Main Logo

Showing posts with label sovereignty. Show all posts
Showing posts with label sovereignty. Show all posts

Saturday, 9 November 2019

බැසිල්ට අනුව එකතුවේ වැදගත්කම

   සිංහල ලිත් ඉලක්කම්


බැසිල්ට අනුව එකතුවේ වැදගත්කම



බැසිල් රාජපක්‍ෂ ඉතා හොඳ ප්‍රකාශයක් කරල තිබුණා. ගෝඨාභයගෙ ජනාධිපතිවරණ රැස්වීමක දි ඔහු කියා තිබුණ ජනාධිපතිවරණ ජයග්‍රහණයට වැඩියෙන් ම බලපාන්නෙ ශ්‍රී ල නි පක්‍ෂය කියලා. පොහොට්ටුවෙ අය ඒකට එතරම් කැමති වෙන එකක් නැති වුනත් ඒක කියන්න ඕන කියලත් බැසිල් කියා තිබුණ. ඒ වගේ ම ඔහු කියල තිබුණ එකතු නූණ නම් දෙගොල්ල ම පරදින්න තිබුණ කියලා.

Wednesday, 6 November 2019

ජනාධිපතිවරණය කුමක් සඳහා ද?

      සිංහල ලිත් ඉලක්කම්



ජනාධිපතිවරණය කුමක් සඳහා ද?



ජනාධිපතිවරණය කුමක් සඳහා ද? මේ ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු දෙනු ඇත. ඒ ඒ අය දරණ දේශපාලන ආර්ථික සංස්කෘතික මතිමතාන්තර අනුව ඒ පිළිතුරු වෙනස් වනු ඇත. මගේ පිළිතුරත් මා දරණ මත අනුව සකස් වන බව අමුතුවෙන් කිව යුතු නො වෙයි.

Saturday, 13 April 2019

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම

ජුලියන් අසාන්ජ් ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයෙ ඉන්දැද්දිමයි එංගලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ ඇත්තෙ.  තානාපති කාර්යාල ඒ පිහිටි රටෙන් බාහිර ස්වෛරී ප්‍රදේශ ලෙසයි සලකන්නෙ. අසාන්ජ් අවුරුදු හතක් එක්වදෝර් තානාපති වරප්‍රසාදය ලබාගත්තා. එක්වදෝරයත් ඔහුට ඒ වරප්‍රසාදය ලබා දුන්න. බොහෝ විට අසාන්ජ් දිගට ම තානාපති කාර්යාලයට සීමා වෙලා ඉන්න ඇති. ඒත් එංගලන්තය එක්වදෝරයේත් අනුමැතිය ඇතිව අසාන්ජ් අත්අඩංගුවට ගත් බවක් පේනවා.

Thursday, 28 March 2019

රනිල්ට දඬුවම් කරමු


රනිල්ට දඬුවම් කරමු



ඇතැම් පඬියන්ට, මහා දාර්ශනිකයාට සහ උතුරු මැද පළාතේ වෛද්‍ය මහාචාර්යවරයකුට අනුව තවම අපි තරහයි නාට්‍යය ඉවර නැහැ. ඔවුන් සිතනවා ඇති ඒ නාට්‍යය මෙගා ටෙලි නාට්‍යයක් කියා. එයට කමක් නැහැ. ඔවුන් හිතන්නේ තමන් ඊනියා උගතුන් නිසා මේ සියල්ල ඔවුන්ට මිස අප වැනි මෝඩයන්ට නොතේරෙන බවයි. ඔවුන්ටත් ඇත්තේ ඊනියා උගත්කමක් නොව අනෙක් බොහෝ අයට මෙන් ම මෛත්‍රිපාල වෛරයක්. මෝඩකමට බෙහෙත් තිබුණත් මේ වෛරයට නම් බෙහෙත් නැහැ. ඒ නිසා මොවුන් සුවපත් වේය කියා හිතන්න බැහැ.

Thursday, 31 January 2019

රාජපක්‍ෂ යුගයේ අවසානය


රාජපක්‍ෂ යුගයේ අවසානය



ඊයේ ලිපියෙහි රාජපක්‍ෂ යුගය අවසන් වෙමින් යනවා යනුවෙන් ලියූ වැකිය නිසා ඇතැමුන්ට හිත් වේදනාවක් ඇති වී තිබෙනවා. ඒ ලිපියෙහි වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය සසඳමින් සඳහන් කළ දේ. එහෙත් වාක්‍ය දෙකක් හෝ තුනක් හෝ ඇතැම් විට ආකර්ෂණය දිනා ගන්නවා. පසුගිය සතියේ චර්චිල් ගැන කියමින් සුමන්තිරන්ට කුණුහරුප දෙකක් කීමට කවුරුවත් නැද්ද යනුවෙන් කී දෙයට ජනමාධ්‍යයේත් ප්‍රසිද්ධියක් දී තිබුණා. මා හා ජනමාධ්‍ය අතර ඇත්තේ සුහද හැඟීම් නො වෙයි. එහෙත් ඔවුන් ඒ කතාවට ප්‍රසිද්ධියක් දුන්නා.

Wednesday, 30 January 2019

ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය


ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය



ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය අතර එතරම් වෙනසක් නැති බවයි මට හැඟෙන්නෙ. මේවා නිකම් වචන පමණයි. ඒත් ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. අඩු තරමෙන් එය මිනිසුන් කියන එක සාධාරණීය කරමින් තනා ගත් වියුක්ත සංකල්පයක්. කම්කරු පංතිය නිකම් ම නිකම් හිතළුවක් පමණයි. එහෙම පංතියක් ගැන වියුක්තවවත් කතා කරන්න බැහැ. එහෙම පංතියක් සංයුක්තවවත් වියුක්තවවත් නැහැ. 

Sunday, 23 December 2018

අධිකරණය සහ ජාතික ආණ්ඩු, රාජ්‍ය ඇමතිවරු, මහින්ද

අධිකරණය සහ ජාතික ආණ්ඩු, රාජ්‍ය ඇමතිවරු, මහින්ද  


අද රනිල්ගේ ආණ්ඩුව ඉන්නෙ අර්බුදයක. ඔවුන්ට ඇමති මණ්ඩලය තිහකට සීමා කරන්න බැහැ. ජනතාවට සේවය කරන්න කියමින් ඇමති ධුර ඉල්ලන බොහෝ අය ඉන්නවා. රනිල් ඔවුන්ට ඇමතිකම් දෙන්න ඕන. එය කළ හැක්කේ ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණයි. ඊනියා ජාතික ආණ්ඩුවක් කියන්නෙ සභාග ආණ්ඩුවක්. ඒකට සභාග ආණ්ඩුවක් කියන්නෙ නැතිව ප්‍රෝඩාතන්ත්‍රවාදී දහනවවැනි සංශෝධනයෙන් ඊනියා ජාතික ආණ්ඩුවක් කිව්වෙ තමන් සාමාන්‍ය ආණ්ඩුවක නම් මන්ත්‍රී සංඛ්‍යාව තිහට සීමා කරන බව කීමටත් අනෙක් පැත්තෙන් ජනතාවගේ ඇස්වලට වැලි ගසා ඇමති සංඛ්‍යාව තිහට වැඩි කර ගැනීමටත්.

Wednesday, 12 December 2018

පරමාධිපත්‍යය ජනතාවට ද දෙවියන් වහන්සේට ද?


පරමාධිපත්‍යය ජනතාවට ද දෙවියන් වහන්සේට ද?



බටහිර ව්‍යවස්ථා අනුව සම්පාදනය කර ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් ම ව්‍යවස්ථා (වගන්ති ) තුනක් වනුයේ පළමුවැනි දෙවැනි හා තුන්වැනි ව්‍යවස්ථායි. අපේ මතකය අලුත් කර ගැනීමට ඒ ව්‍යවස්ථා නැවතත් සඳහන් කරනවා.

1.ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

2.ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

3.ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.

Sunday, 9 December 2018

පරමාධිපත්‍යය, රනිල් හා මහින්ද


පරමාධිපත්‍යය, රනිල් හා මහින්ද



ජනතාව යන්න වියුක්ත සංකල්පයක්. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටයි. නමුත් මේ ජනතාව කවුරුන් දැයි කිසිවකුටවත් පෙන්වන්න බැහැ.  අප සියල්ලන් ම ජනතාව. අපට පරමාධිපත්‍යය තියෙනවා. මතක තියාගන්න ජනාධිපතිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඒ පරමාධිපත්‍යය තිබෙනවා. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන්ටත් ඒ පරමාධිපත්‍යය තියෙනවා. එහෙත් අප සියල්ලන්ට ම ඇත්තේ සාමූහික පරමාධිපත්‍යයක්. ඡන්ද බලය හිමි එක්කෝටි පනස් ලක්‍ෂයක් ඉන්නවා නම් එක් එක් අයට පරමාධිපත්‍යයෙන් එක්කෝටි පනස් ලක්‍ෂයෙන් එක් කොටස බැගින් හිමි වෙන්නේ නැහැ.

Saturday, 8 December 2018

අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද


අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද



පරමාධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම අපට බටහිරින් ලැබුූණු සංකල්පයක්. සඟ සසුනේ හැරෙන්න ලෝකයේ කිසිම කලක සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබී නැහැ. පැරණි ග්‍රීක පුර රාජ්‍යවල සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා යැයි කීවත් එහි වහලුන්ට හා ස්ත්‍රීන්ට ඒ කියන සාකච්ඡාවලට සහභාගි වීමට අවස්ථාව ලැබී නැහැ. කාට හරි කියන්න පුළුවන් වහලුන් අද අර්ථයෙන් පුරවැසියන් නොවීය කියා. ප්‍රශ්නයත් ඇත්තේ එතැනමයි. පුරවැසියා කවුද කියා තීරණය කරන්නේ කවුද? රෝමයේ නායකයන් ජනතාව ඇමතුවේ රෝමවරුනි රටවැසියනි (Romans and Countrymen) කියා. රෝමය නගරයක්. මෙහි කන්ට්‍රි කිව්වෙ නගරයෙන් පිට වැනි අර්ථයකින්. ඉතාලිය රටක් වුණේ බොහෝ කලකට පස්සෙ ගැරිබෝල්ඩි යටතේ එක්සත් කරනු ලැබීමෙන් පසුව.

Friday, 7 December 2018

පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ


පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ



මා මෙහි මොනවා කිව්වත් ඉන් නඩුවලට වැඩක් නැති බව නොදන්නවා නො වෙයි. නඩුවල දී වැදගත් වන්නේ නීතිඥයන් ඉදිරිපත් කරන කරුණු. කොහොමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන එක හෙටට කල් දාලා. අපි එතෙක් බලා ඉමු. ඕනෑම තීන්දුවකට මුහුණ දීමට සූදානම් වෙමු. නඩු තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණයක් පවත්වන්නේ නම්  එක සංවිධානයකින් එක ලකුණක් යටතේ දිවයිනේ හැම දිස්ත්‍රික්කයකට ම තරග කරමු. ඇතැම් දිස්ත්‍රික්කයක වෙන වෙන ම තරග කිරීමෙන් වාසි අත්වන්නේ එ ජා පෙරමුණටයි. රනිල් අගමැති ධුරය දැරීම නතර කෙරුණේ මෛත්‍රිපාල මහින්ද එකතුවෙන්. මොන හේතුවකටවත් එය කඩන්න ඉඩ දෙන්න බැහැ. නූතන මොල්ලිගොඩලට 2018, 1818ක් කරන්න දෙන්න බැහැ.

Friday, 8 June 2018

විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්




විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්



විස්ස ගැන නීතිපති කුමන තීන්දුවක් දුන්නත් එය අධිකරණයට යොමු කළ යුතුයි. අධිකරණය කිනම් තීන්දුවක් දේව්දැයි කියන්න බැහැ. විස්සෙන් පැහැදිලිව ම ජනතා පරමාධිපත්‍යයෙහි විධායක බලතල මෙන් ම ව්‍යවස්ථාදායක බලතල ද ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කරනවා. ජනතා පරමාධිපත්‍යය පිළිබඳ කරුණක් නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවේ ය කියා හිතනවා. ඒ කියන්නේ එය ජනමත විචාරණයකින් ද සම්මත වෙන්න ඕන.

Thursday, 31 May 2018

ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්


ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්





ඒකාබද්ධ විපක්‍ෂය විස්සට විරුද්ධ වෙන්න ඒකමතික ව තීරණය කරලා. අදාළ යෝජනාව ඉදිරිපත් කරල තියෙන්නෙ මහින්දමයි. මහින්ද ම යෝජනාව ඉදිරිපත් කරපු එක හොඳයි, වෙන අයකු ලවා එය නොකරවා. මහින්ද ඉදිරිපත් කරන යෝජනාවකට අනෙක් අය විරුද්ධ වන්නෙ කලාතුරකින්. ඒකාබද්ධ විපක්‍ෂෙ බැසිල් හිටියත් ඔහුටත් යෝජනාවට පක්‍ෂ වෙන්න වෙනවා. ජී එල් පීරිස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.

Friday, 13 October 2017

අස්ගිරිය, ව්‍යවස්ථාව හා ජනාධිපතිගේ වගකීම  


අස්ගිරිය, ව්‍යවස්ථාව හා ජනාධිපතිගේ වගකීම





නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම සිංහලයන්ගේ පමණක් නොව දේශප්‍රේමී මුස්ලිම් හා දෙමළ ජනයාගේ ද යුතුකම හා වගකීම විය යුතු ය. නව ව්‍යවස්ථාවේ ඊනියා අහිතකර වගන්ති සංශෝධනය කිරීම අපේ කාර්යය නොවිය යුතු ය. එසේ කළහොත් එක පැත්තකින් රනිල් පළාත් ආයතන පිළිබඳ පනතේ කළාක් මෙන් සංශෝධන මගින් තමන්ට වුවමනා වෙනත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරනු ඇත. එහෙත් එයටත් වඩා වැදගත් කරුණ වනුයේ මේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් නැති වීම ය. 2015 අගෝස්තු මැතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඡන්දය ඉල්ලූ එ ජා පෙරමුණට මන්ත්‍රි ධුර 106ක් පමණක් ලැබිණි. ඒ මන්ත්‍රී ධුර 225කිනි. එමෙන් ම එ ජා පෙරමුණට මුළු ඡන්දවලින් 50%ක් නො ලැබීණි. එයින් කියැවෙන්නේ ජනතාව මැතිවරණයේ දී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ප්‍රතික්‍ෂෙප කර ඇති බව ය.

Saturday, 2 September 2017

විස්සට මුහුණ දීම  


විස්සට මුහුණ දීම



ඊයේ පළ වූ ලිපිය මා සිතූ පරිදි ම වැඩි දෙනකුගේ අවධානයට යොමු වී නැහැ. සමහර විට එය ඊනියා නැගලා යන මාතෘකාවක් නොවන්න පුළුවන්. ඒ වුනත් මා පොරොන්දු වූ පරිදි එහි ඉතිරි කොටස මෙහි පළ කරනවා. මේ කතාවත් බොහෝ දෙනාට ප්‍රියජනක නොවිය හැකියි. විශේෂයෙන් ම සෙංකෝලය උස්සන් දුවන දේශපාලනඥයන්ට හා ඒ අය අගය කරන්නන්ට මෙහි දැක්වෙන අදහස් කාලීන නොවන්න පුළුවන්. විස්ස මගින් ආණ්ඩුව පෙරලන්නට උත්සාහ කරන අයට ද මේ ප්‍රතිගාමී අදහස් විය හැකියි.

Sunday, 18 June 2017

සිංහල බුද්ධාගම හා ස්වාධීනත්වය


 සිංහල බුද්ධාගම හා ස්වාධීනත්වය


කියුබාව එක්සත් රාජ්‍යයන්හි දොරකඩ ඉඳගෙන ස්වාධීන රාජ්‍යයක් ව පැවතීම ගැන ඇතැමුන් විශ්මය පළ කරනවා. මහා බලවත් රාජ්‍යයක් අසළ කුඩා රාජ්‍යයක් පවත්වාගෙන යෑම ගැන ෆිඩෙල් කස්ත්‍රෝට පසසනවා. කස්ත්‍රෝ මරා දැමීමට සි අයි ඒ සංවිධානය කිහිප වරක් ම උත්සාහ කළ බව  ප්‍රසිද්ධ කාරණයක්. දැනුත් කියුබාවේ නායකයා කස්ත්‍රෝ කෙනෙක්. කියුබාව කොමියුනිස්ට් රාජ්‍යයක් තබා සමාජවාදී රාජ්‍යයක්වත් නො වෙයි. එය කාලයක් සෝවියට් දේශයෙන් ආධාර ලබා ගත්තා.

Sunday, 1 April 2012

LLRC, USA resolution, reconciliation and sovereignty - II

Now what is the record of the western countries as far as reconciliation is concerned. Do the Afro Americans enjoy the same privileges as the European Americans? Obama follows the white Anglo Saxon Christian culture irrespective of the colour of his skin and he is only a token just as much the Afro American characters in the USA television shows are there to show the world that the blacks are enjoying very high standards of life. Can Robert Blake come with statistics on poverty lines with respect to the African Americans and European Americans? What is the percentage of poor people among the blacks? In England can one see a Welsh word on the roads despite the fact that the Welsh had been living there before the Norman invasion? How did the English reconcile with the Welsh and the Scotts in so called Britain and with the Irish in the UK? Of course they allowed Bernard Shaw and Oscar Wild to write in English thus contributing to that language rather than to Irish. In more than one way Shaw and Wild were used (kade yaveema) by the English for the benefit of the latter at the expense of Irish, perhaps in the name of reconciliation. Did any Englishman except for academic purposes learn any of the languages Welsh, Irish or Scottish in the name of reconciliation? In USA it is worse. What happened to the languages spoken by the Afro Americans? Are they spoken in the homes of Afro Americans? Then we come to the so called Red Indians. What were the steps taken by the Anglo Saxons who followed the pilgrims to reconcile with the natives, after poisoning the wells of the latter and massacring them through other means as well? The Sinhala people do not want any Tamil writer to publish in Sinhala ignoring Tamil and of course vice versa. The use of Tamil by Tamils have to be encouraged facilitating them to learn Sinhala if they wish. Similarly for the Sinhalas and the recommendation by the LLRC to make Sinhala and Tamil compulsory for all Sri Lankans in the name of reconciliation is not only meaningless but would create an antagonism among Sinhalas and Tamils. LLRC also wants the national anthem to be sung simultaneously which again is a meaningless exercise. Let the National Anthem be sung in Sinhala as it is, without following Ashraff of the SLMC who first advocated this racist idea. This is a continuation of the English policy of appointing one Sinhala and one Tamil to the legislative assembly without considering the demography, history and the culture of the country. In any event it is not clear what is meant by singing simultaneously since if the National Anthem is sung in two languages at the same time it would create only a noise and not any meaningful utterance. Perhaps the LLRC could not decide on the language in which the National Anthem had to be sung first.

I do not talk of double standards of the west as I feel that they have only one policy. That is to propagate their hegemony. The war crimes in Japan (Hiroshima Nagasaki) in Vietnam (My Lai) in Iraq and the latest in Afghanistan are forgotten with a “sorry” from the President of the USA. In Sri Lanka the west insists on punishing Sri Lanka for crimes not committed as they want to punish the Sinhala people and their culture again in order to maintain the hegemony of the Judaic Christian culture. We do not have to be afraid of the western forces who are now on the decline after more than five hundred years of world domination, and we have to concentrate on the Anti west block and also on uniting the people against possible economic sanctions and NATO aggressions. We have to be prepared for any eventuality, and we have to be self sufficient in many food items as we have achieved in rice. It would be much better if we can do this without depending on agrochemicals of the west, which in any event add poison to our soil. There are people who can advise the government on alternative “govikama” but unfortunately they have not had the best English education and the government is not prepared to listen to Sanga, Veda, Guru, Govi, Kamkaru which has become only rhetoric after 1956. Regarding so called war crimes many people including the members of the LLRC forget that long before the terms human rights and war crimes were coined by the westerners not because of any humanity but for political reasons to suppress the non westerners, King Gemunu had been contemplating on the people died in the war. Our armed forces have carried on these traditions and they have treated the “enemy” with much respect looking after the families of LTTE cadres killed in the operations. We are guided by our traditions and the LLRC should not have forgotten the example set by King Gemunu when he treated the dead body of Elara with utmost respect. The Sinhalas had not been like Maghas or Cholas or Portuguese, Dutch or English and there is no record of massacring people who lived in Anuradhapura after that city was taken by the forces of King Gemunu. Our present armed forces have followed this tradition in looking after the parents of Prabhakaran and the families of other LTTE leaders and other terrorists who died during the humanitarian operations.

I think the mandate given to the LLRC is not complete. The government instead of requesting the commissioners to inquire and report on facts and circumstances which led to the failure of the ceasefire agreement operationalized on 21st February, 2002, should have requested the LLRC of course with members from Sanga Veda Guru Govi Kamkaru as well, to inquire and report on facts and circumstances that led to the signing of the so called ceasefire agreement, and also on the crimes committed by the LTTE against humanity to use a phrase familiar to the west, and also on those here as well as abroad who directly, indirectly, tacitly or otherwise aided and abetted the LTTE to fight to establish a separate state in some parts of Sri Lanka, and also helped the LTTE directly or indirectly to engage in crimes against humanity. The government should appoint another commission not in the tradition of Colebrook and Cameron, but with members from Sanga Veda Guru Govi Kamkaru as well, with a wider mandate to report on these activities including those by the nations, the NGOs which are nothing but instruments of western colonialism established after the African countries were given limited independence in the sixties, the clergy of various churches (how can we forget the Bishop who talked of humanitarianism of Prabhakaran), and until the report of that commission is released no decision should be taken on the implementation of the report of the LLRC, which has acted on wrong assumptions. I am not questioning them on inquiring into the history of the so called ethnic problem which I think is within their mandate, but acting with preconceived ideas on the so called ethnic problem. When I went before the commission on their invitation I made it a point to present my facts to show that there was no ethnic problem as such. However, after I finished with my submissions I was told by one of the commissioners that though my presentation was logical they had to give something. It was clear that the commission was thinking of giving something to the Vellalas and the westerners who had trained the former, and I thought my effort and time had been wasted. If my presentation was logical and factual and they could not find any fault with what I said the logical step would have been to act after considering my views. It was clear that they were guided by the sentiments created by the myths propagated by the English and their Vellala agents and some of the recommendations stem from these pre conceived ideas. The commission specifically states that the grievances of the Tamil community has been a root cause for the ethnic conflict, and I challenge this statement. The problem in this country is depriving the Sinhalas, especially the Sinhala Buddhists and their culture their due place.

It is statements like that and some recommendations by the LLRC that the west wants to bank on in their attempt to control us, and we should never give into their attempts. It is true that the LLRC was appointed by the government, but that does not imply that the government has to implement all their recommendations. Let us appoint the commission I have suggested above and let the government after considering the recommendations of both commissions decide on what recommendations have to be implemented. The so called war crimes taken together with grievances of the Tamils give the western powers room to use the Tamils dispersed in their countries (the word diaspora itself is used with Biblical connotations to mislead people and attract their sympathy), which is their creation against the Sinhala people, the way they used the English speaking Vellalas in the nineteenth and twentieth centuries, and the government has to be careful in giving a pardon to Sarath Fonseka, who initiated the white flag story. It is he and not Ranil Wickremesinghe whom the west wants to use as the leader of the puppet government after toppling the present government, and the government should make sure that Fonseka if given a pardon is not used by the American state department.

The maha sangha have answered the westerners in the Buddhist tradition with Poojas , peace walks etc., not to fight against the westerners but to extend compassion to the western leaders ho are responsible for decisions against Sri Lanka to destabilize the country in order to form another government. The latest in this series is a Sathyakriya commencing on Wednesday the 21st in front of the Fort Railway station by the maha sangha led by Ven. Bengamuwe Nalaka Thero in order to “bless” the western leaders with compassion and wisdom. The maha sangha have formulated the concept of national rights as against human rights and consider the former to take precedence over the latter. More details of this concept will be discussed in these columns.

Copyright Prof. Nalin De Silva

Saturday, 24 March 2012

LLRC, USA resolution, reconciliation and sovereignty - I

The much awaited USA resolution on Sri Lanka was brought before the UNHRC on last Wednesday. It made the opponents of the government who propagated the lie that the latter has created a “gonibilla” to divert the attention of the people from fuel prices, bus fares, electricity bills etc., helpless. It exposed them to such an extent they now state that the USA and its allies in the west are against the government and not against the country. In Sinhala they say “kata boru kiwwath diva boru kiyanne nehe”, and this statement is an excellent example for the truth as revealed by the tongue. It is clear that the USA wants to topple the present government as the former is against the latter, and to install a UNP – TNA government if possible with Sarath Fonseka as the President. It should not be forgotten that Fonseka initiated the white flag story which commenced the war crime issue even before the last Presidential elections and that the TNA supported him at the elections. Now who should have the power to decide which government should rule the country? Is it the Sri Lankan people or the American state department? If the American state department can decide on the party or alliance that should rule the country, is it against the country or against only one of the alliances? The UNP and the TNA and their former leaders who supported the English against the Sinhala people especially the Sinhala Buddhists are now doing the same, supporting the USA and good old England, how much the latter has given us including some of our leaders, political as well as so called civil, with their education, and of course their wives who had the same English education, not necessarily in English medium. When some of these political leaders claim that it is the government that opened the gates for western hostilities they utter the truth. If the UNP government of 2002 with Ranil Wickremesinghe continued there would not have been charges of war crimes as there would not have been any war crimes real or imaginary without a war. The UNP would have signed a few more pacts with Prabhkaran and USA and UK would have facilitated the establishment of Eelam through Norway. When some of these leaders claim that this government is worse than even the colonial governments with respect to human rights, we know where we and they stand. It is becoming clearer and clearer that what we gained in 1948 was a limited independence.

In general those who want the government to implement the USA resolution if it is adopted by the UNHRC, are those who were against humanitarian operations and who claimed that the LTTE could not be defeated and that there was no other path to achieve peace than through negotiations that Norway “facilitated”. At Geneva those who are behind the USA resolution are generally the western countries good old England giving the leadership. Most of them are colonial countries that are noted for their track record on human rights. The USA wanted to bring a strong resolution but it is clear that the resolution is somewhat diluted than expected by many people who think that a resolution against Sri Lanka at an international forum, especially at the UNHRC is the end of the world. It is not so and it is clear as we have mentioned before the USA led west is acting very cautiously. They did not have much support for a strong resolution and now want to mislead the non European countries with a not so strong resolution. They were gradually building up pressure from white flags to Ban ki Moon, various statements by USA state department officials that include USA ambassadors and the nth secretaries in the embassy, threats, resolutions at various so called international fora and now USA at the UNHCR, after Canada failed last year. The west is very cautious simply because there is no case against Sri Lanka. If there was the slightest evidence that they could prove that Sri Lanka had violated human rights they would have already imposed economic sanctions and even attacked using NATO bombers without going through UN fora. The limited independence and the strength of the non aligned movement, Russia, China and other countries together with the fact there is no evidence of war crimes by the Sri Lankan armed forces prevent the USA from taking such action and they want to make their action as “legal” as possible. They will come out with many more Channel Four myths in time to come in order to convince the non European nations that Sri Lanka and its President, Secretary of Defense and some officers have to be punished for committing war crimes. As mentioned many a times it is time for a strong anti west movement, forget the non aligned name board as we have to be aligned against the west, at least because of their hegemonic education that has ruined the world together with the resources, after leaving counterfeit mannerisms among the western educated men and women in the Afro Asian countries. The USA resolution is not going to be their last attempt and the government should take all measures to defeat the resolution if the west presses for a vote. In any event there will be more resolutions in the future whether the USA resolution is adopted or not at the UNHRC. With the present resolution the west wants to monitor the so called reconciliation measures thereby to have a hold in our internal affairs. In this regard whatever the policies of the minister in the past Prof. G. L. Peiris has to be commended for the strong stand that he has taken against the west. Reconciliation is our business according to our traditions and not that of the westerners who have had no policy on reconciliation at all in their countries at any time of the history.

In the meantime the government appointed the LLRC to come out with a report in the good old traditions of commissions since Colebrook Cameron days, on lessons learnt and reconciliations. As in the case of almost commissions there were no members from Sanga, Veda, Guru, Govi, Kamkaru in the LLRC. After all Colebrook and Cameron were not from Sanga Veda Guru Govi Kamkaru and the President from Medamulana could not change the tradition. The government gave the following mandate to the LLRC. "To inquire and report on the following matters that may have taken place during the period between 21st February, 2002 and 19th May, 2009, namely:

The facts and circumstances which led to the failure of the ceasefire agreement operationalized on 21st February, 2002 and the sequence of events that followed thereafter up to the 19th of May, 2009, whether any person, group or institution directly or indirectly bear responsibility in this regard; the lessons we would learn from those events and their attendant concern, in order to ensure that there will be no recurrence; the methodology whereby restitution to any person affected by those events or their dependants or their heirs, can be affected; the institutional administrative and legislative measures which need to be taken in order or prevent any recurrence of such concerns in the future, and to promote further national unity and the reconciliation among all communities, and to make any such other recommendations with reference to any of the matters that have been inquired into under the terms of the Warrant."

It would have been better if the government did not appoint the LLRC. After all the Sinhala people have a history going back to more than two thousand five hundred years compared with a history of three to four hundred years of Americans and Europeans after the modernity was introduced towards the latter part of the fifteenth century. The west never respected human rights of the people lived in the colonies except perhaps of those who happened to have the “best of their education” and when people complain that the Europeans had a better record of human rights protection than this government it is clear whose human rights they are interested in. We have experience in nation building and we know how Yaksha, Naga, Deva and the groups who came from what I call Ardha Vedic Bharath were all united under one umbrella (eksesath) to form the Sinhala nation. Of course, it did not happen overnight and it took hundreds of years to finally reconcile all these groups, which we may call gothras not having the same meaning as tribes as used by the English. The tribe is translated wrongly as gothra by those who were educated by the English and we can only laugh when they claim that we follow the English when we use the term gothra. It was a reconciliation par excellence (vishistathama would have been better), if I may use an English expression, and we have that experience behind us. It is unfortunate that the LLRC does not mention of this reconciliation in our history.

Now who prevented the Vellalas who were brought by the Dutch reconciling with the existing Sinhala nation? It was the Dutch first and then the English who segregated the Tamils from the Sinhalas, first in Nagadeepa, then in Madakalapuwa, and finally in the coffee and tea estates. The English allowed only those who had their education to mingle with each other but they wanted the Tamils with the best of their education to become the leaders of the country over their Sinhala counterparts thus creating the present problem. The English had no respect for the other Tamils and they were left as a non entity under the yoke of the educated Vellalas until Prabhakaran came on the scene. It is this “non entity” that the government has to take care of without dancing to the tune of frustrated Tamil Vellalas with the best of English education and their masters in the west.(12/03/14)


Copyright Prof. Nalin De Silva