Main Logo

Showing posts with label Chamal. Show all posts
Showing posts with label Chamal. Show all posts

Wednesday, 10 April 2019

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කිරීම

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කිරීම

විරුද්ධ පක්‍ෂයේ විවේචනයට පාත්‍ර වන ව්‍යවස්ථා සභාවට පසුගිය දා ආර් සම්බන්ධන් නැවතත් පත් කෙරුණා. ඒ පත් කිරීමට එතරම් අවධානයක් යොමු වුණේ නැහැ. විපක්‍ෂය ද ඒ ගැන නිසොල්මන් ව සිටියා. සම්බන්ධන් පත් කෙරුණේ ඉල්ලා අස් වුණු චමල් රාජපක්‍ෂ වෙනුවට. චමල් රාජපක්‍ෂ පත් කෙරී තිබුණේත් ඒ වෙනුවට සම්බන්ධන් පත් කෙරුණේත් විපක්‍ෂ නායකගේ නිර්දේශය (නාම යෝජනාව) මත යැයි කියැවෙන්නේ. එය තරමක ප්‍රශ්නයක්. කිහිප අතකින් ම ප්‍රශ්නයක්. පළමුවෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රශ්නයක්.