරමුණටයි. රනිල් අගමැති ධුරය දැරීම නතර කෙරුණේ මෛත්‍රිපාල මහින්ද එකතුවෙන්. මොන හේතුවකටවත් එය කඩන්න ඉඩ දෙන්න බැහැ. නූතන මොල්ලිගොඩලට 2018, 1818ක් කරන්න දෙන්න බැහැ.

Thursday 6 December 2018

ඕනෑම තීන්දුවකට ලැහැස්ති වෙමු.

ඕනෑම තීන්දුවකට ලැහැස්ති වෙමු.

සබැඳිය : 


https://youtu.be/dO4CmLlr6Xo


නඩු තීන්දු හා නොබෙල් තෑගි


නඩු තීන්දු හා නොබෙල් තෑගි



කරුණාරත්න ජයසූරියට නොබෙල් තෑග්ග දෙන්න යෝජනා වෙලා. ඒක නම් හොඳ අදහසක්. ඔහු ලෝක ඉතිහාසයේ නමක් තැබූ පුද්ගලයෙක්. ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් යැයි කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල වෘත්තියෙන් නීිතිඥයෙක්. එහෙත් ඔහු නඩු කතා කරන බවට එතරම් ප්‍රසිද්ධියක් නැහැ. ඒ කොහොම වුණත් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ කියා තිබෙනවා කරුණාරත්න ජයසූරිය අභියාචනාධිකරණය දුන් තීන්දුවක් කලින් ම දුන් පුද්ගලයෙකු ය කියා. මොන තරම් දෙයක් ද?

Wednesday 5 December 2018

රනිල්ගේ හතරවරන් දෙවියෝ


රනිල්ගේ හතරවරන් දෙවියෝ



බොහෝ කාලෙකට පෙර, අවුරුදු විසිපහකටත් ඉහත අප විසි දෙනකු පමණ නෝර්වේ තානාපති කාර්යාලය ඉදිරිපිට නෝර්වේ රාජ්‍යය සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ත්‍රස්තවාදීන්ට ආධාර කිරීමට එරෙහි ව උද්ඝෝෂණයක් පැවැත්තුව. එකල අද මුහුණු පොතේ සමහර වීරයන් ඉපදිලත් නැතිව ඇති. එකල කිසිම දේශපාලන පක්‍ෂයක් අපට ආධාර කරන්න හිතුවෙවත් නැහැ. දැනුත් නැහැ. මට මතකයි රාජ්‍ය නොවන සංවිධානයකින් ඇවිත් අපේ ඡයාරූප ගත්ත. ඒ අපට ඉන්නෙ ටික දෙනයි කියලා කියන්න. අද අපේ පැත්තෙ ඉන්න බොහෝ දෙනෙක් එදා අපට හිනහවුණා. ඔවුන්ට නිකමටවත් හිතා ගන්න  බැරි වුණා නොාර්වේ කොහොම ද කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරන්නෙ කියලා.

Tuesday 4 December 2018

A tale of two stay orders

A tale of two stay orders

The appeals court issued  a stay order on the 3rd of November preventing the Prime Minister Mahinda Rajapakse, the ministers, deputy ministers and state ministers  acting in their respective positions. The stay order will stay until the Appeals court delivers its judgment on the issue of a Quo Warranto writ. This does not mean that the Portfolios have been abolished as claimed by some former ministers of the UNF government. The appointment of the Prime Minister and the minsters is legal and has not been challenged and Mahinda Rajapakse remains the Prime Minister of the country.

පාර්ලිමේන්තුව විසුරවීම හා ඇමතිවරුන් විසිරීම

පාර්ලිමේන්තුව විසුරවීම හා ඇමතිවරුන් විසිරීම
                               
තවත් රැඳවීම් නියෝගයක් (stay order) දීල. ඒ ගමන අභියාචනාධිකරණයෙන්. මහින්දට හා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ට අගමැති ධුරයේ හා ඇමති ධුරවල කටයුතු කිරීම තාවකාලික ව ඇණහිටුවලා. ඔවුන්ට දැන් අමාත්‍ය මණ්ඩලය ලෙස රැස්වන්න බැහැ. ඇමතිවරුන් ලෙස වැඩ කරන්නත් බැහැ. එහෙත් ජනාධිපතිට ලේකම්වරුන් මගින් ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. රාජ්‍යයටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුව, රාජ්‍යය කියන්නේ එකක් නොව තුනක්. 

Monday 3 December 2018

පාර්ලිමේන්තුව ගොනාට ඇන්දවීම

පාර්ලිමේන්තුව ගොනාට ඇන්දවීම


සබැඳිය මෙතැනින් 

 https://youtu.be/lGRBMc2oPw8

විද්වත් කතා

විද්වත් කතා


අද සවස මරදානේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන ලෙස අද උදේ ගෙවිඳු කුමාරතුංගගෙන් ආරාධනයක් ලැබුණා. ඒ ඊනියා විද්වත් කතාවක් කිරීමට  නො වෙයි. සමහරවිට වේදිකාවේ අසුන් ගන්නලා ඊනියා විද්වත් කතාවලට සවන් දීමට සලස්වන්න වෙන්න පුළුවන්.

මුල අමතක නොකරමු


මුල අමතක නොකරමු



අද කෙරී ඇත්තේ මොකක් ද කියන එක දැන් බොහෝ දෙනාට අමතක වෙලා. හැමෝ ම වගේ කටින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් වෙලා. අපට සිහිවන්නේ කපුරුහාමිලා. අප කිසි විටෙකත් මුල අමතක කරන්න හොඳ නැහැ. මේ මුල කියන්නේ රේඛීය චින්තනයේ දැක්වෙන ඊනියා ආරම්භය නො වෙයි. අද ප්‍රශ්නයේ මුල ව්‍යවස්ථාවවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් නොවෙයි රනිල්ගෙන් රට ආරක්‍ෂා කිරීම. තව අවුරුදු එකහමාරක් හිටිය නම් මහින්දට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණත් වැඩක් නැහැ. ඒ වන විට රටෙන් කොටසක් විකුණලා, ඉතිරි කොටස දෙමළ ජාතිවාදීන්ට දීල. ඇතැම් වෙබ් අඩවි ව්‍යාජ ශීර්ෂ පාඨ යොදා පාඨකයන් මුළා කර මුදල් උපයනවා.

Sunday 2 December 2018

මඩකලපු පොලිස් ඝාතන


මඩකලපු පොලිස් ඝාතන



මඩකලපුවේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මරලා. කවුද මැරුවෙ කියන එක තවම හරියට දන්නෙ නැහැ. ඒක පෞද්ගලික කෝන්තරයක් කියලා හිතන්න අමාරුයි. එක් කොස්තාපල්වරයකු සිංහල අනෙක් අය දෙමළ. සිංහල දෙමළ කතාවක් නැතිව දෙදෙනා ම පොලීසියත් රටත් වෙනුවෙන් සේවය කළ අය. පොලීසිය කියන්නෙ ධනපති රාජ්‍ය තන්ත්‍රයෙ උපකරණයක් කියල සමහරු කියයි. එහෙත් කිසිවකු තමන් කම්කරු පංතියෙ කියල බුද්ධියෙන් නොව හැඟීමෙන් හිතන්නෙ නැති කාලයක ඔය පංති කතා නිකම් හිතළු පමණයි. ඒවා පට්ටපල් බොරු.

Saturday 1 December 2018

පාර්ලිමේන්තු කෝලම

පාර්ලිමේන්තු කෝලම

මේ දිනවල පාර්ලිමේන්තු කෝලම දියවන්නාවේ නටනවා. මේ මොන කෝලමක් ද, කෝලන් නටන්න එන්න එපා ආදී ව්‍යවහාර සිංහල භාෂාවේ තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනුයේ පාර්ලිමේන්තුව මගින්. අද ඊනියා කතානායක  එ ජා පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ  හා ජ වි පෙරමුණේ ආධාරයෙන් ජනතා පරමාධිපත්‍යය පැහැර ගෙන. ඒ මදිවට විධායක බලතලත් පැහැර ගන්න හදනවා. ඒ ජනාධිපති තීරණ නොපිළිගනිමින් රාජ්‍ය සේවකයන්ට අණ දෙමින් ආදී වශයෙන්. ඒ අතර ඊනියා කතානායක හා ගෝල බාලයන් ඇමතිවරුන්ගේ වියදම් ද කපා හරිනවා. හීතල දුරුත්තට තව මසක් පමණ තිබෙනවා. ඔවුන්ට හීන පේනවා.