Main Logo

Showing posts with label අවශෝෂණය. Show all posts
Showing posts with label අවශෝෂණය. Show all posts

Sunday, 22 December 2013

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව - 1


වෙනත් අය නොපිළිගන්නා මත මා ප්‍රසිද්ධියේ පළකරන බවට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විදුසර පුවත්පත මගින් චෝදනා කරනමුත් මට දැනුම් නිර්මාණ ප්‍රකාශ නොකර සිටිය නො හැකි ය. මගේ ප්‍රධාන කාර්යය දැනුම නිර්මාණය කිරීම ය. සියළු දැනුම් බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය. මා නිර්මාණය කරන දැනුම් ද බොරු ය. මගේ නිර්මාණ සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ය. සමහරවිට එය ආත්මවාදී අශෝක බුදුදහමට හා සංස්කෘතියට පටහැණි විය හැකි ය. අශෝක අමරතුංග, කපිල පීරිස් ආදීහු එවිට අවි අමෝරා ගෙන මට විරුද්ධව සටන් වදිති. ඔවුන්ට අනුව ඔවුහු පාරිශුද්ධ ථෙරවාදයෙහි ආරක්‍ෂකයෝ ය. එහෙත් ඔවුහු දෙරණ නාලිකාවේ හෙළවංශය මගින් රාවණගේ පැවැත්ම වෙනුවට බුදුන්වහන්සේගේ නැවැත්ම පිළිගැනීමෙන් හෙළයේ වර්ධනයට හානි වූ බව කියමින් බුදුදහමට නිගාකරන සූරිය ගුණසේකර වැන්නන්ට එරෙහිව කිසිවක් නො කියති. එමෙන් ම ඔවුහු විවිධාකාරයෙන් බටහිර විද්‍යාව ආරක්‍ෂා කරති. අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවක් ඇත් ද නැත් ද යන්නවත් නො දනියි. එහෙත් ඔහු එය ආරක්‍ෂා කරයි. කපිල පීරිස් මහතා රේ විජේවර්ධන මහතාගේ විද්‍යාව ආරක්‍ෂා කරයි. කැනඩාවේ වාසය කරන මහාචාර්යවරයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා මා පාරභෞතික තර්කනයක යෙදෙන්නේ යයි කියයි. ඔහු දැන් කෘෂිරසායනික වකුගඩු රෝගය(කෘවරෝ)ට හේතුව ආසනික් නොව පොහොර වැඩියෙන් යොදාගැනීමත් එහි ඇති ඇතැම් රසායනික සංඝටක මහවැලි නදිය මගින් රජරට පෙදෙස්වලට ගෙනයෑමත් යැයි කියයි. එහෙත් මහවැලියෙන් වතුර නොලබන පෙදෙස්වලත් කෘවරෝ  පැතිරී ඇත. මේ තිදෙනාම දෙමළ ජාතිවාදයට විරුද්ධ යැයි සිතමි. එහෙත් වෙනත් බොහෝ කරුණුවලින් ඔවුහු බටහිරට සේවය කරති. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ මා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය.  මේ අතර බටහිර පඬියකු දැනුම විසින් මිනිසා වහලකු වීමට නුසුදුස්සකු බවට පත්කරයි යනුවෙන් කියා ඇත. මේ පඬියා දැනුම යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කියා නැත. දැනුම අවිද්‍යාව හේතුකොටගෙන (විජ්ජාචරණ නොවීමෙන්) ඒ ඒ චින්තනයෙහි නිර්මාණය (සංස්කරණය) කෙරෙන අතර සංස්කෘතියට, පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‍ෂ වෙයි. විජ්ජාචරණ සම්පන්නවූ බුදුන්වහන්සේ දැනුම නිර්මාණය නොකළහ. අනෙක් සියල්ලෝ ම යම් යම් දැනුම් නිර්මාණය කරති. නිර්මාණය කෙරෙන සියළු දැනුම් බොරු ය. මා විසින් නිර්මාණය කෙරෙන දැනුම ද බොරු ය. මා සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කරන්නේ එසේ නොකළහොත් අප බටහිරයන්ගේ හා වෙනත් අයගේ බොරු දැනුම්වලට යටවන බැවිනි. අපට සරිලන්නේ අපේ බොරු (දැනුම) මිස බටහිරයන්ගේ බොරු (දැනුම) නො වේ. මෙහි දී මගේ මතකයට එන්නේ කලකට පෙර මැතිවරණයක දී ඡන්දාපේක්‍ෂකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ඌත් වලා, මූත් වලා, ගමේ වලා අපට හොඳා යනුවෙන් කෙරී ඇතැයි කියන ප්‍රකාශය ය. ඉහත සඳහන් පඬියාගේ පඬිකතාව උද්ධෘතයක් ලෙස ඉදිරිපත් කරන මෙරට සිටින පුහු නිවට උගතුන් නොදන්නේ බටහිර දැනුම විසින් අප බටහිරයන්ගේ වහලුන් බවට පත්කෙරී ඇති බව ය.  

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර සමානකම් බොහෝ ය. එහෙත් ඒ දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන්ලා කියන ආකාරයෙන් නො වේ. අනෙක් අයගේ මතය නොවුණත්, අමරතුංග මහතා කුමක් කීවත්, මම දකුණු අප්‍රිකාව හා ලංකාව පිළිබඳ මගේ දැනුම ප්‍රකාශ කරමි.  ලෝකයේ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ ය. ලන්දෙසින් අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් වෙල්ලාලයන් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස ගෙනගොස් ඇත්තේ දකුණු අප්‍රිකාවට හා ලංකාවට ය. දකුණු අප්‍රිකාවේ වර්ණභේද රාජ්‍යයක් ගොඩනැගීමට මුල්වූයේ ඒ රට ආක්‍රමණය කළවුන් අතර බහුතරය වූ ලන්දේසින් ය. දකුණු අප්‍රිකාවේ කතාකරන බස අෆ්‍රිකාන් යනුවෙන් හැඳින්වෙයි. එය ලන්දේසි භාෂාවෙන් බිඳී ඇති අතර කලක් කුස්සි ලන්දේසි යනුවෙන් අවඥා සහගතව හැඳින්විණි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඇතිවූයේ ලන්දේසීන් මෙරටට වෙල්ලායන් ගෙන ඒම නිසා ය. අද උතුරු පළාතේ දෙමළ ජනගහණය (සංස්කෘතිය) අවුරුදු තුන්සිය පනහකට පෙර මෙරටට ගෙනෙන ලද වෙල්ලාලයන්ගෙන් පැවත එයි. ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලත් වෙල්ලාලයෝ පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවට පැමිණෙන විටත් එහි සිටි බහුතරය වූ සිංහලයන් දෙමළ සමාජයේ ඊනියා පහත්කුල ජනයා ලෙස අවශෝෂණය කරගත්හ. මෙරට විශ්වවිද්‍යාලයක ඉතිහාසය නමින් බටහිර බොරු උගන්වන කසිකබල් ඉතිහාසඥයකුට නොතේරෙන කරුණ නම් විවිධ කාලවල දී අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශවලින් රටේ අනෙක් පළාත්වලට ස්වේච්ඡාවෙන් සංක්‍රමණය වූවන් (ලන්දේසීන් ආනයනය කළවුන් නොව) තම මුල් සංස්කෘතිය ඉවත ලා, ඇතැම්විට තම සංස්කෘතියෙන් සුළු කොටසක් එකතුකරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූ බව ය. සිංහල සමාජය හා දෙමළ සමාජය අතර ඇති මේ වෙනස ද තේරුම් නොගෙන මෙරට දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නො හැකි ය. දකුණු අප්‍රිකාවේ ද ශ්‍රී ලංකාවේ ද ප්‍රශ්නය ජනගහනයෙන් සුළුතරය බලයෙන් වෙනත් කරුණුවලින් බහුතරය බවට පත්වීම ය. හිරෙන් නිදහස්වීමේ දී සුද්දන් සමග එකඟතාවකට පත්වී ඇති මැන්ඩෙලා හා වර්ණභේදවාදී සුදු පාලකයන් අතර ඇතිවී තිබෙන ඊනියා සංහිඳියාවේ ප්‍රතිඵලය ලෙස දකුණු අප්‍රිකාවේ නිදහසින් පසුව ද ආර්ථික වශයෙන් බලතල ඇති බහුතරය සුද්දන් මිස ජනගහනයෙන් බහුතරය වූ කල්ලෝ නො වෙති. සුද්දන් මැන්ඩෙලාට මෙතරම් ගරුකරන්නේ මැන්ඩෙලාගේ යහපත්කමට ද? සුදු පාලකයන් යහපත්කමට සැලකුවේ කවදා ද? සුද්දන් ගාන්ධිට හා මැන්ඩෙලාට මෙන් අනගාරික ධර්මපාලතුමාට ගරුකරන්නේ නැත්තේ ඇයි? මෙරට පඬියන් මැන්ඩෙලා අගයමින් ධර්මපාලතුමාට පහරදෙන්නේ ඇයි? අපට අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකා අච්චුවේ සංහිඳියාවක් නො වේ. 

මෙරටට ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවෝ වෛදික සංස්කෘතිය අනුව ඔවුන්ගේ මව්රටෙහි දී (එනම් නිජභූමියෙහි දී) ශුද්‍රයෝ වූහ. මෙරටට ආනයනය කරනු ලැබූ ඔවුහු යාපන අර්ධද්වීපයෙහි ද සුළුතරයක් වූහ. බහුතරය වූයේ සිංහලයන් ය. එයට පෘතුගීසි ජාතික බ්ලෝඩියස් සාක්‍ෂි දරයි. එහෙත් වැඩිකල් නොගොස් දකුණු අප්‍රිකාවේ ලන්දේසීන් ප්‍රධාන සුළුතර සුද්දන් යටත්විජිතවාදී අවි බලයෙන් බහුතර කල්ලන් මර්දනය කර බලවතුන් වූ අයුරෙන් දෙමළ වෙල්ලාලයෝ යටත්විජිතවාදී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් හා අනුබලයෙන් යාපනයේ සිංහල බෞද්ධයන් (දෙමළ බෞද්ධයන් සිටියේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ හිස් හිස්වල ය.) අභිබවා තම සංස්කෘතික ආධිපත්‍යය පිහිටුවූහ.  තම මුල් බිමෙහි දී ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි බලමහිමයෙන් යාපන අර්ධද්වීපයෙහි දී මහේශාඛ්‍ය කුලය බවට පත්වී සිංහලයන් අඩුකුල ජනතාවක් ලෙස දමළ සංස්කෘතියට අවශෝෂණය කළහ. එය පළමු බලහත්කාරය විය. සුළුතරයක් බහුතරය බවට පත්කිරීමේ ක්‍රියාදාමයේ මුල්පියවර විය. (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2013-12-22

Sunday, 15 December 2013

නාථ දෙවියන් මියගොස් ද?


පසුගිය දා “උගත් ගැමි” මැදිවියේ ජ වි පෙ මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී නාථ දෙවියන් ආසනික් ගැන දැනගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසී ය. ඔහුට අනුව ආසනික් ගැන දැනගෙන ඇත්තේ පසුව ය. එසේ පසුව දැනගත් ආසනික් ගැන නාථ දෙවියන්ට දැනුමක් නොතිබිය හැකි ය යන්න ඔහුගේ ප්‍රශ්නයෙන් ගම්‍ය විය. මෙයින් ඔහු අදහස් කළේ නාථ දෙවියන් මිය යෑමෙන් පසුව ලෝකයා ආසනික් ගැන දැනගත් බව ද? ආසනික් සම්බන්ධ ප්‍රශ්නයේ දී නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද (ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නම් නො වේ) ඔහු අදාළ භවයෙන් චුත වී නැත. අනුර දිසානායකට සංකල්ප පැටළවී ඇත. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද තවමත් දෙව්ලොවින් චුත වී නැත. අනෙක් අතට ආසනික් යන්න සිංහලයන්ට අළුත් වුවත් ඔවුහු පාසානම් නමින් එය ඈත අතීතයේ සිට දනිති. නාථ දෙවියන් යනු කවුරුන් වුව ද ඔහු ද පාසානම් නමින් හඳුන්වනු ලැබූ කාලයේ සිට ආසනික් ගැන දන්නා බව නිසැක ය. අනුර දිසානායකලා අද වන විට කෙතරම් දුරට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වී තිබේ ද යන්න මෙයින් පැහැදිලි වෙයි. මා නාථ දෙවියන් ගැන දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. මගේ දැනුම අනුව ආසනික් හා සම්බන්ධ නාථ දෙවියන් යනු මනුෂ්‍ය නොවන ප්‍රාණියෙකි. ඔහුට දෙවියන් යැයි කීව ද ඒ භූතයකු විය හැකි ය. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වේ. මට අවශ්‍ය වූයේ දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය හැරෙන්නට වෙනත් ක්‍රම ඇති බව ද ජනතාවට පැවසීම ය. එසේ කීම එක් අතකින් වැරදි ය. මෙරට ජනයා මා නොකීවාට අවුරුදු දහස්ගණනක් තුළ පංචෙන්ද්‍රියන්ට සීමා නොවු විවිධ ක්‍රම මගින් දැනුම ලබාගෙන ඇත. මා කර ඇත්තේ ජනතාවගෙන් යමක් ඉගෙන එය තහවුරු කිරීම පමණ ය. සුද්දෝ අපට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කියා භූතයන් යනු මිථ්‍යාවන් යැයි ද භූතයන්ගෙන් දැනුම ලබාගැනීමට නොහැකි යැයි ද පවසති. සුද්දන්ගෙන් ඉගෙන ගත හැකි නම් භූතයන්ගෙන් ඉගෙන ගත නොහැක්කේ මන්දැයි මට නොවැටහෙයි. වඩා භයානක සුද්දා ද භූතයා ද? සුද්දාට හසු වූ කල බොහෝ අයට ගැලවීමක් නැති බව මෙරට නිවට පුහු උගතුන්ගෙන් පැහැදිලි වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවත්වන මට සුද්දාගෙන් ද භූතයාගෙන් ද ගැලවිය හැකි ය. මට තවමත් ගැලවීමක් නැත්තේ මගෙනි. ජනප්‍රිය ගීතයක අදහසක් අවශෝෂණය කරගෙන මට මගේ ම නොවන මගේ මමක් ඇතැයි කිව හැකි ය. ඉන් ගැලවීමට අඩුම තරමෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු ය. වයස අවුරුදු දහහතරේ දී සුද්දාට හසුවූ මට සුද්දාගෙන් ගැලවීමට නම් අවුරුදු විස්සකට වඩා නොගියේ ය. භූතයාගෙන් ගැලවීමට එතරම් කලක්වත් නො ගියේ ය. එහෙත් අවශ්‍ය වූ විට සුද්දාගෙන් ද භූතයාගෙන් ද දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරමි.
 
අපට නාථ දෙවියන් නමින් හැඳින්වෙන අය මුණ ගැසුනේ බටහිර විද්‍යාවට හා එහි තාක්‍ෂණික අංගයක් පමණක් වූ බටහිර වෛද්‍ය විද්‍යාවට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කීමට නොහැකි වූ අවස්ථාවක ය. මේ රෝගයට ප්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නැත. පසුගියදා රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරී සංගමය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවසා ඇත්තේ කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් ඔවුන්ට, එනම් ඔවුන්ගේ ස්වාමී සුද්දන්ට ඇති බව ය. ඔවුන්ට අනුව ඒ වකුගඩු බද්ධ කිරීම ය. දහස්ගණන් රෝගීන්ට බද්ධ කිරීමට වකුගඩු කඩේ ඇතැයි ඔවුන් සිතනවා විය හැකි ය. එහෙත් මේ දොස්තරලා ද නො(දත්) දොස්තරලා ද නොදන්නා දේ නම් අවයව බද්ධකිරීම යන්න සමස්තය යනු කොටස්වල එකතුව යැයි සිතන නිව්ටෝනීය යාන්ත්‍රික දර්ශනයෙන් ගලා එන්නක් බව ය, මේ අමතර කොටස් සංකල්පය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ පැටලීම  (එන්ටැන්ගල්මන්ට්) යන ෂ්රොඩිංගර්ගේ අවුරුදු හැත්තෑවකට පැරණි සංකල්පයෙන් ඉවත්කෙරී ඇති බව ය. පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාව පට්ටපල් බොරු වූ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසයි. සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යැයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක් අදහස් කරන්නේ දැයි නො දනිමි.  එහෙත් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යැයි ඔප්පු කළ හැකි කිසිවකු වේ ද?  බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යැයි කියමින් පට්ටපල් බොරු වියුක්ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්ටපල් බොරුවක් දැයි අශෝක අමරතුංග නො දනියි. 

නාථ දෙවියෝ අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිතුරු පස් බව කියා දුන්හ. කැඩ්මියම් එහි දී උත්ප්‍රෙරකයක් ලෙස ක්‍රියා කරයි. අපි ඒ බව ජනතාවට කීවෙමු. කැනඩාවේ ජීවත්වන මට කෙදිනකවත් මුණ ගැසී නොමැති චන්ද්‍රසිරි ධර්මවර්ධන නම් මහාචාර්යවරයකු විද්‍යුත් තැපෑල මගින් මා ආසනික් ගැන කීවේ ඊනියා පාරභෞතික ක්‍රමවලින් බවත් මහාචාර්ය පරණගම මහත්මිය ඇතුළු කිහිප දෙනකු එය බටහිර විද්‍යාත්මකව තහවුරු කිරීමට උත්සාහගත් බවත් සඳහන් කරයි. ඔහුගේ පාරභෞතිකය පිළිබඳ අර්ථදැක්වීම කෙසේ වුවත් කිසිවකුට අනුව ගුරුත්වාකර්ෂණය ද වෙනත්  වියුක්ත ප්‍රවාද ද පාරභෞතික ය. ඔහු පරණගම මහත්මියගෙන් අසා දැනගෙනත් එහෙත් නොකියන දෙය නම් කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම ආසනික් පර්යේෂණ කළේ මගේ මූලිකත්වයෙන් බවත් මා සේවයෙන් ඉවත්වීමෙන් පසුව ඒ පර්යේෂණ නැවතුනු බවත් ය. අපි ආසනික් පිළිබඳ දැනගැනීමෙන් පසුව ඔහු වැන්නන්ට ඒත්තු ගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඇරඹීමු. එහෙත් තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව දැනගැනීමට නැත. ඔවුන් ඒ දැනගන්නා තෙක් අප කළ යුත්තේ රෝගීන් මිය යෑමට සැලැස්වීම ද? එක් කුහක දොස්තරවරයකු තමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව යැයි කියමින් රෝගයට හේතුව ආසනික් නොව කැඩ්මියම් බව ප්‍රකාශ කළේ අපට නිග්‍රහ කිරීමට ය. එහෙත් ඔහු වාර්තාවක් ලෙස නම් කළේ හතර දෙනකු විද්‍යුත් සඟරාවක පළකළ පත්‍රිකාවකි. ලෙඩා මළත් හේතුව ආසනික් නොවේ නම් බඩ සුද්ද ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිවකු හෝ කිවුල ගැන නොකියද්දී ආණ්ඩුව නාථ දෙවියන්ගේ කීම මත පදනම් ව කිවුල නැතිකිරීමට ජල පෙරණ සවිකිරීමට තීරණය කර ඇත. එහෙත් කෘෂිරසායන ගොවිතැනෙන් ඉවත් නොකර පෙරණ සවිකිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ආණ්ඩුව වැව් ප්‍රතිසංස්කරණය කර ජලය බෙදාදීමට ක්‍රමයක් සකස් කළ යුතු ය. එමෙන් ම වැව් තාවුලුවල මිරිකුළු  (මුරුංගා) වැනි ශාක වගා කිරීමටත්  කෘෂිරසායන ගෙන්වීම ක්‍රමයෙන් නවතා දේශීය පොහොර යොදා ගැනීමටත් ගොවි මහතුන් උනන්දු කළ යුතු ය. ආණ්ඩුව බටහිර වෙදකමට වෙන් කරන මුදලෙන් ඉතා සුළු කොටසක් වියදම් කර වෙදමහත්වරුන්ට අදාළ ප්‍රදේශවල වෙදකම් කිරීමට පහසුකම් සලස්වන්නේ නම් රෝගීන් සුවකළ හැකි ය. විදේශ විනිමයත් ඉතිරිකර ගත හැකි ය.


නලින් ද සිල්වා

2013-12-15

Sunday, 17 November 2013

ජරා සුද්දෝ සහ දහජරා කළු සුද්දෝ


මේ තීරුවෙහි මාතෘකාවෙහි ජරා සුද්දෝ යන්න අග්ලි ඇමරිකන් යන ඉංගිරිසි ව්‍යවහාරය සිංහල සම්ප්‍රදායට අවශෝෂණය කිරීමෙන් ලබාගත්තකි. මෙයින් සියළු ඉංගිරිසි ජාතිකයන් හෝ සියළු කළු සුද්දන් ජරා යැයි නොකියැවෙයි. එංගලන්ත ආණ්ඩුව ඔවුන්ගේ ආවතේවකාරයෝ, ඇතැම් ජන(ඩ)මාධ්‍ය, ඇතැම් උගත්තු ආදීහු පමණක් ජරා සුද්දෝ යන්නෙන් හඳුන්වනු ලැබෙති. එමෙන් ම බොහෝ එ ජා ප නායකයෝ ද, ඇතැම් කසිකබල් මාක්ස්වාදීහු ද ලිබරල් වාදීහු ද උගත්තු ද රාජ්‍ය නොවන බැලයෝ ද ආදීහු දහජරා කළු සුද්දෝ වෙති.  චැනල් 4 ද ඇතුළු එංගලන්තයේ බීබීසිය, ඇමරිකන් සී එන් ඒ විසින් මෙහෙයවෙන ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය හා ලංකාවේ ඇතැම් කළු සුද්දන්ට හා මේ ආණ්ඩුවෙන් තමන් බලාපොරෙත්තු වූ පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොලැබුණු අයට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ රැස්වීම ලංකාවේ පැවැත්වීමෙන් ආණ්ඩුව ඇණගෙන ඇත. පොදුරාජ්‍ය මණ්ඩලය යනු එංගලන්තය තම අධිරාජ්‍ය වෙනත් මඟකින් ගෙන යෑමට දරණ අසාර්ථක උත්සාහයක් පමණකි. එය ගැන මගේ කිසිම පැහැදීමක් නැත. එහෙත් මෙම රැස්වීම ලංකාවේ ඉතා සාර්ථක ව පැවැත්වීමට හැකිවීම ගැන මම සතුටු වෙමි. මෙම රැස්වීම ලංකාවේ පැවැත්වීම වැළැක්වීමට ජරා සුද්දෝ ද දහජරා කළු සුද්දෝ ද මහත් උත්සාහයක් දැරූහ. එසේ වුවත් රාජ්‍ය නායකයන් ද විශාල සංඛ්‍යාවක සහභාගීත්වයෙන් රැස්වීම කොළඹ දී ඇරඹිණි. එය ලංකාවේ ද පොදුවේ සිංහලයන්ගේ ද වීරෝදාර හමුදාවේ ද ආරක්‍ෂක ලේකම්තුමාගේ ද ජනාධිපතිතුමාගේ ද විශිෂ්ටත ම ජයග්‍රහණයකි. කැනඩාවේ ඉන්දියාවේ අගමැතිවරු දේශපාලන හේතු නිසා රැස්වීමට පැමිණීමෙන් වැළකුණහ. එහෙත් එංගලන්තයේ කැමරන්ට එයට සහභාගි නොවී සිටීමට නොහැකි විය. ඔහුගේ සිහින අධිරාජ්‍යයේ ඔහු තවමත් ඔහුගේ රැජනගේ අගමැති ය. එසේ වුවත් එංගලන්තය ද කැනඩාව ද පොදු රාජ්‍ය මණ්ඩලයට කරන මූල්‍ය ප්‍රදාන නවත්වන බව කියා ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා එහි සභාපතිවීමට විරුද්ධව ගන්නා ලද ක්‍රියා මාර්ගයකි. 

චැනල් 4 කණ්ඩායම ලංකාවේ ක්‍රියාත්මක වූ ආකාරයෙන් ඔවුන් කවුරුන්දැයි හෙළි විය. ඔවුහු එක් රස්වීමකින් පසුව ජනාධිපතිතුමාගෙන් පිස්සු බල්ලන් මෙන් පැන පැන ප්‍රශ්න ඈසූහ. ඔවුන් පැමිණ ඇත්තේ ඔවුන්ට වීසා ලැබී ඇති ආකාරයට පොදු රාජ්‍ය මණ්ඩලීය නායක රැස්වීම වාර්්තා කිරීමට නොව තවත් ව්‍යාජ චිත්‍රපටියක් නදපදවීනට ය.  ඔවුන්ට ඇත්තේ ජනාධිපතිතුමා හා සිංහලයන් කෙරෙහි වූ වෛරයක් පමණකි. ඔවුන් පොදුවේ සිංහලයන් කෙරෙහි ඇති වෛරය අනුරාධපුරයේ සිට ඔවුන් රැගෙන ආ රියදුරාට මුදල් ගෙවීම ප්‍රතික්‍ෂෙප කිරීමෙන් පැහැදිලි වෙයි. ජරා සුද්දන් නිසා ඒ රියදුරාට අසාධාරණයක් වීමට ආණ්ඩුව ඉඩ නොතැබිය යුතු ය. මේ වෛරය අන් කිසිවක් නිසා නොව ලංකා හමුදාව ජරා සුද්දන්ගේ අභිමතයට පිටුපාමින් ජරා සුද්දන්ගේ  කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ඇතිවූකි. එහෙත් අප මෙහි දී එක් කරුණක් වටහා ගත යුතු ය. චැනල් 4 ඇතුළු ඉංගිරිසි ජනමාධ්‍ය මෙසේ පිස්සු බල්ලන් මෙන් හැසිරෙන්නේ එංගලන්ත ආණ්ඩුවේ අවශ්‍යතාව නිසා ය. චැනල් 4 ක්‍රියාකලාපය ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් අපි ඒ පිටුපස සිටින ඉංගිරිසි රජය රනිල්ගේ මුවඅග ඇති වචනයක් යොදාගන්නේ නම් රෙජිමය අමතක කරන්නෙමු. 


එංගලන්තයේ ඇමතිවරයකු හික්කඩුවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය ජඩ ආකාරයකින් යොදා ගනිමින් හමුදා මෙහෙයුම්වල අවසාන සතියේ දී ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කළේ ය. මේ කතාකරන්නේ අවුරුදු දෙසිය ගණනකට වැඩි කලක් තිස්සේ  මුළු ලෝකයේ ම මානව අයිතිවාසිකම් අමු අමුවේ ම කඩකළ ඊනියා දෙවැනි ලෝක යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ලක්‍ෂ ගණනක් මැරූ මේ ළඟ දී ඉරාකයේ නොතිබූ න්‍යෂ්ටික අවි ගැන කතාකරමින් ඉරාක සිවිල් වැසියන් මැරීමට බෝම්බ දැමූ එංගලන්ත රජයේ ඇමතිවරයකු බව ඇතැමුන්ට අමතක වන්නට ඇත. අප බොහෝ අවස්ථාවල කියා ඇති පරිදි මෙරට දෙමළ ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය ය. (විස්තර සඳහා ප්‍රභාකරන් ඔහුගෙ සීයලා බාප්පලා හා මස්සිනාලා කියවන්න) එංගලන්තය තමන්ට එරෙහිව සටන් කළ සිංහලයන් මර්දනය කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගත්තේ ය. අද ද යොදා ගනියි. ඔවුන් අවංක නම් කළ යුත්තේ එංගලන්තයේ දෙමළ විසුරුණු ජනයා විසුරුවා හැරීම ය. එහෙත් ඔවුහු බොරුවට කොටි සංවිධානය තහනම් කර එහි ද්විතීය සංවිධානවලට ලංකාවට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඉඩ දෙති.  අද එංගලන්තයට තමන් නෝර්වේ හා රාජ්‍ය නොවන බැළයන් ඇතැම් පූජකයන් මගින් පවත්වාගෙන ගිය කොටි පරාජය කිරීම නිසා රාජපක්‍ෂවරුන් හා හමූදා නායකයන් දංගෙඩියට යැවීම අවශ්‍ය වෙයි. චැනල් 4  ව්‍යාජ චිත්‍රපටි නිපදවන්නේ එංගලන්ත රාජ්‍යයට ඒ ඊනියා සාක්‍ෂි ලෙස යොදා ගැනීමට ය. මෙරට දෙමළ ප්‍රශ්නය ඇති කළේත් අදත් පවත්වාගෙන යනු ලබන්නේත් සිංහලයන්ට විරුද්ධව එංගලන්තය විසින් බව තේරුම් ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ රැස්වීමෙන් පසුවවත් සිංහලයන්ට හැකි විය යුතු ය. ජරා සුද්දන් හඳුනාගැනීමටත් ඔවුන් සමග එක් වී රටට විරුද්ධව කටයුතු කරන දහජරාකළු සුද්දන් හඳුනාගැනීමටත් අවස්ථාව ලැබීම පොදු රාජ්‍ය මණ්ඩලීය නායක රැස්වීමෙන් අපට ලැබුණු ජයග්‍රහණ ය. අප කුමක් කළත් එංගලන්ත රජය අපට විරුද්ධ ක්‍රියා මාර්ග අත් නොහරිනු ඇත. අප ඔවුන්ට කියා සිටින්නේ ඊනියා තිස් අවුරුදු යුද්ධයේ අවසාන සතියේ නොව සති 1500 ම මානව අයිතිවාසිකම් කඩවීම් සොයා බැලීමටත් කොටින්ට ආධාර කළ රාජ්‍ය ගැන සොයා බැලීමටත් අප කටයුතු කරන බව ය. මෙහි දී රනිල් හා සරත් ෆොන්සේකා අමතක නොකළ හැකි ය. ඊනියා යුද්ධාපරාධ චෝදනා පළමුවෙන් ම ඉදිරිපත් කළේ සරත් ෆොන්සේකා ය. ඔහුගේ ද්‍රෝහී සුදුකොඩි කතාව සියල්ලෙහි මුල විය. රනිල් ඇතුළු කළු සුද්දන් චැනල් 4 කණ්ඩයමට සිරිකොතට ආරාධනා කළේත් සිරිකොතේ ප්‍රදර්ශන පවත්වූයේත් රටට විරුද්ධව සුද්දන්ට ගතු කීමට ය. මේ දෙදෙනාටම ඊළඟ මැතිවරණයේ දී වික්‍රමබාහුට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමට හැකිවනු ඇත. ජනාධිපතිතුමා චැනල් 4 කණ්ඩායමට තේ බීමට කතාකරන්නේ රටට විරුද්ධව ගතු කීමට නො වේ. කැමරන්ලාට මැක්රේලාට ලංකාව තමන්ගේ යටත්විජිතයක් ය යන හැඟීම එ ජා පක්‍ෂය විසින් ලබා දී තිබිණි. චන්ද්‍රිකා හැරෙන්නට ශ්‍රී ල නි ප නායකයන් ඒ හැඟීම ලබා නොදීම කැමරන්ට ඇති ප්‍රශ්නයකි. ඉන්දියාව ගැන ද කෙටියෙන් සඳහන් කළ යුතු ය. ඉන්දීය අගමැති රැස්වීමට අවසන් මොහොතේ වුවත් පැමිණේ යැයි මා සිතුවේ එමගින් දෙමළ ප්‍රශ්නය ගැන අපට බලපෑම් දැමීමට ඔවුන් කටයුතු කරාවිය යන පදනමෙන් ය. ඔහු නොපැමීණීම අපට වැඩදායක ය. ඒ අපේ ජයග්‍රහණයකි. මින්පසු කුර්ෂීඩ් කුමක් කීවත් ඉන්දියාවට කිසිම බලපෑමක් කිරීමට අපි ඉඩ නො දෙමු. දහතුන ගැන අප ක්‍රියා කළ යුත්තේ අපට අවශ්‍ය අන්දමට මිස ඉන්දියාවට අවශ්‍ය ආකාරයට නො වේ.


නලින් ද සිල්වා

2013-11-17

Wednesday, 17 July 2013

බෞද්ධයින් ඩීමනයිස් කිරීම

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල ඩීමන් යන නම යෙදන්නේ පව්කාර අමනුස්සයින්ටය. බටහිරුන් තම ආගම්වාදී යුධ වලදීත් මිශණාරී කටයුතු වලදීත් තමන්ට විරුද්ධ ආගම් අදහන්නන් හා ඔවුන්ගේ දෙවිවරු ඩීමනයන් ලෙස පෙන්වා දෙන්නට, නැත්නම් ඩීමනයිස් කිරීමට උත්සාහ දැරූහ. අද බටහිර සංස්කෘතිය තුල බෞද්ධයින් විශේෂයෙන්ම බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ඩීමනයිස් කිරීමක් සිදුවෙමින් පවතී. එහි ක්‍රියාකාරිත්වය තේරුම්ගත හැක්කේ නූතන යටත්විජිතවාදය පසුබිම් කරගෙනය.

බෞද්ධයින් වෙසෙන රටවල්ද තම යටතට ගැනීමට බටහිරුන්ට උවමණාවක් ඇත. ඒ දැනට වසර සිය ගණනක් තිස්සේ ඔවුන් කරගෙන යන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේම ඉදිරි ගමනය. නමුත් බටහිර සංස්කෘතියේ වෙනස් වීමත් සමඟ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ විධි ක්‍රමද, එනම් එහි සංස්කෘතියද වෙනස් විය. එදා පෘතුගීසීන් කලාක් මෙන් රටවල් ආක්‍රමණය කිරීමට අද බටහිරුන්ට හැකියාවක්වත් කැමැත්තක්වත් නැත. තම රට ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මැලි නොවුනත් විදෙස් රටක නොපෙනෙන නොහඳුන හතුරන්ට එරෙහිව ආක්‍රමණශීලීව යුධ වදින්නට සාමාන්‍ය බටහිරුන් තුල මේ වන විට ඇත්තේ මන්දෝත්සාහී බවකි. ඔවුන් විසින්ම නිර්මාණය කර ඇති මානව හිමිකම් පිළිබඳ කථාද ඊට හේතුවී ඇත.විශාල හමුදාවක් යොදා ගනිමින් විදෙස් රටක භූමිය අල්ලාගෙන එරට පාලණය කිරීම කල නොහැකි දෙයක් බව වියට්නාම් යුද්ධයෙන් පසුව ඔවුන්ට අවබෝධවිනි. ඉරාකයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් ඔවුන් ඉගෙනගත්තේ දමණය කල රටක් කළමණාකරණය කල හැක්කේ රූකඩ ආණ්ඩුවක් තනා එය ශක්තිමත් කිරීමෙන් මිස තමන්ගේ හමුදාවකට නොවන බවය. අද වෙනවිට බටහිරුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ සංස්කෘතිය වෙනස්වී ඇත. නමුත් එහි පදනම වන ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ඔවුන්ට ඇති බිය එදාටත් වඩා අද බලවත්ව ඇත. ඒ අන් කවරදාකටත් වඩා අද ඔවුන් ඊනියා බාහිර ලෝකය මත යැපෙන බැවිනි. 

එකල මිනිස්සු සතුන් දඩයම් කරගෙන මස් ආහාරයට ගත්හ. නමුත් අද මිනිස්සු එදාමෙන් සතුන් දඩයම් කරන්නේ නැත. අද ඔවුහු මසට ඇතිකල සතුන් මරා වෙළෙඳසැල් වල ශීතකරණයේ පැකට් වශයෙන් තබා ඇති මස් අනුභව කරති. අවශ්‍යනම් වැඩි මිලක් ගෙවා නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ දී ඊනියා කාබනික ආහාර කැවූ මානුෂීය අන්දමට ඝාතනය කල සතුන්ගේ මස් අනුභව කරති. ඔවුහු එදා ඇති සැටියෙන් මස් කෑ නමුත් අද මිනිසුන්ට මස් නොකා බැරිය. බටහිර අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ සංස්කෘතිය වෙනස්වී ඇත්තේද මිනිසුන්ගේ මස් කෑමේ සංස්කෘතිය වෙනස් වී ඇති ආකාරයටය.

නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය එකිනෙකට සම්බන්ධ ක්‍රියාදාමයන් පද්ධතියක් හරහා සිදුවේ. එහි මූලික අංගය පවතින රජයට විරුද්ධ බටහිරට ගැති රාජ්‍ය ද්‍රෝහී බලවේගයක් ස්වදේශිකව ඇති කර ගැනීමය. එයට සැලකිය යුතු පිරිසකගේ සහයෝගය ලැබිය යුතුමුත් එය බහුතර මතය වීම අත්‍යාවශ්‍ය නොවේ. දෙවනි අංගය මේ රාජ්‍ය ද්‍රෝහීන්ගේ මතවාදය බටහිර සාමාන්‍ය ජනතාව ඉදිරියේ සාධාරණය කර ගැනීම සඳහා මානව හිතවාදී කථාවක් ගෙතීමය. තුන්වෙනි අංගය ඒ මානව හිතවාදී කථාව පදනම් කරගෙන රාජ්‍ය ද්‍රෝහීන් බලයේ පිහිටුවීම අරභයා යුද්ධයක් කිරීමය. එය සම්බාධක පැනවීම තුලින් කෙරෙන ආර්ථික යුද්ධයක් විය හැකිය නැතිනම් ගුවනින් ගොස් බෝම්බ දමා හෝ මිසයිල මඟින් හෝ ඩ්‍රෝන යාත්‍රා මඟින් කෙරෙන දුරස්ථ ප්‍රහාරයක් විය හැකිය. එවැනි දුරස්ථ කෙටි ප්‍රහාරයකින් බටහිරුන්ගේ ප්‍රායෝගික මැදිහත්වීම අවම කර ගත හැකිය. වර්තමාන බටහිර සාමාන්‍ය ජනතාව කැමති කර ගත හැක්කේ ආර්ථික හා සාමාජයික වැය අඩු දුරස්ථව කෙරෙන කෙටි යුද්ධයකට පමණි. එය වෙලඳසැල් වලින් ලබා ගත් පැකට්කල මස් කෑම වැනිය. 

ලිබියාව් සාර්ථකව ක්‍රියාත්මක වූයේ නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියය. සිරියාවේ වෙන්නේද ඒ දෙයමය. නමුත් බෞද්ධ රටවල් තුල නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම බටහිරුන්ට එතරම් සරල කාර්යයක් නොවේ. 

බටහිර රටවල හිංදු ආගමට නැති තැනක් බෞද්ධාගමට ඇත. විශේෂයෙන්ම බටහිර උගතුන් බෞද්ධ දැනුම උසස්යැයි සලකති. බටහිර මනෝ විද්‍යාව ස්නායුවේදය හා භෞතික විද්‍යාව වැනි විශයන් තුලට බෞද්ධ දැනුම අවශෝෂණය කර ගැනීමට විද්වතුන් සාර්ථක නොවුනත් දරන උත්සාහය ඊට නිදසුණකි. ඒ නිසා ඔවුහු බෞද්ධ පොත පත හදාරන්නටත් භාවනා කරන්නටත් උනන්දුවක් දක්වති. වත්මන් බටහිර සමාජයේ සාමාන්‍ය ආකල්පය බෞද්ධයින් අහිංසකයින් බවය. ටිබෙට් ජාතික දලෙයි ලාමා තුමා ප්‍රමුඛ බටහිර රටවල වෙසෙන නොයෙකුත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපයන්ද බටහිරුන් තුල බෞද්ධයින් පිළිබඳ මේ ආකල්පය ඇති කිරීමට හේතු වී ඇතැයි සිතිය හැකිය. 

බෞද්ධයින් සමඟ යුද වදින්නට නම් බටහිරුන් තුල බෞද්ධයින් පිළිබඳ ඇති සුහඳ ආකල්ප වෙනස් කිරීමට අවශ්‍යය. ජන මාධ්‍ය හා බටහිර ගැති ජන මාධ්‍ය හරහා බෞද්ධයින් ඩීමනයිස් කිරීම ඇරඹී ඇත්තේ ඒ සඳහාය. ඩීමනයිස් කිරීම වෙසෙසින්ම එල්ලවී ඇත්තේ ථෙරවාදී බෞද්ධයින්ට වීමද වැදගත්ය. මහායාන ධර්ම මෙන් නොව ථෙරවාද ධර්ම බටහිර සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට ඇති නොහැකියාව ඊට මූලික හේතුවක් විය හැකිය. 

බුද්ධ ගයාවේ බෝම්බ පිපිරීමත් ටයිම්ස් පුවත් පතින් බුරුම ජාතික ව්‍යාපාරයට පහර ගැසීමත් තේරුම් ගත යුත්තේ මේ නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුලය. බුද්ධ ගයාවේ බෝම්බ පිපුරුවූයේ කව්ද යන්නට වඩා ඉන්දීය බලධාරීන් විසින් එය මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් කලේ යැයි නම් කිරීමට උනන්දුවීම වැදගත්ය. එහි අරමුණ බුරුමයේ බංගලාදේශයේ වැනි රටවල ඇවිලෙමින් පවතින බෞද්ධ මුස්ලිම් ගැටුම් වලට පිදුරු දැමීමද? ලංකාවේ බෞද්ධ මුස්ලිම් ගැටුමක් ඇති කිරීමද? ඒ හරහා කෲර බෞද්ධයින් ගෙන් මුස්ලිම්වරුන් ගලවා ගැනීම සඳහා මානුෂික මෙහෙයවීමක් දියත් කිරීමට ඉඩ ලබා ගැනීමටද? නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුල මේ කිසිවක් ඉවත දැමිය නොහැකිය. ලංකාවේ හලාල් ප්‍රශ්ණය දැවෙන සමයේ ලංඩනයේ ශ්‍රී ලාංකික සම්භවයක් නැති මුස්ලිම් පිරිසක් විසින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට සහයෝගය දක්වමින් උද්ගෝෂණය කල බව අමතක නොකල යුතුය. බොදු බල සේණා රාවය වැනි භික්‍ෂූ නායකත්වයක් ඇති සංවිධානවල ක්‍රියා කාරිත්වය මෙන්ම ඊට ඇති විරෝධයද විග්‍රහ කල යුත්තේද නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුලය. සිංහල බෞද්ධ විරෝධී ලිපි ලියන සමහර බටහිර ගැති උගතුන් මේ සංවිධාණවල භික්‍ෂූන් වහන්සේලා ඩීමනයිස් කිරීමට මහත් අභිරුචියක් දරන බව රහසක් නොවේ. ඒ අතර දෙමළ ජාතික සංවිධානයේ සුමන්තිරන් මහතාට අවශ්‍ය කිසියම් බෞද්ධයින් පිරිසක් විසින් මුස්ලිම් වෙලඳ ව්‍යාපාරයකට කල පහරදීමක් මුලු බෞද්ධ සමාජයටම බැර කිරීමටය. ඔහු ඒ කීම සාධාරණය කිරීම සඳහා එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මුස්ලිම් ජනතාව යාපනයෙන් පලවා හැරීමට මුලු දෙමළ සමාජයම වගකිය යුතුයැයි කියයි. නමුත් මුස්ලිම් ජනතාව යාපනයෙන් පලවා හැරීම සම්බන්ධයෙන් සාමාන්‍ය දෙමළ ජනතාවට කිසිවෙක් දොස් නඟන්නේ නැත. සුමන්තිරන් මහතාටද අවශ්‍ය බෞද්ධයින් ඩීමන්ස්ලා කිරීමට පමණක් බව පැහැදිලිය.

බටහිරුන් තමන් ගැන දරන ආකල්පයට වඩා රටේ ස්වෛරීය බව රැක ගැනීම සිංහල බෞද්ධයින්ට වැදගත්විය යුතු බව සත්‍යය. නමුත් සිංහල බෞද්ධ සංවිධාන ජාතිවාදීව හා නීති විරෝධීව කටයුතු කිරීම අනුමත කල නොහැකිය. ඒ ක්‍රියා සදාචාරාත්මක නොවෙන අතර සිංහල බෞද්ධයින් ඩීමනයිස් කරවීමටද ඉඩ ලබාදේ. 

සිංහල බෞද්ධ සංවිධාන වලට සැලකියයුතු පිරිසක් ඒක රාශී කර ගැනීමට හැකිවී ඇත. එය හොඳය. නමුත් රජය ජාතික මතවාදයක සිටගෙන කටයුතු කරන අවස්ථාවලදී ජාතිකමුත් විකල්ප දේශපාලණ සංවිධාන මත බලය කේන්ද්‍රවීම හෝ තමන්වෙත දේශපාලණ බලයක් කේන්ද්‍රගත කර ගැනීමේ අරමුනින් සංවිධාන නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ රාජ්‍ය බලය විසිර යෑමය. සමහරවිට එවැනි සංවිධාන ජාතිකත්වය මත ජනතාව එක් රැස් කරගෙන දෙවනුව ආණ්ඩු විරෝධීවී තුන් වෙනුව බටහිර ආධාර ඇතිව රාජ්‍ය ද්‍රෝහීව කටයුතු කරමින් නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට පාර කැපීමට ඇති ඉඩ නොසලකා හැරිය නොහැකිය. 


සිංහල බෞද්ධයින් ඩීමන්සලා කිරීම අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ වැදගත් අංශයකි. නමුත් එය එක් අංශයක් පමණි. නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ රටතුල ජාති ද්‍රෝහී විපක්‍ෂයක් බිහි කිරීම, ඩීමන්ස්ලා නිර්මාණය කිරීම හා දුරස්ථ යුද්ධය යන එකිනෙකට සම්බන්ධ ක්‍රියාදාමයන් සමූහයක් හරහාය. ජාතික ව්‍යාපාරය කටයුතු කල යුත්තේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය සමස්ථයක් හැටියට අවබෝධ කරගෙනය.


ජානක වංශපුර

2013-07-17

Monday, 16 January 2012

විශ්වවිද්‍යාල අර්බුදය

මෙරට සියළු විශ්වවිද්‍යාල එක්වර විවෘත කර තිබෙන දිනයක් නැති තරම් ය. ඇතැම් විශ්වවිද්‍යාල කාල සටහනකට අනුව මෙන් වසා දැමෙයි. එයට විවිධ හේතු ඇත. ඒ සියල්ලට ම ප්‍රධාන වූ හේතුවක් වෙයි. එය විශ්වවිද්‍යාලවලට මෙන් ම ඉංගිරිසින් විසින් අපට ලබා දෙන ලද බොහෝ ආයතනවලට ද පොදු වෙයි. ඒ ආයතනවලට මෙරට මුල් බැස ගැනීමට (අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට) නොහැකි වී ඇත. බලෙන් පැළ කළ ඇපල් ගස් මෙන් ඒ රැක බලාගැනීමට කෘත්‍රිම පරිසරයක් ඉතා වෙහෙස මහන්සි වී නිර්මාණය කළ යුතු වෙයි. පාර්ලිමේන්තුව, ජනාධිපති ක්‍රමය, කැබිනට් මණ්ඩලය, ආණ්ඩුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, විශ්වවි්‍යාල, පාසල් පද්ධතිය ආදී රාජ්‍ය ආයතන පමණක් නොව පෞද්ගලික ආයතන ද මුල් අල්ලා නොමැතිවා පමණක් නොව පරිහානිය පමණක් උරුම කරගෙන ඇත. අපි බටහිරට අනුව ජීවත්වීමට උත්සාහ කරමු. එහෙත් අපේ සංස්කෘතිය අපට එයට ඉඩ නො දෙයි. අපට අපේ හර පද්ධතියෙන් ඈත්වීමට නො හැකි ය. එමෙන් ම බටහිර හර පද්ධතිය වැළඳ ගැනීමට ද නො හැකි ය. අපි එක්විට අසුන් දෙදෙනකු පිට යෑමට උත්සාහ කරමු. අප තවමත් නොවැටී සිටින්නේ අපේ දක්‍ෂකමකට නොව සියවස් ගණනකට පෙර ජීවත් වූ අපේ මුතුන්මිත්තන්ගේ හපන්කමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ අපට දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව පරාජය කළ අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ නො හැකි ඇයි? මුළු රටේ ම සියයට එකක්වත් ඡන්ද ඇතැයි සිතිය නොහැකි ජ වි පෙ ජනරළ කණ්ඩායමට විශ්වවිද්‍යාල පාලනය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ඇයි? විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වය ව්‍යාජ උගතුන් අතට පත්වන්නේ ඇයි? උපකුලපතිවරුන් ජනාධිපතිවරුන් විසින් පත්කෙරෙන්නේත් ඒ පදවි ලබාගැනීම සඳහා උගතුන් යැයි කියාගන්නා අය තමන් විසින් නූගතුන් ලෙස හැඳින්වෙන දේශපාලනඥයන් පිටුපස යන්නේත් ඇයි? උපකුලපති තනතුරට පත්කිරීමට වෙනත් සුදුසු ක්‍රමයක් වේ යැයි සිතන්නෝ වෙත් ද? ඊනියා නිදහස් ලංකාවේ අයිවෝර් ජෙනිංග්ස්ගෙන් පසුව මහාචාර්ය මළලසේකර මහතා උපකුලපති නොවී මහාචාර්ය ආටිගල මහතා උපකුලපති වූයේ ඇයි? පොලීසිය දේශපාලනීකරණයට ලක්වූයේ ඇයි? රාජ්‍ය සේවකයන්් දේශපාලනඥයන්ගේ සේවකයන් බවට පත්වූයේ ඇයි? ප්‍රශ්න එයින් කෙළවර නැත. එහෙත් ප්‍රශ්න ඇත්තේ අපට පමණක් නො වේ. ඇමරිකාවට ද, එංගලන්තයට ද, ජපානයට ද, සිංගප්පුරුවට ද ප්‍රශ්න ඇත. ඒ ඔවුන්ගේ ප්‍රශ්නය. අපට ඔවුන්ගේ ප්‍රශ්න ද ඇත. ඒ අතර අපේ ප්‍රශ්න ද වෙයි.

අද සිසුන් ලවා ඊනියා වසන්තයක් ඇතිකිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇත. එහෙත් එසේ කිරීමට මග පෑදී ඇත්තේ කෙසේ ද? මා අසා ඇති අන්දමට ආටිගල මහතා එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වීමට ඉතා සියුම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත. අද විශ්වවිද්‍යාල භූමියක පඳුරකට පයින් ගැසුවහොත් මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් කිහිප දෙනකු විසිවන නමුත් එදා සාමාන්‍යයෙන් එක් අධ්‍යයනාංශයකට සිටියේ එක් මහාචාර්යවරයකු පමණ ය. ඔහු අදාළ අධ්‍යනාංභයේ ප්‍රධානියා ද විය. ඔවුහු උපකුලපති තෝරන මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. උපකුලපති වීම සඳහා මේ සාමාජිකයන් වැඩි පිරිසක් දිනාගත යුතු විය. එසේත් නැතහොත් තමන්ට ඡන්දය දෙන අය අදාළ මණ්ඩලයේ සාමාජිකයන් බවට පත්කරගත යුතු විය. අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් ඡන්දහිමියන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීම අපහසු කටයුත්තක් ද නො වී ය. බටහිර වෛද්‍ය පීඨයේ අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් බටහිර වෛද්‍යවරයකු වූ ආටිගල මහතාට ශාස්ත්‍ර පීඨයේ මළලසේකර මහතා පරදවා උපකුලපති වීමට හැකි විය. අද ද බටහිර වෛද්‍ය පීඨවල අනවශ්‍ය ආකාරයට අධ්‍යයනංශ ඇත. එසේ තිබීම ඊනියා ශාස්ත්‍රීය තර්ක විතර්ක මගින් යුක්තියුක්ත කිරීමට ද අදාළ පුද්ගලයෝ දනිති. උපකුලපති තනතුර දේශපාලනීකරණයට ලක්වූයේ අද ඊයේ නො වේ. කලින් ක්‍රමය අනුව අද විශ්වවිද්‍යාලයක අධ්‍යයනංශ සංඛ්‍යාව තුන්හාර සියයක් ඉක්මවීමට තිබිණි. දේශපාලනීකරණය යනු හුදෙක් දේශපාලනඥයන්ගේ අණසක පැතිරවීම නො වේ. දේශපාලනය බලය සමග සම්බන්ධ වී ඇත. මළලසේකර මහතා මෙන් ම ආටිගල මහතා ද බෞද්ධයෙක් විය. ඒ මහතා විද්‍යාලංකාර සභාවේ සභාපති වී යැයි සිතමි. එහෙත් බටහිර ජීවන ක්‍රමය හමුවේ සතර අගතියෙන් මිදිය හැකි බෞද්ධයෝ කෙතෙක් වෙත් ද? ඡන්දය විසින් අවුල් කෙරී ඇත්තේ පාර්ලිමේන්තුව පමණක් නො වේ. මහානායක හිමිවරුන්ගේ පත්වීම් ද ඡන්දය මගින් අවුල් කෙරී ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දය යන්න ව්‍යාජයක් බව එරට වැසියෝ තේරුම් ගනිමින් සිටිති. ඔවුන් මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කරන්නේ උදාසීනත්වයෙනි. එහෙත් මෙරට ජනාධිපතිවරණයේ දී පමණක් නොව සමානච්ඡන්දයෙන් කටයුතු සිද්ධ කළ යුතු භික්‍ෂු නායක පදවිවලට තෝරා පත්කර ගැනීම්වල දී ද ඡන්්දයට ඉතා විශාල මූල්‍යමය වටිනාකමක් ලැබෙයි. ඒ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් බැස ගැනීමක් යයි සිතන්නේ ද? මැතිවරණ දුෂණවලින් තොර වූ පාර්ලිමේන්තු මැතිවරණයක් ලංකාවේ පවත්වා ඇත් ද? 1952 මැතිවරණයේ දී ද මුදල් බෙදු බව, ඡන්දදායකයන් ඡන්ද පොළට ගෙනයෑමෙන් හා වෙනත් ක්‍රමවලින් බලපෑම් ඇතිකළ බව මම අත්දැකීමෙන් ම දනිමි. ඡන්ද රැස්වීම් කඩාකප්පල් කිරීම් රාජ්‍ය මණ්ත්‍රණ සභා යුගයේ ද සිදු වී ඇත. සමානච්ඡන්දයෙන් ප්‍රශ්න විසඳූ අපේ සංස්කෘතියට ඡන්දය හඳුන්වා දීමෙන් පසුව එය අවශෝෂණය කරගන්නේ කෙසේ දැයි නොදැනීම අපේ අභාග්‍යයකි.

අද විශ්වවිද්‍යාලවල ඇත්තේ අළුත් ප්‍රශ්න නො වේ. එදත් අදත් ඇත්තේ එකම ප්‍රශ්නයකි. ප්‍රශ්නය දේශපාලනය වෙයි. එනම් බලු පොරයක් වූ බල පොරය ය. බලයට පත්වීම හා හැකිතාක් බලයේ රැඳී සිටීම, තනතුරුවලට පොරකෑම සහ ඒවාහි එල්ලී සිටිම, තම ආධිපත්‍යය තමන්ට වඩා බලයෙන් අඩු යැයි සිතන්නන් මත පැතිරවීම, ජාතික වූ අරමුණක් රහිත ව වැඩකිරීම, පෞද්ගලික අරමුණු පමණක් ඇති වීම ආදිය බොහෝ කලක සිට විශ්වවිද්‍යාලවල පවති. එය බොහෝ සිසුන්ට ද ඇදුරන්ට ද අදාළ වෙයි. එදාට වඩා අද පක්‍ෂ දේශපාලනය ද පෞද්ගලික අභිමතාර්ථ සාධනයෙහි දී යොදා ගැනෙයි. එදා ඩොරික් සූසා, ඔස්මන්ඩ් ජයරත්න වැනි ඇදුරෝ සෘජුව ම සිසුන් සමග දේශපාලනය සාකච්ඡා කළහ. ඔවුන්ට හරි හෝ වැරදි හෝ වේවා ජාතික (ජාතිකත්ව නොවූවත්) අරමුණු විය. ඔවුහු සිසුන්ට දේශපාලන පංති ද පැවැත්වූහ. එහෙත් ඔවුහු රට (පංතිය) වෙනුවෙන් මිස පෞද්ගලික බලයක් සඳහා දේශපාලනය නො කළහ. අවසානයේ දී ඔස්මන්ඩ් ජයරත්න තමා සභාපතිත්වය දැරූ කමිටුවේ වාර්තාවේ නිරදේශ අනුව ඇතිකළ මණ්ඩපයක මණ්ඩපාධිපති ධුරය හෙබවුව ද ඔහු දේශපාලනය කළේ ඒ සඳහා නො වේ. එමෙන් ම ඒ තනතුර ඔහු පසුපස පැමිණි එකක් විය. ඔහු තනතුර පසුපස නො ගියේ ය. අද අවාසනාවකට විශ්වවිද්‍යාලවල කණ්ඩායමක් ලෙස ජාතිකත්ව නොවූව ද යම් ජාතික ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන්නේ ජ වි පෙරමුණේ ජනරළ කණ්ඩායම පමණකි. වෙනත් අයුරකින් කියන්නේ නම් ජාතික දේශපාලනයක් මත ක්‍රියාකරන සිසුන් කිහිප දෙනා ආකර්ෂණය කිරීමට එම කණ්ඩායම සමත් වී ඇත. එහෙත් මේ සිසුනට ඇත්තේ එකම එක ජාතික ප්‍රතිපත්තියක් පමණකි. ඒ කිසියම් හේතුවක් නිසා සමාජයට වෛර කිරීම ය. විශ්වවිද්‍යාල සිසුහු හෝ ඇදුරෝ හෝ අනිවාර්යයෙන් ම රටේ බුද්ධිමත් ම පිරිස නො වෙති. ඔවුහු විභාගවලින් නම් සමත් වී සිටිති. පෙර සියළු ඇදුරෝ ම පාහේ තම විෂයයෙහි උගත්තු වුහ. එහෙත් අද ඇදුරන්නේ සමහරු පමණක් උගත්තු වෙති. බොහෝ දෙනා තම විෂයයේ ප්‍රාමාණික නොව සුළු ප්‍රමාණයක පමණක් දැනුමක් ලද්දෝ වෙති. ඔවුහු කිසිසේත් ම විශේෂිත පුද්ගලයෝ නො වෙති. උසස්වීම සඳහා චක්‍රලේඛයක් ඇසුරෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් වෙයි. ඒ පිළිබඳ ව නම් බොහෝ අය ප්‍රාමාණික උගත්තු වෙති. අවසානාවකාට එදා ද නව ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත් කළ ඇදුරෝ නො වු හ. සිසුන් අති විශාල බහුතරයකට උසස් පෙළ තරඟකාරීත්වය නිසා ම රටේ දේශපාලනය ගැන අවබෝධයක් ලබාගැනීමට ඉඩක් ලැබී නැත. ඔවුන් බොරු කියා රැවටීම අසීරු කරුණක් නො වේ. දේශපාලන අවබෝධයක් නැති මේ තරුණ තරුණියන් බොරු කියා ආවේගකාරී ක්‍රියාවලට පෙළඹවීම ජනරළ සිසු නායකයන්ට පහසු කටයුත්තක් වන්නේ වෙනත් දේශපාලනයක් ක්‍රියාත්මක නොවන නිසාත් එසේ ක්‍රියාත්මක වීමට උත්සාහ කරන අයකුට ජනරළ නායකයන් ඉඩ නොදෙන නිසාත් ය. බොහෝ විට සිසුන් අතර ගැටුම් ඇතිවන්නේ ජනරළ නායකයන්ගේ අනෙක් අයට ඉඩ නොදෙන ප්‍රතිපත්තිය හේතුකොටගෙන ය.

එහෙත් මෙයට ද වඩා ප්‍රශ්නයක් වෙයි. ඒ බලලෝභී ඇදුරන්ගේ ක්‍රියා වෙයි. මේ බලලෝභින්ට ජනරළ දේශපාලනය අවශ්‍ය වෙයි. අද ශිෂ්‍යයන් සංවිධානය කිරීමේ වඩාත් ම හැකියාව ඇත්තේ ජනරළ ජ වි පෙට ය. පසුගිය වසරේ ඒ තිබුණේ ජ වි පෙට ය. මේ ඇදුරෝ ශ්‍රී ල නි පාක්‍ෂිකයෝ නො වෙතිෂ එහෙත් බලය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෙනත් බලධාරීන් වටා කැරකෙති. ඔවුන් අතර ඇදුරියෝ ද වෙති. උසස් අධ්‍යාපන ඇමතිවරයා ඔවුන්ට සවන් දෙන බව පැහැදිලි ය. එහි වරදක් නැත. වරද ඇත්තේ ඔහු ඒ ප්‍රමාණයට ශ්‍රී ල නි පාක්‍ෂික ඇදුරන්ට සවන් නො දීම ය. අද විශ්වවිද්‍යාලවල ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මේ කැරකෙන ඇදුරන්, ජනප්‍රියවාදී ඇදුරන් හා ජ වි පෙ ඇදුරන් ජනරළ කණ්ඩායමට සහාය දී තනතුරු ලබාගැනීමේ හා පැවතීමේ අපේක්‍ෂාවෙන් නින්දිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ය. මේ ඇදුරන් බොහෝ විට එකට ක්‍රියාකරනු දැකිය හැකි ය. ඔවුහු ජනරළ නායකයන් ආරක්‍ෂා කරති. කැරකෙන ඇදුරෝ බලධාරීන් සමීපයට යෑමට විවිධ උපාය අනුගමනය කරති. මේ ඇදුරෝ ද බොරු කියති. මොවුහු බොරු කියා අනෙක් ඇදුරන් පමණක් නොව අධිකරණය වුව ද නොමග යැවීමට පසුබට නො වෙති. ජනරළ නායකයෝ හා මේ ඇදුරෝ බොරුව හා බොරුව මත පමණක් පදනම් වෙති. බටහිර දැනුමේ නිවට දාසයන් වූ මේ ඇදුරන්ට ජාතිකත්වය නයාට අඳුකොළ මෙනි. අවශ්‍ය නම් තවත් විස්තර ලබාදිය හැකි ය.