෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
දිනේෂ්ගේ ප්‍රධාන වරද?
අද ලංකාවෙ වෙලාවෙන් මධ්‍යම රාත්‍රිය පහුවුණාට පස්සෙ මැතිවරණයට සම්බන්ධ ලිපි ලියන එක තහනම්. ඒත් පිටරටක ඉඳන් ලියන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. විද්‍යුත් ලිපි, මුහුණු පොත් ආදී නූතනත්ව තාක්‍ෂණයේ මෙවලම් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොම ද කියන එක සම්බන්ධයෙන් තවමත් අපේ රටේ මැතිවරණ නීති සකස් කෙරිලා නැහැ. මා ලංකාවේ තියෙන බටහිර ක්‍රිස්තියානි නීතියට ගරු නොකරන නමුත් එය කඩන්නේ නැහැ. සමසමාජ පක්‍ෂවල ඉන්න කාලෙ දි නම් කිහිප වරක් නීතිය කැඩුවා.