Main Logo

Saturday, 20 April 2019

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

අප යමක් විශ්වාස කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් සපයන්න මා මේ ලිපියෙන් අදහස් කරන්නේ නැහැ. එය සංස්කෘතික ආර්ථික දේශපාලනික වැඩක්. එය ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. අප යමක් විශ්වාස කරන්නේ අප සමාජයේ විශ්වාස කරන යම් පිරිසක් යම් කරුණක් විශ්වාස කරන බැවින් වීම ප්‍රධාන සාධකයක්. එහි චක්‍රීය බවක් තියෙනවා. එහෙත් එය චක්‍රිය චින්තනය පිළිබඳ නිර්වචනයක් නොවෙයි. තේරෙන්නේ නැත්තන් සෙන් බුදුදහමේ කියමන් ටිකක් කියවන්න.  සෙන් බුදුදහමේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කියන්න හදනවා. මුළු බුදුහමේ ම කරන්න හදන්නේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කීමටයි. බුදුදහම සහ සියළු දැනුම් පද්ධතීන් අතර වෙනස එයයි. බුදුදහම දැනුම් පද්ධතියක් නො වෙයි. එහෙත් එය දැනුම් පද්ධතියක් ලෙස ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒක තමයි මා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය කියල කියන්නෙ. අද සමහරු නිවනත් වචනයෙන් කියන්න පුළුවන් කියනව. ඒ ගැන ආචාර්ය උපාධිත් ගන්නවා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙලා.    අපි පසුව ඉඩ ලැබෙන පරිදි මේ සියල්ල ගැන කතා කරමු. ඉඩ ලැබෙන පරිදි යන්නට මාරයා දෙන ඉඩත් ඇතුළත් වෙනවා. 

Friday, 19 April 2019

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කෙළේ ඇයි?

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කෙළේ ඇයි?

ඩග්ලස් දේවානන්ද වැදගත් ප්‍රශ්නයක් නගලා. ඊයේ දි අයිලන්ඩ් පත්තරේ තමයි මේ ප්‍රවෘත්තිය තිබුණෙ. ඒක  ප්‍රශ්නයකට වඩා   ඉල්ලීමක්. එහෙත් මට නම් ඒක ප්‍රශ්නයක්. දේවානන්ද ඉල්ලන්නේ  ව්‍යවස්ථා සභාවේ විරුද්ධ පක්‍ෂ නියෝජිතයා පත්කිරීමේ දී තම නමත්  සලකන්න කියා. ඔහු එය කතානායකගෙන් ඉල්ලන්නේ. ඔහු කියා සිටින්නේ තමා එකී සභාවට පත් වීම සඳහා තම නම ඉල්ලා අස්කර ගෙන නොමැති බවයි.

Thursday, 18 April 2019

අවුරුද්ද ගැන තවදුරටත්

අවුරුද්ද ගැන තවදුරටත්

සිංහල අවුරුද්ද ගැන මට ඇත්තේ තරමක ආඩම්බරයක්. එය හෙළයන් ලෝකයට දුන් දෙයක් ලෙසයි මා සලකන්නෙ. අප අදත් එය පවත්වාගෙන යනවා. දේශපාලනඥයන්ට, රනිල්ට පවා තම ජීවිතයට සම්බන්ධකමක් නැති අවුරුදු සිරිත් විරිත් පැවැත්වීමට සිදු  වී ඇත්තේ අවුරුද්ද සිංහලයන්ගේ සංස්කෘතියේ ප්‍රධාන ම අංගයක් නිසයි. එය සිංහලයන්ගේ ඇඟේ තියෙනවා. එහෙත් අද ලෝකයේ ඇතැම් රටවල නායකයන් ඒ රටවල ඉන්න දෙමළ කතාකරන ජනයාගේ කතා විශ්වාස කර සිංහල අලුත් අවුරුද්ද දෙමළ අවුරුද්දක් කර තිබෙනවා. එයට වග කියන්න ඕන අවුරුද්ද සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් කරපු ඉංගිරිසිනුත් එය සිංහල හා දමිළ අවුරුද්දක් කරපු නිවට ඊනියා උගතුනුත්. සිංහල අවුරුද්ද පටන්ගෙන ඇත්තේ හෙළයන්. ඒ හෙළයන් ද දෙමළ කිරීමේ වැයමක් ඊනියා ජාතිකවාදී යැයි කියන පුරාවිද්‍යාඥයන් සතුයි.

Wednesday, 17 April 2019

සිංහල අවුරුද්ද හා ථෙරවාදය

සිංහල අවුරුද්ද හා ථෙරවාදය

සිද්ධාර්ථ කුමාරයා ලංකාවෙ උපන්නා කියන එකට හරි හමන් සාධකයක් නැහැ. ඒත් ථෙරවාද බුදුදහම යම් ආකාරයකින්  ආරක්‍ෂා කර ගත්තෙ නම් සිංහල බෞද්ධයො. ඒකට මහාවිහාරෙන් ලැබුණු අනුග්‍රහය හේතු වුණා. එහෙම වුණත් සිංහල බුද්ධාගමේ (සිංහල බෞද්ධ සංස්කෘතියේ) වෛදික බලපෑම් වගේ ම ඇතැමකු අකමැති වුණත් යක්‍ෂ නාග ආභාසත් තියෙනවා. සිංහල දවුරුද්ද යක්‍ෂ නාග බලපෑම මත ථෙරවාද බෞද්ධ සංස්කෘතිය අතුරපු එකක් ලෙසයි මට පෙනෙන්නෙ.

Tuesday, 16 April 2019

නොට්රෙ ඩාම් දේවස්ථානය

නොට්රෙ ඩාම් දේවස්ථානය

පැරීසියේ නොට්රෙ ඩාම් දේවස්ථානය ගිනි ගැනීමේ ඡායාරූප රූහඬපට රූපවාහිනියේ දකින විට ඇති වන්නේ කණගාටුවක්. මේ නොට්රෙ ඩාම් කියන වචන මා ලියා ඇති ආකාරය වැරදි වෙන්න පුළුවන්. ප්‍රංශ භාෂාව උච්චාරණය කරන ආකාරය දැන ගැනීම අපහසුයි. මෙය රෝම අකාරාදියෙන් ලියැවෙන්නෙ Notre Dame කියායි. මේ ඩාම් කිව්වත් ඉංගිරිසියට ගිහින් තියෙන්නෙ ඩේම් කියලයි. ඒ කාන්තාව කියන අරුතින්. නොට්රෙ (ඉංගිරිසියෙන් our)  කියන්නෙ අපේ කියලයි පරිවර්තනය වෙන්නෙ. දේවස්ථානයෙහි සම්පූර්ණ නම සිංහලෙන් කියැවෙන්නෙ පැරීසියෙ අප  කාන්තාවගේ (දෙව්මෑණියන්ගෙ)  දේවස්ථානය කියායි. මෙහි සම්පූර්ණ නම ලියැවෙන්නේ Cathedral Notre Dame de Paris කියායි. කතෝලිකයන් දන්නවා මේ මරිය තුමිය ගැනයි කියැවෙන්නෙ කියල. 

Monday, 15 April 2019

වැඩ ඇල්ලීම


වැඩ ඇල්ලීම

මේ දිනවල දේශපාලනයේ ඇත්තේ නොනගතයක්. එය සිංහල පැය තිස්දෙකක් නැත්නම් ඉංගිරිසි පැය (හෝරා) දොළහයි විනාඩි හතළිස්අටක් වෙන අවුරුදු නොනගතයට වඩා බෙහෙවින් වැඩියි. සමහරවිට සතියක් විතර යන්න පුළුවන්.  මෛත්‍රිපාල මොකක් ද ප්‍රකාශයක් කරන්න සූදානම්ලු. එක එක අය තමන් දකින ආකාරයට ඒ ප්‍රකාශය දැනටමත් දැකල. සජිත් අගමැති කරන්න යනව කියල කියනව. සජිත් අගමැති කරයි ද නැද්ද කියල නම් මා දන්නෙ නැහැ. හැබැයි සජිත් අගමැති කළොත් ඔහු 113 ලබා ගනීවි. 

Sunday, 14 April 2019

අවුරුදු සිතුවිලි කිහිපයක්

අවුරුදු සිතුවිලි කිහිපයක්

ඉර පොළොව වටේ යන බවත් ඒ ගමනේ දී මීනයේ සිට මේෂයට යන බවත් විශ්වාස කරන සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරනවා. අනෙක් අයටත් එසේ කිරීමට කැමති නමුත් ඔවුන් අවුරුද්දක් උදා වෙන බවක් විශ්වාස නොකරන්නේ නම් ඉන් වැඩක් වෙන්නේ නැහැ. මේ අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද. එය නැකැත් අනුව නොනගතයක් ඇතිව සමරන්නේ සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් පමණයි. මෙය සිංහල හා දෙමළ අවුරුද්දක් කළෙ ඉංගිරිසින්. ඔවුන් පළමුව එය සිංහල හා හින්දු අවුරුද්දක් කරා. ඒ දහනවවැනි සිය වසේ සිංහලයන්ට හා දෙමළ කතා කරන්නන්ට සමාන නිවාඩු සංඛ්‍යාවක් දීමට. මේ ගැන මා කලින් ලිපි කිහිපයක් ම ලියා ඇති. පසුව මෙරට පඬියන් සිංහල නම් හින්දු වෙන්න බැහැ කියල ඔවුන්ගෙ (පඬියන්ගෙ) භාෂාවෙන් දමිළ කළා. ඒත් යාපනයට යන්න බැරි නම් වැල්ලවත්තට හරි කොටහේනට හරි ගිහින් බලන්න දෙමළ හින්දු ජනයාට අද අවුරුද්දක් ලබනවා ද කියලා. 

Saturday, 13 April 2019

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම

ජුලියන් අසාන්ජ් ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයෙ ඉන්දැද්දිමයි එංගලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ ඇත්තෙ.  තානාපති කාර්යාල ඒ පිහිටි රටෙන් බාහිර ස්වෛරී ප්‍රදේශ ලෙසයි සලකන්නෙ. අසාන්ජ් අවුරුදු හතක් එක්වදෝර් තානාපති වරප්‍රසාදය ලබාගත්තා. එක්වදෝරයත් ඔහුට ඒ වරප්‍රසාදය ලබා දුන්න. බොහෝ විට අසාන්ජ් දිගට ම තානාපති කාර්යාලයට සීමා වෙලා ඉන්න ඇති. ඒත් එංගලන්තය එක්වදෝරයේත් අනුමැතිය ඇතිව අසාන්ජ් අත්අඩංගුවට ගත් බවක් පේනවා.

Friday, 12 April 2019

කළු කුහර හා පඬියන්

කළු කුහර හා පඬියන්

පසුගිය දා අත්අඩංගුවට ගැණුනු අසාන්ජ් ගැන මෙන් ම අද ලංකාවට ඒමට නියමිත ගෝඨාභය ගැනත්  ලියන්න ඕන. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ලංකාවේ හෝ වෙනත් රටක හෝ පෙළපාලි යන්නේ කවුද කියා බලා ඉන්නවා. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පැහැදිලි වන්නේ සුපිරි භාෂණ නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ සංස්ථාපිතයේ නැති බවයි. සංස්ථාපිතය දන්නවා අවුරුදු කිහිපයක් ගත වී නමුත් දඩයම කරන ආකාරය. 

Thursday, 11 April 2019

කළු කුහර හා උළුඳු වඩ

කළු කුහර හා උළුඳු වඩ

ලංකාවේ උගතුන් අතර කළු කුහර මෙතරම් ජනප්‍රිය බව මා දැන සිටියේ නැහැ. බටහිර ජනමාධ්‍ය ලංකාවේ ජනමාධ්‍යවල ලොකු අයියා. බටහිර තාරකා විද්‍යාඥයන් කළු කුහරයක් දැක ඇති බවයි ඔවුන් වාර්තා කෙළේ. මෙරට උගතුනුත් කළු කුහරයක ඡායාරූප දැකලා. ඒක හොඳයි. සමහරුන් ඒ ගැන තම තමන්ගෙ කතන්දරත් හදලා. කළු කුහර පේන්න නම් ඒ එච්චර ම කළු වෙන්න බැහැලු. ඒකත් ඇත්ත. අවුරුදු පනහකට ඉස්සර, ඒ කියන්නෙ මගේ දැන් වයසින් තුනෙන් එකක පමණ කාලෙ, මාත් ඔය කුහර ගැන අධ්‍යයනය කළා. ඒ කුහර පේන බවක් නම් ඒ දවස්වල කිව්වෙ නැහැ. දැන් පේන්න පටන් අරන් ද දන්නෙ නැහැ. ඔහොම යන කොට කළු කුහරය කුහරයෙන් එළියට එන්නත් බැරි නැහැ. අපි අහස දිහා බලන් ඉමු. මා නම් කළු කුහර ගැන ඉගෙන ගන්න කාලෙ අහස දිහා බැලුවෙ නැහැ. ඊට පස්සෙ නම් අහස දිහා තමයි බලන් ඉන්නෙ. ඒ අහසින් තරුවක් කඩා වැටෙනකම් නො වෙයි. 

Wednesday, 10 April 2019

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කිරීම

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කිරීම

විරුද්ධ පක්‍ෂයේ විවේචනයට පාත්‍ර වන ව්‍යවස්ථා සභාවට පසුගිය දා ආර් සම්බන්ධන් නැවතත් පත් කෙරුණා. ඒ පත් කිරීමට එතරම් අවධානයක් යොමු වුණේ නැහැ. විපක්‍ෂය ද ඒ ගැන නිසොල්මන් ව සිටියා. සම්බන්ධන් පත් කෙරුණේ ඉල්ලා අස් වුණු චමල් රාජපක්‍ෂ වෙනුවට. චමල් රාජපක්‍ෂ පත් කෙරී තිබුණේත් ඒ වෙනුවට සම්බන්ධන් පත් කෙරුණේත් විපක්‍ෂ නායකගේ නිර්දේශය (නාම යෝජනාව) මත යැයි කියැවෙන්නේ. එය තරමක ප්‍රශ්නයක්. කිහිප අතකින් ම ප්‍රශ්නයක්. පළමුවෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රශ්නයක්.

Tuesday, 9 April 2019

කෙටි සටහන් කිහිපයක්

කෙටි සටහන් කිහිපයක්

බොහෝ දේ ලියන්න තියෙනවා. එහෙත් ලිපි කියවන්නේ නැති නිසා ලියල වැඩකුත් නැහැ. මේ ලිපියෙහි කෙටි සටහන් කිහිපයක් තබනවා. සමහරවිට පසුව විස්තර කිරීමේ බලාපොරොත්තුවෙන්. අප රටේ ඊනියා බුද්ධිමය මැදිහත්වීම් ගැන සමහරු කියවනවා. අපේ රටේ ඇති බුද්ධිමය මැදිහත්වීමක් නැහැ. අවුරුදු දහස් ගණනක ඉතිහාසයේ අප විසින් ලෝකයට දෙනු ලැබ ඇති දැනුම කුමක් ද? අප මහායානික අදහස් ගැන කියනවා. නාගර්ජුනපාදයන් ගැන කියනවා. ඒ අදහස් සියල්ල භාරතයේ නිර්මාණය වූ දේ. වෙනස්වීම සම්බන්ධයෙන් නම් මහාවිහාරයේ ප්‍රවාදයක් නිර්මාණය කෙරී ඇති බව වයි කරුණාදාස පවසා තියෙනවා. ථෙරවාදය ගැනත් අපට අර්ථකථනයක් දී ඇත්තේ අන්ද්‍ර ප්‍රදේශයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ. 

Monday, 8 April 2019

මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා

මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා

කලකට පෙර පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ ජාතික හිමිකම් සුරූකීමේ සංවිධානය නමින් එකමුතුවක් සෑදුවා. එහෙත් එයට ජනමාධ්‍යයෙන් කිසිම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ ජනමාධ්‍යවේදීන්ගේ වීරයෙකු නො වෙයි. ජනමාධ්‍යවේදීන්ගේ වීරයකු සුරතලකු වෙන එක ලෙහෙසු පහසු කටයුත්තක් නො වෙයි. උන්වහන්සේට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ ජනමාධ්‍යවලට ආකර්ෂණයක් ඇති සංවිධානයක මාධ්‍ය සාකච්ඡාවකට හරි රැස්වීමකට හරි සහභාගි වුණොත් පමණයි. ඒ කොහොම වුණත් රාජ්‍ය අයිතිවාසිකම් බටහිරයන්ගෙන් ආරක්‍ෂා කර ගන්න අප කටයුතු කරන්න ඕන. බටහිරයන් අපේ රාජ්‍ය අයිතිවාසිකම්, ස්වෛරීභාවය, නැති කරන්නෙ ඊනියා මානව අයිතිවාසිකම් සංකල්පය ඔවුන්ට ඕන විධියට යොදා ගනිමින්. 

Sunday, 7 April 2019

මහින්දගෙ ප්‍රකාශය

මහින්දගෙ ප්‍රකාශය

ඇතැමුන් තමන් මහින්දවාදීන් කියා කිවුවත් ඔවුන් මහින්ද කියන දෙයක් විශ්වාස නොකරන බව පැහැදිලියි. අයවැයට ඡන්දය දීම ගැන ශ්‍රී ල නි පක්‍ෂයේ එහෙත් ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමේ නොවන මන්ත්‍රීවරුන් තුන් ආකාරයකට කටයුතු කර තිබෙනවා. කිහිප දෙනෙකු අයවැයට පක්‍ෂව ඡන්දය දීලා. දුම්න්ද දිසානායක, අප්පච්චි මළෝ වැනි අය අද එ  ජා පාක්‍ෂිකයන් ලෙසයි කටයුතු කරන්නෙ. ඔවුන් ඒ පක්‍ෂයේ සාමාජිකත්වය අරගෙන නැතිව ඇති. ඒත් මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙනව නම් ඒ එ ජා පක්‍ෂයෙන්. 

Saturday, 6 April 2019

බල්ලට දාන සංස්කෘතිය

බල්ලට දාන සංස්කෘතිය



අවුරුදු විසි හතකට අටකට උඩ දි කොළඹ විශ්වවිද්‍යාලෙ වුණා කියන සිද්ධියක් මට පහුගිය දිනෙක අහන්න ලැබුණා.,එක්තරා රැස්වීමක දී විද්‍යා පීඨයේ කවුද ශිෂ්‍යයෙක් කියල සංස්කෘතිය බල්ලට දාපන් කියලා. ඒ ගැන මහා ගාලගෝට්ටියක් ඇති වුණාලු. මට මේ බව කිව්වෙ සමගි කණ්ඩායමේ හිටපු ශිෂ්‍යයෙක්. එකල කොළඹ විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨයෙ එක්සත් කණ්ඩායම හා සමගි කණ්ඩායම කියල කණ්ඩායම් දෙකක් තිබුණා. එක්සත් කණ්ඩායමේ හිටියෙ පොදුවෙ ගත් කල ජාතික චින්තනය පිළිගත් අය. ඔවුන්ට ජාතික චින්තන කණ්ඩායම කියලත් නමක් තිබුණ. මේ කණ්ඩායමේ හිටි සියල්ලන් ජාතික චින්තනයක් ගැන කතා කරපු අය නො වෙයි. බොහෝ දෙනා කණ්ඩායම්වලට බෙදුනෙ තම පාසල් හා වෙනත් මිතුරන් අනුව. අද එක්සත් කණ්ඩායමේ හිටිය අයත් සමගි අයත් ජීවිතේ සම්මත අර්ථයෙන් සාර්ථක කරගෙන. ඔවුන් දේශපාලන වශයෙන් එක එක තැන්වල.

Friday, 5 April 2019

ඛෙමාගේ කොලුවාගේ අයවැය


ඛෙමාගේ කොලුවාගේ අයවැය


අද උදේ දහයට ශ්‍රී ල නි පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අයවැය සම්බන්ධයෙන් කිනම් තීරණයක් ගනීවි දැයි  කියන්න බැහැ. මා නම් කැමති ඔවුන් අයවැයට විරුද්ධ වීමට තීරණයක් ගන්නවා දැකීමට. ඒත් ඔවුන් කිනම් තීරණයක් ගත්තත් ඔවුන් අපේ කඳවුරෙන් පන්නා දැමීමට මා කතා කරන්නේ නැහැ. ඔවුන් කඳවුරෙන් ඉවත් වනු දැකීමට මා අකමැතියි. ඒ ඔවුන් නැතිව ජනාධිපතිවරණය දිනන්න බැරි වීම නිසා ම නො වෙයි. ඔවුන් සිටිය යුත්තේ අපේ කඳවුරේ. මෛත්‍රිපාල එ ජා ප විරෝධි කඳවුරේ අයෙක්. ඔහු වරදක් කළ බව සැබෑවක්. ඒත් එය ඔහු අතින් පමණක් සිදු වූ දෙයක් නො වෙයි. එයට වරදකරුවන් කවුද කියා මා දැන් කතා කරන්නේ නැහැ. ඒත් කඳවුරේ සමගිය හා ශක්තිය වෙනුවෙන්.

Thursday, 4 April 2019

මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය


මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය


අද ශ්‍රී ල නි පක්‍ෂයට අයවැයට පක්‍ෂව ඡන්දය දෙනව ද නැත්නම් විරුද්ධව ඡන්දය දෙනව ද එහෙමත් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී ඉන්නව ද කියල තීරණයක් ගන්න වෙනවා. එය මූලික වශයෙන් ම දේශපාලන තීන්දුවක්. එහෙත් එහි දී වියුක්ත න්‍යායත් යම් ප්‍රමාණයකට බලපානව. අපි ඒ ගැන පසුව කතා කරමු.

Wednesday, 3 April 2019

කඳවුර බිඳ දැමීම




කඳවුර බිඳ දැමීම


අපේ කඳවුර කියන එක පැහැදිලි ව නිර්වචනය කරන්න බැහැ. එහෙත් පොදුවේ ගත්තොත් එ ජා ප විරෝධී බවක් තියෙනවා. එසේ වුවත් එහි කිසිම ආකාරයක සජාතීය බවක් නැහැ. කඳවුරේ සාමාන්‍ය ජනතාව අතර නම් ජාතිකවාදීන් වැඩියි. එහෙත් නායකයන් අතර ජාතිකවාදීන් ඉතා අඩුයි. නායකයන් අතර වැඩියෙන් ඉන්නෙ ඊනියා වාම කේන්ද්‍රිකයන්. ඔවුන් හා ස්මාට් ජාතිකවාදීන් අතර මතවාදී ව යම් සම්බන්ධයක් තියෙනවා. කඳවුර මෙහෙයවෙන්නේ ඔවුන් අතින්. මහින්ද ඊනියා වාම කේන්ද්‍රිකයෙක්.

Tuesday, 2 April 2019

මෛත්‍රිපාල නැති කර ගන්නවා ද?




මෛත්‍රිපාල නැති කර ගන්නවා ද?



පළමුවෙන් ම ඊයේ ලිපියේ තිබූ වරදක් නිවැරදි කළ යුතුයි. එහි මෙසේ සඳහන් වී තිබුණා. "ඒ ඒ ඉතිහාසය ඒ ඒ අය විසින් ලියැවෙන්නේ. ඒ අනාගතයක් ගැනත් බලාපොරොත්තුවෙන් ලියැවෙන දේ. මහානාම හිමියන්ගේ ඉතිහාසයත් එබඳුයි. ඒ ඉතිහාසය එදා සිට පෘතුගීසීන් පැමිණි දා දක්වා ම අප ආරක්‍ෂා කිරීමට අසමත් වුණා." එහි අවසාන වාක්‍යය මෙසේ නිවැරදි විය යුතුයි.  "ඒ ඉතිහාසය එදා සිට පෘතුගීසීන් පැමිණි දා දක්වා ම අප ආරක්‍ෂා කිරීමට සමත් වුණා."  

Monday, 1 April 2019

ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම




ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම





කලකට පෙර සැමුවෙල් හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations)  කියල පොතක් ලිව්ව. ඒකෙ ජාතික චින්තනය ගැනත් ඉතා කෙටි සටහනක් තිබුණ. ගුණදාස අමරසේකර හිතුවෙ හන්ටින්ග්ටන් ජාතිකත්වය අගය කරනව කියා. නමුත් හන්ටින්ග්ටන්ට ඕන වුණෙ ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය (End of History) කියන කෘතියට පිළිතුරක් දෙන්න.