Main Logo

Showing posts with label Impeachment. Show all posts
Showing posts with label Impeachment. Show all posts

Friday, 7 February 2020

ට්‍රම්ප් හා ජාතිකත්වය

       සිංහල ලිත් ඉලක්කම්


ට්‍රම්ප් හා ජාතිකත්වය

මේ ජනාධිපතිවරණ වසරක්. ලංකාවේ නොව ඇමරිකාවේ. එනම් එක්සත් රාජ්‍යවල. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා වේවි. ඩෙමොක්‍රටික් පක්‍ෂය නැවතත් සැන්ඩර්ස් කෙනකු සොයන එකක් නැහැ. සැන්ඩර්ස්ලා, එංගලන්තයේ කෝබින්ලා බටහිර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නන්. අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ජාත්‍යන්තරවාදයක් තියෙනවා. එහෙත් එය අද ලෝකයේ නැහැ. 

Saturday, 8 December 2018

අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද


අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද



පරමාධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම අපට බටහිරින් ලැබුූණු සංකල්පයක්. සඟ සසුනේ හැරෙන්න ලෝකයේ කිසිම කලක සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබී නැහැ. පැරණි ග්‍රීක පුර රාජ්‍යවල සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා යැයි කීවත් එහි වහලුන්ට හා ස්ත්‍රීන්ට ඒ කියන සාකච්ඡාවලට සහභාගි වීමට අවස්ථාව ලැබී නැහැ. කාට හරි කියන්න පුළුවන් වහලුන් අද අර්ථයෙන් පුරවැසියන් නොවීය කියා. ප්‍රශ්නයත් ඇත්තේ එතැනමයි. පුරවැසියා කවුද කියා තීරණය කරන්නේ කවුද? රෝමයේ නායකයන් ජනතාව ඇමතුවේ රෝමවරුනි රටවැසියනි (Romans and Countrymen) කියා. රෝමය නගරයක්. මෙහි කන්ට්‍රි කිව්වෙ නගරයෙන් පිට වැනි අර්ථයකින්. ඉතාලිය රටක් වුණේ බොහෝ කලකට පස්සෙ ගැරිබෝල්ඩි යටතේ එක්සත් කරනු ලැබීමෙන් පසුව.

Monday, 19 November 2018

කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව


කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව



ඊනියා කතානායක කරු හා හිටපු අගමැති රනිල් බටහිර අවශ්‍යතා වෙනුවෙන් රට අවුලෙන් අවුලට පත් කරනවා. ඔවුන් ජනාධිපති තීරණය අනුව මහින්ද අගමැති ලෙස පිළිගැනීම දිගින් දිගට ම ප්‍රතික්‍ෂෙප කරනවා. එමගින් ඔවුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. අපි නැවතත් මුලට යමු. ජනාධිපති අගමැති පත් කෙළේ ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාවට අනුව. අපි එය නැවතත් උපුටා දක්වමු. 42(4): ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.