Main Logo

Tuesday 31 May 2022

පඬිය පැනීම

 

පඬිය පැනීම

 

මේ පඬියන්ගේ පඬි පෝතකයනගේ පඬි නැට්ටන්ගේ කාලයයි. ඔවුන්ට දැන් යමක් කියන්න සිද්ධ වෙනවා. ඒ ආතල්ගම සම්බන්ධයෙන්. ආතල්ගමේ දින පනහ සැමරීම අසාර්ථකයි. ඉන් පසු දින ඉතාමත් අසාරථකයි. අපට දැන ගන්න ඕන නැහැ පඬියන්ගෙන් පඬි පෝතකයන්ගෙන් හා පඬි නැට්ටන්ගෙන් එසේ අසාර්ථක වීමට හේතු මොනවා ද කියා. ඒත් ඔවුන්ගේ හිතවතුන් පඬි වදන් බලාපොරොත්තුවෙන් ඉන්නව වෙන්න ඕන.

Monday 30 May 2022

වතුර බොර කර මාළු බාන රනිල්

 

වතුර බොර කර මාළු බාන රනිල් 


අද ඇති ප්‍රධාන ම කාර්යය ආරථික අර්බුදය විසඳීම මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නො වෙයි. අස්ගිරියට ගිය විජේදාස නායක හමුදුරුවරුන්ගෙන්  ඒ බව දැන ගන්න ඇති. මා හිතන්නේ මහා සංඝ රත්නය පෙදුවේ ප්‍රකාශ කරන්නේ එයයි. විජේදාසත් රනිලුත් මහා සංඝ රත්නයට සවන් දෙනවා ද? රනිල් තමන්ට බාර දුන් වැඩේ පැත්තකින් තියල වෙන වැඩක් බදා ගෙන  තියෙන්නෙ එක් පැත්තකින් ඔහුටත් ආර්ථික අර්බුදයට විසඳුමක් නැති නිසයි. අනෙක් පැත්තෙන් සියලු බලය තම අතට ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූල) අපට ලොකු ණයක් දීමට සූදානම් නැහැ. දෙන දෙයක් දීමටත් තව මාස කිහිපයක් යාවි. ලෝක බැංකුව ආධාර කිරීමට කොන්දේසි පනවනවා. පොඩි ණයක් දේවි. අපට විශාල ප්‍රමාණයකට ඉන්දියාව මත යැපෙන්න සිදු වෙනවා.

Sunday 29 May 2022

මා දන්නා දේශපාලනය

 

මා දන්නා දේශපාලනය

 

පඬි නැට්ටකු කියා තිබුණා මා ගණිතය හා භෞතික විද්‍යාව දැන ගත්තත් දේශපාලනය දන්නෙ නැහැ කියා. ඔහු සම්පූර්ණයෙන් වැරදියි. මා ගණිතය භෞතික විද්‍යාව දේශපාලන විද්‍යාව මේ එකක්වත් දන්නෙ නැහැ. ඒ කියන්නෙ බටහිර දැනුම් ලෙස ඒ කිසිවක් දන්නෙ නැහැ. ඒත් මා බටහිර දැනුමේ සීමා හා දුර්වලකම් දන්නවා. එපමණක් නො වෙයි. දේශපාලනය දන්නවා. දේශපාලනය කියන්නෙ දේශපාලන විද්‍යාව නො වෙයි. මා දේශපාලනය දැන ගත්තත් ප්‍රායෝගික ව දැන් දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. මේ ලිපි ලියන්නේ දේශපාලනයේ යෙදෙන්න නො වෙයි. බටහිර දැනුමේ ආධිපත්‍යය සීමා ගැනත් මා කියන්නේ දේශපාලනය දන්නා නිසයි.

Saturday 28 May 2022

උගත්තු ණය හා රට කෑම හෙවත් බෞද්ධකමෙන් ඈත්වීම

 උගත්තු ණය හා රට කෑම හෙවත් බෞද්ධකමෙන් ඈත්වීම


දැන් දැන් කවුරුත් කියන්න පටන් අරන් ණය ගැනීම වරදක් නැහැ. ඒත් ණය යෙදා ගත් විධිය වැරදියි කියන්න. මහා බැංකුවේ අධිපතිත් එය කියනවා. රනිල්දාසත් එහෙම කියනවා. තවත් දේශපාලනඥයනුත් එහෙම කියනවා. ඒත් මා දන්නෙ නැහැ දැනට සති කිහිපයකට ඉස්සෙල්ල ඔවුන් එහෙම කිවුව ද කියල. අප ණය අරගෙන කරපු සංවර්ධනය මොකක් ද කියන එකයි ප්‍රශ්නය. අපි කෙළේ ණයට අරගෙන කෑම, විලාසිතා කිරීම, බොරු උගත්කම් ලබා ගැනීම. එය රාජපක්‍ෂලාගේ පමණක් වැඩක් නොවෙයි. බණ්ඩාරනායක මැතිණියගෙ 1970-77 ආණ්ඩුවෙන් පස්සෙ කවුරුත් කෙළේ ඒකයි. ඊට ඉස්සෙල්ලත් ණය ගත්තෙ නැති වුණත් අප තිබුණු ඩොලර් (ඒ කාලෙ ඩොලර් නොවෙයි පවුම්. කොහොම හරි විදේශීය මුදල් සංචිතය) ටිකෙන් ටික නැති කර ගත්තා.

Friday 27 May 2022

ලාල්කාන්ත බැටළු හම පොරව ගන්නෙ නැද්ද?

 

ලාල්කාන්ත බැටළු හම පොරව ගන්නෙ නැද්ද?

 

ලාල්කාන්ත කියන නමේ අරුත මා හිතන විධියට ආකර්ෂණීය පුතා කියන එක. ඒ කොහොම වුණත් ඔහු ආකර්ෂණීය කතා කියනවා. පහුගිය දා ඔහු කියා තිබුණා පාර්ලිමේන්තුව විසුරුවා හැරල මහා මැතිවරණයක් තියන්න ඕන කියල. ඒකට නම් මාත් කැමතියි. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. මැතිවරණයකින් ජ වි පෙ අතුගෑවිල යන හින්ද. අර සියයට තුනවත් හම්බ වෙන්නෙ නැති හින්ද.

Thursday 26 May 2022

බටහිර දැනුම බුද්ධිමතුන් හා ඉංගිරිසියෙන් හිඟා කෑම

 

බටහිර දැනුම බුද්ධිමතුන් හා ඉංගිරිසියෙන් හිඟා කෑම

 

අප වර්තමානයෙහි අනුකරණය කරන්නේ බටහිර දැනුම. එහෙත් අප කිසිවකු කිසිම බටහිර දැනුම් ක්‍ෂත්‍රයක ඊනියා ප්‍රාමාණික උගතකු නො වෙයි. බටහිර දැනුමට අප එකතු කළ සංකල්පයක් කතන්දරයක් (ඊනියා ප්‍රවාදයක්) නැහැ. බටහිර දැනුම පුස්සක් බව කීවාට අතිවිශල බහුතරය පිළිගන්නේ නැහැ. ඇරිස්ටෝටල්ගේ සිට  අයින්ස්ටයින් දක්වා එකතු කර ගත් දැනුම තව දුරටත් ඉදිරියට යන්නේ නැහැ. එයට හේතු දෙකක් ප්‍රධානයි. එකක් බටහිර දැනුමේ එහෙමත් නැත්නම් එකී සම්ප්‍රදායේ මූලික කතාවලින් තවත් කතා ගොඩ නැගීමට බැරිකම. අනෙක එහි රේඛීය චින්තනයේ ඇති දුර්වලකම.

 

Wednesday 25 May 2022

විසිඑකත් එහි ප්‍රභූ දේශපාලනයත් පරදවමු

විසිඑකත් එහි ප්‍රභූ දේශපාලනයත් පරදවමු

 

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ව්‍යවස්ථා සංශෝධන දෙකක් තියෙනවා. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් ලෙස. එකක් විජේදාස රාජපක්‍ෂගෙ. අනෙක රංජිත් බණ්ඩාරගෙ. ඒ දෙක අස්කර ගන්නවා ද නැද්ද යන්න ගැන තවම ආරංචියක් නැහැ. කොහොමටත් වැදගත් වන්නෙ පෙරේදා (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංශෝධනය. එය බොහෝ විට විසිඑක්වැනි සංශෝධනය ලෙස හැඳින්වේවි.

Tuesday 24 May 2022

ජනාධිපති බලතල කප්පාදු කිරීම

 ජනාධිපති බලතල කප්පාදු කිරීම 

 

අද නැවතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හරි එහි බලතල කප්පාදු කිරීම හරි පිළිබඳ  සාකච්ඡාව නැවතත් මතුවෙලා. නීතිඥ සංගමයත් ඒ ගැන වයිවාරණ කතා කියනවා. නීිතිඥයන්  නීති උපදෙස් දෙන අය. ඒ උපදෙස් දෙන්නේ දෙපැත්ත සලකා බැලීමෙන් පසුවට වඩා තමන්ගේ පැත්ත නිවැරදි ය කියන්න. එය හැම තිස්සෙ ම පූර්ව නිගමනයක් උඩ කෙරෙන්නක්. පූර්ව නිගමනයක සිට එය තහවුරු කිරීමට උත්සාහ කිරීම තමයි නීිතිඥයන් කරන්නෙ. එත් ඔවුන්ට එය කරන්න සිද්ධ වෙන්නෙත් පවත්නා නීතිය යටතේ.

ආතල්ගම

 ආතල්ගමට සහාය දුන් බුද්ධිමතකු, උගතකු, විප්ලවවාදියකු, වමකු, දකුණකු, කලාකරුවකු ආදී කලාලකරුවකු අත්‍යවශ්‍ය වී ඇත. එවැන්නකු ගැන දන්නා අයකුට ගම්වරක් පිරිනැමීමට වගකිවයුත්තන් තීරණය කර ඇත..  

  

Monday 23 May 2022

ආතල්ගම, මාක්ස්වාදය හා රනිල් මනස්ගාත ලෙස

 

ආතල්ගම, මාක්ස්වාදය  හා රනිල් මනස්ගාත ලෙස

 

පඬිනැට්ටන්ගේ තවත් මනස්ගාතයක් ඉවර වෙලා. එය ඊනියා ෆැන්ටසියක් ද කියන්න මා දන්නේ නැහැ. ඔය බහුබූත වචන මා පාවිච්චි කරන්නේ නැහැ. ඒවා පඬිනැට්ටන්ට ම හොඳයි. ඒ කොහොම වෙතත් මා කතාකරන්නේ ආතල්ගම ගැනයි. ආතල්ගම විප්ලවය ඉවරයි. දැන් තියෙන්නෙ කාදිනල්තුමාගෙ දෑගසවුවන්ට පාංශුකූලය පිරිනමන එක පමණයි. ඕන නම් අර සහෝදර සහෝදරියන්ටත් එන්න කියන්න පුළුවන්. මා කියන්නේ කොම්රේඩ් කියන ඊනියා සමාජවාදී අර්ථයකින් නොවෙයි. පූජකවරුන් පූජකවරියන් කියන අර්ථයෙන්. එහෙමත් නැත්නම් කපු මහත්ම මහත්මීන් කියන අර්ථයෙන්. අර ඥානක්කත් කපු මහත්මියක් ම තමයි.

Sunday 22 May 2022

අපට පුතේ මගක් ඇතේ

 අපට පුතේ මගක් ඇතේ

 

අදින් අවුරුදු පනහකට පෙර අපි බිරිතානි ඔටුන්න ගලවල පැත්තකට දැම්මා. එතෙක් අප ඩොමීනීයන් රාජ්‍යයක්. අපේ රජු හරි රැජන හරි වුණෙ එංගලන්තයෙ රජු හරි රැජන හරි. අප අවුරුදු පනහකට පෙර ජනරජයක් වුණා. 1972 දී අපේ පළමු ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණා. එතෙක් මෙරට හිටි, එංගලන්ත රැජනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට ජනාධිපතිවරයකු ලැබුණා. මෙරට අවසාන අග්‍රාණ්ඩුකාරවරයාත් පළමු ජනාධිපතිවරයාත් විලියම් ගොපල්ලව. මේ ඓතිහාසික වෙනස කෙරුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්. 

මැයි විසිදෙවැනි දා

 අද 2022 මැයි විසිදෙවැනි දා

අදින් අවුරුදු පනහකට පෙර

Saturday 21 May 2022

අර්බුදය වසංගත හා රනිල්ගේ පෝලිම

 අර්බුදය වසංගත හා රනිල්ගේ පෝලිම

 

අද ඇත්තේ ඊනියා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් නො වෙයි. මෙය පොහොට්ටුවේ (පොදු ජන පෙරමුණේ) හා එ ජා පක්‍ෂයේ සභාග ආණ්ඩුවක්. ව්‍යවස්ථාව අනුව ඊනියා ජාතික ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට ඊනියා  දේශප්‍රෙමීන් (ඇහින්දන්) ඇහිඳ ගනිමින් සිටිනු දකින්න පුළුවන්. හරීන් ප්‍රනාන්දු තමා කෙතරම් දේශප්‍රේමියකු ද කිවහොත් ඉතා පිළිකුලෙන් ජනාධිපති මුහුණවත් නොබලා රට වෙනුවෙන් ඇමතිකම භාරගත් බව කිවුවා. ඔහුගෙ ඩිජිටල් කතා දන්නා අය එය එතරම් විශ්වාස කෙළේ නැහැ. අදාළ ඡායාරූප ජනමාධ්‍යයට නිකුත් වීමෙන් පසු ඒ පිළිකුල් කතාව අර ඩිජිටල් බැලූම වගේ ම කඩා වැටුණා.

Friday 20 May 2022

වාසුගේ ආතල්ගම අරගලය

 

වාසුගේ ආතල්ගම අරගලය

 

වාසුදේව පාර්ලිමේන්තුවේ දී නොනවතින අරගලයක් ගැන කියල. ඔහුට අනුව ආතල්ගම ඊනියා අරගලය දීිගට ම යනවා. මහින්ද අස්වුණා ය කියා අරගලය නිම වෙලා නැහැ. එය රනිල් ගෝඨාභය ඉවත් කිරීමෙන් නවතින්නෙත් නැහැ. අරගලය පාර්ලිමේන්තුවට ගැනීමක් හරි පාර්ලිමේන්තුව අරගලයට ගැනීමක් හරි ගැන ඔහු කතා කරනවා. අප කවුරුත් යම් දෘෂ්ඨියක මතවාදයක ඉඳගෙනයි කතා කරන්නෙ. වාසුදේවත් එහෙමයි. බටහිර විිද්‍යාවත් මතවාදියි. මතවාද දැනුම් කියා වෙන්කරන්න බැහැ. එහෙම වෙන්කරන්නෙ බටහිර මතවාද විසින්මයි. ඒ ඔවුන්ගෙ මතවාදය ඊනියා දැනුම බවට පත්කරන්න. එය ඔවුන්ගේ ජාතිකත්වය ජාත්‍යන්තරවාදයක් කියා පෙන්වන වගේ. අද අප ඊනියා ජාත්‍යන්තර මට්ටම් කියන්නෙ බටහිර ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි නූතනත්ව මට්ටම්වලට.

Thursday 19 May 2022

රනිල් ආතල්ගම හා මුල්ලවයික්කාල්

 

රනිල් ආතල්ගම හා මුල්ලවයික්කාල්

 

මේ පිටුවේ උඩින් ම පළ වී ඇති ප්‍රකාශය පඬි නැට්ටන්ට තේරුම් ගත හැකි යැයි මා සිතන්නේ නැහැ. මේ රටේ බොහෝ උගත්තු ද්වයංගුල පඤ්ඤා ගණයට අයත් වෙනවා. ඒ කියන්නෙ ඇඟිලි දෙකක දුරට වඩා පේන්නෙ නැහැ කියන එක.  ඒ අතර සමහරු ඉන්නවා ඒකංගුල පඤ්ඤා ගණයට අයත්. ඔවුන්ට පේන්නෙ ඇඟිල්ලෙ දුර පමණයි. මේ කාටත් යමක් ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕන. පඬි නැට්ටකු අහන්න පුළුවන් විශ්වවිිද්‍යාලයක දී කිසිවක් ඉගැන්නුවෙ නැත්තන් පඩි ගත්තෙ කොහොම ද කියල. ඒක ම තමයි පඬි නැට්ටන්ගෙ තේරුම් ගැනීමේ හැකියාව පෙන්නන කතාව.

Wednesday 18 May 2022

ඔවුන් වෙනුවෙන් අපි

 

ඔවුන් වෙනුවෙන් අපි

 

අද ඓතිහාසික දවසක්. නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණේ අද වැනි දවසක. එංගලන්තයේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් පවත්වාගෙන යනු ලබන දෙමළ ජාතිවාදයට අමතක නොවන පහරක් එල්ල කෙරුණේ 2009 මැයි දහඅටවැනි දා. ගැමුණු විජයබා සවෑනි පැරකුම්බා රජවරු ලැබූ ජයග්‍රහණ සමග සැසඳිය හැකි ජයග්‍රහණයක් මහින්ද රාජපක්‍ෂ ලැබුයේ. මා ඔහුගේ ජයග්‍රහණය සවැනි පැරකුම්බා රජුගේ ජයග්‍රහණය සමග සසඳමින් ඒ දිනවල ම ලිවුවා. අද ඒ මහින්ද අගමැති ධුරය හැර යන තැනට අපේ කඳවුරේ යැයි කියන අවස්ථාවාදී දේශපාලනඥයන් හා ධනලෝභී ව්‍යාපාරිකයන් කටයුතු කරලා. මහින්ද නිකම් ම නිකම් නාකි මයිනකු බවට පත් කරලා. ප්‍රචාරකයන් දක්‍ෂයි.

 

Tuesday 17 May 2022

ගෝඨාභය අස්විය යුතු නැහැ

 

ගෝඨාභය අස්විය යුතු නැහැ

 

මේ සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕන කාලයක්. ඒත් සිංහලයන්ට සිහියක් බුද්ධියක් නැහැ. විශේෂයෙන් ම ඊනියා උගතුන්ට බුද්ධිමතුන්ට ඒ කිසිවක් නැහැ. ඔවුන් ඉගෙන ඇත්තේ බටහිරින් එන මොකක් හරි අල්ල ගෙන එය පුනරුච්චාරණය කරන්න. ඔවුන් දන්නේ වචන පමණයි. වචනවල අර්ථය ඒ යොදාගත යුතු සන්දර්භය ආදිය ගැන ඔවුන්ට වැටහීමක් නැහැ. බටහිර දැනුම ඇතැම් විට වැඩ කරනවා. එහෙත් එහි පදනම පුස්සක්. ආරම්භය, ඇරිස්ටෝටල් න්‍යාය, තර්කය, රේඛීය චින්තනය ආදිය ඔවුන්ගේ ම වචනවලින් නම් තර්කානුකූල නැහැ. සමස්ත බටහිර දැනුමට ම ධම්මචක්ක පවත්තන හා අනත්ත ලක්ඛන සූත්‍රවලට අලගු තියන්නවත් බැහැ. අපත් ඒ සූත්‍රවල හරය එයට පසුබිම් වූ චින්තනය ආදිය දන්නේ නැහැ. බටහිර දැනුමෙන් මුසපත් වී ඇති අප ඒ කිසිවක් දැන ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.  අප සංසාර චක්‍රය ගැන හිතන්නේත් රේඛීය ව!  

වැලේ වැල් නැති වැල් පාලම

 වැලේ වැල් නැති වැල් පාලම


රනිල්ට නියම වී ඇති රාජකාරිය මුදල් සොයා ආර්ථික අර්බුදය විසඳීම මිස වෙනත් දෙයක් නො වෙයි. තම පක්‍ෂය රැක ගැනීමට නොහැකි වූ රනිල් රට රකින්නේ කෙසේ ද? ඔහු වැල් පාලමෙන් වැටී දරුවා නැති කර ගත් අයෙකි.  


එම් සී සී ගිවිසුම ප්‍රභාකරන් හමුවීමට කිලිනොච්චි යෑම  කාරක සභා අවස්ථාවේ දී දහනවවැනි ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණු සංශෝධන අර්ජුන මහේන්ද්‍රන් කෙසේ නම් අමතක කරමුද? 


ව්‍යවස්ථා සංශෝධන නව ව්‍යවස්ථා ගෙන ඒම ආදිය මහුගේ කාර්යයක් නො වෙයි.   







Monday 16 May 2022

අපි බුද්ධාගම්කාරයන් නොවෙමු

 අපි බුද්ධාගම්කාරයන් නොවෙමු 


ඊයේ ලිපියට ලැබුණු ප්‍රතිචාර අතරින් තුනක් කැපී පෙනෙනවා. එක් අයකු කියා තිබුණේ මා බොදුනුවකු වශයෙන් පෙනී සිටිය ද විවිධ ආගම් අදහන්නකු බවයි. ඔහු ඒ නිගමනයට පැමිණියේ කෙැසේ දැයි මට හිතා ගන්න බැහැ. මගේ අනුමානය නම් ලිපියේ ආගම් කිහිපයක් ගැන සඳහන් කර තිබූ බැවින් ඔහු ඒ නිගමනයට එන්න ඇති බවයි. මා කිසිම ආගමක් අදහන්නේ නැහැ. අඩු ගණනේ බටහිර විද්‍යාවවත් අදහන්නේ නැහැ. බටහිර විද්‍යාවත් පදනම් වන්නේ විශ්වාසය මතයි. ඇදහීම පදනම් වන්නේ විශ්වාසය මතයි. බුදුදහම විශ්වාසය මත පදනම් වන්නේ නැහැ. එව බලව එහි පිළිවෙතයි. මා බුදුදහම මත පදනම් වූ සංස්කෘතියක ජීවත් වෙනවා.

Sunday 15 May 2022

එව බලව

 




එව බලව

(සුදත් බණ්ඩාරට පින් පිණිස)

 

අද වෙසක් පොහෝ දින අවුරුදු විස්සකට පමණ පෙර 2002 ඔක්තෝම්බර් 20 වැනි දා මා ලියූ ලිපියක් නැවත පළ කරනවා. අවශ්‍ය අයකුට එය කාලය පරණ වෙබ් අඩවියෙන් (www.kalaya.org) ලබා ගන්න පුළුවන්.

Saturday 14 May 2022

රනිල්ට අවස්ථාවක්

 

රනිල්ට අවස්ථාවක් 

 

ඇතැම් පඬි නැට්ටන්ට අනුව මා ඊයේ ලිපියෙන් රනිල් වර්ණනා කරල. රනිල් වර්ණනා කරනව කියන්නෙ රනිල් පිළිගන්නවා කියල ලියපු  එක ද? එහි සාදරයෙන් පිළිගැනීමක් ගැන කියවුණේ නැහැ. ඔහු මිනිසුන් මෙහෙයවන්න දක්‍ෂයකු බව නම් කිවුවා. ඔහුට පඬි නැට්ටන් මෙහෙයවන එක නම් කිසිම අපහසුවක් නැතුව කරන්න පුළුවන්.

Friday 13 May 2022

රනිලාගමනය

 රනිලාගමනය


රනිල් හයවැනි පාරටත් අගමැති වෙලා. අගමැති පදවියේ විසිහය වතාවක් පමණ දිවුරා ඇතැයි කියනවා. ඒ කියන්නෙ අගමැති පදවියේ දිවුරුම්දීම් වලින් 23%ක් පමණ කර තියෙන්නෙ රනිල්. මැතිවරණයෙන් පැරදුණු අයකු ලෙස පළමු වතාවට දිවුරුම් දීමේ වාර්තාවත් රනිල් හිමි කරගෙන. එක් මන්ත්‍රීවරයකු පමණක් සිටින පක්‍ෂයකින් අගමැති වෙලා තියෙන්නෙත් රනිල්. මා හිතන්නේ මේවා ලෝක වාර්තා. රනිල් දක්‍ෂයෙක්.

 

Thursday 12 May 2022

රනිලාගම වූ ආතල්ගම

රනිලාගම වූ ආතල්ගම


ආතල්ගමෙන් බිහි වූ ලංකා කොමියුනිස්ට් සමාජයේ අගමැති රනිල් වික්‍රමසිංහ. ඊනියා ජනතාවට පරමාධිපත්‍යය තබා පැදුරාධිපත්‍යවත් නැහැ. ආතල් ප්‍රවාදකරුවන් අපහාස කළේ කාට ද?. අර ආතල් විශ්වවිද්‍යාලයට ආ ගිය අරුක්කාල් මාක්ස්වාදීන්ට භෞතිකවාදී ආතල් ද? තම මනස්වල පහළ වූ මනස්ගාත ඊනියා වාස්තවික සත්‍යයන් බවට පත් කළ අයගෙන් දැන් රාජ්‍යය වියැකී ගොස් ඇත් දැයි ජෝසෆ් ස්ටැලින් නම් අහන එකක් නැහැ.



ආර්ථික හා දේශපාලන ප්‍රතිව්‍යුහගත කිරීම්

 ආර්ථික හා දේශපාලන ප්‍රතිව්‍යුහගත කිරීම්

 

ඊයේ මා ලියූ ලිපියේ වචන ඇසුරින් ඒ ඒ අය තම තමන්ගේ ලිපි කියවාගෙන. අප කාටත් පොදු ඊනියා වාස්තවික ලිපියක් නැහැ. මගේ ලිපිය ඔබේ ලිපිය නො වෙයි. මා ලිපියක් ලියනවා. ඒ ඒ අය තම ලිපි කියවනවා. ඒ අර පඬියන්ගේ කියවීම නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. වමාලා මවාලා ගන්නා තත්වයකට පත් වෙලා.       

Monday 9 May 2022

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

 හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

 

මෙය වෙනදාට වඩා කෙටි ලිපියක්. අපට කාලය කියල එකක් නැති වුණාට කාලය සමග පොර බදන්න සිද්ධ වෙලා. කාලය විතරක් නොවෙයි ඉන්ද්‍රිය ගෝචර නොවන සියල්ල අපේ මනස්වල සංස්කරණ (නිර්මාණ) . ඉන්ද්‍රිය ගෝචර දේත් අපේ සංස්කරණ. පොඩි වෙනසකට තියෙන්නෙ එතැන දි මනස ඉන්ද්‍රිය සමග එකතු වෙනවා.

Sunday 8 May 2022

හින්දු වෙනවා ද ක්‍රිස්තියානි වෙනවා ද

හින්දු වෙනවා ද ක්‍රිස්තියානි වෙනවා ද

 

අන්තරේට කඩේ යෑමට අද විද්වත් පිරිසක් ඉන්නවා. අවුරුදු තිස්පහකට පමණ පෙර අන්තරේට පිහිටට හිටියේ මහින්ද රාජපක්‍ෂ ප්‍රින්ස් ගුණසේකර වැනි කිහිප දෙනකු පමණයි. අන්තරේ වෙනුවෙන් ත්‍රීමා විතාරණ ආදීන් වෙනුවෙන් එකල මා ද එංගලන්තයේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සම්මේලනයත් ජාත්‍යන්තර  ක්‍ෂමා ආයතනයත් ලංඩනයෙ දි මුණ ගැසුණා.ක්‍ෂමා ආයතනයේ එවකට ලංකාව ගැන කටයුතු කෙළේ සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ කථිකාචාර්යවරයකුගේ බිරිඳ. මා ඔවුන් හමුවීමට ලන්ඩනයෙන් දකුණට වූ රිච්මන්ඩ් හි පිහිටි ඔවුන්ගෙ නිවසටත් ගියා. එහෙත් ඒ කිසිවකු එ ජා ප මර්ධනයට විරුද්ධ ව වැදගත්  කිසිවක් කෙළේ නැහැ. ඒ දිනවල ජ වි පෙ ක්‍රියා කෙළේ ද උපරිම භීෂණය යොදමින්. මට එංගලන්තයට යෑමට සිදු වූයේත් ජ වි පෙ හා එ ජා ප ආණ්ඩුවේ භීෂණය මා වෙත ද එල්ල කර තිබූ නිසා.

Saturday 7 May 2022

ෆැසිස්ට්වාදය ප්‍රජාතන්ත්‍රවාදය අලි සබ්‍රි හා සියඹලාපිටිය

 ෆැසිස්ට්වාදය ප්‍රජාතන්ත්‍රවාදය අලි සබ්‍රි හා සියඹලාපිටිය

 

මෙරට පඬියන් තවම ප්‍රශ්නයට මුහුණ දී නැහැ. ඔවුන් තවමත් කතා කරන්නේ ක්‍ෂණික ප්‍රශ්නය ගැනයි. එනම් ඩොලර් බිලියන කිහිපයක් ක්‍ෂණික ව සොයා ගැනීම පිළිබඳවයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද ඉන්දියාවෙන් ද චීනයෙන් ද බංග්ලාදේශයෙන් ද වෙනත් රටකින් ද යන්න ගැන විවිධ කතා ඇතිවෙනවා. ණය ගෙවීම කල් දා ගැනීම, පොළිය අඩු කර ගැනීම, ණය ප්‍රමාණය අඩු කර ගැනීම ආදී වශයෙන් විවිධ කතා ඇසෙනවා. ඒ අතර කොන්දේසි ගැනත් කතා වෙනවා. අප විරුද්ධ වුණත් අපට ජාමුලට යන්න වෙලා.

 

Friday 6 May 2022

බැසිල් හා විමල්

 

බැසිල් හා විමල්

 

මේ ඩීල්ලන්තය බව මා කිහිපවතාවක් ම කියා තිබෙනවා. ඩීල්ලන්තයට අලතෙන් ම එකතු වුණේ ආතල්ගමයි. ආතල්ගමත් ඩීල් ප්‍රතිඵලයක් තමයි. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම වෙනුවෙන් කතෝලික මුස්ලිම් ප්‍රභූන් නාගරික මධ්‍යම පංතියට ආතල්ගැනීමට සැලැස්වීමයි එහි දී කෙරෙන්නේ. එහෙත් අද මධ්‍යම පංතිය වෙනුවට ගුණදාස අමරසේකරගේ උගත් ගැමි තරුණයන් ඊනියා අරගලය තම අතට ගනිමින් සිටිනවා. කාට ද ආඩම්බරේ? ගණඳුරු මැදියම දකිනෙමි අරුණළු කීවලු.

Thursday 5 May 2022

ආතල්ගම හා පාර්ලිමේන්තුව

 

ආතල්ගම හා පාර්ලිමේන්තුව

 

ආතල්ගමේ අපි මචංලා එක්කයි කියන මුස්ලිම් ව්‍යාපාරය පමණක් තව දුරටත් කෙරී ගෙන යනවා. මෙය ඊනියා අරගලයක් නොව ව්‍යාපාරයක්. අද වන විට එහි ක්‍රිස්තියානි බලපෑම අඩුවෙලා. එහෙත් එහි සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධය දිගට ම තියෙනවා. එහෙත් එ විරෝධයට කළ හැකි දෙයක් නැහැ. අද එහි නායකත්වය ක්‍රමයෙන් ජෙප්පන් හා සෙප්පන් අතට පත්වෙමින් තියෙනවා. එහි දී ද ජෙප්පන් හා සෙප්පන් අතර ව්‍යාපාරයේ නායකත්වය අතට ගැනීමට නම් අරගලයක් තියෙනවා. අද අරගලය සීමා වී ඇත්තේ එයටයි.

Wednesday 4 May 2022

කිරිඇල්ලලාට පුළුවන් ද?

 කිරිඇල්ලලාට පුළුවන් ද?

 

ලක්‍ෂමන් කිරඇල්ල නීිතිඥයෙක්. ඒ ගැන මට සැකයක් නැහැ. ඔහු නීති විද්‍යාලයේ විභාග සමත් වෙන්න ඇති. එහෙත් ඔහු පාසලේ දී සාමාන්‍ය පෙළ සමත් වී ද යන්න නම් ප්‍රශ්නයක්. ඔහු පාසලෙන් අස් වූයේ කිනම් විභාගයකින් සමත් වීමෙන් පසුව ද? මා විභාග සහතිකවලට වැදගත් කමක් දෙන්නෙ නැහැ. එහෙත් කිරිඇල්ලගෙ ඇති වෙනත් වැදගත්කමක් ගැන කියන්න මා දන්නෙ නැහැ. දන්න අයකු ඉන්නවා නම් කියන්න. එවිට මා විභාග සහතික කතා අත්හරින්නම්. 

Tuesday 3 May 2022

අගමැති අස්වුණොත්

 

අගමැති අස්වුණොත්

 

සකර්බර්ග් අනාථ කඳවුරේ කතෝලික සම්භවයක් ඇති ඊනියා විද්‍යාඥයෙක් කියා තිබුණා ජාතික චින්තනයට ඊනියා අරගලය තේරෙන්නෙ නැහැ කියා. මොන විද්‍යාව හැදෑරුවත් පඬි නැට්ටා පඬි නැට්ටාමයි. පඬි නැට්ටා කියන ඒක ඇත්ත. ජාතික චින්තනයේ ගුණදාස අමරසේකරට මේ කිසිවක් තේරෙන්නෙ නැහැ. ඔහුට ඇත්තේ කවි සංකල්පනා මිස සංකල්ප නො වෙයි. කවි සංකල්පනා කියන්නෙ විසිරුණු අදහස්. ඒ අවශ්‍ය නැහැ කියා මා කියනවා නො වෙයි. කොහොමත් සිංහලයන් කවියන්. සිංහලයන්ට දැනෙන්නේ කවි සංකල්පනා මිස සංකල්ප නො වෙයි. මෙරට බුද්ධිමතුන්ගේ රික්තයක් තියෙන බැවින් කවි සංකල්පනාවලට ද සංකල්ප, දාර්ශනික සිතුවිලි ආදිය කීමට ද ජනතාව පුරුදු වෙලා.

Monday 2 May 2022

අධිෂ්ඨාන පූජා හා යාඥා

 

අධිෂ්ඨාන පූජා හා යාඥා

 

පසුගිය අප්‍රේල් 30 වැනි දා බෙල්ලන්විල රජමහා විහාරයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සංවිධානත්වයෙන් රටට දැයට සෙත්පතා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණා. එය බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණෙ. අනුශාසනාව පවත්වනු ලුබුයේ පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් විසින්. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති චන්ද්‍ර වාකිෂ්ට මහතා ප්‍රමුඛ සම්මේලනයේ නිලධාරීන් හා සාමාජිකයන් රැසක් පූජාවට සහභාගි වුණා. අනෙක් පළාත්වලත් මෙවැනි පූජා පවත්වන බව බෞද්ධ සම්මේලනයේ නිලධාරීන් අතින් පැවසුණා.

Sunday 1 May 2022

පනස්හයේ තේමිස් දරුවෝ

පනස්හයේ තේමිස් දරුවෝ

 

අද ඊනියා අරගලය යන්නේ කිනම් දිශාවකට ද යන්න ආතල්ගම සිදුවෙන දෙයින් පැහැදිලියි. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවේ ඇස් බැඳීමට දැන් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. එහෙත් එය සමස්ත ක්‍රියාවලිය ම පැහැදිලි කරන සිද්ධියක් පමණයි. සමස්ත ක්‍රියාවලිය සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීම සඳහායි. එහි එක් පියවරක් වනුයේ පනස්හය ආපසු හැරවීමයි. බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැන්දේ එය සංකේතවත් කිරීමටයි. අද ඇතැම්දෙමළ ජාතිවාදීන් බණ්ඩාරනායක පිළිරුව කඩා දැමිය යුතු යැයි කියනවා.