Main Logo

Showing posts with label Pohottuwa. Show all posts
Showing posts with label Pohottuwa. Show all posts

Monday, 5 August 2019

දේශපාලනයේ යළි ඉපදීම



මා හිතුව මින් පස්සෙ මේ ලිපිවල මුල සංකේතයක් ලෙස සිංහලයන්ගෙ ලිත් ඉලක්කම් ලියන්න ඕන කියලා. මේ ලිත් ඉලක්කම් සීගිරියෙ (සිහිගිරියෙ) දැක ගන්න පුළුවන්. ඉතා මෑතක් වන තුරු සිංහල ජ්‍යොතිෂවේදීන් ලිත් ඉලක්ම් යොදා ගෙන තියෙනවා. 

දේශපාලනයේ යළි ඉපදීම

රනිල්දාස කියල අනෙක් පක්‍ෂවල නායකත්ව පොරයක් ඇති වෙලා කියලා. ඒ කියන්නෙ ජනතා විරෝධි පක්‍ෂයෙ නායකත්ව පොරයක් නැහැ කියන එක. ඒක ඇත්ත රනිල්දාස නායකත්ව පොරයක් නැති ව සෝමවංස අමරසිංහ නායකත්වයෙන් ඉවත් කළා. දැන් කාලෙකට කුමන්ත්‍රණ නැහැ. ලාල්කාන්තට පොරයක් දෙන්න තරම් හයියක් නැහැ. ඒත් අපි තවම බලාගෙන ඉන්නවා ජ වි පෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා දැනගන්න. රනිල්දාස ද නැත්නම් හිටපු රාජ්‍ය සේවකයෙක් ද? දාස කියන්නෙත් සේවක කියන එක තමයි.

Friday, 2 August 2019

වම දකුණ හා ජාතිකත්වය

වම දකුණ හා ජාතිකත්වය 



බේරීම් කමිටුවේ තේරුමක් ඇති ප්‍රශ්න අසන්නේ සරත් ෆොන්සේකා පමණයි. අනෙක් අය එක්කෝ රනිල් ඔහුගේ ගෝලයන් බටහිරයන් හා සෞදි අරාබිය බේරා ගැනීමේ ව්‍යායාමයක යෙදී ඉන්නවා නැත්නම් තම පඬිබව පෙන්නන්න හදනවා. මා පදනම් වන්නේ ජනමාධ්‍ය වාර්තා මත පමණක් වන බැවින් මා වැරදි වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම තම පක්‍ෂපාතීත්ව අනුව ඒ ඒ දේශපාලනඥයන් නිලධාරීන් බේරා ගැනීමට සාක්කි දෙන ආකාරය පැහැදිලි වෙනවා.

Tuesday, 30 July 2019

සංධානයක අවශ්‍යතාව

සංධානයක අවශ්‍යතාව 


ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දේශපාලනික ව ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොහොට්ටුවෙන් ඇවිත් ඔහුට දිනන්න බැහැ. මේ බව කී පමණින් පොහොට්ටුවේ ඇතැම් අය දණ්ඩෙන් පහර ලත් සර්පයන් වගේ කිපෙනවා. ඔවුන් කොහොමටත් සර්පයන් තමයි. සංධානයෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්න ඕන. එහෙම කිව්ව ම අර සර්පයන් මට දෂ්ට කරන්න එනවා. මේ සර්පයන් ඇතැම් විට කියනව ඔවුන් මගේ ශිෂ්‍යයන් කියලා. එහෙම එකක් නැහැ. මට ශිෂ්‍යයන් කවුරුන්වත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මා ගුරුවරයකු නොවීම. 

Friday, 26 July 2019

ජාතිකත්ව වාම කේන්ද්‍රීය කඳවුරට වින කරන පොහොට්ටුවේ උද්ධච්ඡයෝ


ජාතිකත්ව වාම කේන්ද්‍රීය කඳවුරට වින කරන පොහොට්ටුවේ උද්ධච්ඡයෝ



නූතන ජාතික ව්‍යාපාරයේ ආරම්භකයා අනගාරික ධර්මපාලතුමා. ඉන් පසු භාෂා ප්‍රේමීන් ක්‍රියාත්මක වුණා. කුමාරතුංග මුනිදාසයන්ට එක්තරා පාර්ශ්වයක් සමග හැරෙන්න බුදු සසුන සමග සම්බන්ධයක් ඇති කර ගැනීමට නොහැකි වුණා. පසුව ඊරියගොල්ල මහතා භාෂා පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. මේ ජාතික ව්‍යාපාරයට අමතර ව සමසමාජ කොමියුනිස්ට් ඊනියා වාමාංශික ව්‍යාපාරයක් ද තිබුණා. එය පක්‍ෂ දේශපාලනිකයි. ජාතිකත්වයේ ඇතැම් භික්‍ෂූන් වහන්සේ වෙදමහත්වරු හා සිංහල ගුරුවරු වාමාංශික ව්‍යාපාරයට එක් වුණා. ඒ එය පක්‍ෂ දේශපාලනය මත යටත්විජිතවාදයට ක්‍රියාත්මක වූ නිසා. 

Saturday, 22 June 2019

අගෝස්තු එකොළහ

අගෝස්තු එකොළහ

අගෝස්තු එකොළොස්වැනි දා පොහොට්ටුවේ පළමුවැනි සම්මේලනය පවත්වා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දැනුම් දීමට යන බව සඳහන් වෙනවා. පොහොට්ටුවේ සම්මේලනයක් පවත්වා ම නැද්ද? එහි සභාපති නම් ජී එල් පීරිස්. ලේකම් කෙනකුත් ඉන්නවා. ඒත් ඒ පිටිපස්සෙ දැන් ඉන්නෙ බැසිල්.  ඒත් පොහොට්ටුව නිර්මාණය කෙළෙ බැසිල් නොවෙයි. ඔහු එහි උප්පැන්නය සඳහා නම දුන්නා පමණයි. නුගේගොඩ රැස්වීම පැවැත්වෙන විටත් පොහොට්ටුව නිර්මාණය වී තිබුණා. පඬි පෝතකයකු කියන්න පුළුවන් නමක් තිබුණෙ නැහැ කියල. නමක් නැති වුණත් මිනිසුන් එක්රොක් වෙමින් සිටියා. ඒ කාලෙ බැසිල් රට ගම අත්හැරල ගිහින් හිටියෙ. 

Friday, 21 June 2019

සමථා දේශනය


සමථා දේශනය


සමථා බලවේගය හමුවේ පසුගිය 

දහනවවැනි දා මා පැවැත්වූ දේශනය මේ 

සබැඳියෙන්

https://youtu.be/gPYIJMDCyvw

Thursday, 20 June 2019

ගෝඨාභය හා ජනාධිපති ධුරය

ගෝඨාභය හා ජනාධිපති ධුරය



මා ඊයේ පැවති ජාතික සමථා බලය රැස්වීමේ දී ද ප්‍රකාශ කෙළේ මහා සංඝයා වහන්සේ හා ගිහි බහුතරයක් මේ වන විටත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තෝරා ගෙන ඇති බව ය. පොහොට්ටුව හෝ ශ්‍රී ල නි පක්‍ෂය හෝ මෙහි දී කළ යුත්තේ ඒ තෝරා ගැනීම අනුමත කිරීම හෝ නොකිරීම හෝ පමණකි. අද පැවැත්වෙනවා යැයි කියන රැස්වීමක දී රාජපක්‍ෂලාට කළ හැකි එකම කාර්යය ද එය ය.