ඔක්තෝම්බර් විසිහය, රනිල්
හා බැසිල්
ඔක්තෝම්බර් විසිහය ගැන එක් එක් අය එක් එක් කතා කියනවා. එ ජා පෙරමුණ
හා එහි හවුල්කාර දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් ඒ ගැන ප්‍රධාන වශයෙන් ම
කියන්නේ එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සහ ව්‍යවස්ථා විරෝධී කියායි. එහෙත් මේ එක්
අයකුවත් මහින්ද අගමැති කිරීමට විරුද්ධ ව අධිකරණයට ගියේ නැහැ. දඹර අමිල හිමියන්
පමණක් අවසානයේදී නඩුවක් පැවරුවා. එය මැයි මාසෙට කල් ගිහිල්ලා. මාත් කැමතියි ඒ ගැන
විනිසුරුවරුන් කියන්නෙ මොකක් ද කියලා දැන ගන්න.