Main Logo

Showing posts with label Shivajilingam. Show all posts
Showing posts with label Shivajilingam. Show all posts

Thursday, 19 December 2019

චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය

   සිංහල ලිත් ඉලක්කම්


චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය 



චම්පක අත්අඩංගුවට ගැණුනෙ ආණ්ඩුව වෙනස් වූ නිසා. කාට හරි ඒක එහෙම නොවෙයි කියල කියන්න පුළුවන්. ඒත් පහුගිය ආණ්ඩුව කාලෙ ඔහු අත්අඩංගුවට ගැණුනෙ නැහැ. කොහොම වුනත් චම්පක අත්අඩංගුවට ගත්ත එක හොඳයි. රිය අනතුරු සිද්ධිය හොඳට හොයල බලල උසාවියට චෝදනා ඉදිරිපත් කරන්න ඕන. ඔහු පමණක් නොවෙයි තවත් අයත් අත්අඩංගුවට ගන්න ඕන. රනිල් රාජිත වැන්නන් ගැනත් හොයන්න ඕන. ඔවුන් අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් හේතු නැද්ද? තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ, ශානි අබේසේකර, කන්දප්පා පමණක් නොවෙයි ගානියා ගැනත් ස්විට්සර්ලන්ත හා වෙනත් තානාපතින් ගැනත් හොයන්න ඕන. රිචඩ් සොයිසාත් බටලන්දත් අපට අමතක කරන්න බැහැ. ඒත් මේ කිසිවක් නීතියට අනුව ම පමණක් කෙරෙයි ද? මෙතෙක් කල් මේ දේශපාලනයට සම්බන්ධ චෝදනා කිසිවක් නීතියට පමණක් අනුව සිද්ධ වුනෙ නැහැ. 

Monday, 4 November 2019

ගිවිසුම හා වෙල්ලාල නායකයන් පරාද කරමු

    සිංහල ලිත් ඉලක්කම්


ගිවිසුම හා වෙල්ලාල නායකයන් පරාද කරමු



බලාපොරොත්තු වූ පරිදි ම ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය සජිත්ට ආධාර කිරීමට තීරණය කරලා. එහෙත් දෙමළ ජාතික සංධානය තවමත් එවැනි තීරණයක් අරගෙන නැහැ. ඒ සංධානයේ තවත් පක්‍ෂ හතරක් තියෙනවා. එයට අමතර ව විග්නේෂ්වරන්ගේ පක්‍ෂය තියෙනවා. ශිවාජිලිංගම් දැන් ටෙලෝ සංවිධානයෙනුත් අස් වී වෙන ම ජනාධිපතිධුරාපේක්‍ෂකයකු වෙලා. 

Wednesday, 23 October 2019

නන්දිකඩාල් පලයව්


    සිංහල ලිත් ඉලක්කම්


නන්දිකඩාල් පලයව්



යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් දෙමළ  පක්‍ෂ පහක් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් දහතුන පිළිබඳ ව තවම කිසිම අපේක්‍ෂකයකු ප්‍රතිචාර දැක්වූ බවක් වාර්තා වී නැහැ. ඒ ඉල්ලීම් අපේක්‍ෂකයන් තිස්පස් දෙනාට ම යවා ඇත් ද යන්න පැහැදිලි නැහැ. ඒ කෙසේ වෙතත් අද තරගයක් ඇත්නම් ඒ ගෝඨාභය රාජපක්‍ෂ හා සජිත් ප්‍රේමදාස අතරයි. අනෙක් අය ඉදිරිපත් වී ඇත්තේ එක්කෝ ඡන්ද කඩන්න, නැත්නම් ඡන්ද පොළවලට හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට වෙනත් අපේක්‍ෂකයන් වෙනුවෙන් නියෝජිතයන් පත් කිරීමට, එහෙමත් නැත්නම් මාක්ස්ගේ වැඩ නොකළ හිතළුවක් වූ ඊනියා කම්කරු පංති විප්ලවයේ පණිවුඩය ජනතාවට ගෙන ඒමට. සමහරවිට එකකට වැඩි වෙන්නත් පුළුවන්. ශිවාජිලිංගම්, හිස්බුල්ලා, අනුර කුමාර දිසානායක ප්‍රධාන වශයෙන් අයත්වන්නේ පළමු ගණයට. ජනතාව සිහිනෙන්වත් ඔවුන් ජනාධිපති ලෙස දකින්නේ නැහැ. අර සිහිනෙන්වත් ඔබ නොදකින කුමරා වගේ.

Monday, 7 October 2019

සජිත් හා රනිල් දෙදෙනා ම පරදවමු

         සිංහල ලිත් ඉලක්කම්

සජිත් හා රනිල් දෙදෙනා ම පරදවමු



මෙවර ජනාධිපතිවරණයට අද නාම යෝජනා භාර දුන්නා. අපේක්‍ෂකයන් තිස්පස් දෙනකු ඉන්නවා.  ඒ කොහොම වුණත් තරගය ඇත්තේ ගෝඨාභය හා සජිත් අතරයි. ප්‍රශ්නය පරදින්නේ කවුද යන්නයි. නොවැම්බර් 17 වැනි දා හෝ ආසන්න දිනයක හෝ ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත්තේ පරදින අපේක්‍ෂකයා නොව අනෙක් තැනැත්තායි. 

Sunday, 24 March 2019

සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව


සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව



ලංකාව සම්බන්ධයෙන් ගත් කල තවත් ජෙනීවා වාරයක් අවසන්. මා හිතන්නේ ලංකාවෙන් එහි ගිය නිල, නිල නොවන කණ්ඩායම් දැන් ජෙනීවා නගරයෙන් පිට වී ගොස් කියා. ඔවුන් ලංකාවෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් එහි ගොස් සිටියා. ශිවාජිලිංගම් හා සුමන්තිරන් ආපහු ආව ද කියා දන්නේ නැහැ. ඔවුන් නැත්නම් ජෙනීවා කුමකට ද කියලත් හිතනවා.

Sunday, 21 May 2017


නාලක හිමියන්ට නැති ශිවාජිලිංගම්ට ඇති නිදහස



ජාතික හිමිකම් සංවිධානය මුල් වී ඊයේ (20 වැනි දා) නිදහස් චතුරස්‍රයේ රණවිරුවන් සැමරීමට යොදා ගෙන තිබුණා. ඒ සඳහා නීතිඥ බැල්ලන්තුඩාව සංස්කෘතික අමාත්‍යාංශයෙන් නියමිත මුදල් ගෙවා අවසර ගෙන තිබුණා. පසුව ඇතැම් සංවිධාන ද එයට එකතු වී තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය කණ්ඩායමක් ලෙස එකතු වී තිබුණේ නැහැ. මට දැන ගැනීමට ඇති ආකාරයට ඒ රැස්වීමට සහභාගි වන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයට කළ ආරාධනයවත් නිළ වශයෙන් පිළිගෙන තිබුණේ නැහැ. ඒ ඇයි ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් එය සංවිධානය කෙරුණේ තමන්ගේ ද සහභාගීත්වයෙන් කීමට උත්සාහ ගත්තා. එසේ කෙළේ රැස්වීමට අවසර නැති බව ප්‍රකාශ වීමෙන් පසුව!

Thursday, 11 May 2017

ශිවාජිලිංගම්ගේ තර්ජනය




ශිවාජිලිංගම්ගේ තර්ජනය





ශිවාජිලිංගම් හෙට සිට සතියක් ජනසංහාර විරෝධතා උද්ඝෝෂණ පවත්වනවා. මෝදිත් අද ලංකාවට එනවා. මෝදි උඩරටටත් යන්න ඉන්නෙ. එහෙදි ඉන්දියානු ජාතික කොඩි වනා මෝදි පිළිගැනීමටත් ඉඩ තියෙනවා. එය හුදෙක් විදේශීය රාජ්‍ය නායකයකුට කරන සැලකිල්ලක් ලෙස හිතන්න බැහැ. වතුකරයේ ඇතැම් දෙමළ ජනයාට පමණක් නොව උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතැම් දෙමළ ජනයාටත් තාම තමිල්නාඩු පෙකෙණීිවැල කපා දාන්න බැරි වෙලා. ඒකෙන් ම පේනවා දෙමළ ජනයාට මෙරට දිර්ඝ ඉතිහාසයක් නැති බව.