Main Logo

Showing posts with label Marxism. Show all posts
Showing posts with label Marxism. Show all posts

Friday, 15 May 2020

මුහුදු මහා විහාරය හා පට්ටම පට්ටපල් බොරු

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






මුහුදු මහා විහාරය හා පට්ටම පට්ටපල් බොරු



මුහුදු මහා විහාරයේ ආරක්‍ෂාව සඳහා හමුදා අනූඛණ්ඩයක් පිහිටුවීමට තීරණය කරලා. ඒ මුහුදු මහා විහාරයට අක්කර තිහක් වෙන් කිරීමෙන් පසුව. ගෝඨාභය රාජපක්‍ෂ හා රනිල් වික්‍රමසිංහ හෝ ජේ ආර් ජයවර්ධන හෝ අතර වෙනසක් නොදකින පඬියන්ට වම්මුන්ට එය එතරම් ප්‍රශ්නයක් නොවනවා වෙන්න පුළුවන්. පිලිප් ගුණවර්ධන බොහෝ කලකට පෙර පුස් කෑ මාක්ස්වාදී පොත් ගැන කිව්වා. මාක්ස්වාදය ඉපදුණේ ම මැරිලා. එය මළ දරු උපතක්. පඬියන්ට වම්මුන්ට ඇත්තේ මාක්ස්වාදය පශ්චාත් මාක්ස්වාදය වැනි පට්ටම පට්ටපල් බොරු ටිකක් පමණයි. 

Saturday, 18 January 2020

සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ

 සිංහල ලිත් ඉලක්කම්


සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ



අප සඟ ගණ යනුවෙන් ඇතැම් විට කියනවා. ඇතැම් ජාතිකවාදීන් යැයි කියන්නන් කිසිම ශ්‍රද්ධාවක් නැතිව ගණගෙඩියා යනුවෙන් කිවුවත් අප සඟ ගණ යන්න යොදා ගන්නේ ගෞරවයෙන්. මේ වචන දෙකෙන් ම කියැවෙන්නේ එකතුවක්, සංගමයක්, සමූහයක් ආදියයි. භික්‍ෂූන් වහන්සේ, සඟ ගණ ලෙස හැඳින්වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය ලෝකයට ගෙන යන පිරිසක්. උන්වහන්සේලා බුද්ධ පුත්‍රයන් ලෙසත් හැඳින්වෙනවා. සඟ ගණ යන්න එක ම අර්ථය දෙණ වචන යුගලයක්. අප එය යුගලයක් වශයෙන් ව්‍යව හාර කරන්නේත් ගෞරවයට. එහෙත් සඟ ගණ යන්නෙහි තවත් අර්ථ තිබෙනවා.

Friday, 3 January 2020

විජේදාස හා ජ වි පෙ

  සිංහල ලිත් ඉලක්කම්


විජේදාස හා ජ වි පෙ



විජේදාස රාජපක්‍ෂ ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් කරලා. මට ප්‍රශ්නයක් වන්නේ එහි අඩංගු කරුණු නො වෙයි. ජ වි පෙරමුණට නම් ඒ කරුණු ප්‍රශ්නයක් වෙලා. විජිත හේරත් කියනවා ඒ ගෝත්‍රවාදී කියා. අපි ඒ ගැන ටිකක් කතා කරන්න ඕන. විජේදාස රාජපක්‍ෂ වගේ ම යටත්විජිත හේරත්, නැහැ විජිත හේරත් ද පඬිවරු. ජ වි පෙරමුණට නම් සළු වීමට 12.5% නොවෙයි 5%ත් ලොකු ගාණක්. ඒක 2%ටවත් අඩු කරන්න පුළුවන් නම් ජ වි පෙරමුණට හොඳයි. එතකොට අර සුපිරි මාක්ස්වාදී පෙරටුගාමීන්ට යහපතක් වෙන්න නම් ඒක 0.02%ටවත් අඩු කරන්න වෙයි. ජ වි පෙ සම්භවයක් තියෙන අය අද මොන පක්‍ෂයෙ හිටියත් මොන සංවිධානයෙ හිටියත් ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නෙ අතිභයානක දේ හැටියට මුහුණු වෙනස් කරගෙන ඇස් උඩ තියාගෙන. මට හැම තිස්සෙ ම මතක් වෙන්නෙ අවුරුදු පනහකට පමණ ඉස්සර විජේවීර බේරුවල පැත්තෙ ගොඩනගමින් තිබූ හෝටලයක් ඇමරිකන් කඳවුරක් ලෙස හැඳින්වීම.

Thursday, 21 November 2019

අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය


         සිංහල ලිත් ඉලක්කම්




අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය


දේශපාලනඥයකු ව නොසිටි ගෝඨාභය දේශපාලනඥයකු විය යුතු නැහැ. ඔහුට තමන්ට සුපුරුදු ආකාරයට කටයුතු කිරීමට ඉඩ දෙන්න ඕන. ඔහු රාජ්‍ය පාලකයකු, නැත්නම් මෙරට සම්ප්‍රදාය අනුව රාජ්‍යයේ භාරකාරයා විය යුතුයි. නීතිය නැවීම, නීතිය කැඩීම ආදිය ඔහුගෙන් බලාපොරොත්තු නොවිය යුතු ය. එහෙත් දේශපාලනඥයන් වැඩ කරන්නේ වෙනත් අයුරකින්. එබැවින්  දේශපාලනඥයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කිරීමට සිදු වී තියෙනවා. අද නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිතයි. එය පහළොස් දෙනකුට සීමා වීමට යන බවට ආරංචි පැතිරෙනවා. එය සුබ නිමිත්තක්. ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකයා. ඔහු සංධානයට ගරු කරාවි.

Sunday, 10 November 2019

නොනවතින පිමි

       සිංහල ලිත් ඉලක්කම් 


නොනවතින පිමි




බොහොම කාලෙකට ඉස්සර මා මාක්ස්වාදියකු ව ඉන්න කාලෙ ආසාවෙන් කියෙව්ව පොතක් වුණෙ ට්‍රොට්ස්කිගෙ නොනවතින විප්ලවය (Permanent Revolution). ජ වි පෙ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂයක් වෙලා නැහැ. ඒ පක්‍ෂය බිහිවුණෙ මාම්වාදී තිඹිරි ගෙයක. ඒ මොකක් වුණත් ජ වි පෙ විප්ලවවාදී පක්‍ෂයක් හැටියට තමයි හැඳින්වෙන්නෙ. ජ වි පෙ පහුගිය අවුරුදු පනහක කාලයක දෙවතාවක් ම විප්ලවය කරන්න හදපු පක්‍ෂයක්.  පොලීසිවලට ගහල විප්ලවය කරන්න පුළුවන් කියල හිතපු නායකයකුගෙ පක්‍ෂයක්. තරුණයන් දසදහස් ගණනක් විප්ලවය වෙනුවෙන් බිලි දුන් පක්‍ෂයක්. හෙට අනිද්දා ඔවුන් ඒ තරුණයන් සමරාවි. පළමුව මරාවි දෙවනුව සමරාවි.

Monday, 26 August 2019

තිස්ස විතාරණ හා ගෝඨාභය

             සිංහල ලිත් ඉලක්කම්


තිස්ස විතාරණ හා ගෝඨාභය



ගෝඨාභය ජනාධිපතිධුර අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කෙරුණේ මහා සංඝයා වහන්සේ හා ජනතාව විසින් මිස පොහොට්ටුවෙන්වත් මෙරට මාක්ස්වාදී පක්‍ෂවලින්වත් නො වේ. ඒ පක්‍ෂ මුල දී ගෝඨාභයට කැමැත්තක් දැක්වූයේ නැහැ.  එහෙත් අද ඒ පක්‍ෂ ඔහු වටා රොක් වෙලා.  ඔහු ක්‍රමයෙන් පොහොට්ටුවේ සිරකරුවකු බවට පත්වෙමින් ඉන්නවා. මෙය ඉතා කණගාටුදායක තත්වයක්. එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මහින්ද රාජපක්‍ෂ පැවසුවේ ගෝඨාභය තමාගේ තීරණය නොව ජනතාවගේ තීරණය බව ය. එහෙත් මේ සති දෙකට ජනතාව ඉන්නේ කොහේ ද?

Wednesday, 31 July 2019

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද 




ලෝක මුස්ලිම් සම්මේලනයේ නායකයා මල්වතු මහානාහිමියන්ට අතට අත දෙන්න ගිහින් ඊට පස්සේ නාහිමියන්ගේ අසුනෙහි ම වාඩිවෙන්න හදලා. ඒක මෙරටට එන බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙ නායකයන් නොකරන වැඩක්. මෙරට මුස්ලිම් නායකයන් ලෝක නායකයාට මෙරට සිරිත් විරිත් කියා දුන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගෙ සිංහල බෞද්ධ සංස්කෘතියට සතපහක ගෞරවයක් නැද්ද? මල්වතු මහානාහිමියන්ට අපේ ප්‍රණාමය පිරිනමන්න ඕන මුස්ලිම් ලෝක නායකයා නියමිත තැන තිබීම ගැන.

Sunday, 28 October 2018

රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව


රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව

                                        



මා මේ ලිපිය ලියන්නේ කරුණු කිහිපයක් පැහැදිලි කිරීම සඳහායි. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු යැයි අවුරුදු තුනකටත් පෙර මා කීවේ ඔහුගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හා පොදුවේ සිංහලයන්ට වන අසාධාරණ වැළැක්වීමටයි. එ ජා පෙරමුණ හා මෛත්‍රිපාලගේ එ ජ නි සංධානය එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති මත පදනම් වූ පක්‍ෂ. ඒ පක්‍ෂ නව ලිබරල්වාදයේ පක්‍ෂ බව හා අවශ්‍ය වන්නේ ඊනියා ක්‍රමය වෙනස් කිරීම වැනි කිසි දිනෙක වලංගු නොවූ කසිකබල් මාක්ස්වාදී බහුබූත කීමෙන් කිසි පලක් නැහැ. ඔය කියන ක්‍රමය වෙනස් කිරීම හැමදාමත් කිය කිය ඉන්න පුළුවන් දෙයක් පමණයි. එයත් බාලගිරි දෝෂය වගෙයි.

Saturday, 6 October 2018

තා නොවන තෝ


තා නොවන තෝ



තමන් මහා පඬියන් යැයි සිතාගෙන සිටින බොහෝ අයට මූලික තර්ක ඥානයවත් නැති බව මා අත් දැකීමෙන් දන්නා දෙයක්. ඔවුන් සුරංගනා ලෝකවල ඉන්නෙ. මෙරට පුහු වීරයන් වෙන්න තියෙන හොඳ ම විධිය තමයි සුරංගනා කතා කියන එක. බුදුහාමුදුරුවො සුරංගනා කතා කිව්වෙ නැහැ. මේ ලෝකයේ ඇති නැති පරතරය නැති කිරීම වගේ පුහු කතා උන්වහන්සේගේ දේශනාවල ඇතුළත් වුනේ නැහැ. ඇති නැති පරතරය ලෝකයේ හැමදාමත් තියේවි. මා දන්නා අන්දමට බොහෝ දෙනා ඊනියා සමාජවාදයක් ගැන කතා කරල තියෙනවා. ඒ සමාජවාද මනෝරාජික සමාජවාද ලෙසයි මාක්ස්වාදීන් සැලකුවේ. ඒවා හොඳ සුරංගනා කතා හැටියටයි සැලකුණෙ.

Saturday, 27 January 2018

මේ විද්වත් අරුමයක් ද?


මේ විද්වත් අරුමයක් ද?


මහරගම දි ජාතික තරුණ සේවා සභා  ශ්‍රවණාගාරයෙ දී විද්වතුන් හම්බවෙලා. ඔවුන් තමන්ගේ ම සංවිධානයක් හදා ගෙන නො වෙයි. ඒ අයට එහෙම ශක්තියක් නැහැ. ශාලාව පිරෙන්න සෙනග හිටියා. ඒ අය  විද්වතුන් ද හුදී ජනයා ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැහැදිලි කාරණයක් තිබුණා. ඔවුන් පැමිණ සිටියේ මිනීමරුවන් වෙනුවෙන්. ඒ රැස්වීම මිනීමරු පක්‍ෂයක් විසින් සංවිධානය කරන ලද එකක් බවත් පැහැදිලියි. විද්වතුන් ද පැමිණ සිටියේ මිනීමරුවන් වෙනුවෙන්.

Friday, 3 February 2017

කලින් පැමිණියේ සිංහලයන් ද  දෙමළ ජනයා ද


කලින් පැමිණියේ සිංහලයන් ද  දෙමළ ජනයා ද



අවුරුදු හතළිස් හතකට පමණ පෙර සසෙක්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ පශ්චාත් උපාධිය සඳහා කටයුතු කරද්දී එහි සිටි තවත් පශ්චාත් උපාධි ශිෂ්‍යයකු වූ ජෝන් වීලර් මගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ඔහු වාමාංශික අදහස් දැරුවෙක්. මා ඒ දිනවල බිරිතානි කම්කරු පක්‍ෂයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ශාඛාවේ වැඩවලටත් සහභාගි වූවා. ඒ ශාඛාවේ දේශපාලනය මෙහෙයවනු ලැබුයේ ඊනියා හතරවැනි ජාත්‍යන්තරයේ ටෙඩ් ග්‍රාන්ට්ගේ අනුගාමිකයකු වූ ඇලන් වුඩ්ස් විසින්. ජෝන්ටත් ඇලන් ඇතුලු සසෙක්ස්හි ඇතැම් කම්කරු පක්‍ෂ ක්‍රියාකාරීන්ටත් තිබූ ප්‍රශ්නයක් වූයේ ලංකාවට වඩාත් සමීප වූ වත්මන් තමිල්නාඩුවේ සිට දෙමළ ජනයා පැමීණීමට පෙර ඈතින් වූ බෙංගාලයේ සිට සිංහලයන් පැමිණියේ කෙසේ ද යන්නයි. ජෝන් පසු කලෙක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු ලෙස සේවයට ගියා. අවාසනාවකට ඔහු අකාලයේ මිය ගියා. ඇලන් වෙනිසියුලාවේ වාමාංශික චාවේස් ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වූවා. ටෙඩ් ග්‍රාන්ට් නව සමසමාජ පක්‍ෂයේ සම්මේලනයකට පැමිණ වීසා කාලය ද ඉක්මවා ටික දිනක් අපේ ගෙදර රැඳී සිටියා. මා මේ සියල්ල සඳහන් කෙළේ මගේ මාක්ස්වාදී අතීතයත් සාමාන්‍යයෙන් වාමාංශිකයන් සිතන ආකාරයත් ගැන කීමටයි.

Tuesday, 13 December 2016

වරායේ නත්තල් ගහ

වරායේ නත්තල් ගහ

මේ නත්තල් ගස හැරෙන්න තවත් නත්තල් ගස් තිබේ දැයි කාදිනල්තුමා ඇසූ බවක් සඳහන් වන්නේ නැහැ. කොළඹ වරායේ සේවකයන් කිහිප දෙනකු ඉදිකරන නත්තල් ගසේ වැඩ නැවතත් අරඹලා. ඒ සේවකයන්ගෙන් වැඩි දෙනකු බෞද්ධලු. අද බෞද්ධයන් කිහිප දෙනකු කතෝලික ආගමට සම්බන්ධ චිත්‍රපටියක් ඇසුරෙන් සිංහලෙන් චිත්‍රපටියක් නිපදවලා. ඒ ගැන  බුදුදහම හා කාලාම සූත්‍රය ගැන වැරදි අර්ථකථන දෙන කතෝලික සම්භවයක් ඇති ඊනියා ප්‍රාඥයකු තම සතුට පළ කරලා. මෙරට බෞද්ධයන් සමහරකු බෞද්ධයන්ට වඩා හොඳ කතෝලිකයන් වෙන්න පුළුවන්.

Thursday, 8 December 2016

ප්‍රජාතන්ත්‍රවදය

ප්‍රජාතන්ත්‍රවදය

පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ. ඒ අතර අද වන විට පළාත් පාලන ආයතන රාශියක මහජන නියෝජිතයන් කියන අය නැහැ. මහජන නියෝජිතයන් මහජනතාව විසින් පත්කෙරෙන අය බව සැබැයි. ඒත් ඔවුන් මහජන නියෝජිතයන් ද යන්න ප්‍රශ්නයක්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය බොරුවක් බව අප කියන්නේ අද ඊයේ නොවේ. අවුරුදු විසිපහකට වැඩි කාලයක් අප ඒ බව කියා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහජනයාගේ අදහස් ප්‍රකාශ වන්නේ නැහැ. එහි ප්‍රකාශ වන්නේ දේශපාලන පක්‍ෂවල අදහස් පමණයි. දේශපාලන පක්‍ෂවල අදහස් කියන්නේ ඒ පක්‍ෂවල නායකයන්ගෙ අදහස්.

Sunday, 27 November 2016

ෆිඩෙල් කස්ත්‍රෝ

ෆිඩෙල් කස්ත්‍රෝ


ෆිඩෙල් කස්ත්‍රෝ මිය ගිහින්. ඔහු ගැන කෙටි සටහනක් ලියන්න හිතුනෙ ඔහු සැබවින් ම යුග පුරුෂයෙක් නිසා. මා කියන්ෙැන් නැහැ ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු කියලා. ඔහු කියුබාවට අති මහත් ශක්තියක් ගෙන දුන්න අයෙකු වුනා. ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු නොවුනත් ඔහුගෙන් ලෝකයට ඉගෙන ගන්න පුළුවන් පාඩම් රාශියක් තිබුණා. ඔහු චේ ගෙවාරා මෙන් නොව පොළොවෙ පය ගහ ගෙන හිටපු අයකු වූවා. චේ ගෙවාරාගේ කැප කිරීම ප්‍රතිඵලයක් ගෙන දුන්නෙ කියුබාවෙ දි විතරයි. ඒ කස්ත්‍රෝගේ නායකත්වය නිසා. අනෙක් රටවල දී ඔහුට දර්ශනයක් දීමට නායකයකු හිටියෙ නැහැ.

Monday, 3 October 2016

ජාත්‍යන්තරවාදයේ මළගම හා මෙරට මාක්ස්වාදීන්


ජාත්‍යන්තරවාදයේ මළගම හා මෙරට මාක්ස්වාදීන්


නුතනත්වය අද ජාත්‍යන්තරවාදයෙන් මිදෙමින් පවතිනවා. අර පශ්චාත්නූතනත්වය යන්න ඇතැම් බටහිර පඬියන්ගේ හිත්වල ඇතිවුණු භ්‍රාන්තියක් පමණයි. නූතනත්වය ආරම්භ වුනේ පහළොස්වැනි සියවසේ අග ඉතාලියේ. එහි ආරම්භය කතෝලික චින්තනයෙන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට මාරුවුණු චින්තන විප්ලවය සමග බැඳී තිබෙනවා. එහි ප්‍රධාන කරුණක් වූයේ සාමූහිකත්වයෙන් පුද්ගලිකත්වයට මාරුවීම. තවත් කරුණක් වූයේ වියුක්ත චින්තනය. ධනවාදය මෙන් ම බටහිර විද්‍යාව ද බිහිවුණේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි. ලෝකය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසුන් වෙනුවෙන් බව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මෙන් ම කතෝලික චින්තනයෙහි ද පිළිගැනෙනවා. ඒ නිසා එය ධනවාදයටත් මාක්ස්වාදී සමාජවාදයටත් පොදුයි.

Thursday, 18 August 2016

මාලබේට කළ යුත්ත

මාලබේට කළ යුත්ත

ඇතැමුන් පෞද්ගලික වෛද්‍ය උසස් අධ්‍යාපනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි ද කියන එකට  පිළිතුරක්  නැහැ. ඒ හැඟීමෙන් පමණක් කරන දෙයක්. හැඟීම් සංස්කෘතිය මත ද ඇති වෙනවා. සිංහල බෞද්ධයකුට සතකු මැරීමක් ගැන ඇති වන හැඟීම මුස්ලිම් භක්තියකුට ඇතිවන හැඟීමට වඩා වෙනස්. ඒත් සිංහල බෞද්ධයන් ද අද මසුන් මැරීමේ යෙදෙනවා. දෙමළ ජනයාට සිංහලයන්ට විරුද්ධව හැඟීමක් ඇති කර තිබෙන්නේ දෙමළ වෙල්ලාල ප්‍රභූන්. එය ක්‍රිස්තියානි පසුබිමක් ඇති වෙල්ලාල ප්‍රභූන් විසින් ඇතිකරන ලද්දක්. එය විශේෂයෙන් ම ඇති කෙළේ ඇංග්ලිකන් ක්‍රිස්තියානියේ දකුණු ඉන්දීය පල්ලියක බැතිමතකු වූ චෙල්වනායගම් විසින්. වෙල්ලාල ප්‍රභූන්ට ඒ හැඟීම ඇතිකෙළේ ලන්දේසීන් හා පසුව ඉංගිරිසින්. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නයට ප්‍රභූන්ටවත් සාමාන්‍ය දෙමළ ජනයාටවත් පිළිතුරක් දෙන්න බැහැ. ඒත් ඔවුන් ඉංගිරිසින්, දැන් බටහිරයන් හා ඉන්දියාව, විසින් සිංහලයන්ට විරුද්ධව මෙහෙයවෙනවා. 

Monday, 15 August 2016

මේ සිංහල අපගෙ රටයි

   මේ සිංහල අපගෙ  රටයි


‍ මාලබේ ප්‍රශ්නයට අපි පස්සෙ එමු. අඩු තරමෙන් තර්ක කරන්නවත් ඉගෙන ගන්න පුළුවන් වේවි. මේ හැම ලිපියක ම තර්ක කරන්න ඉගැන්වෙනවා. ඒත් අපට යම් මතයක් ගැන කියන විට ඒ සියල්ල අමතක වෙනවා. ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු. නන්දා මාලිනී මේ රටේ ඉන්න ප්‍රබුද්ධ ගායිකාවක් ලෙසයි සැලකෙන්නෙ. ප්‍රබුද්ධ කියලා කියන්නෙ ප්‍රබුද්ධයන් ඒ වචනෙ පාවිච්චි කරන අර්ථයෙන්. එහෙම කිව්වම කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. මට වෙලාවකට හිතෙනවා ප්‍රබුද්ධ කියන එක බුද්ධ කියන එකට වඩා ඉහළ ද කියලත්. අපි ඒක පැත්තකින් තියමු. කොහොමත් මා නම් ප්‍රබුද්ධ නැහැ. ඇයි කියලා ඕනම මාක්ස්වාදියකුගෙන් අහන්න.
නන්දා මාලිනී කාලෙකට ඉස්සර මේ සිංහල අපගෙ රටයි කියලා ගීයක් ගැයුවා. එයට ඉතාමත් ප්‍රබුද්ධයකු වූ සුචරිත සුපිරි ට්‍රොට්ස්කිවාදී ගම්ලත් සහෝදරයා විරුද්ධ වුනා. ඔහුත් සිංහල මහාචාර්යවරියක වූ පියසීලී විජේගුණසිංහ සහෝදරියත් අතරෙ සාහිත්‍ය විචාරය ගැන නොමියෙන වාදයක් ඒ දවස්වල තිබුණා. දැන් දෙදෙනාම මියගිහින් වාදයත් මියගිහින්. ගම්ලත් ඒ ගීතය සිංහල ස්වෝත්තමවාදී කියලා දෙන්නම් බැටේ විචාරයක් කළා. ප්‍රබුද්ධ නන්දා ගීය ගායනා කිරීම නැවැත්තුවා. මා දන්නෑ දැන් ගායනා කරනවාද කියලා. ගම්ලත් මියගියාට තවත් අතිප්‍රබුද්ධයන් මේ රටේ ඉන්නවා. මට මේ ගීතය මතක් වුනේ ළඟදි කියවපු ලිපියක් නිසා. ඒ ලිපිය මෙරට දෙමළ ජාතිවාදය විකාශය ගැන ලියපු එකක් නොවෙයි. ඒත් ඒකෙන් කියැවුනෙ රනිල්ගෙ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ, ලක්‍ෂමන් වික්‍රමසිංහ ඇංග්ලිකන් බිෂොප්ගෙ සහෝදරයා, කලක් ලේක්හවුස් අධිපතියා, රාජ්‍ය භාෂා පනත විකෘත කරලා ප්‍රචාරය කරපු අන්දම. රාජ්‍ය භාෂා පනතෙන් කියැවුනෙ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බව. එස්මන්ඩ් වික්‍රමසිංහ ඒක ප්‍රචාරය කෙළෙ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරපු විධියට.
සිංහල රාජ්‍ය භාෂාව කියන එකේ හා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. 1815න් පස්සෙ රටේ රාජ්‍ය භාෂාව වුනේ ඉංගිරිසි. ඊට ඉස්සර සිංහල. දැන් පඬියකු අහන්න බැරි නැහැ ඒ කාලෙ රාජ්‍ය භාෂා පනතක් තිබුණ ද කියලා. නැහැ ඒ දවස්වල පනත් තිබුණෙ නැහැ. රටේ වැඩ කෙරුනෙ සිංහල සිරිතට අනුව. ඒවා බලා කියා ගන්න සිරිත් ලේනා කියලා කෙනෙක් හිටියා. කාට හරි ඕන නම් එයාට නීතිපති කියන්න පුළුවන්. රාජ්‍ය භාෂාව කියන සංකල්පය නැතිවුවත් ඒ කාලෙත් රජයට වැඩ කරන්න භාෂාවක් තිබුණා. ඒ සිංහල. යාපනේ ආර්ය චක්‍රවර්තිලාත් වැඩ කෙළේ සිංහල බස මුල් තැනේ තියලා. 1566 පෘතුගීසින් හා ආර්ය චක්‍රවර්ති රජු අතර ගිවිසුම කෙටුම්පත් කරලා තිබුනෙ සිංහලෙන් හා පෘතුගීසි භාෂාවෙන්. ඒකෙ දෙමළ තිබුණෙ නැහැ. යාපනයේත් සෙල්ලිපි තියෙන්නෙ සිංහලෙන්. එංගලන්තෙ තාමත් රාජ්‍ය භාෂා පනතක් නැහැ. ඒත් රාජ්‍ය භාෂාව ඉංගිරිසි. ඇමරිකාව ස්පාඤ්ඤ භාෂාවට බයේ ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කරල අවුරුුදු දහයක් විතර ඇති. ඒත් කෙනඩිත් වැඩ කෙළේ ඉංගිරිසියෙන්, ඇමරිකන් ඉංගිරිසියෙන්.
රාජ්‍ය භාෂාව 1815 දි සිංහලෙන් ඉංගිරිසියට මාරු වුනා. ඒකටත් බ්‍රවුන්රිග් පනතක් ගෙනාවෙ නැහැ. ඒත් 1931න් පස්සෙ ඒ වගේ වැඩට පනත් ඕන කියලා සුද්දන් කියලා තිබුණා. ඒ අනුව සිංහල නැවතත් රාජ්‍ය භාෂාව කරන්න පනතක් ඕන වුනා. 1956 රාජ්‍ය භාෂා පනත ගෙනාවෙ ඒකට. එතන දි දෙමළ රාජ්‍ය භාෂාව කරන්න කිසිම වුවමනාවක් තිබුණෙ නැහැ. ඓතිහාසික වශයෙන්වත්, ජනගහනය අනුවවත් එහෙම අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. එස්මන්ඩ් වික්‍රමසිංහගෙ සිංහල පමණක් කියන කතාවෙන් සිද්ධ වුනේ දෙමළත් රාජ්‍ය භාෂාව කරන්න ඕන නමුත් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළා කියලා ප්‍රචාරය වීූම. දෙමළ ජාතිවාදයට ඒ වන විටත් අවුරුදු සිය ගණනක්. එස්මන්ඩ් දෙමළ ජාතිවාදී ගින්නට පිදුරු දැම්මා. රටේ භාෂා දෙකක් තිබුණට එක භාෂාවටයි රාජ්‍ය භාෂාව වෙන්න සුදුසුකම තිබුණෙ. එස්මන්ඩ් එක පෑන් පහරින් ඒ සුදුසුකම දෙමළටත් දුන්න.
මේ සිංහල අපගෙ රට කිවුවම ඒකෙ තියෙන්නෙ වෙන අර්ථයක්. සිංහල පිළිබඳ මහාචාර්ය වෙලා හිටිය ගම්ලත්ට තේරෙන්න ඕන ඒකෙන් මේ සිංහල අපගෙ පමණක් රට කියලා කිවුවෙ නැති බව. නන්දාට තවත් සිංහල මහාචාර්ය කෙනකු වූ සුනිල් ආරියරත්නගෙන් ඒ බව අහගන්න තිබුණා. සුනිලුත් සරුංගල් ඇරපු අයෙක්. සිංහලයන්ට මේ සිංහල අපගෙ රටයි කියලා කියන්න බැරි මොක ද? ඒකෙන් කියැවෙන්නෙ නැහැ මේ රට දෙමළ රටවැසියන්ගෙ රට නොවන බව. ව්‍යංගයෙන්වත් කියැවෙන්නෙ නැහැ එහෙම එකක්. හැබැයි සිංහලයන්ට වෙන රටක් නැති බව නම් කියැවෙනවා. නන්දා ගයන්නෙ නැත්තන් ඉන්දිකා උපමාලි ගයන ගීතයවත් අහලා ඒ පිළිබඳ නිගමනයකට එන්න.
සිංහල රාජ්‍ය භාෂාව කෙරුවෙ ඉංගිරිසිය පන්නන්න. බණ්ඩාරනායක මහත්තයා දෙමළට නිසි තැන දෙන පනතකුත් ගෙන ආවා. මේ සිංහල අපගෙ රටයි කිවුවෙ රටේ වරුණෙ කියන්නයි අප ඉපදෙන මැරෙන රට මේක බව කියන්නයි. එත් සිංහල විරෝධීන් ඒවට වෙනම අර්ථකථන දුන්න. එස්මන්ඩ් සිංහල භාෂාවට විරුද්ධව දෙමළ ජනයා උසිගැන්නුව. ගම්ලත්ට ඒක කරන්න බැරිවුනා. සිංහල දෙමළ කෝළාහලවලට එස්මන්ඩ්ු වග කියන්න ඕන. 1983 ජූලි කලබලවලට ජේ ආර් හා එ ජා ප වග කියන්න ඕන. එස්මන්ඩ් හා ජේ ආර් අවසන් වශයෙන් කෙරුවෙ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජනයාට ආයුධ සැපයීම. අද රනිල් එයත් කරන අතර එයටත් වඩා දුර ගිහින් රට සිංහලයන්ට අහිමි කිරීමට සැරසෙනවා.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.
 https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 අගෝස්තු 15

Monday, 2 May 2016

නව සංවිධානයක් පිහිටුවීමට විරුද්ධ කවුද

නව සංවිධානයක් පිහිටුවීමට විරුද්ධ කවුද

මැයි දිනය කම්කරු දිනය නොවන බව නැවතත් පැහැදිලි කරමින් රනිල් වික්‍රමසිංහ ද තවත් මැයි දිනයක් පැවැත්වී ය. රණසිංහ ප්‍රේමදාස මරා දමනු ලැබුයේ ද එ ජා ප මැයි දින පෙළපාලියක දී ය. මෛත්‍රිපාල ගාලු යෑමට පෙර ප්‍රේමදාස සමරු උත්සවයකට ද සහභාගි විය.  දේශපාලන පක්‍ෂවල බලය උරගාන සංදර්ශනයක් වූ මැයි දිනයේ දී වාර්තාවන ආකාරයට මෙවර ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. මෛත්‍රිපාලගේ මැයි දිනයට සහභාගි වූයේ ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත් අය පමණ ද යන ප්‍රශ්නය පැන නැගී ඇත. 

Wednesday, 20 April 2016

මහින්දට අන් මගක් නැත

මහින්දට අන් මගක් නැත

කිරුළපන  රැළිය හුදෙක් කම්කරුවන්ගේ මැයි දින රැළියක් නො වේ. මැයි දිනය ඇරඹී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. එය කම්කරුවන්ගේ දිනයක් මිස ඊනියා කම්කරු පංතියේ දිනයක් ලෙස ඇමරිකාවේ ඇරඹීී නැත. මැයි දිනය ඊනියා කම්කරු පංතියක දිනයක් ලෙස සමරනු ලැබුයේ මාක්ස්වාදී පක්‍ෂ විසිනි. බටහිර ඇතැම් රටවල කම්කරුවන් මැයි දින රැළි පවත්වන අතර කම්කරු පංති පක්‍ෂ කුඩා ශාලාවක කම්කරු පංති මැයි දින සමරනු දැකිය හැකි ය. කම්කරුවන් සිටි පමණින් කම්කරු පංතියක් තිබිය නොහැකි බව කාල් මාක්ස් තේරුම් ගත්තේ නම් ඊනියා පංති සටන් නමින් බොහෝ දෙනා නොමියනු ඇත. ලංකාවේ ද 1971 හා 1989 –- 1992 අතර ජීවිත ගණනාවක් විනාශ නොවීමට තිබිණි.