Main Logo

Saturday 27 April 2013

ආපසු හැරී ඉදිරියට යමු!

කුඩා කාලයේ අපි සිතාගෙන සිටියේ හෘදයාබාද හැදෙන්නේ පොහොසත් උදවියට පමණක් යැයි කියාය. මන්ද එකල හෘදයාබාද රෝගීන් ගම්වලවත් ගමින් කොළඹට පැමිණ සිටි මගේ දෙමව්පියන් වැනි අය අතරවත් කලාතුරකින්වත් දකින්නට නොසිටි බැවිනි. නමුත් රැකියාව සඳහා කොළඹ පදිංචියට පැමිණ වසර හතලිහකට පමණ පසුව ත්‍රස්තවාදීන්ටවත් මරා දමන්ට බැරිවූ අපේ අම්මා රෝගාතුරව හිඳ මිය ඇදුනේ හෘදයාබාදයකිනි. කොළඹ ජීවිතය ඇගේ ගැමි සිරුරටත් ගැමි මනසටත් ඔරොත්තු නොදුනි. කෙසේමුත් ඇගේ පිහිටෙන් ඒ වනවිට අපි ඊනියා දියුණුවක් ලබා සිටියෙමු. අවසානයේ ඇගේ මාරයා වුනේ ඒ දියුණූව බව මම දැන් දනිමි. මගේ මවට ජීවත්වන්නට ලැබුනේ අවුරුදු හැට දෙකක් පමණක් මුත් උපන් ගමෙහිම වෙසෙමින් බණ භාවනා කරමින් ගොවිතැනින් දිවි ගෙවූ ඇගේ මවට, එනම් අපේ මිත්තණියට, අවුරුදු අසූ ගණනක් නිරෝගීව ආයු වළඳන්නට වාසනාව තිබිනි. මෙසේ තිබියදී අපි ඉගෙන ගන්නේ ගැමි ජීවිතය නොදියුනු යැයි සැලකීමටය. ජාතියක් වශයෙන් අපි කෙතරම් වැරදි දිසාවකට ගමන් කර ඇත්ද යන්න ඉන් පැහැදිලි විය යුතුය.

නගර අවට ජීවත්වන වැඩිහිටි කී දෙනෙක් අද දියවැඩියාව, හෘදයාබාද හා පිළිකා වැනි මාරාන්තික රෝග වලට ගොදුරුවී සිටිත්ද? ඉන් මිය ගොස් සිටිත්ද? අද රෝහල් පිරී ඉතිරී ගොස් තිබෙන්නේ මෙවැනි රෝගීන්ගෙන් නොවේද? මේ ව්‍යාදීන් අපේ සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් හා තදින් බැඳී ඇති බැවින් ඇත්තෙන්ම ඒවා හැඳින්විය යුත්තේ සමාජ රෝග ලෙස. මීට වසර තිහ හතලිහකට ඉහතදී මේ සමාජ රෝග මෙතරම් ව්‍යප්තව නොතිබිනි. එ පමණක් නොවේ එකල රටේ සිදුවුනු අපරාධද ගණනින් පමණක් නොව දාමරික බවින්ද මෙතරම් දරුණු නොවිනි. පරිසරයද අද තරමටම විනාශවී නොතිබිනි. මේ සියලු ව්‍යසනයන් සිදුවී ඇත්තේ වසර තිහක් හතලිහක් පමණවෙන ඉතා කෙටි කාලයක් තුල දීය. මේ දෑ අන්නෝන්‍ය වශයෙන් බහිෂ්කාරවූ සිදුවීම් නොවේ. පරිසර විනාශයද, සමාජ රෝග පැතිරීමද අපරාධ බහුලවීමද එකිනෙකින් වෙන් කල නොහැකි මිනිස්-පරිසර පද්ධතියක වෙන් කල නොහැකි සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් තුලින් බිහිවෙන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණ විසඳීමට නම් අපි අනිවාර්යයෙන්ම මේ සිද්ධීන් අතර ඇති පොදු බව හඳුනාගත යුතුය.

සමස්ථයක් ලෙස සැලකුවිට මේ සියලු ව්‍යසනයන්ට මූලික හේතුව අපි කෙළවරක් හෝ සංවරයක් හෝ නැතිව සිත කය පිනවීම අරභයා ලබන්නට තනන ඊනියා දියුණුව බව අවබෝධ කර ගැනීමට බෞද්ධයින්ට අපහසු නැත. පොළවේ පය ගසාගෙන සිටින වැඩිහිටි බොහෝ දෙනෙකු ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දනිති. නමුත් අපි මේ හොඳින් දන්නවා යැයි සිතන දේ විදග්ධ දැනුමක් ලෙස අපේ සිංහල බෞද්ධ සමාජයවත් පිළිගන්නේ නැත. එසේ නොපිළිගන්නේ ඒ බව පාසලේදීවත් විශ්ව විද්‍යාලයේදීවත් ඉගැන්වෙන්නේ නැති නිසාය.

කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට නොහැකි බව හා එසේ පිනවීමට යාමෙන් දුකක් මිස සැපක් නොලැබෙන බව බෞද්ධයින් දන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. සාමාන්‍ය සිංහල බෞද්ධයින් පවා අවබෝධ කරගෙන ඇති ඒ ගැඹුරු විදග්ධ දැනුම බටහිරුන්ට නැති බව මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ බව මම ඒ සමාජයේ ජීවත්වීම තුලින් දනිමි. බටහිරුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන් යමක් දැන ගන්නට ශක්තියක් නැත. යම් හෙයකින් ඔවුන් ඒ ගැන දැන ගෙන සිටියා නම් ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුයැයි අපට අද පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් ඉගැන්වෙනවාට කිසිම සැකයක් නැත. බටහිරුන් ඉන්ද්‍රීයන් පිනවීම අරභයා කෙරෙන ඊනියා සංවර්ධණයක් කරා හඹා යන්නේ ඔවුන්ට එහි නිෂ්ඵලබව නොවැටහෙන නිසාය. ඔවුන්ගේ ගමනෙහි ව්‍යාජත්වයක් නැත. නමුත් ඒ බව දැන දැනත් ඔවුන් පසු පස යන අපේ ගමනේ ව්‍යාජත්වයක් ඇත. අවාසනාවකට අපි ඉන් පැන නඟින ප්‍රශ්ණ විසඳන්නට බලන්නේත් ඔවුන් පසු පස යමිනි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම වැනි ප්‍රශ්න බටහිරුන් විසින් විසඳන්නට උත්සාහ කරන්නේ ඉන්ද්‍රීය පිනවීමත් එලෙසම පවත්වාගෙන යමිනි. එනම් ඒ සඳහා ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කරමිනි. ඔවුන් දැනුම ගොඩනඟන්නේ කොටස් වලට කඩා ගෙන නිසා පරිසර විනාශය පිළිබඳ ප්‍රශ්ණ පරිසර විද්‍යාඥයෝත් සමාජ රෝග පිළිබඳ ප්‍රශ්ණ වෛද්‍ය විද්‍යාඥයෝත් ආදී වශයෙන් වෙන් කර ගෙන විසඳන්නට තැත් කරනවා විනා එහි පොදු බවක් දැකීමට ඔවුන්ට හැකියාවක් නැත.
ඒ අනුව සමාජ රෝග වලට බටහිරුන් දෙන මූලික පිළිතුර රෝග වලට ප්‍රතිකාර කිරීමය. බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට හැකිවී නැතත් යම් දුරකට පාලනය කර ගැනීමට තාක්‍ෂණයේ උපකාරයෙන් බටහිර විද්‍යාව සමත් වී ඇත. ඒ නිසා හැටේ දශකයේ මැද භාගය වනතුරු වැඩි වෙමින් පැවතුනු හාර්දික රෝග නිසා සිදුවුනු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අද වෙන විට ඇමරිකාවට හැකිවී ඇත. නමුත් හෘදයාබාද නිසා රෝහල්ගතවුනු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දශකයේ මැද භාගය වනතුරුත් වැඩි වෙමින් පැවතිනි. ඉන් පෙනී යන්නේ හෘද රෝග වැලඳීම වලක්වා ගන්නට ඔවුන්ට නොහැකි වී ඇති බවය එනම් බටහිර සමාජයට ඒ සම්බන්ධයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමට නොහැකි වී ඇති බවය. ගිලන්ව නමුත් නොමැරී ජීවත්වීම සාර්ථක පිළියමක් ලෙස සැලකිය නොහැකිය.

බරහිරුන් අපරාධ මර්ධනය කිරීමට තනන්නේද එවැනි ක්‍රියා කලාපයක් තුලිනි. එනම් මූලික වශයෙන් අපරාධ කරුවන් අල්ලා දඬුවම් කිරීම මඟිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ලෝකයේ වැඩිම පිරිසක් සිර බත් කන්නේ ඇමරිකානු සිර ගෙවල් වලය. ඉනුත් බහුතරයක් කළු ඇමරිකානුවෝය. ඇමරිකාවේ සිරකරුවන්ගේ ජනගහනය හැත්තෑවේ දශකයේ මැද භාගයේ සිට, එනම් තැචර්-රේගන් යුවල ලෝක ආර්ථිකය වෙනස් කල සමයේ සිට අද දක්වා සීග්‍රව වර්ධනය වෙමින් පවතී. ඉන් පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ සිදුවෙන අපරාධ වැඩිවෙනවා මිස අඩුවී නැති බවය. බටහිරුන්ට ඔවුන්ගේ ඊනියා ආර්ථික සංවර්ධනයේත් අපරාධ බහුලවීමේත් ඇති සම්බන්ධතාව හඳුනා ගන්නට නොහැකිය. එපමණක් නොවේ සමාජ රෝග හා පරිසර විනාශය ඊට අදාල වන්නේ කෙසේද යන්න ගැනත් අවබෝධයක් නැත. මීට මුලික හේතුව ඔවුන්ට සමස්ථය දැකීමට ඇති නොහැකියාවය. ඔවුන් ඒ ඒ විශය සඳහා ඉදිරිපත් කරන විසඳුම් වලින් කෙරෙන්නේ ප්‍රශ්ණ යම් තරමකට කළමණාකරණය වීම පමණි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම ආදියට හේතුව සංවරයක් නැතිව සිත කය පිනවීමට යාම බව සිංහල බෞද්ධයින්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමය. එයට එකම පිළියම ඉන්ද්‍රීය සංවරය පිහිටුවා ගැනීමය. මේ දැනුම බටහිරුන්ට නැත. ඔවුන් ඉන්ධන භාවිතය අඩු කල යුතු යැයි කියන්නේ එමඟින් පරිසරයට එකතුවන විශවායු, පරිසර උශ්නත්වය ඉහල යාම, හා ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ ඔවුන් විසින් ගොතා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. ඔවුන් එළවළු පළතුරු වැඩියෙන් ආහාරයට ගත යුතු යැයි පවසන්නේ සමාජ රෝග, ශරීර ශක්ති සමතුලිතතාව වැනි දෑ පිළිබඳ ඔවුන් විසින් ගොඩනඟා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. මේ කිසිම බටහිර දැනුමක් බෞද්ධයින්ගේ ඉන්ද්‍රීය සංවරය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ දැනුම හා කොහෙත්ම සම්බන්ධයක් නැත. ඒ නිසා මතු පිටින් එසේ යැයි පෙනුනත් සිංහල බෞද්ධයින් ඉන්ද්‍රීය සංවරය තුලින් ලබා ගන්නා විසඳුම් වලට බටහිරුන්ට ඔවුන්ගේ දැනුම තුලින් කෙදිනකවත් ලඟාවිය නොහැකිය. යන මඟ නොදැන අයාලේ යන බටහිර දැනුම පසු පස නොගොස් අප දන්නා මඟේ අපි ඉදිරියට යා යුතු වෙමු.

ජානක වංශපුර

Tuesday 23 April 2013

අපේ අවුරුද්ද හා අපේ දැනුම

අද අපට තවත් අවුරුද්දක් උදාවෙයි. ඒ අපේ, එනම් සිංහලයන්ගේ අවුරුද්ද ය. එයට සිංහල හා දෙමළ අවුරුද්ද යැයි කියන්නෝ පඬියෝ ය. එය දෙමළ අවුරුද්දක් නම් අද තමිල්නාඩුවේ ද අවුරුද්ද විය යුතු ය. එහෙත් එය එසේ නො වේ. අද අවුරුද්ද පවත්වන්නේ ප්‍රධාන වශයෙන් ම ථෙරවාදී බෞද්ධ රටවල ය. අදට යෙදී ඇති හින්දු අවුරුද්දක්, අවුරුදු උත්සවයක් නැත. අද යාපනයේ දෙමළ ජනයා යම්තමින් හෝ අවුරුදු උත්සවය පවත්වන්නේ සිංහලයන්ගේ ආභාසයෙනි. දෙමළ ජනයාගෙන් යම් ප්‍රමාණයක් පෘතුගීසීන් මෙරටට පැමිණෙන සමයේ යාපනයේ බහුතරය වූ සිංහලයන්ගෙන් පැවත එන්නෝ ය. ඒ සිංහලයන් දෙමළ බවට පත්වූයේ ලන්දේසීන් තම දුම්කොළ වගාවට කෝරමණ්ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙන ඒමෙන් පසුව ය. එහෙත් ඔවුහු දෙමළ සමාජයේ සුළුතරය බවට පත්වූවා පමණක් නොව ඊනියා අඩු කුලයේ ජනතාව බවට ද පත්වූහ. අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා දෙමළ ජනයාට ඔවුන්ගෙන් ආභාසයක් විණි යැයි සිතීම අපහසු ය. වෙල්ලාලයන් අඩු කුලයේ අයගේ අවුරුද්දක් පවත්වාවි යැයි සිතිය නො හැකි ය. ඒ කුමක් වුවත් අද පවත්වන හින්දු අලුත් අවුරුද්දක් ලෝකයේ කොහේවත් නැත. මෙය බෞද්ධ, මෙරට දී නම් සිංහල බෞද්ධ උත්සවයකි. අග්නිදිග ආසියාවට අද පැවැත්වෙන අවුරුදු උත්සවය සිංහල බෞද්ධ සංස්කෘතිකාංග සමග ඔවුන්ට ගලා යන්නට ඇත. එය බලහත්කාරයකින් සිදුවූවක් නොවන බව ද පැහැදිලි ය. අප වර්තමානයෙහි ජනවාරි පළමුවැනිදා බටහිරයන්ගේ අවුරුද්ද පවත්වන්නේ අප මත එය බලයෙන් පටවා ඇති බැවිනි. පඬියන්ට නොතේරුණත් අපේ සංස්කෘතියෙහි හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි වෙනසට එය කදිම උදාහරණයකි.

මා අපේ අවුරුද්ද ගැන බොහෝ ලිපි ලියා ඇතත් ඒ මහජනයා අතරට ගොස් ඇතැයි නො සිතමි. මේ සමහර ලිපි සිංහල අවුරුද්ද නමින් පොතක් වශයෙන් ද පළ වී ඇත. එහෙත් එයින් ද එතරම් බලපෑමක් සිදු වී නැත. උගත්තු නම් ඒ අදහස් කෙසේවත් නො පිළිගණිති. ඔවුන්ට අනුව මා සංස්කෘතිය ගැන දන්නා ඉටිගෙඩියක් නැත. හැරත් මා යමක් අලුතෙන් කිවහොත් එහි ඇත්තක් නැතැයි එක් උගතෙක් ඉතා මෑතක දී ඉතා නිවට ආකාරයෙන් ප්‍රකාශ කළේ ය. අදත් ඇතැමුන් සිතන්නේ මනු රජුගේ අගනුවර වූ මන්නාරමට හිරු මුදුන්වන දිනය අප්‍රියෙල් 14 කියා ය. මන්නාරමට තබා ලංකාවේ කිසිම නගරයකට අප්‍රියෙල් 13 වැනි දා හෝ 14 වැනි දා හෝ හිරු මුදුන් නො වෙයි. අප්‍රියෙල් 13 , 14 දිනවල හිරු මුදුන්වන්නේ තමිල්නාඩුවට ය. එබැවින් ඇතැමුනට අනුව මේ දිනවල උදාවන අවුරුද්ද ද්‍රවිඩයන්ගේ අවුරුද්දක් විය යුතු ය. අද සිංහල බෞද්ධකම නැතිකර, බුදුදහමට විවිධ අර්ථකථන දී සිංහල බෞද්ධකමෙන් බෞද්ධකම අත්හැර දැමීමට උපක්‍රමශීලී ව කටයුතු කරන්නෝ වෙති. සිංහලකම නැති බෞද්ධයන් ඕල්කට් බෞද්ධයන් වන්නාසේ ම බෞද්ධකම නැති සිංහලයෝ කෝනල් සිංහලයෝ වෙති. සිංහල බෞද්ධයන්ගේ බෞද්ධකම නැතිකිරීමට ඊනියා පර්යේෂණ කරන ප්‍රධාන ම විශ්වවිද්‍යාලයක් වනුයේ ඇමරිකාවේ කෝනල් විශ්වවිද්‍යාලය ය. මන්නාරමට අප්‍රියෙල් 14 වැනි දා හිරු මුදුන් නොවන බව කිසිම බටහිර ප්‍රවාදයක් යොදා නොගෙන එදින එහි ගොස් ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැනගත හැකි ය. අපේ අවුරුද්ද උදාවන දිනය බටහිරයන්ගේ අවුරුද්දට සාපේක්‍ෂව අවුරුදු හැත්තෑ එකකට දිනකින් ඉදිරියට යයි. එබැවින් බොහෝ දෙනාගේ ජීවන කාලයෙහි අපේ අවුරුද්ද දවස් දෙකක දී උදා වෙයි. මෙකල එය අප්‍රියෙල් 13 හෝ 14 හෝ උදාවෙයි. එහෙත් කලක් ගතවීමෙන් අවුරුද්ද අප්‍රියෙල් 14 හෝ 15 හෝ උදාවනු ඇත. ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගන්නා සිංහල බෞද්ධයෝ තම ජීවිත කාලයෙහි මේ වෙනස නොදැක අවුරුද්ද එකම දවස්වල උදාවන්නේ යැයි සිතති. එහෙත් මෙරට හා දඹදිව බුද්ධිමත්තු අපේ අවුරුද්ද ක්‍රමයෙන් ඉදිරියට යන බව දැන සිටිය හ. මෙය ජ්‍යොතිෂයෙහි නිරායනයට හා සායනයට සම්බන්ධය. ඒ සඳහා සූර්යයා වටා පෘථිවියේ චලිතය මෙන් ම පෘථිවි අක්‍ෂය තම ගමන් මාර්ගයට ආනත වී ඇති බව ද දැන සිටිය යුතු ය. මේ දැනුම අපේ පැරණි බුද්ධිමතුන් අවුරුදු දහස් ගණනකට පෙර ආධ්‍යාත්මිකව ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගන්නට ඇත. පසු කලෙක යුරෝපයට ගියේ අපේ මේ ප්‍රත්‍යක්‍ෂ දැනුම ය. එහෙත් යුරෝපයෙහි දී එය වියුක්ත දැනුමක් බවට පත්කෙරුණේ පහළොස්වැනි සියවස වන විට ඔවුන්ට ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමට නොහැකි වූ නිසා ය. එක් සංස්කෘතියක දැනුමක් තවත් සංස්කෘතියක් විසින් අවශෝෂණය කෙරෙන්නේ එය වෙනස් කරමිනි. ග්‍රීකයන් භාරතයෙන් හා මිසරයෙන් ගණිතය ඇතුළු දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගෙන ඇති නමුත් වියුක්ත ග්‍රීක ගණිතය භාරතීය ගණිතය නොවන බව මෙරට උගතුන් මා කියන දේ නොපිළිගත්තත් අවධාරණය කළ යුතු ය.

අපේ පැරණි බුද්ධිමත්තු වත්මන් පඬියන් මෙන් නොව සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය ගමන්කරන බව මෙන් ම පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ගමන්කරන බව ද දැන සිටියහ. පඬියෝ ඕනෑම චලිතයක් සාපේක්‍ෂ බව නො දනිති. පඬියන්ට දෙවියන්ගේ ම පිහිට ය. පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ගමන් කරන බැවින් විෂ්කම්භයක් ඇති සූර්යයයාට අවකාශයේ ඕනෑම ලක්‍ෂ්‍යයක් පසුකිරීමට සුද්දන්ගේ ඔරලෝසුවලින් හෝරා 12 මිනිත්තු 48ක් ගතවෙයි. විෂ්කම්භයක් ඇති සූර්යයාට මීන රාශියෙන් මේෂ රාශියට යෑමට ද ඒ කාලය ගතවෙයි. ඒ කාලයෙහි සූර්යයා මේෂ රාශියට පැමිණියේ ද නැත, නොපැමිණියේ ද නැත. අගත අනගත නොවූ මේ කාලය නොනගතය නමින් හැඳින්වෙයි. එය නැකතක් නැති කාලය ලෙස හඳුන්වනු ලැබී ඇත්තේ ඉංගිරිසින්ගේ කාලයෙහි බිහිවූ බුද්ධිමතුන් නොවන්නන් විසින් විය යුතු ය. මේ සියළු විස්තර සිංහල අවුරුද්ද පොතෙහි ඇති නමුත් පඬියෝ ද උගත්තු ද ඒ නොසලකා හරිති. ඒ ඔවුන්ට අනුව මා කියන දෙයක ඇත්තක් නැති බැවින් විය යුතු ය.

අපේ දැනුම අප නිර්මාණය කරන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව නිවනට පටහැණි නොවන අයුරෙන් ය. බටහිරයන්ගේ තාරකා විද්‍යාව (මෙහි අපේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ද ඇති බව අමතක නොකළ යුතු ය) අපට අවශ්‍ය අන්දමට මනු රජු කතාව ආදී අපේ මතිමතාන්තර තහවුරු කිරීම සඳහා යොදාගත නො හැකි ය. අපට බටහිරයන්ගේ තාරකා විද්‍යාව මතු නොව ඕනෑම දැනුමක් අපට අවශ්‍ය නම් නිවනට පටහැණි නොවේ නම් අපේ චින්තනය මත පදනම් ව අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අවශෝෂණය කළ හැකි ය. එහෙත් එය අනෙක් කතා හා නිරීක්‍ෂණ (ප්‍රත්‍යක්‍ෂ) සමග සංගත විය යුතු ය. එසේ වුවත් ඒවා විහිළු නොවිය යුතු ය. එක් අයකුට අනුව අප ලිවීමේ දී කඩදාසිය ඇළ ව තබන්නේ පෘථිවි අක්‍ෂය පෘථිවි ගමනට ඇළ වී ඇති බැවිනි!

සිංහල බෞද්ධ සංස්කෘතිය කිසිදු ආකාරයක නිර්මාණවාදයක් මත පදනම් නො වේ. අපි එක් තැනකින් කේන්ද්‍රීය ව ලබාගන්නා අණකට අනුව ජීවත් නො වෙමු. එහෙත් සිංහල අවුරුද්ද පසුගිය කාලයෙහි වෙනස් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ ව නො වේ. එයට හේතුව මධ්‍යගත ව එක් තැනකින් දෙන අණ අනුව ක්‍රියාත්මක වන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අප යටවීම ය. අපි කරුණක් දෙකක්් පමණක් සාකච්ඡා කරමු. සිංහල සංස්කෘතියෙහි කුලියට වැඩ කිරීමක් නැත. ලන්දේසීන් තම දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙන ඒමටත්, ඉංගිරිසින් පාරවල්වල වැඩට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙනැවිත් ඔවුන් පසුව නැගෙනහිර පළාතේ පදිංචි කිරීමටත්, කෝපි හා තේ වැවීම සඳහා දෙමළ ශ්‍රමිකයන් ගෙන ඒමටත් සිංහලයන් එදා කුලියට වැඩ කිරීම ප්‍රතික්‍ෂෙප කිරීම හේතුවක් විය. එදා අපි අපේ වැඩ කළෙමු. එහෙත් අද අප කරන්නේ අනුන්ගේ වැඩ ය. ඒ කුලියට ය. ජනාධිපති ලේකම්වරයාගේ සිට සියළු ම නිලධාරීහු ද ලිපිකරුවෝ ද, සරසවි ඇදුරෝ ද ගුරුවරු ද ජනමාධ්‍යවේදීහු ද අද වන විට ඇතැම් හිඟන්නෝ ද කුලියට හෙවත් වැටුපට වැඩකරන්නෝ වෙති. අද ඔවුන් කරන්නේ වෙනත් කාගේ දෝ වැඩ ය. අපේ අවුරුදු චාරිත්‍ර එක් අස්වැන්නක් කපා ගැනීමෙන් පසුව අනෙක් කන්නයේ වැඩ ඇල්ලීම මුල් කරගෙන කෙරෙයි. එය එක්තරා ආකාරයකින් ගත්කල නැකැත් උත්සවයක් ද වෙයි. අපේ අවුරුදු නැකැත් සීට්ටුවෙහි තවමත් කියැවෙන්නේ අහවල් නැකැතට වැඩ අල්ලා ගනු දෙනු කර ආහාර අනුභවය කළ යුතු බව ය. එහෙත් අද අපට ඇල්ලීමට අපේ වැඩ නැත. අපේ වැඩ ඇත්තේ අපේ ගෙදර හෝ වත්තේ හෝ කුඹුරේ නො වේ. අපේ (කුලී) වැඩ ඇත්තේ කාර්යාලයේ, විශ්වවිද්‍යාලයේ නැත්නම් හිඟමන් භූමියේ ය. අපි දැන් නැකැත් සීට්ටුව කණපිට හරවමු. අපේ අවුරුද්ද වාණිජ්‍ය වී ඇත්තේ අප වාණිජ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට යට වී ඇති බැවිනි. අද අවුරුද්ද අපේ වැඩ හා ඊළඟ කන්නය වටා නොව වාණිජත්වයට යට වී ඇඳුම් පැළඳුම් ආහාර පාන වටා ගොඩ නැගී ඇත. එබැවින් අපි නැකතට අලුත් ඇඳුමෙන් සැරසී ආහාර අනුභව කර ගනු දෙනු කර වැඩ අල්ලමු. වැඩ ඇල්ලීම අද තුන්වැනි දැනට ගොස් ඇත්තේ අපට ඇල්ලීමට අපේ වැඩක් නැති නිසා ය. අප කුඩා කල අපේ දෙමවුපියෝ අපට පොතපත කියවා වැඩ ඇල්ලීමට කීහ. අපට කියවීමට තිබුණේ සුද්දන්ගේ දැනුම රැගත් පොත් ය. අපේ අවුරුද්දේ වැඩ ඇල්ලීමට අපි සුද්දන්ගේ දැනුම ලබා ගත්තෙමු. අද ළමයි වැඩ ඇල්ලීමට ෆේස්බුක් බලති. සුද්දන් අප සංස්කෘතිය මත දරණ ආධිපත්‍යය තව තවත් වැඩිවෙයි. දැනට අවුරූදු හැත්තෑවකට අසූවකට වැඩි කලක් තිසසේ නගරවල වැඩි තැනක් ලැබෙන්නේ වැඩ ඇල්ලීමට නොව අලුත් ඇඳුමෙන් සැරසී ආහාර අනුභවයට ය.

අප කුඩා කල ගම්වල නැකැත් කිහිපයක් විය. වැඩ අල්ලා ආහාර අනුභව කිරීමට මෙන් ම ආහාර පිසීමට ද නැකැත් කිහිපයක් විය. එය නිර්මාපකයකු නැති සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති විමධ්‍යගත භාවය වෙනත් සංස්කෘතියක නැති තරම් ය. රාජ්‍ය පාලනයේ දී පමණක් මේ විමධ්‍යගතබව නැති විය. රාජ්‍ය පාලනයෙහි දී බල පෑ සංකල්පය වූයේ එක්සේසත් රාජ්‍යය යන්න ය. එහෙත් එහි ද ඈපාවරු මාපාවරු සිටියහ. අවුරුද්දට වැඩ ඇල්ලීමට නැකැත් කිහිපයක් තිබූ බැවින් ඒ ඒ පවුල්වල ගෘහිණියෝ තම තමන්ට වඩා සුදුසු නැකත තෝරාගත්හ. එහෙත් මෑතක සිට අපි සියළු දෙනාම කොළඹ සිට රූපවාහිණියෙන් ලැබෙන අණ (සංඥාව) පරිදි නැකැත් පවත්වන්නෙමු. එකම නැකතක් තිබීමේ වැදගත්කම ගැන විවිධ අය කරුණු දක්වනු ඇත. එහෙත් ඔවුන්ට අමතක වනු ඇත්තේ එය මෑතක දී අපේ සංස්කෘතියට පිටින් ගොස් අපේ අවුරුද්දට එකතු කෙරුණක් බව ය. (13/04/14)


නලින් ද සිල්වා

Western science as humbug

This refers to the letter to the editor by Prof. N. A. de Amaratunga on 11th April 2013, on the subject Science Vs. Humbug. It is not directed at a person in name, but I thought of replying to it whether the hat fits me or not. At the outset I must say I am not influenced by postmodernism and my relativity of knowledge is a result of Paticcasamuppada which is neither objective nor absolute. Bududahama consists of relative knowledge and in Sutta Pitaka one cannot find any reference to absolute objective knowledge.

If Prof. Amaratunga reads work on what is known as the EPR paradox and Aspect’s experiments in the original and not through popular writings he would know that there is no local reality as such, irrespective of the works of Kuhn and Feyerabend. Copenhagen interpretation of Quantum Mechanics, independent of Postmodernism claims that the observations are observer dependant, even if one forgets the Vidyalankara interpretation published as a so called peer reviewed paper at the invitation of the editor of “Kalyani”.

What Feyarabend says is that there is no scientific method as such, and not only he and Kuhn, but even Popper was for “democratizing” western science whose so called colleges control their disciplines with an iron hand that the Catholic Church could not dream of. In that respect the Catholic Church was more democratic than the present western science establishment.

Western science begins with sensory perceptions (it considers only five senses) but does not have “faith” in the observations. Thus they go on to construct kathandara called scientific theories and test the so called theories with nothing but sensory perceptions , in which western science does not have “faith”! Could Prof. Amaratunga resolve this paradox before discussing further on the “pattapal boru” that are called theories. In the meantime I have four questions for Prof. Amaratunga.(i) What is meant by truth (ii) Is the theory of gravitation a pattapal boruva or not. If not justify the answer. (iii) I presume that Prof. Amaratunga is a Buddhist and would he please state which scheme of evolution he believes in: Big Bang, Darwinian evolution and the associated body of knowledge or evolution according to Agganna Sutta? (iv) How did the ancient people in this part of the world come to know that the earth goes round the sun long before Copernicus or any other European knew? Prof. Amaratunga can follow any method to answer the above questions.(13/04/12)

Nalin De Silva

Who is responsible II?


India has never been our friend since the English left that country nominally, leaving the legacy of a middle class that could be called McCauley’s Children. In addition there is a Brahmin class that is against Buddhism that has an axe to grind against the Sinhala Buddhists for protecting Theravada Buddhism. The Brahmin class can be found not only among prominent politicians such as the Nehru - Gandhi family and Jeyalalitha but also in the Indian Civil Service and the RAW. There was no India before the English came to that part of the world and during the Sinhale days we had to deal with various dynasties especially in the Southern parts of the subcontinent. The Sinhala kings maintained friendships with Cheras, Pallavas, Pandyas, Kalingas, Thelugus, as the case may be from time to time and skillfully protected the sovereignty of the country. The Cholas were always on the offensive against the Sinhalas and these historical hostilities and friendships can be found even today in Tamil Nadu. The Sri Lankan government cannot maintain political ties with Kerala, Andra Pradesh the country of Buddhaghosha and Nagarjuna Theros, Orissa (Kalinga), Bengal (Vanga) separately but the Ministry of Cultural Affairs can take the lead to encourage cultural exchanges with these states in India. Bihar is another state we should concentrate on and the Ministry of Cultural Affairs could continue with the work that Anagarika Dharmapala initiated in that part of the country about hundred years ago.

After the collapse of the Soviet Union, India has gravitated towards US and the west and she is more interested being the Regional power under the US world power. There is no so called third world after the fall of the Berlin wall, and we have to build a strong association of the countries that are not pawns of the western powers. During the non aligned days Tito, Nassir, and Nehru were heroes with Bandaranaike being one of the important leaders of the movement (NAM). When Nassir closed the Suez Canal nobody in the NAM or proto NAM said he had brought discredit to Egypt but he was hailed as a hero by many in the movement. It does not mean that NAM was a homogeneous body as the leaders of the member countries changed from time to time. There were people like John Kotelawela though admired for his response to Nehru in Bandung was merely an agent of the west.

The Foreign office boys and others who have read on international relations in the universities and outside are not the most suitable candidates to be our envoys in other countries. Most of these books and articles are written by so called experts from the west and whatever the point of view these intellectuals may have they want to defend the western system or improve it. In other words they are products of western Christian colonialism, Judaic Christian culture and finally the Greek Judaic Christian (GJC) Chinthanaya that came into existence about five hundred years ago. They would say that Sri Lanka was defeated in Geneva and hence we have been discredited in the eyes of the so called international community. This international community is nothing but USA, UK and in general their supporters, agents, pawns etc., and only those who have read works of the western “intellectuals” presenting the western concepts and theories constructed in the Greek Judaic Christian Chinthanaya and relative to Judaic Christian culture would consider these countries to constitute the genuine international. There are many more countries in the world that have been bulldozed by this fake international, which do not make a noise in the absence of a strong movement against the western countries that is called the “international”.

It is through knowledge that the west suppresses the other nations today than by any other means. The pen is mightier than the sword in the sense the western knowledge is throttled down on us in the name of so called objective and scientific knowledge. We tend to think only those who have read books published in the west containing knowledge constructed there in the last few centuries are knowledgeable of current affairs, international relations and of course political science, which carries the label science to give it a grandeur status though physics itself and the so called scientific method are in a mess. The contradictions in the so called scientific method are so enormous and I have found that those who are familiar with work on philosophy of science only in the western languages are far behind some who discuss this problem in Sinhala. I have no time to waste on those who dabble with scientific method and criticize knowledge obtained from gods without trying to understand what is happening around them. Though we who obtained knowledge from the gods may not have achieved much the proscription of certain pesticides produced based on western science as requested by those who gained knowledge from gods is a victory for those who do not believe that there is a so called scientific method. Western Science and Western Knowledge after all is constructed (not discovered) in the GJC Chinthanaya relative to the Judaic Christian culture, and it serves the western countries to suppress the other countries. Unfortunately in our schools and universities only such knowledge consisting of stories constructed by the western intellectuals and given the name theories are taught and the products of these institutions in general cannot but serve the interests of the western countries.

The whole problem whether in Geneva or Chennai revolve around the Tamil aspirations and injustices caused to them as claimed by the Tamil racists set against the Sinhalas by the western Brahmins and the Brahmins of India. There are no injustices caused to the Tamils in Sri Lanka who enjoy a better life than the Tamils in Tamil Nadu. Tamil is not an official language in India and in Sri Lanka unlike in any part of India including Tamil Nadu a Tamil student can pursue postgraduate studies in Tamil Medium in most subjects in the Social Sciences. India, whatever is mentioned in the constitution is a Hindu country dominated by Hindi speaking Hindus and only recently Sha Rukh Khan complained that he is not treated as a first class citizen or words to that effect because he is a Muslim. If that is the plight of a Bolywood star one could understand the situation with respect to the ordinary Muslims in the country. India gets away with maltreatment of the Buddhists and Muslims in that country by claiming in the constitution that it is a secular country and getting the western political scientists to talk high of the Indian constitution. India with the help of the western media was able to sweep the Sha Rukh Khan affair under the carpet. Imagine the publicity we would have got if a prominent Tamil in Sri Lanka came out with such statement. When we say that Sri Lanka is a Sinhala Buddhist culture, it does not mean the country belongs to the Sinhala Buddhists only. It only means that the Sinhala Buddhist culture is the significant culture of the country. We are not hypocrites or humbugs and do not want to claim that the country is secular in the constitution. We say openly that the state protects and foster Buddhism. This is a historical position accepted even by the English in the so called Kandyan convention or the Sinhala English accord. The English cheated the Sinhala leaders by breaching the accord true to their gentlemanly behavior. The trouble with the Tamil leaders, except for a few such as Lakshman Kadirgamar is that they do not want to accept the fact that the Sinhala Buddhist culture is the significant culture in Sri Lanka. However the very same Tamil leaders would accept that Judaic Christian culture is not only the significant culture but the dominant culture not only in Europe but in the whole world! The Tamil leaders from the nineteenth century in general have served the English masters and our problem is nothing but a problem of English educated Tamil Vellala Hindus and Christians, and also some English educated Sinhala Christians who began to lose some the privileges they enjoyed under the English colonialists after we were given universal franchise in 1931. The English educated Vellalas were given the opportunity to project their loss of privileges as discrimination of the Tamils in general by the English colonialists and their intellectuals in England first and later by the western intellectuals in general. The imitating products of the Universities and schools in Sri Lanka could win the admiration of the colonial masters by propagating the myth that the Tamils are discrimintaed in Sri Lanka. It is this myth that is at the bottom of Geneva vote as well as the gimmicks of Jayalalitha and Karunanidhi not to mention the “ladyship” of Sonia Gandhi who is the effective ruler of India. (To be continued)

(13/04/10)

Nalin De Silva

වෙනත් ඉන්ද්‍රියවලට ගෝචර ලෝක


බටහිර විද්‍යාව කතාකරන්නේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි ගැන ය. මෙයින් අදහස් කෙරෙන්නේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ යැයි කියන සංසිද්ධි ය. ඉර නැගීම, සඳ බැස යෑම, කාන්දම් කෑලි එකිනෙක ආකර්ෂණය කිරීම හෝ විකර්ෂණය කිරීම හෝ ආදිය එවැනි ඉන්ද්‍රිය ගෝචර සංසිි්ද්ධි වෙයි. බටහිර විද්‍යාවට අනුව දැනුම ආරම්භ වන්නේ ද අවසාන වන්නේ ද පංචෙන්ද්‍රියවලට ගෝචර සංසිද්ධීන්ගෙනි. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද පංචෙන්ද්‍රිය විශ්වාස කළ හැකි නො වේ. මේ හතර බීරි කතාවක් නොවේ නම් වෙන කුමක් ද?

අපි ඒ ගැන තවදුරටත් කතාකිරීමට පෙර බටහිර විද්‍යාවේ දී නොසලකා හැරෙන්නක් කෙටියෙන් නමුත් සඳහන් කර ගනිමු. එනම් අපට ඉන්ද්‍රිය පහක් පමණක් තිබීම ය. මේ ඉන්ද්‍රියවල ඇති අඩුපාඩුකම් ගැන බටහිර විද්‍යාව දනියි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන කරුණක් නම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය හා අවයව අතර වෙනස නොදැනීම ය. බටහිර විද්‍යාවෙහි සඳහන් වන්නේ අවයවවල අඩුපාඩුකම් හා ඒ අවයව විශ්වාස කිරීමට නොහැකිවීම පිළිබඳ කරුණ ය.

සිංහල බෞද්ධයන්ට අනුව අපට ඉන්ද්‍රිය හයක් වේ. බටහිර විද්‍යාවෙහි මනෙන්ද්‍රිය ඉන්ද්‍රියයක් ලෙස නො සැලකෙයි. ඔවුන්ට මනස යන්න මොළයට ඌනනය කළහැකි වූවකි. එසේ වුවත් බටහිර විද්‍යාවෙහි මොළයට කණ ඇස ආදී අවයවයකට ඇති වැදගත්කමවත් නො ලැබෙයි. කණ, ඇස ආදිය ඉන්ද්‍රිය ලෙස සැලකීමට බටහිර විද්‍යාව පුරුදු වී ඇති නමුත් මොළය ඉන්ද්‍රියයක් ලෙස නො සැලකෙයි. බටහිර විද්‍යාවට ඇති ප්‍රධානම ප්‍රශ්නය මොළයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට නොහැකි වීමත් මනස යනු කුමක් දැයි නොදැන එය මොළයට ඌනනය කිරීමට යෑමත් ය.

මෙහි දී සිංහල ථෙරවාද බෞද්ධ අටුවාව ගැන ද වචනයක් සඳහන් කළ යුතු ය. අපේ අටුවා මනස නමැති ඉන්ද්‍රිය හදවත සමග සම්බන්ධ කරයි. ඒ පෙනීම ඇස සමග සම්බන්ධ කරන අයුරින් ය. අටුවා ද ලියා ඇත්තේ අප වැනිම වූ පෘථග්ජනයන් ය. ඔවුන් අතින් ද වැරදි සිදු වී ඇත්නම් අප ඒ ගැන කම්පා නොවිය යුතු ය. ඇස, කණ ආදී අවයව ඇසුරෙන් ඉන්ද්‍රියයන් පැන නගින්නේ මනස සමග සම්බන්ධවීමෙනි. හදවත නමැති අවයවය ඇසුරෙන් මනස නමැති ඉන්ද්‍රිය ඇතිවන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් අටුවාවෙන් ලබාගත හැකි යැයි මම නො සිතමි.

අප වෙනත් අවස්ථාවල ද සඳහන් කර ඇති ආකාරයට සිත මිස කය නැති බඹලොව වසන්නන්ට මනස ඇතිවන්නේ කායික වූ අවයවයක් ඇසුරෙන් නො වේ. මනස ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ යන පංච මහා භූතයන්ගෙන් ස්වායත්ත බව පැහැදිලි ය. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව එක්් කල්ප විනාශයකින් පසුව පෘථිවියට පළමුව සත්ත්වයන් පැමිණ ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙනි. එසේ පැමිණි අය රස පොළොව ආහාරයට ගැනීමෙන් පඨවි අධික සිරුරු ලබා ඇති බව පැහැදිලි ය. මනස යනු අවයවයක් මත පදනම් නොවන ඉන්ද්‍රිය යැයි අපට කිව හැකි ය.

අපට ඉන්ද්‍රිය හයක්, බටහිර විද්‍යාව කියන ආකාරයට ඉන්ද්‍රිය පහක් පමණක් ඇත්තේ ඇය? බටහිර විද්‍යාව ඇස කණ ආදී පංචාවයව අවිශ්වාස කරයි. ඒ ගැන අපට ප්‍රශ්නයක් නැත. සිංහල බෞද්ධයෝ මනස ද මායාවක් ලෙස සලකති. ප්‍රශ්නය එය නො වේ. අපට වෙනත් අවයව හා ආශ්‍රිත ඉන්ද්‍රිය තිබිණි නම් අවයව සමග සම්බන්ධ නොමැති වෙනත් මනස් ද (ඒ කුමක් වුවත්) තිබිණි නම් අප කෙසේ ලෝකය පණවා ගැනීමට තිබිණි ද?

අපට දැනෙන්නේ චුම්බක එක්කෝ ආකර්ෂණය කරන බව ය. නැතහොත් විකර්ෂණය කරන බව ය. බටහිර විද්‍යාඥයෝ ඒ සංසිද්ධි තේරුම් ගැනීම සඳහා මැක්ස්වෙල්ගෙන් පසුව විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය යන සංකල්පය යොදා ගනිති. විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය යන්න අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වූවක් නො වේ. කෙසේ වුවත් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර නොවුණත් අපි සම්මුති වශයෙන් විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයක් ඇතැයි සිතමු. එමෙන් ම ඒ සම්මුති වශයෙන් ගැණෙන විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය ගෝචරවන යම් අවයවයක් හා සම්බන්ධ වූ ඉන්ද්‍රියයක් (මනෙන්ද්‍රිය ද ඇතුලුව හත්වැනි ඉන්ද්‍රියයක්) මිනිසුන්ට තිබිණි යැයි සිතමු. එවැනි අවස්ථාවක අප කෙසේ ලෝකයක් පනවා ගැනීමට තිබිණි ද?

මෙය හුදු හිතළුවක් පමණක් යැයි යමකුට සිතෙනු ඇත. එහෙත් ඇතැම් විට අපට මනෙන්ද්‍රිය හැරුණු විට ඉන්ද්‍රිය හයක්, හතක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ තුනක් හෝ හතරක් වැනි අඩු සංඛ්‍යාවක් හෝ තිබෙන්නට ඉඩක් විය. මනේන්ද්‍රිය හැරුණු විට තිබිය හැක්කේ ඉන්ද්‍රිය පහක් පමණක් යැයි කිසිවකුට කිව නො හැකි ය. ඇතැම් සතුන්ට මනෙන්ද්‍රිය හැරුණු විට ඉන්ද්‍රිය පහක් නොමැති බව බටහිර විද්‍යාඥයෝ ද දනිති. ඒ සතුන් පණවාගෙන ඇති ලෝකය කුමක් ද? එනම් ඒ සතුන්ගේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර ලෝකය කුමක් ද?

දැන් ප්‍රශ්නය වනුයේ එසේ වෙනත් ඉන්ද්‍රිය සංඛ්‍යාවක් මිනිසුන්ට තිබිණි නම් මිනිසුන් පණවා ගන්නා ලෝකය කුමක් ද යන්න ය. එය කිසිසේත් ම අප දැනට පණවාගෙන ඇති ලෝකය නම් නොවිය හැකි බව පැහැදිලි ය. පණවාගෙන ඇති ලෝකය යනු අප දැනට දකින ලෝකය ය. අපෙන් තොරව අපේ මනසින් ස්වායත්තව පවතින ඊනියා යථාර්ථයක් වූ වාස්තවික නිරපේක්‍ෂ ලෝකයක් නැත. ඇත්තේ අප විසින් පණවාගනු ලැබූ සාපේක්‍ෂ වූ ලෝකයක් පමණ ය. ඒ ලෝකය වෙනත් දේට අමතර ව අපේ ඉන්ද්‍රියවලට ද (පංචෙන්ද්‍රියවලට හා මනසට) සාපේක්‍ෂ වෙයි.

අපට වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අප දකින්නේ වෙනත් ලෝකයකි. ඉන්ද්‍රිය ගෝචර ලෝකය යනු ඉන්ද්‍රියවලට සාපේක්‍ෂව අප විසින් පණවාගනු ලබන ලෝකය යැයි අපට අලුත් අර්ථකථනයක් ද දිය හැකි ය. එය අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අප විසින් ලෝකය පිළිබඳ ව නිර්මාණය කෙරෙන අර්ථකථනයකි. ඒ කෙසේ වෙතත් අපට සම්මුති වශයෙන් ගැනෙන විිද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය ගෝචර වන ඉන්ද්‍රියයක් තිබිණි නම් අපට පෙනෙනු ඇත්තේ, අප විසින් ග්‍රහණය කෙරෙනු ඇත්තේ වෙනත් ම ලෝකයකි. ඒ ලෝකය කෙසේ විය හැකි ද?

බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව ආලෝකය යනු විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයේ වෙනස්වීම ප්‍රචාරණය වීම නිසා ඇතිවන්නකි. මෙහි දී වැදගත් වනුයේ විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වීම ය. විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය පමණක් නොව ආලෝකය ද (අයින්ස්ටයින්ට අනුව ෆෝටෝන) අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වේ. අපට මේස, පුටු, ගස් කොළ ආදිය පෙනෙන්නේ ඒ මත වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන් යැයි බටහිර විද්‍යාඥයෝ කියති. එහෙත් අපට ආලෝකය නො පෙනෙයි. ඒ ෆෝටෝන ක්වොන්ටම් අංශු වීමේ ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන්ට අනුව, එනම් ඔවුන්ගේ සම්මුතියට අනුව, විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයක් ඇත. අපට එය ගෝචර වන ඉන්ද්‍රියයක් තිබිණි නම් විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්වීම ද ඒ ඉන්ද්‍රියට ගෝචරවන බව පැහැදිලි ය. එවිට ඒ විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්වීම ප්‍රචාරණය වනු ද අපට ඒ ඉන්ද්‍රිය ආධාරයෙන් දැකගත හැකි වනු ඇත. එසේ නම් අපට ආලෝකය ද දැක ගැනීමට තිබිණි. එනම් අපට ෆෝටෝන දැක ගැනීමට තිබිණි.

එයින් පැහැදිලි වනුයේ බටහිර විද්‍යාඥයන්ගේ ප්‍රවාද, සංකල්ප ආදිය සංගත වීමට නම් ඒ නව ඉන්ද්‍රියයට ක්වොන්ටම් අංශු ගෝචර කර ගැනීමේ හැකියාවක් තිබිය යුතු බව ය. ඒ කුමක් වුවත් එවැනි ඉන්ද්‍රියකට ආලෝකය ද ගෝචර වන්නේ නම් අපට පුටු ආදී වස්තු කෙසේ පෙනීමට ඉඩ තිබිණි ද? අපේ අද ඇති ඉන්ද්‍රියවලට අනුව අපට පුටු මේස ආදිය පෙනෙන්නේ ඒ මත අපට නොපෙනෙන, ගෝචර නොවන ආලෝකය වැටී පරාවර්තනය වීම නිසා ය.

දැන් ආලෝකය ද පෙනෙයි නම් අපට පුටු කෙසේ පෙනෙනු ඇත් ද? ආලෝකය ද පුටු ආදී වස්තු ද එකට පෙනෙන විට අප ඒ දකින්නේ කෙසේ ද? මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් අප මේ ප්‍රශ්න අසා ඇත්තේ බටහිර විද්‍යාඥයන්ගේ කතන්දර උපකල්පනය කරමින් බව හා ඔවුන් කියන කතන්දර අතර සංගත බවක් ඇතිකිරීමේ අරමුණින් ද බව ය. බටහිර විද්‍යාඥ්‍රයන්ගේ කතන්දර සංගත ව ඉදිරිපත් කළ ද අපට වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් වෙනත් ලෝකයක් ග්‍රහණය කිරීමට සිදුවන බව ද මේ සියල්ලෙන් පැහැදිලි විය යුතු ය.

එබැවින් අපෙන් තොරව, අපේ මනසින් පමණක් නොව අපේ අනෙක් ඉන්ද්‍රියවලින් ද ස්වායත්ත ව , වාස්තවික ව නිරපේක්‍ෂ ලෝකයක් ඇතැයි ගැනීම හුදු හිතළුවක් පමණක් බව පෙනී යා යුතු ය. එවැනි වාස්තවික ලෝකයක් ඇතැයි ගැනීම ද මිනිසුන්ගේ නිර්මාණයකි. මිනිසුන් එවැනි වාස්තවික ලෝකයක් ඇතැයි ගන්නේ උද්ගමනයෙන් හා අනුමානයෙනි. මිනිසුන් වූ අප සියළු දෙනාට ම ඇත්තේ එකම ඉන්ද්‍රිය පද්ධතියකි. අප සියළු දෙනාට ම මනස් ඇත. එමෙන් ම අප සියළු දෙනාට ම ඇස් කන් ආදී අවයව හා ආශ්‍රිත ඉන්ද්‍රිය වෙයි. ඒ සම්බන්ධයෙන් අප එකිනෙකා අතර සුළු සුළු වෙනස්කම් ඇති නමුත් ප්‍රධාන වෙනස්කම් නැත. එබැවින් මා පුටුවක් ලෙස ගන්නා වස්තුවක් මගේ සංස්කෘතියෙහි ජීවත්වන තවත් අයකුට ද පුටුවක් ලෙස ගැනීමට කියා දිය හැකි ය. එහෙත් වෙනත් සංස්කෘතියකට අයත් කෙනකුට එසේ කියා දීමේ දී ප්‍රශ්න පැන නගියි.

අපි දැනට අනෙක් සංස්කෘතීන් අමතක කළහොත් පැහැදිලි වන කරුණ නම් අප සියළු දෙනාම බොහෝ විට එකම ආකාරයකට මෙන් ලෝකය දකින බව ය. බොහෝ සංස්කෘතීන්හි මෙලෙස එකම ආකාරයකට ලෝකය දැකීම සියළු දෙනා ම ලෝකය එකම අයුරෙන් දකින බව උද්ගමනය කෙරී ඇත. ඉන්පසු ඔවුන් කරන්නේ එකම ආකාරයකට ලෝකය දකින්නේ කාහටත් දැකිය හැකි එකම ලෝකයක් තිබෙන බව අනුමාන කිරීම ය. මේ ලෝකය වාස්තවික යැයි ද නිරපේක්‍ෂ යැයි ද ගැනීම ඉන්පසු කෙරෙන තවත් උද්ගමනයක් පමණක් වෙයි. එතැනින් නොනැවතුණු ඇතැම් සංස්කෘතීන්හි මේ ඊනියා වාස්තවික ලෝකය යම්කිසිවකු විසින් නිරමාණය කර (මවා) ඇති බවට ප්‍රත්‍යක්‍ෂයක් නොවූ හුදු අනුමානයෙන් ලබාගන්නා වූ දැනුමක් ගොඩනගා ගෙන ඇති බව පැහැදිලි ය.

වෛදිකයන් හෙවත් ඊනියා ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර අපේ කලාපයේ, එනම් චීනයේ සිට ලංකාව දක්වාත් එයින් නැගෙනහිරට ජපානය දක්වාත් එවැනි වාස්තවික ලෝකයක් කිසිවකු විසින් මවනු ලැබ ඇති බවට දැනුමක් නිර්මාණය කර ඇති බවක් අපට කිව නො හැකි ය. අපේ කලාපයට නිර්මාණවාදය ගෙන ආවෝ බටහිරින් පැමිණි වෛදිකයෝ ය. නිර්මාණවාදය මැද පෙරදිග යැයි බටහිරයන් විසින් හැඳින්වෙන බටහිර ආසියාවේ නිර්මාණයක් යැයි කිව හැකි ය. බටහිර ආසියාවේ කාන්තාර ප්‍රදේශවල සැම දා දක්නට ලැබෙන්නේ එකම පරිසරයකි. එසේත් නැතහොාත් පරිසරයක් නැති ලෝකයකි. මේ පරිසරය වෙනස් නොවන ලෝකයේ ජීවත්වූවන් ට ඔවුන් සමග ගණුදෙනු කළ දෙවිවරුන් නිර්මාණවාදය පිලිබඳ දැනුම ලබාදෙන්නට ඇත. එසේත් නැතහොත් ඒ පරිසරය වෙනස් නොවන ලෝකයේ ජීවත්වූ ඒ සංස්කෘතියේ බුද්ධිමතුන් නිර්මාණවාදයක් නිර්මාණය කරන්නට ඇත.(13/04/10)

නලින් ද සිල්වා

අසංවර පරිභෝජනය


මා ඇමරිකාවට පැමිණි මුල් කාලයේ විද්‍යාගාරයේ උපකරණයක් මත ඉහිරුනු වතුර ස්වල්පයක් පිස දැමීම සඳහා කඩදාසි අත් පිස්නා ගොනුවකින් එකක් ගෙන ඉනුත් කොටසක් ඉරාගෙන පාවිච්චි කරනු දුටු මගේ දේශීය සුදු මිතුරෙකු සිනහ වෙමින් පැවසුවේ කනස්සලු නොවී ඇති තරම් කඩදාසි පාවිච්චි කරන ලෙසත් ඔවුන්ට ඉන් අඩුවක් නැති බවත්ය. ඉදින් වසර ගණනාවකට පසු අද මා ගෙදරදීත් ඉන් පිටදීත් අවශ්‍යවිට කඩදාසි අත් පිස්නා දෙක තුන පාවිච්චි කරන්නේ කිසිදු පැකිලීමක් නැතිවය. සමහර අයට මෙවැනි දේ පිළිබඳව ඇති සංවරය මට නැති බව මා පවසන්නේ සතුටින් නොවේ. ඒ ගැන දුකක් ඇතැයිද මම නොකියමි. මා එදා අර පිරිමැස්මෙන් කඩදාසි පාවිච්චි කලෙත් අද එසේ නොකරන්නේත් හිතා මතා නොව පුරුද්දෙනි. ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව සත්‍යයක් විය යුතුය. සංයමයෙන් පරිභෝජනය කිරීමට මට ලංකාවේදී ලබාදී තිබුන පුරුද්ද ඇමරිකාවේදී පවත්වාගෙන යාමට එහි සංස්කෘතියෙන් පිටුවහලක් නොලැබෙන බව නම් මම දනිමි.

අපි කුඩා කාලයේ ගෙවත්තේ හැදුනු අඹ පේර පවා කඩාගෙන කෑවේ අර පිරිමැස්මකින් යුතුව බව මට මතකය. ඒ අවධියේ රූපවාහිනියක් හෝ අන්තර් ජාලයක් හෝ නොතිබුනු බැවින් අපට සමාජයෙන් පැනවී තිබුන සංස්කෘතික සීමා වැට කඩොලු බිඳ දමන්නට ප්‍රති විරුද්ධ බලවේගයක් නොතිබිනි. පැණි දොඩම් පිරී අතු බිමට නැමී තිබුනත් එකෙකුට එක් දොඩමක් පමණක් ඇතැයි කියැවෙන දොඩම් ගසේ ගීයෙන් කියා පාන්නේ සිංහලුන්ගේ ඒ පුරුද්දය. ගුරුතුමෙකු වූ යූ පී ද සිල්වා මහතා මේ ගීයෙන් තමන්ට අවශ්‍ය තරමට පමණක් පරිභෝජනය කරන ලෙස කුඩා දරුවන්ට අවවාදයක්ද දෙනු ලබයි. එදා ගෙදරදීත් පාසලේදීත් වැඩිහිටියන් ගෙන් මෙවැනි අවවාද අපට නිතර ලැබුනි. මෙවැනි අවවාද හා ඉන් ඇති කර ගන්නා පුරුදු විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් අප සමාජයට ලැබෙන දේය. නමුත් අද ජන මාධ්‍ය හරහා අපට උදේ හවා උපදෙස් දෙන්නේ ඉඳුරන් පිනවීමට ඇති ලැජ්ජා භය නැති කර ගන්නා ලෙසටය. මනසද ඇතුලුව ඉඳුරන් සංවර කර ගැනීම බෞද්ධයින් පමණක් නොව අප රටේ ජීවත්වන වැඩිහිටි ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කොයි කවුරු වුනත් අගය කරන පුරුද්දක් යැයි කිව හොත් එය වැරදි නැත. නමුත් මේ පුරුදු අත් හැර ගැනීම නිසා මතුවන සාමාජයික ගැටළු ඉඳුරන් පිනවීම පදනම කරගත් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයක් හරහා විසඳිය නොහැකිය. මීට හොඳම නිදසුන ඇමරිකාවේ වසංගතයක් වී ඇති තරබාරුකමය.

ඇමරිකාවේ ජීවත්වන්නන්ගෙන් තුනෙන් එකක් පමණ තරබාරු යැයි කියවේ. තරබාරුකම දියවැඩියාවට හෘදයාබදයට අධික රුදිර පීඩනයට මෙන්ම සමහර පිළිකා රෝග වලටද තුඩු දෙන බව බටහිර විද්‍යාඥයින්ගේ මතයයි. මේ බොහෝ රෝග මාරාන්තිකය. බටහිර විද්‍යාව මේ වසංගතයට සොයාගෙන ඇති හේතු අතර ප්‍රධාන වන්නේ ගුණයෙන් අඩු කෑම බීම වැඩියෙන් ආහාරයට ගැනීම හා ශාරීරික ව්‍යායාමය අඩුවීමය. කෙසේ වෙතත් වසර පණහක් පමණ කලක සිට වසරින් වසර උග්‍ර වෙමින් පැමිනෙණ මේ වසංගතය නවතා ගැනීමට බටහිර විද්‍යාවට හැකිවී නැත. ඉදිරියේදී තරබාරු මිනිසුන් ගණන මීටත් වඩා වැඩි වන බවට අනාවැකි පලවී ඇත. නමුත් අතීතයේ පෝලියෝ වසූරිය වැනි වසංගත රෝග මර්ධනය කර ගැනීමට බටහිර විද්‍යාව සමත්වී තිබුනත් මෙහිදී බටහිර විද්‍යාව අසමත් වන්නේ ඇයි? මේ අනිකුත් රෝගත් තරබාරුකමත් අතර මූලික වෙනසක් නම් තරබාරුකම මිනිසුන්ගේ සමාජ-ආර්ථික ක්‍රියාවලියත් සමඟ තදින් බැඳී තිබීමය. නමුත් බටහිර සංස්කෘතිය සමාජ-ආර්ථික ක්‍රියාවලියන් හසුරුවන්නේ තරබාරුකම වර්ධනය වන ආකාරයට මිස මර්ධනය වන ආකාරයට නොවේ. ඒ නිසා ඉන් පැන නඟින දියවැඩියාව හෘදයාබදය හා අධික රුදිර පීඩනය වැනි මාරාන්තික රෝග මර්ධනය කිරීමටද බටහිරුන්ට නොහැකිය. ඔවුන්ට කල හැක්කේ ඒ රෝග කළමනාකරනය කිරීම පමණය.

බටහිර සංස්කෘතියේ ආහාර පරිභෝජනය හා ආහාර සැපයීම (අළෙවි කිරීම) යන ක්‍රියාවලි දෙකටම සදාචාරාත්මක වැට කඩොළු නැත. ඔවුන්ට දොඩම් ගසේ ගීත නැත. කෑමෙන් උපරිම වින්දනයක් ලබා ගත යුතුයැයි ඔවුහු සිතති. එවැනි වින්දනයක් ගෙනදෙන කෑම නිර්මාණය කිරීමට හා ඒ ගැන පර්යේෂණ කිරීමට ඔවුන් මහන්සි වෙති. එසේ නිර්මාණය කල මිළ අධික ගෝමේ ආහාර කෑම බටහිර සංස්කෘතියේ උසස් යැයි සැලකෙන පුරුද්දකි. කොටින්ම අහාර ගැනීම හරහා කෙළවරක් නැති වින්දනයක් ලබාගත හැකි යයි ඔවුහු සිතති. ඒ වින්දනය හඹා යෑමට එරෙහිව බටහිර සංස්කෘතියෙන් වැට කඩොළු බැඳී නැත. අනිත් අතට බටහිර රටවල අහාර සැපයීමේ ක්‍රියාවලිය තුලද සදාචාරාත්මක බවක් නැත. නිෂ්පාදකයෝ තමන්ගේ වෙළඳපල වර්ධනය කර ගැනීමේ අටියෙන් අහාර වලට රස කාරක කවති. එහි ගුණවත් බව අඩු සීනි, මේදය හා ලුණු වැඩි කර පාරිභෝගිකයින් ඒවාට ඇබ්බැහි කර ගනිති. විකිණීමේදී කුඩා දරුවන් හා දුප්පතුන් ඉලක්ක කර ගනිති. ඒ ආහාරවලට ඇබ්බැහි වූවන් තව තවත් එහි බැඳ තබා ගැනීමටත් ඉන් ලාභ ගැනීමටත් ඒවා සුපර් සයිස් කර විකුනති. මේ අනුව පොදුවේ බටහිර රටවල අහාර පරිභෝජනයේත් සැපයීමේත් අසංවර බවක් ඇති බව පැහැදිලිය. ඒ රටවල මිනිසුන් තරබාරු වෙන්නේ ඔවුන්ගෙ මනස ඇතුළු ඉන්ද්‍රීය අසංවර බව නිසායැයි ඊනියා විශේෂඥ දැනුමක් නැති අප රටේ ඕනෑම ගැමියෙකුට පෙනෙනු ඇති. නමුත් බටහිරුන්ට ඒ බව නොපෙනේ. පෙනුනත් ඔවුන්ට එයට පිළියමක්ද නැත. බටහිරුන් මූලික වශයෙන් මේ ප්‍රශ්ණය විසඳන්ට බලන්නේ තරබාරු රොගීන්ට ප්‍රතිකාර කිරීම තුලින්ය. ඒ සඳහා ඔවුන් නව ඖෂධ වර්ග හා සැත්කම් නිර්මාණය කරති, ඒ සඳහා පර්යේෂණ කරති. නමුත් තරබාරුකම හා බැඳි ඇති රෝග පිළිබඳ නිරවුල් දැනුමක් ඔවුන් සතු නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාව නිර්දේශ කරන ප්‍රතිකර්ම කලින් කලට වෙනස්වීමට එක හේතුවක් එයය. කෙසේ වෙතත් තරබාරු රොගීන්ට ප්‍රතිකාර කිරීම තුලින් තරබාරු වසංගතය සමාජයෙන් දුරු කල නොහැකි බව පෙනී යායුතුය. එය බෝවෙන රෝගයක් නොවේ.

මේ වසංගතය සම්බන්ධයෙන් බටහිර විද්‍යාව කරන්නේ මූලික ප්‍රශ්ණය තිබියදී අහු මුලුවල ඇති ප්‍රශ්න විසඳීමය. ඔවුන්ගේ වචනයෙන්ම කියනවා නම් කාමරයේ සිටින තඩි ගොරිල්ලා නොදැක්කාසේ කටයුතු කිරීමය. නමුත් බටහිරුන්ට වෙන කල හැකි දෙයක් නැත. ඔවුන්ට ආහාර පරිභෝජනය හා ආහාර සැපයීම යන සමාජ-ආර්ථික ක්‍රියාවලියේ ඇති අසංවර බවත් සදාචාරාත්මක නොවන බවත් වෙනස් කල නොහැකිය. එය ඔවුන්ගේ සංස්කෘතික දායාදයි. ඒ නිසා මේ ප්‍රශ්ණයත් පරිභෝජනය සම්බන්ධයෙන් පැන නඟින මෙවැනි අනිකුත් සමාජ-ආර්ථික ප්‍රශ්ණත් ඔවුන්ට විසඳිය නොහැකිය. කල හැක්කේ කළමනාකරණය කිරීම පමණි. පරිසර විනාශ කිරීම තවත් උදාහරණයකි. බටහිර විද්‍යාවන්ට පරිසර හානිය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්ණවලට විසඳුම් නැති එක් හේතුවක් නම් ඔවුන්ගේ විසඳුම් මඟින් සංවරයක් නොමැතිව පරිභෝජනය කිරීමට ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කර ගැනීමට මාන බලන බැවිනි. මෙහි විසංවාදයක් ඇත.
සිංහල බෞද්ධ සංස්කෘතිය ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුබව පවසයි. එයට සීමා වැට කඩොළු පණවයි. අපි බටහිරුන් මෙන් කැමති අයට සංවරයෙන් පරිභෝජනය කිරීමට හෝ එසේ නොකරීමට පුද්ගලික නිදහසක් ඇතැයි නොසිතමු. අපිට සංවරවීම සමාජයටත් පරිසරයටත් අනිකුත් සතා සිවුපාවුන්ටත් අපෙන් ඉටු විය යුතු යුතුකමකි. කුඹුරේ සිට බත් පත දක්වා ඇති ක්‍රියා කාරකම් වල මේ සංයමය දැක ගත හැකිය. බොහෝ අයට සමාජයෙන් ස්වායත්තව පුද්ගලිකව මේ සංවර බව ඇති කර ගැනීමට තරම් ශක්තියක් නැතිමුත් සමාජයට අනුව හැඩ ගැහීමට බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අකමැති නැත. අපි ඉතා මෑතක් වනතුරු සමාජයක් හැටියට සංවරයෙන් සිටීමට පුරුදුවුනේ ඒ අයුරිනි. නමුත් අද මාධ්‍ය හරහාත් අධ්‍යාපනය හරහාත් ඊනියා උගතුන් හරහාත් අපට කියනු ලබන්නේ ඒ පුරුදු අත්හරින ලෙසය. එපමණක් නොවේ එසේ සංයමයෙන් කටයුතු කිරීම අප සංස්කෘතියේ පසුගාමී ලක්‍ෂණයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කරති. නමුත් මේ පුරුදු අත් හැර ගැනීම නිසා මතුවන සාමාජයික ගැටළු ඉඳුරන් පිනවීම පදනම කරගත් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයක් හරහා විසඳිය නොහැකි බව බටහිරුන්ගේ තරබාරු වසංගතයෙන් පෙන්වාදී ඇත.

වංශපුර දේවගේ ජානක

Sunday 14 April 2013

අපේ සංවර්ධන මඟ

බටහිරුන් ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගොඩනඟන්නේ වසර පණහක් හැටක් පමණවෙන ඉතා කෙටි කාලයක් ඉහත සිටය. ඒ කතන්දර පවා මෑත අතීතයේ යම් ආර්ථික හා සමාජික සිදුවීම් විස්තර කිරීමට ගොතා ගත් දෑ මිස ඉදිරි අනාගතය ගැන අනාවැකි පල කිරීමට සමත් ඒවා නොවේ. කෙසේ වෙතත් ජාතියක් වශයෙන් අප පැමිණි දුරත් අප යා යුතු දුරත් සලකනවිට මේ ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගෙතෙන්නේ නොගිනිය හැකි කාල සීමාවක් තුලය. අපේ ඉදිරි දැක්ම අද ජීවත්වන සමාජයට පමණක් ලඝු නොවී පරම්පරා ගණනාවක් ඉදිරියට දිව යා යුතුය. මෙතෙක් කල් අප ජාතිය නොනැසී පැවතුනේ අපේ මුතුන් මිත්තන්ට අවුරුදු දහස් ගණනක් තිස්සේ රට ජාතිය රැක ගන්නා ආකාරය ගැන අවබෝධයක් තිබුන බැවිනි. අපි තවත් වසර දහස් ගණනක් රැකෙන්නට නම් බටහිරුන්ගේ සංවර්ධනය පිළිබද අත්හදා නොබැලූ සංකල්ප ඉවතලා අපේ මුතුන්මිත්න්ට තිබූ දැනුම අවබෝධ කරගෙන ඒ මත විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කල යුතු වෙමු.
බටහිර ආර්ථික කටයුතු සිදුවෙන්නේ එමඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස් කල හැකිය යන විශ්වාසය මතය. අපිට ඇති ප්‍රශ්ණය ඔවුන්ගේ ආර්ථික වර්ධනය නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් සිදුවී යැයි පෙන්විය හැකිද යන්නය. මීට අවුරුදු පණහකට හෝ සියයකට හෝ ඉහත දී මිනිසුන් අද තරම් සතුටින් සැනසීමෙන් ජීවත් වුනේ නැතැයි නිගමණය කිරීමට සාධාරන ක්‍රමයක් ඔවුන්ට නැත. යමෙකු එසේ සිතනවා නම් එසේ සිතන්නේ ඔහුට අද හිමි ලෞකික සැප සම්පත් අහිමි වුනොත් සිදුවිය හැකි සිත් තැවුල ගැන ඇති දැනීම තුලින් මිස එදා තිබුන සතුටක් සැනසීමක් ගැන අවබෝධයෙන් නොවේ. ලෞකික සැප සම්පත් මත පදනම් වුන ජීවන තත්වයක් මැනීම සඳහා අපිට භාවිතා කල හැක්කේ අදට අදාල නිර්ණායකය. නමුත් පාරිභෝගික අවශ්‍යතා තව තවත් අළුතින් නිර්මාණය කිරීම මත පදනම් වුන ආර්ථික ක්‍රමයක් තුල ආර්ථිකය වර්ධනය වනවිට ජීවන තත්වය මනින නිර්ණායකද වෙනස්වීම වැලකිය නොහැකිය. ඒ අනුව බලන විට බටහිර ආර්ථික වර්ධනය යනු පසිඳුරන් පිනවීම අරභයා සැනසීමක් නොලැබ නොනැවතිව කෙරෙන උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි විය යුතුය. ඉන් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය කවදාත් ලඟා කර ගත නොහැකි කැරට් අලයකි.
බෞද්ධයින්ටද උසස් ජීවන තත්වයක් ගැන අදහසක් ඇත. ඒ අදහස ගොඩනැඟෙන්නේ ලෝකය අනිත්‍යය අනාත්මය දුකය යැයි සැලකීම තුලිනි. මීට අවූරුදු දෙදහසකට පෙරත් ඔවුන්ගේ පදනම එය වූ අතර අදින් අවුරුදු දෙදහසකට පසුවටත් එය වෙනස් නොවනු ඇත. බෞද්ධයින් උසස් යැයි සලකන ජීවන තත්වයේ නිර්ණායක කලින් කලට වෙනස් නොවේ. ඒ නිසා එය මිරිඟුවක් හෝ කැරට් අලයක් නොව අත් කර ගෙන පවත්වාගත හැකි තත්වයකි. එවැනි උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැක්කේ ලෞකික සම්පත් හඹා යන එමඟින් දුක නිවන්නට බලන සමාජයක නොවේ. නමුත් ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට නම් බෞද්ධයින් බටහිර ආර්ථික සංවර්ධන මඟට ඉඳුරාම වෙනස් මඟක් ගත යුතුය. ඔවුන්ගේ නිවන් දකින මඟත් දිවි ගෙවන මඟත් එකිනෙකට පරස්පර විය නොහැකිය.
රටේ ලෝකේ සිදුවන දේ දනිතැයි සිතන අපේ රටේ උගතුන් සිතන්නේ ආණ්ඩුවේ දූෂණය නැති කලොත් හෝ රජයේ ආයතනවල නාස්තිය හා ගසා කෑම නැවතුවොත් හෝ ආණ්ඩුවේ ඇමතිවරු ගණන අඩු කලොත් හෝ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කලොත් හෝ අපට මීට වඩා උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැකිය කියාය. මේ සියලු දේ කර ගත යුතු බව ඇත්තය. නමුත් ඒ කුමක් කලත් බටහිර ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයක් අනුකරණය කරනතාක් කල් බෞද්ධයින් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය ඔවුන්ට මිරිඟුවක් පමණක් වනු ඇත. දූෂණය හා නාස්තිය නතර කිරීමට දරන උත්සාහයට වඩා බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි. අද අපි දකින දූෂණය හා නාස්තිය බටහිර ආර්ථික ක්‍රමයේම ලක්‍ෂණය. ඒ පිළිබඳව සැකයක් ඇති අයෙක් මෑතදී මුලු බටහිර ලෝකයම ආර්ථික ආගාදයකට ඇද දමමින් ඒ රටවල මුල්‍ය ආයතන මඟින් සිදුකරන ලද වංචා කටයුතු ගැන අධ්‍යනයක් කර ඒ සැක දුරු කර ගත හැකිය. අපි ජාතියක් වශයෙන් බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගත්විට මේ දූෂණය හා නාස්තියද නිරාසයෙන්ම අප හැර යනු නිසැකය.
බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම යනුවෙන් අදහස් වෙන්නේ අපි තව වසර කිහිපයකින් අද මැලේසියාව හෝ වෙනත් දියුනු යැයි සැලකෙන ආසියානු රටක් සිටින තැනට පැමින ඉන් කාලයකට පසු ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක් සිටින තැනට ආර්ථික වශයෙන් පැමිණීමට දරන උත්සාහය අත් හැර දැමීමය. අපේ සංවර්ධන කටයුතුවල තත් කාලීන ඉලක්ක විය යුත්තේ ප්‍රාදේශීයවත් දේශීයවත් ස්වයංපෝෂණයවීම හා සමාජ විශමතා අවම කිරීමය. ඒ ඉලක්ක සපුරා ගත යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් සහ අර පරිස්සමෙන් පරිභෝජනය කිරීම තුලය. වෙළඳ ආර්ථිකය වෙනුවට කෘෂිකර්මය ප්‍රධාන තැන ගත යුතුය. විදේශ ආයෝජන වෙනුවට දේශීය කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රධාන තැන ගත යුතුය. අපේ මඟ බටහිර මඟට ඉඳුරාම වෙනස්ය. ඒ මං දෙකේ එකවර ගමන් කල නොහැකිය. අපිට වැරදී ඇත්තේ අපි මේ ප්‍රතිවිරුද්ධවූ මං දෙකේ එකවර යාමට තැත් කරන නිසාය. එය කල නොහැකිය.
බටහිරුන් නිසැකයෙන්ම අපේ ගමන ආපස්සට යාමක් ලෙස අර්ථ දක්වනු ඇත. ඔවුන් එසේ පවසන්නේ ඔවුන් යන ගමන ඉදිරි ගමනක් යැයි උපකල්පණය කරමිනි. ඔවුන්ට එය ඉදිරි ගමනක් වන්නේ බටහිර ආර්ථිකය මඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස්වේ යැයි ඔවුන් සිතන හෙයිනි. නමුත් එය මුසාවක් බව අපි දනිමු. එක තැන දුවනවා මිස ඔවුන් යන ගමනක් නැත.
අපේ මඟ ගැනීමම සංස්කෘතික පෙරලියකි. එය ලෙහෙසි පහසු නොවේ. එය තනි තනිව යා හැකි ගමනක්ද නොවේ. ජාතියක් වශයෙන් අත්වැල් අල්ලා ගෙන යායුතු ගමනකි. නමුත් එය කවුරුවත් තලමින් පෙලමින් යන ගමනක් නොවේ. අපත් සෙසු ලෝකයාත් සතා සිව්පාවනුත් ගහ කොළත් රැකෙන රැකගෙන යන ගමනකි. අපිට ලොවටම පහන් ටැඹක්විය හැක්කේ ඒ ගමනේ නියමුවෝ වීම තුලිනි.

ජානක වංශපුර

Monday 8 April 2013

දෙමළ ජාතිවාදය හා අපේ විදේශ ප්‍රතිපත්තිය

අපේ පමණක් නොව ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ රටේ අභ්‍යන්තර ප්‍රතිපත්තියට අනුකූල වන අයුරින් ය. රටක විදේශ ප්‍රතිපත්තිය ඒ රටෙහි අභ්‍යන්තර ප්‍රතිපත්තියෙහි විස්තීරණයක් (දිගුවක්) යැයි ඇතැම් බටහිර දේශපාලනඥයෝ පවසති. එය අමුතුවෙන් කිවයුත්තක් නො වේ. අභ්‍යන්තර ප්‍රතිපත්තිය හා විදේශ ප්‍රතිපත්තිය අතර සංගත බවක් තිබිය යුතු ය. එසේ නොවුණහොත් රට කරවීමට නො හැකි ය. අපේ විදේශ ප්‍රතිපත්තිය රටේ අභිවෘද්ධිය සඳහා සකස් කෙරුණක් විය යුතු ය. එහෙත් අපට රටේ අභිවෘද්ධිය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කිව නොහැකි නම් එවිට විදේශ ප්‍රතිපත්තිය සකස් කරගැනීමෙහි දී ප්‍රශ්න ඇතිවීම වැළැක්විය නො හැකි ය. අපට අනෙක් ප්‍රශ්නවල දී මෙන් ම විදේශීය කටයුතු පිළිබඳ ප්‍රශ්නවල දී ද ජාතික වූ ප්‍රතිපත්තියක් නැත. කිනම් පක්‍ෂයක් බලයට පත්වුවත් අනුගමනය කළ යුතු අපේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු දළ ජාතික ප්‍රතිපත්තියක් ගැනවත් අපට සිතාගත නො හැකි ය. ජෙනීවා හි දී ආණ්ඩුව සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය වීම, එනම් එහි දී සිදුකෙරුණු ක්‍රියා මාර්ගය අනුව අපේ කැමැත්තට පරිබාහිර ව කටයුතු සිද්ධවීම විශාල ප්‍රශ්නයක් යැයි පෙන්වා, අප කැමති වුවත් නැතත් අද බටහිර රටවල් හා ඔවුන්ගේ හෙංචයියන් ලංකාවට එරෙහි වීම ආදිය සිදුවන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වැරදි නිසා යැයි කියන්නේ කෙසේ ද? එ ජා පක්‍ෂය අද ශ්‍රී ල නි ප හා රටේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් කරන විවේචන ඉතා ප්‍රාථමික තත්වයේ ඇත. එහි නායකයන් හා ජ වි පෙ නායකයන් තවමත් අදක්‍ෂ පාසල් විවාද කණ්ඩායම්වල සාමාජිකයන්ගේ තත්වයෙන් ඉහළට පැමිණ නැත.

විදේශ අමාත්‍යාංශයෙන් පත්කෙරෙන තානාපතිවරුන්ගේ ප්‍රශ්නයක් ලෙස විදේශ ප්‍රතිපත්තිය දැකිය නො හැකි ය. තානාපති තනතුරුවලට පත්කළ යුත්තේ දේශපාලනය ගැන අත්දැකීම් ඇති අය මිස පොතෙන් පතෙන් පමණක් රාජ්‍ය තන්ත්‍රය හා ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන ඉගෙනගත් අය නො වේ. මේ පොතපත මුළුමනින් ම මෙන් බටහිරයන්ගේ කෘති ය. ඔවුන්ගේ ලිපි ලේඛන මගින් කියැවෙන්නේ ඔවුන්ගේ ප්‍රවාද හා සංකල්ප ය. ඒවා බටහිර යුදෙවු ක්‍රිස්තියානි නූතනත්වය (ඊනියා පශ්චාත්නූතනත්වය යනු අවුරුදු පන්සියයක් පැරණි නූතනත්වයේ ම විකාශයක් පමණකි) පවත්වාගෙන යෑමේ අරමුණෙන් නිර්මාණය කෙරුණු දැනුම් වෙයි. මෙරට බටහිර අච්චුවේ කසිකබල් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගෙන විදේශ සේවයට ඇතුල් වී බටහිරයන්ගේ පොතපත පමණක් කියවා ඇති නිලධාරීන්ගෙන් රටට යහපතක් සිදුවේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය. ඔවුන්ගෙන් පමණක් නොව මෙරට අනෙක් උසස් නිලධාරීන් යැයි කියන බොහෝ දෙනකුගේ ද පසුබිම එබඳු වන බැවින් රටට දෙවියන්ගේ ම පිහිට ය. විශ්වවිද්‍යලයීය ඇදුරන් ගැන කතා නොකර සිටීම කාටත් වැඩදායක ය.

අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමට පෙර අපේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සකස්කර ගත යුතු ය. ඒ අපට අවශ්‍ය ආකාරයට මිස බටහිර සංවර්ධන මාදිලි අනුව නො වේ. ඒ සකස් කළ යුත්තේ කෙසේ ද යන්න අපි අපේ ප්‍රවාද ඇසුරෙන් තේරුම්ගත යුතු වෙමු. අප ලෝකය පණවාගන්නේ (බුදුන්වහන්සේ ලෝකය බඹයක් පමණ වූ සිරුර තුළම පණවන්නේ යැයි දේශනාකළ අරුතෙන්) බටහිරයන්ට අවශ්‍ය ආකරයට නම් අපට කිසි දා වගතුවක් නොවනු ඇත. අප ලෝකය පණවාගත යුත්තේ අපට අවශ්‍ය ආකාරයට ය. අද ඇතිවන ඊනියා සංවර්ධනය සිංහල බෞද්ධ සංවර්ධනයක් නොවන බව පැහැදිලි ය. අපට අවශ්‍ය කෙසේ වුවත් ධනය රැස්කර ගැනීම නො වේ. අවාසනාවකට අද අපේ සිංහල බෞද්ධකම දානයට, පිරිතට, මතක වස්ත්‍රයට සීමා වූ නාමමාත්‍රික එකක් බවට පත් වී තිබේ. එය පන්සිය වසරකට අධික බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ප්‍රතිඵලයකි. පනස්හයේ පෙරළියෙන් පසු තුරග තරග නැවැත්වීමට අපට හැකි විය. එහෙත් ඉන් අවුරුදු පනස්හයකට පසුව අප පැමිණ ඇත්තේ කොතැනකට ද? සුරාව, සූදුව, ගණිකාවන් හා බිරිය නොවන වෙනත් ගැහැණුන් වෙත යෑම, සත්ව හා මිනිස් ඝාතන, හොරකම මෙරට සමාජයේ රජයන්නේ අප බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවීම හේතුවෙනි. මෙහි පසුබිමේ ඇත්තේ පරිහාණිය සංවර්ධනය ලෙස උගන්වන පාසල් හා විශ්වවිද්‍යාලවලින් ලබාදෙන ඊනියා විද්‍යාත්මක දැනුම ය. ප්‍රත්‍යක්‍ෂයක් නොවූ බටහිර වියුක්ත දැනුම උද්ගමනයෙන් හා අනුමානයෙන් ලබාගන්නා වූ පට්ටපල් බොරු කතන්දර පමණක් වෙයි. මේ දිනවල මේ පට්ටපල් බොරු පිලිබඳ සාකච්ඡාවක් ඇතිවීම ගැන නම් සතුටු විය හැකි ය.

ජෙනීවාහි දී අපට අත් වූ පරාජයක් නැත. බටහිර ආධිපත්‍යයට යට වූ ඉන්දියාව ඇතුලු රටවල් විසිපහක් ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමෙන් රටට අත් වූ අපකීර්තියක් නැත. අද බටහිරට විරුද්ධව අලුත් ලෝකයක් බිහිවෙමින් ඇත. අප අපේ දැනුම අනුව කටයුතු කළහොත් ඒ අලුත් ලෝකයෙහි ඉතා කීර්තිමත් රටක් වනු ඇත්තේ ලංකාව ය. මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර ගැති නොවන අලුත් ලෝකයෙහි කීර්තිමත් නායකයකු වන්නේ ද නැතහොත් මෙරට ඊනියා උගත් මධ්‍යම පාංතික නිවටයන්ට හා පුස්සන්ට (ඇංකරයන්ට) සවන් දී අපකීර්තියට පත්වන්නේ ද? ඒ මහතා කසිකබල් ඇංකරයන්ට සවන්දිය යුතු නො වේ. ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් වූ දෙමළ ජාතිවාදය ඉන්දියාවේ ද සහායෙන් දෙමළ ත්‍රස්තවාදයක් බවට පත්කරනු ලැබුයේ එකී ජාතිවාදය මගින් සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ය. මහින්ද රාජපක්‍ෂ මහතා බටහිරයන්ට හා ඔවුන්ට ගැති ඉන්දියාවට එරෙහිව ඉන්ද්‍රඛීලයක් ලෙස සිටිමින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අයෝමය දේශපාලන නායකත්වයක් ලබාදුන්නේ ය. එමගින් ලංකාවට ද මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන්ට ද අත්වූයේ කීර්තියකි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිරින් හෝ බටහිර ගැති ඉන්දියාවෙන් හෝ අපට සහායක් නො ලැබුණි. අවසාන මොහොතේ දී ද බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය වූයේ ප්‍රභාකරන් බේරා ගැනීමට ය. නම්බියාර්ලා කටයුතු කළේ ඒ සඳහා ය. එහෙත් අද රාජ්‍ය නොවන සංවිධානවල ගැත්තන් කියන්නේ අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිර රටවල හා ඉන්දියාවේ සහාය ලැබුණු බව ය. ඔවුන්ගේ සහාය සැමදාමත් තිබුණේ දෙමළ ත්‍රස්තවාදයට ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ අයෝමය දේශපාලන නායකත්වය හමුවේ ඔවුන්ට කරකියාගත හැකි දෙයක් නැතිවිය.

දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ගත්කල අපේ විදේශ ප්‍රතිපත්තිය කෙසේ සකස්විය යුතු ද? ඒ සකස්කිරීම සඳහා අප පළමුවෙන් ම දෙමළ ජාතිවාදය හැදෑරිය යුතු ය. ඒ පිළිබඳ අපේ ප්‍රවාද සකස්කර ගත යුතු ය. එහෙත් අවාසනාවකට අප තවමත් දෙමළ ජාතිවාදය දකින්නේ, නිවැරදිව කියන්නේ නම් නොදකින්නේ, බටහිරයන්ගේ ඇසිනි. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූයේ ඒ පිළිබඳ අපට අපේ ම වූ දැනුමක් ද තිබුණු බැවිනි. දෙමළ ත්‍රස්තවාදීන් සමග දිගින් දිගට ම සාකච්්ඡා කරන ලෙස බටහිරයන් හා ඉන්දියාව අපට බලකරද්දී ඇංකරයන් හැරෙන්නට මෙරට සිංහල ජනතාවගෙන් අති විශාල බහුතරය දෙමළ කොටි ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම්වලින් පරාජය කළ යුතු බව කියා සිටියහ. එය ජනාධිපතිතුමාට විශාල ශක්තියක් විය. එහෙත් අද අවාසනාවකට දෙමළ ජාතිවාදය ගැන ඒ මහතාට උපදෙස් දීමට සිටින්නේ එදා සාකච්ඡාවෙන් ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳිය යුතු යැයි කී අය වීම කණගාටුදායක ය. එපමණක් නොව මෙරට සිංහල ජනතාවගෙන් බහුතරයට ද දෙමළ ජාතිවාදය පිළිබඳ අවබෝධයක් නැත. ඒ බහුතරයට දෙමළ ජාතිවාදයක් ඇති බවක්වත් නොවැටහෙයි. ඔවුන් ද දන්නේ ඒ සම්බන්ධයෙන් බටහිරයන් කියන දෑ ය. බටහිර මතවාද පුනරුච්චාරණය කිරීම විශ්වවිද්‍යාලවල හා රාජ්‍ය නොවන සංවිධානවල සිටින බටහිර ගැති අනුකාරක පුස්සන්ගේ කාර්යභාරය වී ඇත. මේ එක පුස්සකු ඊළාම් ජාතික ගීයක් ද ලියූ බව මෙහි දී අමතක නොකළ යුතු ය. ඔහු ද ඔහුගේ මිතුරෝ ද ද්‍රෝහිහු වෙති. බටහිරයන්ගේ සාහිත්‍ය විචාර හා වෙනත් දැනුම් පුනරුච්චාරණය කිරීම සඳහා ඊනියා උගතුන් අවශ්‍ය නො වේ. පරිගණකවලට ද ඒ කළ හැකි ය. මෙරට පඬියකු තවත් පඬියකු සමතික්‍රමණය කිරීම යනු ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් එළිදැක්වීමක් නොව දෙවැනි පඬියා විසින් අනුකරණය කරනු ලැබූ බටහිරයකු පළමු පඬියා විසින් අනුකරණය කෙරුණු වෙනත් බටහිරයකු විසින් සමතික්‍රමණය කිරීමකි. මෙරට පඬියෝ සමතික්‍රමණය ද අනුකරණය කරති!

මා මෙහි දී බලාපොරොත්තු වන්නේ දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි පැහැදිලි කිරීම නො වේ. අපේ විදේශ ප්‍රතිපත්තිය ඒ සම්බන්ධයෙන් ගත්කල පීලි පැන ඇති බවට සාකචඡාවක් ඇරඹීම මගේ අරමුණ වෙයි. දෙමළ ජාතිවාදයක් නැතැයි යන්නත් ඇත්තේ සිංහල ජාතිවාදයක් හා බෞද්ධ ආගම්වාදයක් පමණක් බවත් උසස් පෙළ පරීක්‍ෂණයෙන් එස් සාමාර්ථ ලබාගත් පඬියන්ගේ් හා ඉන් ඉහළ සුදුසුකම් ලැබූ පඬියන්ගේ සාමාන්‍ය දැනීම බව වෙබ් අඩවිවල හා ජනමාධ්‍යයෙහි සඳහන්වන කියුම්වලින් පැහැදිලි වෙයි. දෙමළ ජනතාවට 1948න් පසුව විශාල අසාධාරණයක් සිදු වී ඇති නිසා සාකච්ඡා මගින් ඒ අසාධාරණ නැතිකිරීමට නොහැකි වූ දෙමළ ජනයා ආයුධ අතට ගත්තේ් යැයි සිතීමට බොහෝ සිංහලයන් පුහුණු කෙරී ඇත. දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා ඒ අසාධාරණකම් නැතිකිරීමට ගෙනෙන ලද විසඳුමක් යැයි පැවසෙයි. එබැවින් දහතුන්වැනි සංශෝධනය (මෙය නීී්‍යානුකූල පණතක් නො වේ) අහෝසි කළ යුතු යැයි කී වහාම පඬියෝ එයට විකල්පයක් ඉල්ලති. බටහිරයන් හා ඉන්දියාව කුමක් කීවත් ප්‍රශ්නයක් නැති තැන විසඳුමක් හෝ විකල්පයක් හෝ අවශ්‍ය නො වේ. අප ද තවමත් දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇති බව පිලිගන්නා හෙයින් දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ගත්කල අපේ විදේශ ප්‍රතිපත්තිය අපට ම විරුද්ධව ක්‍රියාත්මක වෙයි. අපි බටහිරයන් හා ඉන්දියාව (මේ කඩදාසි කූට්ටමේ ජෝකරයන් වනුයේ ජයලලිතා හා කරුණානිධි බව පැහැදිලි විය යුතු ය) කියන දේ හමුවේ අසරණ වෙමු. එහි දී අපේ අසරණ බව වැඩිකිරීමට එ ජා ප හා ජ වි පෙ ක්‍රියා කරයි. පිටරට සිටින විසිරුණු දෙමළ ජනයාගේ ඡන්දය තීරණාත්මක වන බැවින් බටහිරයන්ට ඔවුන්ගේ උද්ඝෝෂණවලට ඇහුන්කම් දීමට සිිදු වී ඇතැයි බටහිරයන් කියන්නේ ඒ දෙමළ ජනයාගේ ඊනියා විරෝධය පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් විසින් බව වසංකිරීමට ය. බටහිර රටවල එයට වැඩි සංඛ්‍යාවක් මුස්ලිම්වරු සිටිති. එහෙත් බටහිරයෝ මුස්ලිමුන්ගේ ඡන්දය තීරණාත්මක යැයි කියමින් ඔවුන්ට සවන් දෙත් ද? අපි පළමුව දෙමළ ජාතිවාදය තේරුම් ගනිමු.

(13/04/07)

නිර්මාණය කෙරෙන බොරු

වියුක්ත දැනුම ඉන්ද්‍රිය ගෝචර නො වේ. සරල රේඛාවක් යනු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක් නො වේ. දිගක් පමණක් ඇති පළලක් හෝ ඝනකමක් හෝ නොමැති ජ්‍යාමිතික සංකල්ප පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සාධාරණීකරණයට ලක් වූ සංකල්ප එකක්වත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සියළු බල්ලන් සාධාරණීකරණයෙන් ලබාගන්නා වූ බල්ලා සංකල්පය අහවල් බල්ලා හෝ බල්ලකු හෝ මෙන් පංචෙන්ද්‍රීියයන්ට ගෝචර නො වේ.

සාධාරණ බල්ලා යන සංකල්පය සිතෙන් මවාගත හැකිවත් නො වේ. එය සිතෙන් පණවා ගතයුත්තකි. එය පඤ්ඤත්තියකි. ප්‍රශ්නය වනුයේ බටහිර විද්‍යාවේ බොහෝ ප්‍රවාද එවැනි සිතෙන් මවාගත නෙහැකි සංකල්පවලින් ප්‍රකාශ කිරීම ය. ඕනෑම් අංශු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය මේ යැයි කියන විට ඕනෑම අංශු ගැන කියැවෙන්නේ සාධාරණ වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති ලෙස ය. එපමණක් නොව ගුරුත්වාකර්ෂණ බලය යන්න ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්පයකි.

එහි තේරුම නම් ඕනෑම අංශු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය යන්න පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන්නක් වීම ය. එහෙත් බටහිර විද්‍යාව මහත් ආඩම්බරයෙන් කියන්නේ එහි දී ඉන්ද්‍රිය ගෝචර සංජානන ගැන හදාරණ බව ය. එපමණක් නොව පංචෙන්ද්‍රියයනට ගෝචර සංජානන මත දැනුම පදනම් වන බව ය. එසේ වුවත් එසේ ලබාගන්නේ යැයි කියනු ලබන සංජානන පිළිබඳ ප්‍රවාද ගෙතෙන්නේ වියුක්ත සංකල්ප ආධාරයෙනි. ඇතැම් විට සිතෙන්වත් මවාගත නොහැකි පඤ්ඤත්ති ඇසුරෙනි.

මෙය අප විසින් තවදුරටත් විස්තරාත්මක ව සාකච්ඡා කළ යුතු කරුණකි. බටහිර විද්‍යාවේ ඇති ප්‍රධාන ම විසංවාදය මෙලෙස ප්‍රකාශ කළ හැකි ය. බටහිර විද්‍යාව ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප මත රඳා පවතියි. දැනුම ලබාගැනීම ආරම්භ කරන්නේ බටහිර විද්‍යාවේ කියැවෙන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචෙන්ද්‍රියවලට පමණක් ගෝචර සංජානන මත පදනම් වී ය. මෙය ම පට්ටපල් බොරුවක් බව අපි සඳහන් කළෙමු. එයට හේතුව බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් කුමක් කීවත් හුදු සංජානන නො තිබීම ය

සංජානනයක් සංකල්පයකින් තොර නො වේ. කලින් ලිපියක සඳහන් කර ඇති පරිදි නිල්බව යනුවෙන් නිල් නම් සංකල්පයෙන් තොර වූ හුදු සංජානනයක් නො මැත. කිසිම සංජානනයක් හුදු සංජානනයක් නො වේ. මෙය නිරන්තරයෙන් අවධාරණය කළ යුතු ය. එසේ වුවත් සංජානනවලින් තොර වූ සංකල්ප තිබිය හැකි ය. සියළු පඤ්ඤත්ති සංජානනවලින් තොර ය. හුදු සංජානන නොමැති වුවත් බටහිර විද්‍යාවෙහි කියැවෙන්නේ දැනුම ලබාගැනීම හුදු සංජානනවලින් ඇරඹෙන බව ය.

ඉන්පසු බටහිර විද්‍යාවේ කියැවෙන්නේ අපූරු කතාවකි. බටහිර විද්‍යාවට අනුව අපට සංකල්පවලින් තොර වූ සංජානන ලැබෙන්නේ පංචෙන්ද්‍රියයන්ගෙනි. එහෙත් මේ පංචෙන්ද්‍රිය විශ්වාස කළ නො හැකි ය. මෙහි දී පැන නගින ප්‍රධාන ම ප්‍රශ්නය වනුයේ විශ්වාසය දැනෙන්නේ කවර නම් ඉන්ද්‍රියයකට ද යන්න ය. ඒ ඉන්ද්‍රිය පංචෙන්ද්‍රියයන්ගෙන් එකක් නොවන බව ඉතා පැහැදිලි ය. ඇස යනු අවයවයක් පමණක් බවත පෙනීම යන්න හුදෙක් ඇසෙන් පමණක් සිදු කෙරෙන කාර්යයක් නොවන බවත් අවධාරණය කළ යුතු ය.

පෙනීම හා සම්බන්ධ ඉන්ද්‍රිය ගැන බටහිර විද්‍යාව කතා නොකරයි. කෙටියෙන් කිවහොත අවයවය හා ඉන්ද්‍රිය අතර වෙනස බටහිර විද්‍යාවේ ගැඹුරෙන් සකච්ඡා වන්නක් නො වේ. පංචෙන්ද්‍රිය මනසෙන් ස්වායත්ත නො වේ. මිය ගිය අයකුගේ කණ තිබුණ ද පෙනීමට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක නො වේ. එයට හේතුව මියගිය අයකුට මනසක් නො වීම ය. මනස හෙවත් මනෙන්ද්‍රිය නොමැති ව වෙනත් ඉන්ද්‍රියයක් නො මැත.

පංචෙන්ද්‍රිය විශ්වාස නොමැති බව කියන්නේ වෙනත් ඉන්ද්‍රියයක් නොව මනස ය. මනස වෙනත් ඕනෑම ඉන්ද්‍රියයක් සම්බන්ධයෙන් ඒ අවිශ්වාසය ඇති කර ගනියි. එපමණක් නොව මනස ද විශ්වාස නැති බව මනස දනියි. මනස ද සිංහල හා වෙනත් ඇතැම් බෞද්ධයනට අනුව මායාවකි. සිංහල බෞද්ධ දැනුමේ පදනමේ ම එය වෙයි. සියළු දැනුම් සිංහල බෞද්ධයනට අනුව මායාවන් ය. අපි සම්මුතියෙන් ඒ දැනුම් පිළිගන්නෙමු. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය වෙයි. මනස ද මායාවක් බව පිළිගැනීම සිංහල බෞද්ධයනට ප්‍රශ්නයක් නො වේ.

සිංහල බෞද්ධයනට අනුව අපේ සාමාන්‍ය මනසෙන් නිර්මාණය කෙරෙන, එසේත් නැත්නම් සංස්කරණය කෙරෙන, සියළු දැනුම් අවසාන විග්‍රහයෙහි දී මායාවන් වේ. ඒවා නැත. ඒ නො පවතියි. සංකල්පීය වශයෙන් ශූන්‍ය වෙයි. එබැවින් ඒ අසත් ය. එනම් බොරු ය. අප සියළු දැනුම් බොරු යැයි කියන්නේ එබැවිනි. එහෙත් එවැනි බොරු කීමෙන් වැළකීමට අපට නො හැකි ය. අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට කළ හැක්කේ එවැනි බොරු කීම පමණ ය. අප සාමාන්‍යයෙන් බොරු හෙවත් මුසාවාද යැයි කියන්නේ එවැනි බොරුවලට නො වේ.

සංකල්පීය වශයෙන් ශූන්‍ය වූ ද නොපවතින්නා වූ ද, අසත් වූ ද සංකල්ප හා ප්‍රවාද සත් හෙවත් පවතින්නේ යැයි සැලකීම බොරු වෙයි. පුටුවක් නොපවතින කල පුටුවක් ඇතැයි ගැනීම බොරුවකි. එහෙත් එවැනි බොරු කීම සම්මුතියට එකඟ ය. අප සම්මුතියෙන් කියන්නේ බොරු ය. එහෙත් පුටුවක් නැති තැනක පුටුවක් ඇතැයි කීම මුසාවාදයකි. සම්මුතියෙන් වුව ද පුටුවක් නැති තැනක (සම්මුති) පුටුවක් ඇතැයි කීම මුසාවකි.

රේඛීය චින්තනයක් මත පදනම් වූ බටහිර විද්‍යාවෙහි මනස ගැන කිසිම සඳහනක් නොමැතිව, පංචෙන්ද්‍රිය අවිශ්වාස බව සඳහන් කෙරෙයි. එසේ වුවත් ඊනියා වාස්තවික ලෝකයක දැනුමක් ගැන කියන බටහිර විද්‍යාව අවිශ්වාසය ඇතිවන්නේ මනසට බවට ඉඟියක්වත් නොකර පංචෙන්ද්‍රිය හා ඒ ඇසුරෙන් ලබාගන්නා දැනුම අවිශ්වාස යැයි සඳහන් කරයි. දැන් මේ අවිශ්වාස වූ දැනුම, නිවැරදි නොවිය හැකි දැනුම, නිවැරදි කර ගත හැකි ද? එසේ නම් ඒ කරගන්නේ කෙසේ ද? පැහැදිලිව ම ඒ දැනුම නිවැරදි කරගත හැකිනම් ඒ කළ හැක්කේ අවිශ්වාස වූ පංචෙන්ද්‍රිය ඇසුරෙන් විය නො හැකි ය.

පංචෙන්ද්‍රිය මත පමණක් පදනම් වන්නේ යැයි කියන සංජානන මගින් දැනුූම ලබාගැනීම ආරම්භ කළ යුතු යැයි කියන බටහිර විද්‍යාව ඊළඟ මොහොතේ පංචෙන්ද්‍රිය (කාහට දෝ) අවිශ්වාස යැයි කියා ඒ පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා නිවැරදි නොවිය හැකි දැනුම නිවැරදී කරගත හැකි යැයි කියයි. බටහිර විද්‍යාවට අනුව එසේ කළ හැක්කේ බටහිර විද්‍යාව ඇසුරෙන් ය. ඒ සම්බන්ධයෙන්් මාක්ස්වාදීන් මහත් උජාරවෙන් කියන කියමනක් වෙයි. මාක්ස්ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව දෘෂ්‍යමානය යථාර්ථය නම් විද්‍යාවක් අනවශ්‍ය ය.

මෙයින් කියන්නේ කුමක් ද? දෘශ්‍යමානය යනු අප පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නේ යැයි කියන දැනුම ය. ඒ දැනුම අවිශ්වාස බවත් නිවැරදි නොවිය හැකි බවත් බටහිර විද්‍යාව කියයි. මෙහි දී නිවැරදි හා වැරදි යනුවෙන් බටහිර විද්‍යාවේ දී කියැවෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ව ද අපේ අවධානය යොමු විය යුතු ය. වැරදි ය යනුවෙන් මෙහි දී කියැවෙන්නේ අපේ දෘශ්‍යමානය ඊනියා යථාර්ථය නොවන බව හෝ අඩුම තරමෙන් නොවිය හැකි හෝ බව ය. වැරදි හා නිවැරදි යන්න අර්ථදැක්වෙන්නේ, එසේත් නොමැති නම් මැනෙන්නේ, ඊනියා යථාර්ථය යන මිණුම් දණ්ඩට සාපේක්‍ෂ ව ය.

එහෙත් අප කල්තබා දන්නා වූ ඊනියා යථාර්ථයක් නැත. එසේ නම් අප ඊනියා යථාර්ථය මිණුම් දණ්ඩ ලෙස යොදා ගන්නේ කෙසේ ද? මෙයට පිළිතුරක් බටහිර විද්‍යාවේ නැත. බටහිර විද්‍යාවට අනුව ඊනියා යථාර්ථයක් ඇත. අප එලෙස යථාර්ථයක් ඇති බව දන්නේ කෙසේ ද? යථාර්ථය නොදැන යථාර්ථයක් ඇති බව දන්නේ කෙසේ ද? ඊනියා යථාර්ථයක් ඇති බව අපේ උපකල්පනයක් පමණකි. ඒ උපකල්පනය කෙරෙන්නේ මනස විසිනි!

එහෙත් බටහිර විද්‍යාවෙහි ඒ බවක් නො කියැවෙයි. එහි කියැවෙන්නේ මනසෙන් ස්වායත්ත වූ ඊනියා යථාර්ථයක් ඇති බවත් ඒ යථාර්ථය යම් නියමවලට යටත් බවත්, අපට ඒ නියම හා එමගින් ඊනියා යථාර්ථය දැනගත හැකි බවත්, එහි දී පංචෙන්ද්‍රිය ගෝචර දැනුමෙන් අප ආරම්භ කළ යුතු බවත්, එහෙත් ඒ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම ලබාගැනීමේ දී යෙදාගන්නා පංචෙන්ද්‍රිය අවිශ්වාස බවත්, එලෙස ලබාගන්නා වූ දැනුම නිවැරදි නොවිය හැකි බවත්, එනම් ඒ දැනුම ඊනියා යථාර්ථය නොවිය හැකි බවත්, එසේ වුවත් අපට බටහිර විද්‍යාව මගින් යථාර්ථය අවබෝධ කළ හැකි බවත් ය.

අප බොහෝ කලක සිට බටහිර විද්‍යාඥයන්ට, මාක්ස්වාදීන් ඇතුළු සියළු ද්‍රව්‍යවාදීන්ට, කරන අභියෝගයක් වෙයි. එනම් මනසෙන් තොරව, මනසට බාහිරව පවත්නා යථාර්ථයක් ඇති බව හැකිනම් මනසෙන් තොරච සාධනය කරන්න යන්න එ අභියෝගය වෙයි. එ අභියෝගය කිසිවකු මෙතෙක් පිළිගෙන නොමැති බව මෙහි දී සඳහන් කළ යුතු ය. ඒ අභියෝගය කිසිදා කිසිවකු පිළිනොගන්නා බවත් මම දනිමි. මනසෙන් තොරව අප යමක් පෙන්වන්නේ කෙසේ ද? අපේ සියළු සංකල්ප, ප්‍රවාද, අදහස්, මතිමතාන්තර ආදිය මනසෙහි ම උපදියි.

මනසෙන් ස්වායත්ත ව පවතින ඊනියා යථාර්ථයක් ඇති බව මනස ඇසුරෙන් පෙන්වා දිය හැකි අයකු ඇත්දැයි මම නො දනිමි. එසේ සිටියත් එය අපේ අභියෝගයට වැදගත් නො වේ. මනසෙන් ස්වායත්ත ව ඊනියා යථාර්ථයක් ඇති බව මනස ඇසුරෙන් පෙන්වා දීමේ අර්ථයක් නැත. ඒ බව පෙන්වා දිය යුත්තේ හැකි නම් මනසෙන් ස්වායත්ත ව ය. මනසෙන් ස්වායත්තව, මනස යොදා නොගනිමින්, ලෝකයේ ඉතාමත් දෘඪ ම ද්‍රව්‍යවාදියාටවත් කටයුතු කළ නො හැකි ය.

ඒ කෙසේ වෙතත්, බටහිර විද්‍යාඥයෝ තම ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ සාධාරණිකරණයට ලක්කරති. ඕනෑම අංශු දෙකක් සඳහා ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කෙරෙන්නේ ඕනෑම අංශුවක් පොළොව ආසන්නයේ දී එකම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ යැයි ගැලීලියෝගේ පීසා නුවර පරීක්‍ෂණ සාධාරණයකිරීමෙනි (පොදු බව යන අරුතින්). ගැලීලියෝගේ පර්යේෂණ ඇහැට කණට පෙනෙන, එනම් දෘශ්‍යමාන වස්තු කිහිපයක් පමණක් සම්බන්ධයෙන් විය. ඔහු ඒ පරීක්‍ෂණ රික්තයක නො කළේ ය.

එහෙත් බටහිර විද්‍යාඥයන් ඒ පරීක්‍ෂණ සාධාරණයකිරීමට ලක්කළේ රික්තයක සිතින්වත් මවාගත නොහැකි වියුක්ත වස්තු සඳහා ය. ඕනෑම අංශුවක් රික්තයක පොළොව ආසන්නයේ දී එකම නියත ත්වරණයකින් පොළොවට වැටීමක් ගැලීලියෝ විසින් නිරීක්‍ෂණය නො කෙරිණි. ඔහු විසින් රික්තයක් නොවන අවකාශයක කරන ලද්දේයැයි කියන පරීක්‍ෂණවල නිරීක්‍ෂණ උද්ගමනය කිරීමෙන් බටහිර විද්‍යාඥයෝ ඕනෑම අංශුවක් හෝ වස්තුවක් හෝ පොළොව ආසන්නයේ දී එකම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ යැයි කියති. වියුක්ත සංකල්පයක් වූ ඕනෑම අංශුවක් යන්න රික්තයක නොව වායුගෝලයෙහි වුව ද නිරීක්‍ෂණය කළහැකි නො වේ.

(13/04/03)

Who is responsible?

The so called educated middle class in Sri Lanka is preoccupied with Human Rights Commission in Geneva. When Navi Pillai and her reports should be thrown to the wastepaper basket with the video clips of Channel Four of BBC, and NDTV of India with the contempt they deserve, the educated people think that they would be isolated in the world if they do so. Even some of the “nationalists” talked of Government not doing home work when it was heard that that the American resolution against Sri Lanka was adopted in Geneva with twenty five countries voting with US. It probably meant that the government was not prepared for Geneva but the origin of homework goes to schools and teachers who assign students with work that has to be done with the help of the parents and others. It is the teacher who gives homework and the student is burdened with writing answers to the satisfaction of the teacher. If the student does not do homework then he is given a poor F, and even if the student does homework unless the teacher is satisfied with the answers or the report or whatever the teacher has consigned the student will end up with a D or an E. In order to pass or to obtain a good grade the student is forced to produce something that the teacher expects, even if the student does not agree with what he/she has produced. Ahinsaka in the days of Budunwahanse, had to resort to killing people to fulfill the assignment given by the teacher and was prepared to kill his own mother to please the teacher, becoming an Angulimala in the process. Fortunately the Budunwahanse came to his rescue and Angulimala was prevented from committing an “ananthariya karma”.

The teachers at Geneva, namely Navi Pillai who is probably a Vellala, being a descendant of the Tamils in Natal in South Africa, where Vellalas taken by the Dutch from areas in present South India could be found, Channel Four, NDTV, the other human rights vendors including some hired people in the NGos in Sri Lanka came out with a question paper for Sri Lanka on human rights violation allegedly committed by the government of Sri Lanka. I wanted the government to throw the question paper to the wastepaper basket and not to take seriously what these teachers want Sri Lanka to do. We have not committed consciously any violation of human rights during the humanitarian operations and the thirteenth amendment is not on human rights violation unless Madam Jayalaliltha thinks that if the government of Sri Lanka does not implement the thirteenth amendment fully then it amounts to a violation of human rights of the Tamils in Sri Lanka. Jayalalitha is not fit even to act as a teacher in a bioscope (film) and she a Brahmin from south in present day India should be completely ignored leaving the Government of Indian (GOI) to deal with her and the other actor Karunanidhi.

Though Budunvahanse attained Parinibbana two thousand five hundred years ago, the Sinhala people, the Sinhala Buddhists are proud to have kept Buddha Sasana going from strength to strength in Sri Lanka and South East Asia not by force as the westerners did in the case of western Judaic Christian culture, but through karuna and maithree, and are always guided by the Dhamma. Thus the Sinhala Buddhists would not end up as Angulimalas and would not take steps to satisfy the teachers in the west, India and their NGO students in Sri Lanka. The Sinhala Buddhists would not commit the ananthareeya kamma and kill the motherland. Angulimala was about to kill his mother, when Budunvahanse intervened, but in our case in Sri Lanka, however much the western countries and India want Sri Lanka to commit hara-kiri by betraying the sovereignty of the country we will not lose our sovereignty. It is as if the Budunvahanse is alive as people who see Dhamma, see Budunvahanse as well. Some pundits may talk big on violation of Acts, agreements etc., but the Sinhala Buddhists are not interested in preserving the bogus agreements signed with the westerners and betray the country.

In any event we do not have to do “homework” to please the teachers in the west and India who act in collaboration. The west and India ganged up against Sri Lanka during the time Indira Gandhi and even prior to that Gandhi had not being a friend of Sri Lanka. Gandhi fought against the English and their system, but I have much doubts as to whether what is required by the Judaic Christian countries is just that. We are not interested in doing homework assigned by these teachers and we should consider even quitting the system or resigning from the international school of Pillai, and getting admited to another school. We know that the international school is run by US and its allies that include India and we have no intention of losing our sovereignty. Even if we have been given an F by the so called international monitors we should not be bothered as these papers are not recognized by the “non international community” that include Russia and China. Let us get away from the “international” school and register ourselves in a different school altogether. The government should look to the Buddhist and African countries in order to surmount the obstacles created by the west and India.

It is said that the government is not fulfilling the pledges and promises that we have been committed to. In particular it is said the government is responsible for the defeat at Geneva as we were not prepared and also by not doing our homework, especially in regard to LLRC report. It is true that the LLRC was appointed by the government with the mistaken belief that the English educated elite could come out with a report that would give advise to the government on certain aspects of what is known as the Tamil problem. As we have said on so many occasions the government does not have to implement even a single proposal by a commission that it appoints. It is not a compulsory requirement that the government has to implement reports of commissions that it appoints. The government may not implement even a single proposal if it is not the wish of the people.

The LLRC bases its report on the “fact” that the Tamils in this country have injustices caused to them. As far as I am concerned it is not a “fact” and I know that facts are theory dependent according to some western philosophers. The Sinhala people do not have a word for so called fact in their language as they are aware that there are no facts as such. It is the present day Sinhala people, who are guided by western knowledge who are interested in so called facts. The “facts” as far as Sinhala Buddhists are concerned are products of the mind just as much any other knowledge is, and they are dependent on concepts which are constructed by the mind. I have given a different version of the Tamil problem before the LLRC and the response of one of the members to my verbal submission was that we have to give the Tamils something whether my version is correct or not. In a nutshell I consider the Tamil problem as a problem of the English educated Tamil Vellalas who began to lose some of the privileges they enjoyed as the blue eyed boys of the English colonialists after we were given universal franchise.

In any event the Sinhala people oppose the LLRC report and even if the government had promised to implement the LLRC report previously it does not have to do so now as the majority of the people oppose it. If the NGO vendors and the elite who have been able to hold high positions in the country as a result of doing homework and satisfying the teachers, are interested in knowing how I came to the above conclusion I would only say by not doing homework assigned by the the international teachers. If the majority of the people oppose the LLRC report then the government does not have to implement it. The government does not have to please the Navi Pillai crowd against the wish of the people. After all the country has to be governed by the people for the people and not by Navi Pillai and the party for them.

(To be continued)
(13/04/03)

වගකිව යුත්තේ කවු ද?

ඉතා පැහැදිලිව ම ප්‍රශ්නය අසම්පූර්ණය. වගකිව යුත්තේ කුමකට ද යන්න එහි සඳහන් නො වේ. ඉන්දියාවේ දී භික්‍ෂූන් වහන්සේට පහරදීම, මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෙන්නායිහි ක්‍රීඩා කිරීමට බාධක ඇතිවීම, ජෙනීවාහි දී ශ්‍රී ලංකා විරෝධී ඇමරිකන් යෝජනාව සම්මතවීම, හලාල් සහතිකය නිකුත්කිරීම, තවමත් ආසනික් අඩංගු කෘෂිරසායන රටට ගෙන්වීම, කෞතුකාගාරයෙහි තරප්පු පෙළක් කඩා වැටීම, මත්තල ගුවන් තොටුපළට ගුවන්යානා තවමත් නොපැමිණීම, මත්තල තිබෙන්නේ කොහේ දැයි බෑං කි මූන්, ඔබාමා, නවී පිල්ලෙයි ආදීන් නොදැනීම, තමිල්නාඩුවේ කරුණානිධි හා ජයලලිතා අතර ගැටුම ආදී ප්‍රශ්න රාශියකට වගකිව යුත්තේ කවු ද? මත්තල ගැන පිත්තල කතා කියන රනිල් වික්‍රමසිංහ, ඔහු සමග නායකත්ව ප්‍රශ්නයක් ඇදගෙන ඇති සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර, අනුර කුමාර, ලාල්කාන්ත, ටිල්වින් සිල්වා ආදීන් පමණක් නොව ආණ්ඩුවේ ම ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ කියන ආකාරයට නම් ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව ය. පසුව කී පක්‍ෂ සියළු ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව යැයි නො කියයි. එහෙත් ඔවුන්ට අනුව ද ඇතැම් ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව ය. ඔවුහු නායකයන් ලවා ඒ බව නොකියවා විවිධ පුද්ගලයන් හා සංවිධාන මගින් මාධ්‍ය සාකච්ඡා ඔස්සේ තම මත ප්‍රකාශ කරති. මේ එක් අයකුවත් ජනතා දේශපාලනයෙහි නො යෙදීම අරුමයක් නො වේ. ඔවුන්ට ඒ සඳහා ජන පදනමක් නැත. ඔවුන් ජනතා දේශපාලනය වෙනුවට මාධ්‍ය දේශපාලනය තෝරාගෙන ඇත්තේ එබැවිනි. අද ජනතා දේශපාලනයෙහි යෙදෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය හැකි ය. ඒ මහතා ද මාධ්‍ය දේශපාලනයෙහි නියැදෙයි. එහෙත් ඒ මහතාගේ දේශපාලනය එයට පමණක් සීමා වී නැත. රනිල් වික්‍රමසිංහ කොළඹ හෝ වෙනත් නගරයක හෝ සිට මත්තල ගැන කතාකිරීම මහින්ද රාජපක්‍ෂ මහතාට ප්‍රශ්නයක් නො වේ. අද ජාතික ව්‍යාපාරයට ද ශක්තියක් නැත. කලකට පෙර ජාතික ව්‍යාපාරයට තිබූ ශක්තිය ඇතැම් බලලෝභී දේශපාලන පක්‍ෂ විසින් නැති කෙරී තමන් ශක්තිමත් වීමට දැරූ උත්සාහය නතර වූයේ ඒ ශක්තිය හා ජාතික ව්‍යාපාරය ද මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත්කිරීමෙනි.

ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ ද බටහිර නූතන බ්‍රාහ්මණයෝ ද සිංහලයන්ට විරුද්ධ වෙති. හලාල් අප මත බලහත්කාරයෙන් පැටවීමට තැත්කළ ද ජෙනීවාහි දී අමෙරිකන් යෝජනාවට ප්‍රධාන වශයෙන් කණ්ඩායමක් ලෙස මෙන් විරුද්ධ වූයේ මුස්ලිම් රටවල් ය. කිනම් හේතුවක් නිසා එසේ කළ ද අපේ කෘතඥතාව ඔවුන්ට හිමිවිය යුතු ය. බටහිරයන් සමග බොහෝ කලක සිට එකට කටයුතු කරන ඉන්දියාව අද ආසියාවේ තනි වී ඇත. රජිව් ගාන්ධි අපට පරිප්පු බෝම්බ හෙළුෑ අවධියේත් ඔහු ඇමරිකාව සමග එකට කටයුතු කළේ ය. ඇතැමුන්ට ඒ බව අදත් අවබෝධ නො වේ. සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු ඊනියා තුන්වැනි ලෝකය ද ඒ සමග කඩා වැටුණු බව ඇතැම් දේශපාලන විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට නොතේරෙයි. එයට හේතුව බටහිරයන් ඒ බව කියා නොතිබීම ය. ඉන්දියාව තම පැවැත්ම සඳහාත් ඊනියා කලාපීය බලවතා වීම සඳහාත් ඇමරිකාව සමග එකට කටයුතු කළේ ය. ඇතැමුන් හිතන්නේ එදා බටහිර කුමන්ත්‍රණයක් තිබූ බවත් ඉන්දියාව එහි දී ප්‍රතිකුමන්ත්‍රණයක් නිර්මාණය කළ බවත් ය. එහෙත් ඒ ප්‍රතිකුමන්ත්‍රණයක් නොවන බවත් මෙහි කිසිම කුමන්ත්‍රණයක් නැති බවත් දේශපාලන බල තුලනය අනුව යම් යම් දේ සිදුවන බවත් සතිපතා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නන්ට නො තේරෙයි. වරක් ඉන්දියාවට බැණ වදින මොවුහු තවත් වරෙක ඉන්දියාව අපේ ලොකු අයියා යැයි ද ලොකු අයියා අප හදාගැනීමට ටොකු අණින්නේ යැයි ද පවසති. පසුගිය දා පුවත්පත්වල පළ වූ කරුණුවලට අනුව ඇත්තේ ඉන්දියාවේ ඊනියා ප්‍රතිකුමන්තුණයක් නොව ඇමරිකාව සමග වූ ඒකාබද්ධ කුමන්ත්‍රණයකි. මෙවැනි අසංගත ප්‍රකාශ කරන්නන් සමග කිනම් ජාතික ව්‍යාපාරයක් ද? ඊනියා ප්‍රතිකුමන්ත්‍රණය ඒකාබද්ධ කුමන්ත්‍රණයක් බවට පත්වූයේ කිනම් දේශපාලන හේතු මත ද? ඉන්දිරා ගාන්ධි කොටින්ට උදවු කළේ ඊනියා ප්‍රතිකුමන්ත්‍රණයක් ලෙස නො වේ. ඒ සිංහල බෞද්ධ විරෝධී බ්‍රාහ්මණ දේශපාලනය ය. බමුණෝ ජේ ආර් ගේ කියුම් කෙරුම් මගින් තම දේශපාලනය වසංකළහ.

අද කළ යුත්තේ ඉන්දියාව තව තවත් ආසියාවේ තනිකර බ්‍රාහ්මණ දේශපාලනය ඉන්දියාවෙන් පළවා හැරීමට කටයුතු කිරීම ය. අප තමිල්නාඩු කොලොප්පම ද (දෙමළ වචනයකි) ඒ සඳහා යොදාගත යුතු ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ බ්‍රාහ්මණ නොවන දේශපාලනඥයන් සමග සම්බන්ධකම් ඇතිකර ගත යුතු ය. අප අමතක නොකළ යුතු කරුණ නම් නේරු පවුල ද රෝ සංවිධානය ද ඉන්දියාවේ පරිපාලනය ද බ්‍රාහ්මණ බව ය. ඉන්දියාව නිදහසෙන් පසුව පාලනය වනුයේ බ්‍රාහ්මණයන්ට අවශ්‍ය අන්දමට ය. ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ ද බටහිර බ්‍රාහ්මණයෝ ද සිංහල බෞද්ධයනට එරෙහිව කලකට පෙර අත්වැල් බැඳගත්තෝ ය. සොල්හයිම්ලා නිතර දෙවේලේ ඉන්දියාවට ආවේ ගියේ ඇතැමුන් ඉන්දියාව ලොකු අයියා ලෙස සලකමින් ඉන්දියන් මහාකොමසාරිස්වරියන් හමුවීමට යන කාලයේ දී ය. දේශපාලනය කුමන්ත්‍රණ ලෙස දකින්නන්ට තේරෙන දේශපාලනයක් නැත. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් හා බර්ලින් තාප්පය කඩාවැටීමෙන් පසුව ලෝක දේශපාලනය ගමන්ගන්නා මාවත ගැන මෙන් ම දෙමළ ජාතිවාදය ගැන ද මනා අවබෝධයක් නොමැතිව අයට කළ හැක්කේ සියල්ලට ම වගකිව යුත්තේ ආණ්ඩුව බව පැවසීම හෝ ඊනියා කුමන්ත්‍රණ, ප්‍රතිකුමන්ත්‍රණ, ඒකාබද්ධ කුමන්ත්‍රණ ගැන හිතළු කියවීම පමණ ය.

අද ලෝකයේ, එනම් බර්ලින් තාප්පය කඩාවැටීමෙන් පසු, බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට ප්‍රශ්න වී ඇත්තේ මුස්ලිම් චින්තනය හා ථෙරවාදී බෞද්ධ චින්තනය ය. ථෙරවාදී රටවලට විශාල හමුදා ශක්තියක් නැතත් මානව හා පරිසර හිතකාමී චින්තනයක් ඇත. බටහිර විනාශකාරී චින්තනයට විකල්පයක් විය හැක්කේ ඒ චින්තනයට පමණකි. ථෙරවාදී රටවල්වලට එතරම් හමුදා ශක්තියක් නැතත් ලංකාව, තායිලන්තය, මියන්මාරය, කම්පූචියාව ද ථෙරවාදයට සමීප වියට්නාමය ද විදේශීය ආක්‍රමණවලට ඉතා ප්‍රශංසනීය ව මුහුණ දී ඇත. පඬියන් ඔවුන්ගේ බුදුදහමක මුවාවෙන් සිංහල බෞද්ධයන් දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළැක්වීමට කටයුතු කළ ද අපේ රණවිරුවෝ නොසැලෙන දේශපාලන නායකත්වයක් යටතේ ප්‍රභාකරන් පැරදවූහ. සිංහල බෞද්ධයන් වෙනත් සිංහලයන්ගේ ද ඇතැම් මුස්ලිමුන්ගේ ද, දෙමළ කිහිප දෙනකුගේ ද ආධාරය ඇතිව පැරදවූයේ ප්‍රභාකරන් පමණක් නො වේ. සිංහල බෞද්ධයෝ ඉන්දියන් බමුණන් ද බටහිර බමුණන් ද පැරදවූහ. ඒ ඓතිහාසික ජයග්‍රහණය බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආධාරයෙන් ලබාගත් එකක් බවට මතයක් ඇතිකිරීමට ඇතැම් පඬියන් කටයුතු කරනු පෙනෙන්නට ඇත. මේ කුලීකාර පඬියන් බටහිරයන් හා ඉන්දියාව වෙනුවෙන් කරන මේ උත්සාහය ලත් තැන ම ලොප් කළ යුතු ය. අප ජයග්‍රහණය කළේ අපේ ශක්තියෙන් බටහිර හා ඉන්දියාව අපට විරුද්ධව ක්‍රියා කරද්දී ය. ප්‍රභාකරන් ගෙන යෑමට නම්බියාර් වැන්නන් නැව් හා ගුවන් යානා ගෙන්වා ගැනීමට කටයුතු කළ ආකාරය අප කිසි දිනෙක අමතක නොකළ යුතු ය. අප හමුදාව විසින් පරාජය කරනු ලැබුයේ ප්‍රබල බටහිර හා ඉන්දීය ශක්තිය ය.

එය අප අද ඊයේ කළ දෙයක් නො වේ. දකුණු භාරතීය ද්‍රවිඩ ආක්‍රමණ රාශියකට මුහුණ දුන් අපි ඔවුන් පරාජය කළෙමු. අපි පෘතුගීසීනට, ලන්දේසීනට, ඉංගිරිසින්ට යටත් නො වීමු. අවසානයේ දී අප පරාජය වූයේ ඉංගිරිසින්ගේ දැනුමට ය. විශේෂයෙන් ම ඔවුන්ගේ කූට ගිවිසුම්වලට ය. 1815 දී ඩොයිලි පරාජය කිරීමට තරම් දැනුූමක් අපට නො වී ය. අපි ඉංගිරිසි ගැටයට හසු වී ගිවිසුමකින් ඔවුන්ට රට භාර කළෙමු. ඉන්පසු මෑතක දී කුප්‍රසිද්ධ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දීය බ්‍රාහ්මණ ගැටයකට හසුවීමු. දහතුන් වැනි සංශෝධනය ද එහි ප්‍රතිඵලයක් විය. සටන් කිරීමේහි ලා අප පැරදවීමට සමතකු නැත. විවිධ පඬියන් අප කොටින්ට විරුද්ධව හමුදා ක්‍රියා මාර්ග නොගෙන ඊනියා සාම සාකච්ඡා සඳහා මෙහෙයවූයේ බටහිරයන්ට අවශ්‍ය වූයේ අප ඊනියා සාම ගිවිසුමකින් බැඳ තැබීම හේතුකොටගෙන ය. එහෙත් අපි කෙසේ නමුත් හමුදා ක්‍රියා මාරගවලට යොමු වූයෙමු. එහෙත් ඉන්දිය හා බටහිර බමුණන් තම අරමුණ නැතිකරගෙන නැති බව පැහැදිලි ය. බටහිරයන් හා ඉන්දියාව ජෙනීවාහි දී ක්‍රියාකරන්නේ නැවතත් අප ගිවිසුම්වලින් බැඳ තැබීමට ය. ජෙනීවා මානව හිමිකම් සමුළුව අපි ප්‍රතික්‍ෂෙප කරමු. එහි පළමු පියවරක් ලෙස නවී පිල්ලෙයිගේ (ඇතැම් විට වෙල්ලාල) හිතුවක්කාර ක්‍රියාවලට අප්‍රසාදය පළකරන යෝජනාවක් මෙරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු ය. අපි ජෙනීවා යෝජනා ප්‍රතික්‍ෂෙප කරමු.

කොටින්ට එරෙහිව කරන ලද මෙහෙයුම්වල දී බටහිර හා ඉන්දීය බලපෑම්වලට ඉන්ද්‍රඛීලයක් සේ මුහුණදුන් මහින්ද රාජපක්‍ෂ මහතාට ඊනියා මානව හිමිකම් පිළිබඳ ව්‍යාජ චෝදනාවලට මුහුණ දීම ප්‍රශ්නයක් නො වේ. බටහිරයන් ඉදිරිපත් කරන ව්‍යාජ වීඩියෝ පිළිබඳ අප සැලකිල්ල යොමුකළ යුතු නො වේ. ඔවුන්ගේ යෝජනා සතපහකටවත් මායිම් කළ යුතු නො වේ. මෙරට සංස්කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති රනිල්ලාට දයාන්ලා ට තීරණ ගැනීමේ දී අප සවන් දිය යුතු නො වේ. ජෙනීවාහි දී අප රටට වූ අපකීර්තියක් නැත. බටහිරට හා ඉන්දියාවට නොබියව මුහුණ දීමෙන් ඔවුන්ට ගැති නැති රටවල් අතර අපට අත්වනු ඇත්තේ කීර්තියකි. ලෝකයේ යටත්විජිත විරෝධී නායකයන් අතර සුවිශේෂ තත්වයක් මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවනු ඇත. අද අප කළ යුත්තේ පණතක් නොවූ දහතුන්වැනි සංශෝධනය හා පළාත්සභා අහෝසිකිරීම පිළිබඳ පියවර ගැනීම ය. උගත් පාඩම් හා සන්හිඳියා කොමිසම ආණ්ඩුවෙන් පත්කළ ද එහි යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැත. ඇතැම්විට ඒ ක්‍රියාත්මක කරන්නේ යැයි ආණ්ඩුව පොරොන්දුවන්නට ඇත. එහෙත් අද එයට විරුද්ධව ප්‍රබල ජනමතයක් ගොඩ නැගී ඇත. එබැවින් ආණ්ඩුව පොරොන්දුවක් දී තිබුණ ද ජනමතයට කන් දී ඒ පොරොන්දු අස්කර ගත හැකි ය. ආණ්ඩුව සවන්දිය යුත්තේ රටවැසියාට මිස ජෙනීවා කොමිසමට හෝ ඔබාමාට හෝ නවී පිල්ලෙයිට හෝ නො වේ. තමිල්නාඩුවේ චෝලයන්ට එරෙහිව අනෙක් ප්‍රාන්ත සමග ආණ්ඩුව පැරණි රජවරුන් ක්‍රියාකළ ආකාරයට කටයුතු කළ යුතු ය.

Sunday 7 April 2013

මේ දැන් හෙවත් තව ටිකකින්

සිංහලයන්ට ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හැඳින්වීම සඳහා වචනයක් තිබී නැති බව පැහැදිලි ය. එපමණක් නොව සිංහල භාෂාවේ වර්තමාන කාලය හඟවන ක්‍රියා පද ද නැත. සිංහලයේ ඇත්තේ අතීත කාලයක් හා අනාගත කාලයක් පමණකි. සිංහලයේ ඇත්තේ අතීත හා අනතීත කාල පමණක් බව කුමාරතුංග මුනිදාස මහතා පෙන්වා දී ඇත. ඒ අනතීත කාලය යනු අනාගත කාලය මිස වර්තමාන කාලය නො වේ. මම යමි හා මම යන්නෙමි අතර ඇති වෙනස කුමක් ද? සිංහලයේ වර්තමාන කාලයක්, එනම් වර්තමාන කාලය සඳහා රූපයක් නැත්තේ වර්තමානය යනු අතීතය හා අනාගතය වෙන් කරන මොහොත පමණක් වීම නිසා ය. ඒ මොහොත මෙපමණ කාලයක් යැයි අර්ථදැක්විය හැකි නො වේ. අපට අවශ්‍ය පරිදි ඒ මොහොත හෙවත් ක්‍ෂණය කුඩා කර ගත හැකි ය. පැන්සල් තුඩ තව තවත් සිහින් කළ හැකි අයුරින් ක්‍ෂණය ද තව තවත් කුඩා කළ හැකි ය.

ක්‍ෂණය යනු කුමක් දැයි අර්ථදැක්විය හැකි අයකු ඇත්නම් ඒ චතුස්කෝටික න්‍යාය යොදාගන්නා අයකු විය යුතු ය. අවශ්‍ය නම් ක්‍ෂණයක් යනු කාලාන්තරය ශූන්‍ය හා ශූන්‍ය නොවූවක් යැයි කිව හැකි ය. එහෙත් එය ඉන්ද්‍රිය (පංචෙන්ද්‍රිය) ගෝචර ලෝකය සඳහා වැදගත් නො වේ. ක්‍ෂණයක් යනුවෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් අර්ථදැක්වීය නොහැකි බැවින් සිංහලයන් ක්‍ෂණය ද වර්තමානය ද ඉවත දමන්නට ඇත. තුන්වැනි සංගායනාවෙන් අප ලද ක්‍ෂණවාදය එතරම් ජනතාව අතරට ගිය බවක් නො පෙනෙයි.

ක්‍ෂණයක් යනුවෙන් පවත්නා දෙයක් (කාල පරිච්ඡෙදයක්) නැති බව සිංහලයන් තේරුම් ගන්නට ඇත්තේ ඔවුන් බෞද්ධයන් වීමට ද පෙර විය යුතු ය. එබැවින් ථෙරවාදයෙහි සඳහන් ක්‍ෂණවාදයට ලංකාවේ වැදගත් කමක් හිමි වී ඇති බවක් නො පෙනෙයි. වර්තමානය සඳහා ක්‍රියා පද රූපයක් සිංහලයෙහි නොමැති වුවත් පාළි භාෂාවෙහි එසේ ඇති බව පැහැදිලි ය. අප ගච්ඡාමි යනුවෙන් නිතර සඳහන් කරන පදය යමි යන්න සඳහා යෙදෙයි. එය පාළි භාෂාවෙහි අදාළ ක්‍රියා පදයෙහි වර්තමාන රූපය වෙයි. එහි අතීත රූපය ගච්ඡති ද අනාගත රූපය ගච්ඡන්ති වෙයි. ගච්ඡාමි හා ගච්ඡන්ති අතර වෙනසක් තිබුණ ද, යමි හා යන්නෙමි අතර වෙනස කුමක් ද?

පාළි භාෂාවෙහි ආභාසය ලැබීමට පෙර වර්තමානය හා අනාගතය සඳහා සිංහලයෙහි තිබූ රූප කවරේ ද යන්න සොයා බැලීමට මෙරට විද්වතුන් උනන්දුවන්නේ නම් මැනවි. කෙසේ වෙතත් සිංහලයන් වර්තමානයක් යනුවෙන් අර්ථදැක්විය හැකි කාලයක් නැති බව තේරුම් ගන්නට ඇත. වර්තමානය යන්න ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. වර්තමානය යනු මේ යැයි අපට කිව හැකි ද? ඒ නැති නිසා ම දෝ සිංහලයෙහි මේ දැන් යනුවෙන් ව්‍යවහාරයක් වෙයි. එහෙත් අපේ මේ දැන් යන්න ද තවත් විනාඩි කිහිපයකින් සිදුවන්නක බව අපි දනිමු.

වර්තමානය යනුවෙන් කාලයක් පවතින්නේ යැයි ගැනීම ප්‍රත්‍යක්‍ෂයක් නොව අනුමානයකි. අතීතය පසු වී ඇත. එය පඤ්ඤත්තියක් වශයෙන් ප්‍රත්‍යක්‍ෂයක් ලෙස අත්දැක ඇත. අනාගතය ඒමට ඇත. එය ද අපට පඤ්ඤත්තියක් ලෙස ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි ය. වර්තමානය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. මේ දැන් යන්නෙහි අප මේ යන්න කියන විට ද දැන් යන්න අනාගතයෙහි වෙයි. එබැවින් සිංහලයන්ගේ මේ දැන් යන්න ද තව විනාඩි කිහිපයකින්, ඇතැම් විට පැයකින් දෙකකින් වීම පුදුමයක් නො වේ. ක්‍ෂණවාදය පාළියෙන් කිවහැකි වුව ද සිංහලෙන් කීම ප්‍රශ්නයක් වෙයි.

වර්තමානය යනු අතීතයෙහි හා අනාගතයෙහි ඡෙදනය පමණක් යැයි සිතිය හැකි ය. එය පඤ්ඤත්තියක් ලෙස වුව ද ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට තරම් කාලයක් නැත. අතීතය අනාගතයට වෙනස් වන (හැරෙන) ලක්‍ෂ්‍යයක් කාල රෙඛාවෙහි (කාලය සෘණ ඉතා විශාල සංඛ්‍යාවක සිට ධන ඉතා විශාල සංඛ්‍යාවක් දක්වා විහිදෙන්නේ යැයි උපකල්පනය කරමින් අඳීන රේඛාව) ඇතැයි අපි සිතමු. එය අනුමානයක් පමණක් වන්නේ එබැවිනි. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වෙයි. එනම් කාලයෙහි වර්තමානය පමණක් නොව කාලය යන සංකල්පය ම පඤ්ඤත්තියක් පමණක් බව ය. වර්තමානය යනු එක අතෙකින් ගත්කල සීමාකාරී ලක්‍ෂ්‍යයකි.

ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ ද? එය මාර්ටින් වික්‍රමසිංහ මහතා ෆැක්ට්ස් යන්න සඳහා තැනූ ප්‍රකාශයක් යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ෆැක්ට්ස් යන්න ඉංගිරිසියෙහි යෙදෙන්නේ කලින් සඳහන් කර ඇති පරිදි ඉර පායා ඇත ආදී ප්‍රකාශවලින් කියැවෙන්න ගොනු කර ගැනීම සඳහා ය. එහෙත් ඒවා ද හුදු සංජානන නොවන බව අපි දුටුවෙමු. බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් තේරුම් නොගන්නා කාරණයක් නම් හුදු සංජානන නොමැති බව ය. හුදු සංජානන ඇතැයි යන්න හුදු බොරුවක් පමණකි.

රසල් යනු ලොව පුරා ප්‍රසිද්ධියට පත් කෙරුණු (විශේෂයෙන් ම ඉංගිරිසි ජනමාධ්‍ය මගින්) දාර්ශනිකයකු වුවත් ඔහු දැනුම නිර්මාණය කළේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පදනම් වෙමින් යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ඔහුගේ ඊනියා විවෘත මනස විවෘත මනසක් නොමන බව පැහැදිලි ය. විවෘත මනස් ඇත්තේ මියගිය අයට ය. බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින් විසින් ප්‍රසිද්ධියට පත්කෙරෙන බුද්ධිමතුන්, කතුවරුන්, ක්‍රීඩකයන්, නළු නිළියන් ආදීන් ගැන අප දෙවරක් නොව කිහිපවරක් සිතා බැලිය යුතු ය.

රසල් සිතුවේ ඔහුගේ සංස්කෘතියෙහි ය. ඒ සංස්කෘතිය කෙතරම් වියුක්ත වුවත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් පදනම් කරගනියි. කතෝලික සංස්කෘතිය පදනම් වූ කතෝලික චින්තනය සංයුක්ත වූවකි. අප බොහෝ අවස්ථාවල පවසා ඇති පරිදි ආසියාවේ, විශේෂයෙන් ම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිර කතෝලික සංස්කෘතියට අවශෝෂණය කර ගැනීම බටහිරයන්ට ප්‍රශ්නයක් විය. ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම ද ඉන්ද්‍රිය ගෝචර විය. එහෙත් මෙහි දී ඉන්ද්‍රිය වූයේ මනස ය. බටහිරයන්ට මනස ඉන්ද්‍රියයක් නො වේ.

අපට මනස ද ඉන්ද්‍රියයකි. මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රිය පහ ඔස්සේ ලබාගන්නා දැනුමට බටහිරයෝ ඉන්ද්‍රිය ගෝචර දැනුම යැයි කියති. ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ද බටහිරයන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙහි කොටසකි. මේ දැනුම් සංකල්පවලින් ස්වායත්ත යැයි බටහිරයෝ උපකල්පනය කරති. එහෙත් පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් ලබාගන්නා කිසිම දැනුමක් (සංජාන, ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇතුළුව) සංකල්පවලින් ස්වායත්ත නො වේ. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙන් ය. පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගන්නා සියළු දැනුම මනස සමග බැඳී ඇත. බටහිරයන්ගේ පංචෙන්ද්‍රියවලට මනසෙන් තොරව කිසිම දැනුමක් නිර්මාණය කළ නො හැකි ය.

එහෙත් මනසට අනෙක් ඉන්ද්‍රිය නොමැතිව දැනුම නිර්මාණය කළ හැකි ය. මනස හා අනෙක් ඉන්ද්‍රිය අතර ඇති මේ ප්‍රධාන වෙනස බටහිරයන්ට තේරුම් ගත නො හැකි ය. එයට ප්‍රධානම හේතුවක් වනුයේ බටහිරයන් මනස ඉන්ද්‍රියයක ලෙස නො සැලකීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිරයෝ අද බටහිරයෝ මනසෙහි පැවැත්ම ද ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට මනස යන්න මොළය නමැති අවයවයට ඌනනය කළ හැකි ය. බටහිරයන්ට ඉන්ද්‍රියයක් හා අවයවයක් අතර වෙනසක් ඇති බව තේරුම් ගත නො හැකි ය.

එයට ද හේතුව මනස ඉන්ද්‍රියයක් ලෙස නො සැලකීම ය. කණ යනු අවයවයකි. එහෙත් කණ තිබූ පමණින් අපට ශබ්ද නො ඇසෙයි. ශබ්ද ඇසීමෙහි දී මනස වැදගත් වෙයි. කණ මනස සමග එකතු නොවන්නට ශ්‍රවණෙන්ද්‍රියයක් නැත. එහෙත් මනෙන්ද්‍රියට පැවතීමට (සම්මුති අර්ථයකින්) වෙනත් ඉන්ද්‍රියක් හෝ අවයවයක් හෝ අවශ්‍ය නො වේ. මනෙන්ද්‍රියෙහි පැවැත්මට මොළය අවශ්‍ය නො වේ. සිත මිස කය නැති බඹ ලොව පවතින්නේ මනසෙහි පැවැත්මට මොළය හෝ වෙනත් අවයවයක් හෝ අනවශ්‍ය බැවිනි. මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියක සම්මුති වශයෙන් වුවත් පැවැත්මට මනෙන්ද්‍රිය මෙන් ම යම්කිසි අවයවයක් ද අවශ්‍ය වෙයි.

සංකල්පවලින් තොරව සංජානන නොපවතින බව බටහිරයෝ තේරුම් නොගනිති. රසල් නිල්බවක් ගැන සඳහන් කළේ නිල්යන සංකල්පයෙන් තොරව නිල්බව (බලඋඉසහනඑසස) නම් සංජානනයක් ඇතැයි ගැනීමෙනි. නිල්බව යන්න නිල් නම් සංකල්පය සමග බැඳී ඇත. අප ගිය සතියේ ද සාකච්ඡා කළ ආකාරයට හුදු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ නැත. සිංහලයන් ඒ බව දැන සිටියාට සැකයක් නැත. නැති වර්තමානයකට ක්‍රියා රූපයක් නොතැනූ සිංහලයෝ නැති (පංච)ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලට ද වචනයක් නිර්මාණය නො කළහ. මාර්ටින් වික්‍රමසිංහ මහතාටවත් කාලෝ ෆොන්සේකා මහතාටවත් ඒ බව අවබෝධ නොවීම පුදුමයට කරුණක් නො වේ.

අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුම බටහිරයන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් වෙනස් වෙයි. අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුමට අනෙක් ඉන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ලබාගන්නා දැනුම ද අයත් වෙයි. පැරණි භාරතීයයන් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහවස්තු චලනය වන බව දැනගත්තේ ආධ්‍යාත්මික ව බව පැහැදිලි ය. ඔවුන් එය එක්කෝ සෘජුව ලබාගන්නට ඇත. එසේත් නැත්නම් දෙවියන්ගෙන් භූතයන්ගෙන් ආදි වශයෙන් වූ ප්‍රාණීන්ගෙන් ලබාගන්නට ඇත. කෙසේ ලබාගත්ත ද ඒ පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගත් දැනුමක් නො වී ය.

පහළොස්වැනි සියවසට පෙර යුරෝපයේ ද දෙවියන්ගෙන් ආදී වශයෙන් දැනුම ලබාගත් බවට සාක්‍ෂි වෙයි. එහෙත් ඉන්පසු ඒ හැකියාව බටහිරයන්ට සමස්තයක් ලෙස අහිමි වී ඇත. භාරතයෙන් යුරෝපයට ගිය ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිරයන්ට තම සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට මගක් නො වී ය. ඔවුන් වියුක්ත දැනුම් නිර්මාණයට පෙළඹුණේ භාරතීය දැනුම අවශෝෂණය කර ගැනීමට නොහැකි වීම නිසා යැයි අපේ ප්‍රවාදයක් වෙයි.

කෙසේ වෙතත් ඊනියා (පංච)ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හා දැනුම බටහිරයන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) නොහැකි වීම නිසා ඇති වූ සංකල්පයක් වෙයි. ඔවුන්ගේ ඉන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් හා දැනුම ද වෙයි. ඒ අන්කිසිවක් නොව ඔවුන් නිර්මාණය කරන වියුක්ත දැනුම ය. වියුක්ත දැනුම (පංච)ඉන්ද්‍රිය ගෝචර නො චේ. සාධාරණ හෙවත් පොදු පුටුවක් ඉන්ද්‍රිය ගෝචර නො වේ. එපමණක් නොව පොදු පුටුව සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. එය හුදෙක් මනසින් නිර්මාණය කරගන්නා සංකල්පයකි. ඒ කිසිසේත් ම පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් බටහිරයෝ ඒ පිළිබඳ කතා නොකිරීමට වග බලාගනිති.

Arsenic as the cause of CKDU – III

When we commenced our work associated with the Chronic Kidney Disease unidentified etiology (CKDu) it was clear that western medicine did not know the cause of the disease let alone a cure for that. Various substances such as Cadmium, Fluoride, Algae had been mentioned by some researchers as the cause but western medicine had maintained that the etiology was not identified. If Cadmium had been identified as the cause we would have had no reason to go to gods as a method of acquiring knowledge. The gods said Arsenic was the main cause, the other causes being “kumburu pasa” (a particular soil) and hard water. We tested for Arsenic in water, pesticides and some other agrochemicals, and also in body parts such as hair, nails and also in urine of the people in the affected areas. Our tests revealed that there was Arsenic in all the samples we brought from Rajarata areas and as was said in the previous installments we announced these results to the media so that the government and the people would be aware of the situation.

However, it has to be mentioned that though we were able to demonstrate that Arsenic was present in the samples we tested using the methods of western Chemistry we had not identified Arsenic as the cause of CKDu according to the methods used in western medicine. Our knowledge on the cause is basically what the gods told us through Mrs. Senanayake but the fact that we were able to find Arsenic in hard water encouraged us to believe what the gods conveyed. The gods also told us the mechanism through which combined Arsenic and hard water caused the disease. It is not easy to detect Arsenic in hard water as Arsenic is “hidden” inside the molecules of Calcium and Magnesium salts. The Arsenic through hard water reaches the kidneys and get stuck in without being filtered with urine. Had Arsenic filtered out of the kidneys the way Cadmium does not much damage would have been done to the kidneys.

The World Health Organization (WHO), another arm of western cultural colonialism, that propagates western medicine came out with what they call the final report on CKDu about three weeks ago. They do not identify the cause of the CKDu though some politicians laymen as well as Bhikkus try to gain political mileage out of the WHO report by blaming the government . The WHO report mentions that Cadmium as well as Arsenic are present in the samples they tested but finds that Arsenic is not much present in the urine of the patients. This report has been used by politicians as well as so called scientists to mislead the general public. The “scientists” who were adamant that there was no Arsenic in body parts and the agrochemicals now admit that there is Arsenic in those substances. However they attempt unsuccessfully to give the impression that Cadmium is the cause of CKDu, so that they could get some satisfaction by claiming that Arsenic is not the cause. They cannot fool the public in general as western medicine had failed to identify Cadmium as the cause of the disease previously. As western medicine is aware of Kidney Diseases caused by Cadmium had Cadmium being the cause of the disease the western medical personnel could have easily identified it long ago. In fact even the WHO report does not identify Cadmium or any other substance as the cause of CKDu.

The “scientists” who blame us for resorting to so called unscientific methods are interested in claiming that anything but Arsenic is the cause of the disease. These bankrupt scientists after the WHO report have been forced to admit that Arsenic is present in pesticides though previously they “swore by the gods” that Arsenic is naturally present in the soil and also in the human bodies. However, the WHO report, obviously based on experiments carried at so called accredited laboratories with validated results according to a scientist who could not get through his first examination the first time he sat, claims that Arsenic is present in pesticides in harmful quantities.

The balance sheet, as they say, at present is that people die of CKDu, almost two persons in thre days, Arsenic is present in quantities that are harmful to the humans in pesticides, Arsenic is present in various body parts of the patients, though Arsenic is not found in alarming quantities in urine of the patients, western medicine is still unaware of the cause of CKDu, there is no cure for the disease in western medicine, the government is inactive in the sense that they have not taken any meaningful steps to prevent the spreading of the disease. The politicians who are in the opposition as well as in the government who would like to obtain few more votes at the next elections have gone to town criticizing the government. They claim that not enough dialyzing machines have been provided to the hospitals in the affected areas and in certain places such as Padavi Sripura though there is a machine in the hospital there are no trained personnel to operate it. Then they also claim that water filters have not been distributed to the people so that the latter can purify the drinking water.

While we appreciate the distribution of water filters and provision of dialyzing machines to the hospitals it has to be emphasized that neither is a cure for the CKDu. The dialyzing machines will keep the patient alive for a few more weeks but is not a cure. Similarly water filters will make the importers of filters as well as agrochemicals happy without eradicating the disease. If there is no cure for the CKDu in western medicine the government should obtain the services of Ayurvedic, Siddha, Unani and Sinhala paramparika physicians even on an “experimental” basis. There are such physicians who have claimed that they can cure the disease and no harm will be done by encouraging them to try their hands on the unfortunate victims in the affected areas. If western medicine cannot cure the CKDu why not let some others to treat the patients, without asking for the certificates obtained in some school of medicine recognized by the government. We should break away from the certificates, accredited laboratories, validated results of the so called consultants and specialists, scientists and what not. These people to my knowledge have not come out with a new theory or concept and the so called scientific method is nothing but a pattapal boruwa. Are we going to ignore our knowledge and let people die for the sake of maintaining so called scientific method and attitudes?

If the ministry of health states in their cabinet memorandum that the WHO report has not established the cause of the CKDu, we should not try to blame the ministry whitewashing the WHO report. The WHO report produced after spending Rs. hundred million out of which Rs. Seventy million came from the government funds cannot identify the cause or recommend a cure for the report. Though so far we have not been able to establish that Arsenic is the main cause of the disease according to western methods we claim that it is so depending on our methods. It was our group that claimed Arsenic is the main cause of a Kidney Disease for the first time in the world, and we have shown that Arsenic is present in Agrochemicals and body parts of the patients. The fact the WHO report mentions that Arsenic is not found in large quantities compared to Cadmium in urine of the patients give indirect evidence to the cause of the disease as it is clear that Arsenic is retained in the Kidneys causing damage. It has to be mentioned that our studies did not cost the government more than one hundred thousand rupees.

The problem started after the so called green revolution which introduced Agrochemicals to the farmers in the sixties by the UNP government. The contamination of water with Arsenic took place after that, and by the eighties the first CKDu patients had appeared. The use of Agrochemicals have to be stopped gradually introducing the farmers to Sinhala govikma and may be traditional Tamil farming so that we would be able to produce poison less food. There is no point in blaming the present government alone for the killings of the people as all the governments since 1965, have encouraged use of Agrochemicals. I do not criticize the governments either as they get instructions from high powered officials who are trained to believe that the so called scientific solutions have to be adopted. It is the western Christian colonialism with its cultural component involving western Christian knowledge based on Greek Judaic Christian Chinthanaya that have to be blamed for the killing of two people in three days and I deplore the attitudes of the political Bhikkus and politicians who want to maintain the so called western scientific methods in order to win a few votes at the next election sacrificing thousands of people.

(13/03/27)