Main Logo

Saturday 31 December 2016

දේශපාලන පෙරළියේ සබැඳිය

දේශපාලන පෙරළියේ සබැඳිය



රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක මහතා අද අවසන් ගමන් යනවා. එතුමා පිළිබඳ ලිපියක් ලිවීම අවශ්‍යයි. එතුමා වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ නොකිරීම පිලිබඳව පවුලේ අයට අප ස්තුති කළ යුතුයි. එතුමාගේ අභාවය ගැන, මතුපිටින් නොව හදවතින් ම ශෝක වන දසදහස් සංඛ්‍යාත ජනතාව හොරණ නිවසට ඇදී එනවා. එතුමාට රාජ්‍ය ගෞරව ලැබෙන්නේ නැති බව පැහැදිලියි. රාජ්‍ය අනුග්‍රහය කියන එකේ එතරම් වැදගත් කමක් නැහැ. ජනතා අනුග්‍රහයෙන් ජනතා ගෞරවය මැද අවමංගල කටයුතු සිදුවෙනවා ඇති.

Friday 30 December 2016

පශ්චාත් සත්‍යය

පශ්චාත් සත්‍යය

පශ්චාත් සත්‍යය කියන සංකල්පය වසර කිහිපයක් පැරණි එකක්. ඒත් අපේ පඬියන් තවම එය භාවිතා කරනු දැක නැහැ. බටහිරයන්ගේ නොයෙකුත් පශ්චාත්තාප පශ්චාත් සංකල්ප මෙන් ම මෙයත් සිදුවෙමින් පවත්නා වෙනස්කම් තේරුම් ගැනීමට බැරුව සංස්කරණය කරන ලද තවත් පුහු සංකල්පයක්. මේ පුහු සංකල්ප අතර වඩාත් ම පුස්ස වන්නේ පශ්චාත්නූතනත්වයයි. බටහිරයන් පහළොස්වැනි සියවසේ අග සිට ක්‍රමයෙන් ගොඩ නගාගත් සංකල්පීය ලෝකය පසුගිය සියවසේ තුන්වැනි දශකයේ පමණ සිට කඩා වැටෙමින් පවතිනවා. මා නොයෙක් වර සඳහන් කර ඇති ආකාරයට ක්වොන්ටම් භෞතිකයේ අනිශ්චිතතා මූලධර්මය, ද්විත්ව සිදුරු පරීක්‍ෂණය හා ගණිතයේ ගර්ඩ්ල්ගේ අසම්පූර්ණතා ප්‍රමේය දෙක මෙහි දී වැදගත් කාර්යභාරයක් ඉටු කළා. මෙය අප එකතු කළ නව දැනුමක්.

Thursday 29 December 2016

සහල් හිඟය

සහල් හිඟය

අද රටේ සහල් හිඟයක් තිබෙන බව බත් කන අය දන්නවා. සමහරවිට ඇමතිවරුන් දන්නතෙුව ඇති. සහල් මිළ ඉතා ඉහළට ගිහින්. අද සහල් පිටරටින් ගෙන්වීමේ වෑයමකුත් තිබෙනවා. සහල් පෞද්ගලික ව්‍යාපාරිකයන් හංගා ගෙන ඉන්න බව කියනවා. කොහොමටත් පහුගිය කන්නවල වී සහල් වෙලා වෙළෙඳපොළට නිකුත් වෙලා නැහැ. මා ඒ පිළිබඳ ගණන් හිලව් දන්නේ නැහැ. මට සංඛ්‍යා මතක තබා ගැනීමේ පුරුද්දක්වත් දක්‍ෂකමක්වත් නැහැ. ඒවට දක්‍ෂ අය ඉන්නවා. ඔවුන් හරියට ම කියාවි මෙච්චර වී ප්‍රමාණයක් අස්වැන්න ලෙස ලැබුණු බවත් එයින් මෙච්චර සහල් ප්‍රමාණයක් ලැබිය යුතු බවත් ඒත් වෙළෙඳපොලට නිකුත් වී ඇත්තේ මෙච්චර හාල් ප්‍රමාණයක් පමණක් බවත්. එ සංඛ්‍යා ලේඛන නැති වුවත් නිපදවූ වී ප්‍රමාණය සහල් වෙලා වෙළෙඳපොළට ඇවිත් නැති බව නම් පේන්න තියෙනවා.

Wednesday 28 December 2016

සිදුහත් කුමරු මිසදිටුවෙක් ද?

සිදුහත් කුමරු මිසදිටුවෙක් ද?


පසුගිය පොහෝ දින විකාශය වූ නොපෙනෙන මානයේ දී ටියුඩර් වීරසිංහ කියා තිබෙනවා බෝසතාණන් වහන්සේ මිසදිටුවකු ය කියා. ඔහු කියා ඇත්තේ බුද්ධත්වය ලැබීමට පෙර උන්වහන්සේ මිථ්‍යාදෘෂ්ටිකයකු ය කියා. ටියුඩර් වීරසිංහ රුසියාවේ උපාධි ලබාගත් අයකු.  ලංකාවේ මෙතරම් විභ්වවිද්‍යාල තිබිය දී ඔහු රුසියාවට ගියේ ඇයි ද කියන එක ප්‍රශ්නයක්. සමහර විට ලංකාවේ විශ්වවිද්‍යාල ඔහුට සරිලන තත්වයක නොතිබෙන්න ඇති. එහෙත් ඔහු උගන්වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක මණ්ඩපයක. ඔහුගේ දැනුම මෙරට ශිෂ්‍යයන්ට ලබා දීමට ඔහු තීරණය කරන්න ඇති.

Tuesday 27 December 2016

නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වේ

නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වේ

මා වුවමනාවෙන් නරඹන්නේ දෙරණ ප්‍රවෘත්ති හා දෙරණ අරුණ පමණයි. එහෙත් දෙරණෙහි ද වෙනත් නාළිකාවල ද ඇතැම් වැඩ සටහන් ද ඇහෙනවා, නැරඹෙනවා. පසුගිය නත්තල් දා ජාතික රූපවාහිනිය යැයි කියා ගන්නා ආණ්ඩුවේ රූපවාහිනියේ විකාශය වූ සිහිනයකි රෑ වැඩ සටහන පසු දිනෙක ඇහුණා. එහි සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළ කරුණක් පිළිබඳ ව ලියන්නේ එතුමා සමග අමනාපයකින් නො වේ. එතුමා තමාට වැටහෙන අයුරින් යමක් ප්‍රකාශ කළා. මා මෙහි දී ඒ ප්‍රකාශය කිරීම ප්‍රශ්න කරන්නේ නැහැ. මට අවශ්‍ය නිවන ගැන මට වැටහෙන දේ ප්‍රකාශ කිරීම පමණයි.

ඵියතුමා සඳහන් කෙළේ බුදුන් වහන්සේත් යමක් අත්හැරියේ තවත් යමක් අත්කර ගැනීමට බව. එතුමා කියා සිටියේ බුදුන් වහන්සේ සියල්ල අත්හැරියේ නිවන අත්කර ගැනීමට බවයි. ඇතැම් පඬියන් සිදුහත් කුමරු මිසිදිටුවකු, තම එකම පුතාට පියකු වශයෙන් කළ යුතු දේ නොකර පළා ගිය අයකු ආදී වශයෙන් කියන්නේ එක්කෝ පඬිකම ප්‍රදර්ශනය කිරීමට, නැත්නම් බුදුදහමට අපහාස කිරීමට. ඒ කරුණුවලට පිළිතුරු දිය යුතුයි. මා මෙවැනි දේට පමණක් නොව වෙනත් දේටත් අපේ ප්‍රවාද ගොඩ නගා පිළිතුරු දී තිබෙනවා. මෑතක දී මගේ ලිපි කියවීමට පටන් ගත් ඇතැමුන් හිතන්නේ මා අවුරුදු තිහකට වැඩි කාලයක් පොල් ගෑ බවයි. ඔවුන් කියන්නේ මා කළ යුත්තේ බටහිර විද්‍යාවට පහර ගැසීම නොව අපේ ප්‍රවාද ගොඩ නැගීම බවයි. මට කළ හැක්කේ ඔවුන්ට අනුකම්පා කිරීම පමණයි. අපේ ප්‍රවාද ගොඩ නැගීම අරඹමින් මා කියා ඇත්තේ අප සිංහල බෞද්ධ චින්තනය පදනම් කරමින් ප්‍රවාද ගොඩ නැගිය යුතු බවයි. මා මේ තරුණයන්ගෙන් කාරුණික ව ඉල්ලා සිටින්නේ පඬියන් වීමට උත්සාහ නොකර මා කර ඇත්තේ කුමක් ද කියා සොයා බලන ලෙසයි.

පියතුමා පඬි කතාවක් කළා යැයි මා සිතන්නේ නැහැ. පියතුමා නිවන ගැන කියා ඇත්තේ එතුමාට වැටහෙන අයුරින්. මා ද නිවන ගැන කියන්නේ මට වැටහෙන අයුරින්. මා නිවන පසක් කර නොමැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වෙයි. කොටින් ම නිවන දෙයක් නො වෙයි. නිවන යනු නාම පදයක් ලෙස ගැනීම මෙලෙස නිවන දෙයක් ලෙස ගැනීමට ප්‍රධාන හේතුව. නිවන යනු ක්‍රියා පදයක් ලෙස ගැනීම වඩා නිවැරදි යැයි මා කියන්නේ නැහැ. නිවන නාම පදයක්වත් ක්‍රියා පදයක්වත් නොවෙයි. එහෙත් අවාසනාවකට අපට වචනයක් අවශ්‍යයි. එසේ නැතිව අපට සන්නිවේදනයක් කර ගන්න බැහැ.

නිවන අවකාශ කාලයෙහි පවතින දෙයක්වත් අවකාශ කාලයෙන් පිටත පවතින දෙයක්වත් නොවෙයි. එය නොපවතින දෙයක්වත් නො වෙයි. පවතින හා නොපවතින දෙයක්වත් නො වෙයි. පවතින්නේත් නැති නොපවතින්නේත් නැති දෙයක්වත් නො වෙයි. කෙටියෙන් කිවහොත් නිවන චතුස්කෝටික න්‍යායෙන් විනිර්මුක්තයි. නෙව සඤ්ඤා නා සඤ්ඤා බ්‍රහ්ම තලය චතුස්කෝටිකයට හසු වෙනවා. එහි සඤ්ඤා ඇත්තේත් නැහැ. නැත්තේත් නැහැ. ඉන්ද්‍රියානුභූතවාදීන් ආදි පඬියන් මේ ගැන සිතීම අවශ්‍ය නැහැ. ඔවුන් ඉන්නේ ඇරිස්ටෝටල්ගේ ද්විකෝටික න්‍යායෙහි. ඔවුන්ට මේ කිසිවක් තේරෙන්නේ නැහැ.

පියතුමා හොඳින් ම දන්නා පරිදි තොමස් ඇක්වයිනාස් සාන්තුවරයාණන් කතෝලික චින්තනය ඇරිස්ටෝටල්ගේ න්‍යාය සමග යම් ආකාරයකින් එකතු කිරීමට වෑයම් කළා. එහි දී සාන්තුවරයාණන් වෙනත් කතෝලික උගතුන්ගේ විවේචනයට හසු වුනා. සාන්තුවරයාණන් මේ කාර්යයයෙහි දී අසාර්ථක වුනා. එයට ප්‍රධාන හේතුව කතෝලික චින්තනය ත්‍රිකෝටික න්‍යාය ඇසුරු කිරීමත් ඇරිස්ටෝටලීය න්‍යාය ද්විකෝටිකය ඇසුරු කිරීමත්. මා ඒ දිනවල විශ්වවිද්‍යාලයේ දී මේ කරුණු සාකච්ඡා කළා. දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ලෙස ඉපදීම තේරුම් ගත හැක්කේ ත්‍රිකෝටික න්‍යායෙහි කියා මා විශ්වාස කරනවා. ඇරිස්ටෝටලීය න්‍යායෙන් එය තේරුම් ගැනීමට බැහැ. ක්වොන්ටම් භෞතිකයේ සුප්‍රසිද්ධ ද්විත්ව සිදුරු (ඩබල් ස්ලිට්) පරීක්‍ෂණය තේරුම් ගත හැක්කේත් ත්‍රිකෝටික න්‍යායෙන්. බටහිරයන්ට එය තේරුම්  ගැනීමට නොහැකි වීම පුදුමයක් නො වෙයි. බටහිරයන් ඇරිස්ටෝටලීය න්‍යායෙහි සිරකරුවන්. පියතුමා එදා සාකච්ඡාවේ දී නිවැරදිව ප්‍රකාශ කළාක් මෙන් යේසුස් වහන්සේ ආසියාතිකයෙක්. යුදෙවුවන් වියුක්ත චින්තනයක් අනුගමනය කළත් ද්විකෝටිකයක සිර වී සිටියේ නැහැ. පියතුමා ඇතුළු කතෝලික බැතිමතුන් මා ගැන වරදක් නොසිතනු ඇතැයි මා සිතනවා. සිංහල බෞද්ධයන්ට ක්‍රිස්තුස් වහන්සේ බෝධිසත්වයකු ලෙස සැලකීමට පුළුවන්. එසේ නොවූයේ කතෝලික ආගම ප්‍රධාන වශයෙන් ම යටත්විජිතවාදයත් සමග පැමිණි නිසා. මට තේරෙන විධියට කතෝලික ආගම ක්‍රිස්තියානි ආගම්වලින් වෙනස් වන්නේ චින්තනයෙන්.
චතුස්කෝටික න්‍යාය සිදුහත් කුමරු ඉපදීමට පෙර සිට ම මිනිසුන් දැන සිටියා. නිවන ඒ සියල්ලෙන් ම විනිර්මුක්තයි. මේ ලෝකය මනසේ නිර්මාණයක්. එයින් අදහස් කරන්නේ සියළු සංකල්ප මිනිසුන්ගේ නිර්මාණ බව මිස ඇතැම් පඬියන් සිතන පරිදි සියල්ල මනසෙහි පවතින බව නො වෙයි. මනසත් මනසේ නිර්මාණයක්. එය ද්විකෝටික න්‍යායෙන් තේරුම් ගන්න බැහැ. මිනිසුන් සංකල්ප නිර්මාණය කරනවා. අවිද්‍යාව ඇත්නම් සංකල්ප සංස්කරණය කෙරෙනවා. අප අත්කර ගන්නේ අවිද්‍යාව ඇති විට. මා නමැති ව්‍යාජය, සංකල්පය ඇති විට. මා ඇතිවිට තණ්හාව ඇතිවෙනවා. තණ්හාව ඇති විට අප අත්කර ගන්නවා.  අපට නිවනට තණ්හාවක් නැහැ. අවශ්‍ය නම් තණ්හාව නැති කිරීම නිවන කියා කියන්න පුළුවන්. නිවන අත්කර ගැනීමක් නො වෙයි. සියළු අත්කර ගැනීම් නැති කිරීම, මා යන්න බොරුවක් බව අවබෝධ කර ගැනීම නිවනයි. මනසක් යනුවෙන් දෙයක් නැති බව තේරුම් ගැනීම නිවන ලෙස කියන්න පුළුවන්. නැති මනස නැති මනස විසින් ම ඇති මනසක් බවට පත්කරගෙන. නැති මනස නැති මනසක් බව දැනගන්නේ කෙසේ ද? එය ඊනියා මනසකින් කරන්න බැහැ. සංස්කරණ නැති විට නිවන අවබෝධ වේවි. නිවන, නැති මනස නැති මනසක් බව අවබෝධ කර ගැනීමක් මිස දෙයක් අත්කර ගැනීමක් නො වෙයි.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 27   

Monday 26 December 2016

බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි


රනිල් වික්‍රමසිංහ මහානායක හිමිවරුන් හමුවීමට ගොස් ආපසු ඒමේ දී මාධ්‍යකරුවන් උන්වන්සේලා අනුශාසනා කළේ කුමක් දැයි අහලා. එය ඇසිය යුතු ප්‍රශ්නයක්. ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ආණ්ඩුව කතා කරන විට ඒ සඳහා ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න වැනි සිංහල විරෝධී ඊනියා පංති සටන උසාවියේ කරන පුස් කෑ මාක්ස්වාදීන් යොදා ගනිමින් රට දෙකඩ කිරීමට පිඹුරුපත් සකස් කරන විට, මෙතෝදිස්ත භක්තිකයකු වූ සුමන්තිරන්  මෙරට තම රෝම ලන්දේසි අධිකරණයට අභියෝග කරමින් බටහිරයන්ගේ ම කොන්දේසි මත පිහිටු වූ ජූරි සභාවකින් රවිරාජ් ඝාතනය සම්බන්ධ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම ප්‍රශ්න කරන විට, දෙමළ ජාතීිවාදීන් සිංහල විරෝධි බටහිරයන්ගේ අවශ්‍යතාවට ප්‍රභාකරන් ඇතුළු ප්‍රභාකරන් ඇතුළු සිංහලයන් ඝාතනය කළවුන්ගේ සුසාන භූමි පුණ්‍යභූමි ලෙස නම්කිරීමට යෝජනා කරන විට, උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් යොදා ගනිමින් විනාශ කරන විට, මහා ඇමති විග්නේස්වරන් උතුරු පළාතේ බුදු පිලිම වහන්සේලා ඉදි කිරීමට විරුද්ධ වන විට එවැනි ප්‍රශ්නයක් ඇසීම කළ යුත්තක්. මේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදීන්ට අද මෙතරම් ශක්තියක් ලැබී ඇත්තේ රනිල් නිසා.

Sunday 25 December 2016

ජාත්‍යන්තරවාදී ආධිපත්‍යය

ජාත්‍යන්තරවාදී ආධිපත්‍යය

අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රභේදයයි. එය ජාත්‍යන්තරවාදයක්. එහි ආධිපත්‍යය දරන්නේ එංගලන්තයවත්, එක්සත් රාජ්‍යවත්, ඕස්ටේ‍ර්ලියාව වැනි වෙනත් බටහිර රාජ්‍යයක්වත් නො වෙයි. ජාත්‍යන්තරවාදය ඇත්තේ ඒ රටවල ඇති ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යවලටත් උඩින්. ඒ රාජ්‍ය¬ එකක්වත් ජාතික රාජ්‍යයක් නො වෙයි. ඒ රාජ්‍ය ආගමික රාජ්‍ය. එකී රාජ්‍යවල ජාතිකත්වයක් තවමත් ඇති වී නැහැ. බටහිර උගතුන් ඒවාට ජාතික රාජ්‍ය කියා කියන්නේ ඉතාමත් සීමිත නෛතික අර්ථයකින්. වැඩවසම් යුරෝපයේ තිබූ රාජ්‍යවලට නිශ්චිත දේශ සීමා තිබුණේ නැහැ. අටවැනි හෙන්රිගෙන් හා ප්‍රංශ විප්ලවයෙන් ද ඊනියා ඇමරිකන් විප්ලවයෙන් ද ඔවුන්  උගත් පාඩමක් වූයේ නිශ්චිත දේශසීමා ඇති රාජ්‍ය පිහිටුවිය යුතු බවයි.

Saturday 24 December 2016

නව ව්‍යවස්ථාව හා සංධානය

නව ව්‍යවස්ථාව හා සංධානය

මෙරට ප්‍රශ්න බොහෝ විට අවුල් වන්නේ ප්‍රශ්නයේ මුලට නොයෑම නිසා ය. අද නව ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නේ ද ප්‍රශ්නය අවුල් කර ගනිමිනි. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් 2015 අගෝස්තු මැතිවරණය තරග කළ දිනූ මන්ත්‍රීවරුන් අද කොටස් දෙකකට බෙදිලා. එක් කොටසක් ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමූ මෛත්‍රිපාල සමග ආණ්ඩුවට ගිහින්. ඔවුන් විශාල පිරිසකට ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ආදිය ලැබී ඇත්තේ එ ජා පක්‍ෂයේ ඇතැම් පැරැන්නන් ද ඉවත දමමින්. සංධානයෙන් තරග කළ අනෙක් කොටස අද ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරනවා.

Friday 23 December 2016

සුපිරි ඇමතිකම කුමකට ද

සුපිරි ඇමතිකම කුමකට ද

සුපිරි ඇමතිකමක් ඇති කරන්න යන බවට කතා පැතිරෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත්. ඒ සුපිරි අමාත්‍යාංශයක් පිහිටුවීම සඳහා . ඒ පිළිබඳ සැකයක් නැහැ. පනත අමාත්‍ය මණ්ඩලයේ දී අනුමත වෙලා. ඒ කියන්නෙ ජනාධිපති සභාපති ධුරය දරණ අමාත්‍ය මණ්ඩලයකින්. මෛත්‍රිපාල අමාත්‍ය මණාඩලයේ දී පනතට විරුද්ධ වුනා ද කියන්න අප දන්නේ නැහැ. ඒවා කැබිනට් රහස්. අපට උගන්වා තිබෙන්නේ කැබිනට්ටුව සාමූහික වගකීමකින් කටයුතු කරනවා කියලා. ඒ හින්ද වෙන්නැති මෛත්‍රිපාල කණ්ඩායමේ සමහර ඇමතිවරු නිහඬ ව ඉන්නෙ. ඒත් ඩිලාන් පෙරේරා නම් සුපිරි ඇමති කෙනකුට විරුද්ධ බවයි පෙනෙන්නෙ. ඔහු ඒ විරුද්ධතාව පෙන්වන්නෙ බැසිල් රාජපක්‍ෂ සුපිරි ඇමතිවරයකු වී සිටියේ යැයි කියමින් රාජපක්‍ෂලාට පහර දෙමින්. ඔහු අනෙක් රාජපක්‍ෂලාට කෙසේ වෙතත් චමල් රාජපක්‍ෂට නම් කැමති බවක් පේන්න තියෙනවා. චමල් රාජපක්‍ෂ අගමැති කරන්න යනවාවත් ද? මෛත්‍රිපාල කණ්ඩායම විපක්‍ෂයට යනවාට වඩා හැකි නම් රනිල්ට අගමැතිකම අහිමි කිරීම රටට වැඩදායකයි.

Thursday 22 December 2016

බෞද්ධ ප්‍රබෝධය

බෞද්ධ ප්‍රබෝධය

වත්මනෙහි බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙන බව බොහෝ දෙනා කියනවා. විශේෂයෙන් ම තරුණ තරුණියන් අතර බෞද්ධ ප්‍රබෝධයක් තිබෙන බවයි කියන්නේ.  කලකට පෙර මා රූපවාහිනී නාළිකාවක වැඩ සටහනකට ගිය විට එය මෙහෙය වූ තැනැත්තා ද කීවේ බෞද්ධ ප්‍රබෝධයක් තිබෙන බවයි. මා ඔහු සමග එකඟ වූයේ නැහැ. එය පැහැදිලි කිරීමටත් කාලයක්් තිබුණේ නැහැ. නැවතත් මට මේ කතාව ඊයේ පෙරේදා අහන්න ලැබුණා. කතාව කී තැනැත්තා කියා සිටියේ තරුණ තරුණියන් ආරණ්‍යවලට යන බව, බෞද්ධ පොතපත කියවන බව, භාවනා කරන බව, සිල් සමාදන් වන බව ආදියයි. ඹැලූ බැල්මට මෙය ඇත්තක්. ඒත් මේ තරුණ තරුණියන්ගේ ඡන්දය මෛත්‍රිපාලට වැඩිපුර ලැබෙන්න ඇති කියලත් හිතනවා. ඒ නැතත් මේ බෞද්ධ ප්‍රබෝධය කුමක් ද? එය ගලා එන්නේ කොතෑනකින් ද?

Wednesday 21 December 2016

මුස්ලිම් දේශපාලනය

මුස්ලිම් දේශපාලනය


අෂ්රොෆ් මුස්ලිම් දේශපාලනයට පිවිසෙන්න කලින් සාමාන්‍යයෙන් මුස්ලිම් දේශපාලනඥයන් එ ජා පක්‍ෂයේ හරි ශ්‍රි ල නි පක්‍ෂයෙ හරි කටයුතු කළා. බද්යුද්දීන් මහමුද් මැතිණියගෙ ආණ්ඩුවෙ අධ්‍යාපන ඇමති වෙලා හිටියා. ඔහු තමයි ඉතිහාසය ඉගැන්වීම පාසලෙන් අයින් කෙළේ. ආණ්ඩුව ඒ යෝජනාවට එකඟ වීමෙන් විශාල වරදක් කළා. දෙමළ කතා කරන අය (දෙමළ හා මුස්ලිම්) විවිධ ඉතිහාස තම දරුවන්ට ඉගැන්නුවා. සිංහල දෙමව්පියන් තම දරුවන්ට කිසිම ඉතිහාසයක් ඉගැන්නුවේ නැහැ. සිංහලයන් ඉතිහාස විඥානයක් ඇති ජාතියක්. අපේ වංස කතාවලින් ඒ බව පැහැදිලි වෙනවා. ඒත් බදියුද්දීන් සමත් වුනා සිංහලයන්ගෙ ඉතිහාසය පාසලින් දොට්ට දාන්න හා සිංහල ඉතිහාසය දරුවන්ගෙ මනසට ආගන්තුක දෙයක් බවට පත් කරන්න. එහි විපාක අද අපට විඳින්න සිද්ධ වෙලා.

Tuesday 20 December 2016

කතාවේ දෙවැනි කොටස

කතාවේ දෙවැනි කොටස

විය හැකි කතාවක් යන්න විය හැකි දෙයක් මිස නිසැකයෙන් ම වෙන දෙයක් නො වෙයි. කොහොමත් කාලය කියන්නෙ පඤ්ඤත්තියක් විතරයි. එය පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ නැහැ. මේ ගැන වෙන ම ලියන්න ඕන. කාලය අතර අහපු ඇතැමුන්ට එය තේරිලා නැහැ. ක්වොන්ටම් භෞතිකයේත් කාලය කාරකයක් ලෙස ගන්නේ නැහැ. එය පංචෙන්ද්‍රිය ගෝචර නැති නිසා. ඒත් ඒ සඳහා අනිශ්චතතා අසමානතාවක් ලියන්න පුළුවන්. අටුවාවේ කාලය පඤ්ඤත්තියක් පමණක් බව කියන අතර අභිධර්මයෙහි චිත්තක්‍ෂණ ගැන කියැවෙනවා. චිත්තක්‍ෂණ ගැන කතා කරන්නේ කාලය පවතී යන අරුතකින්. අප බුදුදහම සන්දර්භයෙන් තොර යථාර්ථයක් ලෙස ගෙන වැරදි නිගමනවලට එළඹෙනවා. අනාගතය දකින්න හැකි අය ඉන්නවා. ඒ අනාගතය දකින්නේ වත්මනෙහි පවතින්නේ යැයි කියන යම් යම් අවශ්‍යතා මත පදනම් වෙලා. ඒවා වෙනස් කරන්න පුළුවන්. එවිට ඇත්තේ වෙන ම කතාවක්. අංගුලිමාල තම මව මැරීමට එන බව බුදුන්වහන්සේ දුටුවා. උන්වහන්සේ මැදිහත් වී එය වැළැක්වූවා. අනාගතය වෙනස් කළා. මෙහි සිදුවන්නේ අනාගතයේ දී සිදුවිය හැකි අවස්ථා කිහිපයක් ඇති බවත් ඒ ඒ අවස්ථාව ඇති වන්නේ කෙසේ දැයි දැනගෙන ඒ අනුව කටයුතු කිරීමත්. අංගුලිමාලට පංචානන්තරීය පාප කර්මයක් කිරීමට මෙන් ම නිවන් දැකීමටත් හැකි කමක් (සම්භාවිතාවක්) තිබුණා. යම් යම් අවශ්‍යතා යටතේ ඒ දෙක සිදු විය හැකි ව තිබුණා. බුදුන් වහන්සේ මැදිහත්වීම එක් අවශ්‍යතාවක්. බුදුන් වහන්සේ මැදිහත් නූන නම් අංගුලිමාල තම මව මරනවා. බුදුන් වහන්සේ එය දැක වැළැක්වූවා.

Monday 19 December 2016

කාලය අතරින්

කාලය අතරින් ශ්‍රව්‍ය දෘශ්‍ය පටය සඳහා සබැඳිය

විය හැකි කතාවක්


විය හැකි කතාවක්

ලබන ජනවාරියට රනිල් මෛත්‍රිපාල ගිවිසුමට අවුරුදු දෙකක් පිරෙනවා. ගිවිසුම ඇත්තේ අවුරුදුව දෙකකට පමණයි. ඉන්පසු ආණ්ඩුව කැඩෙන එක නොවෙයි ඉන් කියැවෙන්නෙ. අවශ්‍ය නම් දහනවවැනි සංශෝධනය යටතේ මේ පාර්ලිමේන්තුව ඉවර වෙනකම්  ඊනියා ජාතික ආණ්ඩුවක් ලෙස ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. ජනවාරි විසිගණනකට පසු සෙනසුරු ඒරාෂ්ටකය ගෙවෙනව. ඉන් පස්සෙ හරි ඒ ආසන්නයෙ හරි දේශපාලනයෙ වෙනසක් වෙයි කියලා බොහෝ දෙනා කියනවා. මේ කතාවට පඬියන් නම් සිනහසේවි. ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියවාවි. ඒත් ඒ ප්‍රසිද්ධියේ. තමන්ගෙ පුද්ගලික ජීවිතවල දි මේ අය බොහොමයක් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයට පිටින් යනවා. ඒ අතර කුප්‍රසිද්ධ ආධාරක පංති පවත්වපු අයකුත් ඉන්නවා. බොහෝ දෙනකුට, විශේෂයෙන් ම සාමාන්‍ය පෙළට පස්සෙ විද්‍යාව හදාරලා නැති අයට,  පොරවල් වෙන්න ලෙහෙසිම විධිය තමන්ට නොතේරෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කිරීම. දැනට ලංකාවේ ඉන්න චන්ද්‍රසිරි ධර්මවර්ධනට, කාලෝ ෆොන්සේකාට හා කාලෝ මෙන් ම බෞද්ධයකු නොවන ටියුඩර් වීරසිංහට මා අභියෝග කරනවා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් විවාදයකට එන්න කියා. මගේ පැත්තෙන් එන්නෙ මා විතරයි.  ඒ විවාදය එක් පාර්ශ්වයකට කට උත්තර නැතිවන තුරු පැවැත්විය යුතුයි. ඕ්න නම් දෙවියන් ඉන්න එකත් කතා කරන්න පුළුවන්. ටියුඩර දෙරණෙ දි බුදුහාමුදුරුවන් මෝඩයකු යැයි කී බව බොහෝ දෙනාට තවමත් තේරී නැහැ. දෙරණට තේරුණා ද දන්නෙ නැහැ.

Sunday 18 December 2016

ඊනියා ස්වොත්තමවාදය

ඊනියා ස්වොත්තමවාදය


කසිකබල් මාක්ස්වාදීන්ට හා වෙනත් පඬියන්ට අනුව මෙරට සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් තිබෙනවා. මෙහි ස්වොත්තමවාදය කියලා කියන්නෙ ඉංගිරිසියෙන් සුප්රිමසි කියන එකට කියලයි මා හිතන්නෙ. සුප්රිමසි කියන එකෙන් ස්වොත්තමවාදය කියන එක ලැබෙන්නෙ කොහොමද කියන එක පැහැදිලි නැහැ. මෙය එලෙස සිංහලට පරිවර්තනය කෙළේ බෞද්ධයකු වෙන්න තියෙන ඉඩකඩ ඉතා අල්පයි. තමන් උත්තම යැයි කියා ගන්නා සම්ප්‍රදායක් සිංහල බෞද්ධ සංස්කෘතියේ නැහැ. අති උතුම් වගේ ව්‍යවහාර අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. මේ වචන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ගලා එන දේ. පඬියන් කියන්නෙ මේ රටේ තිබෙන ප්‍රශ්නය මේ ඊනියා ස්වොත්තමවාදය කියලා. මා දන්නා ලෙස ස්වොත්තම කියලා කියන්න පුළුවන් යුැදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙ යෙහෝවා දෙවියන් වහන්සේට.

Saturday 17 December 2016

කවුද ජනාධිපති

කවුද ජනාධිපති

මේ රටේ ජනාධිපති කවුද කියන එක ගැන දැන් කිසිවකුටවත් සැකයක් තියෙන්න බැහැ. නාවික හමුදාපති එය ඔප්පු කර අවසන්. ඔහු තමාගේ ම ප්‍රශ්නයක් පිළිබඳ ව විමර්ෂණයක් කරලා ඒකෙ වාර්තාවත් බාර දීලා. ඒක බොහොම කාර්යක්‍ෂම ව කරලා. වාර්තාවෙ තියෙන්න මොනවද කියලා අහලා වැඩක් නැහැ. හොරාගෙ අම්මගෙන් පේන ඇහුවෙ ඉස්සර. දැන් පේන අහන්නෙ නැහැ. අංජනම් එළි බලන්නෙත් නැහැ. ඒවා මිථ්‍යා මත කියලා පඬියන් කියාවි. දැන් කරන්නෙ වාර්තා ඉල්ලන එක හා ඇතැම්විට වාර්තා සපයන එක. ඇතැම්විට කියලා කිව්වෙ සමහර වාර්තා කවදාවත් ලියන්නෙ නැති නිසා. පොලිෂ්පති ගැන වාර්තාවට මොකද වුනේ. වාර්තා ඉල්ලන්නෙත් සපයන්නෙත් හොරු හා කම්බ හොරු.

Friday 16 December 2016

බුදු හාමුදුරුවො මෝඩයෙක් ද?

බුදු හාමුදුරුවො මෝඩයෙක් ද?

සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම එ ජා පක්‍ෂයේ ප්‍රතිපත්තියයි. එහෙම වන්නේ එ ජා ප බටහිර ජාත්‍යන්තරවාදයේ පක්‍ෂයක් නිසා. බටහිර ජාත්‍යන්තරවාදයේ පක්‍ෂයක් හැටියට එ ජා පක්‍ෂය සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. බටහිර ජාත්‍යන්තරවාදයට ක්‍රිස්තියානි නොවන සංස්කෘතීන් විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් වැනසීමට, නැත්නම් දුර්වල කිරීමට අවශ්‍යයයි. ජේ ආර් ජයවර්ධන සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ඊනියා විවෘත ආර්ථිකය යොදා ගත්තා. ඒ දෙමළ ජාතිවාදයට අමතරවයි. අද ජේ ආර්ගේ බෑණා රනිල් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ජඩමාධ්‍ය, සිවල් සමාජය, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ආදිය ද යොදා ගන්නවා. අද තරම් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර වදින යුගයක් 1956න් පසු ඇති වී නැහැ. බටහිර දැනුම අද සෑම ක්‍ෂෙත්‍රයක් පුරා ම ආධිපත්‍යය දරනවා. බටහිර දැනුම ආධිපත්‍යය ලබා ගන්නේ දේශපාලනයෙන්. අනෙක් අතට බටහිර ජාත්‍යන්තරවාදයට අධිපතිවාදී දේශපාලනයක් ලබා දීමට බටහිර දැනුම ක්‍රියා කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වුවත් එය අද ලෝකයේ ආධිපත්‍යය දරනවා. බටහිර විද්‍යාවේ ආරක්‍ෂකයකු වන කැනඩාවේ වසන චන්ද්‍රසිරි ධර්මවර්ධන දැන් ලංකාවේ සිටින බව ආරංචි වුනා. එසේ නම් ඔහු ආපසු කැනඩාවට යෑමට කලින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන තේමාවෙන් මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස මා ආරාධනය කරනවා. අවශ්‍ය නම් ඔහුට කාලෝ ෆොන්සේකාගේ හා හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ටියුඩර් වීරසිංහගේ ආධාරය ලබාගන්න පුළුවන්.

Thursday 15 December 2016

හම්බන්තොට ඉඩම් හා යාපනේ ඉඩම්

හම්බන්තොට ඉඩම් හා යාපනේ ඉඩම්

හම්බන්තොට වරායේ සිදුවන්නේ කුමක් ද යන්න කිසිවකු පැහැදිලි ව කියන්නේ නැහැ. මා එයට සේවකයන්ට දොස් කියන්නේ නැහැ. ඔවුන්ට සමහර විට තම පත්වීම් සේවා කොන්දේසි ආදිය ගැන නිසි අවබෝධයක් නැති ඇති. අර්ජුන රණතුංග නම් බොහෝ දේ හංගන බව පැහැදිලියි. චීන සමාගම සමග රජය දැනට අත්සන් කර ඇති ගිවිසුමට අර්ජුන අත්සන් කර නැහැ. එයට අත්සන් කර ඇත්තේ ලේකම්වරුන් තුන්දෙනකු. අර්ජුන අත්සන් කර නැත්තේ ඔහු ගිවිසුමේ යම් යම් දේට අකමැති නිසා බව පැහැදිලියි. එහෙත් ඔහු රනිල්ට විරුද්ධ වෙන්න කැමති නැහැ. ඔහු අවසන් ගිවිසුමට අත්සන් කරාවිද? අද නම් ඔහු රනිල් වෙනුවෙන් සේවකයන් සම්බන්ධයෙන් ඉතා දැඩිව ඉන්නවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් තවත් අය ද සමග එකතු වී ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිය අනුව මහින්දට පහර දෙනවා. ඒ සේවකයන් බඳවා ගැනීම පිළිබඳ ව. සේවකයන් බඳවා ගත්තේ පෞද්ගලික සමාගමකට. එසේ කෙළේ ඇයි ද කියා අප දැනුවත් විය යුතුයි. කෙසේ වුවත් බඳවා ගත්තේ පෞද්ගලික සමාගමකට වුවත් ඔවුන්ගේ සේවය අහෝසි නොකිරීම ආණ්ඩුවේ යුතුකමක්. චීන සමාගම සමග ඒ සඳහා  එකඟතාවක් ඇති කර ගැනීම ආණ්ඩුවේ වගකීමක්.  සෝභිත හාමුදුරුවන්ට චම්පකට ඒ බව මතක් කරන්න බැරිද?

Wednesday 14 December 2016

මම ක්‍රිස්තියානි අම්මා මතු බුදුවේවා

මම ක්‍රිස්තියානි අම්මා මතු බුදුවේවා


පසුගිය දිනෙක දෙරණ මල්බර දෙරණ වැඩ සටහනට ඩ්‍රීම් ස්ටාර් තරුණියන් තිදෙනකු සහභාගි වුනා. එහි කියැවුනු සමහර කරුණු මට ඇසුණා. ඉන් කරුණු දෙකක් මගේ මතකයේ රැඳුනා. දෙක ම අවසාන වශයෙන් ගත් කළ සංස්කෘතිය සමග බැඳෙනවා. පළමුවෙන් ම නම් වශයෙන් සඳහන් නොකළත් දන්නෝ බුදුන්ගේ ගීතය හා කිශානි ජයසිංහගේ ගායනය ගැන කියැවුනු බව හිතනවා. මේ ගීය ගැයීම පිළිබඳ කළ විවේචන වැඩ සටහනෙහි දී විවේචනයට ලක් වුනා. ගීය ගැයීම විවේචනය කළ අයකු ලෙස මගේ අදහස් නැවතත් කීම අවශ්‍ය වෙනවා.

Tuesday 13 December 2016

ව්‍යවස්ථාව පැරදවීමට

ව්‍යවස්ථාව පැරදවීමට ආධ්‍යාත්මික ශක්තියත් එකතු කරමු

වරායේ නත්තල් ගහ

වරායේ නත්තල් ගහ

මේ නත්තල් ගස හැරෙන්න තවත් නත්තල් ගස් තිබේ දැයි කාදිනල්තුමා ඇසූ බවක් සඳහන් වන්නේ නැහැ. කොළඹ වරායේ සේවකයන් කිහිප දෙනකු ඉදිකරන නත්තල් ගසේ වැඩ නැවතත් අරඹලා. ඒ සේවකයන්ගෙන් වැඩි දෙනකු බෞද්ධලු. අද බෞද්ධයන් කිහිප දෙනකු කතෝලික ආගමට සම්බන්ධ චිත්‍රපටියක් ඇසුරෙන් සිංහලෙන් චිත්‍රපටියක් නිපදවලා. ඒ ගැන  බුදුදහම හා කාලාම සූත්‍රය ගැන වැරදි අර්ථකථන දෙන කතෝලික සම්භවයක් ඇති ඊනියා ප්‍රාඥයකු තම සතුට පළ කරලා. මෙරට බෞද්ධයන් සමහරකු බෞද්ධයන්ට වඩා හොඳ කතෝලිකයන් වෙන්න පුළුවන්.

Monday 12 December 2016

නොපෙනෙන මානය 3

නොපෙනෙන මානය 3

නොපෙනෙන මානය ගැන කතාකරන බොහෝ දෙනා තමන් කතාකරන්නේ කුමක් ද ගැනවත් දන්නේ නැහැ. කලින් ලිපියේ මා සඳහන් කළා ඊනියා නොපෙනෙන මානයක්් ගැන. එය නොපෙනෙන මානයක් නොව පංචෙන්ද්‍රියවල ම දිගුවක්. කෙක්ක, අන්වීක්‍ෂය, දුරේක්‍ෂය ආදිය මගින් කෙරෙන්නේ පංචෙන්ද්‍රියවලට දිගුවක් ලබාදීම පමණයි. එහි නොපෙනෙන මානයක් නැහැ. නොපෙනෙන මානය ලෙස මා නම් හඳුන්වන්නේ පංචෙන්ද්‍රියවල දිගුවක් නොවී ආධ්‍යාත්මික ව මනසින් පමණක් ගෝචර කරගන්නා දේ. මනසින් පමණක් ලබා ගන්නා ඒ අත්දැකීම් කිසිම උපකරණයක් යොදා ගෙන කිසිම දිනක ගෝචර කරගන්න බැහැ. උපකරණයක් හදන්න පුළුවන් පංචෙන්ද්‍රිවලින් ලබාගන්නා වැනි දෙයක් දිගුවක් ලෙස ලබාගැනීමටයි.

Sunday 11 December 2016

ලිච්ඡවි පොලිස් රාජ්‍යය

ලිච්ඡවි පොලිස් රාජ්‍යය


හම්බන්තොට වරායේ උද්ඝෝෂණයේ නිරත වූ සේවකයන්ට නාවික හමුදාවෙන් පහර දීලා. ජනමාධ්‍ය ප්‍රවෘත්තිවලට අනුව නාවික හමුදාව අහසට වෙඩි තීයලා. පහර දීලා. කිහිප දෙනකුට තුවාල වෙලා රෝහල් ගත කරලා. සේවකයන්ට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා. අද මහා මාර්ගයේ බොහෝ දෙනකු උද්ඝෝෂණය කරනවා. එයින් ගමනාගමනයට බාධා වෙනවා. ඒ උද්ඝෝෂණවලින් ජනතාවට හිරිහැර වෙනවා. දොස්තරලා මෙන් ම කොන්දොස්තරලා ද වර්ජන කරනවා. එවිටත් ජනතාවට හිරිහැර වෙනවා. ජනතාව අසීරුතාවට පත්කරන උද්ඝෝෂණ වර්ජන වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැහැ.

Saturday 10 December 2016

වරාය විකිණීම

වරාය විකිණීම

ටික කලකට අර්ජුන රණතුංග නැවතත් ජනමාධ්‍යයේ දැකගන්න පුළුවන්. හම්බන්තොට වරාය චීනයට විකිණීම එක කතාවක්. කොළඹ වරායේ නත්තල් ගහ අනික් කතාව. හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම කොහොමටවත් අනුමත කරන්න බැහැ. ආණ්ඩුව කියාවි විකුණන්නෙ නැහැ බදු දෙනවා විතරයි කියලා. චීන සමාගම චීන රජයට සම්බන්ධයි. බද්ද අවුරුදු අනුනවයකට. චීන සමාගමට 80%ක් හා ලංකා රජයට 20%ක් වශයෙන් වූ සමාගමකට තමයි බදු දෙන්නෙ. චීන සමාගමට 80%ක් තිබෙන නිසා ඒක චීනයට ම අයිතියි, චීන සමාගමට ඕන අන්දමට තමයි වැඩ කෙරෙන්නෙ. අනෙක් අතට අනූනව අවුරුදු බද්දක් කියන්නෙ සින්නක්කර විකුණුවා හා සමානයි. තව අවුරුදු අනූනවයකින් ලෝකයට මොනව වෙයි ද කියලා කවුද දන්නෙ.

Friday 9 December 2016

කැප්පෙටිපොළ නිළමෙතුමා පසු වදන

කැප්පෙටිපොළ නිළමෙතුමා

පසු වදනඃ

1817 -18 මෙරට ඇති වුනේ ඉංගිරිසින්ට විරුද්ධව කරන ලද පළමු නිදහස් සටන. අප ඒ බව කියන්නේ 1998ත් කලින්. එය කැරැල්ලක් වුනේ ඉංගිරිසින්ට. ඒත් අදත් ලංකාවේ ජනමාධ්‍යවල ප්‍රබුද්ධ කියන ජනමාධ්‍යවේදීන් තවමත් ඒ නිදහස් සටනට කියන්නේ කැරැල්ල කියා. මෛත්‍රිපාල කියන්නෙ කොහොමද කියලා හරියට කියන්න බැහැ.


කැප්පෙටිපොළ නිළමෙතුමා

කැප්පෙටිපොළ නිළමෙතුමා

බොහෝ දේ ගැන කතාකරන්න තියෙනවා. හම්බන්තොට වරාය චීනයට බදු දීම, වරායේ කිහිප දෙනකු එකතු වී ලෝකයේ උසම නත්තල් ගස සෑදීමට යැම, කාදිනල්තුමාගේ නියෝජිතයා එයට පළමුව ආශිර්වාද කිරීම, පසුව කාට කාටත් දිළින්දන් මතක්වීම, දිළින්දන් නගා සිටුවීමට කිසිවකුට නොහැකිවීම, කෝප් වාර්තාව දෙවැනි වරටත් අතුරුදහන් කිරීමට පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීමට අදහස් කිරීම, මෛත්‍රිපාල එයට දක්වන ප්‍රතිචාරය, එට්කා ආදී වශයෙන් මාතෘකා රාශියක් තිබෙනවා. ඒ අතර නොපෙනෙන මානය, බටහිර විද්‍යාව, ජාතිකත්වය, වකුගඩු රෝගය, බුදුදහම ආදී එදිනෙදා කරුණු ඉක්මවා යන මාතෘකා ද තිබෙනවා. ඒ සියල්ලම තිබිය දී අප අද කැප්පෙටිපොළ වීරයා ගැන කතා කරනවා.

Thursday 8 December 2016

ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හරිනු

ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හරිනු සබැඳිය


මෙහි අමිර්තලිංගම් යන්න සම්බන්ධන් ලෙස නිවැරදි විය යුතු ය.

ප්‍රජාතන්ත්‍රවදය

ප්‍රජාතන්ත්‍රවදය

පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ. ඒ අතර අද වන විට පළාත් පාලන ආයතන රාශියක මහජන නියෝජිතයන් කියන අය නැහැ. මහජන නියෝජිතයන් මහජනතාව විසින් පත්කෙරෙන අය බව සැබැයි. ඒත් ඔවුන් මහජන නියෝජිතයන් ද යන්න ප්‍රශ්නයක්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය බොරුවක් බව අප කියන්නේ අද ඊයේ නොවේ. අවුරුදු විසිපහකට වැඩි කාලයක් අප ඒ බව කියා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහජනයාගේ අදහස් ප්‍රකාශ වන්නේ නැහැ. එහි ප්‍රකාශ වන්නේ දේශපාලන පක්‍ෂවල අදහස් පමණයි. දේශපාලන පක්‍ෂවල අදහස් කියන්නේ ඒ පක්‍ෂවල නායකයන්ගෙ අදහස්.

Wednesday 7 December 2016

සුමන්තිරන්ට ප්‍රශ්න පත්‍රයක්

සුමන්තිරන්ට ප්‍රශ්න පත්‍රයක්

අද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින භයානක ම පුද්ගලයා සුමන්තිරන්. ඔහු මෙතෝදිස්ත සභාවට අයත් වූවෙක්. ඔහු පසුගිය දිනවල උඩුවිල් බාලිකා විදුහල පිළිබඳ ප්‍රශ්නයකට ද මැදි වී සිටියා. ඒ පාසලත් මෙතෝදිස්ත පාසලක්. මේ කරුණුවලට සාමාන්‍යයෙන් ජනමාධ්‍යයෙහි එතරම් වැදගත් තැනක් ලැබෙන්නේ නැහැ. ඒ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ලේක්හවුස් ආයතනය මෙවැනි කරුණු යටගහනවා. මා ලියන ලිපි ඇතැම් අයට විද්‍යුත් තැපෑලෙන් යවනවා. ඩේලි නිවුස් කතුවරයා ඒ ලිපි භාර ගන්නේ නැහැ. ඔහු ඒවා අවුරනවා. ඒ ගැන මා පුදුම වන්නේ නැහැ. ඒත් ජී එල් පීරිස් හා මානව හිතවාදී නීතිඥයකු යැයි කියන කල්‍යානන්ද තිරාණගම ඒ ලිපිවලට වැට බඳින්නේ ඇයි ද යන්න තේරුම් ගැනීම තරමක් අපහසුයි. මා සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම විවේචනය කිරීම ජී එල්ට ප්‍රශ්නයක් වුනා ද?

Tuesday 6 December 2016

අෂ්රොෆ්ගේ දේශපාලනය

අෂ්රොෆ්ගේ දේශපාලනය

අෂ්රොෆ්ගේ සම්ප්‍රාප්තියට හේතු වූයේ දෙමළ ජාතිවාදය හා ජාත්‍යන්තර මුස්ලිම් ව්‍යාප්තියයි. 1920න් පමණ පසුව මුස්ලිම් නායකත්වය කොළඹට සීමා වී තිබූ තාක් කල් මුස්ලිමුන් සාමාන්‍යයෙන් සිංහල දේශපාලන නායකත්වය පිළිගත්තා. මුවර් මුස්ලිමුන් දෙමළ කතාකළත් මැලේ මුස්ලිමුන් සිංහලකරණයකට ලක්වෙමින් හිටියා. මැලේ මුස්ලිමුන් දෙමළ කතා කෙළේ නැහැ. ඔවුන් පැමිණියේ මලබාරයෙන් නොව ජාවා හා මලයාව ප්‍රදේශවලින්. ඔවුන් සිංහලයන් සමග ජීවත් වූ අතර ඇතැමුන් සිංහලයන් සමග ආවාහ විවාහ වූවා. ඔවුන් ඉස්ලාම් ආගම ඇදහුවා. ඉස්ලාම් ආගම අදහන සිංහල කතාකරන මැලේ ජනයා සිංහල මුස්ලිම් යනුවෙන් තවමත් හැඳින්වීමට නොහැකියි. එහෙත් අනාගතයේ දී එසේ වීමට හැකියාවක් තිබෙනවා.

බුදුදහම රැකීම හා ජනමත විචාරණය සබැඳිය

බුදුදහම රැකීම හා ජනමත විචාරණය සබැඳිය


https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutu.be%2FCZzUgj98M6c&h=-AQFUEvmZAQE2WnoBn6p-T0cngF9oSMTppJ3W8na5nmF15w

Monday 5 December 2016

මහින්ද ප්‍රශ්නය අතට ගත යුතුයි

මහින්ද ප්‍රශ්නය අතට ගත යුතුයි


ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අනුකමිටු වාර්තා හය පිළිබඳ මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එය ඉතා වැදගත්. ඒකීයභාවය නැති වීම, ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩු කිරීම, ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත කිරීම, සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා කිරීම පිළිබඳ ව (තම රටේ ඉංගිරිසි හා ස්පාඤ්ඤ රාජ්‍ය භාෂා කිරීමට කිවහොත් ට්‍රම්ප් කුමක් කියයි ද), ආදී කරුණු රාශියක් එහි සඳහන් වී තිබුණා. අද රටේ ඇත්තේ ඉතාමත් අවිනිශ්චිත තත්වයක්. ජාත්‍යන්තරවාදී යටත්විජිතවාදීන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ ම සිංහල විරෝධී දෙමළ ජාතිවාදයට කප්පන් දෙන ව්‍යවස්ථාවක් සම්පානය කර රට බෙදීමට පියවර ගැනීමට. 2015 ජනවාරි අටවැනි දා මේ ආණ්ඩුව පත්කිරීමට මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණු ජාතික හෙළ උරුමය, ජ වි පෙ වැනි පක්‍ෂවලට රට බෙදීමේ පාප කර්මයෙන් මිදෙන්නට බැහැ.

Sunday 4 December 2016

නොපෙනෙන මානය 2

නොපෙනෙන මානය 2

අප නොපෙනෙන මානය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ඇති කර ගත යුතුයි. මෙහි දී මානය යනුවෙන් අදහස් කරන්නේ අවකාශයේ මාන තුන නොවෙයි. කාලය මානයක් ලෙස ගන්නේ නම් එය ද නොවෙයි. කොහොමටත් කාලය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. එය පඤ්ඤත්තියක් පමණයි. ඇතැමුන්ට අනුව අන්වීක්‍ෂයකින් හෝ දුරේක්‍ෂයකින් හෝ දැකගත හැකි එහෙත් පියවි ඇසෙන් දැකගත නොහැකි දේ නොපෙනෙන මානයයි. අප යොදා ගන්නා උපකරණ අපේ ඉන්ද්‍රිය පහේ විස්තීරණ, දික්කිරීම් පමණයි. අපට අතින් කැඩීමට නොහැකි දේ කැඩීමට අප කෙක්කක් යොදා ගන්නවා. අපට ඇවිදින්න පුළුවන්. වේගයෙන් යන කොට අප දුවනවා යනුවෙන් ද කියනවා. ගමන් කිරීම සඳහා අප කරත්ත, මෝටර් රථ, ආදිය ද අහසින් යෑම සඳහා ගුවන් යානා, රොකට් ආදිය ද යොදා ගන්නවා. ඉතා ඇතට කතාකිරීමට අප දුරකථන, ශබ්දවාහිනී ආදිය යොදා ගන්නවා. මේ සියල්ල අපේ ඓන්ද්‍රීය ක්‍රියාකාරකම්වල විස්තීර්ණ පමණයි.

Saturday 3 December 2016

නැගී එන ජාතිකත්වය

නැගී එන ජාතිකත්වය


සෝවියට් රාජ්‍යය කඩා වැටීමෙන් පසුව ෆුකුයාමා පොතක් ලිව්වා එන්ඩ් ඔෆ් හිස්ටරි කියා. ඔහු සඳහන් කෙළේ ඉතිහාසය එතැනින් එහාට විකාශය නොවන බවයි. බටහිර ක්‍රිස්තියානි ලිබරල්වාදයත් සමග ඉතිහාසය අවසන් වනු ඇතැයි ඔහු කියා සිටියා. ඔහුට අනුව අවසාන ගැටුම වූයේ ලිබරල්වාදය හා සමාජවාදය අතර. සමාජවාදය පරාජය වීමෙන් පසුව ලිබරල්වාදයට අභියෝගයක් නැතැයි ඔහු සිතුවා. එය තවත් හිතළුවක් පමණක් වූවා. එසේත් නැත්නම් ඔහුගේ ප්‍රාර්ථනය වූවා. ඒ පොත ප්‍රකාශ කිරීමටත් පොත් ප්‍රකාශකයන් ඉදිරිපත් වූවා. පොත ඊනියා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට පත්වුනා.

Friday 2 December 2016

පොලිෂ්පති

පොලිෂ්පති


මෙරට පොලිෂ් බාසුන්නැහෙලා ඉන්නවා. ඒ අයගේ කටයුත්ත ලී බඩු ආදිය පොලිෂ් කිරීම එනම් ඒවා ඔප දැමීම. පොලිෂ්පති කියන්ැනේ ඔප දමන්නන්ගේ ප්‍රධානියාට. එක එක අය විවිධ දේ පොලිෂ් කරනවා. සමහරු පුද්ගලයන්වත් පොලිෂ් කරනවා. විශේෂයෙන් ම දේශපාලනඥයන් පොලිෂ් කරන අය ඉන්නවා. පොලිෂ් කරනවා යන්න අද ව්‍යවහාර වන භාෂාවේ වෙනත් අර්ථවලිනුත් යොදා ගැනෙනවා.  සමහරු එකතු වී බෝතලයක් පොලිෂ් කරනවා. තවත් සමහරු වෙනත් අයගේ සාක්කු පොලිෂ් කරනවා. මේ ව්‍යවහාර මැත කාලයේ එකතු වී තිබෙනවා.

Thursday 1 December 2016

බටහිර විද්‍යාවේ හේතුව

බටහිර විද්‍යාවේ හේතුව පහත සඳහන් සබැඳියෙන්


https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DPKnO5Fl-_aU%26feature%3Dyoutu.be&h=9AQF8hq7tAQF8GyMgfJbxhZCymcHDTDILMLzp5rXB4sjbkA

ව්‍යවස්ථා මගඩිය

ව්‍යවස්ථා මගඩිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ මුල් කොටස පහත සඳහන් වෙනවා.
“ආණ්ඩුකම ව්‍ය ම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා ෙයෝජනා සම්මතය වස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා ෙයෝජනා සම්මතය  
ශී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති ෙහයින් ද 
ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාෙගන ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 75 වන ව්‍යවස්ථාව යටෙත් ඒ ෙවත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිෙම්න්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් ෙකටුම්පතක් සැකසීෙම් කාර්ය සඳහා සමස්ත පාර්ලිෙම්න්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිෙම්න්තු මන්තීවරයන්ෙගන් සමන්විතවන ෙමහි මින් මතු “ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුෙවන් හඳුන්වනු ලබන පාර්ලිෙම්න්තු කාරක සභාවක් තිබිය යුතු යැයි, ෙමම පාර්ලිෙම්න්තුව ෙයෝජනා සම්මත කරයි. "

Wednesday 30 November 2016

ට්‍රම්ප්, ජාතික රාජ්‍යය හා නිදහස

ට්‍රම්ප්, ජාතික රාජ්‍යය හා නිදහස


වත්මන් බටහිර ලෝකය විකාශය වීමට පටන් ගත්තේ පහළොස් වැනි සියවසෙන් පසුව. එහි දේශපාලනික අංශය අටවැනි හෙන්රි රජුගෙන් පසුව ව්‍යාප්ත වුනා. එයට පෙර සංස්කෘතික හා ආර්ථික වශයෙන් ඒ ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබුණා. මාටින් ලුතර් පාප් වහන්සේට විරුද්ධ වූයේ අටවැනි හෙන්රිට පෙර. පාප්වහන්සේගේ ආධිපත්‍යය තිබුණේ කතෝලික චින්තනය යටතේ. එකල තිබුණේ වැඩවසම් රාජ්‍ය. පඬියන් ලංකාවේ ද වැඩවසම් ක්‍රමයක් ගැන කතා කරන නමුත් මෙරට කිසි දිනෙක වැඩවසම් රාජ්‍ය තිබී නැහැ. යුරෝපයේ වැඩවසම් රාජ්‍ය කැඩී ඇතිවුනේ ආගමික රාජ්‍ය. ඒ රාජ්‍ය පැන නැගුනේ ම කතෝලික පාප්වහන්සේට විරුද්ධව. වැඩවසම් රාජ්‍යවල නිත්‍ය දේශසීමා තිබුණේ නැහැ. එහෙත් ඇති වූ නව ආගමික රාජ්‍යවලට නිශ්චිත දේශසීමා තිබුණා. මේ රාජ්‍ය ඇතිවුනේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යටතේ. වෙන් කිරීම, නිශ්චිත බව ඒ චින්තනයේ ලක්‍ෂණ දෙකක් වූවා.

Tuesday 29 November 2016

අෂ්රොෆ්ගේ සම්ප්‍රාප්තිය

අෂ්රොෆ්ගේ සම්ප්‍රාප්තිය

මේ ලිපි පෙළ ලියන්නේ මෙරට මුස්ලිම් දේශපාලනය තේරුම් ගැනීමට. මංගල සමරවීර කාගෙන් දෝ අසාගෙන කියා තිබෙනවා මුස්ලිමුන් අවුරුදු එක්දාහකට වඩා ලංකාවේ පදිංචි වී සිටි බවත් ඔවුන් සුළු ජාතියක් නොවන බවත්. මංගල දන්නා ඉතිහාසයක් නැහැ. මොහු විදේශ ඇමති වී සිටීම ම රටේ අභාග්‍යයක්. මුස්ලිමුන් මෙරටට පැමිණ ඇත්තේ දාහතරවැනි සියවසේ හා ඉන්පසුව. ඔවුන් කොහොමටවත් ජාතියක් නොවෙයි. ඒ නිසා මුස්ලිමුන් සුළු ජාතියක් වෙන්න බැහැ. මෙරට ජාතිය වන්නේ සිංහලයන් පමණයි. ඔවුන්ට මහා ජාතිය කියා කියන්න අවශ්‍ය නැහැ. මෙරට වෙනත් ජාති නැහැ. එබැවින් සිංහල ජාතියට මහා කියන විශේෂණය අවශ්‍ය නැහැ.  දෙමළ හා මුස්ලිම් යනු ජනවර්ග පමණයි. අප මේ සංකල්ප නිරවුල් ව භාවිතා කළ යුතුයි.

Monday 28 November 2016

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ප්‍රශ්නය ඉවරයි

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ප්‍රශ්නය ඉවරයි සබැඳිය


https://www.youtube.com/watch?v=lWuZYL-NSho



https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DlWuZYL-NSho&h=hAQG9dyACAQFSXc2qJZPbslgrwiDWGyIv-HM-l0ohed5yNw

අපි යක්කු බොලව්

අපි යක්කු බොලව්

නොවැම්බර් 27 වැනි දා ලයනල් රන්වලයන්ගේ උපන් දිනේ. එතුමා ජීවත් ව සිටියා නම් ඊයේට අවුරුදු හැත්තෑහතක් පිරෙනවා. ඒ දිනයේ දී සහන් රන්වලගේ නායකත්වයෙන් රන්වල බලකාය සංගිත සන්දර්ෂණයක් පවත්වනවා. ඊයේ එය ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී රන් සලකුණ නමින් පැවැත්වුනා. මා සංගිතඥයකු නොවෙයි. ඒත් ඒ ගැන මටත් බොහෝ දේ කියන්න තිබෙනවා. එයට හේතුව මා දැනුම හා එහි ආධිපත්‍යය ආදී දේ ගැන හදාරණ නිසා. මේ මට කියන්න ඕන කරුණුවලින් බිඳක්.

Sunday 27 November 2016

ෆිඩෙල් කස්ත්‍රෝ

ෆිඩෙල් කස්ත්‍රෝ


ෆිඩෙල් කස්ත්‍රෝ මිය ගිහින්. ඔහු ගැන කෙටි සටහනක් ලියන්න හිතුනෙ ඔහු සැබවින් ම යුග පුරුෂයෙක් නිසා. මා කියන්ෙැන් නැහැ ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු කියලා. ඔහු කියුබාවට අති මහත් ශක්තියක් ගෙන දුන්න අයෙකු වුනා. ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු නොවුනත් ඔහුගෙන් ලෝකයට ඉගෙන ගන්න පුළුවන් පාඩම් රාශියක් තිබුණා. ඔහු චේ ගෙවාරා මෙන් නොව පොළොවෙ පය ගහ ගෙන හිටපු අයකු වූවා. චේ ගෙවාරාගේ කැප කිරීම ප්‍රතිඵලයක් ගෙන දුන්නෙ කියුබාවෙ දි විතරයි. ඒ කස්ත්‍රෝගේ නායකත්වය නිසා. අනෙක් රටවල දී ඔහුට දර්ශනයක් දීමට නායකයකු හිටියෙ නැහැ.

Saturday 26 November 2016

ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු

ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු


ලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාතිකවාදය ගැන පඬියන් කියන කතා කිහිපයක් ගැන ඊයේ මා සඳහන් කළා. ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. අදත් ජාතිකවාදය නිසා පැනනගින කරුණු ගැන සඳහන් කරන්න ඕන. එකක් ට්‍රම්ප් ගැන. අනෙක චම්පක රණවක ගැන. මේ කරුණු දෙකක්. දෙන්න අහසට පොළොව වගේ. ඒත් එකම සංසිද්ධියක්, එනම් ජාතිකවාදයක් ඇතිවීම නිසා මතුවන කරුණු දෙකක්.

Friday 25 November 2016

ජාතික රාජ්‍ය, ජාත්‍යන්තරය හා ජාතිකත්වය

ජාතික රාජ්‍ය, ජාත්‍යන්තරය හා ජාතිකත්වය

අද ඊනියා විද්වතුන්ට ජාතිකත්වය ප්‍රශ්නයක් වෙලා. ලෝකයේ  බලවත් රටවල් වන එක්සත් රාජ්‍ය, රුසියාව, චීනය, එංගලන්තය, ජාතිකත්වයට යොමු වෙලා. ලංකාව ජාතිකත්වයට යොමු වුනේ ඒ සියල්ලන්ට කලින්. ලංකාවෙ සිංහල ජාතිය ඇතිවෙන්න පටන් ගත්තෙ පණ්ඩුකාභය කාලෙ. එය පරිසමාප්තියට පත්වුනෙ ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලයෙ. එතුමන් මෙරට සිංහල ජාතියත් ඒ හා බැඳුණු රාජ්‍යයත් පමණක් නොව එයට සමයත් (ආගමත්) එකතු කළා. අප රට ජාතිය ආගම ගැන කතා කරන්නෙ එබැවින්. ධර්මපාලතුමා කෙළෙත් මේ රට ජාතිය ආගම අවධාරණය කිරීම. අපට  හෙට ආගම එකතු කරන්න අවශ්‍ය නැහැ. ආගම එකතු වුනෙ ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ. ලොවේ පැරණි ම ජාතීන් දෙකෙන් එකක් සිංහල. අනෙක චීන ජාතිය. බටහිර රටවල දැන් තමයි ජාතිකත්වය මතුවෙන්නෙ.  මෙරට කසිකබල් විද්වතුන්ට බටහිර නැගී එන ජාතිකත්වය තේරුම් ගැනීමට බැහැ. ඔවුන්ට ඒ සඳහා බටහිරින් ප්‍රවාදයක් එවලා නැහැ. එයට හේතුව බටහිරටත් ඒ ගැන ප්‍රවාදයක් නැතිවීම. මෙරට පඬියන්ගෙන්  සමහරු ඇට්ටකුණා වෙච්ච මාක්ස්වාදීන්. මාක්ස්වාදයෙන් මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි බව දැන් මැදි වියේ හෝ මහළු වියේ හෝ පසුවන මේ පුහු පඬියන්ට තාමත් තේරුම් ගන්න බැරි වෙලා. ඔවුන් නිකම් වයසට හා කනත්තට යනවා පමණයි.

Thursday 24 November 2016

නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ



නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ



නොපෙනෙන මානය 1

නොපෙනෙන මානය 1

මේ ලිපි පෙළ දෙරණෙහි ප්‍රචාරය කරන වැඩසටහන ගැන නොවුනත් පසුගිය පෝයදා වැඩ සටහනෙහි මතු වූ කරුණු ද යම් ප්‍රමාණයක් සාකච්ඡා කෙරෙනවා. දෙවියන් පමණක් නොව භූතයන් අමනුෂ්‍යයන් ගැනත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවා. මේ ප්‍රාණීන් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. මේ ප්‍රාණීන්ට අමතර ව දෙවියන් වහන්සේ හා බ්‍රහ්මයන් ගැන යුදෙවු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ඒබ්‍රාහිමික ආගම්වල හා වෛදික ආගම්වල  විශ්වාස කෙරෙනවා. ඒ දෙවියනුත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඒ ආගම් අදහන්නන් ඒ දෙවියන් හා තවත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන විශ්වාස කරනවා. මා ඔවුන්ගේ විශ්වාස ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඔවුන්ට අමතරව අදේවවාදී ද්‍රව්‍යවාදීන් ඉන්නවා. ඔවුන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරන්නේ නැහැ. අපි ඔවුන් ගැන පසුව කතා කරමු.

Wednesday 23 November 2016

ප්‍රශ්නය නන්දිකඩාල් කලපුවේ විසඳා ඉවරයි.

ප්‍රශ්නය නන්දිකඩාල් කලපුවේ විසඳා ඉවරයි.

අනුකමිටු වාර්තා හය ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළාට පස්සෙ නව ව්‍යවස්ථා කතාව ආයෙත් මතුවෙලා. ඉතා පැහැදිිලිව රනිල් - සම්බන්ධන් - ජයම්පති උත්සාහ කරන්නෙ බටහිර හා ඉන්දීය අනුග්‍රහයෙන් සහසන්ධීය රාජ්‍යයක් ඇති කරන්න. ව්‍යවස්ථාවෙ ඒකීය කියන වචනෙ මුලින් තිබුනට වැඩක් නැහැ. ඇතුලෙ සහසන්ධීය නම්. එය හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් වගේ වැඩක්. එහෙමත් නැත්නම් බුදු සරණයි කියලා ලොරියෙ ඉස්සරහ ලියලා මරන්න හරක් ගෙනියනව වගේ වැඩක්. 1949 චෙල්වනායගම් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටෙවුවෙ ඊනියා ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයක් ඇති කරනවා කියලා. ඔහුගෙ ප්‍රතිපත්තිය වුනෙ දැන් ටිකක් පස්සෙ හුඟක් කියන එක. අද වෙන කොට රනිල් -සම්බන්ධන් - ජයම්පති සන්ධීයත් පසුකරගෙන සහසන්ධීය තත්වයකට ගිහිල්ල. මේ අතුරු වාර්තාවල ඉඩම් බලතල, පොලිස් බලතල පළාත්සභාවලට දෙන්න නිර්දේශ කරලා. සමගාමි ලැයිස්තුව අයින් කරලා පළාත්සභාවලට ඒ බලතල දෙන්න නිර්දේශ කරලා. ජනාධිපතිට පළාත්සභා විසුරුවා හැරීමට තිබූ බලයට අභියෝග කරලා. ජී එල් පීරිසුත් සමගාමි ලැයිස්තුව ඉවත් කරන්න කියලා යෝජනා කරලා තිබුණා. එයා මහින්දත් එක්ක චීනයට යන එක එක අතකින් හොඳයි. මහින්ද නැති වෙලාවෙ  වෙලාවෙ අවුල් කරන්න ඉඩ තිබුණා. ඒත් අනෙක් පැත්තෙන් චීනයට ගිහින් මොනව කරයි ද දන්නෙ නැහැ. චීන ජනාධිපතිත් මහින්දත් ලෝකයේ ඉන්න ජාතිකත්ව ප්‍රධානීන් පස් දෙනාගෙන් දෙදෙනකු. ඒත් ජී එල්ට ඇති ජාතිකත්වයක් නැහැ.

Tuesday 22 November 2016

1915 මුස්ලිම් ප්‍රහාරය

1915 මුස්ලිම් ප්‍රහාරය

මේ ආණ්ඩුව ඉතා පැහැදිලිව ම තමන්ට අවශ්‍ය අන්දමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට උත්සාහ කරනවා. ඒ කියන්නෙ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා කියන එකයි ඒ සඳහා මාධ්‍ය මර්දනය කිරීමටත් ආණ්ඩුවට හිතෙන විධියට ලිපි වැඩසටහන් ආදිය ජාතිවාදී ලේබලය අලවා තහනම් කිරීමටත් සූදානම් වන බව පැහැදිලියි. විජයදාස රාජපක්‍ෂට ඉහළින් රනිල් ඉන්නවා. එපමණක් නොවෙයි මෛත්‍රීපාලටත් ඉහළින් බටහිරයන් වෙනුවෙන් රනිල් ඉන්නවා. සිංහලයන්ට හිමි විය තැන අහිමි වීමට යන බව පෙනෙනවා. මේ ලිපි පෙළෙන් උත්සාහ කරන්නේ මුස්ලිම් ආගමිකවාදයක් මේ රටේ ඉස්මතු වූ ආකාරය පෙන්නුම් කිරීමයි. ඇතැම් විට ආණ්ඩුව පත් කරන කසිකබල් නිලධාරියකුට මේ ලිපිත් ජාතිවාදී වෙන්න පුළුවන්.

Monday 21 November 2016

දෙරණ ප්‍රවෘත්ති හා හමුදා කුමන්ත්‍රණ

දෙරණ ප්‍රවෘත්ති හා හමුදා කුමන්ත්‍රණ

මේ ආණ්ඩුවට දැන් වැලේ වැල් නැහැ. ජනමාධ්‍ය ලේකම් දෙරණ සමග හැප්පෙනවා. ඔහු මාධ්‍ය නිදහස හා මාධ්‍ය අවභාවිතය ගැන සැලකිල්ලෙන් ඉන්න බව කියනවා. ඔය පදනම් ආයතනයේ දී මෛත්‍රිපාල කරපු ප්‍රකාශය දෙරණ විකෘත කරල නම් ජනමාධ්‍ය ලේකම්ට ඒ බව සාක්‍ෂි ඇතිව පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. ඔහු කියනවා දෙරණට විරුද්ධව යම්කිසි ආකාරයක පරීක්‍ෂණයක් කළ බවත් දෙරණ අදාළ කතාව විකෘත කර ඇති බව පෙනී ගොස් ඇති බවත්. ඒත් මට තේරෙන විධියට නම් නීතිය ගැන දන්නා ජනමාධ්‍ය ලේකම් ඒ පරීක්‍ෂණයට දෙරණ කැඳවා නැහැ. ඔහු දැන් ඊනියා ස්වාභාවික යුක්තියක් ගැන කතාකරන්නේ දෙරණ නොකැඳවා දෙරණට විරුද්ධව යම් පරීක්‍ෂණයක් කර නිගමනවලට පැමිණීමෙන් පසුව. ඒ කාගේ ස්වාභාවික යුක්තියක් ද දන්නෙ නැහැ.

Sunday 20 November 2016

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි

ඒකාබද්ධ  විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි


මා ඊයේ දෙරණ ගැන ලියූ ලිපියේ කමිටු වාර්තා හය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යනුවෙන් කියා ඇති කරුණ  අතපසුවීමක්්. ඒ අනුකමිටු හය පත්කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන්. මෙහෙයුම් කමිටුව තීරණය කරලා වාර්තා හය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු ය කියා. ඊයේ වාර්තා හය ඉදිරිපත් වුනේ එකී ව්‍යවස්ථාදායක මණ්ඩලයටයි. පාර්ලිමේන්තුවට නොවෙයි. ඒ වරද නිවැරදි විය යුතුයි.

අප මුල සිට ම කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථාදායක මණ්ඩලයට සහභාගි නොවිය යුතු ය යන්නයි. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝ”ධනය කරන ආකාරය හෝ නව ව්‍යවස්ථාවක් ගෙනෙන ආකාරය හෝ දහනව වරක් සංශෝධනය වී ඇති ව්‍යවස්ථාවේ දොළොස්වැනි පරිච්ඡෙදයේ සඳහන් වෙනවා. එහි කොතැනකවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ගැන කියැවෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීම ම වැරදියි. එය පාර්ලිමේන්තුව මගහරවා යෑම සඳහා උපක්‍රමයක්. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තු සභා ගැබ තුළ රැස්වීමත් වෑරදියි. එය පාර්ලිමේන්තුවේ අනු කමිටුවක් හෝ සමස්ත පාර්ලිමේන්තුවේ ම කමිටුවක් හෝ නො වෙයි. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වන විට එහි සභාපති වාඩිවන්නේ කතානායක අසුනේ නො වෙයි.

මෙයට කලි්න් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටෙවුවේ 1972 ජනරජ ව්‍යවසථ්ාව සම්පාදනය කරගැනීමටයි. එසේ පිහිටුවීමට හේතුවක් තිබුණා, එතෙක් මේ රට ආණ්ඩු කෙරුණේ එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතකට අනුව. අපට එතෙක් තිබුණේ ඩොමීනියන් තත්වයේ රාජ්‍යයක්. එංගලන්තයේ රජු හෝ රැජින හෝ ලංකාවේත් රජු හෝ රැජින හෝ වූවා. මෙරට අග්‍රාණ්ඩුකාරයා රජුගේ හෝ රැජනගේ හෝ නියෝජිතයා වුනා. අපට ඒ ඩොමීනියන් ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ම ඉවත් කර ජනරජයක් වීමේ අවශ්‍යතාව තිබුණා. එය පාර්ලිමේන්තුව මගින් කිරීමට බැරි නිසා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාව පැන නැගුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන් වූවා. 1972 ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේත් අනුමත වූයේත් පාර්ලිමේන්තුවෙන් පිට. එහි වරදක් නැහැ. ඒ හේතු දෙකක් නිසා.

පළමුවෙන් ම කලින් කී ආකාරයට එංගලන්ත පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක් ඉවත් කිරීමේ අවශ්‍යතාව තිබුණා. එය එංගලන්ත පාර්ලිමේන්තුවෙන් කෙරෙන වැඩක් නො වෙයි. කොහොමටත් අප අපේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගත යුතුව තිබුණා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් බාහිර ආයතනයකින් ඒ කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. දෙවැනුව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්  පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් ඉල්ලමින්. ජනතාව ඒ වරම ලබාදුන්නේ පෙරමුණට 1970 මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක්් ලබා දීමෙන්.  

බණ්ඩාරනායක මැතිණිය නවරඟහලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්කෙළේ රැස්කෙළේ ඒ කරුණු දෙකට යටත් ව. දැන් මේ පිහිටුවලා තියෙන ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමට කිසිම අවශ්‍යතාවක් හෝ වරමක් හෝ නැහැ. ජේ ආර ජයවර්ධන දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කෙළේත් පළමු ජනරජ ව්‍යවස්ථාවේ වගන්ති යොදා ගෙන. ඔහු පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාව පමණක් යොදා ගත්තා. ඔහුටත් 1977 මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි වරමක් ලැබුණා. මේ ආණ්ඩුවට ඊනියා වව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් හෝ වරමක් හෝ නැහැ.

අප දිගින් දිගට ම කියා ඇත්තේ බටහිරයන් හා ඉන්දියාව ඔවුන්ගේ ඔත්තු සේවා යොදා ගනිමින් මේ ආණ්ඩුව ඇති කෙළේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමටත් (රනිල්ගේ වචන) සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තත්ත්වය නැතිකර ඔවුන් ඇති කර අනුග්‍රහය දුන් දෙමළ ජාතිවාදයට කප්පන් දී සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමටත්. මේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා ඇත්තේ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය නිසා. ජනතාවට අවශ්‍ය නිසා නොවෙයි. මේ ආණ්ඩුව පිහිටුවා ඇත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව. 2015 අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්‍ෂ දෙකක් තිබුණා. එකක් එක්සත් ජාතික පෙරමුණ. අනෙක සංධානය. අවාසනාවකට අද ඒකාබද්ධ විපක්‍ෂයත් එදා ඉදිරිපත් වූයේ සංධානය යටතේ. මේ පක්‍ෂ දෙක මැතිවරණ ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කළා. නව ව්‍යවස්ථාවක් ගැන පැහැදිලි ව කීවේ  කීවේ එක්සත් ජාතික පෙරමුණ පමණයි. එහි ජාතික හෙළ උරුමයත් හිටි බව අමතක කරන්න එපා. ජනතාව එක්සත් ජාතික පෙරමුණට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් ලබා දුන්නේ නැහැ. ඔවුන්ට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණේ නැහැ. ඔළුගෙඩි ගණනින් 105ක් පමණයි ලැබුණේ. ඒ 150ට හුඟක් අඩුයි. සංධානයට මිනිස්සු ඡන්දෙ දුන්නෙ නව ව්‍යවස්ථා හදන්න නො වෙයි. ජේ ආර්ගෙ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නම් තිබෙනවා. ඒත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ.  නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට ජන වරමකුත් නැහැ. සංධානයේ කොටසක් එ ජා පෙරමුණ සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවීමෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට කිසිම වරමක් නැහැ. සංධානයේ ආණ්ඩුවට නොගිය කොටස, එනම් අද ඒකාබද්ධ විපක්‍ෂය කළ යුතුව තිබුණේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කිරීමයි. ඔවුන් මෛත්‍රිපාලගේ අවතාර අනුගමනය කළ යුතුව තිබුණේ නැහැ.

දැන් අනුකමිටු වාර්තා ඊනියා ව්‍යවස්ථා මණාඩලයට ඉදිරිපත්  කරලා. මේ වාර්තා තමන්ට අහිතකර බව ජාතික හෙළ උරුමය තේරුම් අරගෙන. ඔවුන් දැන් වෙනත් බයිලාවක් කීමට පටන් ගෙන. චම්පකගේ නමින් වැල් වටාරම් ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. මේ අවස්ථාවාදී ජාතිද්‍රෝහීන්ට කිසිම ඉඩක් දිය යුතු නැහැ. ඔවුන් පිළිගැනීමට අවශ්‍ය නැහැ. රනිල් සමග තවදුරටත් හෙළුවෙන් සිට ගැනීමට ඔවුන්ට ඉඩ දිය යුතුයි. ඒ අතර ඒකාබද්ධ විපක්‍ෂය දැන්වත් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි. වාර්තා හයෙන් සිංහලයන්ටවත් රටටවත් සෙතක් වන්නේ නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. නව ව්‍යවස්ථාවක් අවශ්‍යත් නැහැ.  ඒ සඳහා ව්‍යවස්ථා මණ්ඩලයකට අවශ්‍යතාවකුත් නැහැ. නව ව්‍යවස්ථාවකට වරමකුත් නැහැ. සංධානය මැතිවරණයට ගියේ නව ව්‍යවස්ථාවක් ඇති කරන්නත් නොවෙයි. ආණ්ඩුවේ සිංහල විරෝධී ද්‍රෝහී ව්‍යවස්ථාවට කිසිම ඉඩක් නොදිය යුතුයි. අද ආණ්ඩුව ජාතිවාදීන්ට ඉඩ නොදිය යුතු ය කියන්නේත් ජනමාධ්‍යයට තර්ජනය කරන්නෙත් මේ සිංහල විරෝධී සහසන්ධි ව්‍යවස්ථාව කොක්කෙන් හරි කෙක්කෙන් හරි සම්මත කර ගැනීමට. ආණ්ඩුව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පමණක් යොදාගෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න සූදානම් වෙනවා. සම්බන්ධන් ලවා කියවන ජනමතවිචාරණ කතාවලට රැවටෙන්න එපා. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කළ යුතුයි. එයට කිසිම වලංගු බවක් දිය යුතු නැහැ. 


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 20 

Saturday 19 November 2016

දෙරණට තර්ජනයක්

දෙරණට තර්ජනයක්


මා දෙරණ නරඹන්නේ වෙනත් රූපවාහිනී නාලිකාවක් නැති කමට. එහි ප්‍රවෘත්ති, දෙරණ අරුණ හා සිදු නරඹනවා. ඉඳහිට 360ත් නරඹනවා. අනෙක් වැඩ සටහන් නම් එතරම් ගත යුත්තක් නැහැ. සමහර වැඩ සටහන් ඉදහිට නැරඹෙනවා. වාදවලින් නම් සත පහක වැඩක් නැහැ.  මාත් ඉස්සර ඒවාට සහභාගි වුනා. ඒත් ඒවායින් වන්නේ මගේ රුධිර පීඩනය වැඩිවන එක පමණයි. මේ වාදවලින් නරඹන කිසිවකු තම අදහස් වෙනස් කරගන්නවා කියා මා හිතන්නේ නැහැ. පහුගිය පෝය දවසෙ නොපෙනෙන මානය බැලුවා. පෝය දවසෙ පව් සිද්ධවුනා. මා ඒ ගැන පසුව ලියන්නම්. 

Friday 18 November 2016

මගේ ලෝකය

මගේ ලෝකයට තිස්වසරක් පිරීම නිමිත්තෙන් 2016 නොවැම්බර් 09 වැනි දා කරන ලද දේශනය මේ සබැඳියෙන්



https://www.youtube.com/watch?v=uGD-ALD7nuU&authuser=0

අයවැය හා මහා බැංකුව

අයවැය හා මහා බැංකුව


අද අයවැය සම්මත වේවි. බොහෝ විට තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් ම සම්මත වේවි. මෛත්‍රිපාලගෙ මියගිය ශ්‍රී ල නි ප අවතාර ටික කිසිම ලජ්ජාවක් නැතිව අයවැයට පක්‍ෂ වේවි. සීනි කිලෝවක මිළ රුපියල් දෙකකින් අඩු කරලා. අයවැයට පක්‍ෂව ඡන්දය දෙන්න ඒකම වුනත් ඇති. සීනි දෙසිය පනහක් අඩු වෙන්නෙ කීයකින් ද කියලා තුනේ පංතියෙ ළමයකුගෙන් අහන්න පුළුවන්. ඒත් ඒ ළමයි ශත පනහෙ කාසි දැකලා නැතුව ඇති. ඒ නිසා ඒක අහන එකේ තේරුමක් නැහැ. ඒක වියුක්ත ප්‍රශ්නයක් වේවි. ඒ ළමයට අංක ගණිතය එපා වේවි. අන්දරේ පස් කනව කියලා සීනි කෑවා. දැන් සීනි කනවා කියලා පස් කන්න වෙලා.

Wednesday 16 November 2016

ඒකාබද්ධ විපක්‍ෂයට ලිපියක්

ඒකාබද්ධ විපක්‍ෂයට ලිපියක්

ඒකාබද්ධ විපක්‍ෂයට ලිපියක් ලියන්නට සිතුනේ සම්බන්ධන් ට්‍රම්ප්ට මෙරට ඊනියා ජාතික ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කර තිබූ ඉල්ලීම ගැන දැනගැනීමෙන් පසුව. මගේ ලෝකයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් නව නගර ශාලාවේ දී පවත්වන ලද සම්මන්ත්‍රණයේ දී මා මහින්ද රාජපක්‍ෂ ආමන්ත්‍රණය කරමින් කී දේ ජනමාධ්‍යවල වාර්තා වූයේ නැහැ. දෙරණ පමණක් ඊට පසුදා සවස 6.30 ප්‍රවෘත්්ති විකාශයේ ට්‍රම්ප් හා මහින්ද ගැන මා කියූ ඉතා කුඩා කොටසක් ප්‍රචාරය කළා. ඔවුන් ද වඩා වැදගත් තැනක් දුන්නේ සම්මන්ත්‍රණයේ තේමාවට පිටින් කරන ලද ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ අනුශාසනාවට හා මහින්ද එයට දැක්වූ ප්‍රතිචාරයටයි. මගේ ලෝකය ඒ අයට ඇස්වලට කටුගහන්නාක් මෙන් විය හැකියි. එතැන සිටි එක් රූපවාහිනි කැමරා ශිල්පියකු මේක ඉවර වෙන්නෙ නැද්ද කියමින් අඳෝනා කියමින් ඉඳලා තියෙනවා. මෙරට ජනමාධ්‍යවල ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ට හා වෙනත් සංස්කාරකවරුන්ට මා කියන කිසිම දෙයක වැදගත්කමක් නැහැ. මට 360 ලබාදුන්නේ ඔවුන් නොව දිලිත් ජයවීරයි. මේ සංස්කාරකවරුන්ට හැරිසන් ඇමතිවරයා හෝ රන්ජන් රාමනායක හෝ වෙනත් කිහිප දෙනකු හෝ කරන ප්‍රකාශ දිනපතා ම වුවත් පළකිරීමට තරම් වැදගත්. ඔවුන් ඇතැම් විට කියනවා ඇති ජනතාව ඉල්ලන්නේ එවැනි ප්‍රකාශ කියා. ඔවුන් ජනතාව කියා හඳුන්වන්නේ මධ්‍යම පංතික ඊනියා ප්‍රබුද්ධයන් හා අක්මුල් නැති තාක්‍ෂණික තරුණ තරුණියන් පමණයි. ඔවුන් තම නාලිකා ප්‍රචාරය කරන කසිකබල් ටෙලිනාට්‍ය පරදවා සිදු පෙරමුණට ඇවිත් තිබෙන්නේ ඇයි ද කියා කල්පනා කරනවා නම් ජනතාවට අවශ්‍ය කුමක් ද කියා තේරුම් ගනීවි.

Tuesday 15 November 2016

පඬියන් මාක්ට බය ද?

පඬියන් මාක්ට බය ද?

මාක් යනු වියනා කවයේ පුරෝගාමියෙක්. ඉන්ද්‍රියානුභූතවාදය (ඉංගිරිසියෙන් පොසිටිවිසම්) වියනා කවය ආශ්‍රිත ව නිර්මාණය වූවක්. මාක් බෞද්ධයකු මෙන් ජීවත් වූ බවත් කියනවා. මාක් දාර්ශනිකයකුට අමතර ව බටහිර භෞතික විද්‍යාඥයෙක්. මාක් ඉතා පැහැදිලි ව කියා සිටි දෙයක් තමයි බටහිර භෞතික විද්‍යාවේ නිරීක්‍ෂණ පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප මගින් පමණක් විස්තර කළ යුතු බව. එය ඉන්ද්‍රියානුභූතවාදය සමග එකඟයි. ඔහු අවස්ථිති සමුද්දේශ රාමු පිළිගත්තේ නැහැ. නමුත් නිවුටන්ගේ ගතිකය මුළුමනින් ම මෙන් රඳා පවතින්නේ අවස්ථිති සමුද්දේශ රාමු මත. අප යමක් නිරීක්‍ෂණය කරන්නේ සමුද්දේශ රාමුවකට සාපේක්‍ෂ ව. කාමරයක දිගුවක් (විස්තීර්ණයක්) දුම්රිය මැදිරියක දිගුවක් ආදිය පමණක් නොව නිරීක්‍ෂකයාගේ ශරීරයේ දිගුවක් ද සමුද්දේශ රාමුවක් විය හැකියි.  සෑම නිරීක්‍ෂණයක් ම කිසිවකට (කිසිවකුට) සාපේක්‍ෂව කෙරෙන්නක්. නිරපේක්‍ෂ නිරීක්‍ෂණ නැහැ. නිව්ටන්ගේ ඊනියා නියම ද ලියන්නේ අවස්ථිති සමුද්දේශ රාමුවල. මාක්ට අනුව නම් නිව්ටෝනීය භෞතික විද්‍යාව ප්‍රතික්‍ෂෙප කළ යුතුයි. ඒත් බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ නැහැ. අපේ පඬියන් නම්, ඇතැම් හාමුදුරුවන් ද, මාක්ට බයේ බුදුදහම වුනත් ප්‍රතික්‍ෂෙප කරන්න සූදානම්. පුනබ්භවය, දෙවියන්, භූතයන්, අතිවිශාල බහුතරයකට පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඇතැම් ජාතිකවාදීන් ද ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරනවා. එවැනි ජාතිකවාදීන් නම් තවමත් එක කකුලක් මාක්ස්වාදයෙ තියාගෙන ඉන්නෙ. ඒත් මේ පඬියන් ඉන්ද්‍රිය ගෝචර නැතිවුනත් කම්කරු පංති විඥානයක් පිළිගන්නවා. පඬියන් එහෙම පිළිගත්තත් සුදු කම්කරුවන් අතිවිශාල බහුතරය කම්කරු පංති විඥානය බල්ලට දාලා මාක්ස්වාදීන් කියන විධියට අන්ත දක්‍ෂිණාංශිකයකු වූ ට්‍රම්ප්ට ඡන්දය දීලා! ලෝකය කියලා අප ගන්න එකේ තියෙන්නෙ ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර දේ පමණක් ද?

Monday 14 November 2016

දෙමළ මුස්ලිම් බෙදීම

දෙමළ මුස්ලිම් බෙදීම

දහනවවැනි සියවසේ මුල මෙරට මුස්ලිම් අනන්‍යතාවක් හෝ දෙමළ අනන්‍යතාවක් හෝ තිබුණේ නැහැ. මෙරට සිංහල ජාතික අනන්‍යතාවක් නම් තිබුණා. ඉංගිරිසින් සිංහල ජාතික අනන්‍යතාව උඩරට සිංහල හා පහතරට සිංහල යනුවෙන් බෙදීමට උත්සාහ කළා. ඇතැම් සිංහලයන් ද එයට හසුවුනා. විශේෂයෙන් ම සිංහල නායකයන් එසේ සිතුවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ආපසු පැමිණි බණාඩාරනායක මහතා ද මුල් කාලයේ දී උඩරට සිංහල හා පහතරට සිංහල යනුවෙන් සිතුවා. එහෙත් ඉතා ඉක්මණින් ම සුද්දන් ඉගැන් වූ ක්‍රමයට නොසිතන්නට එතුමාට හැකි වුනා. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පැමිණි විගස එතුමා ෆෙඩරල් ක්‍රමයක් ගැන ද කතාකළා. ඒ පොන්නම්බලම් අරුණාශලම්ලා අනුගමනය කරමින්. අරණාශලම් හින්දු මහා සභාවක් පිහිටුවා ගෙන තිබුණා. බණ්ඩාරනායක මහතා සුද්දන් උගන්වා තිබූ ක්‍රමයක් අනුගමනය කරමින් මෙරටට දළ වශයෙන් ජනවර්ග මත පදනම් වූ ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කළා. එහි උඩරට සිංහලයන්ට හා පහතරට සිංහලයන්ට වෙන වෙන ම පාලන ඒකක යෝජනා කර තිබුණා.

Sunday 13 November 2016

මගේ ලෝකය සම්මන්ත්‍රණය නැවතත්


මගේ ලෝකය සම්මන්ත්‍රණය නැවතත්

මගේ ලෝකයට තිස්වසරක් යන තේමාවෙන් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණය අසාර්ථක යැයි මා කියන්නේ එහි දී ප්‍රතිචාර දැක්වූ ආකාරය හා ජනමාධ්‍ය දුන් ප්‍රචාරය අනුව. මගේ දේශන අසා පුරුදු අයට එහි අමුත්තක් තිබුණා ය කියා මා හිතන්නේ නැහැ. මා ඇතැම් විට හාස්‍යය යොදා ගන්නවා. එමෙන් ම මගේ ශෛලිය එකම රේඛාවක් දිගේ ගලා යන්නක් නොවෙයි. හාමුදුරුවන් ධර්මය දේශනා කරන්නේ එකම රේඛාවක් දිගේ නොවෙයි. එහෙත් එයින් කියන්නේ දේශනය අසංගත යන්න නොවෙයි. මා පරස්පර සහිත දේශන පවත්වන්නේ නැහැ. එහි මුලක් මැදක් හා අගක් තිබිය යුතුම නැහැ. වෘත්තයක මුල මැද අග කුමක් ද? මා සිංහල බෞද්ධයකු ලෙස ඉන්නේ රේඛීය චින්තනයක නොවෙයි. අගක් මුලක් නැති සංසාරයේ අගක් මුලක් ඇති දේශන කොහේ ද? චක්‍රිය චින්තනයෙහි දේශනයක් අසා නැති අයට, පාසල්වල, ආධාරක පංතිවල හා විශ්වවිද්‍යාලවල මුලකින් පටන්ගෙන අගකින් කෙළවර වන රේඛීය චින්තනයේ අසංගත දේශනවලට පමණක් ඇහුම්කම් දී ඇති අයට මගේ දේශනය අගක් මුලක් නැති එකක් ලෙස වැටහෙන්න ඇති. ඔවුන් ගැන මා අනුකම්පා කරනවා.

Saturday 12 November 2016

මුහුණු පොතෙන් ඉවත්වීම

                            මුහුණු පොතෙන් ඉවත්වීම

මේ ලිපි මාස හතක අටක පමණ සිට මුහුණු පොතේත් පළවෙනවා. එහි ඉතාමත් ඉහළ ගණයේ බුද්ධිමතුන් ඉන්නවා. ඔවුන් මගේ ලිපි නිර්දය ලෙස විවේචනය කරනවා. මා ඔවුන්ගේ ප්‍රතිචාර කියවීම නතර කළා. පෘථග්ජනයකු වූ මා කැමතිවුනේ නැහැ මා මෝඩයකු යැයි සිතීමට.

Friday 11 November 2016

360

2016 නොවැම්බර්  07, දෙරණ 360 වැඩ සටහන පහත සඳහන් සබැඳියෙන්


http://www.derana.lk/Derana-360-Video-Politics&vid=16993&page=1

මගේ ලෝකය සම්මන්ත්‍රණය

මගේ ලෝකය සම්මන්ත්‍රණය


මගේ ලෝකයට අවුරුදු තිහක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයට බොහෝ දෙනකු සහභාගි වී සිටියා. ඔවුන් පැමිණියේ කුමකට ද කියා මට තේරෙන්නේ නැහැ. ඇතැම් විට මහින්ද රාජපක්‍ෂ පැමිණෙන බව සඳහන් වූ නිසා ඔවුන් පැමිණෙන්න ඇති. සාමාන්‍යයෙන් අපේ සම්මන්ත්‍රණයකට විසිපස්දෙනකුට වඩා සහභාගි වන්නේ නැහැ. ඒත් එදින පන්සීයයකට වැඩි පිරිසක් සහභාගි වුනා. ඔවුන් ඇතැම් අවස්ථාවල අත්පොළොසන් දුන්නා. ඔවුන් කී දෙනකුට මගේ ලෝකයෙන් කියැවෙන්නේ කුමක් ද කියා තේරුම් ගියා ද කියා කියන්න බැහැ. සම්මන්ත්‍රණය ජනමාධ්‍යයේ වාර්තා වී ඇති ආකාරයෙන් හා ලැබුණු ප්‍රතිචාර අනුව නම් පැහැදිලි වන්නේ ඔවුන්ට මගේ ලෝකය ගැන අබමල් රේණුවකවත් තේරුමක් නැති බවයි. ඒ අනුව  කණගාටුවෙන් නමුත් කිවයුත්තේ සම්මන්ත්‍රණය අතිශයින් ම අසාර්ථක බවයි.

Thursday 10 November 2016

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය

ට්‍රම්ප් ජයග්‍රහණය කරලා. මා නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ. ජයගත්තේ ඇමරිකන් එක්සත් රාජ්‍යවල ජාතිකත්වය. අද ලෝකයේ ඊනියා ජාත්‍යන්තරවාදය පරදවා ජාතිකත්වය නැවත වරක් පෙරට එනවා. හිලරි ක්ලින්ටන් නියෝජනය කෙළේ ඊනියා ජාත්‍යන්තරවාදය. ඊනියා ජාත්‍යන්තරවාදය පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තන විප්ලවයෙන් බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක්.

Wednesday 9 November 2016

යටත්විජිතවාදයේ මානව අයිතිවාසිකම්


යටත්විජිතවාදයේ මානව අයිතිවාසිකම්

මානව අයිතිවාසිකම් යන්න ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ඵලයක්. කතෝලික චින්තනයෙන් හා යුරෝපීය වැඩවසම් රාජ්‍යවලින් මිදුණු බටහිර යුරෝපය චිත්‍ර හා ප්‍රතිමා කලාව ඔස්සේ ඉදිරියට ගියා. ඉන්පසු මාටින් ලූතර්ගේ, කැල්වින්ගේ  හා වෙනත් අයගේ නායකත්වයෙන් පාප් වහන්සේට හා කතෝලික ආගමට විරුද්ධව ප්‍රතිසංස්කරණවදයක් ගොඩ නැගුවා. ඇතැමුන් කියන්නේ එහි විරුද්ධතාවක් නොතිබූ බවයි. ඒත් ඒ හිත හදාගැනීමට කියන කතා. අදහන්නේ එකම දෙවියන්වහන්සේ වුවත් අදහන ක්‍රමවල වෙනසක් තියෙනවා. කතෝලික ආගම සාමූහිකත්වය මත පදනම් වන අතර රෙපරමාදු හෙවත් ප්‍රතිසංස්කරණවාදී ආගම් පෞද්ගලදකත්වය මත පදනම් වෙනවා. එයට අමතර ව ලූතර්  කතෝලික පල්ලියේ තිබිණි යැයි කියන දූෂණ විවේචනය කළා.

Tuesday 8 November 2016

ජනමාධ්‍ය පාලනය

ජනමාධ්‍ය පාලනය

අගමැති නැවතත් ජනමාධ්‍යයට තර්ජනය කරලා. ඔහු කියාවි ඒ තර්ජනයක් නොවෙයි කියලා. ඒත් ජනමාධ්‍යවේදීන්ට පදය වෙනස් කරන්න කියලා කියන්නෙ හොඳකට නො වෙයි. ඔහු නොකියා කියන කතාව ඉතා පැහැදිලියි. තමන්ගේ පැත්තට නාවොත් ජනමාධ්‍යවේදීන්ට වෙන දේ බලාගනිමු කියනව වගේ දෙයක් ඔහු කියන්නෙ.

Monday 7 November 2016

දිවයින

2011 නොවැම්බර් 07 වැනි දා දිවයින පුවත්පතේ පළවූ සාකච්ඡාවට පහත සඳහන් සබැඳියෙන් යොමු විය හැකි ය. 


http://www.divaina.com/2016/11/07/mano01.html

බොරු හා පට්ටපල් බොරු


බොරු හා පට්ටපල් බොරු

අප දැනුම නිර්මාණය කරන්නේ, එනම් සංස්කරණය කරන්නේ අපේ අවිද්‍යාව නිසා. මෙහි අවිද්‍යාව කියන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ම නොදැනීම. මුළු ලොව ම අපේ නිර්මාණයක්. එකිනෙකාගේ ලෝක වෙනස් වෙනවා. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස්. මගේ ලෝකය නිර්මාණය කෙරෙන්නේ මා විසින්. එනම් නැති මා කෙනකු විසින්. නැති මා ඇති මා කෙනකු කිරීම තමයි පළමු නිර්මාණය. ඒ මගේ අවිද්‍යාව. මෙහි කාට හරි හිතෙන්න පුළුවන් අවිද්‍යාව නම් හේතුව නිසා දැනුම සංස්කරණය කරනවා කියා. එහෙත් මෙය කිව යුත්තේ අවිද්‍යාව වේ නම් සංස්කාර හටගනී ලෙස. අවිද්‍යාව නැත්නම් සංස්කාර හටගන්නේ නැහැ. අවිජ්ජා පච්චයා සංකාරා යන්න නැති මා සංස්කරණය කරන්නේ එලෙසයි.

Sunday 6 November 2016

ඉන්දියාවේ මුස්ලිම් හා ලංකාවේ මුස්ලිම්

ඉන්දියාවේ මුස්ලිම් හා ලංකාවේ මුස්ලිම්


මුස්ලිමුන් ගැන කාලයකින් කතාකරන්න බැරි වුනා. මුස්ලිමුන් දහහතරවැනි සියවසේ මලබාරයෙන්, විශේෂයෙන් මලයාලම් වචන මිශ්‍ර දෙමළ කතාකරන ප්‍රදේශයකින්, ලී ඔරුවලින් හා වෙනත් මාර්ග යොදාගනිමින් ලංකාවට පැමිණ ඇති බව ප්‍රතික්‍ෂෙප කරන්න බැහැ.  මෙරට මුස්ලිම් ජනයා (මුවර් ජනයා) දෙමළ කතාකරන බව, ඔවුන්ගේ දෙමළ යාපනයේ දෙමළ බසින් සුළු වශයෙන් වුවත් වෙනස් බව, තේරුම් කිරීමට වෙනත් විකල්ප ප්‍රවාදයක් නැහැ.  මුස්ලිමුන්ට  විවිධ පළාත්වල දී දෙමළ ඉගෙනීමට දෙමළ කතාකරන ජනයා ලංකාවේ විසිරිලා සිටියේත් නැහැ. චෝල ආක්‍රමණයෙන් පසු මෙරට දෙමළ ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි වූ බවට සාක්‍ෂි ඇත්තේත් නැහැ. සමහරවිට ඇතැම් සිංහල බෞද්ධයන් එකල හින්දු ආගම වැළඳ ගන්න ඇති. පෘතුගීසි ආක්‍රමණයෙන් පසු සමහර සිංහල බෞද්ධයන් කතෝලික ආගම වැළඳ ගත්තා වගේ.  විජයබාහු රජු ඒ ප්‍රදේශවල හින්දු කෝවිල් හැදුව නම් ඒ ගැන පුදුම වෙන්නත් දෙයක් නැහැ. සිංහල බෞද්ධයන්ගෙ සහනශීලී බව එහෙමයි. අප වරින් වර ඝාතනය කළ බටහිරයන් අපට ඊනියා සංහිඳියාවක් උගන්වන්න අවශ්‍යතාවක් නැහැ.

Saturday 5 November 2016

රණවිරුවන් මහාපාරේ


රණවිරුවන් මහාපාරේ

තවත් එදිනෙදා කටයුත්තක් ගැන ලිවීමට සිදුවෙලා. ඒ රාජිතගේ ආවා චෝදනාව නොවෙයි. රාජිත කියන දේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්න වටින්නේ නැහැ. ආවා කණ්ඩායම ගැන ඔහු චෝදනා කරන්නේ හමුදාවටයි. බුද්ධි අංශයටයි. ආවා කණ්ඩායම පාතාල කල්ලියක් වෙන්න පුළුවන්. සමහරවිට ඒ පසුපස දේශපාලන හස්තයක් තියෙන්නත් පුළුවන්. ඒ කුමක් වුවත් ඒ ගැන විනිශ්චයක් දිය යුත්තේ රාජීිත නොවෙයි. රාජිතගේ ප්‍රකාශය ආණ්ඩුව හමුදාව හා එහි බුද්ධි අංශය දුර්වල කිරීමේ, එය දුර්මුඛ කිරීමේ, මන්දෝත්සාහි කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් පමණයි. ආණ්ඩුව එසේ කරන්නේ බටහිරයන්ගේ හා ඉන්දියාවේ වුවමනාවට.

Friday 4 November 2016

The so called ethnic problem

The link to the Daily Mirror interview on the so called ethnic problem

http://www.dailymirror.lk/article/English-speaking-Tamils-created-what-is-called-ethnic-problem-Nalin-de-Silva-118680.html



චීන තානාපතිත් දේශපාලනයට

චීන තානාපතිත් දේශපාලනයට

මෙරට චීන තානාපති පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රවි කරුණානායක හා රනිල්ගේ ආණ්ඩුව විවේචනය කළා. සාමාන්‍යයෙන් තානාපතිවරු එහෙම කරන්නේ නැහැ. ඔහු දේශපාලනයට පැමිණ කීවේත් තානාපති සම්බන්ධකම් දේශපාලනීකරණයට ලක් නොකරන ලෙසයි! එය පරස්පර විරෝධීයි. චීන තානාපති එලෙස ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම එතරම් සුදුසු යැයි මා කියන්නේ නැහැ. ඒත් ඔහුගේ ප්‍රකාශයට කරුණු දෙකක් හේතුවන්න ඇති. පළමුවෙන් ම මෙරට බටහිර තානාපතිවරු කලක සිට ම ජනමාධ්‍යයට දේශපාලන ප්‍රකාශ කරනවා. ඔවුන් එතැනින් නවතින්නේ නැහැ. ඔවුන් දේශපාලනය කරනවා. විශේෂයෙන් උතුර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දේශපාලනය කරනවා.

Thursday 3 November 2016

නව පක්‍ෂය

නව පක්‍ෂය


අළුත් පක්‍ෂයක් පිහිටුවලා. අඩු තරමෙන් පරණ පක්‍ෂයක් වෙනත් නමකින් අලුත් සභාපති කෙනකු සහිත ව ලියා පදිංචි කරලා. පක්‍ෂයක් පිහිටුවන කොට ගණ හා වෙනත් දේ බලන්න ඕන. යහපත් සිතකින් කරන්න ඕන. පක්‍ෂය දොරට වඩින්නේ කවදා ද කියා පැහැදිලි නැහැ. සුබ නැකැත් තියෙන දවසක් තෝරාගන්න ඕන. හොඳ නැකතකින් කෙරෙන්න ඕන. පක්‍ෂයේ අරමුණ විය යුත්තේ ලංකාවේ ඒකීය භාවය සුරුකීම, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබාගැනීම, බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය හා එය විසින් ඇති කෙරී පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කිරීම, නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කර දහතුන්වැනි සංශෝධනය අහෝසි කිරීම, රටට ගැලපෙන සංවර්ධනයක් ඇති කිරීම, රණ විරුවන් ආරක්‍ෂා කිරීම ආදියයි.

Wednesday 2 November 2016

බැඳුම්කර නාටකය ඉවර ද?


බැඳුම්කර නාටකය ඉවර ද?


බැඳුම්කර මගඩිය ගැන එක දිගට පස්වැනි දවසටත් කතාකරන්න වීම ගැන කණගාටු වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය අඩියක් පෙරට තබා අඩි දහයක් පස්සට ගෙන. ඊයේ මා කිව්වේ ඒකාබද්ධ විපක්‍ෂය නිවැරදි පාරට ඒමට උත්සාහ ගන්න බවක් පේනවා කියා. ඒත් උත්සාහය අවසන් වෙලා. රනිල් තව දුරටත් අගමැති විධියට කටයුතු කරාවි. ජ වි පෙ විතරක් නොවෙයි ඒකාබද්ධ විපක්‍ෂෙත් රනිල් රකිනවා. ඒකාබද්ධ විපක්‍ෂයෙ මන්ත්‍රීවරුන් පිරිසක් අර්ජුන් මහේන්ද්‍රන්ට හා ඔහුගෙ බෑණාට මෙන් ම රනිල්ට විරුද්ධවත් අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසම ඉදිරියට ගිය එක හොඳයි කියලා මා ඊයේ කිවුවා. ඒත් අද වන විට තත්වය වෙනස් වෙලා.

Tuesday 1 November 2016

රනිල් පන්නා මහින්ද අගමැති කරමු

රනිල් පන්නා මහින්ද අගමැති කරමු



ඒකාබද්ධ විපක්‍ෂය සුපුරුදු පරිදි දින දෙක තුනක් වැරදි පාරක ගමන් කරමින් සිට දැන් හරි පාරට එන්න උත්සාහ කරනවා. මා ඒකාබද්ධ විපක්‍ෂයේ වන්දිභට්ටයෙක් නොවෙයි. ඒකාබද්ධ විපක්‍ෂයට දේශපාලන දැක්මක් නැහැ. අප සංධාන ආණ්ඩුවට පක්‍ෂ වූයේ එය යම් ප්‍රමාණයකට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි නිසා. ඒ ආණ්ඩුවේ ජාතිකත්වයට විරුද්ධ අයත් සිටි බව අප අමතක කෙළේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ පඬියන් වන බොහෝ දෙනා ද මා ගැන සිතන්නේ අන්තවාදීයකු, ජාතිවාදියකු, මිථ්‍යාමතධාරියකු, දේශපාලනය නොදන්නා කෙනකු  ලෙසයි. මේ ලිපියෙහි සඳහන් කරුණු දෙසත් ඔවුන් බලනු ඇත්තේ ඒ දෘෂ්ටිකෝණයෙනුයි.

Monday 31 October 2016

ඒකාබද්ධ විපක්‍ෂෙ මොනව ද කරන්නෙ

ඒකාබද්ධ විපක්‍ෂෙ මොනව ද කරන්නෙ

ඩිව් ගුණ සේකර සිරසට පැහැදිලිව කියලා තියෙනවා තමා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ කෝප් කමිටු වාර්තාව ගැන. ඒත් හැම දෙයක් ම කියන්න නැතිව ඇති. ඔහු කියන විධියට රනිල් තමාට බැඳුම්කර පිළිබඳ උපදෙස් දී ඇති බව කෝප් කමිටුවේ දී අර්ජුන් මහේන්ද්‍රන් කියලා  තියෙනවා. මාධ්‍ය වාර්තා අනුව අර්ජුන් මෙවර කෝප් කමිටුවටත් ඒ බව, එනම් රනිල් උපදෙස් දුන් බව පිළිගෙන තියෙනවා. ඩිව් ගුණසේකරගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හිටි දවසෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මෛත්‍රිපාල පසුව පිළිගත්තා බැඳුම්කර සිද්ධිය උඩ රනිල්ට (අගමැතිට) විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවනම් ජයගන්න තිබුණ බව (ඊයේ ලිපිය බලන්න). 

2015 ජූනියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා බව පැහැදිලියි. එයට වෙනත් හේතුත් තියෙන්න ඇති. ඒ කාලෙ රනිල් අගමැති කම පික්පොකට් ගහලා තිබුණත් පාර්ලිමේන්තුවෙ වැඩි බලය තිබුණෙ සංධානයට. මෛත්‍රිපාල රනිල් අගමැති කෙළෙ දි මු අගමැති ලෙස ඉන්න විටයි. දි මු ඉවත් කළ බවට ගැසට් නිවේදන පළ කෙළෙ රනිල් අගමැති ලෙස පත්කිරීමෙන් පසුවයි. ඒ බොරු නීත්‍යානුකුල බවක් ලබා දෙන්න. මෛත්‍රිපාල වැඩ කරන්නෙ රනිල්ට ඕන විධියට.  පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ පළමුවෙන් ම ඩිව් ගුණසේකර අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන්න. එය ඉදිරිපත් කෙරුව නම් එය ප්‍රසිද්ධ වෙනවා. මා අධිකරණයට ගියේ එය ප්‍රසිද්ධ කරවා ගැනීමට.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල් වූ දෙවැනි ප්‍රධාන කරුණ රනිල් වික්‍රමසිංහ විශ්වාස භංග යෝජනාවෙන් බේරාගන්න. මෛත්‍රිපාල එදා වගේ ම අදත් රනිල් බේරාගන්න උත්සාහ කරනවා ද? දැනගන්න කැමතියි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. රනිල්ට මොකක් ද කරන්නෙ? අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටු දෙකකට ම කියලා තියෙනවා නම් එයාට උපදෙස් දුන්නෙ රනිල් කියලා එහෙනම් මොන තර්කයක්වත් ඉදිරිපත් කරන්න බැහැ රනිල් නිවැරදි කාරයකු කරන්න. ඒත් සුනිල් හඳුන්නෙත්ති රනිල් ව බේරලා. දැන් අනුර දිසානායක සුපුරුදු පරිදි කියනවා රනිල් අර්ජූන්ට උපදෙස් දුන්න කියලා. ජ වි පෙ හැමදාමත් මිනිසුන් රවටනවා. ඔය ජ වි පෙ හිතවතුන් බලං ඉන්න ඊනියා වඩා සාධරණ සමාජය ජ වි පෙරමුණට ඇතිකරන්න බැහැ. ලෙනින්ට බැරි වෙච්ච දේ අනුර  දිසානායක ද කරන්නෙ. මාක්ස්වාදය කිසි දිනෙක වලංගු නොවූ කසිකබල් දැනුම් පද්ධතියක්.

අජිත් පෙරේරාලා හර්ෂ ද සිල්වාලා රනිල් ගැන කිසිවක් කියන්නෙ නැහැ. අජිත් පෙරේරා සුනිල් හඳුන්නෙත්ති එක්ක බොරු රණාඩුවක් කරනවා. ඉංගිරිසි කතාවක් ඒ විධියට ම සිංහලට පරිවර්තනය කළොත් ඒක සෙවනැළි බොක්සිං ගහගැනීමක්. රජිව් විජේසිංහ කියන විධියට අජිත්ලා මන්ත්‍රීවරුන් වෙන්නත් බැඳුම්කර මුදල් බලපාල තියෙනවා. රජිව්ට අනුව එ ජා ප මැතිවරණ අරමුදල තරවෙලා තියෙන්නෙ බැඳුම්කර සල්ලිවලින්. එ ජා ප මන්ත්‍රීන්ට සදාචාරය කියන එකක් අබමල් රේණුවක් තරම්වත් ගෑවිලාවත් තියෙනවා නම් ඔවුන් සියළු දෙනා ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් අස්වෙන්න ඕන. ඒක කරන්න ඉස්සෙල්ල අගමැති ඉල්ලා අස්වෙන්න ඕන.

මේ පාර්ලිමේන්තුව පත්වුනෙ දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ. ඒ සංශෝධනයෙන් වුනෙ අගමැතිගෙ බලතල වැඩිවෙච්ච එක. අද අගමැතිව අස්කරන්න ජනාධිපතිට බලයක් නැහැ. ජනාධිපතිට අවුරුදු හතරහමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බැහැ. ජනාධිපතිට ඇමතිවරයකුවත් අස්කරන්න බැහැ අගමැති කියන්නෙ නැතිව. අගමැතිගෙ බලය වැඩි වෙලා. රනිල් කියන්නෙ පාර්ලිමේන්තුව ශක්තිමත් වෙලා කියලා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඕකයි. රනිල්ගෙ බලතල වැඩි කරන්න සංධානෙ අයත් දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නා. ඒකට විරුද්ධ වුනෙ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකිලා හිටියා. අනෙක් ඔක්කොම පක්‍ෂව ඡන්දෙ දුන්න. ඒ දවස්වල මහින්ද පාර්ලිමේන්තුවෙ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂෙ රනිල් ගැන මොකුත් කියන්නෙ නැත්තෙ මොක ද? අර්ජුන් මහේන්ද්‍රන්ට හා රජිව් විජේසිංහට අනුව රනිල් වැරදිකාරයෙක් නොවෙයි ප්‍රධාන ම වැරදි කාරයා. අර්ජුන්ට හා බෑණාට දඬුවම් කළොත් රනිල්ටත් දඬුවම් කරන්න ඕන. ඒ නිසා අර්ජුන්ලටත් දඬුවම් කරන එකක් නැහැ. අද වන විට රනිල්ට විරුද්ධව විශාල බලවේගයක් ගොඩ නගන්න ඕන. රනිල් අස්කරන්න බැරි නම් පාර්ලිමේන්තුවත් විසුරුවා හරින්න බැරි නම් රනිල්ට විරුද්ධව පාර්ලිමේන්තුවෙ විශ්වාස භංග යෝජනාව එදා බැරිවුනත් අදවත් ගේන ඕන. දැන් ඒකාබද්ධ විපක්‍ෂෙට බහුතරයක් නැති නිසා විශාවාස භංග යෝජනාව පරදිවි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. අවශ්‍ය මහජන මතයක් ඇතිකරන එක. අවසානයේ දී සිංහල විරෝධී රනිල් එළවන එක. අද උතුර නැවතත් දෙමළ ජාතිවාදීන්ගෙ කෙළි බිමක් වෙලා තියෙන්නෙ රනිල් බටහිරයන් හා ඉන්දියානුවන් කදයන විධියට වැඩ කරන නිසා.

මට රනිල් ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක්. ඔහුගෙ දේශපාලනය පරාජය කළෙ නැත්නම් රට ම ඉවරයි. රනිල්ට විරුද්ධව වැඩ කරන්න සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගන්න ඕන. ජ වි පෙ මොන කතා කිව්වත් අවසානයෙ දී රනිල් රකිනවා. ඒකාබද්ධ විපක්‍ෂෙ කරන්නෙත් ඒක ද? ඩිව් ගුණසේකර අතුරු වාර්තාවෙ අඩංගු දේ මහජනතාවට දැනගන්න සලස්වනව ද? ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකු හරි ඒ ගැන දන්නවා. මට ඒ ගැන වැඩි දුර කතාකරන්න බැරි නඩුව හින්ද. ඒකාබද්ධ විපක්‍ෂෙ වැට් ගැන දක්වන උනන්දුව රනිල් හා බැඳුම්කර ගැන දක්වන්නෙ නැත්තෙ ඇයි? රනිල් හා ඒකාබද්ධ විපක්‍ෂය අතර ගණුදෙනුවක් තියෙනව නම් ඒක භයානකයි. 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 31 



Sunday 30 October 2016

ජ වි පෙ රනිල් රකියි

ජ වි පෙ රනිල් රකියි


මට කළ හැකි දේ සීමිතයි. ජනමාධ්‍යයෙන් මට තැනක් ලැබෙන්නේ නැහැ. ඔවුන් වෙනත් අයගේ තීරු ලිපි සතිපතා පළ කරන නමුත් මගේ ලිපි පළ කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදියි. මේ ආණ්ඩුව බලයට පත් කරනු ලැබුයේ ජ වි පෙ විසින් නොවුනත් ඒ සඳහා ඔවුන් දරදිය ඇද්දා. සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කෙරුණේ රනිල් ඔහු ගැන විශ්වාසයක් තැබූ බැවින්. ඊයේ පෙරේදාත් රනිල් පාර්ලිමේන්තුවේ දී කෝප් සභාපති ගැන තම විශ්වාසය පළ කළා. සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළ වාර්තාවෙන් රනිල් රැකගෙන තිබෙනවා.

Saturday 29 October 2016

කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්

කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්


කවුරුත් පාහේ බලා සිටි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. එහි විස්තර දැනගැනීමට නැහැ. අර්ජූන් මහේන්ද්‍රන්් හා අදාළ මහා බැංකු නිලධාරීන් ද ඇලෝෂියස් බෑණාගේ සමාගම ද වරදකරුවන් කෙරිලා. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කරලා. එ ජා ප මන්ත්‍රීවරුන් නිර්දේශවලට එකඟ වන අතර පාද සටහන් එකතු කරලා. ඒ පාද සටහන් යනු පාද ඇදීම් හෙවත් කකුලෙන් ඇදීම් පමණයි. එයින් නිර්දේශවල සැර බාල වී ඇතැයි සිතන්න පුළුවන්.

වාර්තාව දකින්නෙ නැතිව නිශ්චිත ව යමක් කියන්න අමාරුයි. ඇතැමුන් කියන විධියට පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් කෙරී ඇත්තේ විගණකාධිපති වාර්තාවට එරෙහිව. ඒවා තාක්‍ෂණික යැයි එ ජා ප මන්ත්‍රීවරු කියනවා. විගණකාධිපති හෑල්ලු කෙරී ඇති බව කියන කතාවලින් තේරෙනවා. එතුමා බුදුහාමුදුරුවන් නොවන බව එ ජා ප මන්ත්‍රීවරයකුට මතක් වෙලා. ඉතා පැහැදිලිව යම් ගණුදෙනුවක් වාර්තාව සම්බන්ධයෙන් ද සිදුවෙලා තියෙනවා. බැංකු හොර ගණුදෙනුව තවත් ගණුදෙනුවකට මග පාදලා. අප අමතක නොකළ යුතු කරුණ නම් මේ ලංකාවේ සිදු වූ විශාලතම බැංකු මංකොල්ලය බව. ඒ කොල්ලය රටේ ජාතික දළ නිෂ්පාදිතයෙන් 25%ක් වෙනවලු

අර්ජූන් මහේන්ද්‍රන් සිංගප්පූරු රටවැසියෙක්. ඔහු සිංගප්පූරුවට ගිහිල්ලා. ඔහු ආවත් නැතත් ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ කාට ද? කවුරුන් විසින් ද? වාර්තාව පාර්ලිමේන්තුව විසින් කොයි ආකාරයකට පිළිගැනේවි ද? ඇලෝෂියස් බෑණා අදාළ සමාගමේ අධ්‍යක්‍ෂ කෙනෙක් නො වෙයිලු. විගණකාධිපතිට විරුද්ධව නඩු දැමීමට බැරි ද? අර පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් මත පදනම් වෙලා පාර්ලිමේන්තුව කෙසේ ක්‍රියා කරයි ද?

කෝප් වාර්තාව පාද සටහන් ඇතිව හෝ නැතිව හෝ ඇස්බැන්දුමක.් ඒ වාර්තාව ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලන එක ජනමාධ්‍යයට හොඳයි. තව තවත් පුවත් නිර්මාණය කරන්න එයින් ඉඩක් ලැබෙනවා. තව තවත් ටෙලිනාට්‍ය පුවත් වේශයෙන් අපට නරඹන්න පුළුවන්.  කොහොමත් වාර්තාවට අනුව මූලික වැරුද්ද කර ඇත්තේ රනිල්. ඔහු තමයි අර්ජුන් මහේන්ද්‍රන් පත් කෙළේ. කෝප් කමිටුව කියනවා නම් මහේන්ද්‍රන් වරදකරුවකු කියා ඔහු පත්කර දිගින් දිගට ම ඔහු ආරක්‍ෂා කිරීමට කටයුුතු කළ රනිල් ඉල්ලා අස්විය යුතුයි. මෙවැනි මංකොල්ලයක් කළා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් රනිල්ගේ විනිශ්චය වැරදි බව පෙනී යනවා. විනිශ්චය සම්බන්ධයෙන් එවැනි වරදක් කළ රනිල් ලංකාවේ අගමැති කමට කිසිසේත් ම සුදුසු නැහැ. අර්ජුන් හා බෑණා ගැන පරික්‍ෂණ කළ යුත්තේ රනිල් අගමැති ව සිටිය දී නොවෙයි. රනිල් අගමැති ලෙස අර්ජුන් මහේන්ද්‍රන්  ආරක්‍ෂා කර තිබෙනවා. ජනාධිපති රනිල්ට අස්වීමට බල කළ යුතුයි. නීතියෙන් ඉඩක් වේ නම් ඔහු අස්කළ යුතුයි.

අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුව හමුවට පැමිණ තමා එසේ කෙළේ අගමැතිගේ කීමට යැයි කී බව වාර්තා වුනා. ඒ ඇත්ත නම් ඉන් කියැවෙන්නේ රනිල් ප්‍රධාන වැරදිකරුවා බවයි. කෝප් වාර්තාවෙන් රනිල් ගැන කියැවෙන බවක් ආරංචි නැහැ. එසේ වන්නේ කෙසේ ද? මෙය යම් ගණුදෙනුවක ප්‍රතිඵලයක් ද? එ ජා ප මන්ත්‍රීවරුන් පාද සටහන් සහිතව නමුත් වාර්තාවට අත්සන් කෙළේ රනිල් නිදහස් කෙරුණු නිසා ද? පරමාධිපත්‍යය ඇත්තේ මහජනයාට නම් ඔවුන්ගේ නියෝජිතයන්ට ඔවුන්ගෙන් (ජනතාවගෙන්) කරුණු වසන් කිරීමට ඇති අයිතිය කුමක් ද?  ඒකාබද්ධ විපක්‍ෂය කෝප් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයාට, මන්ත්‍රීවරුන්ට මේ සියල්ල මහාජනයාට හෙළි කිරීමට හැකි විය යුතුයි. මෙය සෑඟවීම ඊනියා සදාචාරය නම් අපට සදාචාරයෙන් වැඩක් නැහැ. මෙයට කලින් මේ සම්බන්ධ වාර්තාවක් ඩිව් ගුණසේකර කෝප් කමිටුවෙ සභාපති කාලෙ ඉදිරිපත් වුනා. ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා 2015 ජූලි මාසයේ පමණ මා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. බොහෝ දෙනා ඒ ගැන දන්නෙ නැහැ. සුපුරුදු පරිදි ජනමාධ්‍ය එයට ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. ඒ පිළිබඳ නඩු තීන්දුව තවමත් නැහෑ!

මේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමට කියා කියනවා. මහා බැංකු කොල්ලයට වඩා දරුණු කොල්ලයක් මෙරට සිදු වී නැහැ. රනිල් ගැන විශේෂ පරීක්‍ෂණයක් අවශ්‍ය වෙනවා. ටික කලකට ඉහත ඔහුගේ නැන්දාගේ පුතා වන රජිව් විජේසිිංහ කියා සිටියේ ඇලෝෂියස් බෑණා කොල්ල මුදල්වලින් විශාල ප්‍රමාණයක් එ ජා ප මැතිවරණ අරමුදලට බැර කර බවයි. ඒ ප්‍රකාශය වෙනත් ප්‍රකාශ වගේ ම යට ගියා. ජනමාධ්‍ය එයට නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. අද සියල්ලන්ට ම පාහේ ඒ සිද්ධිය, එනම් රජිව් එසේ ප්‍රකාශ කළ බව අමතක වෙලා.

රාජපක්‍ෂලාට විරුද්ධව ඇති එක් චෝදනාවක් නම් මහජන මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම. රජිව් කලක් කෝප් කමිටුවේ සාමාජිකයකු වෙලා හිටියා. කෝප් කමිටුවට ඔහු කැඳවන්න බැහැ. එහෙත් ඔහුගේ ප්‍රකාශය ඉතා වැදගත්. රනිල් බැංකු කොල්ලයේ මුදල් එ ජා ප මැතිවරණ ව්‍යාපාරයට යෙදා ගත්තේ ද? බැංකු කොල්ලය කෙළේ ම 2015 අගොස්තු මැතිවරණය සඳහා එ ජා පක්‍ෂයට අරමුදල් සපයා ගැනීමට ද? අපට මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.


මේ ආණ්ඩුව පත් කෙළේ බටහිරයන් හා ඉන්දියාව වුවත් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂ බටහිරයන් හෝ ඉන්දියාව හෝ වෙනුවෙන් කටයුතු කළා. මහින්ද හොරා හොරා කියා වැඩියෙන් ම කෑ ගැසුවේ ඒ පක්‍ෂ. කෝප් කමිටු වාරාතාවක් ඉදිරිපත් කළ පමණින් ඔවුන්ගේ පවු සමා වන්නේ නැහැ. බැංකු කොල්ලයට සෘජුව නැතත් ඔවුන් වක්‍රව හවුල්. මෙි සියල්ල  කුඩා ළමුන්ගේ හොරා පොලිස් සෙල්ලමක් පමණක් ද?



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878



නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 29   

Friday 28 October 2016

ජී එස් පී +

ජී එස් පී +


ජී එස් පී + කියන්නෙ යුරෝපා සංගමයෙන් යම් රටවලට සපයන වැඩිපුර තීරුබදු සහන ආදිය. ජී එස් පී වගේ නොවෙයි ජී එස් පී+ දෙන්න  රටක් ඊනියා ජාත්‍යන්තර ප්‍රඥප්ති 27ක් අනුගමනය කරන්න ඕන. මේ ප්‍රඥප්ති අතර ඊනියා මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, පරිසරය, යහපාලනය ආදියට සම්බන්ධ කොන්දේසි තිබෙනවා. අගමැති පසුගිය දා බෙල්ජියමට ගියේ මේ වැඩිපුර සහන නැවතත් ලබාගන්න. ඒ සහන රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙ නවත්තලා තිබුණා.

Thursday 27 October 2016

මුසාලිමුන් සිංහල නොවීම

මුසාලිමුන් සිංහල නොවීම

මුස්ලිම් ජනයාගේවත් දෙමළ ජනයාගේවත් නිජභූමියක් ලංකාවේ නැහැ. ඒකෙන් කියන්නෙ මෙරට  මුස්ලිම් ජනයා හා දෙමළ ජනයා ලංකාවේ රටවැසියන් නොවන බව නො වෙයි. රටක රටවැසිබව කියන එක දැන් කාලෙ නෛතික කාරණයක්. රටවැසියන් වන දෙමවුපියන්ගෙ දරුවන් රටේ රටවැසියන් වෙනවා. තවත් සමහරු ලියාපදිංචියෙන් රටවැසිකම ලබනවා. මේ කවුරුත් වෙනසක් නැතිව රටේ රටවැසියන් වෙනවා. ඔවුන්ට පෞද්ගලිකව සමානව සැලකෙනවා. ඔවුන් නීතිය ඉදිරියේ සමානය කියන බොරුව මා කියන්නෙ නැහැ. මුදල් හදල් ඇති අයට බලයට ඇති අයට දක්‍ෂ නීතිඥයන් ලබාගැනීම ආදියෙන් යම් වාසියක් ලබාගන්න පුළුවන්. ඒත් රටවැසියන් ලෙස සාමාන්‍යයෙන් සමානකමක් තියෙනවා.

Wednesday 26 October 2016

බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ ඇයි ?

බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ ඇයි ?

පහත සඳහන් සබැඳියෙන් කියවන්න



https://youtu.be/ZjUkisf1GAM


අසමජ්ජාති ආණ්ඩුව


අසමජ්ජාති ආණ්ඩුව

පහුගිය ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියලා මෙරට පඬියන් කිවුව. සිංහල විරෝධී ජඩමාධ්‍යකරුවන් එහි දී ප්‍රධානත්වය ගත්ත. සිවල් සමාජය, ඊනියා මානව හිතවාදීන් ජඩමාධ්‍යකරුවන්ට හවුල් වුනා. ඒ ආණ්ඩුව අසමත් වුනෙ බටහිරයන්ගෙ ඇහින්. ඒ කියන්නෙ බටහිරයන්ට සාපේක්‍ෂව. අසමත් රාජ්‍ය කියන සංකල්පය හැදුවෙ අර ජඩමාධ්‍යකරුවන් සිවල්  සාමාජිකයන් නොවෙයි බටහිරයන්. බටහිරයන් හදන සංකල්ප ප්‍රචාරය කරන එක හැරෙන්න වෙන දෙයක් අර නොයෙකුත් වර්ගවල පඬියන්ට කරන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ටත් එහෙමමයි. එක එකා පිටකසා ගනිමින් ඔවුන් වැජඹෙනවා. බොරු පඬි කතා කියනවා. ජාතික මතවාදයක් එක්ක ඉන තරුණයන්ට කථිකාචාර්යකම් නොදීමට ඔවුන් වග බලාගන්නවා. මහා නවකතාකරුවන් ඊනියා පශ්චාත්නූතනවාදීන් හැටියට පෙනී හිටියට ඔය කියන පශ්චාත්නූතනවාදී නවකතාවක් කවුරුන් අතින්වත් ලියැවිලා නැහැ. නවකතාව ගැන කුන්දේරා කියන දේ මේ පඬියන්ට තේරෙන්නෙ නැහැ. ඔවුන් දන්නෙ ඔබාමා වෙනුවෙන් ප්‍රදර්ශන පවත්වන්න. ඔවුන් ලියන්නෙ ඊනියා සිනමා අධ්‍යක්‍ෂවරුන් චිත්‍රපටි හදන්නෙ සිංහල බෞද්ධ විරෝධී හිතළු මත. ඒවා අඩු තරමින් බොරු සමාජවිද්‍යාවක්වත් නොවෙයි.  පහුගිය ආණ්ඩුව පැරදුනෙ ඒක අසමත් හින්ද නොවෙයි. බටහිරයන් ඒක පැරුද්දෙවුවෙ ඔවුන් කියන විධියට ආණ්ඩුව වැඩ කෙළෙ නැති නිසා. සංකල්ප හදන්නෙත් නිර්ණායක හදන්නෙත් ඒ අනුව තීරණ ගන්නෙත් බටහිරයන්.

Tuesday 25 October 2016

කාලෝගේ ප්‍රශ්නය


කාලෝගේ ප්‍රශ්නය


කලකට පෙර කාලෝ ෆොන්සේකා ඇතුළු මෙරට ප්‍රාඥයන් ලෙස එකිනෙකා විසින් හඳුන්වාගනු ලබන්නන් මගෙන් බොළඳ ප්‍රශ්නයක් ඇහුවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් නම් මා ගුවන් යානයක යන්නේ කෙසේ දැයි ඔවුන් විමසා සිටියා. ගුවන් යානා ගමන් කරන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයක් නිසා නොවෙයි. ඒ රඳාපවතින්නේ යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය, තරල ගතිකය, වැනි ක්‍ෂෙත්‍රවල දැනුම මත. ගුරුත්වාකර්ෂණය නිසා සිදුවන්නේ ඇදවැටීම. ගුවන්යානා මේ ඇදවැටීමට විරුද්ධව බටහිර විද්‍යා අර්ථයෙන් බලයක් ජනිත කළ යුතුයි. ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් නම් ඇද වැටෙන්නේ කෙසේ ද කියා ඇහුවේ නම් ප්‍රශ්නයට වැදගත්කමක් ලැබෙනවා. ගුවන්යානය ඇද නොවැටෙන නිසා ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක්  යැයි කෙනකුට අනෙක් පැත්තට ද තර්ක කළ හැකියි.

Monday 24 October 2016

යුද්ධයෙන් බැරිනම්

යුද්ධයෙන් බැරිනම්


මා සිතාගෙන සිටියේ ඊයේ (ඔක්තෝම්බර් 23) මා ලියූ ලිපිය වැදගත් කියා. එය එසේ නොවන බව දැන් පැහැදිලියි. ඒ ලිපිය කිසිවකු බෙදාහදාගෙන (ෂෙයා කර) තිබුණේ නැහැ. මා ප්‍රතිචාර කියෙව්වේ නැතත් ලිපියට කැමැත්තක් දක්වන අය හා ලිපිය බෙදාහදා ගන්නා අය කවුරුන්දැයි සොයා බලනවා. මා සමග කිට්ටුවෙන් ම සිටින අය ලිපිවලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ලිපි කියවන බවක්වත් පේන්න නැහැ. ඔවුන්ට එතරම් ම වැඩ! කලක් ලිපිවලට කැමැත්තක් දැක්වූ අය දැන් එසේ කරන්නේ නැහැ. එහි යම් දේශපාලන කුහකකමක් මා දකිනවා. මා වැරදි වෙන්න පුළුවන්. මගේ ලිපිවල එන්න එන්න අලුතෙන් යමක් නැතිවා වෙන්න පුළුවන්.

Sunday 23 October 2016

මෙරට මුස්ලිම් නිජබිමක් නැහැ


මෙරට මුස්ලිම් නිජබිමක් නැහැ


දහහතරවැනි සියවසේ මලබාරයේ මලයාලම් වචන සහිත දෙමළ කතාකළ මුස්ලිමුන් මෙරටට පැමිණීමෙන් පසු බටහිර වෙරළ තීරුවේ පදිංචි වුනා. මෙරට මුස්ලිම් පල්ලිවල ඉතිහාසය වැඩි ඈතකට යන්නෙ නැහැ. අවුරුදු පන්සීයකට අඩුයි. මා කලින් කී පරිදි මුස්ලිමුන් ඔවුන්ගේ මලබාර ඉතිහාසය තමන්ට ආරෝපනය කරගත්තා. මුස්ලිමුන් තමන් ඇවිත් අවුරුදු එකසිය පනහකට විතර පස්සෙ පැමිණි පෘතුගීසීන්ගේ අඩත්තේට්ටම්වලට පහරදීම්වලට හසුවුනා. සෙනරත් ඇතුළු සිංහල රජවරු මුස්ලිමුන් රුහුණු රටේ (වත්මන් නැගෙනහිර පළාතේ) හා කඳුකරයේ පදිංචි කෙරුවා. මෙය අප හොඳින් තේරුම් ගත යුතුයි. මුස්ලිමුන් මේ රටේ රටවැසියන්. ඒ බව අප කවුරුත් පිළිගන්නවා. එහෙත් ඔවුන්ට ඊනියා නිජභූමියක් නැහැ.

Saturday 22 October 2016

ආධ්‍යාත්මික දැනුම


ආධ්‍යාත්මික දැනුම


මේ ලිපි කියවන අය අඩුම තරමෙන් මගේ ලෝකය පොත් පිංච කියවා ඇත්නම් හොඳයි. අවුරුදු තිහකට පසු එහි සඳහන් දේ නැවත කීමට මා කැමති නැහැ. ඒ පොත නිකුත් වෙන විට මුහුණු පොතේ ඇතැමුන් ඉපදිලාවත් නැතිව ඇති. මා ඇතැමුන්ගේ වයස මෙන් දෙගුණයකට වඩා වයස්ගතයි. සමහරවිට තුන්ගුණයක් වන්නත් පුළුවන්. මා ඔබේ මිතුරකු නො වෙයි. මුහුණු පොතේ මිතුරා කියන සංකල්පයට මා කැමති නැහැ. බටහිරයන්ගේ මෙවලම් යොදාගන්නා විට අප පරෙස්සම් විය යුතුයි. මින් පසු මිතුරන් වීමට ඉල්ලන අය ගැන වඩාත් සැලකිලිමත් වෙනවා.  ජනමාධ්‍යයෙන් ඈත් කර ඇති මට සමහර විට සමාජයීය මාධ්‍යයෙනුත් ඉවත්වන්න වේවි. ඒ ගැන මගේ කම්පාවක් නැහැ. මා ප්‍රාඥයකුවත් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. සමහරවිට චින්තකයකු වෙන්න පුළුවන්. ප්‍රබුද්ධයනට අනුව ලිංමැඩියකු වන්නත් පුළුවන්.

Friday 21 October 2016

මෛත්‍රිට මහින්ද සරණයි


මෛත්‍රිට මහින්ද සරණයි


කොහේ ද යන්නෙ කියා ඇසූ විට මගේ මිතුරකු පැවසුවේ වයසට කියායි. අප සියළු දෙනාම තරුණ, මහළු කවුරුත් වයසට යනවා. මහළු අයට එය වැඩියෙන් තේරෙනවා. මාත් මහළුයි. මගෙත් කාලෙ ගෙවිලා. බොහෝ දෙනකුට මැන්ටල් එකක් පමණයි. ජනමාධ්‍යයෙ හා ජාතික ව්‍යාපාරයෙ තැනක් දෙන්නෙ ම නැහැ. මුහුණු පොතේ ඉන්නෙ ඒකයි. මුහුණු පොතේ බොහෝ දෙනකු මට ඊයේ උපන්දින සුබපැතුම් එවා තිබුණා, ඒ සැමට පින්.  ජනමාධ්‍යයට ගෑවිච්ච කිසිවකු සුබ පතලා තිබුණෙ නැහැ. මුහුණු පොතේ බොහෝ දෙනකුගේ මුහුණු දකින්න ලැබෙන්නේ නැහැ. දැකලත් නැහැ. ඒකට කමක් නැහැ. මේ දිනවල උපන්, උපදින අයගේ රවි නීචයි. රවි ප්‍රධාන ග්‍රහය නිසා එහෙම වෙන එක එච්චර හොඳ නැහැ. පඬියකු කියාවි රවි ග්‍රහයකු නොව තාරකාවක් කියලා. ඒ ග්‍රහයා හා ග්‍රහවස්තුව කියන්නෙ දෙකම එකක් කියලා අරගෙන. පඬියන්ට වරදින්නෙ එහෙමයි. රාහු කේතුත් ග්‍රහයො. ඒවා අහසෙ දකින්න නැහැ. ඒත් රාහු හඳ වගේම ඉරත් ගිලගන්නවා. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඇති වන්නෙ එවිටයි. සිංහල අවුරුද්ද පොත කියෙවුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. රවි නීච වුනත් සමහරුන්ට නීච භංග රාජ යෝග යෙදෙනවා. වාසනාවකට මට එහෙම යෝගයක් නැහැ. තිබුණ නම් 2020 ජනාධිපති සිහින මවන්න තිබුණා!  

Thursday 20 October 2016

මෛත්‍රිපාල දේශපාලනය


මෛත්‍රිපාල දේශපාලනය


පහුගිය දොළොස්වැනි දා මෛත්‍රිපාල කරපු ප්‍රකාශය නිසා මේ ආණ්ඩුවේ අර්බුදය මතුපිටට ඇවිත්. රාජිත සේනාරත්න මේ ප්‍රකාශය අහලා නැත්නම් එදා රාත්‍රි අටේ දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයෙට සවන් දෙන්න පුළුවන්. රාජිත ආවේගීව ජනමාධ්‍යයට මොනවා කියන්න ලැහැස්ති වුනත් මෛත්‍රිපාල ඒකෙ ඉතා පැහැදිලිව කියනවා හිටපු ආරක්‍ෂක ලේකම් හා නාවික හමුදා නිලධාරීන් තුන්දෙනකු උසාවියට දක්කාගෙන යෑම ගැන තම අප්‍රසාදය පළකරන බව. අනෙක් නාලිකාවලත් කියන්න ඇති. මා නරඹන්නේ කෙතරම් අඩුපාඩු තිබුණත්, අපේ මතවාදවලට තැනක් නොදුන්නත්, දෙරණ පමණක් බැවින් අනෙක් ඒවා ගැන මට කියන්න බැහැ. ඒ වගේ ම එදා මෛත්‍රිපාල කිවුවා අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසම මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය, අපරාධ විමර්ෂණ කොට්ඨාසය වගේ ආයතන දේශපාලන අවශ්‍යතා  අනුව කටයුතු කරනවා නම් තමාට දේශපාලන තීන්දුවක් ගැනීතමට සිදුවන බව. මෙහි සඳහන් වචන ඒ ආකාරයෙන් ම යොදා ගත්ත ද කියල මට නිශ්චිතව කියන්න බැහැ. ඒත් අදහස එයයි. මෛත්‍රිපාල හිටපු ආරක්‍ෂක ලේකම් උසාවියට දක්කා ගෙන යෑම නම් පැහැදිලි ව ම කිවුවා. ඒත් පස්සෙ ඔහු සුපුරුදු විධියට රාජපක්‍ෂලව විවේචනය කළා. හිටපු ආරක්‍ෂක ලේකම් ගැන සඳහන කට බොරු කිවුවත් දිව බොරු නොකියන කතාවක් වෙන්න පුළුවන්.