Main Logo

Friday 31 March 2023

සීගිරි කතා

 සීගිරි කතා

 

ශූන්‍යය ගැන කතාව දිගට යනවා. ඒක හොඳයි. නාගර්ජූනපාදයන්ගේ ශූන්‍යතාව පටිච්චසමුප්පදාය මහායානය ථෙරවාදය නිවන ආදිය කතාබහට ලක් වෙනවා.  මා මූලික වශයෙන් ථෙරවාදී බෞද්ධයෙක්. එහෙත් මා පොතපතේ කියා තිබූ පමණින් යමක් පිළිගන්නේ නැහැ. යුදෙවුවන් දෙවියන් වහන්සේ පිළිගන්නවා. එහෙත් ඔවුන් නිතර දෙවියන් වහන්සේ තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ප්‍රශ්න කරනවා. මූලික ප්‍රශ්න කිරීම අපේ සංස්කෘතියේ නැහැ. අපේ මූලික ප්‍රශ්නය එයයි.

Thursday 30 March 2023

බිංදුව බිංදුවක් නොකරමු

 

බිංදුව බිංදුවක් නොකරමු

 

ශූන්‍යය පිළිබඳ උනන්දුවක් ඇති වෙලා. ඇතැමුන් කියනවා අභයගිරියේ දෙවැනි සියවසේ ශූන්‍යය සඳහන් සෙල්ලිපියක් තියෙනවා කියා. පිළිබඳ විස්තර දැන ගැනීමට කැමතියි.

සීගිරි නොයන ඉතිහාසඥයෝ

 සීගිරි නොයන ඉතිහාසඥයෝ

 

වසර කිහිපයකට පෙර මා හර්ෂ විජේවර්ධන ලියූ ලිපියක් කියවින විට සීගිරියේ ගඩොල්වල ගණන් කිරීම සඳහා සංඛ්‍යා සටහන් කර තිබූ බවත් එහි ශූන්‍ය සඳහා හල්කිරීම යොදා තිබුණු බවත් දුටු විගස මා දැන ගත්තා එය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වැඩක් කියා. මා වන විටත් ශූන්‍ය සඳහා බිංදුව යොදා ගැනීම ගැන විමසිල්ලෙන් හිටියේ. එලෙස බිංදුව යොදා ගත් පැරණිම පුවරුව තියෙන්නෙ කාම්බෝජයේ. දැනට එය ඇත්තේ කාම්බෝජයේ ජාතික කෞතකාගාරයේ. එහෙත් එය හමු වී ඇත්තේ පන්සලක. මා කාම්බෝජයේ දී දැක බලා ගත්තා. එහි කොටසක ඡායාරූපයක් මේ සමග ඇති.

Wednesday 29 March 2023

අලුතෙන් හිතමු

 අලුතෙන් හිතමු

රනිල් ඇතුළු හැමෝම වගේ කියනව අලුතෙන් හිතන්න ඕන කියල.
ඒත් අපි හිතන එක නවත්තල අවුරුදු 1500කට වැඩියි.
භාරතයෙ හරි බටහිර හරි ලියල තියෙන එකක් කියව ගනිමු.

ජා ජ බ හා අරගලය

 ජා හා අරගලය

 

සීගිරිය ගැන තවත් ලියන්න දේ තියෙනවා. පස්සෙ ලියන්නම්. කාලෙකට ඉස්සර ලෝකෙ එක එක ප්‍රදේශවල මිනිස්සු වෙන වෙන ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. විවිධ හේතු නිසා. එහෙම ගිහින් තිබුණු සංස්කෘතීන්ට අවශෝෂණය වුණා. එක්ක තිබුණු සංස්කෘතීන් අඩු වැඩි වශයෙන් වෙනස් වුණා. අපේ රටිනුත් ගිය සමහරු කේරළේ පදංචි වෙලා තියෙනවා. වගේ කේරළයෙන් හා අවටින් පැමිණි අයත් මෙරට වැඩි වශයෙන් නිරිතදිග ප්‍රදේශයේ පදිංචි වෙලා තියෙනවා. නිරිතදිග සංස්කෘතිය තරමක් වෙනස් වෙන්න ඒකත් හේතුවක්. වගේ බටහිර ආභාසය වැඩියෙන් ලැබුණෙ බටහිර  තීරුවකට. අපට ශක්තිය තිබුණ මේ සියළු සංක්‍රමණ මැද්දෙ පොදු සංස්කෘතියක ජීවත්වීමට. පොදු කියන එකෙන් මා අදහස් කරන්නෙ හැම තැන එක විධිය කියන එක නො වෙයි. දකුණෙ සංස්කෘතිය කඳුකරයෙ සංස්කෘතියෙන් වෙනස්. ඒත් වෙනස අතරෙ පොදු බවකුත් තියෙනවා.

Tuesday 28 March 2023

වෙනස

වෙනස
එංගලන්තයේ (එක්සත් රාජධානියේ) අගමැති ඉන්දීය සම්භවයක් ඇති හින්දු බැතිමතෙක්.
ස්කොට්ලන්තයේ ප්රධාන ඇමති පකිස්ථාන සම්භවයක් ඇති ඉස්ලාම් බැතිමතෙක්.
තුන්වැනි චාල්ස් රජුට පක්ෂපාත ඔවුන් ඒ රටවල ඉතිහාස මකා දමා නිජභූමි ඉල්ලන්නේ නැහැ.

සීගිරි තාක්‍ෂණය හා බිංදුව

 සීගිරි තාක්‍ෂණය හා බිංදුව

 

ඊයේ ලිපියට දක්වා ඇති  සමහර ප්‍රතිචාර නිසා තවදුරටත් සීගිරිය ගැන ලියන්න හිතුනා. ඇතැමුන් රාවණ ගැන ආර්යභට්ට ආදීන් ගැන ප්‍රශ්න කර තිබුණා. කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මා ලිපිය ප්‍රතිචාරවලට විවෘත කර නැතිි විට  ප්‍රතිචාර ගැන කියන්නේ කොහොමද කියා. මගේ ලිපි බෙදා හරින ඇතැමුන්ගෙන් ඔවුන්ට ලෑබෙන ප්‍රතිචාර මට දැනගන්න ලැබෙනවා. හැම ප්‍රතිචාරයක් මට ලැබෙනවා කියා මා කියන්නේ නැහැ.

Monday 27 March 2023

කෝඩුකාරයෝ

 කෝඩුකාරයෝ

පරගලයේ කෝඩුකාර රෙදි ගලවා ගත් වමාලා මෙන් ම ඇතැම් ලිබරලුන් ද රනිල්ට විරුද්ධ වීම තේරුම් ගන්නේ කෙසේ ද? රනිල් ජාතිකවාදියකු යැයි මින් නිගමනය නො වෙයි.

අපි සීගිරි යමු

 අපි සීගිරි යමු

 

සීගිරිය ගැන ලියන්න හිතිලා ටිකක් කල්. ඒත් ඉඩක් හම්බ වුණෙ නැහැ. පාසලේ පනස්හයේ කණ්ඩායමේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන දැනට ඕස්ත්‍රේලියාවේ පදිංචි මිතුරකුගෙන් ඊයේ සීගිරිය ගැන රූහඬපටයක් ලැබුණා. එහි සබැඳිය ප්‍රතිචාරයක් ලෙස පළ කරනවා. බර්ගර් ජනවර්ගයට අයත් මිතුරා රට හැර ගොස් දැන් අවුරූදු හැටක් පමණ වෙනවා. එහෙත් ඔහු රට ගැන තවමත් උනන්දුවක් දක්වනවා. රූහඬපටය නැරඹීමෙන් පසු සීගිරිය ගැන ලිවීම තවත් කල්දැමීම නුසුදුසු යැයි හැඟුණා.

Sunday 26 March 2023

යැංකි ඩිකී පරදවමින් ඉදිරියට

 

යැංකි ඩිකී පරදවමින් ඉදිරියට

මෙරට ඇති චුණු ප්‍රභූතම ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුවයි. රාජ්‍ය මන්ත්‍රණ යුගයේ අප පාලනය කෙරුණේ ඉංගිරිසින් විසින්. සර්වජන ඡන්දය ලැබී තිබුණ නමුත් කාරක සභා ක්‍රමයක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ක්‍රියාත්මක වූ නමුත් පාලනය කෙරුණේ ඉංගිරිසින් විසින්. ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ ඉංගිරිසි ජාතිකයෙක්. කාරක සභා හතේ සභාපතිවරූ ලාංකිකයන්. ඔවුන් ඇමතිවරුන් ලෙස සැලකුණා. 1931 සිට 1936 දක්වාත් ඉන්පසු 1936 සිට 1942 දක්චාත් ආණ්ඩුවේ උප ප්‍රධානියා වුණේ ඩී බී ජයතිලක. 1936 පත් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාව 1947 දක්වා පැවතුණා. 1942 සිට ආණ්ඩුවේ උප ප්‍රධානියා වුණේ ඩී එස් සේනානායක.

Saturday 25 March 2023

ණය වේ අප විද්‍යා

 ණය වේ අප විද්‍යා

 

රනිල් හා ජාමූල ගැන තවත් ලිවීමට සිදුවීම ගැන කණගාටු වෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. අද රංගෙ බණ්ඩාර වජිර අබේවර්ධන වැන්නන්ට රනිල් තරම් වැඩ්ඩෙක්, එහෙමත් නැත්නම් අප සිසුන් කාලෙ කිවුව විධියට නම් වැඩ කාරයෙක් වෙදෙක්, නැහැ. වෙදෙකුට ඕනෑම ලෙඩකට (ප්‍රශ්නයකට) බෙහෙත් (උත්තර) තිබුණා. වෙදා එකල නම් බ්‍රයිට් අද නම් ස්මාට් අයකුට වඩා වෙනස්. භාෂාවල විලාසිතා වචන ගැන කිසිවකු අධ්‍යයනයක් කර තියෙනවා කියා මා දන්නේ නැහැ. විලාසිතා වචන වැඩි කලක් පවතින්නේ නැහැ. අපේ කාලෙට වඩා අද තරුණයන් විලාසිතා වචන යොදා ගන්නවා. එයින් පැහැදිලි වන්නෙ පාවෙන ගතිය. රුපියලත් එක එක කාලවල පාවෙනවා. මෙවර නම් පාවෙන්නෙ හොඳකට නො වෙයි.

Friday 24 March 2023

සිහින හතක් මැද

 සිහින හතක් මැද

ආතල්ගමේ කුරුස උස්සන් බිරියානි වටලප්පන් බෙදූ අයගේ සිහිනය සැබෑ වී ඇත.

වැල් පාලමේ ගීතය: එක හෙළකින් තව හෙළකට - දෑස පියන් බිම නොබලන්

 

වැල් පාලමේ ගීතය: එක හෙළකින් තව හෙළකට - දෑස පියන් බිම නොබලන්

 

ඊයේ මා සඳහන් කළා අපි එකවර අශ්වයන් දෙදෙනකුගේ පිටේ ගියා කියල.  ධනවාදය හරි නව ලිබරල්වාදය හරි එක අශ්වයෙක්. අනෙක් අශ්වයා සමාජවාදය. සමාජවාදය කිවුවට ඊනියා සමාජවාදී අදහස්. මේ එක අශ්වයෙක්වත් අපේ නො වෙයි. ජාමූල කියන්නෙ ධනවාදය අශ්වයා පිටේ පමණක් යන්න කියා. මට තේරෙන විධියට රනිල්ටත් ඕන කරන්නෙ ඇමරිකාවෙ තියෙනව වගේ ධනවාදයක් ඇති කරන්න. ඒත් සඳහා අපට ධනවතුන් නැහැ.

Thursday 23 March 2023

ක්‍රම වෙනස

 ක්රම වෙනස

ක්රම වෙනසට ජයවේවා! ඊනියා මිශ්ර ආර්ථිකයෙන් පූර්ණ ධනවාදයට.

රනිල් වැඩ්ඩෙක් ද?

 රනිල් වැඩ්ඩෙක් ?

 

රනිල් ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාව අහගෙන හිටිය මට හිතුණෙ මේ මොන තරම් සැලසුමක් ඇතුව කරපු මෙහෙයුමක තවත් ජවනිකාවක් කියන එක. ඇතැමුනට රනිල් වැඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඇතැමුන් කතාවෙන් ආතලයක් ගන්න පුළුවන්. ඔය වැඩ්ඩා ආතල් වගේ වචන කාලවල ව්‍යවහාර වන විලාසිතා වචන පමණයි. විලාසිතා හැම තැන තියෙනවා. මා සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ සිටිය දී මගේ ගුරුතුමා මහාචාර්ය මැක්‍රේ මට කිවුවේ තාරකා විද්‍යාවේත් විලාසිතා ඇති බවත් කලින් හඳුනාගත යුතු බවත්.

Wednesday 22 March 2023

පරගලයේ ජයග්‍රහණය

 පරගලයේ ජයග්රහණය

ආණ්ඩුව ජාමුලෙ සෘජු අධීක්ෂණයට. 1815න් අවුරුදු 208යි. 1948න් අවුරුදු 75යි.
පරගලය ජයග්රහණය කරයි.

බටහිර දැනුමෙ උෂ්ණෙ හා අපේ පර්යේෂණ උෂ්ණෙ

 බටහිර දැනුමෙ උෂ්ණෙ හා අපේ පර්යේෂණ උෂ්ණෙ

 

ලංකාවේ විශ්වවිිද්‍යාල හා පර්යේෂණ ආයතනවලින් ලැබෙන ප්‍රතිලාභය කුමක් ? අප විශාල මුදලක් ආයතනවල ඊනියා පර්යේෂණ සඳහා යොදනවා. එහෙත් ඉන් ලැබෙන්නේ කුමක් ?

ලංකාවේ විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන


ලංකාවේ විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන 







Tuesday 21 March 2023

අපි අනුන්ගෙ

 අපි අනුන්ගෙ

 

අද ජනාධිපති ජාතිය අමතනවා. මොන තරම් දෙයක් ? අද ඔහු වෙන මොනව කිවුවත් ප්‍රධාම වශයෙන් කියන්න යන්නෙ ජා මු ලෙ ණය දෙන්න යන බව. නිසා අපට තව ණය ගන්නට ඊනියා ජාත්‍යන්තර සහතිකයක් ලැබෙන බව මිසක් අද සූර්යයා උත්තරාර්ධගෝලයට එන බව නො වෙයි. ඔහුට වසන්තය උදා වෙලා ටිකක් දවස්. දැන් ඔය සහතිකේ ලැබෙන්නෙ ඊයේ රෑ ඉඳන් නො වෙයි. අපි බංකොළොත් බව ඊනියා ආර්ථික විද්‍යා විශේෂඥයන්ගේ කීමට ප්‍රකාශ කරන තෙක් අපට සහතික ඔක්කොම තිබුණා. අර විශේෂඥයන්ගෙ කීමට බංකොළොත් කියා ප්‍රකාශ කළාට පස්සෙ තමයි සහතික ටික නැතුව ගියේ.

Monday 20 March 2023

පුටින් රනිල් හා සකුරා මල්

 පුටින්  රනිල් හා සකුරා මල්

 

ඊනියා ජාත්‍යන්තර අධිකරණය පුටින්ට වරෙන්තු නිකුත් කරලා. පුටින් සහ රුසියාව මානව අයිතිවාසිකම් කඩ කරල කියන එක තමයි චෝදනාව. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන්. යුක්‍රේන යුද්ධය ආරම්භ කෙළෙ පුටින් කියන එක තමයි කතාව. මේ යුද්ධය කාගෙ වුවමනාවට පටන් ගත්තත් අද බටහිර රටවල ආර්ථික අර්බුදයක් ඇති වෙලා. බැංකු කඩා වැටෙනවා. බඩු මිල ඉහල යනවා. ජා මු ලෙට යන පාටකුත් නැහැ. ජා මූ ලෙට කරන්න පුළුවන් ඉටි ගෙඩියකුත් නැහැ. ඔවුන්ට කරන්න පුළුවන් අප වැනි රටවල් ණය හරහා තව තවත් දුප්පත් කරන එක පමණයි.

Sunday 19 March 2023

පුටින් හා රාජපක්‍ෂලා

 පුටින් හා රාජපක්ෂලා

පුටින් මානව අයිතිවාසිකම් කඩකරලා.
මහින්ද-ගෝඨාභය මානව අයිතිවාසිකම් කඩකරලා.
පුටින්වත් රාජපක්ෂලාවත් සමාජවාදී නෙවෙයි.
එහෙනම් චෝදනා කරන්නෙ ඇයි? ඇත්තට ම වැරදි කරල නිසා ද?

ඇතැමුන්ට සුසුමක් අබිං වූ මාක්ස්වාදය

 ඇතැමුන්ට සුසුමක් අබිං වූ මාක්ස්වාදය

 

එක් අතකින් බලන විට විවිධ සිංහල බෞද්ධ විරෝධීන් බටහිර රටවල සුවසේ නිදන්නේ කාගේ පිහිටෙන් යන ප්‍රශ්නය ඇසීම වැරදියි. ඔවුන් ලංකාවේ දී සුවසේ නිදා ගන්න පුළුවන්කම තිබූ  අය. ඔවුන්ට ප්‍රශ්නය වෙලා තිබුණෙ ඔවුන් කියන සිංහල බෞද්ධ ආධිපත්‍යය ඔවුන්ට නිදාගන්න දුන්නෙ නැති එක වෙන්න ඇති.

Saturday 18 March 2023

අධ්‍යාපනය

 අධ්යාපනය

මෙරට අධ්යාපනයේ එක ම නිර්මාණය
මහා ක්රිකට් තරග

පඬි නැට්ටන්ට බටහිර රටවල ඔහේ නින්ද යෑම

 පඬි නැට්ටන්ට බටහිර රටවල ඔහේ නින්ද යෑම

 

මා ඇසූලංකාවේ සිංහල බෞ ආධිපත්‍යයක් ගැන කියවන දෙමළ මුස්ලිම් ඇතුළු සිංහල බෞද්ධ විරෝධීන්ට බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී රටවල සුවසේ නින්ද යන්නේ කාගේ පිහිටෙන් ?” යන ප්‍රශ්නය තේරුම් ගැනීමට බැරි වු පඬි නැට්ටන් අය නිදන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන්න වුණා. අය අතර ලංකාවේ ඉහළ බුද්ධිමතුන් ලෙස සැලකෙන අය සිටියා. අවුරුදු හැටක් ඊනියා බුද්ධිමතුන් ඇසුරු කර ඇති මා ගැන පුදුම වුණේ නැහැ.

Friday 17 March 2023

පඬි නැට්ටන්ට නින්ද යෑම

පඬි නැට්ටන්ට නින්ද යෑම 


“ලංකාවේ සිංහල බෞද්ධ ආධිපත්යයක් ගැන කියවන දෙමළ මුස්ලිම් ඇතුළු සිංහල බෞද්ධ විරෝධීන්ට බටහිර ක්රිස්තියානි අධිපතිවාදී රටවල සුවසේ නින්ද යන්නේ කාගේ පිහිටෙන් ද?” මේ මා ඊයෙ පෙරේදා පළ කළ කෙටි සටහනක්. ඇතැමුනට එය ප්රශ්නයක් වෙලා. මා දැන් ඉන්නේ කැලිෆෝනියාවේ සිලිකන් මිටියාවතේ. මට එහෙත් මෙහෙත් කොහෙත් සුවසේ නින්ද යනවා. ජේ ආර් ප්රේමදාස චන්ද්රිකා මහින්ද මෛත්රිපාල ගෝඨාභය රනිල් බුෂ් ඔබාමා ට්රම්ප් බයිඩ්න් කවුරු කොහේ ජනාධිපති වුණත් මට සුවසේ නින්ද යනවා. ඒත් මා මාක්ස්වාදී සිහින දවල්වත් රෑවත් දකින්නෙ නැහැ. අර ඊනියා කම්කරු පංතිය හරි නිර්ධන පංතිය හරි නිර්ප්රභූ පංතිය හරි බලයට එන සිහින දකින්නේ නැහැ. සිංහල බෞද්ධ රාජ්යයක් ලංකාවේ යළි පිහිටුවීම ගැන සිහින දකින්නෙත් නැහැ. එහෙත් එය යළි පිහිටුවන තෙක් ලංකාවට සාමාන්ය ව්යවහාරය අනුව කියනව නම් වගතුවක් වෙන්නෙ නැති බව නම් දන්නවා. ඒ කියන්නෙ අනුරාධපුරයට ආපහු බරකරත්තෙන් යනකම් නො වෙයි.