Main Logo

Showing posts with label .Maithripala. Show all posts
Showing posts with label .Maithripala. Show all posts

Friday, 10 July 2020

දහනවය හා ඉන්ඩො

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





දහනවය හා ඉන්ඩො

ජාවඩ් යුසුෆ් කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ සාමාජිකයෙක්. ඔහු දහනවවැනි සංශෝධනය තියා ගන්න ඕන කියනවා. එපමණක් නොවෙයි ඔහු පොදුජන පෙරමුණට විරුද්ධ ව කතා කරනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඊනියා ස්වාධීන කොමිසන් සභා කිහිපයක් පිහිටුවා තියෙනවා. ඒවාට සාමාජිකයන් පත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. මැතිවරණ කොමිසම ද ඉන් එක් කොමිසන් සභාවක්. ඒ වගේ ම විනිසුරුවන්ගේ පත්වීම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරියට එන්න ඕන. 

Thursday, 2 July 2020

තුනෙන් දෙකේ බහුතරය

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





තුනෙන් දෙකේ බහුතරය 


තුනෙන් දෙකේ බහුතරයෙ කතාව මැතිවරණ වේදිකාවෙ රැව් පිළිරැව් දෙනවා. කලකට සිට මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් වී තිබෙනවා. එහි අක් මුල් ඇත්තේ මනාප පොරයේ මිස රටේ ජාතියේ අනාගතයේ නොවෙයි. අගෝස්තු මැතිවරණයෙන් පත්වන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් සුදුසු තත්වයක සිටීවි යැයි මා කල්පනා කරන්නේ නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට වග කිව යුතු විශාල පිරිසක් අලුත් පාර්ලිමේන්තුවේ දැක ගන්න පුළුවන් වේවි. ඔවුන් අද දහනවයට විරුද්ධ වුණත් එදා දහනවයට පක්‍ෂව ඡන්දය දුන්නා. 

Tuesday, 10 March 2020

සිරිසේන නැවත යැවීමේ දේශපාලනය

 සිංහල ලිත් ඉලක්කම් 


සිරිසේන නැවත යැවීමේ දේශපාලනය 


නැවත වරක් සිරිසේන හා ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරෙන් පන්නා දැමීමට කටයුතු කෙරෙමින් තියෙන බව පැහැදිලියි. ඉතා පැහැදිලිව පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයට එකතු වුණු ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට කෙණෙහිළිකම් කරනවා. මේ උද්ධච්ඡයන් පිටුපස ඉන්නා තැනැත්තාට අවශ්‍ය මෙරට ජනාධිපති වීමට. ඔහු ඒ බව කෙළින් කියන්නේ නැහැ. ඔහු ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධයි. 

Sunday, 8 March 2020

දහනවය හා ද්විත්ව පුරවැසිකම

    සිංහල ලිත් ඉලක්කම්


  දහනවය හා  ද්විත්ව පුරවැසිකම



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නො වෙයි. ජනාධිපති මෛත්‍රිපාලගෙ බලතල අඩුකරලා අගමැති රනිල්ගෙ බලතල වැඩි කරන්න. ජනාධිපතිගෙ ධුර කාලය අවුරුදු හයෙන් පහට බැස්සුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවුරුදු හතරහමාරකට බැරි වෙන විධියට වගන්තියක් ගෙනාවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට තරග කරන්න බැරි වෙන විධියට වගන්තියක් ඇතුල් කළා. 

Monday, 3 February 2020

ඇතැම් පොහොට්ටුවාදීන්ගෙ අවස්ථාවාදය

       සිංහල ලිත් ඉලක්කම් 

ඇතැම් පොහොට්ටුවාදීන්ගෙ අවස්ථාවාදය

බොහෝ ජාතිකවාදීන්/පොහොට්ටුවාදීන් මට විරුද්ධ බව මා දන්නවා. ඔවුන් සිතන්නේ මා කාගේ හරි නියෝජිතයකු නැත්නම් මා කිසිවකු වෙනුවෙන් පෙනී සිටින අයකු කියා. ඔවුන් බොහෝ දෙනකුට අනුව මා කර ඇති දෙයක් නැහැ. මා නාථ දෙවියන් හා මිථ්‍යා මත විශ්වාස කරන අයකු පමණක් බවත් ප්‍රසිද්ධියේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හෙළා දකින එහෙත් අප්‍රසිද්ධියේ බටහිර දැනුම අනුව ජීවත්වන වංචනිකයකු බවත් ඔවුන් කියනවා. ජාතිකත්වයට විරුද්ධ අය එසේ කීම ගැන මා පුදුම වන්නේ නැහැ. එහෙත් ජාතිකවාදීන් එසේ කීම නම් තරමක ප්‍රශ්නයක්. සමහර විට ඔවුන් හිතනවා ඇති මා බොරු කාරයකු කියා. අද එක් අයකු කියා තිබෙනවා මා දහනවය සම්බන්ධයෙන් නිදා සිටි බව. එසේ කියන්නේ දහතුන සම්මත කර ගැනීමේ දී ජේ ආර් අධිකරණ තීන්දුවට එරෙහි ව ක්‍රියා කළ අවස්ථාවේ නිදා සිටි අය. අදත් ඉතා වැඩි පිරිසක් දන්නේ නැහැ දහතුන සම්මත කර ගත් අයුරින් ම දහනවය සම්මත කර ගත් බව. මා ඒ බව කියද්දී ඇතැමුන් මට ගෙරවූ බව.

Saturday, 25 January 2020

තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?

   සිංහල ලිත් ඉලක්කම්


තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?


ආණ්ඩුවට වැඩ කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය කියන අය ඉන්නවා. අපට එය පිළිගන්න බැහැ. වත්මන් ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්.  එ ජා ප අද පාර්ලිමේන්තුවේ තම බහුතර බලයේ හයිය පෙන්නනවා. මහින්දලා 2015න් පසු වැඩ කරපු ආකාරය වෙනස්. ඔවුන්ට බහුතර බලයක් තිබුණ නමුත් මෛත්‍රිපාල යහපාලනයට යෑම නිසා ශ්‍රී ල නි පක්‍ෂයේ බෙදීමක් තිබුණා. ඒ බෙදීම නිසා යහපාලනයට විරුද්ධ ව ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කෙළේ නැහැ. පසුව ඔවුන් මහින්දගේ කීමට දහනවය සම්මත කර ගන්නත් ඡන්දය දුන්නා. බෙදීම තිබියදීත් මහින්ද එදා විරුද්ධ වුණා නම් දහනවය සම්මත කර ගන්න බැහැ. බෙදීම නිසා මහින්ද පක්‍ෂ වුණා කියනවා නම් එය පිළිගන්න බැහැ. මහින්ද ඒ වන විට ශක්තිමත්. ඔහු විරුද්ධ වුණා නම් දහනවය සඳහා තුනෙන් දෙකේ බහුතරය ලැබෙන්නේ නැහැ. මහින්දටත් දහනවය අවශ්‍ය වුණා.

Saturday, 2 November 2019

ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව

      සිංහල ලිත් ඉලක්කම් 

ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව  




මේ ආණ්ඩුව තරම් තක්කඩි විජාතික ආණ්ඩුවක් තවත් තිබිලා නැහැ. ලෝක පුදුමයකින් සජිත් ජනාධිපති වුණත් තක්කඩිකම නැති වෙන්නෙ නැහැ. ඔහුගෙ අගමැති වෙන්න ඉඩක් තියෙන්නෙ මංගලට. ඔහුට පනවා ඇති කොන්දේසි අනුව නම් රනිල් අගමැති වෙන්න ඕන. කවුරු අගමැති වුනත්   තක්කඩිකම ඉවර වෙන්නෙ නැහැ. මංගලලා චම්පකලා රාජිතලා රවිලා ඉන්න ආණ්ඩුවක් තක්කඩි ආණ්ඩුවක් මිස වෙන එකක් නො වෙයි. සජිත්ගෙ ආණ්ඩුවකින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන බවට රාජිත චම්පක මංගල වැනි අය සහතික වේවි. ජ වි පෙ මේ ගිවිසුම ගැන දක්වන නිහැඬියාව කන් බිහිරි කරවන තරම්.

Friday, 13 September 2019

ඡන්ද ලකුණේ අවුල

     සිංහල ලිත් ඉලක්කම්


ඡන්ද ලකුණේ අවුල




ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර තවමත් එකඟත්වයක් නැහැ. එය දෙපැත්තේ ම වරදින් සිදුවන්නක්. අද ප්‍රශ්නය ඇත්තේ ගෝඨාභය තරග කරන පක්‍ෂය හා ලකුණ පිළිබඳවයි. පොහොට්ටුවේ දැවැන්තයන් කියන්නේ ගෝඨාභය පොහොට්ටුවෙන් මිස වෙනත් ලකුණකින් ඉදිරිපත් නොවිය යුතු බවයි. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමුන්, විශේෂයෙන් දයාසිරි, කියන්නේ ගෝඨාභය පොහොට්ටුවෙන් ඉදිරිපත් නොවිය යුතු බවයි. දයාසිරිට උඩගෙඩි දෙන විිද්‍යා පීඨ පඬියන් සමග මගේ දේශපාලන සම්බන්ධයක් නැති බවත් පළමුවෙන් ම සඳහන් කරන්න ඕන. එදා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිටි අයගෙන් දෙතුන් දෙනකු හැරෙන්න අනෙක් අය හිතන්නේ මා දැන් අවලංගු කාසියක් බවයි. ඔවුන් විද්වතුන් .

Thursday, 22 August 2019

පළාත් සභා හා සජිත් කටු

             සිංහල ලිත් ඉලක්කම්



පළාත් සභා හා සජිත් කටු



ජාතික චින්තනයට අනුව දෙවියන් නැත් ද පුනබ්භවයක් නැත් ද සංසාරයක් නැත් ද නිවන් සම්මාබෝධයක් නැත් ද අප කළ යුත්තේ එරික් ෆ්‍රොම් වැනි මහායානික අදහස්වලින් පෝෂණය ලැබූ බටහිර උගතුන් අනුව සභ්‍යත්ව රාජ්‍යය ගැන කතා කිරීම ද ආදී  ප්‍රශ්න රාශියක් ඇසීමට ඇති නමුත් මා ඒ සියල්ල පසුවට කල් දානවා. අද ගෝඨාභයට විරුද්ධ ව සිටි මැදි වයසේ අයටත් ගෝඨාභය වටා එකතු වීමට සිදු වී තිබෙනවා. ඒ හොඳ ප්‍රවණතාවක්. එබැවින් අපේ ප්‍රශ්න පසුවට කල් දමා අපි ගෝඨාභය දිනවීම සඳහා ශක්තිය යොදවමු. 

Saturday, 17 August 2019

ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

                    සිංහල ලිත් ඉලක්කම්


ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

අප වටේ යන එක නවත්තන්න කාලය පැමිණිලා. නැවතත් දහතුන කතාව පටන් අරන්. ඒ අතර මුස්ලිම් ඇමතිවරුන් වන හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කිරීම නවත්වන ලෙසට මහින්ද නියෝගයක් පණවලා කියලා වෙබ් අඩවියක පළ වී තිබුණා. රනිල් යාපනයේ දී කියල තියෙන්නෙ දෙමළ ජනතාවට අභිමානයෙන් ජීවත් වීමට පළාත් සභා බලතල දිය යුතු ය කියා. ඔය අභිමානය, අභිලාෂය වගේ වචන දශක ගණනාවක් තිස්සේ යොදා ගැනෙනවා. කුමාර් පොන්නම්බලම් ද ඔය කතාව කිව්වා. 

Tuesday, 30 July 2019

සංධානයක අවශ්‍යතාව

සංධානයක අවශ්‍යතාව 


ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දේශපාලනික ව ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොහොට්ටුවෙන් ඇවිත් ඔහුට දිනන්න බැහැ. මේ බව කී පමණින් පොහොට්ටුවේ ඇතැම් අය දණ්ඩෙන් පහර ලත් සර්පයන් වගේ කිපෙනවා. ඔවුන් කොහොමටත් සර්පයන් තමයි. සංධානයෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්න ඕන. එහෙම කිව්ව ම අර සර්පයන් මට දෂ්ට කරන්න එනවා. මේ සර්පයන් ඇතැම් විට කියනව ඔවුන් මගේ ශිෂ්‍යයන් කියලා. එහෙම එකක් නැහැ. මට ශිෂ්‍යයන් කවුරුන්වත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මා ගුරුවරයකු නොවීම. 

Monday, 29 July 2019

මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය

මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය

මුස්ලිම් ඇමතිවරුන් සියළු දෙනා ඇමතිකම් බාරගන්න තීරණය කරලා. රනිල් ඒ ඇමතිකම් නිර්දේෂ කළ බවයි පේන්න තියෙන්නෙ. දිවුරුම් දීම අද හෙට සිද්ද වෙන්න පුළුවන් කියලයි කියන්නෙ. අතන මෙතන රතන හිමියන් උපවාස කෙළෙ බද්‍යුද්දීන් හිස්බුල්ලා හා අසාද් සාලි අස්කරන්න කියලයි. අසාද් සාලි හා හිස්බුල්ලා නම් දැන් තමන් දැරූ ආණ්ඩුකාර පදවිවලින් අස්වෙලා. අතන මෙතන රතන හිමියන් උපවාසය නතර කෙළෙ ඔවුන් දෙදෙනා අස්වුණාම. ඒ වෙලාවෙ බද්‍යුද්දීන් අස්වෙලා හිටියෙ නැහැ. ඔහු අනෙක් මුස්ලිම් ඇමතිවරුත් එක්ක අස්වුණෙ ඊට පස්සෙ.  අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසෙට බද්‍යුද්දීන් අදාළ නැති වෙන්න ඇති. බද්‍යුද්දීන් නැවත ඇමතිකමේ දිවුරුම් දුන්නත් අතන මෙතන රතන හිමියන් උපවාසයක් ආරම්භ කරාවිය කියල හිතන්න අමාරුයි. 

Sunday, 28 July 2019

පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීම

පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීම 


ඊයේ ලිපියේ සේපාල ඒකනායකගේ නම සේපාල රත්නායක ලෙස පළ  වී තිබුණේ අතපසු වීමකින්. ඒ පිළිබඳ මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. 

අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා විශේෂ නියෝජිතයකු පැමිණ පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් බටහිරයන් මුදා ගැනීමට කටයුතු කරනවා. ඔහුට මෙරට විනිසුරුවන් ද හමුවීමට විදේශ අමාත්‍යාංශයෙන් අවසර ලබා දී තිබුණා. පසුව දිනේෂ් විමල් ආදීන්ගේ මැදිහත් වීමකින් එය වැළකුණා. එහෙත් ඔහු උතුරේ සංචාරය කරලා පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. ඔහු තමා මෙරට පැවැත්වූ සාකච්ඡා සම්බන්ධ විස්තර දීමට බැඳී නැතැයි පවසනවා. එමෙන් ම ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ට වුවමනා ආකාරයකට කටයුතු කිරීමට ඉඩ සලසන්න ඔහු වෙහෙසෙන්නේ මෙරට අණ පනත්වලට ඇඟිලි ගසමින්.

Tuesday, 23 July 2019

මෛත්‍රිපාලගෙ කොන්ද

  මෛත්‍රිපාලගෙ කොන්ද

මෛත්‍රිපාල සිරිසේන තමන්ට පිටකොන්දක් ඇති බව නැවත වරක් පෙන්නලා. ඔහු ඒ ගමන රනිල් එක්ක එකතු වෙලා. දෙන්න ම දැන් කියන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කරන්න ඕන සියල්ල කරල හමාරයි කියල. ඕන නම් පොලිස්පතියි හිටපු ආරක්‍ෂක ලේකමුයි වරදකරුවන් වෙන්න ඇති. ඒත් තමන්වත් රනිල්වත් මේ කිසි දේකට වරදකරුවන් නොවන බවයි මෛත්‍රිපාල කියන්නෙ. 

Thursday, 2 May 2019

වෙච්ච දේ වෙන දේ

වෙච්ච දේ වෙන දේ


පසුගිය පාස්කු ඉරිදා සිදුවූයේ එක ගලින් කුරුල්ලන් කිහිප නෙකු මැරීමයි. ලංකාව ඇතුළත කරන මෙහෙයුම් තවදුරටත් වඩාත් ශක්තිමත් ව කරගෙන යන්න ඕන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. හමුදාව හා පොලීසිය දැනට කර ඇති මෙහෙයුම් ගැන අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒත් මා හිතන්නේ අපට ඇති නීති ප්‍රමාණවත් නොවන බවයි. මේ මෙහෙයුම් තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා කාලයෙන් පස්සට බලපාන නීති අවශ්‍යයි. අත්අඩංගුවට ගත් හා ගැනීමට සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් නීති අවශ්‍යයි. 

Saturday, 27 April 2019

අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු

අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු



මෙරට මුස්ලිම් අන්තවාදය බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ ස්වොත්තමවාදය නිසා බවත් අයිසිස් සංවිධානය ද එහි ම දිගුවක් පමණක් බවත් කීමට තවමත් කිසිවකු ඉදිරිපත් වී නැති වීම නම් තරමක සහනයක්. මෙරට මුස්ලිම් අන්තවාදය මාවනැල්ලේ බුදු පිළිම වහන්සේලාට පහර දීමෙන් නැත්නම්  බොදුබල සේනා සංවිධානයට ප්‍රතිචාර දැක්වීමෙන් ඒ ආරම්භ වුවක් කියා කීමට තරම් හීනමානයෙන් පිරි කිහිප දෙනකු ඉන්නවා. ඔවුන්ට අද තර්කයක් නැති වෙලා. වෙනදා තර්ක තිබුණා නො වෙයි. අද ඔවුන්ට වචන ගොඩකින්වත් තම හීනමානයත් හිස්කමත් වසා ගන්න බැහැ. 

Sunday, 21 April 2019

සජිත් රවි කරු සහ තවත් අය


සජිත් රවි කරු සහ තවත් අය

දැන් ඒ දවස්වල වගේ විදුලි පණිවුඩ යවන්නෙ නැති එක හොඳයි. නැත්නම් අර සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගමට විදුලි පණිවුඩයක් යවන්න සෑහෙන මුදලක් වියදම් වෙන්න තිබුණ. ඒ ගමේ නම කෙටියෙන් මුලකුරුවලින් ලිවුවෙත් සලෝපූකුස ගම වෙනවා. සංගක්කාර සදා ලෝක පූජිත ද කියන එක ප්‍රශ්නයක්. සදා කියන්නෙ හැමදා ලෝක කිවුවම මුළු ලෝකෙ ම. චීනෙ සංගක්කාර දන්න කීදෙනකු ඉන්නවා ද දන්නෙ නැහැ. චීනෙ තමයි වැඩියෙන් ම මිනිස්සු ඉන්නෙ. ඒකට කමක් නැහැ. අපේ රටේ ජත්‍යන්තර කීර්තියට පත්වෙච්ච අය කී දාහක් ඉන්නවා ද? 

Tuesday, 9 April 2019

කෙටි සටහන් කිහිපයක්

කෙටි සටහන් කිහිපයක්

බොහෝ දේ ලියන්න තියෙනවා. එහෙත් ලිපි කියවන්නේ නැති නිසා ලියල වැඩකුත් නැහැ. මේ ලිපියෙහි කෙටි සටහන් කිහිපයක් තබනවා. සමහරවිට පසුව විස්තර කිරීමේ බලාපොරොත්තුවෙන්. අප රටේ ඊනියා බුද්ධිමය මැදිහත්වීම් ගැන සමහරු කියවනවා. අපේ රටේ ඇති බුද්ධිමය මැදිහත්වීමක් නැහැ. අවුරුදු දහස් ගණනක ඉතිහාසයේ අප විසින් ලෝකයට දෙනු ලැබ ඇති දැනුම කුමක් ද? අප මහායානික අදහස් ගැන කියනවා. නාගර්ජුනපාදයන් ගැන කියනවා. ඒ අදහස් සියල්ල භාරතයේ නිර්මාණය වූ දේ. වෙනස්වීම සම්බන්ධයෙන් නම් මහාවිහාරයේ ප්‍රවාදයක් නිර්මාණය කෙරී ඇති බව වයි කරුණාදාස පවසා තියෙනවා. ථෙරවාදය ගැනත් අපට අර්ථකථනයක් දී ඇත්තේ අන්ද්‍ර ප්‍රදේශයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ. 

Sunday, 7 April 2019

මහින්දගෙ ප්‍රකාශය

මහින්දගෙ ප්‍රකාශය

ඇතැමුන් තමන් මහින්දවාදීන් කියා කිවුවත් ඔවුන් මහින්ද කියන දෙයක් විශ්වාස නොකරන බව පැහැදිලියි. අයවැයට ඡන්දය දීම ගැන ශ්‍රී ල නි පක්‍ෂයේ එහෙත් ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමේ නොවන මන්ත්‍රීවරුන් තුන් ආකාරයකට කටයුතු කර තිබෙනවා. කිහිප දෙනෙකු අයවැයට පක්‍ෂව ඡන්දය දීලා. දුම්න්ද දිසානායක, අප්පච්චි මළෝ වැනි අය අද එ  ජා පාක්‍ෂිකයන් ලෙසයි කටයුතු කරන්නෙ. ඔවුන් ඒ පක්‍ෂයේ සාමාජිකත්වය අරගෙන නැතිව ඇති. ඒත් මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙනව නම් ඒ එ ජා පක්‍ෂයෙන්. 

Friday, 5 April 2019

ඛෙමාගේ කොලුවාගේ අයවැය


ඛෙමාගේ කොලුවාගේ අයවැය


අද උදේ දහයට ශ්‍රී ල නි පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අයවැය සම්බන්ධයෙන් කිනම් තීරණයක් ගනීවි දැයි  කියන්න බැහැ. මා නම් කැමති ඔවුන් අයවැයට විරුද්ධ වීමට තීරණයක් ගන්නවා දැකීමට. ඒත් ඔවුන් කිනම් තීරණයක් ගත්තත් ඔවුන් අපේ කඳවුරෙන් පන්නා දැමීමට මා කතා කරන්නේ නැහැ. ඔවුන් කඳවුරෙන් ඉවත් වනු දැකීමට මා අකමැතියි. ඒ ඔවුන් නැතිව ජනාධිපතිවරණය දිනන්න බැරි වීම නිසා ම නො වෙයි. ඔවුන් සිටිය යුත්තේ අපේ කඳවුරේ. මෛත්‍රිපාල එ ජා ප විරෝධි කඳවුරේ අයෙක්. ඔහු වරදක් කළ බව සැබෑවක්. ඒත් එය ඔහු අතින් පමණක් සිදු වූ දෙයක් නො වෙයි. එයට වරදකරුවන් කවුද කියා මා දැන් කතා කරන්නේ නැහැ. ඒත් කඳවුරේ සමගිය හා ශක්තිය වෙනුවෙන්.