Main Logo

Showing posts with label Wijedasa. Show all posts
Showing posts with label Wijedasa. Show all posts

Friday, 3 January 2020

විජේදාස හා ජ වි පෙ

  සිංහල ලිත් ඉලක්කම්


විජේදාස හා ජ වි පෙ



විජේදාස රාජපක්‍ෂ ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් කරලා. මට ප්‍රශ්නයක් වන්නේ එහි අඩංගු කරුණු නො වෙයි. ජ වි පෙරමුණට නම් ඒ කරුණු ප්‍රශ්නයක් වෙලා. විජිත හේරත් කියනවා ඒ ගෝත්‍රවාදී කියා. අපි ඒ ගැන ටිකක් කතා කරන්න ඕන. විජේදාස රාජපක්‍ෂ වගේ ම යටත්විජිත හේරත්, නැහැ විජිත හේරත් ද පඬිවරු. ජ වි පෙරමුණට නම් සළු වීමට 12.5% නොවෙයි 5%ත් ලොකු ගාණක්. ඒක 2%ටවත් අඩු කරන්න පුළුවන් නම් ජ වි පෙරමුණට හොඳයි. එතකොට අර සුපිරි මාක්ස්වාදී පෙරටුගාමීන්ට යහපතක් වෙන්න නම් ඒක 0.02%ටවත් අඩු කරන්න වෙයි. ජ වි පෙ සම්භවයක් තියෙන අය අද මොන පක්‍ෂයෙ හිටියත් මොන සංවිධානයෙ හිටියත් ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නෙ අතිභයානක දේ හැටියට මුහුණු වෙනස් කරගෙන ඇස් උඩ තියාගෙන. මට හැම තිස්සෙ ම මතක් වෙන්නෙ අවුරුදු පනහකට පමණ ඉස්සර විජේවීර බේරුවල පැත්තෙ ගොඩනගමින් තිබූ හෝටලයක් ඇමරිකන් කඳවුරක් ලෙස හැඳින්වීම.

Thursday, 24 August 2017

රනිල් ගොඩ මෛත්‍රී යට


රනිල් ගොඩ මෛත්‍රී යට



විජේදාස ඇමතිකම්වලින් ඉවත් කරලා. ඉවත් කෙරුණේ මෛත්‍රිපාල විසින් ජනාධිපති ලෙස. මෛත්‍රිපාලට විජේදාස ඉවත් කිරීමට අවශ්‍ය වුණා ද? විජේදාසට බුද්ධ ශාසන ඇමතිකමත් නැහැ. විජේදාස ඉවත් කරන්න ඕන වුණෙ අධිකරණ ඇමතිකමෙන් විතරයි. ඒත් එහෙම කළා නම් එ ජා ප අවශ්‍යතාව හෙළිදරවු වෙනවා. ඒ නිසා බුද්ධ ශාසන ඇමතිකමෙනුත් ඉවත් කෙරුණා. මා කැමති නැහැ හාමුදුරුවරුන් විජේදාස වෙනුවෙන් දැක් වූ උනන්දුව ගැන කිසිවක් කියන්න. ඒත් සිංහල බෞද්ධයාගේ තත්වය නම් එන්න එන්න පිරිහෙනවා. ඒ විජේදාස බුද්ධ ශාසන ඇමතිකමෙන් ඉවත් කළ නිසා නො වෙයි. කලකට පෙර විජේදාසට මේ රට සිංහල බෞද්ධ රටක් වුණේ නැහැ. විජේදාස සංධානයට එරෙහිව එ ජා පෙරමුණෙන් තරග වැදුණා. ඔහු අදටත් එ ජා ප සාමාජිකයෙක්. එ ජා ප සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂයක්. ඩී එස් සේනානායක ඒ පක්‍ෂය පිහිටෙව්වෙ සිංහල බෞද්ධ විරෝධී ඊනියා එක්සත් වූ ජාතික පක්‍ෂයක් ලෙස. ඒ නමේ ම සංධීය (ෆෙඩරල්) ගතියක් තියෙනවා. ඩී එසේ ගොවි ජනපද පිහිටුවපු බව ඇත්ත. ඒත් ඒ සිංහල පක්‍ෂපාතීත්වයකින් නො වෙයි. ජනපද පිහිටුවීමෙන් දෙමළ ජාතිවාදීන්ට රජ රටෙන් මෙහාට එන්න බැරි වුණයි කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් පසු කාලයක ඉරණමඩු ජනපද සඳහාවත් දෙමළ ජනයා අයදුම් කෙළේ නැහැ. ඔවුන්ට ඉරණමඩුවත් ආගන්තුකයි. ඩී එස්ගේ රජරට ජනපද පිහිටුවීම අවසානයේ දී සිංහලයන්ට යහපත් ප්‍රතිඵල ගෙන දුන් බව ඇත්තයි. එහෙත් ජනපද පිහිටුවීමේ අරමුණ සිංහල පක්‍ෂපාතීත්වයක් සමග බැඳී නැහැ.

Monday, 21 August 2017

විජේදාස භූමිකාව




විජේදාස භූමිකාව



අදට රනිල් ඊනියා ජාතික ආණ්ඩුවේ අගමැති වෙලා අවුරුදු දෙකයි. මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් වන්නේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව. එය හුදෙක් වචන හරඹයක් මත සිදුවන්නක්. මේ ආණ්ඩුවේ ඇති ජාතිකත්වයක් නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ජනාධිපතිගෙ බලතල අඩුකරන්න කියලා තමයි කියන්නෙ. ඒත් ඒකෙන් එහෙම දෙයක් වෙලා නැහැ. අදත් ජනාධිපතිට ඕන විධියට අගමැති හා ඇමතිවරුන් පත් කරන්න පුළුවන්. අවශ්‍ය නම් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නෙ ඒ බලතල යොදාගෙන.