විජේදාස හා ජ වි පෙ
විජේදාස රාජපක්‍ෂ ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් කරලා. මට ප්‍රශ්නයක් වන්නේ එහි අඩංගු කරුණු නො වෙයි. ජ වි පෙරමුණට නම් ඒ කරුණු ප්‍රශ්නයක් වෙලා. විජිත හේරත් කියනවා ඒ ගෝත්‍රවාදී කියා. අපි ඒ ගැන ටිකක් කතා කරන්න ඕන. විජේදාස රාජපක්‍ෂ වගේ ම යටත්විජිත හේරත්, නැහැ විජිත හේරත් ද පඬිවරු. ජ වි පෙරමුණට නම් සළු වීමට 12.5% නොවෙයි 5%ත් ලොකු ගාණක්. ඒක 2%ටවත් අඩු කරන්න පුළුවන් නම් ජ වි පෙරමුණට හොඳයි. එතකොට අර සුපිරි මාක්ස්වාදී පෙරටුගාමීන්ට යහපතක් වෙන්න නම් ඒක 0.02%ටවත් අඩු කරන්න වෙයි. ජ වි පෙ සම්භවයක් තියෙන අය අද මොන පක්‍ෂයෙ හිටියත් මොන සංවිධානයෙ හිටියත් ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නෙ අතිභයානක දේ හැටියට මුහුණු වෙනස් කරගෙන ඇස් උඩ තියාගෙන. මට හැම තිස්සෙ ම මතක් වෙන්නෙ අවුරුදු පනහකට පමණ ඉස්සර විජේවීර බේරුවල පැත්තෙ ගොඩනගමින් තිබූ හෝටලයක් ඇමරිකන් කඳවුරක් ලෙස හැඳින්වීම.