නන්දිකඩාල් පලයව්
යාපනය
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් දෙමළ
පක්‍ෂ පහක් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් දහතුන පිළිබඳ
ව තවම කිසිම අපේක්‍ෂකයකු ප්‍රතිචාර දැක්වූ බවක් වාර්තා වී නැහැ. ඒ ඉල්ලීම් අපේක්‍ෂකයන්
තිස්පස් දෙනාට ම යවා ඇත් ද යන්න පැහැදිලි නැහැ. ඒ කෙසේ වෙතත් අද තරගයක් ඇත්නම් ඒ
ගෝඨාභය රාජපක්‍ෂ හා සජිත් ප්‍රේමදාස අතරයි. අනෙක් අය ඉදිරිපත් වී ඇත්තේ එක්කෝ ඡන්ද
කඩන්න, නැත්නම් ඡන්ද පොළවලට හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට වෙනත් අපේක්‍ෂකයන්
වෙනුවෙන් නියෝජිතයන් පත් කිරීමට, එහෙමත් නැත්නම් මාක්ස්ගේ වැඩ නොකළ හිතළුවක් වූ ඊනියා
කම්කරු පංති විප්ලවයේ පණිවුඩය ජනතාවට ගෙන ඒමට. සමහරවිට එකකට වැඩි වෙන්නත් පුළුවන්.
ශිවාජිලිංගම්, හිස්බුල්ලා, අනුර කුමාර දිසානායක ප්‍රධාන වශයෙන් අයත්වන්නේ පළමු ගණයට. ජනතාව
සිහිනෙන්වත් ඔවුන් ජනාධිපති ලෙස දකින්නේ නැහැ. අර සිහිනෙන්වත් ඔබ නොදකින කුමරා
වගේ.